Tuesday, September 24, 2024
Home Blog Page 30

ජාති,ආගම් භේදයකින් තොරව ගුරු සටනට රටපුරා සහය පළවේ !

0

පවතින පාලනයට දැවැන්තම අභියෝගයක් එක් කළ වෘත්තිය අරගලය බවට පත්ව ඇති ගුරු විදුහල්පති සටනට මේ වන විටත් රටපුරා ජාති ආගම් භේදයකින් තොරව සහය පළවෙමින් තිබේ.

ගුරු – විදුහල්පති ගැටළු විසඳා දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කරනු ! බේරුවල අල් හුමයිසරා විද්‍යාලයේ දෙමව්පියන් ගුරු සටනට සහය දෙමින් ඊයේ දිනයේ විරෝධතාවයට එක්ව සිටියහ.

මේ අතර උතුරේද ප්‍රදේශ ගණනාවකදි ගුරු විදුහල්පති සටනට සහය පළකරමින් දෙමව්පියන් විරෝධතාවලට එක්ව සිටිනු දකින්නට තිබුණි.

ලංසාලා සහ සමීරලා‌ගේ ෆයිසර් එන්නත් මාෆියාව ?

0

මහජන බදු මුදල් මාටියා ගැසිම සම්බන්ධයෙන් කප් ගසා ඇති මිගමුව මහනගර සභාව පසුගිය කාලය තුල එන්නතකරණය සම්බන්ධයෙන් කුප්‍රකට ආයතනයක් බවට පත්ව තිබුනේ VIP එන්නත් ගැහිල්ල නිසාය.
සිට දේශපාලන හිතවතුන්ට මිගමුව නගරාධිපතිවරයාගේ කාමරය තුලද ඉන් පිටතද මේ එන්නත ගැහැලිල දිගටම ක්‍රියාත්මක විය.

දැන් ෆයිසර් ගැහිල්ලටත්VIP පෝලිමකි.

රටපුරා සිසුන් සදහා ෆයිසර් එන්නත ලබා දෙමින් තිබියදි මිගමුවේදි කලින් මෙන්ම විවිධ වංචා දුෂණ සිදුවෙමින් ඇතැයි වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට ඇත.

පාසැල් දරුවන්ට විදින්නට ඇති එන්නත් කුප්පු කිපය බැගින් ඒ පාසැල් වලින් ඉල්ලා ගෙන මිගමුව නගරාධිපතිගේ VIP ෆයිසර් ගැහිල්ලට උදව් කරන මිගමුවේ MOH වෛද්‍ය සමිර නැමැත්තා ගැන මේ වන විටත් කරුණු වාර්තා වෙමින් තිබේ.

මෙසේ දිනපතා පාසැල් වලින් පන්නාගෙන එන ෆයිසර් එන්නත නගරාධිපතිට හිතවත්කම් ඇති අයවලුන්ට ලබාදිම මෙන්ම නගරාධිපතිගේ බඩියන් විසින් මේ එන්නත වැඩි ගණන්වලට විකිණිම ගැන විවිධ කටකථා නගර සභාව පුරාම පැතිර යමින් තිබේ.මේ ඇතැම් බඩියන් රු 15000 කට ෆයිසර් එන්නත විකුණා අවස්ථාවක් ගැන මිපුර අමතා කියා සිටියේ විපක්ෂයේම මන්ත්‍රිවරයෙකි.

මේ මුදල් වලින් කා බි ප්‍රිති වන නගරාධිපතිගේ බඩියන් ගැන දැන් මුළු නගර සභාවම කථා කරන තැනට කටයුතු සිද්ධ වි තිබේ.

මිගමුව මහනගර සභාවේ මහසභා රැස්විම් වලට වචනයක් කථා නොකර වාර්තා තබා ඇති අයෙකුගේ පුතෙකුද හොර පාරෙන් පැමිණ මිගමුව මහනගර සභාව තුලදි ෆයිසර් එන්නත ලබාගෙන ඇතැයි වාර්ථා වේ.

ගුරු විදුහල්පති සටනට රටපුරා දෙමව්පියන්ගේ සහය …

0

අයුක්තියට අසාධාරණයට එරෙහි ප්‍රගතිශිලි ජනයා අතර මහත් උද්යෝගයක් ඇතිකරන ලද ගුරු – විදුහල්පති ගැටළු විසඳා දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කරනු සදහා අද දිනයේ රටපුරාම විරෝධතා සංවිධානය කිරිමට දෙමව්පියන් මුලිකත්වය ගෙන තිබුණි.
හබරාදූව කහඳ විද්‍යාලයේ දෙමව්පියන් ගුරු සටනට සහය දෙමින් රටපුරාම පැතිර ගිය අරගලයකට සිය දායකත්වය ලබා දි තිබුණි.

ඉදිරි පැය 36දි දිවයිනේ බෝහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි….

0

ඉදිරි පැය 36දි දිවයිනේ බෝහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ බස්නාහිර සහ සබරගමුව පලාත්වලත්,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවය.

එසේම ඌව,මධ්‍යම,උතුරුමැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ අතර පසුගිය දින කිපය පුරාම ඇද හැලෙන වැසි හේතුවෙන් රට පුරාම ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවි තිබේ.

ට්‍රැෆික් OIC වත් රෝහල් ගත කළ මුන්දලමේ රිය අනතුර….

0

මුන්දලම පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මාර්ගයේ ගමන් ගත් වාහන දෙකකට යටවී බරපතළ තත්ත්වයෙන් ප‍්‍රතිකාර ස`දහා හලාවත මහා රෝහලට ඇතුළත් කර තිබෙන බව දිවයින වාර්තා කර තිබේ.

පුත්තලම – කොළඹ ප‍්‍රධාන මාර්ගයේ මුන්දලම පොලීසිය ඉදිරිපිට රථවාහන රාජකාරී සිදු කරමින් සිටි මුන්දලම පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් අධික වේගයෙන් ධාවනය වන වාහන අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් අතරතුර මෙම අනතුර සිදුවී ඇතැයි වැඩිදුරටත් එම පුවතේ සදහන්ය.

හලාවත දෙස සිට අධික වේගයෙන් පැමිණ කුඩා ලොරි රථයක් නවත්වන ලෙසට උප පොලිස් පරීක්ෂකවරයා සංඥා කර ඇති අතර ලොරි රථ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව උප පොලිස් පරීක්ෂකවරයාවද යට කරගෙන ගොස් තිබේ. එම ලොරි රථය පසුව ඉදිරියෙන් පැමිණ ඇති මෝටර් රථයක වැදී නැවතී ඇත. මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා වාහන දෙකේම වැදී තුවාල ලබා මුන්දලම රෝහලටත් එතනින් හලාවත මහා රෝහලටත් ඇතුළත් කර තිබුණි.

මෙම අනතුරට සම්බන්ධ වාහන 02 පොලිස් බාරයට ගෙන ඇති අතර,ඒවායේ රියදුරන් අත්අඩංගුවට ගෙන තිබේ. මුන්දලම පොලීසිය රථවාහන අංශය සිද්ධිය පිළිබදව වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරණු ලබයි.
හලාවත පුත්තලම දක්වා මාර්ගයේ බොහෝ විට සිමා ව ඉක්මවු වේගයෙන් වාහන පැදවිම පුරුදක් කරගෙන සිටින රියදුරන් ඇල්ලිම සදහා මුන්දලම පොලිසිය වේග මාපකයන් ඇතැතිව වාහන වල වේගව නිරි්ක්ෂණය කිරිම නිරත්තරයෙන් සිදුකරමින් සිටිති.

ලසන්ත ඝාතනය පිලිබද හේග් නඩුව විභාගය ඇර⁣ඹේ..

0

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබද නඩු විභාගය නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ” මාධ්‍යවේදී ඝාතනයන් පිළිබඳ නිත්‍ය මහජන අධිකරණය” The People’s Tribunal on the Murder of Journalists විසින් මේ වන විට අරඹා ඇතැයි එහි සිටින මාධ්‍යවේදින් විසින් වාර්තා කොට තිබේ.
මෙම නඩුවෙහි අපරාධ චෝදනා ගොනු කැරෙන්නේ ශ්‍රි ලංකා ආණ්ඩුවට එරෙහිවය.  

  පළමු නඩු විභාගය 2021 නොවැම්බර් 2, අඟහරුවාදා, හේග්හිදී, මධ්‍යම යුරෝපීය වේලාවෙන් පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා පැවැත්වේ. info@freepressunlimited.org විද්‍යුත් තැපෑලෙන් සම්බන්ද වී මේ සදහා සහභාගී විය හැකිය, නැතහොත් සජීවීව saferworldforthetruth.com හරහා නැරඹිය හැක.  

  ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අමරතව ලොව කැළඹූ තවත් ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ ඝාතන එම අධිකරණය විමසා බලනු ඇත.   ඒ තුර්කියේ සවුදි අරාබි තානාපති කාර්යාලය තුළද ඝාතනය කරන ලද වොෂින්ටන් පොස්ට් ලේඛක ජමාල් කිෂෝගි සම්බන්ධ විභාගය සහ යුරෝපා සංගමයේ රටක් වන වෙලස්කෝ හි දී ඝාතනය කරන ලද ගවේෂණාත්මක ජනමාධ්‍යවේදිනී ඩැෆ්නි කරුවානා ගලීෂියා නඩු විභාගයයි.   

කිෂෝගිගේ පෙම්වතිය සහ ඩැෆ්නි කරුවානා ගේ පුතා ද සාක්ෂිදීමට නියමිතය.   එහිදී ප්‍රථමයෙන්ම විභාගයට ගනු ලැබෙන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩු විභාගයයි. සිය පියාගේ ඝාතකයින් අධිකරණය ඉදිරියට ගෙන ඒමට අනවරත අරගලයක යෙදී සිටින අහිම්සා වික්‍රමතුංග ද එහිදී සාක්ෂී දෙනු ඇතැයි විශ්වාස කැරේ.   ට්වීට පණිවඩයක් මගින් ඇය කියා තිබුනේ, හේග් අධිරණයට සහාය වීමට ලැබීම තමා ගෞරවයක් සේ සළකන බවයි.    

Screenshot 2021 11 01 at 9.50.20 AM

    ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් මෙරට රහස් පොලීසිය විසින් කරන ලද පරීක්ෂන ප්‍රතිපල බොහොමයක් මෙම නඩු විභාගය සඳහ ඉදිරිපත් කැරෙනු ඇතැයි තතුදත් ආරංචි මාර්ග පවසයි.   එහිදී ඉදිරිපත් වනු ඇති ප්‍රබල සාක්ෂියක් වන්නේ උප පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල විසින් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා වෙත කරන ලද දීර්ඝ සාක්ෂියයි.    සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලෙස කටයුතු කරද්දී 2009 ජනවාරි 08 වැනිදා ලසන්ත වික්‍රමතුංග  ඝාතනය කෙරිණ . ඒ, ඔහු සිය කාර්යාලය බලා යමින් සිටියදී ය.  
මුලාශ්‍රය -theleader.lk

ආනමඩුවට ආ දුර්ලභ සංචාරක පක්ෂියා …

0

දුර්ලභ සංචාරක පක්ෂියෙකු වන විශාල ප‍්‍රමාණයේ පැස්තුඩුවෙකු ඊයේ (01) උදෑසන ආණමඩුව කොට්ටුකච්චිය ජලාශය ආසන්නයේ දී අනතුරකට ලක්ව පියඹා යාමට නොහැකිව වැටී සිටියදී ප‍්‍රදේශවාසීන් දැක පුත්තලම වනජීවි නිලධාරින්ට දැනුම් දීමට කටයුතු කර ඇතැයි දිවයින වාර්තාකරු අමරනන්ද විජේසේකර විසින් ඡායාරූපයක්ද සමගින් දිවයින වෙබ් අඩවියේ පළකර තිබුණි.

මෙම පක්ෂියාගේ එක් පියාපතක් අඩි තුනකට වැඩි අතර පියාපත් දෙකම අඩි හයකට වැඩිය. පක්ෂියාගේ හොට අඩියක් පමණ වීම විශේෂත්වයකි.

ජලාශ තුළ සිටින මත්ස්‍යයින් ආහාරයට ගැනීමේ සුවිශේෂී හැකියාවක් සතුව පවතින මෙම පක්ෂීන් වසරේ අවසන් මාස කීපයේදී මෙරටට පැමිණෙන බවත් මෙවැනි විශාල ලෙස වැඩුණ පක්ෂීන් කලාතුරකින් දැකිය හැකි බව වනජීවී නිලධාරීන් ස`දහන් කරයි. වනජීවි නිලධාරීන් මෙම පක්ෂියා නිකවැරටිය වනජීවි ප‍්‍රථිකාර ඒකකයට යොමු කිරීමට කටයුතු කර තිබුණි.

මෙවැනි දුර්ලභ ගණයේ පක්ෂින් රැකගැනිමට නිසි පියවර ගැනිමට වැඩි වැඩියෙන් මහජනයා උනන්දු විය යුතුව තිබේ.

අන්තර් පළාත් දුම්රිය ඇරඹුණදාම අවුල් ගොඩයි ? මගීන් අනාථයි ?

0

අන්තර් පළාත් දුම්රිය ධාවනය ආරම්භ වූ අද දින සංඥා දෝෂයක් හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගය ඇතුළු මාර්ග තුනක  කාර්යල දුම්රිය සියල්ම පැය එකහමාරත් දෙකක් අතර කාලයක් ප්‍රමාදවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන බව ලංකාදිප වෙබ් අඩවිය සදහන් කර තිබේ.

රාගම සිට ගම්පහ දෙසට දුම්රිය විශාල ප්‍රමාණයක් එක දිගට නවතා ඇත. දෙමටගොඩ සහ මරදාන අතර සංඥා කේබලයක ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම ප්‍රමාදය සිදුව තිබේ. මෙම කඩාකප්පල් ක්‍රියාවක් දැයි පරීක්ෂණ සිදු කරයි.

ප්‍රධාන දුම්රිය මාර්ගයේ, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සහ පුත්තම දුම්රිය මාර්ගයේ දුම්රිය මෙසේ ප්‍රමාදයකට ලක්ව ඇත.
මේ අතර රාගමදි දුම්රිය අනතුරක් සිදුව ඇති බවද වාර්තාවේ . ඒ පිටුපසින් පැමිණ ඇති දුම්රියක් ඉදිරියෙන් තිබු දුම්රියක ගැටිම හේතුවෙනි .

සාමුහිකව නැගිටින RED සංවිධානයේ කාන්තාවෝ….

0
RED ( Revolutionary  Existence Human Development )සංවිධානය යනු  කටුනායක නිදහස් වෙළඳ කලාප පරිශ්‍රයේ කාන්තාවන්ගේ  ප්‍රශ්ණ  වෙනුවෙන් ගොඩ නැගුනු කාන්තා සංවිධානයකි. 
ඉතිරි  කිරීම්, ස්වයංආර්ථික වැඩසටහන්  ආදී විවිධ වැඩ සටහන් අනුව ක්‍රියාත්මක වන මෙම කාන්තාවන් අද තම බෝඩිම අවට කළ වගාවන්හි එලවළු පලදාවක් බෙදාගත් ආකාරය මෙහි පින්තූර වලින් දැක්වේ.


කාන්තාවන් දුබලය යන අදහස වැඩියෙන් පතුරුවන තැනකට යොමුව ඇති මේ සමාජය එය එසේ නොවේය යන අදහස සමාජ ගත කිරීම උදෙසා මෙම වෙළඳ කලාපයේ කාන්තාවන් කරන කැපවීම අගය කළයුතුය . ඔවුන් දැවෙන සමාජ ප්‍රශ්ණ ජාලයක පැටලී ඇති අතර ඉන් ගැලවීමට දැඩි පරිශ්‍රමයක් දරති .
එවන් පරිසරයක RED සංවිධානය ඔවුන්ගේ ප්‍රශ්ණ විසඳා ගැනීම වෙනුවෙන් යම් රුකුලක් ලබා දිය යුතුය යන අදහස අැතිව තම වැඩසටහන් ක්‍රියාත්මක කරන බව මෙහි ප්‍රධාන සජීවිකා චන්ද්‍රා මහත්මිය පවසයි.
සැම්සන් ඥානසිරි

පාසැල් දරුවන්ව අමතක කර සිටි දේශපාලකයන්ගේ කපටි ප්‍රේමය..

0

පාසැල් දරුවන් ගැන කිසිදු ආදරයක් නොදැක්වු,අවධානයක් යොමුනොකළ රටපුරාම දේශපාලකයන් මේ වන විට අදාල ප්‍රදේශවල දේශපාලකයන් දිනකට දුරකතන ඇමතුම් දෙමින් පාසැල් 21 වෙනිදා විවෘත කිරිමට විවිධ බලපෑම් මේ වන විට කරමින් සිටිති.

මේ.ඇතමෙක් දැන් විවිධ  තර්ජනය කරන්නටද පටන් ගෙන.තිබේ.

කටාන ප්‍රදේශයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් වැලිහේන දෙමළ රෝමාණු කතෝලික පාසැලේ විදුහල්පතිවරයාට ඊයේ තර්ජනය කර තිබුණි.විදුහල්පතිකමද අහිමිකරවන බවටද ඔහු චණ්ඩි කතා කියා ඇතැයි ද සැලය.