Tuesday, September 24, 2024
Home Blog Page 29

යළි රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්..

0

මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ ආඥාවක් යළිත් නිකුත් කර තිබේ.කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙම ආඥා පිළිබඳව පාර්ලිමේන්තුවට අද (22) දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා විසින් මෙම ආඥාව නිකුත් කරනු ලැබ ඇත්තේ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තිය අනුව ඔහුට පැවරී ඇති බලතල අනුවය.කතානායකවරයා සභාවේ කටයුතු ආරම්භයේදී ජනාධිපතිවරයාගේ මෙම ආඥාව පිළිබඳව දැනුම් දෙනු ලැබීය.

ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක හා එයට සම්බන්ධ ජල තීරයන්වල ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවල සියලුම සාමජිකයන් කැඳවමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (22දා) සිට ක්‍රියාත්මකවන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. 2019 වසරේදී ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු දා ප්‍රහාරයෙන් අනතුරුව එවක ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සාමය පවත්වාගෙන යාම සඳහා මෙසේ සන්නද්ධ හමුදාව කැඳවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත කරනු ලැබීය.

එම ගැසට් නිවේදනය සෑම මසකම 22දා නිකුත් කරනු ලබන්නේ ඉදිරි මාසයක කාලයක් සඳහා බලපැවැත්වෙන අයුරින් යැයි newsi.lk වෙබ් අඩවිය විසින් වාර්තා කොට තිබේ.

පොලිස්පති හිතන් ඇති අපි 4 පංතියට ඉගෙන ගත්තු අය කියල – ක්‍රිශාන්ත පියතුමා

0

මජර පාලනයට ඒරෙහිව කතෝලික සභාව සිය විරෝධය ඉතාමත් ශක්තිමත් ලෙසින් පළකරන්නට දැන් පටන් ගෙන තිබේ.
පසුගිය කාලය තුල සමාජ ආසාධාරණයන්ට එරෙහි විමේදි යම් ක්ෂේත්‍ර කිපයක දේවල් වෙනුවෙන් පෙනි සිටි කතෝලික සභාව මේ වන විට දැඩි තින්දුවක සිට සිය විරෝධයන් පළකරමින් සිටි.

අසාධාරණ කම් ඇස්පනා පිටම සිදුවෙද්දි මිගමුවේ පියතුමන්ලා අතිබහුතරයක් නිහඩව සිටින පසුබිමක මිගමුව පිටිපන සිය ගම කරගත් තරුණ පියතුමෙකු පොලිස්පතිට අද කටඋත්තර නැතිවෙන්නම කදිම ප්‍රකාශයක් අද සිදුකර තිබුණි.
ඒ් අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂක ගරු ජූඩ් ක්‍රිසන්ත පියතුමන්ය

පංච පුද්ගල විනිසුරු මඬුල්ලකින් ජනතා මුදල් කෝටි ගණනක් වියදම් කරමින් වසරකට වැඩි කාලයක් තිස්සේ සාක්ෂි විමසා ඉදිරිපත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවක් තිබියදී තවත් සාක්ෂි ගරු සිරිල් ගාමිණී පියතුමන් ලබා දෙනු ඇති බවට ඊයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කළ ප්‍රකාශය ජූඩ් ක්‍රිසන්ත පියතුමන් ගේ දැඩි විවේචනයකට ලක්ව තිබුණි.

ඒ තෙවැනි වතාවටත් ගරු සිරිල් ගාමිණී පියතුමන් ප්‍රකාශයක් ලබාගනිම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ ඒ අවට ගරු පියතුමන්ලා පැවැත්වූ නිහඬ විරෝධයට එක්වෙමින් ක්‍රිශාන්ත පියතුමා මාධ්‍ය හමුවේ සිය විරෝධය ප්‍රකාශ කර ඇත.

ගරු පියතුමන් සඳහන් කලේ මෙම මජර පාලන ක්‍රමය තුළ යම් තොරතුරක් ලබාදුන් පුද්ගලයාව ප්‍රශ්න කළත් වෙනත් රටවල් වල සිදු කරනුයේ තොරතුර සම්බන්ධයෙන් කරුණු සොයා බලා එයට අදාළ පුද්ගලයන් පිළිබඳ පරීක්ෂණ කර තොරතුර ලබාදුන් පුද්ගලයට ගෞරව කිරීම බවයි.
නමුත් මෙම මජර පාලන ක්‍රමය තුල සිටින අප අවාසනාවන්ත බවත් මෙරට තුළ එවැන්නක් සිදු නොවන බවත් ගරු පියතුමන් පවසා සිටියේය.

ජූඩ් ක්‍රිසන්ත පියතුමන් ගේ ප්‍රකාශය ( විඩියෝ)

දෙමළ කඳුළට තහංචි දැමීම සඳහා ආණ්ඩුවේ මෙහෙයුමක්

0

යුද්ධයෙන් මියගිය තම ස්නේහවන්තයන් වෙනුවෙන් දෙමළ ජනතාවගේ ශෝකය පලකිරීම වැලැක්වීමට ආණ්ඩුව උතුරේ මෙහෙයුමක් දියත් කර තිබේ.


සෑම අවුරුද්දකම නොවැම්බර් 21 දායින් ආරම්භ කොට උතුරු නැගෙනහිර පුරා සතියක් තිස්සේ පවත්වනු ලබන දෙමළ මහවිරු සතිය මෙවරත් තහනම් කිරීම සඳහා උසාවිය යොදා ගැනීම එහි ප්‍රධාන පියවරක් බව දිස් වෙයි.  

ඉකුත් වසරේදීත් මුලතිව් දිස්ත්‍රික්කයේ ‘මහවිරු සමරු’ පැවැත්වීමට එරෙහිව පොලිසිය විසින් අධිකරණයෙන් තහනම් නියෝග ලබා ගෙන තිබුණි.


ආරක්ෂක අංශ විසින් වාර්තා කර ඇති පරිදි සමරුවේ ක්‍රියාකාරකම් අවිහිංසාවාදීය.


පොලිසිය කර ඇති ඉල්ලීමට අනුමැතිය දෙමින් මුලතිව් මහේස්ත්‍රාත් ආර් සරවනරාජා විසින් නොවැම්බර් 17 දා පළමු වාරණ නියෝගය පනවා ඇත්තේ මුලතිව් දිසාවේ වෙසෙන දෙමළ දේශපාලන නායකයන් හා යුද අපරාධ විරෝධීන් ඇතුළු සමාජ ක්‍රියාධරයන් 12 දෙනකුට එරෙහිවය.  

ඊට අමතරව, ‘මහවිරු සමරුව’ පුදුකුඩියිරුප්පු පොලිස් බල ප්‍රදේශයේ පැවැත්වීම තහනම් කරන මෙන් පොලිසිය තවත් ඉල්ලීමක්ද කර තිබේ. එම ඉල්ලීම රැගත් ලිපියේ විස්තර කෙරෙන ආකාරයට ත්‍රිවිධ හමුදා හා බුද්ධි අංශ විසින් වාර්තා කර ඇති පරිදි සමරුවේ ක්‍රියාකාරකම් අවිහිංසාවාදීය.

පුදුකුඩියිරුප්පු පොලිසියේ ස්ථානාධිපති විසින් මුලතිව් මහේස්ත්‍රාත් වරයාට ලියා ඇති ලිපියේ දැක්වෙන පරිදි නොවැම්බර් 21 සිට 27 දක්වා මහවිරු සතිය ලෙස නම් කර සෑම අවුරුද්දකම සැමරුම් පවත්වන ලෙස මුලතිව් දිස්ත්‍රික්කයේ මනලාරු රක්ෂිතය තුල පවත්වන ලද පළමු මහවිරු සැමරුමේදී ප්‍රකාශයට පත් කර ඇත්තේ එල්ටීටීඊ නායකයා විසිනි.  

“එම නියෝගය පරිදි මෙවරද එම තහනම් සංවිධානයේ සාමාජිකයන් හා එයට සහාය දක්වන කණ්ඩායම් වල සාමාජිකයන් මගින් එම සංවිදානයේ නිර්මාතෘ වේලුපිල්ලේ ප්‍රභාකරන් සහ මියගිය සාමාජිකයින් සිහි කර එම සංවිධානයට අයත් කොඩි එසවීමට, මියගිය අයගේ ඡායාරූප ප්‍රදදර්ශනය කිරීම, එම සංවිධානයේ ගීත ගායනා කිරීම හා එම සංවිධානයට අයත් වර්ණ සහිත කොඩි එසවීම හා තහනම් කරන ලද සංවිධානයේ ජාතික පුෂ්පය වන නියඟලා මල ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇති බවටත් ඉහත තොරතුරු මගින් වැඩි දුරටත් අනාවරණය වී ඇත,” යි ප්‍රධාන පොලිස් පරීක්ෂක අමරසිංහගේ අත්සනින් යුත් ලිපියේ දැක්වේ.


ආණ්ඩුව හා රජයේ ආරක්ෂක අංශ විසින් ප්‍රකාශයට පත් කර ඇති පරිදි එල්ටීටීඊ සංවිධානය දැනට ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දමා ඇත.
මුලතිව් මහේස්ත්‍රාත්වරයා විසින් පළමු තහනම් නියෝගය පනවා ඇත්තේ පහත දැක්වෙන පිරිසට විරුද්ධවය.

පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවප්‍රකාසම් සිවමෝහන්, මුලතිව් දිස්ත්‍රික්කයේ අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි මරියසුරේෂ් ඊශ්වරී, හිටපු උතුරු පලාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම්, හිටපු උතුරු පලාත් සභා මන්ත්‍රී තුරෙයිරාජා රවිහරන්, දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියාධාරී පීටර් ඉලන්චේලියන්, සමාජ ක්‍රියාධාරීන් වන මුත්තුරාසා සිවනේසරාසා, පේදුරුපිල්ලේ ජෙරාඩ් සහ කනගසභාපති විශ්වලිගම් විග්නේශ්වරන්.

උතුරු නැගෙනහිර මාධ්‍යවේදීන් පවසන්නේ මුලතිව් පොලිසිය මෙන්ම පළාතේ අනෙකුත් පොලිසි ද මෙසේ වාරණ නියෝග ලබා ගැනීමේ වෑයමක් පවතින බවය.
theleader.lk

ජෙනරාල් මහේෂ් සේනානායකට ඇමෙරිකාවෙන් ඉහළම සම්මානයක්

0

ශ්‍රී ලංකාවේ හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක ඇමෙරිකාවේ United States Army Command and General Staff Collegeහි විශිෂ්ඨතමයන්ගේ ලැයිස්තුවට එක්කර තිබේ. ( International Hall of Fame.)

ශ්‍රී ලංකාවේ එම සම්මානය හිමිකරගත් පළමු පුද්ග්ලයා වන්නේ මහේෂ් සේනානායක යි.

තම වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරගනිමින් සිය රට වෙනුවෙන් උපරිම සේවයක් කළ ඉහළ නිලධාරීන් වෙනුවෙන් මෙම සම්මානය පිරිනමනු ලබයි.

Mahesha 2021 1

යොහානි නොවැ 23 දා පාර්ලිමේන්තුවට ….

0

“මැණිකේ මගේ හිතේ” ගීතයෙන් ලෝකය පුරා ඉහළ රසික ජන ප්‍රසාදයක් දිනාගත් යොහානි ද සිල්වා නව පරපුරේ තරුණ ගායන ශිල්පිනියට උපහාර පිදීමේ උත්සවයක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ලබන 23 වැනිදා පෙරවරුවේ පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂාණී රෝහණදීර මහත්මිය පැවසු බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂ සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය සංවිධානය කරනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් වැඩිදුරටත් එම පුවතේ සදහන්ය.

එම පුවතේ තවදුරටත් වැඩි විස්තර මෙසේ සටහන් කර තිබේ.

යොහානි ද සිල්වා මෙනෙවිය මෙදින පෙරවරුවේ කතානායක ගැලරියටද කැඳවා ගෙන එනු ලබන්නීය.

මේ අවස්ථාවේදී කතානායකවරයා පාර්ලිමේන්තු සභාව අමතමින් ඇයගේ පැමිණීම දැනුම්දීමට නියමිත අතර සියලු මන්ත්‍රීවරුන් එහිදී ඇයට සුබ පැතුම් පිරිනැමීමට නියමිතය.

ඉන් අනතුරුව ඇය පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැත්වෙන උත්සව සභාව වෙත කැඳවා ගෙන යනු ලබන අතර එහිදීද ඇයට විශේෂ උපහාර පිදීමක් සිදු කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙහිදී කතානායකවරයා උත්සව සභාව අමතමින් යොහානිද සිල්වා රංගන ශිල්පිනියට සුභාශිංසන එක් කිරීමට නියමිතය.

පිළිගැනීමේ කතාව පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනී, රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් සිදුකරනු ලබන අතර ස්තූති කතාව පවත්වනු ලබන්නේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ කුෂානී රෝහණදීර මහත්මිය විසිනි.

ගායන ශිල්පිනියට අගමැතිවරයා අතින් උපහාර තිළිණය ප්‍රදානය කෙරෙන්නේ ඉන් අනතුරුවය.

මේ අතර යොහානි ද සිල්වා මෙනවිය වෙනුවෙන් පාර්ලිමේන්තුව විසින් දිවා භෝජන සංග්‍රහයක්ද එදින පිරිනමනු ලැබේ.

මැණිකේ මගේ හිතේ ගීතය හරහා ශ්‍රී ලංකාව ලෝකයට රැගෙන ගොස් ඉහළ තැනකට ඔසවා තැබීම අගය කිරීම සඳහා මෙම උපහාර උත්සවය සංවිධානය කරන බව පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය පවසයි.

මේ අතර රාජපක්ෂලා බලයට ගෙනඒ්මට දේශප්‍රේමිත්වය සහ ජාතික වාදය ගැන මතවාදි පෙරමුණ සිට කටයුතු කළ මියන්මාරයේ හිටපු තානාපති නලින් සිල්වා පසුගියදා යොහානි ගැන කියා තිබුනේ ඇය මෙලෙස ඉහලට ඔසවා තැබිම ඉන්දියානු කුමන්ත්‍රණයක් බවය.

තරුණ ගායිකා යොහානි ද සිල්වාගේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ඉන්දියාව විසින් සිය දේශපාලන අතකොළුවක් කර ගැනීමට ඉඩ තිබෙන බව මහාචාර්ය නලින් ද සිල්වා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි.

බටහිරයන් හා ඉන්දියාව මේ ආණ්ඩුව පළවා හැර ඔවුන්ගේ ම ආණ්ඩුවක් පිහිටුවීමට ක්‍රියා කරන බවත් ඒ සඳහා ඔවුන් සරත් ෆොන්සේකා හා මෛත්‍රිපාල සිරිසේන වැනි ජාතිකත්වයක් සහිත අයකු යොදා ගැනීමට ඉඩ තිබෙන බවත් ඔහු පවසයි.

ඒ සඳහා දැනටමත් ඔවුන් ක්‍රියාත්මක වන බව සදහන් කළ ඔහු යොහානි ද සිල්වා ඉන්දියාවේ ජනප්‍රිය කර ඇත්තේ එහි මූලික පියවරක් වශයෙන් බවත් ඇය අවුරුදු විසිඅටක පමණ කාන්තාවක් වන අතර ඇය මෙරට හමුදා නිලධාරියකුගේ දියණියක් බවත් ඉන්දියාව කල් යල් බලා ඇය දේශපාලන අතකොළුවක් කර ගැනීමට ඉඩ තිබෙන බවත් කියා තිබුණි.

IMF ණය ගමුද ? කංසා විකුණමුද ?

0

රට ඇත්තේ දැවැන්ත අර්බුදයක් අභියසය .ඩොලර් සංචිත නැති මේ බොහෝ අර්බුදවලට අද ප්‍රධානම හේතුව වි තිබේ.දැඩි ලෙස ආනයන මත යැපෙන රටක් ලෙසින් ඩොලර් සංචිත නැතිකම නිසා කන බොන දැ පමණක් නොව දැන් ඉන්ධනද නැතිවෙන තැනට කටයුතු සැකසෙමින් තිබේ.
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ දිගින් දිගටම කියමින් සිටියේ IMF ඒකෙන් ණය අරගෙන මේ පවතින අර්බුදය කළමණාකරණය කර ගත යුතු බවය.
මේ වන විට කැබිනට් මණ්ඩයේ ඇතැම් ඇමතිවරුන් පවා මේ අදහස ඉදිරිපත් කරමින් සිටිති.
පසුගිය දා ඇමති වාසුදේව කියා සිටියේ මළත් IMF ණය නොගත යුතු බවය.

මේ අතර IMF ණය ගන්නවා වෙනුවට රාජ්‍ය අනුග්‍රහයෙන් කංසා වගාව නීතිගත කර අපනයන කිරීම හරහා රට ණය බරින් නිදහස් කර ගත හැකි බව ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පවසා තිබුණි.ඒ හරහා රටට විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට අවස්ථාවක් උදාවන බවයි මන්ත්‍රීවරිය පෙන්වා දි ඇත.

මෙරට තේ, රබර්, පොල් වාණිජ භෝග සඳහා ජාත්‍යන්තර වෙළඳපොළේ මීට පෙර පැවති ඉල්ලුම දැන් අහිමි වී ගොස් ඇති බවත් ස්වභාව ධාර්මයෙන් ලබා දී ඇති කංසා වගාව නීතිගත කර අපනයනයට යොමුවීම හොඳ අවස්ථාවක් බවයි මන්ත්‍රීවරිය සඳහන් කළේය.

කංසා වාණිජ භෝගයක් ලෙස වගා කර අපනයනය කිරීම හරහා තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍යාධාර ඉල්ලා සිටීමට අවශ්‍ය නොවන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කරන්නට යෙදුණි.

ඊයේ සිට මත්පැන් මිළ ඉහල ගිය හැටි….

0

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ සිය මංගල අයවැයට සමගාමිව මත්පැන් මිල ඉහළ නැංවෙන ආකාරය සුරා බදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. 

දේශිය වශයෙන් නිෂ්පාදිත අති විශේෂ අක්කු මිල ලීටර් 750ක බෝතලයක් රුපියල් 96.14කින් ඉහළ නැංවෙයි.

තල් හා පොල් අරක්කු බෝතලයක මිල රුපියල් 103කින් ඉහළ නැංවෙයි.

දේශිය වශයෙන් නිෂ්පාදිත විදේශීය අරක්කු බෝතලයක මිල රුපියල් 126.84කින් ඉහළ නැංවෙයි.

සැර සියයට 14ට වැඩි විදේශිය මත්පැන් බෝතලක මිල රුපියල් 14.40කින් ඉහළ නැංවෙයි.

සැර සියයට 5ට අඩු බියර් කෑන් එකක (මිලි ලීටර් 330) රුපියල් 3.10කින් ඉහළ නැංවෙයි.

සැර සියයට 5ට වැඩි බියර් කෑන් එකක මිල රුපියල් 14කින් ඉහළ නැංවෙයි.

මෙම මිල ඉහළ නැංවීම් ඊයේ (13දා) සිට ක්‍රියාත්මක වෙයි.

බලු බද්දක් ගැන රටට හෙළි කළ මාධ්‍යවේදීන් කූඩු කිරීමේ වෑයමක්

0

දකුණේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවේදීන් පොලිසියට කැඳවීම ගැන ජනමාධ්‍ය කටයුතු භාර අමාත්‍යවරයා විරෝධය පල කර මාසයක් ගතවන්නටත් මත්තෙන්, යටත් විජිත යුගයේ ක්‍රියාත්මක වු ආකාරයේ බලු බද්දක් යළි පැනවීමේ උත්සාහයක් ගැන රටට හෙළි කළ මාධ්‍යවේදීන් තිදෙනකු රහස් පොලිසියට කැඳවා තිබේ.

මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත්තේ දඹුල්ල මහ නගර සභාව විසින් 2022 ජනවාරි සිට නගර සභා බල ප්‍රදේශයේ නිවෙස්වල ඇතිකරන සුරතල් සුනඛයන් සදහා බලු බද්දක් යෝජනා කරමින් ඉදිරිපත් කළ පත්‍රිකාවක් සම්බන්ධයෙන් වාර්තා කළ ජනමාධ්‍යවේදීන් තිදෙනෙකි.


Tex Doc2021 1
ජනමාධ්‍ය වාර්තා කර ඇත්තේ විද්‍යුත්, මුද්‍රිත හා වෙබ් වාර්තා කරුවන් තිදෙනකු වන මහින්ද උදයසිරි, සරත් එරමිණිගම්මන, ලක්ෂිත විජේසේකර මෙලෙස ප්‍රශ්න කිරීම සඳහා කැඳවා ඇති බවයි.



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැදවීම අනුව නොවැම්බර් 12 වැනි සිකුරාදා කොළඹට පැමිණ සිටි සරත් එරමිණිගම්මන මාධ්‍යවේදියා අගනගරයේ මාධ්‍යවේදීන් සමග කියා සිටියේ සැප්තැම්බර් 10 වැනි දින දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව එම කැඳවීම සිදු කර තිබු බවයි.

තමන් අතට පත්වන මුලාශ්‍ර පදනම් කරගනිමින් මාධ්‍යකරණයේ යෙදීමට ජනමාධ්‍යවේදීන්ට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව අවධාරණය කරන සරත් එරමිණිගම්මන එහිදී ප්‍රශ්න කර සිටියේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මෙයද යන්නයි.

“දැන් අපිට මාධ්‍යවේදීන් විදිහට අපිට හමුවෙන මුලාශ්‍ර පදනම් කරගෙන අපිට මාධ්‍ය හසුරුවන්න බැරි තත්වයක් තියෙන්නේ මොකද ඒ හැම එක්කටම සී.අයි.ඩී එකේ මහත්තුරු, පොලීසියේ මහත්තුරු ලගට ගිහිල්ලා ඔවුන්ට ගිහිල්ලා පැමිනිලි කරනවා. එහෙම උනාම දැන් කරන්න වෙලා තියෙන්නේ දැන් එයාලගෙන් අවසරයක් අරන් තමයි අපිට මේ මාධ්‍ය මෙහෙයුම ඉස්සරහට කරන්න වෙන්නේ.”

එය ඉතා ශෝචනීය තත්වයක් බව මාධ්‍යවේදී සරත් එරමිණිගම්මන වැඩි දුරටත් සදහන් කළේය.


ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් ගේ ඉල්ලීම !

මීට ඉහතදී දි අයිලන්ඩ් සහ ලංකාදීප කතුවරුන් හා මාධ්‍යවේදීන් රහස් පොලිසියට කැඳවූ අවස්ථාවක එය වලක්වා ලීමට පියවර ගත් මාධ්‍ය ඇමැති ඩලස් දහම් අලහප්පෙරුම ඒ සම්බන්ධයෙන් සමාවද ඉල්ලා තිබුනි.

“මාධ්‍යවේදීන් කිසිසේත් පොලීසියට, රහස් පොලීසියට කැඳවා ප්‍රශ්න කිරීම නොකළයුතු බව” අගමැති මහින්ද රාජපක්ෂ මෙන්ම පොලිසිය භාර ඇමැති සරත් වීරසේකරද ප්‍රකාශ කළ බව අලහප්පෙරුම ඇමැතිවරයා මාධ්‍යවේදීන්ට කියා තිබුණි.

මහින්ද උදයසිරි, සරත් එරමිණිගම්මන, ලක්ෂිත විජේසේකර යන මාධ්‍යවේදීන්  තිදෙනා සම්බන්ධයෙන් මාධ්‍ය ඇමැතිවරයා මේතාක් කිසිදු මැදිහත්වීමක් කළ බවක් දැනගන්නට නැත.

උතුරු හා නැගෙනහිර දෙපළාතේ  මාධ්‍යවේදීන් දෙදෙනෙක් වන නවරත්නම් කපිලනාත් හා  යූ. එල්. මබ්රූක් පසුගියදා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය වෙත කැඳවීම ගැනත් මාධ්‍ය ඇමැති ඩලස් දහම් අලහප්පෙරුම මේතාක් අනුගමනය කර ඇත්තේ නිහඬ පිළිවෙතකි.
theleader.lk

මුඛ ආවරණ ඉවත් නොකර ෆෝටෝ ගහන්න …

0

රට විවෘත කිරිමත් සමගින් ජනතාව හැසිරෙන ආකාරය කිසිසේත්ම සතුටුදායක නැතැයි සෞඛ්‍ය බළධාරින් විසින් නිරන්තරයෙන්ම පවසමින් සිටිති.මේ නිසාම 4 වන කොරෝනා රැල්ලක් යළිත් මතුවිමේ අවධානමක් ගැනද අනතුරු ඇගවෙමින් තිබේ.මේ නිසාම කොරෝනා තත්වය පැතිර යාම අවම කිරිමට ගත හැකි සියලු ක්‍ර්‍රියාමාර්ග ගැනිමට මේ වන විට අදාල බළධාරින් විවිධ උපදෙස් මාලාවන් නිකුත් කරන්නට පටන් ගෙන තිබේ.
උත්සවවලදී ඡායාරූප ලබා ගැනීමේදී මුඛ ආවරණය ඉවත් නොකිරීමට වග බලාගත යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් පවසා තිබේ.
ඡායාරූප ලබා ගැනීමේදී මුඛ ආවරණය ඉවත් කිරීමට ඉල්ලා නොසිටින්නැයි ඡායාරූපකරණයේ යෙදෙන පුද්ගලයන්ගෙන්ද ඉල්ලීමක් කරන බවයි ඔහු මෙහිදී සඳහන් කර සිටියේය.

“උත්සවවලදී ඡායාරූප ගැනීම සඳහා මුඛ වැස්ම ඉවත් කිරීමට බොහෝ දෙනෙක් පුරුද්දක් හැටියට කරගෙන යනවා. මේක ඒ තරම් හොඳ ක්‍රියාවලියක් නෙමෙයි. මොනම හේතුවක් නිසාවත්, අත්‍යවශ්‍ය හේතුවක් ඒ කියන්නේ වතුර හෝ කෑම ගැනීම සඳහා හැර වෙන කිසිම අවස්ථාවක මුඛ වැස්ම ඉවත් කිරීම නොකළ යුතු යැයි ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

ඒ වගේම තමා මංගල උත්සව සහ අනෙක් සාද පැවැත්වීම දැන් වැඩිවෙමින් පවතිනවා මෙහිදී අපි උපරිම සීමාවක් සඳහන් කර තිබුණත් එයට ළඟා නොවී අවම සංඛ්‍යාවකින් මේ කටයුත්ත නිම කරන්න පුළුවන් නම් ඒක තමා වැදගත් වෙන්නේ යැයිද තවදුරටත් ඔහු ප්‍රකාශ කර සිටි.

මෙවැනි උත්සව එකතුවීම් හරහා ජනතාවගේ සමාජික අවශ්‍යතාවයන් ඉෂ්ට වෙන ගමන් අපිට මේ රෝගය බෝවෙන එක වළක්වා ගන්න නම් සෞඛ්‍ය පුරුදු නිසි පරිදි අනුගමනය කරමින් කටයුතු කිරීම වැදගත් වෙනවා. ඡායාරූප ශිල්පයේ යෙදෙන සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා ඡායාරූපය ගැනීම සඳහා මුඛ ආවරණය ඉවත් කරන්න කියන ඉල්ලීම කරන්න එපා. මොනම හේතුවක් නිසාවත් විනාඩි කිහිපයක ට හෝ මුඛ ආවරණය ඉවත් කරන්න එපා.”

කොවිඩ් රෝගීන් වාර්තා වීම සම්පූර්ණයෙන්ම අවසන්ව නොතිබුණද පාසල් පවත්වාගෙන යාමට තීරණය කළේ එය අත්‍යාවශ්‍යම ක්‍රියාවලියක් වීම නිසා බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය

ගාමිණි පියතුමාට එරෙහිව ආණ්ඩුවේ තර්ජනාංගුලිය ඔසවන්නේ ඇයි ?

0

සිරිල් ගාමිණී පියතුමා අත්අඩංගුවට ගැනීමට සැරසීම සහ පාස්කු ඉරිදා ඛේදවාචකය දෙකක් නොව එකම සිද්ධියේ අවධි දෙකකි. සිරිල් ගාමිණී පියතුමා වෙනුවෙන් කතෝලික – අකතෝලික සියලු ජනතාව නැගී සිටිය යුත්තේ මන්ද ? පාස්කු ප්‍රහාරයට අදාළ සම්පූර්ණ සත්‍යය හෙළිදරව් කරගෙන ඒ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමේ දැඩි අභිලාෂයෙන් ක්‍රියා කරන මා ද සම්බන්ධ එක් මිතුරු හවුලක් විසින් යුරෝපයේ සිටින ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් 2021 ඔක්තෝබර 23 සෙනසුරාදා වෙබිනා සම්මන්ත්‍රණයක් පවත්වනු ලැබිණි.

එම සම්මන්ත්‍රණයට මේ සිද්ධියේ සත්‍යය සහ යුක්තිය හඹා යන නායකයන් වන කාදිනල් මැල්කම් රන්ජිත් කොළඹ අගරදගුරු හිමිපාණන් ප්‍රධානව, සිරිල් ගාමිණි, ජුලියන් පැට්‍රික් සහ රොහාන් සිල්වා නි.ම.නි, යන පියවරු ආරාධනා ලබා සිටියහ.

ඒ සඳහා අප විසින් මේ පිලිබඳව මෙතෙක් හෙළිදරව් වී ඇති දත්ත ඇතුළත් පවර්පොයින්ට් දැක්මත් ඉදිරිපත් කරනු ලැබිණි. මාත් මගේ මිතුරාත් එම තොරතුරු ඉදිරිපත් කරන අතරතුර ඒ සම්බන්ධයෙන් ප්‍රධාන පැනලයේ සිටි කාදිනල් හිමියන් පහ පියතුමන්ලාගෙන් අදහස් විමසුවෙමු. මෙහිදී කාදිනල් හිමිපාණෝ අදාළ දත්ත පිළිබඳව ඉතා උනදුවෙන් සහ ප්‍රබල ආත්ම විශ්වාසකින් යුතුව විස්තර කරමින් අදහස් පල කළහ.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයකයකු වන සහරාන් ලාගේ ත්‍රස්තවාදී ක්‍රියා වලට වසර 2009න් පසුව – එනම් යුද්ධයෙන් පසුව – එවකට පැවති රජය විසින් අනුග්‍රහය, අනුබලය පමණක් නොව මුල්‍යමය සහය ද ලබා දුන් බවට හෙළි වී ඇති තොරතුරු මෙම සාකච්චාවට ලක්වූයේ ඒ අතරය. එවකට බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස සිටියේ එවකට බ්‍රිගේඩියර් දැන් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ ය. ඒ පිළිබඳව අප කල විමසීමට අනුව සුරේෂ් සලේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වූයේ සිරිල් ගාමිණි පියතුමා ය.

සහරාන් ඇතුළු ප්‍රහාරකයන්ට ආරක්ෂක අමාත්‍යංශයෙන් වැටුප් ගෙවීම, ඔහු සහ සහරාන් ඇතුළු කණ්ඩායම සමග පැවතුනු බව කියන සම්බන්ධතා ආදී වශයෙන් කොමිෂන් සභා ඇතුළු විවිධ විමර්ශන තල වල හෙළදරව් වී ඇති කරුණු පිළිබඳව එතුමා ප්‍රශ්න කළේය. යුද්ධය පවතී වකවානුව තුළ එහි කිසියම් ම අරමුණක් හෝ වෙනුවෙන් සාහරාන්ලා යොදා නොගත් බවට යුද්ධය ජයගත් හමුදාපති වරයා වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා පාර්ලිමේතුවේදී කල, මේ වන විට හැන්සාඩ් ගත වී තිබෙන තොරතුරු ද ,එහිදී පෙන්වා දෙනු ලැබිණි. බිය හෝ වෙනත් කවර හෝ කාරනාවක් නිසා හෝ සුරේෂ් සලේ යන නම මෙතෙක් කවරකු හෝ විසින් ප්‍රසිද්ධියේ ඍජුව සඳහන් කර තිබුනේ නැත. එහෙත් රකුසන්ට බිය වී සත්‍යය හෝ යුක්තිය ඉටු කර ගත නොහැක. (සිරිල් ගාමිණි පියතුමා ගේ ස්වර්ගීය ස්වාමියා වන ක්‍රිස්තුන් වහන්සේත් උන්වහන්සේ ගේ මග පිළියෙළ කල ස්නාවක ජුවාම් ඇතුළු පුරාන ගිවිසුමේ දිවැසිවර පරපුරත් ඒ බව ක්‍රියාවෙන් පෙන්වා තිබේ. ගාමිණි පියතුමා ඒ දිවැසිවර ක්‍රියාව නොබියව ඉටු කලේ ය.)

තමා ගේ කීර්තියට හානි වූ බව කියමින් සිරිල් ගාමිණි පියතුමා රහස් පොලිසියට ගෙන්වා ප්‍රශ්න කරන ලෙස ජනරාල් සුරේෂ් සලේ රහස් පොලිසියෙන් ලිඛිතව ඉල්ලා සිටින්නේ ඒ ප්‍රකාශය පදනම් කරගෙන ය. (ඇත්ත වශයෙන් ම රහස් පොලිසිය දැන් පවතින්නේ සලේ යට‍තේ ය. මේ නිසා මෙය ඉල්ලීමක් ද නැති නම් සිය බලය අයුතු ලෙස භාවිත කෙරෙන “නියෝගයක් ද?” යන්න නීති අංශ විමසා බැලිය යුතු කරුණකි,) මේ අනුව ප්‍රශ්න කිරීම සඳහා පැමිනෙන ලෙස සිරිල් ගාමිණි පියතුමාට රහස් පොලිසිය සිතාසි භාර දුන්නේ ය.

රහස් පොලිසිය එතැනින් නැවතුනේ නැත. ඔවුන් එතුමා සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් උසාවියේ ද චෝදනාවක් ගොනු කළහ. එම පැමිණිල්ලේ ගාමිණි පියතුමා කල ප්‍රකාශයට හෝ සුරේෂ් සලේ ගේ පැමිණිල්ලට හෝ අදාළ නොවන භයානක වගන්තියක් තිබේ. එනම්, ICCPR පනතට අදාළ චෝදනාවකි. එනම්, පියතුමා ගේ ප්‍රකාශය ආගමික හෝ ජාතික අසමගියට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට හේතුවන ප්‍රකාශයක් වන බවයි. (එම චෝදනාව ගැන වෙනම ම ලිපියකින් කතා කල යුතු ය.)

මෙම පදනම් විරහිත අභූත චෝදනාව නැගීමේ අරමුණ කුමක් ද?

එහි අරමුණ නම්, ගාමිණි පියතුමා අත්අඩංගුවට ගෙන ඕනෑම කාලයක් -ඕනෑම කාලයක් – රඳවා ගැනීමේ අවසර පත්‍රය පොලිසියට ලැබීමයි. දින නියමක් නොමැතිව රඳවා ගැනීම සත්‍යය පාගා දමා නීතියේ ආධිපත්‍යය විනාශ කරන ඕනෑම රෙජීමයක මර්දනයේ හස්තයකි.

රට පුරා සිටින යුක්තියත් සත්‍යයත් ගරු කරන සියලු ජනතාව – කතෝලික ජනතාව ප්‍රමුඛව – නැගී සිටිය යුත්තේ මේ අයුක්තියට එරෙහිවයි.

ගාමිණි පියතුමාට එරෙහිව ආණ්ඩුවේ තර්ජනාංගුලිය ඔසවන්නේ ඇයි ?

පාස්කු ඉරිදා සිද්ධියට සත්‍යය සේවීම සඳහා කාදිනල් හිමියන් ගෙන ගිය ව්‍යාපාරය තිබුනේ ඇල්මැරුණු ස්වභාවයකිනි. එතුමන් හා එක්ව තර්කානුකුලව, මාධ්‍යයට සහ ජනතාවට දැනෙන්නට, තේරුම් යන්නට, ආත්ම විශ්වාසයෙන් යුතුව, විෂයානුබද්ධව කතා කල හැකි කෙනෙකු එම කණ්ඩායමේ සිටියේ නැත. මේ ගැන හෙළි වී ඇති, විමර්ශනය කර ඇති, කොමිෂන් සභා සහ පාර්ලිමේන්තු කාරක සභාවල හෙළි වී ඇති, පාර්ලිමේතුවේ දී හෙළි වූ කාරනා තාර්කිකව ඉදිරිපත් කරමින් කාදිනල් තුමාට සහය විය හැකි කෙනෙකු කොළඹ පදවි කණ්ඩායම තුළ සිටියේ නැත. එය ඉදිරියට ගියේ කාටද ඕනෑවට වගේ ය.

ශක්‍යතා පූර්ණ මාධ්‍ය කරුවකු වන ගාමිණි පියතුමා ඊට සම්බන්ධ කරගැනීමත් සමග කාදිනල් තුමා ගේ පරිශ්‍රමයට ජවයක් ලැබුනේ ය. (සෙසු පූජකවරු සිය සහෝදරයා ගැන කරන මේ ඇගැයීම ගැන ඊර්ෂ්‍යා නොකරත්වා ! ඊර්ෂ්‍යාව මුල් අගුණ පාපයක් බව සිහිපත් කර ගනිත්වා !) ගාමිණි පියතුමා ඊට අදාළ සියලු තොරතුරු මනාව අධ්‍යයනය කල බව මම දනිමි. ඒ නිසා එතුමා ඒ ගැන කතා කරන්නේ මනා අධිකාරීත්වයකිනි (with authority ).

එක පැත්තකින් සමාජයීය හා සාමය කේන්ද්‍රයේ රොහාන් සිල්වා පියතුමා ගෙන යන ජනතාව මූලික කරගත් ප්‍රබල පාරේ විරෝධයත් ඊට සමගාමීව කාදිනල් හිමි – ගාමිණි පියතුමා සම්බන්ධ වූ නව ජවයෙන් එල්ල වන පීඩනයත් හමුවේ “මහමොලකරුවෝ’ දැන් අන්ද මන්දව සිටිති. භීතියට පත්ව සිටිති.

බිත්තියටම හේත්තු වන තරමට පීඩනයට ලක් වී සිටිති. දැන් අභූත චෝදනා එල්ල කොට සිරිල් ගාමිණි පියතුමා අත්අඩංගුවට ගන්නට සැරසෙන්නේ මේ තොරතුරු තවත් හෙළිදරව් වීම වැලක්වීමට ය.

එදා පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම කලේ යම් සේ ද එසේ ම මේ මතුවෙමින් පවතින ජවය ද පුපුරුවා විනාශ කිරීමට ය. ‘මහමොලකරුවන්ට” ගැලවිය හැක්කේ ඒ මගින් පමණි. ජෙනරාල් සුරේෂ් සලේ ගේ උත්සාහය ගාමිණි පියතුමා සිර කොට මහ මොළකරුවන් සහ ‘සොනික් සොනික්’ ඇතුළු ඊට සහය දැක්වූ වූ සියල්ලන් නිදහස් කරගැනීමයි.

ඊට ඉඩ හැර උදාසීනව සිටීමට කතෝලික ජනතාවට පුළුවන් ද?

විශේෂයෙන් ම මීගමුවේ කතෝලික යයි කියන ජනතාවට පුළුවන් ද? අයුක්ති සහගත ලෙස සිය සහෝදර පූජක වරයා සිර කිරීමට ඉඩ දී තමන් ගේ පාඩුවේ පූජාව තියාගෙන, සිටින්නට මීගමුව ප්‍රමුඛ කොළඹ පදවියේ පූජකවරුන්ට හැකි ද? තමන් ගේ ස්වර්ගීය සවාමියා ගේ හඬට ඔවුන් බිහිරි ද?“කායින්, ඔබේ සහෝදරයා කොහිද ?”“ ‘මේ අතරින් ජෙරිකොවට ගිය ආගන්තුකයා ගේ අසල්වැසියා වුනේ කවුද? ‘ ‘සමරිතානයා ස්වාමීනි’. ‘ඔබ නිවැරදියි. ඔබත් ඔහු සේ ම කරන්න.”“යුක්තිය උදෙසා පීඩා විදින්නෝ භාග්‍යවන්තයෝ ය. මන්ද ඔව්හු සනසනු ලබන්නෝ ය.”“මම පිපාසාව සිටියෙමි..කුසගිනිව සිටියෙමි, වස්ත්‍රයක් නැතිව සිටියෙමි, අයුක්ති සහගතව සිරගෙට දක්කන්නට ලක්ව සිටියෙමි, යුක්තිය සහ අයිතිවාසිකම් අහිමි කරන ලදුව සිටියෙමි. ඔබ …..?”

පූජකවවරුන්ට සහ ජනතාවට ඒ හඬ ඇසෙනවා ද ?

ගාමිණි පියතුමා අයුක්තියට ලක්වීම යනු 2019 අප්‍රේල් 21 වැනිදා කුරිරු ලෙස මරා දමන ලද සහ ජීවිතයට ම වින්දිතයන් බවට පත් කරන ලද සමස්ත සහෝදර සහෝදරියනට ඉටු විය යුතු යුක්තිය පාවා දීමකි, එසේ යුක්තිය පාවා දෙන පියතුමෙකුට යලි කවදාවත් ඉහත සඳහන් පාඨ ඇතුළත් ක්‍රිස්තුන් වහන්සේ ගේ ප්‍රේමයේ පනත ගැන දේශනා කල හැකි ද? (කලොත් ‘ඕවා වැදී බන’ කියා ජනතාව පමණක් නොව ක්‍රිස්තුන් වහන්සේ ද කියනු ඇත.)

එසේ නම්, යුක්තිය වෙනුවෙන් නැගී සිටින්නට වෙලාව පැමිණ තිබේ. මොහොත පැමිණ තිබේ. කතෝලික ජනතාව ගේ ප්‍රතික්‍රියාව බලා ගැනීම සඳහා ක්‍රිස්තු සමිඳුන් උසාවිය ළඟ, රහස් පොලිසිය ළඟ බලා සිටියි. (ඉන් පසුව උන්වහන්සේ දෙව් මැදුරු තුළ නොසොයන්න!)රදගුරු වරුන් ජුදාස්ලා නොවිය යුතු ය.

යුක්තිය වෙනුවෙන් කාදිනල් තුමන් ගෙන යන අරගලය නවත්වන්නට නොහොත් අඩපන කරන්නට, දියාරු කරන්නට ‘මහමොලකරුවන්’ වෙනත් රදගුරු වරුන් කිහිප දෙනෙකු ඔස්සේ ගෙන යන ව්‍යාපාරයක් ගැන ද අපට තොරතුරු ලැබී තිබේ. එම රදගුරු හිමිවරුන්ට ද මෙහි මුලින් පූජක වරුන්ට කී දේ ම කියමි.ඊට අමතරව කිව යුතු දෙයක් ද තිබේ. ජුදාස් යනු ජේසු ගේ අපෝස්තුලු වරුන් (ප්‍රධාන ශ්‍රාවකයන් ) 12 දෙනාගෙන් කෙනෙකි.

උන්වහන්සේ ගේ විශේෂ අභිෂේකය ලත් කෙනෙකි,. විශ්වාසය දිනු කෙනෙකි. එසේ නොමැති නම් මුදල් පසුම්බිය ඔහුට භාර දෙන්නේ නැත. එහෙත් ඔහු එයින් හොරා කෑ බව සුවිශේෂ වලම සඳහන් වේ. එපමණක් නොවේ. ඔහු කීර්තිය, තනතුරු, බලය සහ මුදල් යන සිව් අවගුණ වෙනුවෙන් නාසරෙතයේ ජේසු තරුණයා පාවා දුන්නේ ය. අද එම අපෝස්තුලු වරුන් ගේ තැන සිටින්නේ රදගුරු හිමිවරු ය. විවිධ පඬුරු පාක්කුඩම් පුදමින් “ක්‍රිස්තුන් වහන්සේ පාවා දෙන්න” යයි කියන දේශපාලකයන් ගේ ගොදුරු බවට පත් වන්නේ ද? නැති නම්, සැබෑ ක්‍රිස්තු නියෝජිතයන් වන්නේ ද ? යන්න එවැනි රදගුරු හිමිවරුන් තීරණය කල යුතු ය.

රදගුරු වරුන් හැඳින්වෙන්නේ එඬේරුන් ලෙස ය. ජේසු සමිඳුන් සිය අග්‍ර ශ්‍රාවක පේදුරුට දුන් අවසන් උපදේශය “මගේ බැටළුවන් රැක බලා ගන්න !” යන්නය. ජේසු ගේ සමයේ ගලීලයේ එඬේරු තම ජීවිතය පූජා කර හෝ සිය බැටලුවන් වෘකයන්ගෙන් ගෙන් රැක ගත්හ. රදගුරු වරුනට සාමාන්‍ය ගිහි ජනතාව සේ ම පූජක වරුන් ද බැටළුවෝ ය. පාස්කු ඉරිදා ම්ලේච්ඡ ඝාතනය සම්බන්ධයෙන් සහ ගාමිණි පියතුමා සම්බන්ධයෙන් ලංකාවේ සෙසු රදගුරු වරුන් ක්‍රියා කරන්නට යන ආකාරය අනුව ඔවුන් එඬේරුන් ද නැතහොත් සිය බැටළුවන් ‘වෘකයන්ට’ පාවා දී වාසි ලබන සොරුන් ද යන්න ජනතාව තේරුම් ගනු ඇත.
සමන් කපිල විජේසූරිය