Saturday, September 21, 2024
Home Blog Page 4

බ්‍රිටෝ ඔයා දිණුම්…

අන්න නියමයි ❗ අපිත් අත් දෙකම උස්සලා සහයෝගය දෙනවා….

බ්‍රිටෝ ප්‍රනාන්දු අවුරුදු තිහක් නොකඩවා ත්‍රස්තවිරෝදී පනතට එරෙහිව සටන් කරපු නායකයෙක් , සමහර අමාරුම බිහිසුණු කාලවලදිවත් ඔහු සටන ඇතෑරියේ නෑ ❗

ඔය පනතින් දෙමලට කෙලිනකොට මීක් නැතිව හිටපු උන් අද සිරිදම්ම වසන්ත වෙනුවෙන් පාරට බහිනකොට බ්‍රිටෝ නිර්ලෝභීව එතනත් ඉන්නවා

දැන්වත් ඉගෙනගනිල්ලා ජාති ආගම් භේද නැතිව සාධාරණත්වය යුක්තිය වෙනුවෙන් අරගලය කරන විදිය.


ඊනියා සිංබෞවන්ගේ එකඟ තාවයෙන්ම රනිල් PTA අහෝසි කරනවා ස්ථිරයි උඹලා ලවුවම ඒදේ කරනවා , ඒ රනිල්ගේ හැටි , බ්‍රිටෝ ඔයා දිණුම් ❗😋

(අජිත් මුණසිංහගේ ෆේස්බුක් පිටුවෙනි)

අයවැය ගැන වජිරගේ අනාවැකිය …

0

දේශපාලන වර්ධනයන් ගැන කවදත් කල් ඇතිව අනාවැකිය කිමේ ප්‍රසිද්ධියක් උසුලන   එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මාධ්‍ය හමුවකදි පවසා තිබුනේ අයවැය ඡන්ද 135 ක් ලබා සම්මත වනු ඇති බවය

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

මෙවර අයවැය බංකොලොත් රට ආර්ථික වශයෙන් නිදහස් කරන මෙය අනාගත පරපුරට සුබවාදී අයවැයක්අය වැයක් වනු ඇතැයි ද වජිර අබේවර්ධන කියා තිබේ.

ප්‍රසන්නගේ ගෝලයෝ රාජපක්ෂලා අතහැර වික්‍රමසිංහව තෝරා ගනියි ?

0

ඉදිරියේදී ගත යුතු දේශපාලන තීන්දුව තීරණය කිරීම සඳහා මිනුවන්ගොඩ දේශපාලන බල මණ්ඩලයේ දී විමසූ රහස් ඡන්ද ප්‍රතිඵලය තමා වෙත ලැබී ඇති අතර එම දේශපාලන මණ්ඩල සභිකයන්ගෙන් අතිබහුතරයක්ම පවසා ඇත්තේ මේ මොහොතේ වත්මන් ජනාධිපතිවරයා සමඟ වැඩ කළ යුතු බවයැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය  ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසා තිබුණි

මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කිරීම ‘අලියාගේ පිටේ’ නැගීමක් නොවන බවත් එලෙස සහය පළ කිරීම  පොහොට්ටුව හැර යාමක් නොවන බවත් අමාත්‍යවරයා කීය.

විදෙස් සංචාරයකින් පසු දිවයිනට පැමිණ ප්‍රකාශයක් කරමින් ප්‍රසන්න රණතුංග මහතා මේ බව කීය.

ජනාධිපතිවරයාගේ කකුලෙන් නොඇඳ ඔහු ගෙන යන වැඩපිළිවෙලට සහාය පළ කළ යුතු බව මිනුවන්ගොඩ දේශපාලන මණ්ඩලයේ  ස්ථාවරය බවද ප්‍රසන්න රණතුංග මහතා කීය.

මෙවර යාපනේ දිපවාලි උත්සවය සරු නැතැයි ව්‍යාපාරික ප්‍රජාව පවසති

0

දිපවාලි උත්සවය සැමරීමට කලින් දිනයේ යාපනය නගරය ජනයාගෙන් පිරි තිබුන පරිසරයක් මිට ඉහතදි තිබුණි.
ව්‍යාපාරික ස්ථානවලද සෙනඟ නිරන්තරයෙන්ම ගැවසුනි.

එහෙත් කොරෝනා වලින් පසු තත්වය වෙනස් විය.



මෙවර දිපාවලි උත්සවයටද එතරම් ජනතාවක් යාපනය නගරය තුල මෙන්ම විශේෂයෙන්ම සාරි කඩවල සැරිසරන අයුරු දක්නට නොලැබුනි.

එමෙන්ම ව්‍යාපාරික ප්‍රජාව පවා කියා තිබුනේ ඔවුන් බලාපොරොත්තු වු අකාරයේ වෙළදාමක් මෙවර නොතිබුන බවය.

නිදර්ශන් විනෝද්

පිලිපිනයේ සෙබු දුපතේ ගුවන් අනතුරක් !

0

පෙරේදා රාත්‍රියේ වැසි සහිත කාලගුණය තුළ ධාවන පථයක් ඉක්මවා යාමෙන් හානියට පත් කොරියානු එයාර් ගුවන් යානයක් මධ්‍යම පිලිපීනයේ ගුවන් තොටුපලක තණකොළ අතර සිරවී තිබේ. හදිසි ස්ලයිඩ භාවිතා කරමින් යානයෙන් පැන ගත් මගීන් 162 ක් සහ කාර්ය මණ්ඩලයේ 11 දෙනා අතර කිසිදු තුවාලයක් වාර්තා වී නොමැත.

මේ හේතුවෙන් ගුවන් ගමන් දුසිම් ගනනක් අවලංගු කර ඇත.

රටේ කාර්යබහුලම එකක් වන මැක්ටන්-සෙබු ජාත්‍යන්තර ගුවන්තොටුපළ එහි හුදකලා භාවිතා කළ හැකි ධාවන පථය අවසානයේ නතර වූ ගුවන් යානා හේතුවෙන් වසා දමා ඇත.

කොරියානු එයාර් හි ගුවන් සමාගමේ සභාපති ප්‍රසිද්ධියේ සමාව අයැදීමට පියවර ගත් අතර සහ ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සමාගමකින් නැවත සිදුවීම වැලැක්වීමට පියවර ගන්නා බවට දිවුරුම් දුන්නේය.

“අපි සෑම විටම අපගේ සියලුම මෙහෙයුම් වලදී ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබා දෙන අතර, අපගේ මගීන් වෙත ගෙන එන ආතතිය සහ අපහසුතාවයන් පිළිබඳව අපි සැබවින්ම කනගාටු වෙමු,” කොරියානු එයාර් සභාපති Woo Keehong නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 02ක් අද හෝබාට්හිදී

0

එහි පළමු තරගයට එක් වන්නේ බංග්ලාදේශ සහ නෙදර්ලන්ත කණ්ඩායමයි..

ශ්‍රී ලංකාවට එරෙහිව සුදුසුකම් ලැබීමේ වටයේ තරගයට එක් වූ නෙදර්ලන්ත කණ්ඩායම වෙනසකින් තොරව මෙම තරගයට ද යොදා ගැනීමට ඉඩ ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම කණ්ඩායම් දෙක මීට පෙර එක් අවස්ථාවකදී පන්දුවාර 20යි 20 පිටියේදී මුණ ගැසී ඇති අතර එම තරගය ජය ගත්තේ බංග්ලාදේශයයි.

නවසීලන්තයේදී පැවැති තුන්කොන් තරගාවලියට සහභාගී වීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවට පැමිණ මෙවර ලෝක කුසලානය සඳහා හොඳ සූදානමකින් පසු වන බව බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් පවසයි.

මේ අතර නෙදර්ලන්තයේ ටොම් කූපර් සඳහන් කළේ,  සුපිරි 12 දෙනාගේ වටය බංග්ලාදේශයට එරෙහිව ජයග්‍රාහී ලෙස ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි. 

මෙම තරගය මෙරට වේලාවෙන් උදෑසන 9.30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

මේ අතර අද දිනයේ දෙවැනි තරගයට එක් වන්නේ සිම්බාබ්වේ සහ දකුණු අප්‍රිකා කණ්ඩායමයි.

සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක සුපිරි 12 දෙනාගේ වටයේ සහභාගී වූ පළමු තරගය ලෙස අද (24) තරගයට වාර්තා අතරට එක් වනු ඇති.

ඔවුන් සුදුසුකම් ලැබීමේ වටයේ දැක් වූ දක්ෂතා හේතුවෙන් සුපිරි 12 දෙනාගේ වටයට පිවිසියේ ය.

මේ අතර දකුණු අප්‍රිකා නායක ටෙම්බා බවුමා පැවසුවේ, තවත් අප්‍රිකානු රටක් සුදුසුකම් ලැබීමේ වටයේ සිට සුපිරි 12 දෙනාගේ වටයට පිවිසීම පිළිබඳව සතුටු වන බවයි.

කෙසේ නමුත් සිම්බාබ්වේ කණ්ඩායම අවතක්සේරු නොකරන බව ඔහු සඳහන් කළේ ය.

සිම්බාබ්වේ නායක ක්‍රෙයිග් අර්වින් පැවසුවේ, තම කණ්ඩායම තරගාවලිය කෙරෙහි උනන්දුවෙන් පසු වන බවයි. 

දෙරට අතර මේ දක්වා පවත්වා ඇති පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරග 5ම දකුණු අප්‍රිකාව ජය ගත්තේ ය.

මෙම තරගය මෙරට වේලාවෙන් දහවල් 1.30ට ආරම්භ කිරීමට නියමිතය.

පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ සියලු තරග සිරස TV තුළින් ඔබට සජිවීව නැරඹිය හැකියි

දිපාවලි නිසා අද ලයිට් කපන්නේ නෑ !

0

අද (24) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියා සිටී.

දීපවාලී උත්සවය අදට යෙදී ඇති නිසා මේ තීන්දුව ගෙන ඇතැයි වාර්තා වේ.

මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ..

0

මහින්ද සමග යළි නැගිටීම පසෙක තබා රනිල් වික්‍රමසිංහ හා එක්ව යන දේශපාලන ගමනක් වෙනුවන් රාජපක්ෂ පවුලේ දේශපාලන කඳවුර අතහැරීමට රාජපක්ෂ කඳවුරේ තවත් ප්‍රබලයන් පිරිසක් සුදානම් වන බව දැනගැනීමට ඇත. ඔවුන් මේ වන විටත් තමන්ගේ සමීපතමයන් සහ ප්‍රධාන ආධාරකරුවන්ගේ මත විමසුම් කරමින් සිටින බව වාර්ථා වෙයි.

22 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව කටයුතු කිරීම විය යුතු බවට රාජපක්ෂවරුන්ගේ නියමය වූවද අවසානයේ දී ඊට පක්ෂපාත වූ පිරිස පිරිස අවමවීම මත මේ තිරණය ගැනීම කෙරෙහි ඇති උනන්දුව ද වැඩි වී ඇත.

පසුගිය ගෝඨා පාලනයේ සියලු පවු ගෝඨා සහ බැසිල්ගේ කර මත අතහැර මහින්දව ඉදිරියට දමාගෙන යළි දේශපාලනයට පිවිසීමේ උත්සාහයක් පොහොට්‍ටු ප්‍රබලයන් විසින් ගනු ලැබූවද එයද අසාර්ථක වෙමින් පවතී.. විශේෂයෙන්ම ජනතාව සියලු රාජපක්ෂවරුන් ප්‍රතික්ෂේප කිරීමත් මහින්දගෙ වයෝවෘද්ධ බාවය හමුවේ යළි රටේ නායකත්වයකට පත්වීම කිසිසේත් සිදු නොවන්නක් නිසාත් මේ තත්වය ඇතිව තිබේ. එසේම රට මුහුණ දෙන අර්බුද හමුවේ ඊට විසඳුම් ලෙස කිසිදු ක්ෂේත්‍රයක් ගැන සාකච්ඡාවක් හෝ නොමැති පක්ෂයක, පක්ෂ නායකයකු සමඟ ඉදිරි දේශපාලන ගමනක් ගැන කල්පනා කිරීමත් විහිළු සහගත දෙයක් වන නිසා මහින්ද සමඟ කළ හැකි දේශපාලනයක් නැති බව පොහොට්‍ටු නායකයන් මෙන්ම පාක්ෂිකයන්ද තේරුම් ගෙන තිබේ.

අනෙක් කාරණය වන්නේ රනිල් වික්‍රමසිංහ සිය දේශපාලන ඉතිහාසයේ සක්‍රීයම අවධියට පිවිසෙමින් රට වැටී සිටින අර්බුදයෙන් ගොඩ ගැනීම වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක යෙදී සිටින බව රට හමුවේ පෙන්වා තිබිම මත පොහොට්‍ටුව පමණක් නොව අනෙක කිසිදු දේශපාලන පක්ෂයකට රනිල්ට අභියෝග කිරීමේ හැකියාව මුලුමනින්ම පාහේ මොට වී තිබේ. මේ තත්වයන් අනුව රනිල් සමඟ යෑම මිස මේ මොහොතේ ගත හැකි වෙනත් විකල්ප නොමැති වීම පැහැදිලිව තිබේ.

මේ අතර විදේශගතවී සිටින දැඩි රාජපක්ෂ හිතවාදියෙක් වන ඇමැති ප්‍රසන්න රණතුංග සිය ඉදිරි දේශපාලන තීන්දුව ගැනීම සඳහා පුද්ගලික ලේකම්වරයා හරහා පෙරේදා (20) සවස පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලන ක්‍රියාකාරීන්ගෙන් සමන්විත ප්‍රසන්න රණතුංගගේ දේශපාලන කමිටුව මිනුවන්ගොඩ යුරෝස්ටාර් හෝටලය වෙත කැඳවා තිබේ.

ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ දේශපාලන මණ්ඩලය මිනුවන්ගොඩ ප්‍රදේශීය සභාවේ හා නගර සභාවේ සභාපතිවරු, මන්ත්‍රීවරුන් ඇතුළු ඔහුගේ ප්‍රධානතම ආධාරකරුවන් 50 දෙනෙකුගෙන් සමන්විතය.

එහි අරමුණ වී ඇත්තේ ඉදිරි දේශපාලන ගමන මහින්ද රාජපක්ෂ කඳවුර සමග යනවා ද, රනිල් වික්‍රමසිංහ එක්ක එක්වී යනවා ද යන්න දේශපාලන ක්‍රියාකාරීන්ගේ මතය විමසීම සඳහාය.

කෙසේ වෙතත් සහභාගී වී සිටි පිරිස අතරින් මත විමසුමක් කර බහුතර මතය නියෝජනය කරන කණ්ඩායමට ඇහුමකන් දෙමින් ඉදිරි දේශපාලනය තෝරන බව ඇමතිවරයා ලේකම්වරයාගේ මාර්ගයෙන් දැනුම් දී ඇත. මත විමසීම සඳහා සීල් කළ පෙට්ටියක් සූදානම් කර තිබී ඇත.

පැමිණි සියලුම දේශපාලන මණ්ඩල සාමාජිකයන්ට ඡන්ද පත්‍රිකාවක් ලබා දී ඇති අතර එහි ප්‍රශ්න 02 ක් විමසා තිබී තිබේ. රටේ ආර්ථික අර්බුද විසදීමේ අභියෝගය භාරගත් නායකයා සමඟ ඉදිරියට යාම සුදුසු ද, නැතහොත් මෙතෙක් සිටි දේශපාලන ස්ථාවරයේ කටයුතු කිරීම සුදුසු ද යන්න එම ප්‍රශ්න 02 යෙ. සාකච්ඡාවට සහභාගී වූ දේශපාලන මණ්ඩල සභිකයින්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු එහි ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර නැත.

එහෙත් නිල නොවන ආරංචි මාර්ග හරහා වාර්තා වන්නේ මේ ඡන්දය ප්‍රකාශ කළ බහුතරය දක්වා ඇත්තේ මහින්ද රාජපක්ෂ මුල් වූ රාජපක්ෂ කඳවුර සමග මේ ගමන යෑමට නොහැකි බවත් රනිල් වික්‍රමසිංහ සමග එක්වී ඉදිරි දේශපාලන ගමන යා යුතු බවතය

ඒ අනුව මහින්දගේ අනුගාමිකයෙක් වී සිටි ප්‍රසන්න රණතුංග එම ගොඩෙන් ගැලවී රනිල් වික්‍රමසිංහගේ දෑත් ශක්තිමත් කිරීමට එක් වනු ඇතැයි නිල නොවන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

( lankadaily ෆේස් බුක් පිටුවෙනි )

ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියල්ලන් ලද සුවිශේෂ ජයග්‍රහණයක් – කරු ජයසුරිය

0

අත්තනෝමතික අධිකාරීවාදී පාලනයකට රට නතුකරගැනීමේ අපේක්ෂාවෙන් යුතුව සම්මත කරගෙන තිබූ

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බල රහිත කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අද (21) දිනයේ 22 වැනි සංශෝධනය සම්මත කරගැනීමට කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියළුම පුරවැසියන් ලද සුවිශේෂී ජයග්‍රහණයක් බව ‘සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය’ පවසයි.

එම සංවිධානයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම කාරණය සඳහන් කර ඇත.

ඒකාධිපති පාලනයකට රට යොමු කරන විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීමටත්, මහා පරිමාණ දූෂණ රටින් බැහැර කිරීමටත්, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඉදිරියේදීත් පෙරමුණ ගන්න බව කරු ජයසුරිය සිය නිවේදනය මගින් අවධාරණය කර තිබේ.

හිටපු කතානායකවරයාගේ එම නිවේදනයේ මෙසේද සඳහන් වේ. 

 අපගේ බලවත් ස්තුතිය… 

”මෙම ජයග්‍රහණය සඳහා කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත මෙන්ම ඒ උදෙසා අඛණ්ඩව නොසැලී පෙනී සිටි සිවිල් හා දේශපාලන බලවේගයන් වෙත සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප අපගේ බලවත් ස්තුතිය ප්‍රථමයෙන්ම පුද කරනු කැමැත්තෙමු.

හිටපු ජනාධිපතිවරයාගේ අභිලාශයයන් ඉටුකරනු පිණිස 20 වැනි සංශෝධනය ගෙන එන්නට සූදානම් වූ අවස්ථාවේදී මෙන්ම එය සම්මත කරගැනීමෙන් පසුව ද ඊට එරෙහිව බලවත් ලෙස පෙනී සිටි සංවිධානයක් වශයෙන් මෙම අවස්ථාවේදී අපි නැවතත් අවධාරණය කරන්නේ, රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරමින් ජනතාවගේ ගරුත්වය හා අපේක්ෂා තහවුරු කරනු පිණිස 22 වැනි සංශෝධනය ප්‍රමාණවත් හා අවසන් තීරණාත්මක පියවර ලෙස විශ්වාස නොකරන බවය.

අද දවසේ පාර්ලිමේන්තුව ගත් මෙම තීන්දුව අප සලකන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගන්නා තෙක් තහවුරු කර ගතයුතුව තිබූ ඉතා වැදගත් අන්තර්කාලීන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවක් ලෙසය. මෙය සුවිශේෂ ජයග්‍රහණයක් ලෙස අප සලකන්නේ ඒ අනුවය.

‘සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය’ ලෙස අප සෑම විටම නොසැලී අඛණ්ඩවම පෙනී සිටින්නේ සමස්ථ ජනතාවගේ ගරුත්වයට හා රටේ යහපතට හේතුවන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙනි. ජාතික ඒකාග්‍රතාවය, රටේ ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම ජනතාවගේ අයිතීන් හා නිදහස වෙනුවෙන් ඒ සදහා  වූ සුවිශේෂී වගකීමක්  පුරවැසියන් ලෙස අප සියල්ලන් වෙතම පැවරී තිබේ.

අද දවසේ ලත් මෙම ජයග්‍රහණය ශක්තියක් බවට යොදා ගනිමින් ඒ සදහා පෙරමුණ ගන්නා ලෙස මේ රටේ සියළුම දේශපාලන බලවේගයන් වෙතින් මේ මොහොතේ අපි ඉල්ලා සිටින්නෙමු.”

theleader.lk

සිරස සජ්ඣායනා ඉවරයි!

සිරස සජ්ඣායනා වැඩසටහන කියන්නේ මං ඉතා ආසාවෙන් මුල සිටම නැරඹූ වැඩසටහනක්. ඒකෙ පරහක් හැටියට තිබ්බෙ ආදිත්‍යාගෙ මූණ සහ වැඩසටහන් මෙහෙයවීමේ විලාසය විතරයි. මං මෙහෙම කීවම ‘ආධූනිකයින් දිරි ගන්වන්න ඔ්න’, ‘කුහක වෙන්න නරකයි’ වගේ කතා ඇහෙන්න පුළුවන්. ඒ්ත් ආදිත්‍යා වඩාත් දක්ෂ ගායනයට මිස පූරක භූමිකාවට නෙවෙයි. සම්පත් දායකයින් ලෙස සහභාගි වන ජ්‍යෙෂ්ඨ, වයෝවෘද්ධ පුද්ගලයින් පිළිබඳ ඇයට පවත්නා අවබෝධය අවම වීම පිළිගන්න පුළුවන්. ඒ්කට තමා වැඩසටහන් නිෂ්පාදකයෙකු සහ පෙළ රචකයෙකු ඉන්නෙ. මං කියන්නේ එහෙව් අය සමග කතා බහ කරන විට අත්දැකීම් අඩුවීම නෙවෙයි. ඒ් මුහුණ සතුටුදායක සාමීචි අවස්ථාවක වුවත්, අතිශය සංවේදී කාරණයක වුවත්, විස්මය දනවනසුලු කරුණකට අදාළව වුවත් එකම ස්වරූපයක් ගැනීම ගැනයි. තේරෙන සිංහලෙන් කීවොත්, ඒ් මුහුණේ භාව ප්‍රකාශනයක් නැති තරම්. එකම එක වියළි හිනාවක් පමණක් ‘කෝකටත් තෛලය’ සේ ප්‍රකාශමානවීමයි. ඒහෙත් ඇය ගායන ශිල්පිණියක ලෙස ඉතාම විශිෂ්ටයි. ඇය ගායනා කළ හැකි ස්වර පරාසය ඉහළයි. විවිධාංගීකරණයෙන් යුතුයි. ආවාසනාවට ඇය ගැන කතා කළ බොහෝ දෙනා කතා කළේ, ඇය විසින් අවධානය යොමු කළ යුතු එකී සන්නිවේදක කුසලතාවන් ගැන නොව අඳින ඇඳුම ගැන පමණක්වීම ඛේදවාචකයක්. ඒ්ත් සමස්ත සජ්ඣායනා වැඩසටහන පුරාවටම මගේ නෙත් සිත් පැහැරගත් ගායන ශිල්පිණිය වුණේ එරන්දි. ඒ හඬටත්, හැඟීම් පිටාර ගලන මුහුණටත්, සැහැල්ලු ආදරණීය හිනාවටත් සම කළ හැකි වෙනත් කවුරුත්ම හිටියෙ නෑ.

දැන් මේ වැඩසටහන ‘සිරසේ පුරුදු මාර්කටිං’ මාදිලියේම දිගුවක් විදිහට ප්‍රසංගයක් බවට පරිවර්තනය වෙලා. ඒ්ක වෙනම කාරණයක්. මේ වැඩසටහන් මාදිලියේම මුල සිටම ව්‍යුහාත්මක ගැටලුවකට උත්තරයක් තිබුණා. ඒ් තමා තමන් විසින් ‘රියැලිටි’ තරු හැටියට වේදිකාවට නග්ගවා, වසර ගණනාවකට වෙනත් කිසිදු ස්වාධීන නිර්මාණයක්, වෙනත් ආයතනයක් සමග කරන්නට බැරි තැනට ගිවිසුම් ගස්සවා, අතපය බැඳ එළියට දාන නවකයින්ට තවදුරටත් ප්‍රේක්ෂකයින්ට අමතක නොකර යළි යළිත් මාර්කට් කිරීමේ අවස්ථාව ලබා ගැනීම. මේක නවකයාත්, ආයතනයත් දෙකම රැකෙන වැඩක්.

දෙවනුව ‘රියැලිටි’ ගී තරුවලටත්, ඒ්වා ඉදිරිපත් කරන නාලිකාවලටත් පොදුවේ නැඟෙන එක් සම්ප්‍රදායික විරෝධයක් වන්නේ, ‘මේ අය කියන්නේ පරණ අයගෙ සිංදු. ඒ් නිර්මාණවල සැබෑ හිමිකාරයින්ට වටිනාකමක් දෙන්නෙ නෑ” කියන එකයි. ඉතිං පැරණි කලාකරුවන් ගෙනල්ලා, ඉදිරිපිට පුටුවක වාඩිකරවලා, ඒ් අයටත් කතා කරන්න අවස්ථාව දීලා, ඒ් අයගේ හිස ටිකක් ආදරයෙන් අත ගාලා, ඒ් නිර්මාණම නැවත නැවත විකුණන එකත්, වෙනම කලාවක්.

ප.ලි-ඡායාරූපවල අයිතිය එහි හිමිකරුවන් සතුයි!

(ප්‍රියාන් ආර්.විජේබණ්ඩාරගේ ෆේස් බුක් පිටුවෙනි)