Tuesday, September 24, 2024
Home Blog Page 39

බැසිල් තෙල් මිළ අඩුකරන තෙක් ඉන්ධන පිරවුම් හල් පාලුවට යයි .

0

කොළඹ නගරයේ ඉන්ධන පිරවුම්හල්හි අද (08) උදෑසන සිට බොහෝ පාලු ස්වභාවයක් පෙන්නුම් කළ අතර සාමාන්‍ය දිනවල මෙන් රථවාහන බොහොමයක් ඉන්ධන ලබාගැනීමට නොපැමිණි බව ඉන්ධන පිරවුම්හල් සේවකයෝ පැවසු බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

දවසේ ඕනෑම වෙලාවක දිගු පෝලිම් පවා දැකියහැකි ඉන්ධන පිරවුම්හල් හි පවා හිස්ව පැවතුණ බවද වැඩිදුරටත් එම පුවතේ සඳහන්ය

මේ සඳහා නිශ්චිත හේතුවක් නොදන්නා බවද අද දිනයේ මුදල් අමාත්‍යවරයා ලෙස වැඩ භාරගත් බැසිල් රාජපක්‍ෂ මහතා ඉන්ධන මිලෙහි වෙනසක් සිදු කරතැයි ඇතැමුන් විශ්වාස කරන බවද ඉන්ධන පිරවුම්හල් සේවකයෙක් පැවසීය.
ඉන්ධන මිළ පමණක් නොව බැසිල් පාර්ලිමේන්තු පැමිණ පසු ජනතාවට සහන රැසක් දෙන බව පසුගිය දා රාජ්‍ය ඇමති නිමල් ලංසා මාධ්‍ය හමුවේ පවසා තිබුණි

බැසිල් ඇමති වෙද්දි පොලීසිය අදත් තිරිසන් ලෙස හැසිරෙයි !

0

මෑත ඉතිහාසය තුල වේගයෙන් ජන අප්‍රසාදයට ලක්වු පාලකයන් පිරිසක් බවට පත්ව සිටින රාජපක්ෂලා අද තවත් දේශාපලන තුරුම්පුවක් ඇද්දේය.
ඒ වැඩකරුවෙකු යැයි ඔවුන් විසින්ම ක්‍රියාගන්නා බැසිල් රාජපක්ෂට මුදල් ඇමති කම ලබාදෙමිනි.
එහෙත් සමාන්‍ය ජනයා අතර බැසිල් රාජපක්ෂට ලබා දි තිබුණු නාමකරණය වි තිබුනේ mr.10% යනුවෙනි.

මේ අතර අද පාර්ලිමේන්තු වටරවුමේදි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.ඒ හමුදාකරණය අධ්‍යාපන ක්ෂේත්‍රය තුලට වද්දා ගැනිම රජයේ සුදානමට එරෙහිවය.
එහිදි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් ඇතුළු ක්‍රියාකාරින් රැසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණ අතර විරෝධතාව කරුවන් අතර සිටි වයස්ගත මවකටද තිරිසන් ලෙසින් කටයුතු කළ පොලිසියට එරෙහිවද විරෝධතාකරුවන්ගේ දැඩි විවේචන එල්ල වි තිබුණි.

යුක්තිය පැතූ මාපියන් ඇතුලු 18ක් මඩකළපුවේදී අත්අඩංගුවට …

0

පසුගිය මාසයේ දී හිසට වෙඩි තබා දෙමළ ජාතිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලි සිටිමට මඩකලපුවේ ගාන්ධි උද්‍යානයට එක්වූ    පුද්ගලයින් 18 දෙනෙකු ඊයේ පොලිසිය අත්අඩංගුවට ගත් බව ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවිය වාර්තා කරයි.

වෙනත් වාර්තා දක්වන්නේ අතුඩංඟුවට ගත් පිරිස 16 දෙනෙකු බවයි.

ඝාතනය කරන ලද 34 හැවිරිදි මහාලිංගම්  බාලසුන්දරම් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන සේ ඉල්ලා සාමකාමී විරෝධය පෑමකට එක්වූ  ඔහුගේ මාපියන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

එදිනම කොළඹදී  සාමකාමී උද්ඝෝෂණ දෙකකට පැවිණි දේශපාලන ක්‍රියාකාරීන්ද පොලිසිය අත්අඩංඟුවට ගන්නා ලදී. එම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම් සිදු වුවද මඩකළපුවෙහිදී 18 දෙනෙකු අත්අඩංගුවට ගැනීම කොළඹට දැනී නොතිබුණි.

මෙම අත්අඩංගුවට ගැනීම් කරන ලද්දේ ද කොළඹදී බොරලන්දේ දී දේශපාලන ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගත් කොවිඩ් නීති යටතේය.

මේ අතර කලුතරදී විරෝධතාවයක යෙදුණූ 10 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදැයි ද වාර්තා වේ. ඊයේ දිනයේදී මරදනකාරී කොවිඩ් නීති යටතේ 33 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නොනිල ආරංචි මාර්ග දක්වයි.

පසුගිය ජූනි 21වන දා බාලසුන්දරම් ත්‍රී රෝද රියකින් ගමන් කරමින් සිටියදී  ඇති වූ ආවුලක් උඩ ආන්ඩු පක්ෂ දෙමළ ජාතික ඇමැතිවරයකු  වන සතාසිවම් විලේන්ද්‍රන්ගේ අංගාරක්ෂකෙ පොලිස් නිලධාරියකු විසින් ඔහුගේ හිසටම වෙඩි තබා මරා දැමූ බව වාර්තා වී තිබුණි.

වෙඩි තැබීම සම්බන්ධයෙන් ඇමැති අංගාරක්ෂකයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මේ වන විට රිමාන්ඩ් භාරයේ සිටී.

අත්අඩංගුවට ගන්නා ලද 18 දෙනාගේ කොවිඩ් පරීක්ෂක සඳහා යොමු කර ඇති අතර ඉන් පසු නීතිමය පියවර ගන්නා බව පොලිසිය දන්වා තිබේ.
(මුලාශ්‍රය -SLB )

මාධ්‍ය නිදහස: ගෝඨාභය සමග ‘ත්‍රස්තය ආපසු ඇවිත්’

0

ජනමාධ්‍ය නිදහසට මහත් හතුරුකම් කරන රාජ්‍ය නායකයන් “මාධ්‍ය නිදහසේ නාශකයෝ” ලෙස නම් කරමින් ජාත්‍යන්තර ආයතනයකින් නිකුත් කර ඇති අලුත්ම ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාටද තැනක් ලැබී තිබේ.   පැරිසිය මුලස්ථාන කොටගත් දේශසීමා නොමැති මාධ්‍යවේදියෝ (RSF) විසින් මේ අවුරුද්ද සඳහා සම්පාදනය කරන ලද නාම ලේඛනයේ සිටින රාජ්‍ය නායකයන් 37 දෙනා අතරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද ඇතුලත් වී සිටී.   ඔහු මහින්ද රාජපක්ෂ ජනාධිපති යටතේ ආරක්ෂක ලේකම් ලෙස සිටි සමයේ කරන ලද ක්‍රියා හෝ දැන් ජනාධිපති ලෙසින් කරගෙන යන කටයුතු නිසා හෝ බියවැදී සිටින ජනමාධ්‍ය වේදීන් “රැකියාව කරනවාද, නැතිනම් පන රැකගන්නවාද” යන භයංකර උභතෝකෝටිකයට මුහුණ දී සිටින බවට අනතුරු අඟවන RSF සංවිධානය දෙමළ හෝ මුස්ලිම් ජනතාව මුහුණපා සිටින තත්වය සම්බන්ධයෙන් වාර්තා කිරීම අනතුරුදායක ක්‍රියාවක් වී ඇති බව පවසයි.   “ඝාතනය කරන ලද වෘත්තීය සගයන් ගණනාවකගේ අවතාර සමග ජීවත් වන්නට ඔවුන්ට (මාධ්‍යවේදීන්ට) සිද්ධවී ඇති අතරම ගෝටාගේ එන පරිදි මාධ්‍යවේදීන්ට එරෙහිව කරන ලද ප්‍රචණ්ඩ අපරාධ සඳහා සලසා දී ඇති දණ්ඩ මුක්තිය එලෙසින්ම දිගටම පවතී,” යි RSF සංවිධානය කියා සිටී.    

gota predator

    “පවතින පසුබිම යටතේ, ශ්‍රී ලංකාවේ දෙමළ හෝ මුස්ලිම් හෝ සුළුතර ප්‍රජාවන්ගේ තත්වය වැනි සංවේදී කාරනා සම්බන්ධ ගවේශනාත්මක වාර්තාකරණය අතිශයින් අනතුරුදායක බව පෙනී යයි. ඒ අවදානම ගැනීමට පෙළඹෙන්නෝ අන්තරාය දෙකකට මුහුණ පා සිටිති. එකක් නෛතිකය. පොලිසිය වරෙන්තුවක් සමග ඔවුන් අත් අඩංගුවට ගැනීමට පැමිණීමට ඉඩ තිබේ. අනික ශාරීරිකය. ඔවුන්ට මරණ තර්ජනවලට ලක්වීමේ ඉඩකඩක් පවතින අතර ඒ ගැනපැමිණිලි කිරීමට උත්සාහ කළොත් පොලිසිය එය භාර ගැනීම ප්‍රතික්ෂේප කරනු ඇත. කවරාකාරයෙන් ගත්තත්, ත්‍රස්තය යලි පැමිණ ඇත,”   ජනමාධ්‍යවේදීන්ට ‘නරක’ රටක් ලෙස RSF විසින් ලෝක සිතියමේ රතු පාටින් ලකුණු කර ඇති ශ්‍රී ලංකාව මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් රටවල් 180ක් අතරින් සිටින්නේ 127 වැනි ස්ථානයේය.   

Freedom of press worldwide
cp predateurs last last

theleader.lk

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්ති සමිති 15 ක් අදත් වර්ජනයේ ..

0

මහජන සෞඛ්‍ය  පරීක්‍ෂකවරුන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති   15 ක් ආරම්භ කළ වැඩවර්ජනය අද දිනයේත් ක්‍රියාත්මකය. බලධාරීන් සමග ඊයේ පැවති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් එම වර්ජනය අඛණ්ඩව  ක්‍රියාත්මක කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය තීරණය කර ඇති බව ada.lk වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

ඉල්ලීම් 14ක් මුල්කර ගනිමින් ඊයේ(05) උදෑසන ආරම්භ වූ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහල් රැසක ප්‍රතිකාර සේවා, ඖෂධ නිකුත් කිරීම, රසායනාගාර සේවා, විකිරණ පරීක්ෂණ ඇතුළු අංශ රැසක රෝගී සත්කාරක සේවා අඩාල විය.

සෞඛ්‍ය බලධාරීන් මෙම ගැටළු විසදීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිය ඉල්ලීම් පිළිබද සළකා බැලීමට ජනාධිපතිවරයාට  සහ අග්‍රාමාත්‍යවරයාට මැදිහත් වන ලෙසයි වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිති ඉල්ලීමක් කර ඇතැයිද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.
වර්ජනය නිසා ලංකාවේ හැම රෝහලකම දහස් ගණනින් අසරණභාවයට පත්ව ඇති බැව් වාර්තා වේ.
සායන සදහා පැමිණි රෝගින් අවැසි වාර්තා ලබාගැනිමටද මේ අයට නොහැකි වි තිබේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රය අර්බුදයක ! වෘත්තිය සමිති 10ක් වැඩවර්ජනයක ..

0

ඉල්ලීම් 14 ක් මුල් කරගනිමින්, සෞඛ්‍ය වෘත්තිය සමිති 10ක් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත සිටිති

පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේ, හෙද පරිපූරක වෛද්‍ය සේවාවන්ගේ පොදු ඉල්ලීම් සඳහා විසඳුම් ලබා දීමේදී රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය හිතාමතාම බෙදීම් ඇති කිරීම හේතුවෙන් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ ව තිබුණි

සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, අද උදෑසන 8.00 ට ආරම්භ වූ වර්ජනය ඉල්ලීම් ඉටුවන තුරු ක්‍රියාක්මක විමට නියමිත බවය
රජය වෘත්තිය භාවයකින් තොරව සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ අයගේ ප්‍රශ්ණ විසදිමට ගනු ලබන ක්‍රියාමාර්ග නිසා පැන නගින මෙවැනි වෘත්තිය ක්‍රියාමාර්ග නිසා අසරණ වන්නේ රෝහල් කරා ඇදෙන සමාන්‍ය ජනතාවය

කාකු පිහාටු දේශපාලනය මාධ්‍යට: හඩ්සන් සමරසිංහට රේඩියෝව බාරදෙයි!

0

ඡායාරූපය: මානව හිමිකම් ක්‍රියාකාරිනී නිමල්කා ප්‍රනාන්දු මරා දැමිය යුතු අන්දම ගුවන් විදුලිය මගින් සාකච්ජා කළ හඩිසන් සමරසිංහගේ “රට යන අත” වැඩ සටහනට එරෙහිව 2014 ජනවාරි 02දා පැවැති උද්ඝෝෂනයේ අවස්ථාවක්.

ප්‍රතිරූප ගොඩ නගා ගැනිම සඳහා ආතක් පාතක් නැතිව හිස හැරුණූ හැරුණු අතේ දුවමින් සිටින රාජපක්ෂවරු දැන් තමන්ගේ ගුවන් විදුලිය, ජනමාධ්‍ය ආචාර ධර්ම තුට්ටුවකට නොසළකන හඩ්සන් සමරසිංහට බාර දී තිබේ.

සිය ප්‍රතිරූපයට සුදුහුණු ගාවා ගැනීමේ මාධ්‍ය මෙහෙයුමක  යෙදී සිටින රාජපක්ෂවරුන්ගේ අලුත්ම තුරුම්පුව වී ඇත්තේ මේ හඩ්සන් සමරසිංහය.

ඔහුට රේඩියෝව බාරදීම ජොන්ස්ටන්  ප්‍රනාන්දුගේ කාකු පිහාටු එල්ලීමේ මර්දන න්‍යාය ජනමාධ්‍ය කරා ගෙන ඒමක් යැයි ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත අදහස් දැක්වූ මානව හිමිකම් ක්‍රියාකාරිනියක කීවාය.

හඩ්සන් සමරසිංහ

වාචාල කථිකත්වයක් සහිත සමරසිංහ තර්ජන දේශපාලනයේ  දක්ෂ සංනිවේදකයෙකි.

රාජපක්ෂවරුන් විසින් මෙම පියවර ගෙන ඇත්තේ තමන් ශ්‍රී ලංකාවෙහි වාර්ගින සහජීවනය පිනිස කටයුතු කරමින් සිටින බව, ජීඑස්පී+ දිගටම පවත්වා ගැනීමේ අරමුනින් යුරෝපා සංගමයට දැනුම් දීමත් සමඟමය.

පසුගිය දා ශ්‍රී ලංකාවට ලබා දෙන ජීඑස්පී ප්ලස් සහනය තව දුරටත් ලබා දිය යුතුද යන්න සම්බන්දයෙන් යුරෝපා සංගමය සම්මත කළ යෝජනාවෙහි එක් නිෂේධාත්මක වර්ධනයක් ලෙස දක්වා තිබුණේ දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන්ට එරෙහිව වෛර ප්‍රචාර ඉහළ යෑමයි.

ඊට ප්‍රතිචාරයක් ලෙස රාජපක්ෂවරු දැන් සිය ගුවන් විදුලිය බාර දී ඇත්තේ වර්ගවාදී වෛර ප්‍රචාරකයකු ලෙස චෝදනා ලබා ඇති පුද්ගලයකුටය.

රාජපක්ෂ සමයෙහි “රට යන අත” නමින් උදෑසන වැඩසටහනක් මෙහෙයවූ සමරසිංහ එම කාලය රටෙහි මානව හිමිකම් සිවිල් සමාජයට, දෙමළ සහ මුස්ලිම් ජන පිරිස්වලට එරෙහි වෛර ප්‍රකාශ සඳහා යොදා ගත්තේය.

වරක් එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහු එකල සිය පොස්ටරවල ලියා ගත්තේ “පුංචි ප්‍රේමදාස” කියාය.

යුද්ධ සමයේ සහ පශ්චාත් යුද්ධ සමයෙහි ඔහු යුදවාදී ප්‍රචාරකයකු විය.

හඩ්සන් සමරසිංහගේ වෛර සමාජ භාවිතාව සම්බන්ධ එක් උදාහරණයක් මෙසේය:

2013 නොවැම්බර් 04  වන දින ඔහුගේ “රට යන අත වැඩසටහන” මගින් මානව හිමිකම් ක්‍රියාකාරිනියක  වන නිමල්කා ප්‍රනාන්දු ඝාතනය කිරීමේ සැලසුම් ප්‍රසිද්ධියේ, සජීවී ව ප්‍රචාරය කරන ලදී.  “රට යන අත” වැඩසටහනට දුරකථන ඇමතුම් ලබා දෙමින් එහි පාඨකයන් යැයි කියා ගත් පිරිස් විසින් නිමල්කා ප්‍රනාන්දු ඝාතනය කළ යුත්තේ කෙසේ ද? ඝාතනය කළ යුත්තේ ඇයි? යන්න මෙන්ම ඇයට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදු කරමින් පැය ගණනාවක් එම වැඩසටහන පවත්වා ගන්නා ලදී.  ඇය මරා දැමිය යුතු බවට අදහස් පළ කරල පිරිස් අතුරින් බොහෝ දෙනෙකු තමන් හඳුන්වා ගත්තේ යුද හමුදා සාමාජිකයින් ලෙස ය.

එකී වෛරී ප්‍රකාශයන් හෙළා දකිමින් පසුගිය  2014 ජනවාරි 02 දා  සවස ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට පවත්වන ලද විරෝධය අවස්ථාවෙහි පොලීසියේ සහය ඇතිව එම ස්ථානයට පැමිණි මැරයින් පිරිසක් විසින් හු කියමින්, විවිධ අසබ්‍ය වචන කියමින් පැමිණ සිටි ස්ත්‍රීන් හිංසනයට පත් කරන ලදී. එළෙස පැමිණි මැරයින් ගුවන් විදුලි සංස්ථා සේවකයින් බවට චෝදනා එල්ල විය.

දැන් රාජපක්ෂවරුන්ගේ අලුත්ම ප්‍රචාරක තුරුම්පුව එවැනි අපකීර්තිමත් ඉතිහාසයක් සහිත හඩ්සන් සමරසිංහය.

ජනාධිපති ප්‍රේමදාස, ජනාධිපතිනි  කුමාරතුංග සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ සමයන්හි  ගුවන් විදුලි සංස්ථාවෙහි සභාපති ලෙස පත් සමරසිංහ කටයුතු කර තිබේ.

සේ. පියවර්ධන විසිනි. ©SLB

ප්‍රබල ක්‍රිකට් තරු 10ක් ජෛව ආරක්ෂිත බුබුලකට

0

එළඹෙන ජූලි 13 වැනිදා ආරම්භ වීමට නියමිත ඉන්දීය තරගාවලිය අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 10 දෙනෙකු කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක ඇති ජෛව ආරක්ෂිත බුබුලකට ඇතුළත් කර තිබෙන බව වාර්තා වනවා.

ඉන්දියාව සමඟ පැවැත්වෙන එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා මූලික සංචිතයට ඇතුළත් කිරීමේ අරමුණ ඇතිව ඔවුන්ව මෙලෙස ජෛව ආරක්ෂිත බුබුලකට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

බුබුලට ඇතුළත් වීම සඳහා හිටපු  ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයින් වන දිමුත් කරුණාරත්නට සහ ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් හට මෙතෙක් ඇරයුම් කර නොමැති බව ද වාර්තා වෙනවා.

ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ කිසිදු ක්‍රීඩකයෙකු මෙම ක්‍රීඩකයින් 10 දෙනා අතරට ඇතුළත්ව නොමැති වීම විශේෂත්වයක් වෙනවා.

අශාන් ප්‍රියන්ජන්, අසේල ගුණරත්න, ඇන්ජලෝ පෙරේරා, සඳුන් වීරක්කොඩි, මිලින්ද සිරිවර්ධන, ඩිල්ෂාන් මුණවීර, චතුරංග ද සිල්වා, රොෂේන් සිල්වා, ප්‍රභාත් ජයසූරිය සහ ලහිරු මධුෂංක යන ක්‍රීඩකයින් දැනට ජෛව ආරක්ෂිත බුබුලකට ඇතුළත් කර ඇති ක්‍රීඩකයින් වෙනවා.

මෙම තරගාවලියේ ICC සුපර් ලීගයේ එක්දින තරග තුන ජූලි 13, 16 සහ 18 යන දිනවල දී පැවැත්වෙන අතර විස්සයි විස්ස තරග තුන පැවැත්වෙන්නේ ජූලි 21, 23 සහ 25 යන දිනවල දීයි. ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ කිසිදු ප්‍රේක්ෂක සහභාගීත්වයක් නොමැතිව පැවැත්වෙන මෙම තරගාවලියේ සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී

ශ්‍රී ලංකා – ඉන්දීය තරග කාලසටහන

පළමු එක්දින තරගය – ජූලි 13

දෙවැනි එක්දින තරගය – ජූලි 16

තුන්වැනි එක්දින තරගය – ජූලි 18

පළමු විස්සයි විස්ස තරගය – ජූලි 21

දෙවැනි විස්සයි විස්ස තරගය – ජූලි 23

තුන්වැනි විස්සයි විස්ස තරගය – ජූලි 25

තරග සියල්ලම කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන අතර එක්දින තරග තුන දිවා/රාත්‍රි තරග ලෙසත් (පස්වරු 2.30 සිට), විස්සයි විස්ස තරග රාත්‍රි තරග (පස්වරු 7 සිට) පැවැත්වෙනවා.

මේ තරග සියල්ල ප්‍රේක්ෂකයින් නොමැතිව ජෛව ආරක්ෂිත පරිසරයක් (Bio-Secure Environment) තුල පැවැත්වෙන අතර නවීකරණය කරන ලද කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වෙන්නේ වසර දෙකකට ආසන්න කාලයකට පසුව වීමත් විශේෂත්වයක්.
thePapare.com

ගුරු සංගමයෙන් මඩකලපුවේ මානව හිමිකම් කාර්යාලයට පැමිණිල්ලක් !

0

කෝවිඞ් 19 වසංගත තත්වය තුළ කඩා වැටුණු පාසල් අධ්‍යාපනය පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු නොකිරීම තුළ 60% ක් පමණ දරුවන්ට වසරකුත් මාස 3 කට වැඩි කාලයක් අධ්‍යාපනය මුළුමනින්ම අහිමි වීමට සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය අද (2021.07.01) දින ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මඩකලපුව ප‍්‍රාදේශීය කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

ගර්භණි මව්වරුන් 12 ක් කොරෝනා වසංගතයට බිලිවෙති

0

ගර්භනී මවුවරුන් දොළොස් දෙනෙකු කොරෝනා වැළඳීමෙන් මේදක්වා මියගොස් ඇතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පසුගියදා පවසා තිබුණි.මෙය බරපතළ තත්වයක් බවද රාජ්‍ය ඇමතිවරිය පැවසුවාය

මේ අතර ගර්භණී මවුවරුන් සහ කිරි දෙන මවුවරුන් දෙසියකට ආසන්න පිරිසකට කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරු වී තිබෙන බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.ගර්භනී මව්වරුන්ට කොරෝනා එන්නත වෛද්‍ය නිර්දේශයන්ට යටත්ව ලබාදීමටද සෞඛ්‍ය අංශ ප්‍රධානීහූ පසුගියදා තීරණය කළහ.