Wednesday, September 25, 2024
Home Blog Page 41

අම්පාරේ ධිවරයන්ට සල්ලි ගෙනා දැවැන්ත කොප්පරා…

0

අම්පාර දිස්ත්‍රික්කයේ සයින්දමරුදු ප්‍රදේශයේ ධිවරයන් පිරිසකට විශාල කොප්පරා මත්‍යසෙකුව අසුව තිබුණි.
ඒ අද දිනයේ මුහුදු ධිවරයන්ට හටය.

අද පැවැති මාළු වෙන්දේසියේදි එම කෝපපරා රු 170000 කට අලෙවි වු බව ප්‍රාදේශිය වාර්තාකරුවෝ සදහන් කරති.

ඉන්ධන මිළ ඉහල දැමීමට එරෙහිව යාපනයේ විරෝධතා …

0

ඉන්ධන මිල ඉහළ යාම හා දෙමළ ජනතාවගේ ගැටලුවලට විරෝධය පළ කරමින් අද (29) පෙරවරුවේ යාපනයේ චන්ඩිලිපායි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා පාපැදි රැළියක් පැවැත්විණි.
මෙම රැලිය උතුරු ධීවර සංගමය සහ මනිපායි ප්‍රදේශ් සභාව විසින් සංවිධානය කර තිබුණි.
විරෝධතතා පාපැදිල පෙළපාලිය චන්ඩිලිපායි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටින් ආරම්භ වී මනිපායි ප්‍රදේශ් සභාව ඉදිරිපිටදී අවසන් විය.

ඡායා- යාල් වොයිස්

අත්අඩංගුවට ගත් අසේලට ඇප !

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතාට තරයේ අවවාද කොට ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

මින් ඉදිරියට වගකීමකින් තොර ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස සැකකරුට තරයේ අවවාද කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය සැකකරු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර තිබුණි.

අසේල සම්පත් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (25) රාත්‍රියේ අත්අඩංගුවට ගත්තේය.

අධිකරණයේදී අනාවරණය වූයේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට යෝජිත කොවිඩ් මර්දන එන්නත් සම්බන්ධයෙන් සැකකරු සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව එම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවය.

ගුවන් විදුලිය වලපල්ලටම ! හඩ්සන්ට යළිත් සභාපතිකම ???

0

දිගින් දිගටම ආසාර්ථක වෙමින් පාලකයන් වෙනස් කරමින් ක්‍රියාත්මක ශ්‍රිලංකා ගුවන් විදුලි සංස්ථාව වලපල්ලටම යවමින් හඩ්සන් සමරසිංහ යළිත් ගුවන් විදුලි සභාපතිධුරටයට පත්විමට නියමිතව ඇතැයි වාර්තා වේ.
මේ අතර නිති විරෝධි උසස්විම ගණනාවක් දැනටමත් සකස්කරමින් ඇතැයි වාර්තා වන අතර ඒ සියල්ල නව සභාපතිවරයාෙග් අතින් ලබාදිමට නියමිත බවද සැලය.

කිලිනොච්චියේ කම්හල් සේවිකාවන් රෝහල් ගත කළේ එන්නත නිසාද ?

0

කිලිනොච්චි ඇඟලුම් කම්හලේ සේවකයින් සඳහා සයිනෝෆෝම් එන්නත කිලිනොච්චි නගරයේ ක්‍රියාත්මක වන ඇඟලුම් කම්හල් සේවකාවන් සඳහා ඊයේ (2012.06.24) දියත් කර තිබුණි කිලිනොච්චි දිස්ත්‍රික් ආරක්ෂක බළකායේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් කරේන්ද්‍ර රණසිංහ සහ 57 වන සේනාංකයේ අණදෙන ජෙනරාල් මේජර් ජෙනරාල් ජයවර්ධන යන අය මේ කටයුත්තට මුලිකත්වය ගෙන තිබුණි.

මේ අතර කොරෝනා එන්නත ලබාදීමෙන් පසුව ඇති වූ ආසාත්මිකතාවක් හේතුවන් කිලිනොච්චියේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් 25 කට ආසන්න පිරිසක් අද (25) උදෑසන කිලිනොච්චිය රෝහලට ඇතුලත් කළ බව කිලිනොච්චිය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ

කෙසේ වෙතත් රෝහලගතකරන ලද ඇඟලුම් සේවිකාවන්ගේ ආසාත්මිකතාවයට හේතුව කොවීඩ් එන්නත්ද නිශ්චිතවම මෙතෙක් අනාවරනය වී නොමැති බවත් ඔවුන්ගේ බරපතල නොවන බවත් වෛද්‍යවරු පවසන බවද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

ඡායා – කිලිනොච්චි සිවා

ලෝක ශූර ප්‍රංශය මෙවර යුරෝපා ශූරතාවයටත් මාන බලයි

0

වත්මන් ලෝක පාපන්දු ශූර ප්‍රංශය ඉතා ප්‍රබල සංචිතයක් සමඟින් මෙවර Euro තරගාවලියට පිවිසෙන්නේ යුරෝපය තුළ ද සිය ආධිපත්‍යය ස්ථාපිත කරගැනීමේ සූදානම සහිතව යි. 

යුරෝපා පාපන්දු ශූරතාවලි ඉතිහාසය 

ප්‍රංශය පළමු වරට යුරෝපා පාපන්දු ශූරතාවලියක ශූරතාවය දිනා ගනු ලබන්නේ 1984 වසරේ දීය. ඒ එරට තුළ ම පැවති තරගාවලියේ දී ස්පාඤ්ඤය හමුවේ අවසන් මහා තරගෙයන් ගෝල 2-0ක ජයග්‍රහණයක් හිමිකර ගනිමිනි. 

අනතුරුව 2000 වසරේ දී දෙවැනි වරටත් ඔවුන් එහි ශූරතාවය දිනා ගන්නට සමත් විය. ඉතාලියට එරෙහිව පැවති එහි අවසන් මහා තරගයේ දී ඉතා විශිෂ්ට හඹායාමක් සම්පූර්ණ කරගනිමින් අවසානයේ ගෝල 2-1ක් ලෙස තරගය ජයග්‍රහණය කරමින් ඔවුන් එම ශූරතාවය හිමිකරගනු ලැබීය.

තවදුරටත් අවසන් වරට පැවති 2016 Euro තරගාවලියේ දී ද ඔවුන් අවසන් මහා තරගය දක්වා ඉදිරියට එන්නට සමත් වුනත් එහි දී පෘතුගාලය හමුවේ ගෝල 0-1ක තියුණු පරාජයක් අත්විඳීමත් සමඟ ඔවුන්ට අනුශූරතාවයෙන් සෑහීමකට පත්වන්නට සිදු විය. 

මේ දක්වා ගමන්මග 

එම 2016 Euro අනුශූරතාවයෙන් පසුව මේ වන විට ප්‍රංශය වත්මන් පාපන්දු ක්‍රීඩාව තුළ ප්‍රබලත ම කණ්ඩායම ලෙස සිය ස්ථානය ස්ථාපිත කරගෙන ඇති බව හඳුනාගත හැක. ඒ අනුව ඔවුන් එතරම් දැඩි අභියෝගයකින් තොරව 2018 FIFA පාපන්දු ලෝක කුසලානය ද ජයග්‍රහණය කරන්නට සමත් විය. 

James Hill / The New York Times

Euro සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ‘H’ කාණ්ඩයෙන් තරග කළ ප්‍රංශය එහි දී ඔවුන් සහභාගී වූ තරග 10න් 8ක් ම ජයග්‍රහණය කරමින් එම කාණ්ඩයේ පෙරමුණ ගනිමින් සිය සුදුසුකම තහවුරු කරගනු ලැබීය.

එහි දී ඔවුන් පරාජයට පත්වූයේ එක් තරගයක් පමණක් වන අතර එය තුර්කිය හමුවේ ගෝල 0-2ක් ලෙස වාර්තා වන්නට විය. එම තරගාවලය තුළ ඔවුන් සමස්ත ගෝල 25ක් වාර්තා කරගනිද්දී අනෙක් පසින් ප්‍රතිවාදීන් හට ඔවුන් ලබා දෙනු ලැබුවේ ගෝල 6ක් පමණි. අයිස්ලන්තයට සහ ඇන්ඩෝරා වට එරෙහිව ගෝල 4-0 බැගින් ප්‍රංශය වාර්තා කර ගත් ප්‍රබල ජයග්‍රහණ එහි දී විශේෂයෙන් කැපී පෙනෙන්නට විය. 

ප්‍රංශ ක්‍රීඩකයින්ගේ සුපුරුදු ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය පසුගිය දා අවසන් වූ ජාත්‍යන්තර සුහද තරගවල දී ද ඒ ආකාරයට ම ක්‍රියාත්මක වන්නට වූයේ එහි දී වේල්සය සහ බල්ගේරියාව හමුවේ ඔවුන් ගෝල 3-0 බැගින් පහසු ජයග්‍රහණ වාර්තා කරගැනීමත් සමඟයි.  

පුහුණුකරු සහ ක්‍රීඩා ශෛලිය

AS Monaco, Juventus සහ Marseille පාපන්දු සමාජ සමඟ පුහුණුකරුවෙකු ලෙස ඉහළ දක්‍ෂතා දැක්වීමෙන් අනතුරුව Didier Deschamps 2012 වසරේ දී ප්‍රංශයේ ප්‍රධාන පුහුණුකරු ධූරය සඳහා පත්කෙරිණ. 

ආරම්භයේ දී එතරම් සාර්ථක ප්‍රතිඵල ළඟාකර ගන්නට ඔහුට නොහැකි වුවත් කෙමෙන් කෙමෙන් ඔහු කණ්ඩායම ලෝක පාපන්දුවේ ප්‍රබලයින් බවට පරිවර්තනය කරන්නට සමත් විය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ ප්‍රංශ ජාතික පාපන්දු කණ්ඩායම 2018 පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමයි. 

ඒත් සමඟම පාපන්දු ලෝක කුසලානයක් ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු ලෙස ද ජයග්‍රහණය කළ සිව්වැනි පුද්ගලයා ලෙස Deschamps ඉතිහාසයට එක්වන්නට විය.  

Getty Images

ඔහු වැඩි වශයෙන් යොදාගනු ලබන්නේ තම කණ්ඩායම සතුව පන්දුව වැඩි වේලාවක් තබා ගනිමින් ක්‍රීඩා කරන ක්‍රීඩා ශෛලියකි. එය ක්‍රියාත්මක කිරීමේ දී සාමාන්‍යයෙන් ඔහු 4-3-3 පද්ධතියක් යොදාගනු ලැබුවත් ප්‍රතිවාදීන් සතුව සැලකිය යුතු කාලයක් පන්දුව රැඳෙන අවස්ථාවන් වලදී බොහෝ විට ඔහු එය 4-4-2 පද්ධතියක් බවට පරිවර්තනය කරනු ලබයි. 

තවදුරත් ඔහු අවස්ථාව සහ ප්‍රතිවාදියා පිළිබඳව සලකමින් 4-2-3-1 පද්ධතිය යොදාගනු ලැබූ අවස්ථා ද අපට හඳුනාගත හැක. කෙසේ නමුත් සමස්තයක් ලෙස Deschamps ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් අනුගමනය කරනු ලැබුවත් වෙනත් ප්‍රබල කණ්ඩායම් හමුවේ ගෝලයක් වාර්තා කරගෙන ප්‍රංශය ඉදිරියට පැමිණි අවස්ථාවන් වලදී එය ආරක්ෂා කරගැනීමට දැඩි ආරක්‍ෂාකාරී ක්‍රීඩා විලාශයක් අනුගමනය කිරීමට සිය ක්‍රීඩකයින් යොමුකර වන්නට ද ඔහු කිසිඳු පැකිලීමක් දක්වන්නේ නැත. 

මේ දක්වා ප්‍රංශයේ පුහුණුකාරීත්වය දරා ඇති තරග 115 තුළ ඔහු ජයග්‍රහණ 76ක් වාර්තා කරගෙන ඇත්තේ අනෙක් පසින් තරග 18ක් පමණක් පරාජයට පත්වෙමිනි. 2000 වසරේ Euro ශූරතාවය ජයග්‍රහණය කළ ප්‍රංශ කණ්ඩායමට නායකත්වය දෙනු ලැබුවේ ද Deschamps වන අතර ඒ අනුව එළඹෙන තරගාවලියේ දී පුහුණුකරුවෙකු ලෙස ද එම ජයග්‍රහණය අත්පත් කරගැනීමට ඔහු බලාපොරොත්තුවෙන් පසුවනු ඇත. 

එහි දී ඔහු ප්‍රංශය යුරෝපා පාපන්දු ශූරතාවයක් කරා මෙහෙයවන්නට සමත් වුවහොත් ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු ලෙස ද එවන් දක්‍ෂතාවයක් දැක්වූ දෙවැනි පුද්ගලයා ලෙස ඔහු ඉතිහාසයට එක්වනු ඇති අතර තවදුරටත් ලෝක කුසලාන සහ Euro තරගාවලි ද්විත්වයේ දීම එවන් දක්‍ෂතාවයක් දැක්වූ පළමු සහ එකම පුද්ගලයා ලෙසද ඔහු ඉතිහාස ගතවනු ඇත. 

ප්‍රබලතාවයන් සහ දුර්වලතාවයන්

මෙවර Euro තරගාවලිය සඳහා නම්කර ඇති ප්‍රංශ සංචිතය තරගාවලියට එක්වන ශක්තිමත් ම සංචිතය යැයි පැවසීමේ කිසිඳු වරදක් නොමැත. ඒ අනුව දැඩි ආක්‍රමණශීලී ඉදිරිපෙළක්, ඕනෑම ප්‍රතිවාදියෙක් සිය පාලනයට නතුකර ගත හැකි මැදපෙළක් සහ ශක්තිමත් පසුපෙළක් යන සෑම අංශයකින් ම ඔවුන් සවිමත්ව සිටී. 

Reuters

එමෙන්ම ඔවුන්ගේ සංචිත ගැඹුරට සම කළ හැකි වෙනත් කිසිදු කණ්ඩායමක් මෙවර තරගාවලිය තුළ අපට හඳුනාගත නොහැක. අවස්ථාවක් තිබුණා නම් ඔවුන්ට මෙම තරගාවලියට ‘B’ කණ්ඩායමක් පවා යොමුකිරීමේ හැකියාව පවතින අතර එම කණ්ඩායම ද තරගාවලියට එක්වන බොහෝ කණ්ඩායම්වලට වඩා ඉදිරියෙන් සිටින තරමට ම ඔවුන් ප්‍රබල ක්‍රීඩකයින් රැසකගෙන් ශක්තිමත්ව සිටී. 

මේ හරහා Deschamps හට කණ්ඩායමේ ප්‍රමිතියේ කිසිඳු අඩුවීමකින් තොරව ක්‍රීඩකයින් විවේක ගැන්වීමටත්, තරග අතරතුර තීරණාත්මක ආදේශනයන් සිදුකිරීමටත් හැකියාව ලැබී ඇත. 

විශේෂයෙන් ඔවුන්ගේ ඉදිරිපෙළ කණ්ඩායමේ ඉතා ප්‍රබල පැතිකඩක් වන අතර ගෝල රැස්කිරීමේ හැකියාව, වේගය සහ නිර්මාණශීලීත්වය මෙන්ම භයානක ඉදිරිපෙළක තිබිය යුතු සෑම ගුණාංගයකින් ම ඔවුන් සවිමත්ව සිටී. 

ඒ අනුව මෙම ප්‍රංශ සංචිතය තුළ කිසිදු දුර්වලතාවයක් හඳුනාගත නොහැකි තරම් වුවත් ඔවුන්ගේ ගෝල රැකීමේ අංශය පිළිබඳව ඔවුන් තරමක් සැලකිලිමත් වනු ඇති බව අනුමාන කළ හැක. Deschamps නිරන්තරයෙන් යොදාගන්නා ගෝල රකින ක්‍රීඩකයා වන්නේ ඔවුන්ගේ නායක Hugo Lloris වුවත් ඔහු පසුගිය තරග වාරය තුළ එතරම් දක්‍ෂතා දැක්වීමට සමත් වූයේ නැත. 

කෙසේ නමුත් ඔවුන්ගේ සංචිතය තුළ ම සිටින Mike Maignan මේ වන විට සිය උපරිම දක්‍ෂතා අතර සිටින අතර Lloris වෙනුවට ඔහු කණ්ඩායමේ ප්‍රධාන ගෝල රකින ක්‍රීඩකයා දක්වා උසස් කෙරෙන්නේ නම් එම දුර්වලතාවය ද ඔවුන්ට මඟහරවා ගත හැක. 

කෙසේ නමුත් පෘතුගාලය සහ ජර්මනිය වැනි ප්‍රබල කණ්ඩායම් සමඟ එකම කාණ්ඩයෙන් තරග කිරීමට සිදුවී තිබීම නිසා නිසා ප්‍රංශයට තරගාවලිය ආරම්භයේ සිටම සිය උපරිම දක්‍ෂතා අතර රැඳීමට සිදුවනු ඇති බව නොඅනුමාන ය. 

වැදගත් සහ නැඟීඑන ක්‍රීඩකයින්

සමස්ත සංචිතයක් ලෙස දක්‍ෂතා දැක්වීම හේතුවෙන් ප්‍රංශයට තරග ජයග්‍රහණය කිරීම සඳහා එක් ක්‍රීඩකයෙකුගේ ක්‍රීඩා විලාශය එතරම් තීරණාත්මක වන්නේ නැත. කෙසේ නමුත් මේ වන විට ඉහළ දක්‍ෂතා අතර සිටින ලෝක පාපන්දුවේ දක්‍ෂත ම ක්‍රීඩකයෙකු වන Kylian Mbappeගේ වේගය සහ ඉහළ ගෝල වාර්තා කරගැනීමේ හැකියාව තරගාවලියේ දී ඔවුන්ට තීරණාත්මක වනු ඇත. තවදුරටත් Olivier Giroud ද ඉදිරිපෙළ ක්‍රීඩා කරමින් කණ්ඩායමට ලබාදෙන දායකත්වය ද ඔවුන්ට වැදගත් වේ. 

Reuters

මේ වන විට ලෝකයේ ප්‍රබල ම මැදපෙළ ක්‍රීඩකයින් අතර සිය නාමය ස්ථාපිත කරගෙන සිටින N’Golo Kante පසුගිය තරග වාරයේ දී Chelsea කණ්ඩායම UEFA ශූරයින්ගේ කුසලානය ජයග්‍රහණය කිරීමේ දී ඔවුන්ගේ ඉහළ ම දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයා වන අතර ඒ අනුව ඔහුගේ සමස්ත දායකත්වය සහ Paul Pogbaගේ නිර්මාණශීලීත්වය ද මැදපෙළ ඔවුන්ට තීරණාත්මක වනු ඇත. 

Raphael Varane ඔවුන්ගේ පසුපෙළ නායකත්වය දරනු ඇති අතර Joules Kounde නැඟී එන ක්‍රීඩකයෙකු ලෙස දක්‍ෂතා දක්වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. එමෙන්ම වසර පහකට පසුව ප්‍රංශ කණ්ඩායමට ඇතුළත් කර තිබෙන Karim Benzema ද තරගාවලිය පුරාවට ඔවුන්ට වැදගත් වනු ඇත. 

www.thepapare.com

දුමින්දගේ ජනපති සමාව නිසා හිරගෙවල් වල විරෝධතා රැල්ලක්.

0

මරණ දණ්ඩණය නියමවි සිටි දුමින්ද සිල්වාට ඊයේ දිනයේ ජනපති සමාව ලැබිමත් සමගින් බන්ධනාගාර මුල්කොට ගෙන විරෝධතා රැල්ලක් මතුවෙමින් ඇති බව පෙනේ .ඊයේ දිනයේ මහර බන්ධනාගාරයේ රැදවියෝ ආහාර වර්ජනයක් ආරම්භ කර තිබුණි.


මේ අතර අද දිනයේ වැලිකඩ  බන්ධනාගර රැඳවියන් පිරිසක්  බන්ධනාගාර වහළය මත නැග අද (25) උද්ඝෝෂණයක් අරඹා තිබේ.සියලු සිරකරුවන් සඳහා ලබාදෙන සියලු සමාවන්, වර්ග කිරීමකින් තොරව ලබා දෙන ලෙස  උද්ඝෝෂකයෝ ඉල්ලා සිටිති.
ඡායා- ලංකාදිප

බැසිල් ජුලි 06 පාර්ලිමේන්තුවට ?ඉන්ධන මිළත් අඩුකරයිද ?

0

Edit Post

ඇමරිකාවේ සිට යළි දිවයිනට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ලබන 06 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන බව ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමෙන් අනතුරුව එදිනම පස්වරුවේ බැසිල් රාජපක්ෂ මහතා මුදල් හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයෙහි ද දිවුරුම් දීමට නියමිත බව පැවසේ.   මෙම දිවුරුම්දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී සිදු කිරීමට නියමිත බවද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිතව ඇත්තේ පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී වරයෙක් ලෙසය.
බැසිල් රාජපක්ෂ මහතාට මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දීමට අවස්ථාව සැලසීම සඳහා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඉල්ලා අස්වීමට නියමිත බව පැවසේ.   මාසයකට අධික කාලයක් ඇමෙරිකාවේ ගත කළ බැසිල් රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ යළි දිවයිනට පැමිණියේය.    වැඩි කරනු ලැබූ පෙට්‍රල් මිල රුපියල් 5ත්7ත් අතර ගණනකිනුත්, ඩීසල් රුපියල් තුනත් පහත් අතර ගණනකිනුත් බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් පසුව අඩු කරනු ඇතැයි අපේක්ෂිතය.
බැසිල් රාජපක්ෂ හමුවිමට ඊයේ ගුවන්තොටුපලට ගොස් සිටි රාජ්‍ය ඇමති නිමල් ලංසා විසින් මාධ්‍ය වෙත පවසා තිබුනේ බැසිල් රාජපක්ෂ අනිවාර්යෙන්ම ජනතාවට සහන ලබාදෙන බවය.
මේ ප්‍රකාශය පිළිබදව සමාජ මාධ්‍ය වල විවේචන ගණනාවක්ම පළව තිබුණි.

මුලාශ්‍රය -ශ්‍රිලංකා මිරර්

සමාව දීමට දුමින්ද තෝරා ගත්තේ කුමන පදනමකින්ද? නීතිඥ සංගමය ජනපතිගෙන් අසයි

0

සිරගත කරන ලද පුද්ගලයින්ට සමාව දීමේ අයිතිය ජනාධිපතිවරයාට තිබෙන නමුත් එය සෑම විටම කළ යුත්තේ නීත්‍යනුකූල මිත හිතුමතයට නොවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා නීතිඥ සංගමය තමන්ට සහ මෙරට ජනතාවට මෙම සමාව දීම ගැන කරුණු පහදන ලෙස ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටී.

නීතිමය ක්‍රියා පටිපාවිය අනුගමනය නොකර ජනාධිපතිවරයා විසින් දුමින්ද සිල්වාට සමාව දී ඇත්නම් එමගින්  නීතියේ ආධිපත්‍යය බිඳවැටීමටත්, යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති විශ්වාසය පළුදු වීමටත් බලපාන බවත් නීතිඥ සංගමය සඳහන් කරයි.

මරණ දඬුවම නියම වී ඇති වැරදිකරුවෙකුට ජනාධිපති සමාව ලබාදීමේදී අදාළ නඩුව විභාග කළ විනිසුරුවරුන්ගෙන් වාර්තාවක් කැඳවිය යුතු බවත්, එම වාර්තාව උපදෙස් සඳහා නීතිපති වෙත යොමු කළ යුතු බවත් නීතිපතිවරයාගේ මතය අධිකරණ අමාත්‍යවරයා වෙත යොමු කළ යුතු බවත්, ඒවා සලකා බැලීමෙන් පසු අධිකරණ ඇමැතිවරයා ද ජනාධිපතිවරයා වෙත නිර්දේශයක් ඉදිරිපත් කළ යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තියේ සඳහන් ය.
එම වාර්තා විධිමත්ව කැඳවූයේ ද යන්න සම්බන්ධයෙන් දැනගැනීමට ජනතාවට අයිතියක් ඇති බව ප්‍රකාශ කරන නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් පහත දැක්වෙන් කරුණූ පැහැදිළි කරන සේ එය ඉල්ලා සිටී:
අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) යටතේ ජනාධිපති සමාව ලබාදීම සඳහා දුමින්ද සිල්වා තෝරාගත් පදනම.
(ආ) එම සමාව ලබාදීමේදී අවධානය යොමු කළ කරුණු.
(ඇ) අනෙකුත් මරණ දඬුවම නියම කර ඇති වරදකරුවන්ගෙන් දුමින්ද සිල්වා විශේෂිත වන ආකාරය.
(ඈ) දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට පෙර 34 (1) වගන්තියේ සඳහන් විධිවිධාන ප්‍රකාරව, නඩුව විභාග කළ විනිසුරුවරුන්ගෙන් ජනාධිපතිවරයා වාර්තාවක් කැඳවූයේද, එසේ නම් එම වාර්තාවේ අන්තර්ගතය කුමක්ද යන්න.
(ඉ) දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට පෙර නීතිපතිවරයාගේ මතය විමසා සිටියේද යන්න සහ එසේ විමසා සිටියේ නම් එම මතය කුමක්ද යන්න.
(ඊ) දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට පෙර අධිකරණ ඇමැතිවරයාගේ නිර්දේශය ලබාගෙන තිබේද යන්න සහ එසේ නම් එම නිර්දේශය කුමක්ද යන්න.
මේ බව දැක්වෙන්නේ අද දුමින්ද සිල්වාට සමාව දීමෙන් පසු ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයකය.

මෙයට පෙරද මෙවැනි සමාවදීම් සිදුව ඇති බවද නීතිඥ සංගමය සඳහන් කරයි.

ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ස්ත්‍රී දුෂකයකු වූ ගෝනවල සුනිල්ට සමාව දුන් අතර මෛත්‍රීපාල සිරිසේනද රෝයල් පාර්ක් ඝාතන සිද්ධියේ වරදකරු වූ ජූඩ් ශ්‍රමන්ත ජයමාන්නට සමාව දුන්නේද කිසිදු නීතිමය පරිපාටියකින් තොරවය. ඥණසාර හිමිට ලබා දුන් සමාවද එවැන්නකි.

දුමින්ද සිල්වාට දුන් මරණ දඩුවම එවකට අගවිනිසුරු ධුරය දැරූ ප්‍රියසාද් ඩෙප් ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්  තහවුරු කරන ලදී.

ජනාධිපති රාජපක්ෂ විසින් පත් කරන ලද පළි ගැනීම් කොමිසමද මෙම තීන්දුව නැවත සළකා බලන සේ නිර්දේශ කර තිබුණි.

මිනීමැරුම කරන අවස්ථාවෙහි දුමින්ද සිල්වා එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභයගේ විශේෂ උපදේශකයකුද විය. දෙදෙනා සමීප මිතුරන් වූ බවද එකළ වාර්තා වී තිබුණි.

දුම්න්ද සිල්වා සිර ගෙදරදී ද විශේෂ වරප්‍රසාද ලත් සිරකරුවකු වශයෙන් කාලය ගත කළේය.

(නිවේදනයෙහි සඳහන් යම් යම් කරුණූ පමණක් මිඩියාඩොට්එල්කේ අඩවිය ඇසුරිණි)
/sinhala.srilankabrief.org

ඇයි දුමින්දට විතරක් ! අපට සමාව දෙන්න !මහර සිරකරුවෝ වර්ජනයක

0

මරණිය දණ්ඩනයට නියමව සිටින මහර බන්ධනාගාරයේ රැඳවියන් ආහාර වර්ජනයක් ආරම්භ කර තිබෙන ada.lk වෙබ් අඩවිය වාර්තා කොට තිබේ මරණ දඩුවම නියමව සිටි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදී නිදහස් කිරීමත් සමග ඔවුන් මෙම ආහාර වර්ජනය ආරම්භ කර තිබේ.

දුමින්ද සිල්වා නිදහස් කළ ලෙස ඔවුන්ව ද නිදහස් කරන ලෙස හෝ නැතිනම් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන ලෙස මෙම රැඳවියන් ඉල්ලා සිටින බව වාර්තා වෙයි.