Tuesday, September 24, 2024
Home Blog Page 32

රාජපක්ෂලාගේ බොරු දේශ ප්‍රේමය ගැන ”රාසා” කළ හෙළිදරව්ව …

0

පාර්ලිමේන්තුවේ දමිළ මන්ත්‍රීවරුන් ජනතා ගැටලු පිළිබඳව අදහස් දක්වන විට ඔවුන්ට කොටි ලේබල් අලවන රජයේ මන්ත්‍රීවරුන්, එල්ටීටීඊ සංවිධානය සමග සෘජුව සම්බන්ධතා පැවැත්වූ KP වැනි පුද්ගලයන් සමග කරට අතදාගෙන සිටින බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් පසුගිය දා පවසා තිබුණි.

කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා කුමරන් පද්මනාදන් මහතාව බදාගෙන සිටින රැස්වීමක ජායාරූප පසුගියදා මාධ්‍යවල පළව තිබේ.
ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් එසේ කටයුතු කරද්දී දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින මහජන නියෝජිතයන්ට සහ දෙමළ ජනතාවට බලපාන ගැටලු පිළිබඳව පෙන්වා දෙන තරුණයන්ට එරෙහිවත් විවිධ මඩ ප්‍රහ‍ාර එල්ල වන බව රාසමානික්කම් මන්ත්‍රීවරයා විසින් කියා තිබේ.

වත්මන් ආණ්ඩුව පමණක් නොව යහපාලන ආණ්ඩුව පවා කේපීට එරෙහිව එල්ල වී ඇති චෝදනා පිළිබඳව කිසිදු පියවරක් නොගත් බවයි රාසමානික්කම් මන්ත්‍රීවරයා පෙන්වා දි තිබුණි.



ඉන්න රටක් ඉල්ලු ජනයාට ලොකු ළූණුත් දැන් වැඩි මිළට ..

0

වෙන මොනව නැතත් ඉන්න රටක් ඉල්ලා වත්මන් පාලනයට ඡන්දය දුන් ජනයාට දැන් සිදුව ඇත්තේ බඩ තද කරගෙන බඩ ගින්නේ ජිවත්විමටය.
දිනපතා ඉහල යන ජිවන මිළ හමුවේ සමාන්‍ය ජනයා දැවැන්ත අර්බුදයකට මුහුණ දි සිටිති.

බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය ගැන ගිරවාගේ රාජකාරිය ඉටු කරමින් රාජ්‍ය ඇමති නිමල් ලංසා කියා සිටියේ බැසිල් පැමිණි විට සහන රැසක් ජනයාට ලැබෙන බවය.


ලංසා සහන යැයි කියන්නේ ගෑස් මිළ වැඩිවිම ගැන විය යුතුය. කිරිපිටි මිළ ඉහල යාම ගැනය.
ලංසාගේ ගේ වහසි බස් කෙසේ වුවද මේ වනවිට මෙරට ලොකු ළූණු මිලද සැලකියයුතු ලෙස ඉහළ යමින් පවතින බව වෙළඳ ව්‍යාපාරිකයෝ මෙන්ම පාරිභෝගික ජනතාවද පවසති.

මෙලෙස ලොකුලූනු මිල ඉහළ යාමට හේතුව ආනයනික ලොකුළූණු සඳහා රුපියල් 40ක බද්දක් පැනවීමට ආණ්ඩුව පසුගිය දා තීරණය කිරීමත් සමඟය.

ඉදිරි සති කිහිපය තුළ දේශීය ලොකුළූණු කිලෝවක මිල රුපියල් 200 ඉක්මවනු ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමය සඳහන් කරයි.

ඉන්න රටක් ඉල්ලපු ජනතාවට රට දාල යන තැනට පාලකයෝ බඩුමිළ වැඩිකරති.

ඉන්නට රටක් ඔ්නැ යැයි කියමින් බලයට පත්කරගත් වත්මන් රජය ජනතාවට දරන්නට බැරි තරම් ජිවන වියදමක් බරක් පටවමින් ති‌බෙන පසුබිම තුල මේ රට හැරයන්නට හිතෙන තත්වයකට දැන් ජනයා පත්ව සිටිති.
පසුගිය දිනවල රට එපා විම නිසා රට හැරයන්නට හිතන ජනතාව වැඩි වෙමින් තිබෙන අකාරය ඉතා පැහැදිලි වෙමින් තිබේ.

මේ සතිය තුල අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් මිළ ඉහල දැමිමට ව්‍යාාපාරිකයන්ට නිදහස දෙමින් කැබිනට් මණ්ඩලය තින්දු ගෙන තිබුණි.
ඒ් අනුව කිරි පිටි මිළ ඉහල ගියේය.
ඒ් අනුව ග්‍රැම් 400 පැකට්ටුවක් රු 140කින් ඉහල ගොස් තිබුණි.

අද ලිට්ට්‍රෝ ගෑස් සමාගම සිය නව ගෑස් මිළ ප්‍රකාශයට පත්කර තිබේ.

ලිට්‍රෝ ගෑස් ආයතනයට අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් දැන් රු. 2,750 කි. ගෘහස්ත ගෑස් සිලින්ඩර කිලෝග්‍රෑම් 12.5 ක් මීට පෙර අලෙවි කළේ රු. 1493. එය අද මධ්‍යම රාත්‍රියේ සිට මිල රුපියල් 1,257 කින් ඉහළ දමා ඇත.

ලිට්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩර කිලෝග්‍රෑම් 5 නව මිල රු. 1,101 කි.. ගෑස් සිලින්ඩර කිලෝග්‍රෑම් 2.5 ක් 231 කින් ඉහළ දමා ඇති අතර නව මිල රු. 520 කි

රජයේ ආශිර්වාදයෙන් ,වැඩි මිළට පෝලිම් නැතුව හෙට සිට ගෑස්…

0

පැවැති කැබිනට් රැස්විමේදි ජනාධිපතිවරයා පවා කියා තිබුනේ හිගයකින් තොරව අතව්‍යශ්‍ය භාණ්ඩ පෝලිම්වල නොසිට ජනයාට ලබාගැනිම හැකි වැඩපිළිවෙලක් සකසන ලෙසය.
පසුගිය දිනවල කිරි පිටි වලට මෙන්ම ගෑස් වලටද රට පුරා පෝලිම් පැවැති ආකාරය මාධ්‍ය විසින් ප්‍රචාරය කර තිබුණි.

මේ අතර ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අද (10)  අවසන් තීරණයක් ගැනීමට නියමිත බව ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් පවසයි.

ඒ අනුව නව මිල ගණන් යටතේ හෙට (11) දිනයේ සිට ගෑස් අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව යි ගෑස් සමාගම් පවසා සිටින බව නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

පැවති ලාෆ්ස් ගෑස් හිඟයට පිළියමක් ලෙස පසුගියදා රැස්වූ කැබිනට්  මණ්ඩලය ගෑස්, කිරිපිටි ,තිරිඟුපිටි සහ සිමෙන්ති පාලන මිල අහෝසි කිරීමට තීරණය කළේය.

මීට පෙරද ඩොලර් හිඟය හේතුවෙන් ලාෆ්ස් ගෑස් හිඟයක් මතුවූ අතර රජය ලිට්‍රෝ සහලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට අවසර ලබා  දුන්නේය.

එහෙත් ලාෆ්ස් ගෑස් හිඟයක් සති දෙකකින් පමණ යලි මතුවූ අතර පවතින මිලට ගැස් සැපයිය නොහැකි බවයි එම සමාගම පෙන්වා දි තිබුණි..

අද තීරණය වන මිල අනුව මෙරට පවතින ගෑස් හිඟය ද අවසන් වීමට නියමිතව ඇතැයි නිව්ස් වයර් වැඩිදුරටත් සටහන් කර තිබේ.

ගුරුවරුන්ට කුණු බිත්තර ගහන්න යන අයව තිස්සකුට්ටි දන්නවලු ?

0

නැවත විරෝධතා ආරම්භ කර තිබෙන ගුරු විරෝධතාකරුවන්ට ජනතාව තරවටු කරන කරමින් යන බව දුටු බවත්, ඊළඟ අවස්ථාවේ ඇතැම් විට කුණු බිත්තර තක්කාලි ගහන තත්වයට පත්වනු ඇතැයි ආණ්ඩු පාර්ශවයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි අනතුරු අඟවා ඇති බව මාධ්‍ය විසින් දැනටමත් වාර්තා කර තිබේ.
මුදලට ජාතියේ අනාගතය පාවාදෙන්න එපා යැයි ආදරණීය ගුරු මෑණිවරුන් ගෙන් පියවරුන්ගෙන් වැඳ නමස්කාර කර ආයාචනා කරන බවත් ඔහු පවසා තිබුණි..
එසේ වුවහොත් ගුරු ගෞරවය සම්පූර්ණයෙන්ම කෙලෙසෙනු ඇති බවත් පැවසූ මන්ත්‍රීවරයා ඒ නිසා 21 වෙනිදා පාසලට ගොස් සහයෝගය ලබාදෙන්නැයි කාරුණිකව ඉල්ලා සිටින බවද පැවසා ඇත.
පසුගිය දිනවලදි ගුරු විදුහල්පති විරෝධතා පැවැත්වු අවස්ථාවේ එයට එරෙහිව විරෝධය පළකර සිටි සුළු පිරිස පවා ආණ්ඩු පක්ෂයට සම්බන්ධ අය බව සමාජ මාධ්‍ය විසින් ඔවුන්ගේ ඡායාරූපද පළකරමින් හෙළිදරව් කර තිබුණි.
මේ එක් අයෙකු කථානායක කාර්ය මණ්ඩල සමාජිකයෙකු බවද හෙළිව තිබුණි.
ඒ් අනුව තිස්සකුට්ටි මන්ත්‍රිවරයා කියන කුණු බිත්තර ප්‍රහාරකයන්ටද සැබැවින්ම අයිතිකාරයෙකු සිටිය යුතු බව පැහැදිලිය.

මේ වසරේ බස්නාහිර දරුවන් පාසැල් ගොස් ඇත්තේ දින 5 ක් පමණයි !

0

වසංගතයක් මැද පාසැල් දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටෙන්නට නොදි එය රැක ගැනිම සදහා මේ රජයට විධිමත් වැඩපිළිවෙල්ක තිබුනේ ද යන ප්‍රශ්ණය යළිත් වරක් දැන් මතුව තිබේ.
දරුවන් වසංගතයෙන් ආරක්ෂා කර ගැනිම සදහා අවම තරමින් සා/පෙළ උසස් පෙළ දරුවන්ට කඩිනමින් ප්‍රමුඛතාවය ලබාදි එන්තකරණය සිදුකිරිමට සැබැවින්ම රජයට වැඩපිළිවෙලක් තිබුනේද යන්න ගැටළුවකි.

වෙනත් රටවල පාසැල් අධ්‍යාපනය කඩනමින් ඇරඹිම සදහා ඒ රට වල දරුවන්ට එන්නත කඩිනමින් ලබාදිමට පියවර ගෙන තිබුණි.
එවැනි සැලැස්මක් නොතිබුණ ලංකාව තුල විශේෂයෙන්ම බස්නාහිර දරවන් මේ වසර සදහා පාසැල් ගොස් ඇත්තේ දින 5 ක් පමණක් බව අනාවරණය විමෙන් මේ ගැටළුවේ බරපතල කම වඩාත් ඉස්මතුවි පෙනේ .
කලින් නියම කර ඇති පරිදි උසස් පෙළ විභාගය මේ වසරේ පැවැත්වීමට නොහැකි වූවත් විෂය නිර්දේශවල වෙනසක් සිදු නොවන බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ යොමු කළ ප්‍රශ්ණයකට පිළිතුරු දක්වමින්, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පැවසුවේ බස්නාහිර පළාතේ සිසුන් මේ වසරට පාසැල් ගොස් ඇත්තේ දින 05 ක් පමණක් බවය

වතුනිවාසක ඇතිවු ගින්නකින් 5 දෙනෙකුට දිවි අහිමි වෙයි

0

නුවරඑළිය රාගලවත්ත මැදකෙටසේ නිවෙසක ඇති වූ ගින්නකින් එකම පවුලේ පස් දෙනකු මියගොස් ඇතැයි රාගල පොලිසිය කියයි. අවුරුදු එකක සහ දෙකක් වයසැති දරුවන් දදෙදෙනකු ඔවුන් ගේ මව සහ ආච්චි ,සියා ද මියගිය අය අතර ඇතැයි පොලිසිය පවසයි .
රාගලවත්ත මැද කොටසේ තාවකාලිකව ඉදිකළ නිවෙසක මෙම ගින්න හටගෙන තිබෙන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.

රට ගැන පමණක් නොව බඩ ගැනවත් නොහිතන පාලකයන්ගේ මිළග කෙරුවාව

0

ඉන්න රටක් තිබිය යුතුයැයි සිතු 69 ලක්ෂයක් ජනතාව පත්කරගත් පාලකයන් දැන් රට ගැන තියා ජනතාවගේ බඩ ගැන වත් නොහිතන හැටි දිනපතා ඇස්පනා පිටම දැන් දැකගන්නට ලැබෙමින් තිබේ.
ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්විමේදි ඇති තරමින් ජනතාගේ බඩට ගහන්නට ව්‍යාපාරිකයන් ඉඩ ලබා දෙමින් වත්මන් පාලකයන් විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිළ පාලනය ඉවත් කරන්නට තින්දු කර තිබේ.
ඒ් අනුව දැනටමත් පෝලිම් වල ලගිමින් රස්සියාදු ජනයා ඉහල මිළක් ගෙවා ගෑස් කිරිපිටි මිළට ගැනිමට මේ පාලකයන් ඊයේ තීන්දු ගත්තේය.
රටේ සම්පත් විදේශයන්ට විකුණමින් සිටින පාලකයන් ජනතාව වසංගතයෙන් පිඩාවට පත්කළාට අමතරව දැන් සැරසෙන්නේ ඇති හැකි නම් නම් පමණක් බඩු ගනිල්ලා යැයි කියන තැනට ජනතාව පත්කරලිමටය.

ලෝක ගුරු දිනය දා දීප ව්‍යාප්ත උද්ඝෝෂණයක් !

0

ගුරුවිදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ලෝක ගුරු දිනයදා ඔක්තෝබර් 06 දින උදේ 10 ට රට පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද පවත්වා තිබුණි ( 2021-10-03)
මෙවර ලෝක ගුරු දිනය ලංකාවේ ගුරු විදුහල්පති ක්ෂේත්‍රයට ඉතාමත් තිරාණාත්මක වි ඇත්තේ මෑත ඉතිහාසය තුල ඉතාමත් ශක්තිමත්ව පුළුල්ම ඒ්කාබද්ධතාවයකුත් අරගලයක් ලෙසින් ගුරු විදුහල්පති අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් තිබිම නිසාය.
සරත් විරසේකරලා වැනි කිසිදු වෘත්තිය භාවයක් නැති ඇමතිවරුන්ට මේ ගුරු විදුහල්පති අරගලය හිසරදයක් වි ඇති අකාරය ඔහු විසින් පවසන මෝඩ කථාවලින්ම ඉතා පැහැදිලි වෙමින් තිබේ.

ඉන්න රටක් ඉල්ලපු ජනතාව බඩට කන්න හෙටක් නැතිවෙන ලකුණු ?

0

යහපාලන ආණ්ඩුව පෙරළා දමා උද්යෝගයෙන් යුතුව ජනතාව ජනතාව වත්මන් රජය බලයට පත්කරගද්දේ රාජපක්ෂවරුන්ගේ ප්‍රධාන තේමාව වු ඉන්න ආරක්ෂිත රටක් පිළිබද දහසකුත් එකක් බලාපොරෝත්තු තබාගෙනය.

පාස්කු ප්‍රහාරය ගැන දැන් හෙළිවෙමින් ඇති ඇත්ත ගැන විමසා පැලිමේදි රට සැබැවින්ම ආනාරක්ෂිත කලේ කව්දැයි දැන් රටම දන්නා තත්වයක්ද නිර්මාණය වි තිබේ.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය තුල පසුගිය කාලය පුරාවටම කථා බහට ලක්වු සහ සමච්චලයට ලක්වු ඉන්න රටක් ඉල්ලපු ජනතාවට දැන් බඩට කන්නත් නෑයි යන්න මේ වන විට දිනපතාම ඇත්තක් බවට පත්වෙමින් තිබේ.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගණනාවක මිළ ගණන් පසුගිය කාලය ඉතා ඉහල ගියේය. එමෙන්ම දැවැන්ත භාණ්ඩ හිගයක්ද ඇතිව තිබේ.

කිරිපිටි කිලෝවක මිල රු 200කින් වැඩිවෙන බවත් ඒ අනුව කිරිපිටි කිලෝවක වෙළෙඳපොළ මිල රු 1,145ක් දක්වා වැඩිවන බවත් කිරිපිටි ආනයනකරුවන් පවසයි.

“අද දෙරණ” බිග්ෆෝකස් වැඩසටහන සමඟ එක්වෙමින් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික, ලක්ෂ්මන් වීරසූරිය පැවසුවේ ලබන සඳුදා කැබිනට් මණ්ඩලයට අනුමැතිය සඳහා එම මිල ගණන් ඉදිරිපත් කරන බවය.

ඒ අනුව ලබන සතිය වනවිට කිරිපිටි හිඟයට විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඒ මහතා පැවසීය.

කිරිපිටි වරායෙන් නිදහස්කර ගැනීම සඳහා ඩොලර් හිඟයක් තවමත් පවතින බව ඒ මහතා කියා සිටියේය.

ප්‍රශ්නය – කිරිපිටි ටොන් කොච්චරක් ලංකාවට එනවා ඇතිද වසරකට?

“වසරකට ටොන් 80,000ක් විතර ගෙන්වනවා අපි.”

ප්‍රශ්නය –  කොච්චරක් ද හිරවෙලා තියෙන්නේ වරායේ?

“අපේ නම් කිරිපිටි ටොන් කිලෝ ලක්ෂ 3ක් විතර හිරවෙලා තියෙනවා. අනෙක් සමාගම්වලත් ඇති කොටස් වශයෙන් ගෙනල්ලා.”

ප්‍රශ්නය – ඔබතුමන්ලා වෙළෙඳපොළ ට නිකුත් කරාම කිරිපිටි කිලෝවක් විකුණන්ගේ කීයට ද?

“රු 945යි පාරිභෝගිකයා ට යන්නේ. නමුත් අපි දෙන්නේ රු 820කට විතර. අපිට දැන් විකුණන කොට ඍණ අගයක් 30% විතර තියෙන්නේ. උපරිම වශයෙන් පාරිභෝගික අධිකාරියෙන් දෙන්නේ කිරිපිටිවලට සියයට 4යි. හැමදාම අපිට තියෙන්නේ සියයට 2යි 1යි. මේ අවුරුද්දේ බැලුවොත් අති විශාල පාඩුවක්. මේක මාසයකට බැලුවහම රු 350 ගානේ පාඩුව බැලුවොත් එහෙම මිලියන 1,200ක් විතර පාඩුයි මේ සමාගම් ටිකට.”

ප්‍රශ්නය – කිරිපිටි හිඟය නැති වෙන්න මොකද්ද කරන්න පුළුවන්?

“හිඟය නැතිවෙන්න නම් කිරිපිටි ආනයනය කරන්න ඕනේ. දැන් අපේ සමාගමට වෙලා තියෙන්නේ, අනෙක් සමාගම්වලට එහෙම තත්ත්වයක් වෙලා තියෙන්නේ, දැන් අර පරණ බිල් ගෙවන කල් ඒ රටවල්වලින් ඇණවුම් ක්‍රියාත්මක වෙන්නේ නෑ. වරායේ තියෙන ටික නිදහස් කර ගන්න අවශ්‍ය ලියකියවිලි ගෙන්න ගන්න ඕනේ ඒ රටවලින් අපි ඒ හිඟ මුදල ගෙවන්න ඕනේ. ඒක ගෙවලා අපේ රට ඇතුළු තියෙන කිරි ටිකයි ඔක්කෝම මිල සංශෝධනයක් ඉල්ලලා තියෙනවා මේ අධික පාඩුවක් නිසා ගෙනියන්න බැරුව. කිරිපිටි පාඩුව මේ ආයතන 5ට එකතුවෙනවා මිලියන 1,100ක් විතර.”

ප්‍රශ්නය – කීයක් වැඩිකරන්න ද ඉල්ලුවේ ?

“අපි ඇත්තටම වැඩි කරන්න ඉල්ලූවේ වෙනස විතරයි.  ඩොලර් එක රු 186 තිබුණ එක රු 203 වුණා නිල වශයෙන්. නිල නොවන විදියට රු 238 වුණා. මේ වෙනස විතරයි අපි ඉල්ලුවේ රු 350ක්. ඒ වෙනස පාරිභෝගික අධිකාරියෙන්, ජීවන වියදම් කමිටුවෙන් ඒ අය තීරණය කරලා තියෙනවා රු 200ක් පමණක් දෙන්න. ඒක මේ සඳුදා කැබිනට් මණ්ඩලයට අනුමැතිය සඳහා දානවා.”

ප්‍රශ්නය – ඒ කියන්නේ කිරිපිටි කිලෝවක් රු 200කින් වැඩිවෙනවා ද?

“ඔව් කිරිපිටි කිලෝවක් රු 200කින් වැඩිවෙයි වෙළෙඳපොළට එනකොට. රු 200ත් අපිට ලාභයක් නෙමෙයි පාඩුවක්. රු 150ක පාඩුවක් වෙනවා. විකුණන මිල 1‍,145ක් වෙනවා.”
මුලාශ්‍රය – අද දෙරණ