Saturday, September 21, 2024
Home Blog Page 3

පෙරළගන්න හිතපු නලින්ට ඩයනා වැටෙන්නටම දෙයි !

0

මෙවර අයවැය විවාදය අතරතුර ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රින්ගේ අශෝභන හැසිරිම් රැසක් ප්‍රදර්ශණය විය.
විශේෂයෙන්ම ඊයේ දිනයේදි සජබ පිරිමි මන්ත්‍රිවරුන් දෙදෙනෙකු තවත් මන්ත්‍රිවරියට එරෙහි සිය මජර කටවල් ඇරිය අයුරු සැබැවින්ම පිළිකුල් සහගතය.

නලින් බණ්ඩාර කියා සිටියේ ඩයනා ගමගේ මන්ත්‍රිවරියව බොහෝ දෙනෙකු පෙරළාගෙන ඇති බවය.
කෙසේ වෙතත් ඩයනා ගමගේ විසින් පෙරළා නලින් බණ්ඩාරට දුන් කෙටි ප්‍රතිචාරය ගැන සමාජ මාධ්‍ය තුල ඇයට ප්‍රසංශාවක්ද හිමිවෙමින් තිබේ.

ප්‍රගතිශිලි සමාජ හා දේශපාලන ක්‍රියාධරයෙකු වු විදර්ශණ කණ්නන්ගර සිය ෆේස් බුක් පිටුවේ මෙසේ සටහන් තබා තිබුණි

ඩයනා නලින් සංවාදය මෙතැනින් බලන්න https://www.facebook.com/watch/?v=1229608614656909&t=318

https://www.facebook.com/watch?v=504580564795277

මානව හිමිකම් දින සැමරුමකට BMICH නොදුන් හේතුව හෙළිවෙයි !

0

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය යෙදෙන දෙසැම්බර් 10දා කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට නියමිතව තිබූ ‘නිදහස සහ යුක්තිය උදෙසා අරගලය නියතයක්’ සම්මන්ත්‍රණය සඳහා එම ශාලාව ලබාදිය නොහැකි බව එහි සංවිධායකවරුන්ට දැනුම් දී තිබුණි

සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් කොටසේ පැවැත්වීමට නියමිතව තිබූ එම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුනේ වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන විසින් වන අතර ඒ සදහා අදාල මුදල් ගෙවා තිබුණේ නිතිය හා සමාජ භාරය නම් වු රාජ්‍ය නොවන සංවිධානය විසිනි.

මේ පිළිබද පුවතක් පළකරන www.news19.lk වෙබ් අඩවිය කියාසිටින්නේ

මෙම සම්මන්ත්‍රණය සඳහා මුදල් ගෙවා අදාළ ශාලාව වෙන්කරගෙන තිබුණේ පසුගිය 02 වනදා බවත් ඉන්පසු අද (08) BMICH කාර්යාලයෙන් සංවිධායකයන් අමතා පවසා ඇත්තේ අදාළ ශාලාව සඳහා ගෙවන ලද සම්පූර්ණ මුදල නැවත ලබාදෙන බවත්, සම්මන්ත්‍රණය සඳහා ඉඩ දිය නොහැකි බවත් ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ වෙන්කිරීම් අංශයේ ප්‍රධානී (Head of Event and Reservations) දෙවන්ති ඇඹුල්දෙනියගෙන් සඳහන් කළේ සම්මන්ත්‍රණය සඳහා ඉඩ ලබාදිය නොහැකි නිශ්චිත හේතුව සංවිධායකයන්ට දැනුම් දුන් බවයි. BMICH ආරම්භයේ සිට ම, එහි පනතේ සඳහන් කරුණක් වන්නේ සෘජු දේශපාලන අරමුණු සහ දේශපාලන ඉලක්ක සහිත කටයුතු සඳහා එය ලබාදිය නොහැකි බව යනුවෙන් ද සඳහන් කළ ඇය, එම හේතුව නිසා මෙම අවස්ථාවට ඉඩ දිය නොහැකි බව පවසා ඇතැයිද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

මෙම සම්මන්ත්‍රණය සඳහා මුදල් ගෙවා, ශාලාව වෙන්කරගෙන ඇත්තේ නීතිය හා සමාජ භාරය මගින් වුවද, ඊට අදාළ ප්‍රචාරක කටයුතුවලදී භාවිත කරන්නේ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව යන නම බවත්, මෙම නම් දෙකේ පරස්පරතාව මත මෙම තීරණය ගත බවත් ඇය පවසා ඇත

මීට පෙර එවැනි වෙන්කිරීම් සඳහා අවස්ථාව ලබාදී නොමැති අවස්ථා රැසක් ඇති බවත් තමන් පනත අනුව කටයුතු කරන බව පමණක් පැවසිය හැකි බවත්, තමන් ද රාජකාරියක් කරන නිසා ඒ පිළිබඳ අනවශ්‍ය ලෙස වාද කිරීමට නොහැකි බවත් ඇය වැඩිදුරටත් පවසා තිබුණි

මේ අතර අජිත් පැරකුම් සිය ෆේස් බුක් පිටුවේ මේ මානව හිමිකම් දින ශාලා පලහිලව්ව ගැන මෙසේ සටහන් තබා ඇත.

අරගලයට සම්බන්ධ මේ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුවට තම ස්ථානය ලබාදීම ප්‍රතික්ෂේප කළ BMICH පාලනය වෙන්නේ ස්වාධීන මණ්ඩලයකින්. ඒ මණ්ඩලයේ බණ්ඩාරනායක පවුලේ සාමාජිකයෙකුත් ඉන්නවා.

මෙම වැඩසටහනේ සංවිධායකයන් කිව්වෙ තමන්ට ස්ථානය නොදීම පවා රනිල් වික්‍රමසිංහගේ වැඩක්ය කියලායි. හැබැයි, දැන් පූර්ණ රජයේ ආයතනයක් වන ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඔවුන්ට රැස්වීම් පහසුකම ලැබිලා.

ශ්‍රී ලංකා පදනමේ සභාපති වන්නේ සමන් අතාවුදහෙට්ටි. ඔහුව පත් කරන ලද්දේ රනිල් වික්‍රමසිංහ විසිනි.

රයිට් ටු ලයිෆ් සංවිධානය තමන්ගේ රැස්වීම දාගෙන තිබුණෙත් උදේ දහයට. ඔවුන් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන රැස්වීමට මුල්තැන දීලා ඒ වෙලාව සවසට වෙනස් කරගත්තා. ඒත් මේ අරගලකරුවන් ඒ සංවිධානයට පවා පදනම් විරහිත දෝෂාරෝපණයක් කළා.

ඇත්ත තිත්තයි. බොරුව පැණිරහයි.

නීතිය හා සමාජ භාරය විසින් මුදල් ගෙවු තිබුන වෘත්තිය හා බහුජන සංවිධාන එකතුවේ මානව හිමිකම් දින සැමැරුමට BMICH ආයතනය සිය ප්‍රතිපත්ති කරුණු පදනම් කරගෙන අවසර ලබා දි නොතිබුන අතර අරගලයේ ප්‍රකාශයන් මේ ගැන චෝදනා එල්ල කර තිබුනේ රනිල් වික්‍රමසිංහ වෙතය.
කෙසේ වෙතත් ප්‍රජාන්ත්‍රිය අයිතිවාසිකම් රැකගැනිමේ ව්‍යාපාරය විසින් පසුව මෙම මානව හිමිකම් දින සැමරුම සදහා මුදල් ගෙවා ශ්‍රිලංකා පදනම් ආයතනය වෙන්කරගෙන තිබේ.



ජනපතිට රිවස් නෑලු ! අලුත් ගමනක්ලු !

0

රිවස් නැති අලුත් ගමන….

( ජනපති සටහන)

”අයවැයට පහර වදිනවිට දුවගොස් ඊට පිළිතුරු දීම ද රනිල් අලුතින් ඇතිකල සම්ප්‍රදායකි”

ජනපති රනිල් බඩගාන රට දෙපයින් හිටවීමට පෙර දැන් වාඩි කොට තිබෙන ස්වරූපයකි. ඊළඟට දෙපයින් සිටවීම පමණක් නොව හැල්මේ දිවීම අරඹා මීටර් 100 වේගයෙන් දිවීමට පසුබිම තැනිය යුතුමය.

නැතහොත් කොරෝනා වසංගතය, ලොව ආර්ථික අර්බුද, යුක්රේන් යුද්ධය, ආදී බාහිර කරුණු ලඝු කරමින් රටට රිවස් යන්නට නොහැකිය. සෙසු රටවල් අද ඉදිරි ආර්ථික පිමි පනින්නේ ද මේ ලෝක වාතාවරණයන් තුළ බව වටහා ගැනීම අත්‍යවශ්‍යය. ලංකාවට අර්බුදයෙන් ගොඩයාමට ඩො බිලි 05 ක් නැතුව ලතවෙ ද්දී බංගලියන් ඩො බිලි 05 ක් වැයකොට පත්මා පාළම ඉඳිකිරීම ඊට නිදසුනකි.

අද ලෝක තෙල් මිල ඉතා අඩුය. ගෑස් ගල් අඟුරුද මිල අඩුවෙමින් තිබෙන භාණ්ඩය. අත්‍යවශ්‍ය ආහාර හා සෙසු දේද මිල අවමවන පසුබිමක් පවතී. ලංකාවට ඇත්තේ ඉන් ප්‍රයෝජන ගෙන ආනයන සඳහා විදෙස් වත්කම් හිඟවීමේ ගැටලුවය.

ඒ අස්සේ නැති ලෙඩ දාගැනීමට ද අප සමත්ව තිබේ. ඕමානයේ කාන්තා වහල් වෙළෙදාම රටේ කීර්තිය හා කාන්තාවන්ගේ ගෞරවය කෙළෙසූවකි. එය ඉක්මනින් බෙිරා ගන්නට ඇමති මනූෂ හා ආණ්ඩුව ක්‍රියා නොකලහොත් ඔිමාන පමණක් නොව මැද පෙරදිග රැකියා වෙළෙඳ පොළ ටද එය දැඩි බලපෑම් කරනු නියතය. එය තෙල් හා ගෑස් දක්වා පැතිරයාටම් අනතුරක් ද නැත්තේ නොවේ.

ලෝකයේ විවිධ රටවල් හා සංවිධාන ලංකාවේ අර්බුදය හමුවේ ද්විපාර්ශවික සහයෝගීතාවක් පළකල ද IMF සහාය නිෂ්චිතව ලැබෙන පසුබිමක් නිර්මාණය නොවීම ගැටලුකාරීය. චීනය හා ඉන්දියාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පමාව ඊට බලපා තිබේ.

එම කඹ ඇදිල්ල ඇදී ගියොත් දෙසැම්බර් හෝ ජනවාරි ලැබීමට තිබූ IMF සහාය ලබන මාර්තු හෝ ඉන් ඔබ්බට පවා තල්ලුවීමේ ඉඩක් පවතී. ලංකාව දැනට ගැටගහගෙන යන පසුබිමක එය සුබවාදී නොවේ. එහෙත් ලංකාවට වසර 10 – 15 ත් අතර ණය ගෙවීමේ සහන කාලයක් හා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඉඩක් ලබාදිය යුතු බවට පැරිස් සමාජය ස්ථාවරයකට පැමිණ තිබෙන බවට ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.එය සත්‍යයක් නම් ඉතා සුබවාදී ය.

පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ හා විපක්ෂයේ සියලු දෙනාටම රට ගැන වගවීමක් හෝ බංකොලොත් රටක අප ජීවත්වෙන බවට හැඟීමක් තිබේදෝයි සිතෙන්නේ සති 03 ක් පුරා පාර්ලිමේන්තුවේ හැසිරෙන හා කතා කරන විලාසය අනුවය.ඔවුන් සුපිරි වාහන වලින් පැමිණ හොඳට සප්පායම්වී මඩගසා ගනිති.සැලූන් එකකට ආණ්ඩුවෙන් මඩ ගැසීම ද විපක්ෂයේ පිරිස ඒ මඩ සේදීමට ද වැයකල කාලය හා ජනතා ධනය ගැන හිතෙනවිට මේ රට තවම යන්නේ කැලේ පාරක බවත් වගකිවයුතු කිසිවෙකු තවම පාඩම් ඉගෙන නැති බවත් තහවුරු වේ.

එහෙත් වෙනත් ජනපතිවරු හෝ අගමැතිලා මුදල් ඇමති ලෙස අයවැය ඉදිරිපත් කොට ඉන්පසු පාර්ලිමේන්තුව පළාතක එන්නේ නැත. ජනපති රනිල් අයවැය දා සිට සෑම දිනකම පාර්ලිමේන්තු පැමිණීමත් ජනපතිකමේ රාජකාරි එහි සිට ක්‍රියාත්මක කිරීමත් පැසසිය යුතු කරුණකි. අයවැයට පහර වදිනවිට දුවගොස් ඊට පිළිතුරු දීම ද රනිල් අලුතින් ඇතිකල සම්ප්‍රදායකි.

එහෙත් බුද්ධාගමේ විවිධ ඉගැන්වීම්, සූත්‍ර,ත්‍රිපිටකය හා වෙනත් ගැඔුරු කරුණු හරහා විපක්ෂයට බණ දෙසන්නට යාමත් විපක්ෂය ඊට ප්‍රතිචාර ලෙස “ප්‍රති බණ දේශනා” වලට යාමත් විහිළුවක් වන තරමටම දුරදිග ගිය බව රටේ බහුතරයේ මතයය. ජනතාවට අවශ්‍ය බයිලා හා බණ සංදර්ශන හෝ මඩ ගසාගන්නා තරඟ නොවේ. රටත් ජනතාවත් අනාගත පරපුරත් පෙළන ගැටලු වලට කඩිනම් විසදුම් බව දියවන්නාවේ සියලු දෙනා වටහා ගැනීම වැදගත්ය.

අශෝක ජයතුංග විසිනි.
news.lk

රාජිත ඇතුලට කෙහෙළිය එළියට ….

0

සෞඛ්‍ය ඇමැති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මේ දවස්වල ඉන්නේ ෆුල් අප්සට් එකේ කියන කතාව බොරුවක් වෙන්න බෑ. වැඩිය සද්ද බද්ද ඇත්තෙත් නෑ. කිසි තැනකට එන්නෙත් නෑ. පාර්ලිමේන්තුවේ වැඩි කතා බහකුත් කෑ…

කාලයක් තිස්සේ ආණ්ඩුවෙත් පොරක් වෙලා කැබිනට් එකේ ප්‍රකාශක වෙලා ආණ්ඩුවේ වැඩ ගැන තවුසන් ටෝක් මාධ්‍ය වලට ඉෂූ කරපු කෙහෙළිය ඇමතිට මේ මොකද වෙලා තියෙන්නෙ කියලා හැමෝම අකම්පාල වෙනවා.

ඒත් ඉතිං ඇත්ත කතාව දන්න අයත් නැතුව නොවෙයි. දන්නෑ වගේ ඉන්නවා.

කොරෝනාවෙන් පස්සේ 2022 දී යාන්තමින් රට කෙලින් කරගෙන එනකොට ම තමයි විදුලි අර්බුදය පටන් ගත්තේ. ලයිට් කැපිල්ල දවසට පැය දාහතර දක්වා දික් වුණා. ඊට පස්සේ රටේ ගෑස් ප්‍රශ්නය ආවා. ඊටත් පස්සේ රටේ පෙට්ට්‍රල් ඩීසල් භූමිතෙල් ප්‍රශ්නය ආවා. ඔය ඔක්කොටම පස්සේ තමයි ඉස්පිරිතාලවල් වල බෙහෙත් නැති ප්‍රශ්නය ආවේ.

මේ හැම විජ්ජුම්බරයකටම මුල රටේ ඩොලර් නැතිකම බව ඇත්ත. ඒත් එක්කම මනා කලමනාකරණයක් නැති ආන්ඩුවේ බැරි බැරියාවත් මේ ඛේදවාචකයට තව ප්‍රබල හේතුවක් වුණා.

ඔක්කොම පව් ගෝඨාභය පිටින් හේදිලා ගියා. රනිල් වික්‍රමසිංහ රටේ ජනාධිපති වුණා.

ටික කලක් යනකොට අරගලයත් පාලනය වුණා. විදුලි කැපිල්ල, ගෑස් හිඟය, ඉන්ධන පෝලිම, වගේ සියලුම ප්‍රශ්න ටිකින් ටික නිරාකරණය වුණා.

ඒත් තාම නිරාකරණය නොවුණු එකම ප්‍රශ්නය තිබුනෙ සෞඛ්‍ය අමාත්‍යංශයේ.

පහුගිය දවස්වල අයවැය කාරක සභා අවස්ථාවේදීත් මේ රටේ පවතින බෙහෙත් හිඟය ගැන කතාබහට ලක්වුනා. බෙහෙත් හේත් අඩුවක් පාඩුවක් නැතුව සපයන්න පුළුවන් විදියට ඩොලර් ලැබිලා නෑ කියන එක තමයි ඇමති කෙහෙළියගේ පැත්තෙන් කියවුණේ.

සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයෙදි හිටපු ඇමති රාජිතත් හොඳ කතාවක් කළා. ඖෂධ හිඟය ගැන ඇත්ත දත්ත ඔහු එළියට දැම්මා. රෝගියකුට මරණය වැළැක්විය හැකි ජීවිතාරක්ෂක ඖෂධ ඇතුලු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග බර ගණනක් තවම රෝහල් පද්ධතිය සතුව නැත්තේ ඩොලර් නැති කම නිසා නෙවෙයි කියලා ඔහු ඔප්පු කලා.

එහෙනම් මොකක්ද හේතුව. නිසි කළමනාකරණයක් අමාත්‍යාංශය පැත්තෙන් නැති එක නෙවෙයිද කියලා කෙනෙක් අහන්න පුළුවන්.

රාජිතගේ ඒ කතාව ඇහුවට පස්සෙ ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් හුඟක් අය ඇවිල්ලා රාජිතට කතා කළා. “තමුන්නාන්සේ මේ ක්ෂේත්‍රය ගැන මෙච්චර දන්න කෙනා මොන එකක්ද විපක්ෂයට වෙලා කරන්නේ.” ආණ්ඩුවට සම්බන්ධ ජේෂ්ඨ ඇමතිවරයෙක් ඇහුවා.

“ඒකනේ අපි කිව්වෙ හැමෝටම එකඟ වෙන්න පුළුවන් වැඩපිළිවෙළක් මත ආණ්ඩුවක් හදන්න කියලා. කොහෙද ඕගොල්ලන් පොහොට්ටුවට යටවුනා. දැන් ඉතින් වැඩේ අමාරුයි…”

කොහොම වුණත් සමහරු රනිල් වික්‍රමසිංහ එක්කත් මේ ගැන සාකච්ඡා කළා.

මෙහෙම සාකච්ඡාවක් යටින් යන බව කෙහෙළියත් දැනගෙන ඉන්න ඇති. පහුගිය දවස් වල නයා මැරිච්ච අහිකුණ්ඨිකයා වගේ කෙහෙළිය කරබාගෙන හිටියේ ඒක ද කියලත් සැකයි…

කෙහෙළියගේ සැකය තව තවත් තහවුරු කරන සිද්ධියක් පහුගිය බදාදා හවස මහනුවරදී සිද්ධ වුණා.

ෆාමසි කරුවන්ගේ සංගමයේ මහනුවර දිස්ත්‍රික් සම්මේලනය එදා එහි පැවැත්වුනා. ඒත් සම්මේලනය පටන් ගන්නා අවස්ථාවේ දී සංගමේ සභාපති නිවේදනයක් නිකුත් කරමින් සතුට ප්‍රකාශ කළා. හිටපු සෞඛ්‍ය ඇමති ඇමැති රාජිත සේනාරත්න නැවතත් ඇමතිකමේ වැඩ භාර ගන්නා බව ඔහු කිව්වා. මුළු සභාවම ඒ කතාවට අත්පොලසන් දෙමින් සතුට පළ කරද්දි වත්මන් සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ ඥාති සහෝදරයා ඒ සභාවේ රැඳී සිටියා.

එදා හවස නිසැකවම ඒ කතාව ඔහු සහෝදරයාට කියන්න ඇති

newstube.lk

මනුෂට මොළේ පෑදෙයි ! විදේශ රැකියා නියෝජිත ආයතන 400 ක් අහෝසියි !

0

පුද්ගලයන් සංචාරක වීසා වලින් විදේශයන්ට යවා ඒ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම පැහැර හැරි විදේශ රැකියා නියෝජිත ආයතන 400ක හිමිකරුවන්ගේ බලපත්‍ර  තහනම් කර ඇතැයි කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පවසන්නට යෙදුන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබුණි

එසේම ඩොලර් නැතුව උණ්ඩියල් ආකාරයෙන් කමිෂන් මුදල් ගෙන ආ තවත් විදේශ රැකියා නියෝජිත ආයතන රැසක්ද  තාවකාලිකව තහනම් කළ බව ඔහු සඳහන් කළ බව එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

අමාත්‍යවරයා මෙසේ පැවසූවේ  කම්කරු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දීය.

මේ අතර ඊයේ දිනයේදිද සංවාරක විසා මගින් මැලේසියාවට යාමට පැමිණි 9 දෙනෙකු ගුවන් තොටුපලේදි අත්අඩංගුවට ගෙන තිබුණි

නීති විරෝධි ලෙසින් ඉන්දියාවට ඇතුළු වු තවත් ශ්‍රිලාංකිකයන් පිරිසක් අත්අඩංගුවට …

0

මුහුදු මාර්ගය ඔස්සේ නීති විරෝධීව ඉන්දියාවට ඇතුළු වූ තවත් ශ‍්‍රී ලාංකිකයින් දස දෙනෙකු එරට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ

මෙම පිරිස ඊයේ දිනයේ දි බෝට්ටුවක නැගී රාමේෂ්වරම් වෙත පැමිණ ඇති බව එම වාර්තා සඳහන් කර ඇත

පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළ ශ‍්‍රී ලාංකිකයින් 209 දෙනෙකු නීතිවිරෝධී ලෙස ඉන්දියාව වෙත පැමිණ ඇති අතර ඔවුන් සියලුදෙනා මේ වන විට තමිල්නාඩු සරණාගත කඳවුරක රඳවා සිටින අතර වෙනත් රටවලට ඉන්දියාව හරහා යාම අරමුණකර ගෙනද මිනිස් ජාවාරම්ක් ක්‍රියාත්මක බවටද තොරතුරු හෙළි වෙමින් තිබේ

ඇප ලැබුණු සිරිධම්ම හිමි යළි රිමාන්ඩ් ! දෙසැ 01 වෙනිදා වසන්තට ඇප ?

0

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ යන අය සම්බන්ධයෙන් නිතිපති උපදෙස් ලබන 01 වැනිදා ලබා දීමට නිතිපතිවරයා පියවර ගනු ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මියට නොවැ (23) ප්‍රකාශ කළ බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7(1) වගන්තිය ප්‍රකාරව මෙම සැකකරු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බවත්, එම පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව සැකකරු සම්බන්ධයෙන් ඉදිරි කටයුතු අධිකරණයට වාර්තා කිරීමට බලාපොරොත්තු වන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධීකරණයට දැනුම් දුන් බවද වැඩිදුරටත් එම පුවතේ සදහන්ය

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ගල්වැව සිරිධම්ම හිමියන් නිතිපති උපදෙස් ප්‍රකාරව ඇප මත මුදා හැරීමට මෙම නඩුව නෙොවැ (23) කැදවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්රවරයා මෙම කරුණු ඉදිරිපත් කළේය.

මේ අතර කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නොවැ (23දා) ඇප නියම වූ ගල්වැව සිරිධම්ම හිමියන්ව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත වෙනත් නඩුවත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ගල්වැව සිරිධම්ම හිමියන්ව දෙසැම්බර් 06 වනදා දක්වා එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

පොලීසිය ඉදිරිපත් කළ මෝසමක් අනුව වෙනත් නඩුවක් සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් ගල්වැව සිරිධම්ම හිමියන්ව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි

දකුණු අප්‍රිකානු ජනපති කටුනායකදි උපන් දිනය සමරයි ….

0

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා මහතාගේ උපන්දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයක් පැවැත්විණි.

මෙම සැමරුමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැමරුම් උත්සවයට සහභාගි වී ඇත.

මෙම උපන්දිනය සැමරුම් උත්සවය ඊයේ (16) රාත්‍රියේ කටුනායක ගුවන් හමුදා කඳවුරේදී සංවිධානය කර තිබුණ බව නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කර තිබුණි

රථ වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු හෙට ( 18) සිට ඉහලට .

0

හෙට (18)  සිට ක්‍රියාත්මකවන පරිදි රථ වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව පළමුවරට ලියාපදිංචි වීමේ දී සීසී 1600 හෝ සීසී 1600ට අඩු මෝටර් රථ සඳහා ගෙවිය යුතු ගාස්තුව රු 25,000ක් වේ.

එමෙන්ම සීසී 1600ට වැඩි කිලෝවොට් 80ට වැඩි මෝටර් රථ සඳහා ගෙවිය යුතු ලියාපදිංචි ගාස්තුව රු 40,000කි.

ආබාධ සහිත පුද්ගලයින් භාවිත කරනු ලබන වාහන සඳහා ලියාපදිංචි ගාස්තුව 2000කි.

මෝටර් ගිලන් රථ, මෝටර් අවමංගල්‍ය ර, සඳහා ලියාපදිංචි ගාස්තුව රු 10,000ක් වේ.

යතුරුපැදි සඳහා ලියාපදිංචි ගාස්තුව රු 3,000ක් වන අතර, විශේෂ කාර්ය වාහන පළමු වරට ලියාපදිංචි කිරීමේ ගාස්තුව රු 30,000ක් වේ.

සංශෝධනය කළ ලියාපදිංචි ගාස්තු පහතින් දැක්වේ.

PTA එක යටතේ උතුර, නැගෙනහිර මර්ධනය කරද්දි මරනින්දක සිටි සැමට චෝදනා.. ?

0

ත්‍රස්ත පණත යටතේ උතුරේ ,සහ නැගෙනහිර ජනයා පසුගිය කාලය පුරාවට දැවැන්ත මර්ධනයකට ලක් කරද්දි මීක් නොකි දකුණේ ඇතැම් වාමාංශික කණ්ඩායම් සහ සිව්ල් සංවිධාන ⁣මේ වන විට වසන්ත සහ සිරිධම්ම හිමියන්ගේ දින 90 සැමරිම සඳහා මුහුණේ ස්ටිකර්ද අලවා ගනිමින් සටන පිවිස සිටි.

වත්මන් පාලනය විසින් වසන්තලාට එරෙහිව දියත් කර ඇති මර්ධනය එරෙහි හැකි බර යොදා විරෝධය පළකළ යුතුව තිබේ.ගැටලුව වන්නේ ඒ විරෝධතා දින 90ක් තරම් කාලයක් රදවා සිට්න වසන්තලා ගැන පමණක් උපරිම අවධානයක් යොමුකර සිටිමය.

එය එසේ වෙද්ද වසර 13 කටත් වැඩි කාලයක් රදවාගෙන සිටින දමිළ දේශපාලන සිරකරුවන් ගැන විරෝධය දකුණේ සමාජය තුල උපරිම බරක් යොදා සලකුණු කරන්නට මේ වම්මුන්ට මෙන්ම ඇතැම් සිවිල් සමාජ කණ්ඩායම් වලට නොහැකිවිම යනු සිය උපයෝගීතාවාදි දේශපාලන සමාජ ක්‍රියාකාරිත්වයේම දිගුවක් මිස අන් කිසිවක් නම් නොවේ.

කෙසේ වෙතත් මේ වන දකුණේ වාමාංශික කණ්ඩායම්වල මෙම අවස්ථාවාදය දැන් ප්‍රශ්ණ කරන්නට ඇතැම් කණ්ඩායම් පටන් ගෙන තිබේ.

සැබැවින්ම එක්සත් ලංකාවක්,කල්පවතින සාමයක් සඳහා ජාතික ජන අරගලයක් ගැන විශ්වාස කරන්නේ නම් කල යුතුව ඇත්තේ.වසන්තලා සිරිධම්මලාගේ ස්ටිකර් මුහුනේ අතේ අලවා ගන්නා අතරේ …සිවලිංගම් අරූරන්ලාගේද ස්ටිකර් අලවාගනිමින් විරෝධතා පවත්වන අරගල සංස්කෘතියක් නිර්මාණය කරගැනිමය.

එසේ නොවන්නේ නම් එය තමන්ගේ එකා පමණක් බේරාගැනිමට දරන තවත් තක්කඩි උත්සාහයක් වනවා නිසැකය.

පෙරටුගාමි සමාජ වාදි පක්ෂය සමඟින් සමිපව කටයුතු කරමින් සිටින ඇතැම් සමාජ දේශපාලන ක්‍රියාකාරින් දැනටමත් මේ අනතුර ගැන විවෘත අභියෝගයක් ඉදිරිපත් කර තිබිම සැබැවින්ම වැදගත්ය.

ඒ ගැන පුලුල් සංවාදයක් පමණක් නොව ත්‍රස්ත පනත යටතේ සිට්න සැමගේ පවුල් වල සමාජිකයන් හා එක්වෙමින් දකුණේත් උතුරේත් ඒකාබද්ධ අරගලයක් ගොඩ නැගිය යුතුව තිබේ.

මෙහිදි වඩාත් වැදගත් වන්නේ රනිල් වැනි ධනපති ලිබරල් දේශපාලකයෙකු විසින් දැනටමත් මේ දෙමළ සිරුකරුවන් නිදහස් කිරිම ගැන අවධානය යොමුකරමින් සිටින පසුබිමක්ද නිර්මාණය තිබිමය.ඒ ගැන පුලුල් සංවාදයක් පමණක් නොව ත්‍රස්ත පනත යටතේ සිට්න සැමගේ පවුල් වල සමාජිකයන් හා එක්වෙමින් දකුණේත් උතුරේත් ඒකාබද්ධ අරගලයක් ගොඩ නැගිය යුතුව තිබේ.

තවත් එක් කරුණක් මෙහිලා සටහන් කළ යුතුව තිබේ.පසුගිය කාලය තුල නැගෙනහිර සමාජ ක්‍රියාකාරින් රැසක් වසර ගණනක් තිස්සේ අත්අඩංගුවට ගෙන රදවාගෙන තිබුනේ ෆේස්බුක් පිටු හරහා දේශපාලන සමාජ අදහස් තවත් අයත් සමඟින් බෙදාගැනිම හේතු කොට ගෙනය.

අරුමය වන්නේ දකු⁣⁣ණේදි මානව හිමිකම් ගැන වදවෙන සිවිල් සමාජයට පමණක් නොව ඇතැම් මාධ්‍ය කණ්ඩායම් වලටද නැගෙනහිර සිදුකර තිබුන මේ අත්අඩංගුවට ගැනිම් ගැන වගේ වගක් නොතිබිමය.

එහෙව් දකු⁣නේ බහුතරයක් දෙනා දැන් වසන්තලා සිරිධම්මලා වෙනුවෙන් කොළඹ මාධ්‍ය සංදර්ශන පවත්වන්නට පටන් ගෙනය.

ත්‍රස්ත පණත යටතේ උතුරේ ,සහ නැගෙනහිර ජනයා පසුගිය කාලය පුරාවට දැවැන්ත මර්ධනයකට ලක් කරද්දි මීක් නොකි දකුණේ ඇතැම් වාමාංශික කණ්ඩායම් සහ සිව්ල් සංවිධාන ⁣මේ වන විට වසන්ත සහ සිරිධම්ම හිමියන්ගේ දින 90 සැමරිම සඳහා මුහුණේ ස්ටිකර්ද අලවා ගනිමින් සටන පිවිස සිටි.

වත්මන් පාලනය විසින් වසන්තලාට එරෙහිව දියත් කර ඇති මර්ධනය එරෙහි හැකි බර යොදා විරෝධය පළකළ යුතුව තිබේ.ගැටලුව වන්නේ ඒ විරෝධතා දින 90ක් තරම් කාලයක් රදවා සිට්න වසන්තලා ගැන පමණක් උපරිම අවධානයක් යොමුකර සිටිමය.

එය එසේ වෙද්ද වසර 13 කටත් වැඩි කාලයක් රදවාගෙන සිටින දමිළ දේශපාලන සිරකරුවන් ගැන විරෝධය දකුණේ සමාජය තුල උපරිම බරක් යොදා සලකුණු කරන්නට මේ වම්මුන්ට මෙන්ම ඇතැම් සිවිල් සමාජ කණ්ඩායම් වලට නොහැකිවිම යනු සිය උපයෝගීතාවාදි දේශපාලන සමාජ ක්‍රියාකාරිත්වයේම දිගුවක් මිස අන් කිසිවක් නම් නොවේ.

කෙසේ වෙතත් මේ වන දකුණේ වාමාංශික කණ්ඩායම්වල මෙම අවස්ථාවාදය දැන් ප්‍රශ්ණ කරන්නට ඇතැම් කණ්ඩායම් පටන් ගෙන තිබේ.

සැබැවින්ම එක්සත් ලංකාවක්,කල්පවතින සාමයක් සඳහා ජාතික ජන අරගලයක් ගැන විශ්වාස කරන්නේ නම් කල යුතුව ඇත්තේ.වසන්තලා සිරිධම්මලාගේ ස්ටිකර් මුහුනේ අතේ අලවා ගන්නා අතරේ …සිවලිංගම් අරූරන්ලාගේද ස්ටිකර් අලවාගනිමින් විරෝධතා පවත්වන අරගල සංස්කෘතියක් නිර්මාණය කරගැනිමය.

එසේ නොවන්නේ නම් එය තමන්ගේ එකා පමණක් බේරාගැනිමට දරන තවත් තක්කඩි උත්සාහයක් වනවා නිසැකය.

පෙරටුගාමි සමාජ වාදි පක්ෂය සමඟින් සමිපව කටයුතු කරමින් සිටින ඇතැම් සමාජ දේශපාලන ක්‍රියාකාරින් දැනටමත් මේ අනතුර ගැන විවෘත අභියෝගයක් ඉදිරිපත් කර තිබිම සැබැවින්ම වැදගත්ය.

ඒ ගැන පුලුල් සංවාදයක් පමණක් නොව ත්‍රස්ත පනත යටතේ සිට්න සැමගේ පවුල් වල සමාජිකයන් හා එක්වෙමින් දකුණේත් උතුරේත් ඒකාබද්ධ අරගලයක් ගොඩ නැගිය යුතුව තිබේ.

මෙහිදි වඩාත් වැදගත් වන්නේ රනිල් වැනි ධනපති ලිබරල් දේශපාලකයෙකු විසින් දැනටමත් මේ දෙමළ සිරුකරුවන් නිදහස් කිරිම ගැන අවධානය යොමුකරමින් සිටින පසුබිමක්ද නිර්මාණය තිබිමය.ඒ ගැන පුලුල් සංවාදයක් පමණක් නොව ත්‍රස්ත පනත යටතේ සිට්න සැමගේ පවුල් වල සමාජිකයන් හා එක්වෙමින් දකුණේත් උතුරේත් ඒකාබද්ධ අරගලයක් ගොඩ නැගිය යුතුව තිබේ.

තවත් එක් කරුණක් මෙහිලා සටහන් කළ යුතුව තිබේ.පසුගිය කාලය තුල නැගෙනහිර සමාජ ක්‍රියාකාරින් රැසක් වසර ගණනක් තිස්සේ අත්අඩංගුවට ගෙන රදවාගෙන තිබුනේ ෆේස්බුක් පිටු හරහා දේශපාලන සමාජ අදහස් තවත් අයත් සමඟින් බෙදාගැනිම හේතු කොට ගෙනය.

අරුමය වන්නේ දකු⁣⁣ණේදි මානව හිමිකම් ගැන වදවෙන සිවිල් සමාජයට පමණක් නොව ඇතැම් මාධ්‍ය කණ්ඩායම් වලටද නැගෙනහිර සිදුකර තිබුන මේ අත්අඩංගුවට ගැනිම් ගැන වගේ වගක් නොතිබිමය.

එහෙව් දකු⁣නේ බහුතරයක් දෙනා දැන් වසන්තලා සිරිධම්මලා වෙනුවෙන් කොළඹ මාධ්‍ය සංදර්ශන පවත්වන්නට පටන් ගෙනය.