Tuesday, September 24, 2024
Home Blog Page 31

20 යි 20 : පළමු පෙරළිය ස්කොට්ලන්තයෙන් – ලංකාව අද තරග බිමේ

0

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මූලික වටයේ දෙවන තරඟය ජයගැනීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත් විය. ඒ, බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 6කින් පරාජය කරමිනි.   මෙම තරගය ඊ කාණ්ඩය යටතේ පැවැත්වුනේ ඕමාන් ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගනයේය.  

පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුළු 09 ක් දැවී ලකුණු 140 ක් රැස් කළේය.    ස්කොට්ලන්ත කණ්ඩායම වෙනුවෙන් එහිදී ක්‍රිස් ග්‍රීව්ස් ලකුණු 45ක් රැස්කළ අතර ජෝර්ජ් මුන්සි ලකුණු 29ක් රැස් කිරීමට සමත්විය.   මෙහිදී ස්කොට්ලන්ත ඉනිමේ කඩුලු 2ක් දවා ගනිමින් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට බංග්ලාදේශයේ ශකිබ් අල් හසන් ඊයේ සමත් වුණි.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 20 තුළ රැස්කළ හැකිවූයේ කඩුලු 7ක් දැවී ලකුණු 134ක් පමණි.   අවසන් පන්දුවාරයේදී බංග්ලාදේශ කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා ලකුණු 24 ක් ලබාගත යුතුව තිබු අතර කෙසේවෙතත් ඔවුන්ට එම පන්දු වාරයේදී ලබාගත හැකිවූයේ ලකුණු 17 ක් පමණි.   

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මුෂ්ෆිකුර් රහීම් ලකුණු 38ක් රැස්කළ අතර නායක මහමුදුල්ලා ලකුණු 23ක් රැස්කළේය.   පන්දු යැවීමේදී ස්කොට්ලන්තයේ බ්‍රැඩ්වීල් ලකුණු 24 කට කඩුළු 03 ක් දවා ගැනීමට සමත්විය.    මේ අනුව බංග්ලාදේශ කණ්ඩායම 20 යි 20 තරග පිටියේ ස්කොට්ලන්ත කණ්ඩායම සමග පැවැති තරග 02 ම මේවනවිට පරාජයට පත්ව ඇත. 

මේ අතර පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ සහභාගී වන පළමු තරගය නැමීබියා කණ්ඩායමට එරෙහිව අබුඩාබි හිදී අද පැවැත්වේ.   A කාණ්ඩය යටතේ පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 07 යි 30 ට ආරම්භ වීමට නියමිතය.   

328841
328843
328857
328853
328849

www.theleader.lk

සහල් මිළ යළිත් ඉහලට …?

0

ඉදිරි දින දාහතරක කාලය තුළ කාලයේ දී අනිවාර්යෙන්ම සෑම සහල් කිලෝවක මිල රුපියල් 25-50 ත් අතර මිලකින් ඉහළ යාමට නියමිත බව ලංකා සහ නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරන බව ලංකා සි නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

එනිසා වහාම රජය විසින් සහල් සඳහා උපරිම සිල්ලර මිල ගැසට් කළ යුතු බවද ඔවුන් කියා සිටිති.

පොළොන්නරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එම සංගමය මේ බව සඳහන් කර තිබුණි.

දැනට ඇති පොහොර අර්බුදය හේතුවෙන් මහ කන්නයේ වී තොග වෙළඳපොළට පැමිණීම 50% කින් පහළ බැස ඇති බවත් මෙම තත්ත්වය මත රට තුල සහල් හිගයක් පැන නගිනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙති.

මෙම තත්ත්වය මත ඉදිරියේදී සෑම සහල් කිලෝවකම මිල පාරිභෝගිකයාට දරාගත නොහැකි අන්දමින් මිල ඉහළ යනු ඇතැයි ද එම සංගමයේ සභාපති සුරාජ් ජයවික්‍රම මහතා කියා සිටියේය.

දැනට සහල් මෝල් හිමියන් විසින් වැඩි මිලට මී වී මිලට ගනිමින් සිටින නිසා සහල් මිල ද දිනෙන් දිනම ඉහළ යමින් පවතින බවත් අද වන විට ආණ්ඩුව සහල් පාලන මිල ඉන් ඉවත් වී සති දෙකක් පමණ වන බවත් ඔහු සඳහන් කළේය.

කබ්රාල් ඔක් 15 වෙනිදාත් සල්ලි අච්චු ගහලා ?

0

ශ්‍රී ලංකා මහ බැංකුව 2021 ඔක්. 15 (ඊයේ) දිනයේ තවත් රු. බිලියන 19.63 ක් හෙවත් රු. කෝටි 1963 ක් අච්චු ගසා ඇති බවත්  රටේ බඩු මිල රොකට් ගත වීමට මුදල් අච්චු ගැසීම හේතුවී ඇති බවත්ට හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහත නිවේදනයක් නිකුත් කරමින් පවසන බව ada.lkවෙබ් අඩවිය වාර්තා කර තිබේ.

2020 ජනවාරි සිට මේ දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව ආණ්ඩුව වෙනුවෙන් අච්චු ගසා ඇති මුදල  රු. කෝටි 138,768 ක් (රු. 1,387,680,000,000) කි.  ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීමෙන් පසුව 2020 ජනවාරි 1 දින දක්වා අච්චු ගසා තිබූ මුදල මෙන් 20 ගුණයකට ආසන්න මුදලක් පසුගිය මාස 20 තුල අච්චු ගසා ඇතැයි ඔහු පෙන්ව දි තිබුණි.

අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව මේ දක්වා අච්චු ගැසූ මුදල රු. කෝටි 17,804 ක් බව ඔහු පෙන්ව දෙයි.

1952 න් පසුව, ඉතිහාසයේ පළමු වතාවට මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් ඝෘණ අගයක් බවට පසුගිය සතියේ දී පත්විය. මෙරට බැංකු පද්ධතියට පිටින් උන්ඩියල් ක්‍රමයට ඩොලර් හුවමාරුවන කළු  කඩ මුදල් ජාවාරම පුළුල් වී ඇතැයිද ඔහු පවසයි.

2022 ජනවාරි මස ජාත්‍යන්තර ස්වරෛී බැඳුම්කර සඳහා ඩොලර් මිලියන 500 ක් ද, සංවර්ධන බැඳුම්කර සඳහා තවත් ඩොලර් මිලියන 429 ක් ද ගෙවිය යුතුව ඇත. 2022 මාර්තු මස තවත් ඩොලර් මිලියන 510 ක සංවර්ධන බැඳුම්කර මුදල් ගෙවිය යුතුව ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භයේ සිට 2020 ජනවාරි දක්වා මුද්‍රණය කර තිබූ මුළු මුදල රු. බිලියන 74.74 ක් හෙවත් කෝටි 7474 කි. 2021 ඔක්තෝබර් 15 (ඊයේ) වන විට අච්චු ගසා ඇති මුළු මුදල රු. බිලියන 1,469.84 කි
මුලාශ්‍රය- ada.lk

නිකවැරටිය ගොවියෝ පොහොර ඉල්ලා යලිත් උද්ඝෝෂණයේ..

0


නිකවැරටිය රිදීබැඳිඇල්ල ව්‍යාපාරයේ ගොවීන් නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පොහොර නැතිව වතුර එපා..යැයි කියමින් අද පෙරවරුවේ උද්ඝෝෂණයක් ආරම්භකර තිබුණි.

රජය විසින් ක්‍රියාත්මක කරන්නට යෙදුණු ප්‍රයෝගික නොවන පොහොර තහනම නිසා මේ වන විට රට පුරා ගොවි ජනයා දැවැන්ත විරෝධතා පවත්වමින් සිටිති.

මළවුන් සැමරූ දමිළ ජාතිකයන් 10 දෙනෙකු මාස 5 ක් තිස්සේ හිරේ …

0

යුද්ධයෙන් මළවුන් සැමරීම නිසා මාස පහකට ඉහතදී අත් අඩංගුවට ගනු ලැබූ කාන්තාවන් ඇතුළු දෙමළ දසදෙනකු තව දුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කොට තිබෙන බව දලිඩර් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.
දොළොස්වැනි මුල්ලිවයික්කාල් සමරුව යෙදුනු 2021 මැයි 18 වැනිදා මඩකලපුවේ කිරාන් වෙරළ තීරයේ අනුස්මරණයක් පැවැත්වූ එම පිරිස කල්කුඩා පොලිසිය විසින් පසුදා අත් අඩංගුවට ගන්නා ලදී.  

රටේ පවතින වසංගත ව්‍යාප්තිය හේතුවෙන් සැකකරුවන් ඔක්තෝබර් 13 වැනි බදාදා අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණි.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩුව කැදවු විනිසුරු එම්.එච්.එම් ෆසීල් නියෝග කර ඇත්තේ සැකකරුවන්  ලබන 25  තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙසයි.    

නිරෝධායන මාර්ගෝපදේශ අනුගමනය කරමින් මේ වසරේ මැයි 18 දා පැවති සමරුව නිමවා පැය කීපයක් ගිය පසු වෙරළබද ඉඩමේ හිමිකරුගේ පියා අත් අඩංගුවට ගන්නා ලද බව ප්‍රදේශයේ බිම් මට්ටමේ ක්‍රියාධාරීහු පවසති.    අනුස්මරණය පිළිබඳව තම පියා කිසිත් නොදන්නා බව පවසන ඉඩමේ හිමිකරු විමලසේනා ලවකුමාර් ඒ පිලිබඳ විමසීමට ගිය අවස්ථාවේ කල්කුඩා පොලිසිය ඔහු රඳවාගෙන තිබේ.  අනික් නම දෙනාද ඉන් අනතුරුව කැඳවා අත් අඩංගුවට ගන්නා ලද බව පළාත්බද ක්‍රියාධාරීහු පවසති.

යුද්ධයේදි මිය ගිය උන් සැමරිම මහින්ද රාජපක්ෂ පසුගිය පාලනය කාලය තුල ඉදිරිපත් කරන්නට යෙදුන දරුස්මාන් වාර්තාවේද සදහන් කොට තිබුණ එක් ප්‍රධාන නිර්දේශයකි.

ශිෂ්ට සම්පන්න සමාජයක මළවුන් සැමරිමට ජාති ආගම් හෝ වෙනත් කිසිදු භේදයක් නොතිබිය යුතුය.
එහෙත් වත්මන් පාලනය යටතේ උතුරේ මෙන්ම නැගෙනහිරද දමිළ ජනයා මළවුන් සැමරිමට ගිය අවස්ථාවලදි පොලිසිය විසින් විවිධ හිරහැර කිරිම් වලට එ අයව ලක්කිරිම සහ අත්අඩංගුවට ගැනිම් පවා සිදුකිරිම මානව හිමිකම් අගයන ලෝක සමාජයම දන්නා සත්‍යයක් බවට දැන් පත්ව තිබේ.

මීගමුවේ පුරප්පාඩු එජාප මන්ත්‍රිධුරය තලාහේන පේරුවට

0

මීගමු මහනගර සභාවේ එජාප නගාරික මන්ත්‍රි කැලිසන් ජයකොඩිගේ අභාවයත් සමගින් පුරප්පාඩු වු මන්ත්‍රිධුරය තලාහේන පේරුවටම ලබාදෙමින් එජාප ලයිස්තුවෙන් එජාප ආසන කළමණාකාරධුරය දරන ලියෝ ප්‍රැන්ක් රත්නසිරි (රාජා) වෙත ලබාදි තිබේ.
මෙම පත්විම පසුගිය ගියදා එජාප නියෝජ්‍ය නායක සහ ලේකම් ඉදිරිපිටදි ලබාගෙන තිබුණි.

බන්ධනාගාරයේදි සැනිටයිසර් පානය කළ ඉරාන ජාතිකයින් දෙදෙනෙකු මියයයි !

0

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින ඉරාන ජාතිකයින් 12 දෙනෙක් පිරිසිඳුකාරක ද්‍රාවණයක් පානය කිරීම හේතුවෙන් රෝහල්ගත කර තිබෙන බව දෙරණ වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.

එහි වැඩිදුරටත් සදහන් වන්නේ ඉන් දෙදෙනෙකු මියගොස් ඇති බවත් තවත් 10 දෙනෙකු බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසු බවය.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ ඉන් දෙදෙනෙකු මියගොස් ඇති බවත් තවත් 10 දෙනෙකු බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවත්ය.

එම ඉරාන ජාතිකයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටි පිරිසකි.

මත්පැන් නැති, මංගල උත්සව සඳහා 50 දෙනෙකුට හෙට සිට අවසර….

0

නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් අනතුරු පැනවූ නව සෞඛ්‍ය මාර්ගෝපදේශමාලාවට අනුව යම් සීමාවන්ට යටත්ව විවාහ මංගල උත්සව පැවැත්වීමට හෙටින් (15) පසු අවසර හිමි ව තිබෙන බව දෙරණ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ඒ අනුව ලබන 16 වැනිදා සිට ශාලාවේ ඇතුළු කරගත හැකි පුද්ගලයින් ගණනින් සියයට 25ක් පිරෙන ආකාරයට, උපරිම පුද්ගලයින් 50කට පමණක් සීමා කරමින් විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහා අවසර ලබාදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ දැක්වේ.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මේ දක්වා විවාහ, ලියාපදිංචි කිරීම්වලට පමණක් සීමා කර තිබුණි..

මේ අතර මංගල උත්සව පැවැත්වීමේ දී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ඒවා පවත්වන්නේ ද යන්න පිළිබඳ පරීක්ෂා කිරීම් සිදුකරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේය.

මංගල උත්සව මත්පැන් භාවිතයෙන් තොර විය යුතු අතර ඒ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විශේෂ අවධානය යොමු කරන බව ද උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

සීනි, ලොකු ලූණු සහ අර්තාපල් මිල ඉහලට ?

0

භාණ්ඩ මිළ ඉහල යාම දැන් දිනපතා පුවත් මවමින් තිබේ.ගෑස් මිළ යාමේ ආමාරුව විවිධ ආකාරයෙන් අත්විඳිමින් සිටින ජනයාට දැන් සිනි,ලොකු ළූණු සහ අර්තාපල් මිළ ඉහල යෑම තවත් අපහසුවක් ඇතිකර තිබේ.

සීනි, ලොකු ලූණු සහ අර්තාපල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව සිල්ලර වෙළෙන්දෝ පවසති.

සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 130 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් වෙළෙඳපොල තුළ සීනි හිඟයක් ඇති වී ඇති බවත් වෙළෙන්දෝ කියති.

ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 150 ත් 160 ත් අතර වීම නිසා මේ වන විට ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 200 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

දේශීය ලොකු ලූනු සමය ආරම්භ වීම නිසා ලූණු මිල ඉහළ යෑම සාමාන්‍ය තත්වයක් බවත් පසුගිය වසරේ දේශීය ලොකු ලූනු සමයේ උච්චතම කාලය වූ නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී කිලෝවක් රුපියල් 400 ක් දක්වා ඉහළ ගිය බව ද වෙළෙන්දෝ පවසති.

ලංකා අර්තාපල් කිලෝවක කොළඹ තොග මිල රුපියල් 130 ත් 140 ත් අතර වීමත් සමඟ සිල්ලර මිල රුපියල් 200 දක්වා ඉහළ ගොස් ඇති බවත් රට අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 110 ත් 115 ත් අතර පැවති බැවින් කිලෝවක සිල්ලර මිල රුපියල් 160 ත් 180 ත් දක්වා ඉහළ ගොස් ඇති බවත් වෙළෙන්දෝ කියති. 
මුලාශ්‍රය – ලංකාදිප

ආණ්ඩුවට එරෙහිව උතුරේ වීදියේත්, මුහුදේත් විරෝධතා දින දෙකක්

0

messenger sharing button

උතුරේ පිඩිත ජනයාගේ ගැටළුවලට මැදිහත් නොවන බවට චෝදනා එල්ලවීමෙන් පසු දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට එරෙහිව විරෝධතා දියත් කිරීමට සැලසුම් කර තිබේ.   පොහොර සහනාධාර ලබා නොදීම හා රසායනික පොහොර තහනම නිසාවෙන් පිඩාවට පත්ව ඇති ගොවි ජනයාත්, අනවසර ඉන්දීය ධීවරයන්ට නීතිය ක්‍රියාත්මක නොකිරීමටත් එරෙහිව ධිවර ප්‍රජාවත්, එළඹෙන 17 වැනිදා සහ 18 වැනිදා දෙදින උතුරු පළාතේ උද්ඝෝෂණ පැවැත්වීමට නියමිතය.

  “ගොවින් මුහුණ දෙන ගැටළු වලට විසදුම් ඉල්ලා යාපන දිස්ත්‍රිකයේ ඇති ගොවිජන මධ්‍යස්ථාන 28 ඉදිරිපිට සෞඛ්‍ය උපදෙස් අනුව 17 වැනිදා පැවැත්වෙනවා. ධීවර ගැටළු මුල් කරගත් විරෝධතාව පැවැත්වෙන්නේ මුලතිව් මුහුදේ සිට පේදුරුතුඩුව දක්වා බෝට්ටු පෙළපාලියකින් පැමිණීමෙන්,” යැයි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ඇම්.ඒ සුමන්තිරන් 13 වැනිදා යාපනේ පැවැත්වූ පුවත්පත් සාකච්ජාවදී පැවසීය.   දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ අනවසර ඉන්දීය ධීවරයන්ගේ පැමිණීම වැලැක්වීමට නීති සම්පාදනය කර තිබුන ද ඒවා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව මැලිකමක් දක්වන බවය.

  “ධීවර ඇමැති දෙමළ ජාතිකයෙක් වුනත්, දෙමළ ධීවරයන්ට වෙන මේ අසාධාරණය ගැන නීතිය ක්‍රියාත්මක නොකරන නිසා ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා ඇවිත්, උතුරේ ධිවර ජනයාට හානි කරලා, ඔවුන්ගේ මුහුදු සම්පත් අරගෙන යන තත්වයක් තියෙන්නේ, ඒ නිසා තමයි ධීවරයෝ මුලතිව් ඉඳන් පේදුරු තුඩුව වෙනකම් බෝට්ටු පෙළපාලියේ ඇවිත් ධීවර ඇමතිට එරෙහිව උද්ඝෝෂණය කරන්න සුදානම් වෙන්නේ,” යැයි සුමන්තිරන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

     තම තමන්ගේ ප්‍රදේශවල ගොවි-ධිවර උද්ඝෝෂණ පැවැත්වීමටද දකුණේ අනෙකුත් විරුද්ධ පක්‍ෂ නායකයන් සමඟ දෙමළ ජාතික සන්ධානය පැවති සාකච්ජාවලදී එකඟතාවකට එළඹී බවද සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසීය.  

  මේ අතර මුලතිව් කල්ලප්පාඩු මුහුදේ මසුන් මරමින් සිටි ධීවරයන් සිව් දෙනකුගේ ලංකා රුපියල් ලක්‍ෂ දෙකකට වඩා වටිනා දැල් ආම්පන්න ඉන්දීය ධීවරයන්ගේ ට්‍රෝලර් බෝට්ටු මගින් විනාශ කළ බවට 11වැනිදා ධීවර සංගම්වලට පැමිණිලි ලැබී තිබිණි.  
theleader.lk