Tuesday, September 24, 2024
Home Blog Page 36

ඩෙල්ටා පැතිර යයි ! කොළඹ ජාතික රෝහලේ කොරෝනා වාට්ටු පිරෙයි !

0

කොළඹ ජාතික රෝහලේ කොවිඩ් – 19 ආසාදිතයන් ප්‍රතිකාර ගන්නා වාට්ටු සියල්ලම ආසාදිතයන්ගෙන් පිරී ගොස් ඇති අතර දැඩි සත්කාර ඒකකවල ධාරිතාවයද අවසන් වි ඇතැයි වාර්තා වේ ..
කොවිඩ් – 19 ආසාදිතයන් 250 දෙනකු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පැවැසේ
මේ අතර සෞඛ්‍ය මේ වනවිටත් අනතුරු අගවා ඇත්තේ ලංකාවේ සැම දිස්ත්‍රික්කයම ඩෙල්ටා රෝගින් සිටිය හැකි බවය. දැනටමත් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වු රෝගින් 68 දෙනෙකු හදුනාගෙන ඇතැයි පසුගියදා මාධ්‍ය විසින් වාර්තා කර තිබුණ අතර මෙම රෝගීන් බස්නාහිර ,දකුණ, උතුර සහ නැගෙනහිර යන පළාත්වලින් වාර්තා වි තිබේ.

තවත් කොරෝනා මරණ 48 ක් !මුළු ගණන 4147 ක් !

0

ජුලි 25 වනදා සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 48 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් සනාථ කර ඇති අතර ඒ් අනුව මිය ගොස් ඇති මුළු ගණන 4,147 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවට අනුව මියගිය අය අතර කාන්තාවන් 18 ක් සහ පිරිමින් 30 ක් සිටිති.මිය ගොස් ඇති අයගෙන් 36 දෙනෙකුම වයස අවුරුදු 60 වැඩි අය විමද විශේෂත්වයකි.
පසුගිය කාලය පුරාම දිනකට කොරෝනා මරණ ගණන දිනකට 40 ක්ද ඉක්මවා තිබේ.මේ අයගෙන අති බහුතරයක වයස 60 ක් ඉක්මවා ඇති අය වෙති.
මේ රට තුල විධිමත් එන්නතකරණ වැඩපිළිවෙලක් කල් ඇතිව ක්‍රියාත්මක කිරිමට අදාල බලධාරින් කටයුතු කර තිබුනේ නම් මේ අකාරයෙන් වයස්ගතවුවන්ගේ මරණ ගණන අඩුකරගැනිමට හැකිවිමට ඉඩ තිබුණ බව රජයේ එන්නත්කරණය ගැන දැනට ඉදිරිපත්ව ඇති ප්‍රබලතම විවේචනයකි.

රු.මිලියන 65 ක තවත් කේරල ගංජා තොගයක් උතුරේදි අත්අඩංගුවට …

0

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය කන්කසන්තුරයට උතුරු මුහුදු ප්‍රදේශයේ 2021 ජූලි 25 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 216 ග්‍රෑම් 750 ක පමණ තොගයක් සහ සැකකරුවන් තිදෙනෙක් (03) සමඟ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇතැයි නාවික හමුදාව පවසයි.

කන්කසන්තුරයට උතුරු මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, ගොඩබිම දෙසට පැමිණි සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර සිදු කළ පරික්ෂාවේදී, එම ඩිංගි යාත්‍රාව තුල ගෝනි උර හයක (06) පාර්සල් වශයෙන් අසුරන ලද කේරල ගංජා කිලෝ 216 ග්‍රෑම් 750ක පමණ තොගයක්, සැකකරුවන් තිදෙනෙක් (03) සහ වියළි කහ කිලෝ 19ක පමණ ප්‍රමාණයක්ද සමඟින් එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 65 කට අධික වෙතැයි විශ්වාස කරන අතර, මෙම කේරළ ගංජා තොගය අන්තර් ජාතික මුහුදු සීමාවේදී සැකකරුවන් විසින් ඩිංගි යාත්‍රාවට ලබා ගෙන ගොඩබිමට ගෙන ඒමට උත්සහ කරන්නට ඇතැයි නාවික හමුදාව සැක කෙරේ.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදුකළ මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 ත් 34ත් අතර වයසේ පසුවන කන්කසන්තුරය වළලායි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය කරගත් අතර, එම සැකකරුවන්, කේරළ ගංජා තොගය, වියළි කහ සහ ඩිංගි යාත්‍රාව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කන්කසන්තුරය පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.


මුලාශ්‍රය -navy.lk

හෝටල් සේවකයනුත් මහපාරට ! සැමට එන්නත ලබාදෙන ලෙස ඉල්ලති!

0

හෝටල් සේවකයන්ද ඊයේ දිනයේ මහපාරට පැමිණ කොළඹදි විරෝධතාවයක් දක්වා තිබුණි. ඒ් හෝටල් සේවයේ යෙදි සිටින සැමටද එන්නත ලබාදිමට කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ඉල්ලමිනි. එමෙන්ම කොරෝනා නිසා හෝටල් සේවකයන්ද පත්ව ඇති තත්වය සලකා ඔවුන්ටද අවම වශයෙන් රු 15000 ක මුදලක් ලබාදෙන ලෙසද ඔවුන් ඉල්ලා සිටිති.

ලිබර්ටි ප්ලාසා සාප්පු සංකීර්ණය වසා දැමේ !

0

COVID-19 ආසදිතයන් කිහිප දෙනෙකු හඳුනා ගැනීමත් සමගින් කොල්ලුපිටියේ ලිබර්ටි ප්ලාසා සාප්පු සංකීර්ණය වසා දමා ඇති බව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) පවසා ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
MOH ට අනුව, මුලදී ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකු වෛරසය ආසාදනය වී ඇති අතර වෙළඳසැල් කිහිපයක සේවය කරන තවත් සේවකයින් කිහිප දෙනෙකු PCR පරීක්ෂණවලින් පසු COVID-19 ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

සෞඛ්‍ය බලධාරීන් සාප්පු හිමියන්ට දැනුම් දී ඇත්තේ නිරෝධායනය සඳහා ආසාදිතයින්ගේ පළමු සම්බන්ධතා යැවීමෙන් පසුව සාප්පු සංකීර්ණය ක්‍රියාත්මක කළ හැකි බවය.

සාප්පු සංකීර්ණය තුළ අවම වශයෙන් කොරෝනා ආසදිත රෝගීන් 20 දෙනෙකු වත් වාර්තාවි ඇතැයි සෞඛ්‍ය බලධාරින් කියා සිටි..
මේ අතර, ලිබර්ටි ප්ලාසා කළමනාකරණ කවුන්සිලය පැවසුවේ පළමු සම්බන්ධතා නිරෝධායනය සඳහා යවා ඇතැයි කියාය.

යළි අවදානමක් !- කැබිනට් රැස්වීම සුම් එකෙන් පමණයි

0
messenger sharing button

අද (ජුලි 26) සවස පැවැත්වෙන කැබිනට් රැස්වීම සුම් තාක්ෂනය ඔස්සේ පැවැත්වීමට තීන්දුකර ඇතැයි වාර්තාවේ. ජනාධිපති කාර්යාලයේ නිලධාරියකුට කෝවිඩ් ආසදනයවී ඇති නිසා මෙවැනි පියවරගෙන ඇතැයි පැවසේ.    කැපිටල් මහරාජා සමූහයේ සභාපති ආර්. රාජමහේන්ද්‍රන් කෝවිඩ් මර්ධන එන්නත් මාත්‍රා දෙකම ගෙන තිබියදීත්  කෝවිඩ් අසාදනයෙන් මියයාමේ සිද්ධියෙන් පසු වයෝවෘද කැබිනට් ඇමතිවරුන් කිසියම් තැතිගැන්මකට ලක්ව සිටින බවද වාර්තාවේ.   

මේ අතර සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් තවත් පුද්ගලයෙකු කොරෝනා ආසාදිතව මියගොස් තිබේ.   කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇත්තේ 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.   ඔහු වසරක පමණ කාලයක සිට පාදයේ ආබාධයකින් සිටි අයකු වන අතර පසුගිය මැයි 29 දා පළමු මාත්‍රාවක් දෙවෙනි මාත්‍රාව ජුනි 28 වැනිදා ලබාගෙන තිබිණි.   පසුව ඔහුට සෙම වැඩි වීම හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් පසු කරාපිටිය රෝහලට මාරු කර ඒවා තිබිණි.   එහිදී හෙළිව ඇත්තේ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.  

  සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අනතුරු ඇඟවීමක්

iqAjhBokZH9dmMAd3bS55aYMH5Up9Bbm

 විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

    මේ අතර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසන්නේ, මෙරට සෑම දිස්ත්‍රික්කයකම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් සාමාන්‍ය ප්‍රතිශතයක් සිටිය හැකි බවයි. 

  අද (26) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.   මේ අතර ඊයේ දිනයේ වාර්තා වූ දෛනික කොවිඩ් ආසාදිතයින්ගෙන් යම් ප්‍රතිශතයක් ඩෙල්ටා ආසාදිතයින් විය හැකි බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය.  

“මේ වනවිට අඩු වැඩි ඇතිව ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම මේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වු රෝගීන් ඉන්න පුළුවන් කියන නිගමනයට අපි ඇවිත් තියෙනවා. මේ ප්‍රභේදය ඇති රෝගීන් ඉන්න ප්‍රදේශයක මේ රෝගය බෝ වෙන්න අපි ඉඩ තිබ්බොත් වේගයෙන් මේක පැතිරෙන්න පුළුවන්. ඒ නිසා මේ ආසාදිතයින් අවම කරගැනීමට අවශ්‍යයි. මේ ඩෙල්ටා ආසාදිතයින් 68 සාම්පල් ගණනාවකින් ආපු එකක්.    නමුත් ඇත්ත වශයෙන්ම මේ 68ට වඩා විශාල සංඛ්‍යාවක් පරිසරයේ ඉන්නවා කියන එක තමයි ඒකෙන් කියන්නේ. ඊයේ 1,666ක් රෝගීන් වාර්තා වෙනකොට ඒකෙනුත් යම් ප්‍රතිශතයක් මේ ඩෙල්ටා රෝගීන් විය හැකියි. නමුත් ඒ සෑම කෙනෙක්ම ඩෙල්ටා ප්‍රභේදය සඳහා වෙන වෙනම පරීක්ෂා කිරීම කාර්යක්ෂම ක්‍රමවේදයක් නොවන නිසා අපි ඒක කරන්නේ නෑ. ඩෙල්ටා පොකුරු බිහිවෙන්න ඉඩ දෙන්න එපා.”  විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය.
theleader.lk

දිනකට කොරෝනා ආසාදිත ළමුන් 5 ක් රිජ්වේ ආර්යා රෝහලට ..

0

කොවිඩ් -19 ආසාදනය වීමේ ප්‍රවණතාව වැඩි වෙමින් පවතින අතර දිනකට ළමුන් පස් දෙනෙකුට වැඩි පිරිසක් රිජ්වේ ආර්යාව (එල්ආර්එච්) රෝහලට ඇතුළත් කරනු ලබන බව එල්ආර්එච් අධ්‍යක්ෂ ජී. විජේසුරිය මහතා පැවසු බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
සති දෙකකට පමණ පෙර දිනක් තුළ කොවිඩ් -19 සමඟ එක් දරුවෙකු පමණක් එල්ආර්එච් වෙත ඇතුළත් කර ඇති බවත් එය දැන් පහකට වඩා වැඩි වී ඇති බවත් ඔහු පවසා තිබුණි.
කොවිඩ් ආසාදනයෙන් මව්වරුන් ද හඳුනාගෙන ඇති බවත්, ඒ අනුව දිනකට මව්වරුන් හා ළමුන් අටක් හෝ දහයක් රෝහලට ඇතුළත් කරන බවත් වෛද්‍ය විජේසූරිය මහතා පැවසීය.

දින 16 ක් තුල කොරෝනා මරණ 650 !මුළු මරණ ගණන 4054 ක්…

0

මෑත සති කිපය තුල කොරෝනා මරණ 50 ක් වාර්තාවිම ඊයේ දිනයේ සිදුව තිබුණි.මේ අනුව , ශ්‍රී ලංකාවේ සිදු වූ මුළු මරණ සංඛ්‍යාව 4054 දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය දින 16 තුළ කොවිඩ් හේතුවෙන් සමස්ත පුද්ගලයින් 650 කට වැඩි පිරිසක් මියගොස් තිබුණ අතර ඔවුන්ගෙන් බහුතරයක් වයස අවුරුදු 60 ට වැඩි අය සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තා කොට ඇත.

රස්සාවකට රට යනවා නම් ෆයිසර් එන්නත විදගන්න වෙයිද ?

0

දැන් රටපුරාම ලබාදෙමින් ඇත්තේ චීන එන්නතයි . එම එන්නතේ තවත් තොග මෙරටට ලැබිමටද නියමිතය.
තතු එසේ වුවද විදේස් රටවල් රැකියාවන් සඳහා පිටත්ව යන අය විසින් විදගත යුත්තේ කුමන එන්නතද යන්න දැනටමත් කථාබහක් මතුව තිබේ.
ඒ අනුව චිනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් ලබාගෙන ඇතත් ඇතැම් රටවල් වලට ඇතුලු විමට දැනටමත් බාධාව මතුව ඇතැයිද සැලය.
මේ අතර ඇතැම් වීසා අනුමතව විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂිතව සිටින සියලුදෙනාට එම රටවල් පිළිගන්නා කෝවිඩ් මර්දන එන්නත් ලබාදීමට විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පසුගියදා පවසා තිබුණි.

මේ වන විට රටවල් පහළොවකට පමණ රැකියා බලපත්‍ර සහ වීසා අනුමත වූ ලාංකික ශ්‍රමිකයන් 8000කට ආසන්න පිරිසක් එම රටවල් පිළිගන්නා කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටින බව නිව්ස්වයර් වෙබ්අඩවියද සඳහන් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශය අමාත්‍යාංශයේ බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා එම අදහස් පළ කර තිබේ.

ඒ අනුව ඩුබායි, බහරේන්, ජෝර්දාන්, කුවේට්, ලෙබනන්, ඕමාන්, කටාර්, සෞදිඅරාබිය, සීෂෙල්ස්, සිංගප්පූරුව, දකුණුකොරියාව, මාලදිවයින, මැලේසියාව,ඊශ්‍රායලය, සයිප්‍රස් යන රටවලට එම ශ්‍රමිකයන් රැකියා සඳහා යාමට නියමිතය.

එම රටවල් පිළිගන්නා කොවිඩ් මර්දන එන්නත වන්නේ ෆයිසර් එන්නත බැවින් එම ෆයිසර් එන්නත එම විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂිත සියලුදෙනා ට ලබාදීමට කටයුතු කිරීමට සෞඛ්‍ය අමාත්‍යතුමිය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් මෙහි දී සිය එකඟ පළ කර ඇත.

ඒ අනුව ඉදිරි සතියේ දී කොළඹ මධ්‍යස්ථානයක දී එම සියලුමදෙනා ට එම එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමටත් නියමිත පරිදි දෙවැනි එන්නත් මාත්‍රාව ලබා දී ඔවුන්ට ඉදිරි මාස දෙකක් ඇතුළතදී විදේශගත වීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට මෙහි දී අවධානය යොමුව ඇත.

එසේම එම විදේශ රැකියා සඳහා යාමට රැකියා අවස්ථා ලැබ සිටින බොහෝ දෙනෙකු වයස අවුරුදු 30ට අඩු තරුණ තරුණියන්  නිසා ඒ පිළිබඳව විශේෂයෙන් සලකා බලා ඔවුන්ට එම එන්නත ලබා දීමට මෙහි දී සාකච්ඡා කර තිබේ.

කොරෝනා ආසාදිත ගැබිනි කත මිය යයි ! සැත්කමකින් පසු දරුවා බේරා ගැනේ !

0

ඩෙංගු වැළඳී ඉන් සුවය ලැබීමෙන් පසු කොරෝනා ආසාදනය වූ ගැබිනි කාන්තාවක් සිය දරුවා බිහිකිරීමෙන් අනතුරුව කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසන බව ada.lk වෙබ් අඩවිය වාර්තා කොට තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ රාගම තේවත්ත පාරේ පදිංචිව සිටි 36 හැවිරිදි තිදරු මවකි.

ඇයගේ දේහය සම්බන්ධ මරණ පරීක්ෂණය සිදුකළ කරාපිටිය රෝහලේ අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා පවසා තිබුනේ මෙම කාන්තාව, හෝමාගම රෝහලේ සිට පසුගිය 08දා කරාපිටිය රෝහලට ඇතුලත්කර ඇති බවත් , කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අද (22දා) මියගිය බවත්ය.

කාන්තාවගේ කුසේ සිටි මාස 07ක් වයසැති දරුවා සිසේරියන් සැත්කමකින් බිහිකිරීමට හෝමාගම වෛද්‍යවරු කටයුතු කර තිබුන අතර එම දරුවා මේවනවිට කාසල් රෝහලේ ප්‍රතිකාර ලබන බවත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වු බව වැඩිදුරටත් එම පුවතේ සඳහන්ය.

මෙය කොරෝනා නිව්මෝනියාව සමග වකුගඩු ආසාදනය වීම හේතුවෙන් සිදුවූ මාතෘ මරණයක් බව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී. පෙරේරා මහතා සිය වාර්තාවේ සඳහන් කර ඇත.