Tuesday, September 24, 2024
Home Blog Page 37

රිෂාඩ්ගේ බිරිඳ අත්අඩංගුවට !

0

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේදී දැරියක් පිළිස්සී මියගිය සිද්ධියට අදාළව මන්ත්‍රීවරයාගේ බිරිඳ, ඇයගේ පියා සහ දැරිය රැගෙන ආ තැරැව්කරු අත්අඩංගුවට ගෙන ඇති බව ada.lkවෙබ් අඩවිය වාර්තා කොට තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඒ බව සඳහන් කර ඇතැයිද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.
ගිනි තබාගැනිමෙන් පිලිස්සුම් තුවාල සහිතව පසුගියදා මිය ගිය දැරියට යුක්තිය ඉටුකරන ලෙස උද්ඝෝෂණ කිපයක්ම විවිධ ප්‍රදේශවලදි සංවිධානය කර තිබුණි.

ඇමති සාකච්ජා අසාර්ථකයි ! ගුරු විදුහල්පති සටන දිගටම …

0

අධ්‍යාපන ඇමති තුමා ඇතුළු පිරිස සමග වෘත්තීය සමිති අද 2021.07.20 වන දින පැවති සාකච්ඡා විසදුමකින් තොරව අවසන් වු බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සිය ෆේස් බුක් පිටු‌වේ සටහනක් තබමින් සදහන් කොට තිබේ.
ගුරු විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දිගටම. 2021.07.22.කොළඹදී දැවැන්ත විරෝධතාවක් එක් වෙමු. ජයග්‍රහණය දක්වා අරගලය ඉදිරියටම. යනුයෙන්ද ඒහි සටහන් තබා තිබේ.

ගුරු විදුහල්පති ඔන්ලයින් වර්ජනයට අදට දින 6 ක් !

0

අධ්‍යාපනය හමුදාකරණයකට ලක්කිරිමට රජය ගන්නා උත්සාහයට විරෝධය පළකරමින් ගුරු විදුහල්පති වෘත්තිය සංගම් ,ශිෂ්‍ය හා බහුජන සංවිධාන විසින් දියත් කරන්නට යෙදුන විරෝධතාවයන් හිදි අනිතික ලෙසින් වෘත්තිය සමිති ක්‍රියාකාරින් අත්අඩංගුවට ගැනිම තවත් ඉල්ලිම් කිපයක් මුල්කර ගනිමින් ඇරඹි මර්ධනයට විරෝධය පළකරමින් ඔන්ලයින් මගින් ඉගැන්විම නවතා දැමිමට ගුරුවරුන් තිරණය කොට අදට දින 6 කි.
සිය ඉල්ලිම් දිනාගැනිම සදහා අරගලය දිගටම ගෙන යන බව රජය විසින් නිදහස් කරන්නට යෙදුන ජෝශප් ස්ටාලින් ඇතුළු පිරිස මුලතිව් සිට මාධ්‍ය හමුවේ කියා සිටියේය .

රාජපක්ෂ පාලනයේ මර්ධනයට ඒරෙහිව ජිනිවා නුවරත් විරෝධතා !

0

රාජපක්ෂ පාලනය විසින් දියත් කර ඇති දැවැන්ත මර්ධනයට ඒරෙහිව ලංකාව තුල දිනපතා විරෝධතා පැවැත්වෙමින් තිබියදි මේ වන විට ලංකාවෙන් පිටතදි මේ මර්ධනයට ඒරෙහිව විරෝධතා ඇරඹේ තිබේ.
අද පෙරවරුවේ ජිනිවා නුවර ඒක්සත් ජාතින් මානව හිමිකම් කාර්යාලය අසලට ගිය ශ්‍රිලංකිකයන් කිපදෙනෙකු සහ විදේශ සමාජ ක්‍රියාකාරින පුවරු අල්ලාගෙන සිය විරෝධය පළකොට තිබුණි.
ස්විස්ටර්ලන්තයේ වෙසෙන ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු වන සුනන්ද දේශප්‍රිය මෙන්ම සටන්කාමි වෘත්තිය සමිති ක්‍රියාකාරිකයෙකු වන සරත් මද්දුමගේද මේ විරෝධාතවයට ඒක්ව සිටියේය .

මර්ධනයට ඒරෙහි ගුරු විදුහල්පති අරගලය පොලොන්නරුවටත් !

0

රාජපක්ෂ පාලනය විසින් දියත් කර ඇති මර්ධනයට ඒරෙහිව රටපුරා දැන් දිනපතා විරෝධතා දියත් වෙමින් තිබේ.මෑත ඉතිහාසයේ පළමු වරට ගුරු විදුහල්පති ඒකාබද්ධ අරගල ඉතාමත් උද්යෝගිමත් ලෙසින් ක්‍රියාත්මක වෙමින් තිබේ.
මර්ධනයට ඒරෙහිව දැවැන්ත පාගමනක් අද පොලොන්නරුව නගරය තුලද සංවිධානය කර තිබුණි.
ගුරු සංගම් නායකයන්, හා සිවිල් ක්‍රියාධරයන් මේ විරෝධතාවයට ඒක්ව සිටියහ.

වගාවන් විනාශ වීමට පෙර සුදුසු පොහොර ලබා දෙනු !දකුණේ විරෝධතා…..

0

වගාවන් විනාශ වීමට පෙර සුදුසු පොහොර ලබා දෙනු..!ප්‍රදේශයේ ගොවි මහතුන්ගේ සහභාගිත්වයෙන් කුඩා තේ වතු හිමියන්ගේ ජාතික මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් කළුබෝවිටියන නගරයේදි අද (16) උදෑසන උද්ඝෝෂණය පැවත්විණි.
රජය විසින් ගනු ලැබ ඇති කඩිමුඩි තිරණ නිසා මේ වන විට රටපුරා ගොවියෝ දැවැන්ත අර්බුදයකට මුහුණ දි සිටිති.

රාජ්‍ය මර්ධනයට ඒරෙහිව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා !

0

රාජපක්ෂ පාලනය විසින් දියත් කර ඇති මර්ධනයට ඒරෙහිව අදත් කොළඹදි විරෝධාතාවයක් පැවත්වේ.
නිති විරෝධි ලෙසින් අත්අඩංගුවට ගැනිම සහ ඇප ලැබු වෘත්තිය සමිති නායකයන් සහ ක්‍රියාධරයන්ව බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් නිරෝධායනයට ලක්කිරිමට ඒරෙහිව ජනාධිපතිවරයා ඒට පෙත්සමක් භාර දිමට දේශපාලන සහ සමාජ ක්‍රියාධරයන් විශාල පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයට ඒක්ව සිටිති.
ආණ්ඩුවේ මර්ධනයට ඒරෙහි වෘත්තිය හා බහුජන සංවිධාන ඒකමුතුව විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබේ.

මත්රකුසාගෙන් සිය දරුවන් බේරාදෙන ලෙස ඉල්ලා මව්වරු විරෝධතාවයක …

0

නැගෙනහිර වාලච්චේන ප්‍රදේශයේ මව්වරුන්ගේ මුලිකත්වයෙන් ඊයේ දිනයේ විරෝධාතාවයක් සංවිධානය වි තිබුණි. ඒ් ප්‍රදේශය පුරා පැතිර යන මත්ද්‍රව්‍ය උවදුරට ඒරෙහිවය.
මඩකලපු කොළඹ ප්‍රධාන මාර්ගය අසල මෙම විරෝධතාවය පවත්වා තිබුණි.
ප්‍රදේශයට ඇතුලු වන විදේශකයන් නිසා කොරෝනා උවදුරු යළිත් පැතිර යාමේ අවදානම ගැනද මෙම විරෝධතාකරුවෝ පොලිසිය කරුණු ඉදිරිපත් කර තිබුණි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් නිරෝධායනයට !

0

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් නිවෙස් නිරෝධායනයට යොමු කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන බව නිව්ස්වයර් වෙබ් අඩවිය සදහන් කර තිබේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ කාර්යාලයේ සේවය කරන අයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීම හේතුවෙන් එලෙස ඔහු නිවෙස් නිරෝධායනය සඳහා යොමු කොට තිබුණි.

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති බවය වැඩිදුරටත් ඒම පුවතේ සදහන්ය.

වල් අලි ප්‍රහාරයකින් තුවාල ලැබු පුද්ගලයෙකු මඩකලපුව රෝහලට ඇතුලත් කෙරේ.

0

මඩකලපුව දිස්ත්‍රික්කයේ බෝරාතිව් ප්‍රදේශයේ තිකෝඩයි 50 නිවාස යෝජනා ක්‍රමයේ අද(14) උදෑසන වන අලියෙකු විසින් පහර දීම හේතුවෙන් සිව්දරු පියෙකු වන රෝහල් කර තිබේ.
47 හැවිරිදි ගණපතිපිල්ලෙයි සිවප්‍රකාසම් පාන්දර 5.30 ට පමණ අවදි වී වල් අලියෙකුගේ පහරකට ලක්ව තිබුනේ ගඩොල් කපන ස්ථානයක නිදාගෙන සිටියදිය.
පහරකෑමට ලක්වූ පුද්ගලයා කළුවන්චිකුඩි මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුවේ ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ.

මේ අතර, පසුගිය වසර 18 ක කාලය තුළ තම ගම ආක්‍රමණය කළ වල් අලි ඇතුන්ට එරෙහිව දේශපාලකයන් හෝ අදාළ බලධාරීන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ගම්වාසීන් චෝදනා කරති.