Tuesday, September 24, 2024
Home Blog Page 35

මංගල…දැන් අපට එල්ලීමට තට්ටක්වත් නැත – මහේෂ් හපුගොඩ

0

 මංගල ජීවත් විය යුතුය. 
සියළු මිනිසුන් ජීවත් විය යුතුය.
සියළු මිනිසුන් ගේ ජීවිතය අමිලය.   
ඒ සියලු මිනිසුන් වෙනුවෙන් වගකීමක් සියලු රජයන්ට ඇත. 
චන්දය දුන් නොදුන් සියළු මිනිසුන් ආරක්ෂා කරන බවට රාජ්‍ය නායකයින් පොරොන්දු දෙන්නේ ඒ නිසාය.   
කාබුල් නුවර ඇමෙරිකන් ගුවන් තට්ටේ එල්ලුන ඇෆ්ගන් කාරයාගේ පවා ජීවිතය වෙනුවෙන් අප සැමටම වගකීමක් ඇත.   
අප දේශපාලනය කරනවා කියන්නේ ඒ නිසාය.   
ඒ ජීවිත වෙනුවෙනි.   
ලෝකය වඩා හොඳ තැනක් කිරීම වෙනුවෙනි.
ඒ වගේම මිනිසුන් තම ජීවිතය කැපකර දේශපාලන කරයි.   
ඒ අනෙක් අයගේ ජීවිත වෙනුවෙනි.    
අනෙකාගේ ජීවිතය වෙනුවෙනි.   
නිදහස වෙනුවෙනි.     
ඇමෙරිකන් ගුවන් යානා තට්ටේ එල්ලුණ මිනිසා පවා සොයන්නට ඇත්තේ නිදහස විය යුතුය.   
පණ එපා කියා තට්ටේ එල්ලෙන්නට ඇත්තේ ඒ නිසා විය යුතුය.   
ඇමෙරිකන් කාරයන් විසින් ම තලේබාන්කරණය කල ඇෆ්ගනිස්තානය අද ඇෆ්ගන් වැසියන් තමන්ගේ ගුවන් හමුදා ගුවන් යානයේ තට්ටේ එල්ලා ඇත.   
මංගල බටහිර නිදහස අගය කළ කෙනෙක් ලෙස ප්‍රකටය.   
නමුත් අද බටහිර අප අත් හරිමින් ඇත. ඔවුන් පසු බසිමින් ඇත.    
අද අපට එල්ලෙන්නට තට්ටක් නැත.
වැලේ වැල් නැත. ජිවිතයද ෂුවර් නැත.   
නැවත අපට එල්ලෙන්නට ඇමෙරිකන් තට්ටක් එන්නේ ද නැත.   
ඒ ෆැන්ටසිය අප අවසන් කළ යුතුව ඇත.  
මංගල…ඔබේ සුව දුක් බැලීමටවත් ඇමෙරිකන් කාරයෙක් එයිදැයි සැක සහිතය.    
දැන් අපේ හිසට අප අත පමණය.   
එයද අන් කිසිදා නොතිබූ රැඩිකල් තත්වයකි.   
ඇත්තටම අවශ්‍ය නම් දැන් මෙතැනින් පටන් ගත හැක.   
හිස් අවකාශයක් යනු නරකම දෙයක් නොවේය.   
ඒ හිස් බව රැඩිකල් හිස් බවකි. පුරවා දැමිය යුතු හිස් බවකි.      
ඇෆ්ගන් වැසියන් බටහිර ලිබරල් අත්දැකීම වෙනුවට මරණය (ජීවිත පරිත්‍යාගය – martyrdom) තෝරා ගනිමින් ඇත.   
එයද අප අවධානයට ලක්කළ යුතු තත්වයකි.   
ඉරානයේ සිදුවූ විප්ලවය ම ඇෆ්ගනිස්තානයේ සිදුවූ බව ජිජැක් කියා සිටින මුත් ඒ ගැන යමක් කීමට තව කල් වැඩිය…  
නමුත් මෙතැන් සිට එකමුතු වුණොත් නම් යමක් ගැන සිතිය හැකිය.   
අලුතෙන් පටන් ගමු.   
සුවපත් වෙන්න.     

1441238 10201803407901417 1786301966 n

    (මහේෂ් හපුගොඩ ) සමාජ හා දේශපාලන විශ්ලේෂක    (Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්…)

මහමග පැහැර ගැනිම් , අත්අඩංගුවට ගැනිම් දිගටම !

0

සිරස රූපවාහිනි නාලිකාවේ වැඩසටහනකට සම්බන්ධ වී සිට එයින් පිටව යාමේදී (පාන්දර 3.30ට පමණ) අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන ඇත.
සිරස රත්මලාන මැදිරි සංකිර්ණය අසල මාර්ග පොලිස් බැරියර් දමා වසා දමමින් පොලිසිය හා විශේෂ කාර්ය බලකා නිලධාරින් විශාල ප්‍රමාණයක් එම ස්ථානය වටලා සිට මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
මේ අතර ලිප්ටන් වටරවුමේ පැවති උද්ඝෝෂණයෙන් අනතුරුව නැවත විශ්වවිද්‍යාලය බලා එමින් සිටි ආචාර්යවරුන් හා සිසුන් රැගත් බස් රථයක් මග නවතා තර්ජනය කරමින් ඇතැමුන් අත්අඩංගුවට ගැනීමට සොදිසි කිරිම්ද සිදු කර තිබුන බව වාර්තා විය.

ජැමෙයිකාව රණින් හා රිදියෙන් සැරසූ රත්තරං අම්මා.

0

ජැමෙයිකාව රණින් හා රිදියෙන් සැරසූ රත්තරං අම්මා…. ජැමෙයිකාවේ ජනගහනය ලක්ෂ 29 කි .. ජපානයේ ටෝකියෝ නුවර පැවති මීටර 100 කාන්තා ඉසව්වේ .

ලොව වේගවත්ම කාන්තාව හැටියට පළමු ස්ථානය ලබමින් ජය ලැබුවේ ජැමෙයිකාවේ එලනි තොම්ප්සන් හිරා ය ..

ඇය මෙයට පෙර 2016 බ්‍රසීලයේ පැවති ඔලිම්පික් උළෙලේදී මීටර 100 හා 200 ඉසව් වල ඔලිම්පික් රන් පදක්කම් හිමි කර ගැනීමට සමත් වූ අතර 2016 දී තෙවන ස්ථානය ලබමින් ලෝකඩ පදක්කම දිනා ගත්තේ 2012 හා 2008 මිටර් 100 තරගයේ ඔලිම්පික් රන් පදක්කම හිමි කරගත් ජැමෙයිකාවේ ම ෂෙලී ඇන් ෆ්රේසර් ප්‍රයිස් වන අතර අද අවසන් වූ තරගයේත් දැනට 36 හැවිරිදි එක්දරු මවක් වන ෂෙලී ඇන් ෆ්රේසර් ප්‍රයිස් නැවත වතාවක් රිදී පදක්කම ද තම මව් බිමට හිමිකර දීමට සමත් වීය .. ඊට අමතරව ජැමෙයිකාවට මෙවර ඔලිම්පික් උළෙලේ මීටර 100 තෙවන ස්ථානයත් ලබා දීමට ෂෙරිකා ජැක්සන් ද සමත් විය ..



ඒ අනුව මෙවර මිටර 100 තරගයෙන් පලමු , දෙවන හා තෙවන ස්ථාන තුනම තම රටට හිමිකර ගනිමින් ලොවේම ජනතාවට තම රටේ අභිමානය වචනයෙන් පමනක් නොව ක්‍රියාවෙන්ද පෙන්නුම් කිරීමට ජැමෙයිකානු ක්‍රීඩිකාවන් සමත් විය ..

ලක්ෂ 29 ජනගහනයක් සිටින ජැමෙයිකාව ආරම්භයේ පටන්ම මෙසේ කෙටි ධාවන ඉසව් සදහා දක්ෂකම් දක්වනවා යයි බොහෝ දෙන සිතා සිටියත් එය එසේ නොවන අතර ඔවුන් ඉතා කැපවීමෙන් පුහුණුවීම් සමග පසුගිය වසර 20 ක 30 ක කාලයක පටන් ඔවුන් දැන් මේ සිටින ස්ථානයට රටක් හැටියට දැඩි කැපවීමෙන් පසුව පැමිණ ඇත ..මෙවන් හැකියවන් විදහා දක්වන ජමෙයිකානුවන් වත්මනේ ලොව අභිමානවත් ජාතියකි.
සටහන ජෝසප් ඩයස්

ගුරු විදුහල්පති සටන රටපුරා පැතිරෙයි ! මහින්දටත් මරණ තර්ජන.

0

24 වසරක් පුරා ගුරු විදුහල්පති හිග වැටුප් ලබා නොදිම සහ අධ්‍යාපනය මිලිටරිකරණය කිරිමට ඒරෙහිව ක්‍රියාත්මක ගුරු විදුහල්පති වර්ජනය සහ විරෝධතාවය මේ වන විට අති සාර්ථක ලෙසින් රට පුරාම ක්‍රියාත්මක වෙමින් තිබේ. ඉතිහාසයේ කිසිදු සිදුව නැති ආකාරයෙන් ගුරු විදුහල්පති වෘත්තිය සමිති එකට එක්ව මෙම දැවැන්ත අරගලයට නායකත්වය දෙමින් සිටිති.
මේ අතර ලංකාට්‍රෲත් වෙබ් අඩවිය වාර්තා කර තිබුනේ ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ හට මේ වන විට මරණ තර්ජන එල්ල වෙමින් ඇති බවය.

ගුරු විදුහල්පතිවරුන් ආරම්භකර තිබෙන වෘත්තීය සටන් ක්‍රියාමාර්ගය මහමඟ මරා දැමුවද ජයග්‍රහණයෙන් මිස නතර නොකරන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසයි.

දුරකතනය හරහා ඇමතුම් ලබා දෙමින් සිදු කරනු ලැබූ මරණ තර්ජනයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අද (30) දින ඔහු මේ බව පැවසීය. මේ වනවිට ගුරු – විදුහල්පතිවරුන් මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම්වලින් ඉවත්ව සිටින අතර එම වෘත්තීය ක්‍රියාමාර්ගයට මේ වනවිට දින 20කට ආසන්න කාලයක් ගතවී ඇතත් ආණ්ඩුව මේ දක්වා එම ගැටලු වලට විසඳුම් ලබා නොදෙමින් මඟ හරිමින් සිටී.

එවැනි තත්වයකදී පසුගිය දිනෙක කිසියම් පුද්ගලයකු විදෙස් රටක සිටි තමාට දුරකතන ඇමතුමක් ලබා දෙමින් මහ මඟ බල්ලෙකු සේ මරා දමන බවට තර්ජනය කළ බව මහින්ද ජයසිංහ පවසයි. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින්.. ” ගුරුවරු, විදුහල්පතිවරු මේ සටනට අවතීර්ණ වෙලා ඉන්නේ කොවිඩ් අවධානමක් තියෙද්දී. ගුරුවරු විදුහල්පතිවරු කියන්නේ මෝඩයෝ නෙවෙයි. ආණ්ඩුව ප්‍රශ්නවලට විසඳුම් ලබා දිය යුතුයි. අපි මහ මඟ මරා දැමුවත් මේ සටන ජයග්‍රහණයෙන් මිස නතර කරන්නේ නැහැ.” යනුවෙන් පැවසීය.

එතෙර ඉගෙන ගන්න දරුවන්ට කළු කඩෙන් ඩොලර් ගන්න වෙලා –

0

‘පිටරට වල අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකේය දුවා දරුවන්ගේ එදිනෙදා වියදම් සඳහා යැවිය යුතු ඩොලර් සුළු ප්‍රමාණයක් වත් මෙරට බැංකු වලින් ගැනීමට නොහැකි තත්වය යටතේ දහස් ගණනක් මාපියනට කලු කඩයෙන්(Black market) අධික මුදලට ඩොලර් ගැනීමට අද සිදුවී ඇතැයි”, එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

මිට පෙර අවස්ථා ගණනාවකදි එතෙර ඉගෙන ගන්නා සිසුන් සිය ෆේස් බුක් පිටුවලද මේ ප්‍රශ්ණ සටහන් තබා තිබුණි.රට මුහුණ දි ඇති විදේශ විනිමය අර්බුදයේ තරම ඉන් මැනවින් යළි යළිත් අවධාරණය වෙමින් තිබේ.

”විදේශගතව වසර කිහිපයක් අධ්‍යාපනය සම්පූර්ණ කළ දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු අඛණ්ඩව කර ගෙන යා යුතු තත්ත්වය යටතේ මෙරට බැංකුවකින් ඩොලර් 25,000ක් වත් ගැනීමට නොහැකි වීම හේතුවෙන් දහස් ගණනක මාපියන් මෙලෙස අසරණ වී සිටිතැයි ද, රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

උද්ගතව තිබෙන ආර්ථික අහේනිය හමුවේ රජයට ඇති එකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම පමණකැයි රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් අවධාරණ කර ඇත.

එජාප නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ සූම් තාක්ෂණය ඔස්සේ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ ඊයේ (29) පෙරවරුවේ පැවැති සාකච්ඡාවේදීය

ඇලිසන් ෆෙලික්ස් ,දක්ශ ක්‍රීඩිකාවක්, අම්ම කෙනෙක්,ආදර්ණීය ගැහැණියක් !

0

ඇලිසන් ෆෙලික්ස්. Allyson Felixමේ ලිපියේ මුල් කොටස මළල ක්‍රීඩාවට ආදරේ කරන අයටත් ….දෙවනි කොටස ගැහැණියක් විදිහට නිහඬව ඉන්නෙ නැතුව “ලෝකයේ මග වෙනස් කරපු අය “ගැන දැන ගන්න කැමති අයටත්… වැදගත් වෙයි.ඇලිසන් ෆීලික්ස් ලෝකෙ පුරාම ප්‍රසිද්ධයි.

විශේෂයෙන්ම සුසන්තිකා ලෝකඩ පදක්කමක් දිනාගත්ත 2007 ඔසාකා ලෝක ශූරතාවයේදී පහසුවෙන්ම රන් පදක්කම දිනාගත්තෙ ඇලිසන් නිසා ලංකාවෙ ක්‍රිඩා ලෝලීන් අතරත් එයා ප්‍රසිද්ධ ඇති.1985 නොවැම්බර් දහ අට වෙනිදා කැලිෆෝනියා ප්‍රාන්ථයේ ලොස් ඇන්ජලීස් නගරයේ බොහොම සාමාන්‍ය පවුලක ඇලිසන් උපදින්නෙ.එයාගෙ අම්ම පෙර පාසැල් ගුරුවරියක්.. තාත්ත කුඩා පල්ලියක පැස්ටර් කෙනෙක් ..එහෙමත් නැත්නම් පාදිලි කෙනෙක්.

උපතේදිම බර අඩු මේ ලමය බොහොම කෙට්ටුයි. එයාගෙ එකම අයිය වගේම ඇලිසනුත් දුවන්න පනින්න හරි දක්ශයි.පුංචි කාලෙ ගමේ බැප්ටිස්ට් ප්‍රාථමික පාසැලේ බාස්කට් බෝල් ගහන්න පුරුදුවුණු ඇලිසන් දවසක් ගෙදර එන්නෙ අඬාගෙන..“ අම්මෙ මට කකුල් වැහෙන දිගම දිග කලිසමක් ඕනෙ.. නැත්තං මං ආයෙ කවදාවත් ඉස්කෝලෙ යන්නෙ නෑ.. ආයෙ නම් මං කිසිම දවසක බාස්කට් බෝල් ගහන්න තියා මැච් එකක් බලන්නවත් පිට්ටනියට යන්නෙ නෑ.”මේකට හේතුව තමයි ඉස්කෝලෙ හැමෝම ඇලිසන්ට නමක් පටබැඳීම. ඒ නම තමයි චිකන් ලෙග්ස්.( Chicken Legs) ඒකට හේතුව ඇලිසන්ගෙ ඇඟටත් වඩා කකුල් දෙක බොහෝම කෙට්ටු වීම. පාන්ඩුව.. මන්ද පෝශනේ වගේ නම් මේ අතරෙ ඇහෙනව.කොහොම නමුත් පොඩි ඈයො ගැන හොඳට දන්න කියන ඇලිසන්ගෙ අම්ම එයාව ආපහු සැරයක් ඉස්කෝලෙටයි පිට්ටනියටයි එක්කන් යනව.ප්‍රථිපලය… බාස්කට් බෝල් ක්‍රීඩාවට විතරක් නෙමේ දුවන තරඟ වලිනුත් චිකන් ලෙග්ස්ව පරද්දන්න කාටවත් බැරි වෙනව.

අවුරුදු දාහතරෙදි මුළු ඇමරිකාවෙම ඉන්න වේගවත්වම කණිශ්ඨ ක්‍රීඩිකාව වෙන්නෙ මේ ඇලිසන් තමයි.එතනින් නවතින්නෙ නැති චිකන් ලෙග්ස් ලෝක කණිශ්ඨ මළල ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනා ගන්නෙ තත්පර 22 දශම 11 න්. ( සුසන්තිකා ඔලිම්පික් රිදී පදක්කම දිනුවෙ 22.28 න්.. දැනට ලංකාවෙ කණිශ්ඨ ශූරිය වූ මේධානි ජයමාන්න වාර්ථා කරන කාලය තත්පර 24.0 යි.. ඒ සංසන්දනය කිරීමේ පහසුව සඳහා ).අවුරුදු දහ අට වෙන්නත් කලින් ඇමරිකාවේ මීටර් 200 සඳහා ඉන්න හොඳම ක්‍රීඩිකාව වෙන්නෙ මේ කෙසඟ ෆීලික්ස්. පුංචි කාලෙ අවමානයට කියපු නම මාධ්‍යවේදීන් පාවිච්චි කරන්නෙ බොහොම සැහැල්ලුවෙන්.ඒකට ෆෙලික්ස් උනත් තරහ ගන්නෙ නෑ.

ඇය කියන්නෙ.. “ඔව් මම තමයි චිකන් ලෙග්ස් “කියල හිනාවකුත් එක්කමයි.උස අඩි පහයි අඟල් හයක් වෙද්දි එයාගෙ බර කිලෝ 52 යි. මේ පුංචි ශරීරය තියාගෙන 2004 ඔලිම්පික් තරඟෙට යද්දි ඇලිසන්ට යන්තම් වයස දහ අට පහු වුනා විතරයි.මුළු ලෝකෙම අවධානය දිනාගනිමින් මේ ලමය රිදී පදක්කම දිනා ගන්නව.2004 ඔලිම්පික් තරඟ වලට යන ඇමරිකානු කණ්ඩායමේ ලාබාලම ක්‍රිඩිකාව තමයි ඇලිසන්.(2021 ටෝකියෝ ඔලිම්පික් උළෙලට යන ඇමරිකානු කණ්ඩායමේ වයස්ගතම ක්‍රීඩිකාවත් ඇලිසන් ෆීලික්ස්මයි.)2004 දි රන් පදක්කම නොලැබුනාට 2005 ..2007 අවුරුදු දෙකේදිම ලොක ශූරතා තරඟ වල මීටර් 200 ලෝක ශූරිය වෙන්නෙ ඇලිසන්.2004 දි අහිමිවුණු රන්පදක්ක්ම දිනාගන්න 2008 බෙයිජින් උළෙලට ගියත් ආයෙත් එයාට ලැබෙන්නෙ රිදී පදක්කම.2008 දි බැරිවුනා .. කමක් නෑ.. මං 2012 දි උත්සාහ කරනව .. ඇලිසන් මෙහෙම කියන්නෙ කඳුළු පිරුණු ඇස්වලින්. තවත් අවුරුදු හතරක් මහන්සි වෙලා පුහුණුවීම් කරපු මේ ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩිකාව 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී රන් පදක්ක්කම් තුනක් දිනාගන්නව.විශේෂයෙන්ම පිට පිට එයාව පරද්දපු ජැමෙයිකාවේ වෙරෝනිකා කැම්බල් බ්‍රවුන්ව ( Veronica Camble Brown)පහසුවෙන්ම පරද්දමින්.

අද වෙද්දි ලෝක මට්ටමේ ශූරතා වලදි ( ඔලිම්පික් හා ලෝක මළල ක්‍රීඩා ශූරතාවලදි ) වෙනත් කිසිම ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් ඇලිසන් ෆීලික්ස් තරම් පදක්කම් දිනාගෙන නෑ.ඔලිම්පික් පදක්ක්කම් 9. ( රන් පදක්කම් 6 ක් හා රිදී පදක්කම් 3)ලෝක ශූරතා පදක්කම් 17 ( රන් පදක්කම් 12.. රිදී පදක්කම් 3.. ලෝකඩ පදක්කම් 2)මේ පදක්කම් ගාණ ලෝක ඉතිහාසයේ ඔනෑම ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් දිනූ වැඩිම පදක්කම් සංඛ්‍යාවයි.තවත් විශේෂ දෙයක් තමයි ඇලිසන් ෆීලික්ස් තමයි ලෝක මට්ටමේ එකම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව කිසිම දවසක තහණම් උත්තේජක චෝදනා එල්ලෙ නොවුණු ..

ඒ වගේම එකම වරක්වත් කිසිම වෛද්‍ය පරීක්ශණයක් අසමත් නොවුනු.අනිත් දේ තමා මේ ක්‍රීඩිකාවගෙ නිහතමානී කම. කිසිම දවසක කට මැත දොඩවනෙ නැති ඇලිසන් ධාවන පථයෙත් ඉන් පිටතදීත් හැමෝගෙම ආදරේ දිනාගත් කෙනෙක්.2019 ලෝක මළල ක්‍රීඩා ශූරතාවයේදී මාධ්‍ය වේදියෙක් අහනව ලෝක ප්‍රසිද්ධ උසේන් බෝල්ට්ව දෙවනි තැනට ඇදල දාල ලෝකයේ වැඩිම පදක්කම් දිනූ පුද්ගලය විදිහට ඔබට දැනෙන්නෙ මොකද්ද කියල.ඇලිසන් කියනව..

“මේ කිසිම දෙයක් බෝල්ට්ගෙ හැකියාව හා ලබාගත් දේවල් එක්ක සංසන්දනය කරන්න බැහැ. ඔහු මළල ක්‍රීඩාවට කරපු සේවය අද්විතීයයි. මම කිසිම විටක හිතන්නෙ නෑ මම බෝල්ට්ව පහු කරගෙන ගියා කියල. මේ ජයග්‍රහන එකිනෙකට වෙනස්.”“මං සන්තෝස වෙනව ඔහු වැනි ක්‍රීඩකයෙකුගේ සමකාලීනයකු වීමට ලැබීම ගැන.”ඇලිසන් තරඟ කරපු සහාය දිවීම් ඉසව් ( මීටර් සීය හතර, හා හාර්සීය හතර ) ඇමරිකා එක්සත් ජනපදය පරාද වුනා නම් ඒ බොහෝම කලාතුරකින්.මීටර් 100, 200 හා 400 තරඟ තුනෙන්ම ලෝකයේ ඔලිම්පික් නියෝජනය කල ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් බිහි වන්නෙ ඉතාම කලාතුරකින්.( අනූව දශකයේ මීටර් 100, 200, 400, 800 යන හතරේම ජාතික ශූරිය වූ ජයමිණි ඉලේපෙරුම ක්‍රීඩිකාව මතක් කිරීම එයාට කරන ගෞරවයක් වේවි.)

ඇලිසන්ගේ පෞද්ගලික දක්ශතා මෙහෙමයිමීටර් 100. තත්පර 10.89මීටර් 200 තත්පර 21.69මීටර් 400. තත්පර 49.26මේ වගේ ඉසව් වලින් ලෝක මට්ටමට ලඟා වෙන්න ඉතාම අසීරු කාර්‍ය්ක්.මීටර් සියය ඉසව්වට අවශ්‍ය ඉපිලීමේ ශක්තිය හා වේගය , මීටර් හාරසියයට අවශ්‍ය දරාගැනීමේ ශක්තිය ( speed, endurance, speed endurance) .. වගේ බොහෝ දේ උපරිමයෙන් වසර ගාණක් රඳවා ගැනීම ලේසි පහසු නෑ. මළල ක්‍රීඩාවේ යෙදුනු අය දන්නව මීටර් 400 වැනි ඉසව්වක අවසන් මීටර් 60 හෝ 50 ට ලඟා වෙද්දි ලැක්ටික් අම්ලය ශරීරය ආක්‍රමණය කරන වේගය. එයා තබපු වාර්ථා ගැන ලියන්න ගියොත් මේ පිටුවෙ ඉඩක් නැති වෙනව. නමුත් මීටර් 100 4 සහාය දිවීමේ තරඟයේ ලෝක වාර්ථාව වගේම ඔලිම්පික් වාර්ථාවත් ඇලිසන්ගෙ නමත් එක්කයි සටහන් වෙන්නෙ.

2005..2007..2009 පිට පිටම තෙවරක් මීටර් 200 ලෝක ශූරිය වෙන්නෙ මේ චිකන් ලෙග්ස් තමයිඒ එයාගෙ ධාවන පතයේ තොරතුරු………………………………………………………………..

.ඇලිසන් ගැහැණියක් විදිහට වැදගත් වෙන්නෙ කොහොමද.

මේ වගේ ක්‍රීඩිකාවක් වැටුපක් ලබන්නෙ අනුග්‍රාහකයන් මාර්ගයෙන්. ලංකාවෙ ක්‍රීඩිකාවන්ට නම් ක්‍රීඩාවෙ යෙදෙන්න සිද්ධ වෙන්නෙ වෙනත් රැකියාවක් කරන ගමන්.. එක්කො හමුදා තුනෙන් එක්කට එකතු වෙන්න ඕනෙ නැත්තං ශාරීරික අභ්‍යාස තනතුරක් දරන්න ඕනෙ.ඇලිසන්ගෙ අනුග්‍රාහකයා තමයි ලෝක ප්‍රසිද්ධ නයික් ( Nike) සමාගම. මේ වගේ ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩිකාවකට ලොකු වියදමක් යනව. නමුත් නයික් වගේ සමාගමකට මේක බොහොම සුළු මුදලක්.

හැබැයි කුමන හේතුවකට හෝ ක්‍රීඩා කරන එක නැවැත්තුවොත් මේ අයට වැටුප නැතිවෙනව. 2018 දී ඇලිසන් ෆීලික්ස් විවාහ වෙනව. ඒ අවුරුද්දෙ අප්‍රේල් මාසෙ වෙද්දි එයා දැනගන්නව එයාට දරුවෙක් ලැබෙන්න ඉන්න බව. නමුත් ඇලිසන් මේක රහසක් විදිහට තියාගන්නෙ නයික් සමාගමට අයිතිය තියෙන හින්ද අනුග්‍රාහක ගිවිසුම අවලංගු කරන්න. එහෙමත් නැත්තං වැටුප් අඩු කරන්න. මේ වගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කරුවන්ට , චිකිත්සකයන්ට.. කළමණාකරුවන්ට වැටුප් ගෙවන්නෙ වගේම පුහුණු වීම් වියදම් වගේම අනෙකුත් සියළුම වියදම් දරන්නෙ මේ අනුග්‍රාහකය ගෙවන මුදලින්ම තමා.

සිව් මස් ගැබිනියක්ව සිටියදීත් ඇලිසන් තරඟ වලට සහභාගි වෙනව. කොයිතරම් ධනවත් හෝ ප්‍රසිද්ධ වුනත් ඇමරිකානු කලු ජාතික කාන්තාවන් තවමත් දෙවනි පංති‍යේ වැසියන්. ඒ නොසැලකිලිමත් කම නිසාදෝ එයාගෙ දොස්තර මහත්තයාට මගෑරෙනව සමහර පරීක්ශණ. අන්තිමේදී පරක්කු වෙලා හොයා ගන්නව ඇලිසන්ගෙ උපදින්න ඉන්න දරුව ඉතාම දුර්වල බව. ඒ වගේම අඩු හෘද ස්පන්දනයෙන් පෙළෙනව කියල. මේ වෙද්දි එයාගෙ දරු ගැබට මාස අටක්වත් නෑ.දොස්තර වරුන්ගේ නිගමනය හැකි ඉක්මනුන් දරු ගැබ ඉවත් නොකලොත් අම්මගෙ හා දරුවගෙ ජීවිතේ දෙකම අණතුරේ කියල. ඇලිසන්ට මේ තීරණේ දරාගන්න බෑ.

ඒ එක්කම හිතා ගන්න බෑ දොස්තරවරු මේ තරම් පරක්කු වෙනකල් මොකද කලේ කියල.එයා තීරණය කරනව තව දවස් කීපයක් ඉඳල සීසර් සැත්කමක් කරල දරුවව බේරගත යුතුයි කියල.ඒ එක්කම ඇලිසන් ෆීලික්ස්ගෙ රහස මාධ්‍ය පුරාම ප්‍රසිද්ධ වෙනව. ප්‍රථිඵලය මොකද්ද… නයික් සමාගම ඇලිසන්ගෙ වැටුපෙන් සීයට 60 ක් කපා හරිනව දඩ මුදලුත් එක්ක.වාසනාවට සීසර් සැත්කම සාර්ථක උනත් අඩු වයසින් ඉපදෙන පොඩි කෙල්ල හරිම දුර්වලයි.බර අඩුකම.. අඩු හර්ද ස්පන්දනය.. ප්‍රථිචාර නොදැක්වීම වගේ බොහොම රෝග ලක්ශන එක්කයි මේ දරුව ජීවත් වෙන්නෙ . ඒ ජීවත් වෙන්නෙත් කෘතිම ස්වසනය දෙන යන්ත්‍ර උදව්වෙන්.

හැම අම්ම කෙනෙක්ම වගේ ඇලිසන් බලාපොරොත්තු අතාරින්නෙ නෑ. රෑ දවල් දෙකේම ඇලිසන් නෙවේ දරුවගෙ ලෙඩ ඇඳ ලගින් හෙලවෙන්නෙ.ඇලිසන්ගෙ ප්‍රසිද්ධියටත් වඩා මනුස්සකම හා නිහතමානීකම නිසා ලෝකෙ පුරා ඉන්න විශේෂඥ්ඥ වෛද්‍යවරු එයාගෙ උදව්වට එන්නෙ බොහෝ අයගෙ ඇස්වලට කඳුළු එක් කරමින්.

ඒ එක්කෙනෙක් ජැමෙයිකානු වෛද්‍යවරයෙක්.. තව එක්කෙනෙක් ඇලිසන්ගෙ නිහතමානී කමට ආදරේ කරපු ජපන් ළමා වෛද්‍ය විශේෂඥ්ඥයෙක්.එයාගෙ කැපකිරීම වගේම ,හැමෝගෙම උදව් මැද්දෙ අම්මයි දරුවයි දෙන්නම බේරෙනව.මාස කීපයකට පස්සෙ පොඩි එකාව ට්‍රොලි එකක දාගත්ත ඇලිසන් ධාවන පථයේ පුහුණුවීම් වලට එනව.

මේ වෙද්දි වෙනත් ප්‍රසිද්ධ ආයතන ඇලිසන්ට අනුග්‍රහය දක්වන්න ඉදිරිපත් වුනත් එයා තීරණය කරනව ලෝක ප්‍රසිද්ධ නයික් සමාගමට එරෙහිව නඩු පවරන්න.මේක කලු ගලේ ඔලුව ගහ ගැනීමක් හැමෝම කියනව.ඇලිසන් ඇමරිකානු කොන්ග්‍රසයට ලියුමක් ලියනව.. ඒ අතරෙම ෆෙඩරල් උසාවියේ නඩු දානව නයික් සමාගමට එරෙහිව.

ඇමරිකානු කොන්ග්‍රසය හමුවේ ඇලිසන් කරන කතාව අහගන ඉන්න බොහෝ දෙනෙක්ට ශක්තිය නෑ.ඇය කියනව… “මහත්වරුනි මම නුඹලාගේ අනුකම්පාව අයදින්නෙ නෑ. ඒත් මට දැනගන්න ඕනෙ මම ගැහැණියෙක් වෙලා ඉපදුනු එක වරදක්ද.. මම අම්ම කෙනෙක් වුණු එක වරදක්ද මගේ වැටුප කප්පාදු කරල මට දඩ ගහන්න.” “ඔව් මම බය උනා.. මගෙ වැටුප නැති වෙනවට.. මගෙ අනුග්‍රාහකය නැති වෙනවට මම බය උනා.” “ අනිත් හැම රැකියාවකම කාන්තාවක් ගැබ් ගත්තම වැටුප ගෙවනව. ඇයි මට මගෙ වැටුප අහිමි වෙන්නෙ.? ඇයි මම දරු ගැබ හංග ගෙන පිට්ටනි ගානෙ දිව්වෙ.? මහත්වරුනි නුඹලාට දුක හිතෙනවද..? “මට ඒක අවශ්‍ය නෑ”. නුඹලට ලැජ්ජ හිතෙනවද?.. ඔව් අන්න එතනටයි මං කතා කරන්නෙ.”“එදා ඉඳලම කලු ගැහැණියට නුඹලා දුන්නෙ කුඩම්මගෙ සැලකිලි. ““කලු ගැහැණියට විතරක් නෙවේ.. ඔනෑම ගැහැණියක් පහත් කරල සලකන්න උඹලා පසුබට වෙන්නෙ නෑ”“උඹල කියන්නෙ මේ නීතිය කියලද..

එහෙනම් නීතිය වෙනස් කරපල්ල. උඹලයි නීති හදන්නෙ .. ඒකයි මං උඹලට කතා කරන්නෙ.”“මං කතා කරන්නෙ මං ගැන විතරක් නෙවේ… මගෙ දරුව වෙනුවෙන්.. හෙට ඉපදෙන්නෙ ඉන්න ගෑණු දරුවන් වෙනුවෙන්. ඒකට කළු සුදු භේදයක් නෑ. අපිට දරුවෙක් ලැබෙන්න ඉන්නවනම් උඹල දඩ ගහනව. මේකද උඹලගෙ ශිෂ්ඨාචාරය..”මෙතන්දි තවත් ලස්සන දෙයක් වෙනව.. කොන්ග්‍රසය ඉස්සරහදිත් .. අධික‍රණයෙදිත් පිහිටට එනව ඇගේ ධාවන සගය වගේම එදිරිවාදියෙක් වූ සානියා රිචර්ඩ්ස් රෝස්. ( Sanya Richard Ross)ඇය කියන කතාව කිසිම කෙනෙක්ට අහගෙන ඉන්න පුළුවන් එකක් නෙවේ.මළල ක්‍රීඩාවට ආදරේ අය දන්නව මේ කවුද කියන්න .. පහුගිය දශකයේ බිහිවුනු විශිෂ්ඨතම මීටර් 400 දුවන ක්‍රීඩිකාව වූ සානියා 2012 ඔලිම්පික් රන් පදක්කම දිනා ගත්ත.ඇය කියනව..

“මහත්වරුනි නුඹලා මට සාප කරයි.. නෝනාවරුනි නුඹලා මට ගල් ගහයි.. ඒත් ඇත්ත මේකයි .. ඔලිම්පික් දිනන්න තිබ්බ උවමනාව වගේම අනුග්‍රාහකයා නැති කරගන්න තියන බය නිසාම මං ඒ දේ කරා. “ “2008 ඔලිම්පික් වලට මාස හයක් තියෙද්දි මං මගේ පලමු දරු ගැබ ගබ්සා කරා. ඒ වෙද්දි ලැබෙන්න හිටපු පොඩි එකාට මාස දෙකයි. මං දන්නව උඹල මට සාප කරන බව. මාත් මට සාප කරා. ( 2008 ඔලිම්පික් නරඹපු අයට මතක ඇති සානියා රිචර්ඩ්ස් අන්තිම මොහොත කිට්ටුවට එනකල් ඉදිරියෙන්ම ඇවිත් පරාද වුණු විදිහ)“නුඹල දකින්න ඇති මං පරාද උනු විදිහ.. ඒ තමයි මං කරපු වරදට මං වන්දි ගෙවපු විදිහ.මේ ඔක්කොම දරාගෙන මං තවත් අවුරුදු හතරක් ඉවසුවා රන් පදක්කම ගේනකල්.ඒ මට විතරක් නෙවේ මේ රටට ..

මළල ක්‍රීඩාවට වගේම මගේ ඉපදෙන්න ඉන්න දරුවටත.මහත්වරුනි නුඹලාට හිතා ගන්න බෑ ලෝක මට්ටමේ ක්‍රීඩිකාවක් වෙන්න කල යුතු කැපවීම හා පරිත්‍යාග ..මේ දේ ඇලිසන්ටවත් තවත් ක්‍රීඩිකාවකටවත් වෙන්න දෙන්න එපා. අපි ලෝකය දිනුවට අපිත් සාමාන්‍ය ගැහැණු. අපි අනුකම්පාව ඉල්ලන්නෙ නැහැ. නමුත් අපේ තැන අපිට තියන්න කියලයි අපි ඉල්ලන්නෙ. “ ඒ සානියාගෙ වචන.ඒ එක්කම මීටර් 800 ධාවන් ශූරී ඇලිසියා මොන්ටානෝ (අට මස් ගැනිනියක්ව ඉද්දිත් තරඟ කරපු ක්‍රීඩිකාව) වගේම ලෝක ප්‍රසිද්ධ ශර්ලි ඈන් ෆ්‍රේසර් අලිසන්ගෙ සහයට එනව.ප්‍රථිඵලය සුන්දරයි… නීති වෙනස් වෙනව. නයික් සමාගම ගැබිනි මව්වරුන්ට ( ක්‍රීඩිකාවන්ට) එරෙහිව තිබ්බ නීති වෙනස් කරනව. ඒ එක්කම නීති වෙනස් කරපු නයික් සමාගම ඇලිසන්ට ආයෙත් ලොකු මුදලක් එක්ක ගිවිසුමක් පිරිනමනව.ඒ මිලියන ගණනක කොන්ත්‍රාත්තුව ප්‍රථික්ශේප කරමින් ඇලිසන් කියන්නෙ එදා අම්ම කෙනෙක් වුණු නිසා නුඹල මාව ප්‍රථික්ශේප කරේ කෙසේද ඒ විදිහටම මම අද නුඹලාව ප්‍රතික්ශේප කරනව.ඒ විතරක් නෙමේ උඹල ගැහැණියකගේ ශක්තිය හෑල්ලු කරා.

ඒ නිසාම මම අලුත් ක්‍රීඩා ඇඳුම් සමාගමක් පිහිටුවනව කියල.ඇත්තටම ඇය ඒක කරා. ඒ විතරක් නෙමේ .. ජීවිතේ බේරගන්න සටන් කරල මාස ගණනකට පස්සෙ දෝහා ලෝක මළල ක්‍රීඩා ශූරතාවයේදී ඇලිසන් තවත් රන් පදක්කම් දෙකක් එකතු කරා සහාය දිවීමේ ඉසව් වලින්.පහුගිය මාසෙ ඔරෙගන් ප්‍රාන්ථයේ තිබ්බ ඔලිම්පික් තේරීම් තරඟ වලදී ඇලිසන් මීටර් 400 ඉසව්වෙන් ඔලිම්පික් සුදුසුකම් ලැබුවේ දෙවැනි තැන ලබමින්. මුළු ක්‍රීඩාංගනය පුරාම ඇලිසන්ට ලැබුණු දිරිගැන්වීම පුදුමාකාරයි. මේ තේරීම් තරඟ පැවැත්වුනු ඔරෙගන් හේවුඩ් ක්‍රීඩාංගනයට ඇලිසන් පැමිනෙද්දිත් .සමුගනිද්දිත් හැන දෙනාම ආසන වලින් නැගිට්ටා.මේ පලාතෙන් බිහිවූ ලෝක මට්ටමේ ක්‍රීඩිකාවන් වූ ෆිලිස් ෆ්‍රැන්සිස්.. ඉන්ග්ලිශ් ගාඩ්නර් හෝ ජේනා ප්‍රැන්ඩිනිටවත් මෙතරම් පිලිගැනීමක් ලැබුනෙ නෑ. හැමෝම දැනගෙන හිටියා ඇලිසන්ව ඇනරිකානු ධාවන පතයේ දකින අවසන් අවස්ථාව නේ බව. ඒ එක්කම.

ඇලිසන් දින්න මොහොතේ NBC ප්‍රවෘත්ති චැනලයේ නිවේදිකාවක් විදිහට නිවේදන කටයුතු කරමින් උන්නු සානියා රිචර්ඩ්ස් සංතෝසෙන් කෑ ගැහුවෙ උන් හිටි තැන් අමතක කරමිනුයි. “මට මේ තරම් මිනිස්සු ආදරේ කරන එක ප්‍රාථිහාර්‍යක් වගේ. කොහොමද මං නොදුව ඉන්නෙ.. “ඇලිසන් මාධ්‍ය වේදියෙකුට උත්තර දෙමින් කියනව.ඇලිසන්ගෙ වයස අවුරුදු 36 ට කිට්ටුයි.ශෝන් මිලර් වගේ ක්‍රීඩිකාවන් එක්ක දුවල ඇලිසන්ට මෙවර ඔලිම්පික් දිනන්න බැරි වෙයි.

ඒත් ඉඩක් ලැබුනොත් එයාගෙ තරඟය බලන්න. මොකද මේ එයාගෙ අවසාන ධාවන තරඟයයි.ඇලිසන් මෙතෙක් මේ ලෝකයේ බිහිවූ සාර්ථකම මළල ක්‍රීඩිකාවයි.කෙට්ටුම කෙට්ටු චිකන් ලෙග්ස්.. ලෝකය දිනපු හැටි හරි අපූරුයි. සමහර විට රූපවාහිනී තිරයේ ඇමරිකානු ක්‍රීඩිකාවන් දින්න හැටි බලන අපිට කියන්න පුළුවන් ආ ඒ ඇමරිකානු කලු ගැහැනු ..

හරියට මිනිස්සු වගේ කියල .. ඒත් ඒ පිටුපස තියන කඳුළු ..දහඩිය .. කැපකිරීම් අපිට පේන්නෙ නෑ. (චිකන් ලෙග්ස් කිව්වම මට මතක් උනේ.. පහුගිය දවසක ඔය ඊයෙ පෙරේදා පොඩි එකෙක් මූණු පොතේ පිංතූරයක් දාල තිබ්බ ලංකාවෙ විශිෂ්ඨතම ක්‍රීඩිකාවකගෙ පිටු පස්සත් එක්ක ලිංගික විහිළුවක් කරමින්. ඒ නොදන්න කමටත් වඩා නැහැදිච්ච කම. මේ වගේ අයම තමා ඇලිසන්ට චිකන් ලෙග්ස් කියල නින්දා කරේ. )මේ සටහන… දක්ශ ක්‍රීඩිකාවක්.. අම්ම කෙනෙක් වගේම ආදර්ණීය ගැහැණියක් වූ ඇලිසන් ෆෙලික්ස් වෙනුවෙන්.
220621©
(අතිල අතාවුදගේ ෆේස් පිටුවෙන් උපුටා ගැනුනි )

හමුදාකරණ සැලසුම් නිසා විශ්ව විද්‍යාල අධ්‍යාපනයත් අවුලේ

0

අධ්‍යාපනය හමුදාකරණය කිරීමට විරෝධය පාමින් මාර්ගගත දේශන වලින් ඉවත් වී ගුරු සංගම් ආරම්භ කළ වෘත්තීය ක්‍රියා මාර්ගයට දිවයිනේ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේද සහාය හිමිව තිබේ. කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනතට විරෝධය දක්වමින් ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරු ජුලි 28 බදාදා දිනයේ මාර්ගගත දේශන සහ වැඩසටහන්වලින් ඉවත් වන බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසන්නේ.  

මාර්ගගත දේශනවලින් ඉවත් වීම සංඛේතාත්මක එක්දින විරෝධයක් ලෙස ක්‍රියාත්මක කරන නමුත් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තුවේ පරාජය කිරීමට නොහැකි වී පාරට ගෙනයෑමට සිදුවුවහොත් අවශ්‍යතාව අනුව විරෝධය දීර්ඝ කරන බවයි  විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති    මහාචාර්ය ශාම බන්නැහැක  පවසන්නේ.    

  මාර්ගගත දේශනවලින් ඉවත්වීමට සමගාමීව සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල  මූලිකකරගෙන අධ්‍යන, අනධ්‍යයන සහ ශිෂ්‍ය ප්‍රජාව සම්බන්ධ කරගනිමින් අද දිනයේ දහවල් විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමටත් එම සම්මේලනය කටයුතු කර තිබේ.

218400108 1816832528500659 1853056837370983841 n

      “අධ්‍යාපන මිලිටරීකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය” විසින් ජුලි 27 අගහරුවාදා  කොළඹදී මාධ්‍ය හමුවක්  ද කැදවා තිබු අතර ඒ සදහා ඒ සදහා දිවයිනේ ප්‍රමුඛතම වෘත්තිය සමිති 67 ක සහාය ලැබී තිබු බව අගනගරයේ වාර්තාකරුවෝ පවසති.    

  ගුරු සටන අඛණ්ඩව:    

ගුරු- විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බල කිරීම හා අධ්‍යාපනය හමුදාකරණය කිරීමට එරෙහිව අදත් දිවයිනේ ප්‍රධාන නගර කිහිපයකම ගුරු විරෝධතා දියත් කර තිබුනි.   අගමැති මහින්ද රාජපක්‍ෂ හා ගුරු වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ ඊයේ පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ජාවේදී නිසි විසදුම් නොලැබීම නිසා වෘත්තීය අරගලය දිගටම පවත්වාගෙන යෑමට ගුරු- විදුහල්පති වෘත්තිය සමිති තීරණය කළේය.  

අධ්‍යාපන  ගැටළු සහ ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවය නොවිසදීමට එරෙහිව හඩ නගන ගුරු විදුහල්පති වෘත්තිය සමිති නායකයන් මර්දනයට විරෝධය පෑම සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්මත කරමින් නිදහස් අධ්‍යාපන අයිතිය කප්පාදු කිරීමට එරෙහිව ගුරු, විදුහල්පති වෘත්තිය සමිති ජුනි 12 වැනිදා සිට දීප ව්‍යාප්තව ආරම්භ කළ මාර්ගගත ඉගැන්වීම් වලින් ඉවත් වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ද මේ වන විටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවති.
theleader.lk

සාකච්ජා අසාර්ථකයි !ගුරු වර්ජනය දිගටම ! හෙද වර්ජනයකුත් හෙට සිට ?

0

වැටුප් විෂමතා ගැටලුව සඳහා විසඳුමක් නොලැබීම හේතුවෙන් ගුරුවරු ක්‍රියාත්මක කර ඇති ඔන්ලයින් වැඩ වර්ජනය දිගටම ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් කියයි.
අග්‍රාමාත්‍ය,ආර්ථික ප්‍රතිපත්ති අමාත්‍ය මහින්ද රාජපක්ෂ හා අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු කැබිනට් අනුකමිටුවක් සමග අද පැවැති සාකච්ජා අසාර්ථක වු බව ගුරු සංගම් නායකයන් විසින් පවසා සිටිති.
මේ අතර රජය තීරණය කර ඇත්තේ ගුරුවරුන්ගේ වැටුප් විෂමතා දුරු කිරීමේ පළමු අදියර ලබන අයවැයට ඇතුළත් කිරීමට ය.

තතු එසේව තිබියදි හෙට දිනයේ දිවයින පුරා රෝහල් 100 ක මධ්‍යහන 12 සිට 1 දක්වා වැඩවර්ජනයක යෙදෙන බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කොලඹදී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් කියා තිබුණි.
ඔවුන් ඉල්ලූ ඉල්ලීම් නොලැබීම හේතුවෙන් මෙලෙස වැඩ වර්ජනයකට යන බව ඔවුන් ප්‍රකාශ කර සිටිති.
හෙට දිනයේ දී මේ සඳහා පිළිතුරක් නොලැබුන හොත් ඉදිරි දින හතෙන් පසු දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යන බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වන ලදී

සීදුවේදි සහ වැල්ලවත්තේදි මෝටර් රථ 2 ක් ගිනි ගෙන විනාශවෙයි

0

වැල්ලවත්ත මායා මාවතේ ධාවනය වූ නවීන පන්නයේ බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් මීට සුළු මොහොතකට පෙර ගිනි ගැනීමට ලක්වූ බව වැල්ලවත්ත පොලිසිය පවසයි.
මේ අතර වෛද්‍යවරයකු ධාවනය කළ ටොයෝටා බෙලට් වර්ගයේ සුඛෝප භෝගි මෝටර් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් පසු මෝටර් රථය ගිනි ගෙන විනාශ වී ඇතැයි ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.සීදූව – කොටුගොඩ මාර්ගයේදී  සිදුවූ මෙම අනතුරකින් කාර් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන දැවී ගොස් තිබේ.යතුරු පැඳිකරුට බරපතල තුවාල සහිතව මීගමුව රෝහලට ඇතුලත් කර තිබේ. කාර් රථය පැඳවූ වෛද්‍යවරයාට කිසිදු අනතුරක් සිදුව නැත.

සීදුවේදි ගිනිගත් රථය


මුලාශ්‍රය -ලංකාදිප /නිව්ස්වයර්

https://youtu.be/_ggy7YDSP00

ඇමතිලත් ඔලිම්පික් වලට ජපන් යයි !

0

ජපානයේ මේ දිනවල පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල නැරඹීම සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා සමඟ ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, විසිතුරු මසුන්, මිරිදිය මතස්‍ය සහ ඉස්සන් ඇතිකිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ යන මහත්වරු ද ගොස් සිටිති.

මේ පිළිබදව අද පැවැති කැබිනට් හමුවේදි මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල කියා තිබුනේ ඔවුන් පුද්ගලික අනුග්‍රාහකයන්ගේ දායකත්වයෙන් ජපානයට ගොස් ඇති බවය.

මේ අතර ඔලිම්පික් ගිය ශ්‍රිලාංකික කණ්ඩායමට නිසි නිළ ඇදුමක් පවා සපයා දිමට මේ රජය අසමත්ව ඇතැයි සමාජ මාධ්‍ය තුල මේ දිනවල බරපතල විවේචනයක්ද එල්ලවි තිබුණි.