Tuesday, September 24, 2024
Home Blog Page 28

අදත් ගෑස් කාන්දුවක් නිසා පිපිරිමක් ! හේතුව හෙළිවේ !

0

අද (25) අලුයම සිදුවූ ගෑස් කාන්දුවක් හේතුවෙන් ‌කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක කිසියම් පිපිරීමක් සිදුව තිබේ.පිපිරීම හේතුවෙන් එම නිවසට දැඩි හානි සිදුව තිබුණි.කෙසේවෙතත් නිවසේ සිටි කිසිදු පුද්ගලයෙකුට ඉන් අනතුරක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කළේය.සිද්ධිය පිළිබඳ නිවසේ පදිංචි කාන්තාවක් මෙලෙස පැහැදිලි කළාය.

“පාන්දර 4ට විතර ලොකු ශබ්දයක් ආවා. එක පාරම ගිහින් බලන්න බැරි නිසා පොඩ්ඩක් ඉඳලා තමයි දොර ඇරියේ. බලනකොට ගෑස් එක පුපුරලා ඒකෙන් සද්දයකුත් එනවා. වහලයේ ඔක්කෝම ටික බිම තිබුණේ. සිවිලිම එහෙම ඔක්කෝම කැඩිලා තිබුණා. ගෑස් මොකක් හරි ප්‍රශ්නයක් තමා. හොඳ වෙලාවට ඒ වෙලාවේ කවුරුත් ඇහැරලා හිටියේ නෑ.”

මෙම මාසයේ දී ප්‍රදේශ කිහිපයකින්ම මෙවැනි සිදුවීම් වාර්තා වුණි.

වැලිගම කප්පරතොට ප්‍රදේශයේ අවන්හලක පසුගිය 4 වනදා ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබීය.පසුගිය 16 වනදා රත්නපුර ප්‍රදේශයේ අවන්හලක ද පිපිරීමක් සිදුවූ අතර එය ද ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වුණි.කොළඹ තුරග තරග පිටිය අසල අවන්හලක පසුගිය 20 වැනිදා ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු සුළු තුවාල ලැබීය.

මෑත කාලයේදී ස්ථාන කිහිපයක ගෘහස්ථ ගෑස් සිලින්ඩර පුපුරා යාමට හේතුව ඒවායේ සංයුතිය වෙනස් කිරීම බව රජයේ රස පරීක්ෂක දෙපාරතමේන්තුව විසින් තහවුරු කර තිබෙන බව ඩේලි මිරර් පුවත්පත අද වාර්තා කර තිබේ.

පසුගිය සති 02ක පමණ කාලය තුලදී ගෑස් සිලින්ඩර් පිපිරීමේ සිදුවීම් කිහිපයක්ම දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා විය.

නිසි අනුමැතියකින් තොරව සමාගම් විසින් ගෑස් සංයුතිය වෙනස් කර ඇති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වන බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබුණි.

ශ්‍රී ලංකාව නිවර්තන කලාපීය රටක් බැවින් ගෑස් සංයුතියේ ප්‍රොපේන් ප්‍රතිශතය අඩු ප්‍රතිශතයක් සහ බියුටේන් වැඩි ප්‍රතිශතයක් තිබිය යුතුය.

පසුගියදා කොළඹල වැලිගම සහ මහනුවර ප්‍රදේශවල සිදුවූ පිපිරීම්වලට හේතුව ගෑස් කාන්දුවක් බවට තහවුරු වූ රජයේ රස පරීක්ෂක වාර්තාවලින් පසුව ගෑස් සිලින්ඩර කාන්දුවීම් සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාවගෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පියවර නොගැනීම සම්බන්ධයෙන් විවේචන එල්ල වෙයි.

පසුගිය අප්‍රේල් මාසයේ සිට, සිලින්ඩරයක ගෑස් සංයුතිය SLSI අනුමැතියකින් තොරවගෑස් සමාගම් විසින් බුටේන් 80: Propane 20 සිට පිළිවෙලින් බුටේන් සහ ප්‍රොපේන් 50:50 දක්වා වෙනස් කරන ලදී. සිලින්ඩරවල කපාට කාන්දු වන බවට ලැබුණු පැමිණිලිවලට හේතුව එය බව සඳහන්.

ගෘහස්ත ගෑස්වල ප්‍රමිතිය සම්පූර්ණයෙන්ම බාල කොට ඇති බවත් ඒ හේතුවෙන් ගෑස් ටැංකිය අනතුරුදායක තත්ත්වයට පත්ව ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.ඒ මහතා පෙන්වා දුන්නේ මේ බව පාරිභෝගික අධිකාරියේ හිටපු සභාපති තුෂාන් ගුණවර්ධන මහතා පෙන්වා දී ඇති බවද රහුමාන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

එමෙන්ම වත්මන් ලිට්‍රෝ සභාපතිවරයා ගෑස් ගෙන්වීමේදී කෝටි 100ක වංචාවක් සිදුව ඇති බව ප්‍රකාශ කොට ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

හබරණදි සිදුවු රිය අනතුර….

0

හබරණ දඹුල්ල මාර්ගයේදි මිට සුලු මොහොතකට කලින් සිදුවු රිය අනතුරකදි විපතට පත් පිරිස කඩනමින් රෝහල් ගත කිරිමට ඒ මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිසක් මෙන්ම ප්‍රදේශවාසින්ද පෙරමුණ ගෙන තිබුණි.



විඩියෝ – පුරවැසි මාධ්‍යවේදි සුජයිල් මුනියර්

පාලම හදන තෙක් ආරක්ෂිත වැඩපිළිවෙලක් නොයෙදු රජයට වෝදනා ….

0

කින්නියා ඛේදවාචකය ගැන මේ වන විට දේශපාලකයන් එකිනෙකාට ඇගිලි දිගු කරගනිමින් තර්ක වලින් ජයගන්නට සුදානම් වෙන සෙයකි.
මේ දේශපාලකයන් සියල්ලෝම එක්ව මිය ජිවත බේරාගැනිමට අවැසි පියවර නොගැනිම නිසා ඒ් සැම වෙත ඉදිරිපත් වෙමින් ඇති චෝදනා කිසිලෙසකින් වත් බැහැර කළ නොහැකිව තිබේ.

ඇමතිගේ ආප්ප පුච්චන කථා

ආප්ප පුච්චනවා සේ පාලම් හැදිම නොහැකි යැයි රාජ්‍ය ඇමති ලංසා පාර්ලිමේන්තුවේදි බෙරිහන් දෙද්දි ඉන් කියැවෙන පරම සත්‍යයක් තිබේ.
එනම් පාලමේ කටයුතු නිමකිරිමට සෑහෙන කාලයක් යන බවය.
එසේ නම් ඒ කාලය තුල ජනතාවට ආරක්ෂිතව කලපුව හරහා යාමට හෝ ගොඩබිම් මාර්ගය ( කිලෝමිටර් 3.5 ) යාමට විධිමත් බස්රථ සේවාවක් හෝ ස්ථාපිත කළ යුතුව තිබුණි.
එහෙත් ඒ් ඒකක් සිදුව තිබුනේ නැත.
ආරක්ෂිත පාරු සේවයක් ස්ථාපිත නොකිරිම හෝ ක්‍රියාත්මක ව තිබුන පාරු සේවයේ ආරක්ෂිත බව ප්‍රමිතිය ගැන විමසා නොසිටම ගැන වගකිමෙන් රාජ්‍ය ඇමතිට හෝ මේ රජයට බේරි සිටිමට කිසිදු හැකියාවක් නැත.

රජයක් සිටින්නේ ජනතාවගේ දිවිපැවැත්ම සුරක්ෂිත කිරිමටය. තතු ඒසේව තිබියදි කුමන තත්වයක් යටතේ හෝ ජන ජිවිතය ආනාරක්ෂිත වනන්නේ නම් එසේවිමට ඉඩ හැරිම තුල රජය සිය වගකිම් පැහැර හැරියා සේ සැලකිම අනිවාර්යයකි.
ඒසේ නොවන්නේ නම් සැබැවින්ම රජයක් කුමකටද ?

ඇමති ලංසා ගැලවිජ්ජාවක් වෙනුවෙන් පාර්මේන්තුවේදි තර්ක කරද්දි අන් අය වෙත ඇගලි දිගු කරද්දි රජයක වගකිම පැහැර හැරිම කිසිවිටකත් මේ ජනතාවට අමතක නොවනු ඇත.

මාධ්‍ය විසින් වාර්ථා කළ අන්දම කින්නියා බේදවාචකයෙන් පසු බස්රථයක් දැමිමට ඊයේ ලංගම පියවර ගෙන තිබුණද කින්නියා ජනතාව ඒයට විරෝධය පළකිරිම නිසා එයද නැවති ඇත.ඔවුන් ඉල්ලා ඇත්තේ වඩාත් විධිමත් බස් සේවාවක් ක්‍රියාත්මක කළ යුතු බවය.

.දරුවන් ඇතුලු 6 දෙනකුට මරු කැදවූ කින්නියා පාලම් පාරුවට ආණ්ඩුව අවසර නොදුන් බව ඊයේ දින රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පාර්ලිමේන්තුවේ පැවසූවද ඉකුත් ජුලි මාසයේදී ඒ සදහා අවසර ලබා දුන් බව ලන්සා මහතාම පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය මාධ්‍ය විසින් වාර්තා කොට ඇත්තේ මෙසේය

මාධ්‍ය වාර්තා කර ඇති අන්දම ( විඩියෝ)

එංගලන්තයට ගමන් කරමින් තිබූ සරණාගත බෝට්ටුවක් පෙරලී 31 ක් මරුට

ප්‍රංශයේ සිට එංගලන්තයට ඉංග්‍රීසි ඕඩය හරහා ඩිංගි යාත්‍රාවකින් තරණය කිරීමට උත්සාහ කළ සරණාගතයින් සහ සංක්‍රමණිකයන් 31 දෙනෙකු උතුරු කැලේස් වෙරළට ඔබ්බෙදී එම ඩිංගි යාත්‍රාව ගිලී යාමෙන් සියලු දෙනා මිය ගොස් ඇති බව ප්‍රංශ පොලිසිය පවසා තිබේ.

Calais නගරාධිපති Natacha Bouchart බදාදා BFM රූපවාහිනියට පැවසුවේ පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් ඇති බව තහවුරු කළ හැකි බවයි.

සංක්‍රමණ සඳහා වූ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංවිධානය විසින් 2014 දී දත්ත රැස් කිරීම ආරම්භ කිරීමෙන් පසු ඉංග්‍රීසි ඕඩයේ සිදු වූ විශාලතම ජීවිත හානිය ලෙස මෙය හැඳින්විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

ධීවරයින්ට අනුව, ජලය දැඩි ලෙස සීතල වුවද, බදාදා සන්සුන් මුහුදු තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීම සඳහා වෙනදාට වඩා වැඩි සරණාගතයින් සහ සංක්‍රමණිකයන් ප්‍රංශයේ උතුරු වෙරළ තීරයෙන් පිටව ගියහ. එක් ධීවරයෙක් හිස් ඩිංගි යාත්‍රාවක් සහ ඒ අසල නොසෙල්වී පාවෙමින් සිටිනු දැකීමෙන් පසු ගලවාගැනීමේ සේවා ඇමතීය.සෝදිසි කිරීම් සඳහා සහභාගී වීමට බෝට්ටු තුනක් සහ හෙලිකොප්ටර් තුනක් යොදවා ඇති බව ප්‍රාදේශීය බලධාරීහු පවසති.

ප්‍රංශ අගමැති ජීන් කැස්ටෙක්ස් බෝට්ටුව පෙරලීම “ඛේදවාචකයක්” ලෙස හැඳින්වීය.

(ඒමිල් රොහාන්‌ගේ ෆේස් බුක් පිටුවෙනි)

කින්නියා ඛේදවාචකය වෙනුවෙන් වාලච්චේනෙත් සුදු කොඩි එසවේ !

0

කින්නියා – කුරින්ජක්කේනි ප්‍රදේශයේ සිදුවූ ඒ් ඛේදවාචකය වෙනුවෙන් ශෝක පළකරමින් වාලච්චේන සහ ඔඩ්ඩමාවාඩි ප්‍රධාන මාර්ගවල වෙළඳ සංගම් විසින් ඊයේ දිනයේම සුදු කොඩි ඔසවා තිබුණි.
කින්නියා – කුරින්ජක්කේනි ප්‍රදේශයේ සිදුවූ ඛේදනීය සිදුවීමෙන් පසු වාලච්චේන සහ ඔඩ්ඩමාවාඩි වෙළෙඳ සංගම් විසින් වෙළෙඳ මධ්‍යස්ථානවල සුදු කොඩි ඔසවමින් ඉල්ලා තිබුනේ සිද්ධියෙන් මියගිය අය සහ ප්‍රතිකාර ලබන අය වෙනුවෙන් යාඥා කිරීමට සියලු දෙනා එක්වන ලෙසය.


ඡායා -බැටිනිව්ස්

පාලමක් නැතිකමින් ජනයා මිය යයි ! නව කැළණි පාලම අද සිට විවෘතයි !

0

බොහෝ දෙනෙකු කම්පාවට පත්වු අවාසනාවන්ත සිදුවිමක් ඊයේ දිනයේ ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයෙන් වාර්තා විය. ඒ් පාලමක් නැතිකම නිසා පාරුවක ආධාරයෙන් ගමන් කරමින් සිටි පාසැල් දරුවන් ඇතුළු පිරිසක් පාරුව පෙරළිම නිසා මරණයට පත්ව තිබිමයි.
මේ පාලම කඩිනමින් හැදිමට ආදාල බළධාරින් කටයුතු නොකිරිම ගැන ප්‍රදේශවාසින් සිය විරෝධය පළකරමින් හර්තාල් ව්‍යාපාරයක්ද ඊයේ දියත් කර තිබුණි


ඊයේ පාර්ලිමේන්තුවේදි මෙම පාලම කඩිනමින් ඉදිනොකිරිම ගැන රජයට චෝදනා එල්ල වෙද්දි ඇමති ලංසා කියා තිබුනේ ආප්ප පුච්චනවා මෙන්ම පාලම හැදිමට නොහැකි බවය.

මේ අතර නව කැලණි පාලම විවෘත කිරීම අද (24) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ මුලිකත්වයෙනි.

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට අධිතාක්ෂණික කේබල් මත ඉදි කළ නව මෙම පාලම ‘කල්‍යාණී රන් පිවිසුම’ නමින් හඳුන්වනු ලබන අතර පැකේජ දෙකක් යටතේ මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු සිදු කර ඇති බවයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා තිබුණි .කැලණි ගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර 380කි.

අයිස් ගසා මළ බව පොලිසිය කී තරුණ මළ සිරුරේ තුවාල

0

පොලිස් අත්අඩංගුවේදී සියදිවි හානි කරගත් බව පොලිසිය පවසන තරුණයකුගේ සිරුරේ තුවාල තිහකට වැඩි ප්‍රමාණයක් තිබු බව මරණය සිදු වී පස් මසකට පසුව අධිකරණය හමුවේ අනාවරණය වී තිබේ.

මඩකලපුවේ ඉරුදයපුරම්හිදී ජුනි 2 බදාදා රාත්‍රියේ මඩකලපුව පොලීසියේ බුද්ධි අංශ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් විසි එක් හැවිරිදි චන්ද්‍රන් විධූෂන් ජුනි 3 බ්‍රහස්පතින්දා අළුයම පොලීසිය තුලදීම මියගොස් තිබුනි.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් වන නඩුව නොවැම්බර් 22 වැනි සඳුදා මඩකලපුව අධිකරණයේදී විභාගයට ගත් අතර මඩකලපුව ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් මහේස්ත්‍රාත් උසාවියට ලබාදුන් වාර්තාවක් පදනම් කරගනිමින් නීතිඥ කනගරත්නම් සුගාෂ් මාධ්‍යවේදීන් සමග පවසා සිටියේ මිය ගිය තරුණයාගේ සිරුරේ තුවාල 31ක් තිබු බව අධිකරණය හමුවේ අනාවරණය වු බවයි.

එම වාර්තාව අනුව තරුණයාගේ මරණයට හේතුව පොලිසිය දක්වා ඇති පරිදි සියදිවි නසාගැනීමක් නොවන බව පැහැදිලියැයි අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කනගරත්නම් සුගාෂ් මාධ්‍යවේදීන් සමග සදහන් කළේය.

Batti 1

“පොලිසිය කිව්වට වෙනස් දෙයක් අත් අඩංගුවේ සිද්ධ වුනු බව පැහැදිලියි. ඔහු සියදිවි හානිකරගත්තාය කියලා බොරුවක් පොලිසිය අධිකරණයට කියලා තියෙනවා. ඒ කිව්වේ බොරුවක් කියන එකයි, විදුෂන්ගේ පවුලේ අය ඉස්සරහ එයාට ගැහුවා කියන එකයි අපි දිගින් දිගටම අධිකරණයට පෙන්වා දී තිබෙනවා. ඒක අද ඇත්තක් වෙලා තියෙනවා.”

අධිකරණ වෛද්‍ය නිලධාරී අරසරත්නම් ඉලන්ගෝවන් ඉදිරිපත් කළ පළමු වාර්තාවට අනුව, විදූෂන්ගේ මරණයට හේතුව ලෙස තීරණය කෙරුනේ “ප්‍රබල උත්තේජක ඖෂධයක් වන මෙතම්ෆෙටමින් හි එක් ආකාරයක් වන ‘අයිස්’ අඩංගු පැකට් ගිල දැමීම” බවයි.

“අයිස් අඩංගු පැකට් හතරක් ගිල දැමීමෙන් පසුව, පපුව ප්‍රදේශයේදී ඒවා පුපුරා යාම නිසා, පෙනහලු වලට සිදුවූ බලපෑම හේතුවෙන් ඔහුගේ මරණය සිදු වූ බව මරණ පරීක්ෂණයේදී හෙලි වුනා” යි මෘත දේහය භූමදානය සඳහා බලධාරීන් විසින් ඔහුගේ පවුල වෙත භාර දීමට පෙර අධිකරණ වෛද්‍ය නිලධාරීයා විසින් පවසනු ලැබීය.

 “සීරීම් තැලීම් වැනි ඉතා සුළු තුවාල සිරුරේ තිබුනත් ඒවා මාරාන්තික නොවේ,” යි වාර්තාවේ සඳහන් වෙයි.

 කෙසේ වෙතත්, ‘මත්ද්‍රව්‍ය ගිලීම’ හේතුවෙන් ඔහු මියගිය බවට කරන මේ ප්‍රකාශය ඉතා සැක සහිත බව පවුලේ ඥාතීන් දිගින් දිගටම ප්‍රකාශ කර තිබුනි.

 පොලිස් අත්අඩංගුවේ මරුමුවට පත් චන්ද්‍රන් විධූෂන් දෙමළ තරුණයකුගේ මළ සිරුර විශේෂඥ අධීක්ෂණයෙන් සඳහා ගොඩගැනීමෙන් අනතුරුව වැඩි දුර පරීක්ෂණ සඳහා මේ වන විට පේරාදෙණියට ගෙන ගොස් තිබේ.

 ඒ ජුනි 21 සඳුදා දහවල් මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී රිස්වාන්, වෛද්‍ය නිලධාරි එච්.පෙරේරා හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ විද්‍යා අධ්‍යාපන අංශයේ ප්‍රධානී මහාචාර්ය සරච්චන්ද්‍ර කොඩිකාර ඉදිරියේ මළ සිරුර ගොඩගෙන ගැනීමෙන් පසුවයි.

 පේරාදෙනියේ දී සිදු කරන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව තවමත් අධිකරණයට ලැබී නොමැති අතර නීතිඥ කනගරත්නම් සුගාෂ් විශ්වාසය පළ කළේ එම වාර්තාව ඉදිරියේදී කඩිනමින් ලැබෙනු ඇති බවයි.


පොලිස් පම්පෝරි  


Batti

සිය පුතුගේ මරණයට හේතුව පොලිස් පහරදීම් බව දිගින් දිගටම සපත කරන කේ. චන්ද්‍රන් පියාත්, ලිලී චන්ද්‍රන්  මාතාවත් අධිකරණ කටයුතු හමාර වීමෙන් පසු මාධ්‍යවේදීන් හා කියා සිටියේ  තමන්ට යුක්තිය ඉටුවනු ඇති බවට  අපේක්ෂා කරන බවයි.

 “අපිට යුක්තිය ඉෂ්ට වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා,” යි කේ. චන්ද්‍රන් පියා පවසද්දි ලිලී චන්ද්‍රන් මාතාව කියා සිටියේ සිය පුතුගේ ඝාතනයට සැක කරන පොලිස් නිලධාරියා පුද්ගල ඝාතන 9 ක් සිදු කළේ යයි ඔහුම පුරසාරම් දොඩන බවයි.

 “ගහපු එකාට කොහොම හරි දඬුවම් දෙන්න ඕනේ. රිමාන්ඩ් කරන්න ඕනේ. මේ වගේ නම දෙනෙක් මරලා තියෙනවා කියා කියා මිනිහා ගම පුරාම ඇවිදිනවා. මගේ පුතාට ගහලා මැරුවේ එයයි “

 “මේ මරපු නම වැනියාලු. මට මොනවා කරන්නද කියලා මිනිහා ගමේ කියා කියා ඇවිදිනවා. එයා තමයි අපේ ඇස් ඉස්සරහම පුතාට ගැහුවේ. ඒ එස් අයි කරදරයක් නැතිව නිදහසේ රවුම් ගගහ ඉන්නවා. අපි හදා වදාපු දරුවා නැතිව දුක් විඳිනවා,” කේ. චන්ද්‍රන් පියා වැඩි දුරටත් මාධ්‍යවේදීන් සමග සදහන් කළේය.

නඩු විභාගය දෙසැම්බර් 15 වැනිදා යළි කැදවීමට නියමිතය.
theleader.lk

දේශීය මාධ්‍ය ජාලයක් හරියටම සති දෙකකට පෙර අවදානම ඉස්මතු කළ අයුරු..

කින්නියාවේ සිට ක්‍රියාත්මක වන ප්‍රාදේශීය youtube මාධ්‍ය නාලිකාවක් සති දෙකකට ඉහතදී ප්‍රදේශයේ තොටුපළ සේවාව භාවිත කරන ජනතාව මුහුණ දෙන දුෂ්කරතාව පිළිබඳ වීඩියෝවක් පළ කර තිබුණ බව නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

දැනට පවතින කුරින්චන්කේනි පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් ප්‍රදේශවාසීන්ට තොටුපළ භාවිත කිරීමට සිදුව ඇති ආකාරය ඉතා හොදින් පැහැදිලි කර ඇත..

ප්‍රාදේශීය මාධ්‍ය නාලිකාව මගී යාත්‍රා සේවාව හරහා ඇති වන ආරක්‍ෂිත ගැටලු සහ අවදානම් පිළිබඳව හෙළි කර තිබුණි. එම පුවත් වාර්තාවෙන් සති දෙකකට පසු පුද්ගලයන් කිහිප දෙනෙකු රැගත් පාරුව අද පෙරළීමෙන් පාසල් සිසුන් ඇතුළු 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි.
සංවර්ධනය ගැන පම්පෝරි කීවද එ පැත්තේ ජනතාවට කලපුව එහා මෙහා යාමට පාලමේ කටයුතු කඩිනමින් නිමකර දිමට නොහැකිවිම ගැන අනිවාර්යෙන්ම මේ රජය සහ ඒ වගකිම් භාර ඇමතියන් මෙම ඛේදවාචකයට වගකිව යුතුවේ.

ග්‍රාමිය පාරවල් සහ පාලම් පිළිබදව වගකිම භාර රාජ්‍ය ඇමතිවරයා වන්නේ නිමල් ලංසාය.


කින්නියා බේදවාචකය – අවු 6 ක් දැරියක් දැඩිසත්කාර ඒකකයට …

0

ත්‍රිකුණාමලය කින්නියා  කුරිඤ්ඤකර්නි   කලපුවේ පාරුවක්   පෙරළීමෙන්  මිය ගිය 6 දෙනා අතර   එකම පවුලේ මව සහ  දරුවන් දෙදෙනාත්, තවත් පවුලක වැඩිමහල් දරුවන් දෙදෙනාත් සිටින බවට තහවුරු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  ජ්‍යෙෂ්ඨ   පොලිස් අධිකාරි නීතිඥ  නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර තිබේ.

 මිය ගිය  එක පවුලක  මව (30), දියණිය (6) සහ පුතා (3 1/2) සිටි බවද හෙතෙම කීය.  සෙසු පවුලේ වැඩිමහල් සොහොයුරින් දෙදෙනකු සිටින බවද හෙතෙම කීය.  මෙම සිද්ධියෙන්  6 දෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවත්,  පොලිස් අධිකාරිවරයා පවසා ඇත.,.

සිද්ධියෙන් තුවාල ලැබු 20 දෙනා අතර 19 දෙනෙකු කින්නියා රෝහලේ ප්‍රතිකාර ලබන බවත්,  එම පිරිස අතර ගැහැණු දරුවන්  5 දෙනෙකු හා පිරිමි ළමුන් 6 දෙනෙකු සිටින බවත් , සෙසු පිරිස අතර වැඩිහිටි පිරිමි පුද්ගලයන්  4 දෙනෙකු හා කාන්තාවන් 4 දෙනෙකු සිටින බව ලංකාදිප වෙබ් අඩවියද වාර්තා කර ඇත.

 වයස අව්රුදු 6 ක දැරියක්  ත්‍රිකුණාමලය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ  ප්‍රතිකාර ලබන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශතවරයා වැඩිදුරටත් සදහන් කර ඇත.

කින්නියාවේ නොසන්සුන් තත්වයක්…. !

0

ත්‍රිකුණාමලය, කින්නියා, කුරිංගන්කේනි ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ තොටුපළ ඛේදවාචකය හෙළා දකිමින් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇතැයි වාර්තා වේ

කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටට රැස්ව සිටි ජනතාව මෙම ඛේදවාචකය හෙළා දකිමින් විරෝධතාවක් දියත් කර ඇති බව තිබේ
විරෝධතාකරුවන් බලධාරීන්ට සහ ප්‍රදේශයේ දේශපාලනඥයින්ගේ නොහැකියාව සම්බන්ධයෙන් ඔවුන්ගේ අප්‍රසාදය පළ කරති. විරෝධතාකරුවන් කිහිප දෙනෙකු මාර්ගයේ ටයර් පුළුස්සා ඇති අතර ප්‍රදේශයේ වෙළඳසැල් වසා දමා ඇතැයි ප්‍රාදේශිය වාර්තාකරුවෝ ප්‍රකාශ කරති.
මෙම විරෝධතාවය හේතුවෙන් විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබුණි.
මියගිය පස් දෙනෙකුගේ සිරුරු ගොඩගෙන ඇති අතර තවත් 17 දෙනෙකු රෝහල් ගත කර තිබේ. සිද්ධියෙන් අතුරුදන් වූ පුද්ගලයින් සොයා ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වන විට සෝදිසි මෙහෙයුම්වල නිරතව සිටින බව නිව්ස්වයර් වෙබ් අඩවිය කියා සිටි.