Tuesday, September 24, 2024
Home Blog Page 38

නිසි ක්‍රියාමාර්ග නොගත්තොත් ලබන වසරේ රටම බඩගින්නේ ?

0

විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කතා නොකලොත් ලබන වසරේ මැද වන විට රටේ බඩගින්න මෙන්ම විරැකියාව වැඩිවීම වළක්වා ගන්නට නොහැකි වනු ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (14) පැවසු බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.

මූල්‍ය අරමුදලෙන් පිනට ලැබුණ ඩොලර් කෝටි 80 ක මුදල අර්බුදයෙන් මිදීමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බව කී වික්‍රමසිංහ මහතා මහ බැංකුව සහ භාණ්ඩාගාරය ක්‍රියා කළ යුත්තේ පාර්ලිමේන්තුවට යටත්ව හෙයින් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීමට තමා ක්‍රියා කරන බවද වැඩිදුරටත් ඒම පුවතේ සදහන්ය.

“ගැහැණු ළමයින් විකුණන්න එපා” මඩකලපුවේ විරෝධතා ..

0

ළමා අපයෝජනයට එරෙහි දැනුවත් කිරීමේ විරෝධතා ව්‍යාපාරයක් අද (13) උදෑසන පැවැත්විණි. මඩකලපුවේ දිස්ත්‍රික් කාන්තා ජාලය විසින් මඩකලපුවේ චෙන්කලාඩි මංසන්ධියේදි මෙම විරෝධතා ව්‍යාපාරයක් පවත්වන ලදී. . ඔවුන් “ගැහැණු ළමයින් විකුණන්න එපා, ගැහැණු ළමයින් විකුණන්න එපා, එය ඔබේ මාතෘත්වය, ගැහැණු ළමයින් දූෂණය නොකරන්න, වින්දිතයාට යුක්තිය ඉටු කිරීමට උදව් කරන්න” වැනි සටන් පාඨ සහිත බැනර් ප්‍රදර්ශණය කරමින් මෙම කාන්තා ක්‍රියාකාරිණියන් පිරිස මෙම විරෝධතාව දක්ව තිබුණි.
විරෝධතාවයෙන් පසුව ඔවුන් මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගොස් ඔවුන්ගේ ඉල්ලීම ඇතුළත් ලිපිය රජයේ නියෝජිතයාට භාර දිමට පියවර ගත්හ.

කෝවිඩ් මුවාවෙන් සමිති නායක මර්දනය හෙලා දකිමින් කඳුකරයේ විරෝධතා

0
pinterest sharing button
messenger sharing button

නීති විරෝධි ලෙස වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීම ඇතුළු ජනතාව පීඩාවට පත් කරන වැඩ පිළිවෙල නතර කරන ලෙස ආණ්ඩුවට බලකරමින් කඳුකරයේදී  විරෝධතාවක් දියත් කර තිබේ. මස්කෙළිය ප්‍රදේශිය සභාව ඉදිරිපිට ජුලි 12 සදුදා පෙරවරුවේ ප්‍රදේශිය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් විරෝධතා පුවරු  ද ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය  දියත් කළ බවයි පළාත් බද වාර්තාකරුවන්  පවසන්නේ.   ජනතාවගේ අයිතීන් දිනා දීම වෙනුවෙන් සටන් කරන වෘත්තිය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීම වහාම නතර කරන ලෙස රජයට බල කර ඇති ඔවුන් වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ ජනතාව වෙනුවෙන් තොරතුරු වාර්තාකරණයේ යෙදෙන ජන මාධ්‍යට එරෙහි මර්දනය ද නතර කරන ලෙසයි.   මාධ්‍ය නිදහස ආරක්ෂා කරන ලෙසද ඔවුන් රජයෙන් ඉල්ලා තිබේ.    

                                     රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීම නිසා වතුකරයේ ජනතාව මහත් පීඩාවට පත්ව සිටින බව පෙන්වා දෙන ප්‍රාදේශිය පාලකයන් රජයෙන් තව දුරටත් ඉල්ලා ඇත්තේ ඉන්ධන මිළ මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ මිලද වහාම අඩු කරන ලෙසයි.   රුපියල් දහස දක්වා ඉහළ දැමු වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වතු හාම්පුතුන් විසින් කප්පාදු කරන  බව පෙන්වා දෙන ඔවුන් ඉල්ලා ඇත්තේ, තේ කම්කරුවන්ට දෛනික වැටුප රුපියල් දහස ලබා දීම වෙනුවෙන් මැදිහත් වන ලෙසයි.   වතු කම්කරුවන්ගේ දිනක මුලික වැටුප රුපියල් දහසක් ලෙස පඩිපාලක සභාව මගින් නියම කොට එය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇතත්, වතු සමාගම් විසින් විවිධ අසාධාරණ කොන්දේසි පනවමින් මූලික වැටුප රුපියල් දහස කප්පාදු කිරීමට විරෝධය දක්වමින් පසුගිය කාලය තුලදී වතු කරයේ විරෝධතා රැසක්  දියත් කර තිබුනි.

     theleader.lk  

ඒන්නතට පසුව කටුනායකට පැමිණි සිරින්ජර් තොගය?

0

එන්නත්කරණ කටයුතු සඳහා අවශ්‍ය කෙරෙන සිරින්ජර (SIRINGER) දස ලක්ෂයක තොගයක් චීනයේ සිට මෙරටට අද (13) අළුයම රැගෙන ආ බව ලංකාදිප වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.මේ සිරින්ජර තොගය රැගෙන විත් තිබුණේ චීනයේ ෂැන්හයි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 867 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙනි.පෙට්ටි 536 අසුරා තිබූ මෙම එන්නත් තොගයේ බර කිලෝ ග්‍රාම් 3760ක් පමණ වන බව ඒම පුවතේ වැඩිදුරටත් සදහන්ය.
මෙම සිරින්ජර තොගය පසුව කොළඹට රැගෙන ගිය බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවැසීය .
පසුගිය දිනක ගුවන් යාන 2 ක් යොදාගනිමින් ඒන්නත් මිළියන 2 ක් රැගෙන විත් තිබුණද අදාල බලධාරින් විසින් සිරින්ජර් ගෙන ඒමට අවැසි කටයුතු සම්පාදනය කර නොතිබුණ බව ද ලිඩර් වෙබ් අඩවිය වාර්තා කොට තිබුණි.

මර්ධනයට ඒරෙහිව අනුරාධපුරයේත් විරෝධතා !

0

කොරොනාවට මුවාවි සිදුකරන මර්ධනය හෙලා දකිමින්,මිලිටරි කරණය කර අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට ගෙන එන කොතලාවල පනත හකුලා ගනු. පැහැර ගන්නා ලද වෘත්තීය සමිති නායකයින් නිදහස් කරනු උද්ඝෝෂණය යන ඉල්ලිම් මුල්කොට ගෙන අනුරාධපුර නව නගරයේ දී අද පැවැත්විණි.
වෘත්තීය සමිති ක්‍රියාකාරින් , ආගමික නායකයන් සිවිල් සමාජ ක්‍රියාකාරින් ,ඇතුළු විශාල පිරිසක් මෙම විරෝධාතාවයට ඒක්ව සිටියහ.


.

ශ්‍රිලාංකිකයන් රැගෙන යාමේ ඒමිරේටස් තහනම දිගටම ..

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් තුනක ගුවන් මගීන් රැගෙන යාම තාවකාලිකව අත්හිටුවීමට එමිරේට්ස් ගුවන් සේවය ගෙන තිබූ තීරණය ලබන ලබන 21 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට එම ගුවන් සමාගම තීරණය කර ඇතැයි ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.ඒ අනුව ශ්‍රී ලංකාව, පාකිස්ථානය හා බංග්ලාදේශය යන රටවලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මගීන් රැගෙන යාම 21 තෙක් සිදු නොකෙරෙන බවද එමිරේට්ස් ගුවන් සේවා සමාගම කියා සිටී.

කෙසේ වෙතත් එක්සත් අරාබි එමිර් රාජ්‍යය ජාතිකයින්ට, එමීර් රාජ්‍යයේ වීසා හිමිකම ඇති පුද්ගලයින්ට සහ විදේශ සේවයේ නිරත තානාපති සේවා නිලධාරීන්ට මෙම තහනම බල නොපාන බවද එමිරේට්ස් ගුවන් සේවා සමාගම වැඩිදුරටත් ඒම පුවතේ සදහන්ය.

පවතින කොවිඩ් නව ප්‍රභේද වාර්තා වීම් නිසා පසුගිය සති දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව, පාකිස්ථානය හා බංග්ලාදේශය යන රටවල සංචාරය කළ කිසිදු පුද්ගලයකුට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළුවීමට ද අවසර ලබා නොදීමට එමීර් රජය ගත් තීරණ 15 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.
මුලාශ්‍රය – lankadeepa.lk

online ඉගැන්විමේ ගුරු වර්ජනය දිගටම !

0

අධ්‍යාපනය හමුදාකරණයට ලක්කරන කොතලාවල පණතට විරෝධය පළකළ ගුරු සංගම් නායක ජෝශප් ස්ටාලින් ඇතුළු ක්‍රියාධරයන් වෙත මුදා හළ රාජ්‍ය මර්ධනය හා බලත්කාර නිරෝධායනයට ඒරෙහිව විරෝධය පළකරමින් ගුරුවරුන් සහ විදුහල්පති වරුන් දියත් කළ online පංති වර්ජනය අද දිනයටත් ක්‍රියාත්මකය.
මෙම සිදුවිම හරහා මේ වන විටත් ඒකාබද්ධ විරෝධයන් ඉතාමත් සාර්ථකව දියත් වෙමින් තිබේ.

බලහත්කාරයෙන් නිරෝධායනයට ගෙන යන පිරිස බඩගින්නේ ?

0

සකාලකාර මානව හිමිකම් උල්ලංඝණය කරමින් පොලිසිය විසින් ජෝශප් ස්ටාලින් ඇතුළු විරෝධතාකරුවන් පිරිස නිරෝධායනය සදහා මුලතිව් කරා මේ වන විට රැගෙන යමින් තිබේ.
අධ්‍යපානය පවා හමුදාකරණයට ලක්කිරිමට රජය ගන්නා උත්සාහයට එරෙහිව ඔවුන් අද පාර්ලිමේන්තු වටරවුමේදි උද්ඝෝෂනයක නිරතව සිටියදි අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඇප ලබාදි තිබුණි.
ඇප ලැබුන මේ පිරිස නිති විරෝධි ලෙසින් මුලතිව් කරා නිරෝධායනයට ගෙන යාමට පොලිසිය කටයුතු කර තිබේ
අදින්න ඇදුම් ,හෝ අවශ්‍ය බේත් හෝ කිසිවක් සපයා ගැනිමට කිසිදු ඉඩක් නොදුන් පොලිසිය තිරිසන් ලෙසින් හැසිරෙමින් සිටින ආකාරය ඉතාමත් පිළිකුල් සහගතය.
මිට සුළු මොහොතට පෙර ( 10.30 ට පමණ )අප ජොශප් ස්ටාලින් ඇමතු අවස්ථාවේ ඔහු කියා සිටියේ සියළු දෙනා ඒ වන විටත් බඩගින්නේ බවය.රාත්‍රි ආහාරය ඒ අයට ලබාදිමට කිසිදු වැඩපිළිවෙලක් ඒ වනතුරුත් ක්‍රියාත්මක නැත අතර ඒ වන විට ඔවුන් හලාවත පසුකරමින් සිටින බවය.

මෙම සිදුවිම ගැන ගුරු වෘත්තිය සමිති ක්‍රියාකාරිකයෙකු වන මයුර සේනානායක සිය ෆේස් බුක් පිටුවේ මෙසේ සටහන් කර තිබුණි.

ආණ්ඩුව අද දින පාර්ලිමේන්තු වටරවුමේ පැවති කොතලාවල පනත පනතට එරෙහිව අධ්‍යාපනය වෙනුවෙන් වූ අරගලයට සම්බන්ධ වීම නිසා නිරෝධායන පනත යටතේ අත්අඩංගුවට ගත් තිතුන්දෙනාගෙන් දාහත් දෙනෙක් පොලිසිය විසින් මුදා හැර ජෝසප් ස්ටාලින් සහෝදරයා ඇතුළු ක්‍රියාධරයින් 16 දෙනෙක් නිරෝධායනය සඳහා මුලතිව් බලාගෙන ගෙනගොස් කරන්න හැදුවේ අධ්‍යාපන අරගලය මොට කිරීමට නම් එය කිසිසේත් සිදු නොවන බව කිව යුතුයි .


ජෝශප් ඇතුළු පිරිසට ඇප ! නිරෝධායනයට යැවිමට පොලිසියේ සුදානමක් .

0

කොවිඩ් වලට මුවාවි විරෝධතා දැක්විමේ අයිතිය උදුරා ගත් පොලිසිය ගුරු සංගම් නායක ජෝශප් ස්ටාලින් ඇතුළු ක්‍රියාකාරින් පිරිසක් අද දවල් අත්අඩංගුවට ගෙන තිබුණි.
මිට ටික වෙලාවකට පෙර අත්අඩංගුවට ගත් පිරිසට ඇප ලැබි තිබුණද වාර්තා වන අන්දමට ඒ පිරිස නිරෝධායනයට යැවිම සදහා මේ වන විට පොලිසිය සුදානම් කටයුතු කරමින් සිටි

කොවිඩ්වලට මුවා වි ජනතා අයිතින් මර්ධනය කිරිමට එරෙහිව නඩුමඟට ..

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් පොලිස්පතිවරයා වෙත සිදුකර ඇති දැනුම්දීමක් පදනම් කරගනිමින් යැයි පවසමින් පොලිසිය විසින් නිකුත් කර ඇති ලිපියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන බව නීතීඥ සුනිල් වටගල පවසන බව ලංකා ටෲත් වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ

ඔහු මේ බව සඳහන් කර සිටියේ පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී මේ වනවිට (07/08) පැවැත්වෙන ජාතික ජන බලවේගයේ නීතිඥයින්ගේ මාධ්‍ය හමුවේදීය.

මෙම මාධ්‍ය හමුව සඳහා මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති ගසාලි හුසේන්, නීතීඥ උපුල් කුමරප්පෙරුම, මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ, නීතීඥ විමලා සිරිවර්ධන ඇතුළු පිරිසක් එක්වී සිටියහ.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් අද කුරුණෑගලදි සංවිධානය කර තිබුණ විරෝධතාවයක් අතරේ උසාවි නියෝගයක්ද අතැතිව පැමිණි පොලිස් නිළධාරියෙකුට ජවිපෙ ගොවි නායක නාමල් විසින් කියා සිටියේ ඔය සියළු නියෝග ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවට යටත් බවය.
ඒ අනුව විරෝධතා දැක්විමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති අයුරු නාමල් කරුණාරත්න විසින් අදාල පොලිස් නිළධාරියාට පැහැදිලි කිරිමෙන් අනතුරුව නිරෝධායන නිතියට ගරු කරමින් විරෝධතාවය පවත්වන ලෙස කියමින් ඒ පොලිස් නිලධාරි ආපසු හැරි ගොස් තිබුණි