Wednesday, September 25, 2024
Home Blog Page 40

වනජීවි නිළධාරින්ට චණ්ඩි පාට් දැමු මේජර් අත්අඩංගුවට …

0

මින්නේරිය වනජීවී නිලධාරීන් සමග ඇතිවූ සිද්ධියකදි ඔවුන් ට පහර දි තර්ජනය කළ ධ යුද හමුදා මේජර් ජෙනරාල්වරයා හබරණ පොලීසියට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.අත්අඩංගුවට ගත් යුද හමුදා මේජර් ජෙනරාල්වරයා මේ වනවිට කැකිරාව අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.
පසුගිය 23 වනදා මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරි කටයුතුවල නිරතව සිටි වනජිවි නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ බවට වනජිවි නිලධාරින් විසින් එම යුද හමුදා මේජර් ජෙනරාල්වරයාට චෝදනා කර තිබුණි.

බුබුල කැඩුවේ ඇයි ? ප්‍රශ්ණ කිරිම නිරෝධායනයෙන් පසු බව ඇමති කියයි

0

විනය කඩකිරීමේ චෝදනාව මත කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට එරෙහි විමර්ශනය ඔවුන්ගේ නිරෝධායන කාලසීමාව අවසානයේ ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසන බව අද දෙරණ වාර්තා කර තිබේ

මේ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, තවමත් කිසිදු විමර්ශනයක් සිදුකර නොමැති බවය.

එංගලන්ත තරග සංචාරයට එක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ජෛව ආරක්ෂිත බුබුලේ නීති උල්ලංඝණය කරමින් ඩරම් වීදියක සැරිසරන ආකරය දැක්වෙන විඩියෝවක් පසුගිය ඉරිදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

ජෛව ආරක්ෂිත බුබුලෙන් පිටතට යාමෙන් එම ක්‍රීඩකයින් තිදෙනාට කොවිඩ් ආසාදනය වූයේ නම් සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායමම අවදානමකට ලක්වන අතර දැනට ක්‍රියාත්මක වන එංගලන්ත තරගාවලිය මෙන්ම ඉදිරියේදී ආරම්භ වන ඉන්දියා තරගාවලියටද එය අහිතකර ලෙස බලපෑමට ඉඩ තිබුණි.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ක්‍රීඩකයන් තිදෙනා වහාම යළි මෙරටට කැඳවූ අතර ඔවුන්ගේ නිරෝධායනය අවසන් වීමෙන් පසු ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය. 

මුලාශ්‍රය – දෙරණ

රෝහල් 1103 ක හෙද හෙදියෝ අද වැඩවරති !

0

රජයේ හෙද නිලධාරි සංගමය සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඇතුලු හෙද වෘත්තීය සංගම් තුනක් අද සහ හෙට වැඩ වර්ජනයක නිරතව සිටිති.මෙම ක්‍රියාමාර්ගයට ලංකාවේ තියෙන සියලුම රෝහල් සම්බන්ධ විමට නියමිත අතර  මහජන සෞඛ්‍ය සේවාව, හෙද අධ්‍යාපන සේවාව මෙන්ම රෝහල් 1103 හෙද නිලධාරීන් ඊට අයත් ය.

ඔවුන් ඉදිරිපත් කළ ඉල්ලිම් වලට නිසි ප්‍රතිචාර නොලැබිම හේතුවෙන් මෙම තිරණය ගත් බවත් හෙද සංගමය නිවේදනය කරයි.
මේ අතර වැඩිහිටියන් සදහා රෝහල් මගින් කොරෝනා එන්නත ලබාදිමේ වැඩපිළිවෙලටද මේ හේතුවෙන් බාධා ඇතිව තිබෙන බව වාර්ථා වේ

එතිහාඩ් ගුවන් සේවයත් ලංකාවට එන්න බෑ කියයි !

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියමයන්ට අනුකූලව බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවලින් මගී ගුවන් ගමන් වහාම ජුලි 21 වනදා දක්වා අත්හිටුවන බව එතිහාඩ් ගුවන් සේවය සිය නිල වෙබ් අඩවිය හරහා ඊයේ නිවේදනය කළේය.

එහෙත් එතිහාඩ් ගුවන් සේවය විසින් වෙනත් රටවල් වෙත ගුවන් ගමන් දිගටම කරගෙන යනු ඇති අතර නියමිත පරිදි භාණ්ඩ ප්‍රවාහනය දිගටම කරගෙන යනු ඇතැයි වාර්තා වේ

පොලිස් වාර්තා නොදීම නිසා දෙමළ දහයක් තව දෙසතියක් රිමාන්ඩ්

0

යුද්ධයෙන් මළවුන් සැමරීම නිසා මාස එක හමාරකට ආසන්න කාලයකට ඉහත දී අත් අඩංගුවට ගනු ලැබූ කාන්තාවන් ඇතුළු දෙමළ දසදෙනකු සම්බන්ධ පරීක්ෂණ වාර්තා පොලිසිය විසින් ලබා නොදීම නිසා ඔවුන්  තවත් සති දෙකක් රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කොට තිබේ.   දොළොස්වැනි මුල්ලිවයික්කාල් සමරුව යෙදුනු 2021 මැයි 18 වැනිදා මඩකලපුවේ කිරාන් වෙරළ තීරයේ අනුස්මරණයක් පැවැත්වූ එම පිරිස කල්කුඩා පොලිසිය විසින් පසුදා අත් අඩංගුවට ගන්නා ලදී.   නිරෝධායන මාර්ගෝපදේශ අනුගමනය කරමින් සමරුව නිමවා පැය කීපයක් ගිය පසු වෙරළබද ඉඩමේ හිමිකරුගේ පියා අත් අඩංගුවට ගන්නා ලද බව ප්‍රදේශයේ බිම් මට්ටමේ ක්‍රියාධාරීහු පවසති.   අනුස්මරණය පිළිබඳව තම පියා කිසිත් නොදන්නා බව පවසන ඉඩමේ හිමිකරු විමලසේනා ලවකුමාර් ඒ පිලිබඳ විමසීමට ගිය අවස්ථාවේ කල්කුඩා පොලිසිය ඔහු රඳවාගෙන තිබේ.   අනික් නම දෙනාද ඉන් අනතුරුව කැඳවා අත් අඩංගුවට ගන්නා ලද බව පළාත්බද ක්‍රියාධාරීහු පවසති.   රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන්  සම්බන්ධයෙන් අධිකරණය විසින් වැඩි දුර විස්තර වාර්තාවක් පොලීසියෙන් ඉල්ලා තිබු අතර පසුගිය නඩු වාරයේදී මෙන්ම අද දිනයේත් එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු කර නොතිබු බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.  

fsdfrrt

    රිමාන්ඩ් භාරයේ පසුවන දෙමළ ජාතිකයන් දසදෙනා සම්බන්ධයෙන් පුද්ගලික විස්තර වාර්තාවක් අධිකරණය ඉදිරිපත් කිරීමට නීතිඥයන් විසින් සිදු කළ ඉල්ලීම පිළිගත් විනිසුරු එම්.එච්.එම් බසීල් විසින් නියෝග කර ඇත්තේ එම වාර්තා ජුනි 13 වැනි දින ඉදිරිපත් කරන ලෙසයි.   තවදුරටත් පරීක්ෂණ පැවැත්විය යුතු බවට පොලිසිය කළ ඉල්ලීමට ඉඩ දෙමින් වාලච්චේන වැඩ බලන මහේස්ත්‍රාත් සැකකරුවන් ජුලි 13  දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කර තිබේ.   අත්අඩංගුවේ පසුවන දෙමළ ජාතිකයන් දස දෙනා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ එස් රත්නවේල්, නීතිඥ කනගරත්නම් සුගාෂ් ඇතුලු නීතිඥයන් හත් දෙනකු පෙනී සිට ඇත.   රටේ පවතින වසංගත ව්‍යාප්තිය හේතුවෙන් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් නොකළ බව පළාත් බද මාධ්‍යවේදීහු වැඩි දුරටත් පවසති.  

tghtyyr

theleader.lk

රජයේ ටියුබ් ලයිට් තීන්දු නිසා වැඩිහිටියන්ට මරණය ?

0

ආරක්ෂිත ක්‍රමවේද භාවිත නොකරන්නේ නම් තවත් සති 10ක කාලයක් තුළ ලංකාවේ පැතිර යන ප්‍රධානතම කොවිඩ් ප්‍රභේදය බවට ඩෙල්ටා ප්‍රභේදය පත්විය හැකි බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අනතුරු ඇඟවිම මාධ්‍ය කිපයක්ම ඉහල අවධානයක් සහිතව වාර්තා කර තිබේ

ඇය මේ බව කියා තිබුනේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි . රාජ්‍ය අමාත්‍යවරිය පවසා තිබුනේ , විශේෂඥයින් මේ පිළිබඳ පවසා ඇති බව

“වැඩියෙන්ම මේ ඇල්ෆා ප්‍රභේදයෙන් මැරෙන්නේ 60ට වැඩි අය. ඒ නිසා තමයි රජය පැහැදිලිවම තීන්දුව ගත්තේ මේ එන්නත්කරණයේ දී 60ට වැඩි අයට ප්‍රමුඛතාවය ලබා දිය යුතුයි කියලා. ගර්භණී මව්වරු 12ක් මියගොස් තියෙනවා. ඒ වගේම ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමේ අවදානමක් තියෙනවා. විශේෂඥ වෛද්‍යවරු කියනවා අපි ඒ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළොත් තව සති 10ක විතර කාලයක් තුළ මෙහි ප්‍රධානතම ප්‍රභේදය වෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය කියලා. විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය අනතුරු අඟවලා තියෙනවා. ඒ නිසා අවධානම පහවෙලා නෑ. අලුත් සතුරෙකුත් කැරකෙනවා.“ රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කර සිටියාය

මේ අතර, කොවිඩ් -19 වෛරසයෙන් වැඩි වශයෙන් වැඩිහිටියන්ගේ මරණ වාර්තා වීම හේතුවෙන් එන්නත්කරණයේදී වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා ප්‍රමුඛතාව ලබාදීමට තීරණය කළ බව ද ඇය සඳහන් කළේය
කෙසේ වෙතත් රජයේ මේ තින්දුව වඩාත් පමා වි ගැනිම ටියුබ් ලයිට් න්‍යායය පෙන්නුම් කරන බවත් වැඩිහිටි මරණ වලට මේ පමාවි එන්නත්කරණය ගැන තීන්දුවද බලපා ඇති බවද මේ ගැන කරුණු දක්වන විවේචකයෝ පවසා සිටිති

වනජීවී නිලධාරින්ට පාට් දැමු මේජර්ට වැඩවරදින ලකුණු ?

0

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජීවි නිලධාරියකුට පහරදී ඔවුන්ගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියට අදාල යුද හමුදා මේජර් ජනරාල්වරයා ඇතුළු යුද හමුදා සාමාජිකයන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් සමන් වැරනියගොඩ මහතා  හබරන පොලිස් ස්ථානාධිපතිවරයාට අද නියෝග කර ඇතැයි ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට යුද හමුදා නිලධාරියෙකු විසින් බාධාකළ බවට පොලීසියට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නොමැති වීම මත ලබන මස 02දා දිවයින පුරා සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සියලුම වනජීවී නිලධාරීන් තීරණය කර ඇත.

මින්නේරිය වනෝද්‍යානය තුළ සිටින අලි පැටවකු පැහැරගෙන යාමට කණ්ඩායමක් පැමිණෙන බවට ලද විශ්වාස කටයුතු තොරතුරක් මත වනජීවී නිලධාරීන් විසින් විමර්ශන ආරම්භ ‌කර තිබූ පසුබිමක වනෝද්‍යානයේ සිට පැමිණි අනවසරයෙන් ඇතුළු වූ හමුදා මේජර් ජනරාල්වරයෙකු සහිත වාහනවල සිටි හමුදා කණ්ඩායමක් විසින් වනජීවී නිලධාරීන්ට මරණීය තර්ජන කර පහර දී ජංගම දුරකථන පැහැර ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධව මින්නේරිය පොලිසියට වනෝද්යාන භාරකරු විසින් පැමිණිල්ලක් කර තිබිණි. මෙලෙස පැමිණිලි කර තිබුණේ මේජර් ජනරාල් මේජර් ජනරාල් මොහාන් රත්නායක ඇතුළු පිරිසකට එරෙහිවය.

මෙම සිද්ධියට අදාල සැකකරුවන් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් අනාවරණය වී තිබේ නම් ඔවුන් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි මෙහිදි මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් ප්‍රශ්න කර සිටියේය.
අර්ධ හමුදාකරණයක් කරා රට ගමන් කරමින් තිබෙන්නේ යැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සිය පළමු පාර්ලිමේන්තු කථාවේදි පසුගියදා අවධාරණය කර තිබුණි.

රටපුරා තැනින් තැන වාර්තා වෙමින් ඇති මේ චණ්ඩි පාට් යනු හමුදාකරණයකට රට ගමන් කරමින් තිබේයැයි කියන කසකරුවන්ගේ වැඩ ජනතාව තේරුම්ගත යුතුව තිබේ

කොවිඩ් නිසා මිය ගිය අයගෙන් 75% අවු 60 වැඩි අය ?

0

මෘතදේහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ අනුමැතියකින් තොරව නිදහස් කිරීමේ බලය, හදිසි මරණ පරීක්ෂකවරයාට සහ ග්‍රාම නිලධාරිවරයාට හිමිකර දී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පසුගියදා අනාවරණ කළේය.

එම සංගමය පෙන්වා දි තිබුනේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ලිපියක් මගින් ඒ බව දන්වා ඇති බවය.

මේ හේතුවෙන් කොවිඩ් ආසාදිතයෙක් නිවසේ මියගිය විට ගැටලු මතුවිය හැකිබව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

මේ අතර මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව අද වනවිට 3,000 සීමාවට ආසන්න වී ඇති අතර ඉන් සියයට 75 ක්ම වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින් වේ.

මින් කියැවෙන යථාර්ථය කෙලින්ම සම්බන්ධ වන්නේ රටේ එන්නත්කරණයට අදාලව රජය විසින් අනුගමනය කරන ලද ප්‍රතිපත්තිය සමගින්ය.
ලෝකයේ අතිබහුතරයක් රටවල් සිය එන්නත්කරණ ප්‍රතිපත්තිය ඉහල වයස්වල අයගෙන් පටන් ගෙන තිබුණ පසුබිමක ලංකාව ක්‍රියාත්මක කර තිබුනේ එයට හාත්පසින්ම වෙනස් ක්‍රමයකි.
වැඩිහිටියන් හට එන්නත්කරණය පටන් ගෙන තිබුණ රට තුල කොරෝනා මරණ 2500 ක් පමණ ඉක්මවා ගිය පසුව විම සබැවින්ම ඛේදචාචකයකි.
පාර්ලිමේන්තුව තුල සිය පළමු අදහස් දැක්විම සිදුකරමින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ කියා තිබුනේ කොරෝනා පාලනයට අදාල ජනපතිගේ වැඩපිළිවෙල මුලු මනින්ම ආසාර්ථක බවය.
ඒ අනුව බලන කළ වයස්ගතවුවන් මේ වසංගත රෝගයට ගොදුරුව මිය යාම සැබැවින්ම බරපතල වරදක් නොවේද ?

ආණ්ඩුව දිගට හරහට සල්ලි අච්චු ගසයි!- ඊයේ දිනය මහ බැංකුව ඉතිහාසයේ වාර්තාවක්

0

එදා මෙදා තුර ඉතිහාසයේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක් දිනක් තුළ දී මුද්‍රණය කරන ලද විශාලතම මුදල් කන්දරාව ඊයේ දිනයේ දී මුද්‍රණය කර තිබෙන බව ‘ඩේලි මිරර්’ පුවත්පත වාර්තා කරයි.   පසුගිය සතියේ දී රුපියල් බිලියන 23 ක් මුද්‍රණය කර ඇති ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ, එනම් සදුදා දිනයේ දී රුපියල් බිලියන 208.45 ක් මුද්‍රණය කර තිබේ.   බදු ආදායම අහිමි වීම හේතුවෙන් අය වැය හිගය පියවා ගැනීම සදහා මෙසේ මුදල් මුද්රණය කර ඇතැයි පැවසේ.   මේවනවිට මුද්‍රණය කර ඇති මුළු මුදල් ප්‍රමාණය රුපියල් ට්‍රිලියනය ඉක්මවන බවද වාර්තා වේ.  
  (Sithara Sajeewani -lankaviews.com)

සරත් ෆොන්සේකාගේ දේශපාලන දැක්මේ දිගපළල යළිත් කරළියට ?

0

හමුදා නිල ඇඳුම් හෝ හමුදාපතිවරු මේ රටෙන් ඉවත් කළ යුතු බවට කවුරුන් හෝ මතයක සිටිනවා නම් එවැනි පුද්ගලයෙකුට කිසිදාක රට පිළිබඳ ජාතික හැඟීමක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසා තිබුණි.

ඔහු මේ අදහස් පළකර තිබුනේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

දැන් ඒ සමඟම රනිල් වික්‍රමසිංහ මහත්තයාත් පාර්ලිමේන්තුවට ආවා දැන් ඊළඟට එනවා බැසිල් රාජපක්ෂ මහත්මයා.ඔබතුමාලා පිළිගන්න සූදානමින්ද ඉන්නේ? මාධ්‍යවේදියෙකු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ගෙන් විමසා තිබුණි

“බැසිල් රාජපක්ෂ කියන්නේ පොදුජන පෙරමුණේ ප්‍රබලයෙක්. ඒ ගැන තීන්දු තීරණ ගන්න අපිට අයිතියක් නෑ. රනිල්ගේ පැටිකිරිය අතීතය ඊට වඩා වෙනස්. දැක්කනේ මංගල කතාවේ ම හමුදාපතිටයි හමුදාවටයි පහර ගහලානේ පටන් ගත්තේ. එයාට ඔය හමුදා නිල ඇඳුම්, හමුදාපතිලා එහෙම ඇඟට අල්ලන්නේ නෑ කහඹිලියා වගේ. ඒවට ඇලජික්. කවුරු හෝ හමුදාව දකින්න කැමති නැත්නම් හමුදාපතිලා අයින් කරන්න ඕනේ කියන මානසිකත්වයේ ඉන්නවා නම් එයාට කවදාවත් මේ රට ගැන ජාතික හැඟීමක් නෑ. රනිල් වික්‍රමසිංහ මහතාට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ඒක තමයි.”
සරත් ෆොන්සේකාගේ මේ අදහස් දැක්විම ගැන දනටමත් විවේචන රැසක් ඉදිරිපත් වෙන්නට පටන් ගෙන තිබේ.
ඒ බොහෝ දෙනෙකු මතුකර සිටින්නේ සරත් ෆෝන්සේකා දේශපාලන දැක්මේ දිග පළල මේ ප්‍රකාශවලින් පවා මනාව එළියටම පැන ඇති බවය.
සමාජ මාධ්‍ය ඔස්සේ පවා දැන් විවේචන ඇරඹි තිබේ.