Tuesday, September 24, 2024
Home Blog Page 33

ඇමතිගේ නියෝගයෙන් උතුරු නැගෙනහිර මාධ්‍යවේදින්ටත් ආරක්ෂාව ලැබෙයිද ?

0

ඉදිරියේදී ජනමාධ්‍ය හැඳුනුම්පත සහිත කෙනෙකු කිසියම් වරදකට පොලිසිය විසින් අත්අඩංගුවට ගත්විට එය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂාවරයා වෙත අනිවාර්යෙන් දැන්විය යුතු බව ජනාමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

මේ බව අනාවරණය වූයේ පසුගියදා (30 ) පස්වරුවේ ජනමාධ්‍ය අමාත්‍යවරයා කර්තෘ සංසඳය හමුවූ අවස්ථාවේදීය.

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ පැමිණිලක් මත ආරම්භ කළ විමර්ශනයකට අදාළව කර්තෘවරුන් දෙදෙනෙකු ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) කැඳවීමට දැනුම්දීම් කිරීම පිළිබඳව පසුගිය දින කිහිපයේම පුළුල් සංවාදයක් ඇතිවී තිබුණි.

මේ සම්බන්ධයෙන් ඊයේ කර්තෘ සංසදය හමුවූ අවස්ථාවේ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අගහප්පෙරුම මහතා කියා සිටියේ මාධ්‍යවේදීන් රහස් පොලිසියට කැඳවීම සහ අපහසුතාවයට පත්වීම වැනි තත්ත්වයන් ඉදිරියේදී කිසිඳු ආකාරයකින් සිදු නොවන බවට සහතික වන බවය.
මේ අතර පසුගිය කාලය පුරාම උතුරේ සහ නැගෙනහිර මාධ්‍යවේදින් මෙන්ම පුරවැසි මාධ්‍යවේදින්ද දැවැත්ත පොලිස් මර්ධනයකට මුහුණ දි තිබුණ අතර අවස්ථා ගණනාවකදි විවිධ විමර්ශණයන්ට භාජනය විමට සිදුව තිබුණි.

උතුරේ සහ නැගෙනහිර මාධ්‍යවේදින් මුහුණ දෙමින් සිටින මේ මර්ධනය දකුණේ බොහොමයක් මාධ්‍ය සංවිධාන පවා කිසිදු සංවේදිකමක් නොදක්වන බව ජේෂ්ඨ මාධ්‍යවේදි සුනන්ද දේශප්‍රිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කොට තිබුණි.

මාධ්‍යවේදි ලසන්තගේ නඩුව හේග් අධිකරණයට …..

0

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සම්බන්ධයෙන් විදේශික මහජන අධිකරණයක් වෙත යොමු කළ පැමිණිල්ල නොවැම්බර් 02වන දින විභාගයට ගැනීමට නියමිතය.

2009 ජනවාරි 8 වැනිදා ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සම්බන්ධයෙන් ලංකාවේ පැවති විමර්ශන කිසිදු විශ්වාසදායක තත්වයක නොපවතින බවට වූ නිගමනය මත ෆ්‍රී ප්‍රෙස් ලිමිටඩ්, දේශසීමා නැති වාර්තාකරුවෝ සහ මාධ්‍යවේදීන් ආරක්‍ෂා කිරීමේ කමිටුව (CPJ) තවත් මාධ්‍යවේදින් ඝතාන සම්බන්ධයෙන්ද කරුනු දක්වමින් ඒ මාධ්‍යවේදීන්ගේ ඝාතන සම්බන්ධයෙන් මහජන විනිශ්චය සභාවක් කැඳවන ලෙස ඉල්ලා සිටියහ. ඒ අනුව, ලසන්තට අමතරව මෙක්සිකෝවේ හා සිරියාවේ මාධ්‍යවේදින් වන මිගෙල් ඇන්ජල් ලෝපෙස් වෙලස්කෝ සහ නබිල් අල්-ෂර්බාජි යන අයගේ ඝාතන සම්බන්ධ පැමිණිලි විභාග කිරීමට නියමිතය. නෙදර්ලන්තයේ හේග් නගරයේ කැඳවන මෙ විනිශ්චය සභාව විසින් නොවැම්බර් 2 දින පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා චෝදනා විභාග කිරීමට නියමිතය.

විවෘත නඩු විභාගය සඳහා ප්‍රසිද්ධ මානව හිමිකම් නීතීඥ අල්මුදෙන බර්නබියු විසින් පැමිණිල්ල මෙහෙයවනු ඇත. මාධ්‍ය නිදහස පිළිබඳ ඉහළ පෙළේ නීති විශාරද මණ්‌ඩලයේ සාමාජිකාවක් වන ෂාස්‌ බැරොනස් හෙලේනා කෙනඩි විසින් ප්‍රධාන දේශනයක් පවත්වනු ඇත.

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර වසර 13ක් ගත වී ඇති නමුත් ලංකාවේ කිසිදු නීති බලධාරියකුට හෝ අධිකරණ ක්‍රියාදාමයකට එම ඝාතනය සිදුකළ, ඝාතකයන් හෙළි කිරීමට හැකි වී නැත. කෙසේ නමුත් ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ සැකපිට අත්අඩංගුවට ගත් හමුදා බුද්ධි අංශ නිලධාරියා ඇප මත නිදහස් කර තිබේ. එසේම මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර, පසුව මරා දැමීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රදවා සිටි හමුදා සෙබළුන් 13 දෙනා නිදහස් කර තිබේ.

මෙවැනි පසුබිමක ලංකාවේ පැවති අපරාධකාරී පාලනයක සිදු වූ මාධ්‍යවේදියකුගේ ඝාතනය පමණක් හේග්හි මහජන අධිකරණය හමුවේ අවධානයට ලක්වනු ඇත.
.lankaviews.com

ජනපති ජගත් සමුළු නායකයන්ට දුන් පොරොන්දුවලට කෝචෝක් දාන පොලිස් ඇමති

ජගත් සමුළු නායකයන් හමුවේ ශ්‍රිලංකා ජනපති මෙරට ජනතාවට මහජන විරෝධතා දැක්විමට ඉඩ ලබා දි ඇතැයි කියමින් දුන් පොරොන්දුවට එරෙහිව පොලිස් ඇමති දැන් චණ්ඩි කථා කියන්නට පටන් ගෙනය .
ඒ් අනුව ඔහු කියන්නේ කඩාකප්පල්කාරී උද්ඝෝෂණ සම්බන්ධයෙන් රජය මෘදු ප්‍රතිපත්තියක නොසිට දැඩි පියවර ගත යුතු බවය.

දැඩි පියවර නොගතහොත් රට සෑදිමට නොහැකි වන බවද පොලිස් ඇමතිවරයා සඳහන් කරයි.

කොරෝනා වසංගතය ඇති මොහොතේ කඩාකප්පල්කරුවන් එක් ලක්ෂ හයදහසක පිරිසක් උද්ඝෝෂණ සඳහා පාරට රැගෙන ආ බවත් පොලීසිය භාර අමාත්‍යවරයා ලෙස තමා කඩාකප්පල්කරුවන්ට විරුද්ධව දැඩිව ක්‍රියා කරන බව අමාත්‍යවරයා සඳහන් කර තිබුණි

ගුරු වර්ජන කරන රටක නෑගීමක් නොමැති බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මහජන ආරක්ෂක ඇමති මෙසේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම් වලට විරුද්ධව මෙවැනි ප්‍රකාශ කරමින් සිටින්නේ GSP +සහනය ශ්‍රිලංකා රජයට ලබා දෙන්නේද ගැන විමසා බැලිම සදහා යුරෝපා සංගම් නියෝජිතයන් ලංකාවට පැමිණ තිබෙන මොහොතක විමද විශේෂත්වයකි.

දින 42 කට පසු රට ඇරුනේ බාගෙටද ?

0

දිවයින පුරා ක්‍රියාත්මක වූ නිරෝධායන ඇදිරි නීතිය අද අලුයම 4 ට අවසන් කෙරුණා. ඒ, දින 42 කට පසුවයි. කොරෝනා ව්‍යාප්තිය හමුවේ දිවයිනටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇදිරි නීතිය පැනවීමට ආණ්ඩුව කටයුතු කළේ ඉකුත් අගෝස්තු 20 වනදායි. 

කෙසේවෙතත් මේ වනවිට රෝග ව්‍යාප්තියේ සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කරන බැවින් සීමාවලට යටත්ව අද සිට රට විවෘත කිරීමට තීරණය කෙරුණ බවත් ඉකුත් සමයේ සිදුවූ අත්වැරදීම් නිවැරදි කර ගැනීමට මෙවර කටයුතු කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසා තිබුණි.

මේ අතර රට විවෘත කෙරුණද දුම්රිය ධාවනය එහෙම පිටින්ම නවතා දමා තිබෙන අතර පළාත් අතර පොදු ප්‍රවාහන සේවාවන්ද ක්‍රියාත්මක නොවේ .
රනිල් වික්‍රමසිංහ පසුගියදා හෙලිකළ පරිදි රට මුහුණ දි ඇති දරුනු මුදල් අර්බුදය නිසා ඩීසල් කලට වේලාවට රටතුලට ගෙන්වා ගැනිමට නොහැකි විම නිසා දින 42 කට පසු ඇරුන රට ඇරුනේ බාගෙටදැයි මහජනයා දැන් අසන්නට පටන් ගෙන තිබේ.

ගණිතඥයන් අවැසි තැනට නැට්ටුවන් පැමිණි විට දෙවියන් සිහිවීම..

0

ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් ජාතිකයන්ට සිටින්නේ එකම දෙවියෙකි. ඒ, අල්ලාහ් දෙවියන්ය. අල්ලාහ් දෙවියන් හැර ඉස්ලාම් ආගමිකයන්ට වෙනත් කිසිදු දෙවියෙක් නොමැත. ඒ තබා බෞද්ධයන්, හින්දූන්, කතෝලිකයන් මෙන් පිළිම, ගස්-ගල් හෝ සුරුවම් හෝ අදහන්නේ නැත.

කෙසේ නමුත් අම්පාර ප්‍රදේශයේ ඇතැම් ඉස්ලාම් භක්තිකයන්ට නම් අල්ලාහ් දෙවියන් හැර තවත් දෙවියෙක් සිටී, එකම එක දෙවියෙක් සිටී. ඒ අන් කවරෙකුවත් නොව  වීරසේකර දෙයියන්ය. රටම දන්නා මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාය.

මෙසේ පවසන්නේ අන් කිසිවෙකුත් නොව සරත් වීරසේකර මහතාමය. අද (30) පෞද්ගලික ගුවන්විදුලි නාළිකාවක උදෑසන වැඩසටහනකට සම්බන්ධ වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඔහුගේ වචනවලින් කියන්නේ නම්, ‘මේ වගේ ජනප්‍රිය, රටම දන්න වැඩසටහනකදි බොරු කියන්න බෑ. අම්පාර පැත්තෙ සමහර මුස්ලිම් ජාතිකයො මට කියලා තියනවා, අල්ලාහ් දෙවියන්ට පස්සෙ අදහන එකම දෙවියන් සරත් වීරසේකර කියලා. ඒ වගේ තමයි මම මුස්ලිම් අයට උදව් කරලා තියෙන්නෙ.’

ගෝඨාභය රාජපක්ෂ විසින් විද්‍යාත්මක යැයි කියා ගනිමින් පත්කරන ලද කැබිනට් මණ්ඩලයේ සිටින අසාර්ථකම කිසිදු වෘත්තිය භාවයක් නොපෙන්වන අයෙකු ලෙස දැනටමත් මහජන ආරක්ෂක ඇමති සරත් විරසේකර පත්ව තිබේ.
ඔහු සැබැවින්ම කටයුතු කරමින් සිටින්නේ පිස්සන්ට හැතැක්ම නැති ගානටය.

රට ඇරියත් පොදු ප්‍රවාහන සේවා නෑ !ඇත්ත කියන්නේ රනිල්ද? දිලුම්ද ?

0

හෙට උදෑසන 4.00 සිට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කෙරුණද පොදු ප්‍රවාහන පවත්වාගෙන යාමේ යම් සීමා පනවා ඇතිබව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කර තිබේ.

කොවිඩ් ව්‍යාප්තිය අවම කර ගැනීම සඳහා පළාත් අතර කිසිදු පොදු ප්‍රවාහන සේවාවක් ධාවනය කිරිමට කටයුතු නොකරන බවයි මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

එමෙන්ම දුම්රිය ධාවන කටයුතුද හෙට ආරම්භ නොකරන බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කල් ඇතිවම රටට කියා තිබුණි.. මගීන් බොහෝ දෙනා දුම්රියේ සිට ගෙන යෑම නිසා කොවිඩ් වෛරසය පහසුවෙන් ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව මෙයට හේතුව බවද ප්‍රකාශ කර ඇත.
මේ අතර හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ කල් ඇතිවම රට හමුවේ කියා තිබුනේ වත්මන් රජයේ දැන් ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නිතියට මුලික පදනම ඉන්ධන නොමැති කම බවය.
ඒ් අනුව රට ඇරියද පොදු ප්‍රවාහන සේවාවන් සදහා ඩීසල් පිළිබදව බරපතල ප්‍රශ්ණයක් පැන නගින බවද කියා සිටියේය.

රට ඇරියත් දුම්රිය ධාවනය නොවන්නේ ඉන්ධන නැති නිසාද ?

0

ඔක්තෝම්බර් (01) සිට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළත් සති දෙකක් තුළ කිසිදු දුම්රියක් ධාවනය නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසු බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

එමෙන්ම ඉදිරි සති දෙක තුළ අන්තර් පලාත් බස් රථ ධාවනය කිරීමෙන් වැළකී සිටීමට පියවර ගන්නා බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

සෞඛ්‍ය බලධාරීන්ගේ බලධාරීන් ගේ උපදෙස් මත මෙම පියවර ගැනීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.

මේ අතර පසුගියදා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ඉන්ධන ප්‍රශ්ණය නිසා පුර්ණ ලෙසින් රට විවෘත කිරිම තවමත් පමා විමට ඉඩ ඇති බවය.

ඔක් 01 වෙනිදාට රට විවෘත කරන්නේ ඩීසල් ලැබුනොතින් පමණද ?

0

ඔක්තොම්බර් පළමුවැනිදා රට විවෘත කළ පසු රාජ්‍ය ආයතන සහ ප්‍රවාහන සේවා පවත්වාගෙන යනු ලබන ක්‍රමවේද සකස් කිරීම සඳහා කොවිඩ් කාර්ය සාධක බළකාය විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසා තිබේ.රට විවෘත කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අවසන් තීරණය ඉදිරියේදී ගැනීමට නියමිත බවත් එම තීරණය ඉදිරි දින 02-03 තුලදී දැන ගැනීමට හැකිවනු ඇති බවයි යුද හමුදාපතිවරයා පවසා තිබුණි.

මේ අතර ශ්‍රී ලංකාව ඇනවුම් කළ ඩීසල් ඔක්තෝබර් 01 වැනිදා වනවිට නොලැබුණහොත් නිරෝධායන ඇඳිරි නීතිය  ඔක්තෝබර් මැද දක්වා දිගු කරන්නට සිදුවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබුනේ මිට දින කිපයකට පෙර සිටය.

නිරෝධායන ඇඳිරි නීතිය ලිහිල් කිරීම ප්‍රමාද වූයේ ශ්‍රී ලංකාවට ඩීසල්  සඳහා මුදල් ගෙවන්නට හැකියාව නොලැබුණු නිසා බවට තමාට දැනගන්නට ලැබුණු බවත්, මේ වනවිට ආණ්ඩුව ඩීසල් සඳහා මුදල් ගෙවා තිබෙන අතර දැන් රටට ඩීසල් පැමිණෙමින් ඇතැයි සැල වී තිබෙන බවත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

එම ඩීසල් ඔක්තෝබර් 01 වැනිදා වනවිට නොපැමිණියහොත් තවදුරටත් නිරෝධායන ඇඳිරි නීතිය දිගු කරන්නට ආණ්ඩුවට සිදුවනු ඇතැයිද වික්‍රමසිංහ මහතා පැවසීය.

වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය සමඟ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.   

යාපනයේ වීදියක සිට නිව්යෝර්ක් ගිය පොලිස් ත්‍රස්තවාදය …

0

උපවාස කොට මිය තිලිපන් වෙනුවෙන් නල්ලුර් කෝවිල අසල වැල්ලේ කපුර කෑල්ලක් දල්වා බුහුමන් දැක්විමට ගිය යාපනේ පාර්ලිමේන්තු මන්ත්‍රි සෙල්වරාසා ගජේන්ද්‍රන්ව අත්අඩංගුවට ගන්නේ අඩුම තරමින් අධිකරණය නියෝගයක් පවා පෙන්වන්නේ නැතිව බව අදාල විඩියෝ සාක්ෂි මගින් ඉතා පැහැදිලිවි තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රි ගජේන්ද්‍රන් දිගින් දිගටම කියා සිටියේ අධිකරණ නියෝගයක් ඇතිනම් එය පෙන්වන්නට යැයි කියාය.

(තතු ඒසේව තිබියදි දකුණේ ඇතැම් මාධ්‍ය මේ පුවත වාර්තා කර තිබුනේ අධිකරණ නියෝග කඩ කිරිම නිසා ගජේන්ද්‍රන් මන්ත්‍රිවරයාව අත්අඩංගුවට ගෙන ඇති බවය.)

ඒ ගැන මුනිවත රැක්ක යාපනේ මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා මන්ත්‍රිවරයා පමණක් නොව තවත් දෙදෙනෙකුවද බලහත්කාරයෙන් පොලිසිය වාහන වලට නංවා ගන්නා අයුරු යාපනේ මාධ්‍යවේදින් විසින් මේ වන විටත් ලෝකයට පෙන්වා හමාරය.
ජනපති එක්සත් ජාතින් හමුවේ ජාතින්ගේ අන්‍යන්‍යාතාවලට ගරු කරන බව කිවද , ජනතාවට විරෝධතා දැක්විමට අයිතියක් ඇතැයි කිවද සරත් විරසේකරගේ පොලිසියට ඒ්වා අදාල නැති සේය.

වඩාත් ලැජ්ජා සහගත කරුණ නම් යාපනේ මූලස්ථාන පොලිස්පරික්ෂකවාරයාගේ වාචාල ප්‍රකාශයයි .ඔහු රැස්ව සිටි අය හමුවේ කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා කැමැත්තෙන්ම ජිප් රථයට නැග්ග බවය.
ජනපති ලෝකයා හමුවේ කුමක් කියා සිටියද සරත් පොලිසිය දැනටමත් ජනපතිව අම්බානකට පිචන් කර හමාරය.
citizenpostlk.com

‘Amen’ (2013)LJP – මලයාලම් චිත්‍රපට….

0

‘Amen’ (2013)LJP කිව්වම මලයාලම් චිත්‍රපට රසිකයින් දන්නවා අඩංගු නිර්මාණාත්මක කොලිටිය කොහොමද කියලා. එච්චරකටම ඒ අකුරු තුනෙන් හඳුන්වන නිර්මාණකරුවා විසින් තමන්ගෙ සිනමා අනන්‍යතාවය මලයාලම් සිනමා කර්මාන්තයේ තබා අවසන්.

විශේෂයෙන්ම කතන්දරය ඉදිරිපත් කරන රටාව සහ කතන්දරය පැවසීමේ කලාව තුළ පවත්නා සුවිශේෂීතාවය නිසාම සම්මාන උළෙලවල් කීපයකදීම හොඳම අධ්‍යක්ෂකවරයා ලෙසින් සම්මානයෙන් පිදුම් ලබපු කෙනෙක් විදිහට ඔහුගේ වෙනස්ම චිත්‍රපට අතරේ මේ තවත් වෙනස්ම එකක් කියල හඳුන්වන්නට පුළුවන්. ගම්මානයක්.

කේරළයේ ජලජ පරිසරයේ අසිරිය මැද්දේ ඉවුරු දෙකක වෙසෙන ප්‍රජාවකගේ තරඟයක්. තරඟයක් කිව්වට යුද්ධයක් හා සමානයි. එකම පල්ලියට එන, එකම දෙවියන් යදින, එකම ශාන්තුවරයෙකුගේ ආශිර්වාදය මැද ඉඳන් එකට ගැටෙන දෙපිරිසක්. ලොකුම ගැටුම තමයි බෑන්ඩ් සංග්‍රාමය.


එහා ඉවුරේ අය තමයි හැමදාමත් ශූරතාවය දිනන්නේ. හැබැයි කාලාන්තරයකට කලින් ලෙජන්ඩ්ස්ලා හිටියේ මෙහා ඉවුරේ බෑන්ඩ් එකේ. වර්තමානයේදී නම් නිකම්ම නිකම් පල්ලියේ බෑන්ඩ් එකක් විතරයි. හැබැයි ආපහු සැරයක් ඉපැරණි ගෞරවය දිනාගන්නට නම් දෙවියන් විසින්ම ගැලවුකරුවෙක් එවිය යුතුම වෙනවා. වැඩේ කියන්නෙ එහෙම කෙනෙක් එනවා. අමුතුම විදිහේ ගැලවුම්කරුවෙක් තමයි එයා. මෙහා ඉවුරේ සොලමන් සහ එහා ඉවුරේ සෝශානා අතර පෙම් අරගලයයි, බෑන්ඩ් සටනයි, ගැලවුම්කාරයයි එක්ක මේක හරිම අපූරු කතන්දරයක්. සොලමන් කියන්නෙ පල්ලියේ බෑන්ඩ් එකේ ලෙජන්ඩරි ක්ලැරිනට් වාදකයාගෙ පුතා.

නමුත් පල්ලියේ බෑන්ඩ් එකෙන් ප්‍රතික්ෂේප වූ අයෙක්. නොහැකියාව හින්ද නෙමේ දෙගිඩියාව හින්දා. හරි නම් එයා තමයි මූලික වෙලා, එහා ඉවුරෙන් ගේම ඉල්ලලා ගමේ නම්බුව ආරක්ෂා කරගෙන ප්‍රේම සටනත් දිනන්න ඕන කෙනා. සොලමන්ගේ චරිතය දුබල සහ පරාජිත එකක් විදිහටයි නිරූපණය වෙන්නේ.

සොලමන්ගේ සමහර හැසිරීම් නරඹන්නාව කෝප ගන්වන්නට පවා සමත්. ෆහද් ෆාසිල් ඒ වැඩේ අපූරුවට කරනවා. රවුඩි බේබි කෙනෙක් කියල කියන්න පුළුවන් පෙම්වතියක් විදිහට ස්වාති රෙඩ්ඩි ගේ දායකත්වයත් කදිමට ගැලපෙනවා. හැමදෙයක්ම බැලන්ස් කරවන්න ඕන ගැලවුම්කරුවා විදිහට ඉන්ද්‍රජිත් සුකුමාරන් ඇතුළු සියලුම චරිත සහය වලින් හොඳම සහයක් ලැබෙනවා. නමුත් සියල්ල පරයා වඩාත්ම අවධානයට යොමුවෙන්නේ කැමරා කෝණ, කැමරාවේ හැසිරීම සහ විශුවලි ස්ටනින් රූපරාමුම තමා.

පරිසර වර්ණනාවල් ඇතුළු සියලුම දර්ශන වල තියෙනවා මාරම කලාත්මක බවක්. වර්ණවත් බවක්. කතන්දරයේ සොබහවය අනුව ගීත වල රූපරචනාත් කදිමයි. හාස්‍යයට ලැබෙන ඉඩත් බොහෝමයි. සංගීතය ප්‍රධාන වන කතන්දරයක් නිසා සංගීතයෙන් ලැබෙන සහයත් ජවසම්පන්නයි.

සියල්ලම ඉතින් LJP ගේ නිර්මාණකරණයට යටත් වෙනකොට මේක මාරම මාර ආකර්ෂණීය චිත්‍රපට අත්දැකීමක්ම තමයි. –

ලක්ෂ්මන් අරංවල

*****************************************************
Directed byLijo Jose PellisseryStory & Written byP.S.RafeequeProduced byFareed Khan StarringFahadh FaasilIndrajith SukumaranSwathi ReddyKalabhavan ManiCinematographyAbinandhan RamanujamMusic byPrashant PillaiCountryIndiaLanguageMalayalam