විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කතා නොකලොත් ලබන වසරේ මැද වන විට රටේ බඩගින්න මෙන්ම විරැකියාව වැඩිවීම වළක්වා ගන්නට නොහැකි වනු ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (14) පැවසු බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.
මූල්‍ය අරමුදලෙන් පිනට ලැබුණ ඩොලර් කෝටි 80 ක මුදල අර්බුදයෙන් මිදීමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බව කී වික්‍රමසිංහ මහතා මහ බැංකුව සහ භාණ්ඩාගාරය ක්‍රියා කළ යුත්තේ පාර්ලිමේන්තුවට යටත්ව හෙයින් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීමට තමා ක්‍රියා කරන බවද වැඩිදුරටත් ඒම පුවතේ සදහන්ය.





රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීම නිසා වතුකරයේ ජනතාව මහත් පීඩාවට පත්ව සිටින බව පෙන්වා දෙන ප්‍රාදේශිය පාලකයන් රජයෙන් තව දුරටත් ඉල්ලා ඇත්තේ ඉන්ධන මිළ මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ මිලද වහාම අඩු කරන ලෙසයි. රුපියල් දහස දක්වා ඉහළ දැමු වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වතු හාම්පුතුන් විසින් කප්පාදු කරන බව පෙන්වා දෙන ඔවුන් ඉල්ලා ඇත්තේ, තේ කම්කරුවන්ට දෛනික වැටුප රුපියල් දහස ලබා දීම වෙනුවෙන් මැදිහත් වන ලෙසයි. වතු කම්කරුවන්ගේ දිනක මුලික වැටුප රුපියල් දහසක් ලෙස පඩිපාලක සභාව මගින් නියම කොට එය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇතත්, වතු සමාගම් විසින් විවිධ අසාධාරණ කොන්දේසි පනවමින් මූලික වැටුප රුපියල් දහස කප්පාදු කිරීමට විරෝධය දක්වමින් පසුගිය කාලය තුලදී වතු කරයේ විරෝධතා රැසක් දියත් කර තිබුනි.



