Monday, September 23, 2024
Home Blog Page 27

මළවුන්ට පහනක් දල්වන්න ඉඩක් නැති සමාජයක් ?

0

යුද සමයේ තමන්ට අහිමිව ගිය අදරැතියන් සැමරිමට උතුරේ සහ නැගෙනහිර ජනයා මේ දිනවල කටයුතු කරමින් තිබිම වලකා ලිම සදහා පොලිසිය විසින් අධිකරණ මගින් තහනම් නියෝග ලබාගැනිමට කටයුතු කරමින් තිබුන ඇතැම් ප්‍රදේශවලදි අධිකරණය විසින් එවන් තහනම් නියෝග ලබා දි නොතිබුණි.
තතු එසේව තිබියදි පවා හමුදාව විසින් සිය බලය යොදවා මළවුන්ට පහනක් දල්වාලන්නට ඉඩ දිය නොහැකි බව කියා තිබුනේ අවි අමෝරාගක් හමුදා භටයන්ද පේලියට තබාගෙනය.
මේ නිසා සිය බුහුමන අදරැතියන්ට ලබාදිමට ඇතමෙකු සිය නිවෙස් තුලදි මළවුන් වෙනුවෙන් පහන් දල්වා සමරා තිබුණි.

මාධ්‍යවේදියාට පහර දුන් හමුදාවට එරෙහිව අද මුලතිව් හි විරෝධතා !

0

මුලතිව්හිදී මාධ්‍ය ආවරණයේ යෙදී සිටි මාධ්‍යවේදියෙකුට යුද හමුදාව විසින් සිදුකර ඇති අමානුෂික ප‍්‍රහාරය ඒරෙහිව අද මුලතිව් නගර මධ්‍යයේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.
මාධ්‍ය සංවිධාන, දේශපාලන පක්ෂ නියෝජිතයන්,සිවිල් ක්‍රියාකාරින් ,අතුරුදන්වුවන්ගේ පවුල වල සමාජිකයන් ඇතුළු පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටියහ.
දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් අධිකරණ වෛද්‍ය නිළධාරියා වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

කින්නියා පාරු සිද්ධියෙන් රෝහල් ගතව සිටි තවත් දැරිය මිය යයි …

0

පසුගිය 23 වැනිදා කින්නියා – කුරින්ජක්කේනි ප්‍රදේශයේ දී පාරු අනතුරෙන් තුවාල ලබා ත්‍රිකුණාමලය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 6 හැවිරිදි දැරියක් මිය ගොස් ඇති බව පොලිසිය පැවසු බව බැටිනිව්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
මියගොස් ඇත්තේ කින්නියා කුරිඤ්ඤක්කේනි ප්‍රදේශයේ පදිංචි එස්.නිපා (06) නැමැති දැරියකි.
මෘත ශරීරය මේ වන විට ත්‍රිකුණාමලය මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. දේහය ඥාතීන්ට භාරදීමට කටයුතු කරමින් සිටින අතර පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මේ වනවිට බෝට්ටු අනතුරින් මියගිය සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් තිබේ.

උතුරේ මාධ්‍ය මර්ධනය දකුණේ වමේ මාධ්‍යවලටත් පුවතක් නොවුනේ ඇයි ?

0

ඊයේ (27) පෙරවරුවේ මුලතිව් හිදි අමානුෂික ප්‍රහාරයක ලක්ව දැනට රෝහල්ගත කර ඇති මාධ්‍යවේදියාට හමුදාව පහරදි ඇත්තේ කටු කම්බි ඒතු තල්පිත්තකින් බව හෙළිවේ .
මුලතිව් මාධ්‍යවේදින් විසින් ඡායාරුප සාක්ෂිද සහිතව මේ බව පොලිසියට දැනුම් දි ඇතැයි වාර්තාවේ .



මෙම ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබදව දකුණේ මාධ්‍ය මර නින්දකය. අඩුම තරමින් වමේ යැයි කියාගන්නා විකල්ප මාධ්‍ය භාවිතාවන්හි යෙදි සිටින අය පවා උතුරේ මේ මර්ධනයන් ගැන පුවත් පළ කිරිමට කටයුතු කරන බවක් නොපෙනේ .
ජවිපෙට සම්බන්ණ lankatruth.com වලට මෙන්ම පෙරටුගාමි පක්ෂයට සම්බන්ධ lankaveiws.com වෙබ් අඩවියටද ඊයේ උදේවරුවේ සිදුවුන මෙම ප්‍රහාරයට මේ වන විට පැය 24 ක් ඉක්මවා යමින් තිබියදි පවා තවමත් පුවතක් නොවේ.



මුලතිව් මාධ්‍ය සමාජය‌ේ භාණ්ඩාගාරිකද වන මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් මේ වන විට බරපතල තුවාල ලබා මුලතිව් දිසා රෝහලට ඇතුළත් කර තිබේ.මුල්ලිවෛක්කාල නාමපුවරුව ඡායාරූප ගනිමින් තිබියදි මෙම තිරිසන් ප්‍රහාරය සිදුව ඇත.
මෙම පහර දිම අද පෙරවරු 10 ට පමණ සිදුව තිබේ.
මේ ප්‍රහාරයට එක්ව සිටි හමුදාවේ පිරිසගේ ඇදුම්වලට මඩතැවරි ඇති අතර මුලතිව් මාධ්‍ය සගයන් විසින් ඒ සියලු ඡායාරුප දැනටමත් සමාජය වෙත මුදා හැර තිබේ.ප්‍රහාරය එල්ල කළ සෙබළුන්ගේ ඇඳුම්වල ලේ පැල්ලම් දක්නට ලැබිණි
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි මුලතිව් පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂක අමරසිංහ කියා සිටියේ මේ සිදුවිම සම්බන්ධයෙන් පරික්ෂණ අරභා ඇති බවය.
මේ ප්‍රහාරය අදාල විස්තර පොලිස් මාධ්‍ය ප්‍රකාශක වෙත යැවිමට කටයුතු කරන බවත් මාධ්‍ය ප්‍රකාශකගෙන් විස්තර දැනගත හැකි බවත් වැඩිදුරටත් කියා සිටියේය .
මුලතිව් රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා කියා සිටියේ අද (28) අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කරන බවය.

පහර කෑමට ලක්වු මාධ්‍යවේදියා අද අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට .

0

මුලතිව් ප්‍රදේශයේ මාධ්‍ය ආවරණ කටයුතු වල නියැලෙමින් සිටි මාධ්‍යවේදියෙකු ඊයේ පෙරවරුවේ හමුදා නිලධාරින්ගේ ප්‍රහාරයකට ලක්ව තිබේ.
මුලතිව් මාධ්‍ය සමාජයේ භාණ්ඩාගාරිකද වන විශ්වලිංගම් මුල්ලිවයිකාල් නාමපුවරුව ඡායාරූප ගතකරමින් සිටියදි මෙම පහර කෑමට ලක්ව තිබුණි.
මෙසේ පහර දිමට කටුකම්බි ඔතන ලද තල්පිත්තක්ද භාවිතා කර තිබුණ බව මුලතිව් මාධ්‍ය සමාජයේ ක්‍රියාකාරිහු පවසා සිටිති.
මෙම තල්පිත්තද පොලිසියට ඉදිරිපත් කිරිමට ඔවුන් කටයුතු කර තිබුණි.
පහර කැමට ලක්වු මාධ්‍යවේදියා ඊයේ මුලතිව් රෝහලට ඇතුලත් කර තිබුන එහි වැඩබලන රෝහල් අධ්‍යක්ෂකවරයාගෙන් අප කළ විමසුමකදි ඔහු කියා සිටියේ විශ්වලිංගම් සිරුරේ තැලුම් තුවාල රැසක් පවතින බවය.
අද (28) ඔහුව අධිකරණ වෛද්‍ය නිළධාරියා හමුවට ඉදිරිපත් කර බවද කියා සිටියේය.
මුලතිව් පොලිසියේ මූලස්ථාන පොලිස් පරික්ෂක අමරසිංහ මහතා කියා තිබුනේ අදාල පරික්ෂණ වාර්තා පොලිස් හමුදා මාධ්‍ය ප්‍රකාශක වෙත යැවිමට කටයුතු කරන බවය.
මළවුන් සැමරිමට උතුරු නැගෙනහිර ජනයා පසුගිය සතියක කාලයක් පුරා සුදානම් වෙමින් සිටි පසුබිමක ඒ ප්‍රදේශය දැවැන්ත හමුදාකරණයකට ලක්ව ඇති බව උතුරේ මාධ්‍යවේදින් පවසා සිටිති.

මොකක්ද මේ කළු සිකුරාදා…

කළු සිකුරාදා හෙවත් බ්ලැක් ෆ්‍රයිඩේ ගැන අහලා තියෙනවා ද? මහා සිකුරාදා ගැන අහලා තිබුණත් කළු සිකුරාදා දිනයක් පිළිබඳ ව ඔබට එතරම් මතකයක් නැතිව ඇති.

සෑම වසරක ම නොවැම්බර් මාසයේ හතරවන සතියේ එන සිකුරාදා දිනය කළු සිකුරාදා ලෙස හඳුන්වනවා. ඉතින් ඒ කළු සිකුරාදා දිනය හෙවත් බ්ලැක් ෆ්‍රයිඩේ යෙදී තිබෙන්නේ අදට යි.

ලෝකය පුරා ඇති උත්කර්ෂවත් ව පැවැත්වෙන වසර කිහිපයක සිට අපේ රටෙත් කනින් කොනින් ඇසෙන කළු සිකුරාදා එහෙම නැත්නම්, බ්ලැක් ෆ්‍රයිඩේ කියන්නේ ඇත්තට ම මොකක්ද? ඒ ගැන දැන ගන්න ඕන නම් දිගට ම ලිපිය කියවන්න.

බ්ලැක් ෆ්‍රයිඩේ හෙවත් කළු සිකුරාදා කියන්නේ මොකක් ද?

ඇමෙරිකා එක්සත් ජනපදය හා බටහිර රටවල් විසින් නත්තල හා එළඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් වෙළඳ සාප්පු සවාරි පටන් ගන්නා මුල් දවස. එහෙම නැත්නම් ඒ රටවල නත්තල් හා අලුත් අවුරුදු කාලේ සඳහා ජනතාව ෂොපින් යන්න පොළඹවා ගන්නා දවස තමයි බ්ලැක් ෆ්‍රයිඩේ කියන්නේ.

මේ දවසේ අවුරුද්දේ වෙන කිසිම දවසකවත් ලබා නොදුන් අන්දමේ වෙළඳ වට්ටම් ලබා දෙන්න එහෙම නැත්නම්, අදහාගත නොහැකි ඩිස්කවුන්ට් ලබා දෙන්න බොහෝ වෙළඳ සමාගම් විසින් කටයුතු කරනවා.

මුල් කාලයේ දී කළු සිකුරාදා දිනය වෙනුවෙන් වෙළඳ ආයතන අඩු ප්‍රමාණයක් වට්ටම් ලබා දුන්න ද, අද වන විට ලෝකයේ ප්‍රමුඛතම වෙළඳ සමාගම් තම නිෂ්පාදන වෙනුවෙන් පාරිභෝගිකයන් නොසිතන අන්දමේ වෙළඳ වට්ටම් ලබා දීමට කළු සිකුරාදා දිනයේ දී සැදී පැහැදී සිටිනවා.

මේ හේතු නිසා නත්තලට වගේ ම අලුත් අවුරුද්ද වෙනුවෙන් තමන්ට අවශ්‍ය සියලු බඩු භාණ්ඩ මිල දී ගැනීමට කළු සිකුරාදා දිනය එනතෙක් පාරිභෝගිකයන් ඇඟිලි ගනිමින් ඉන්නවා.

කොහොමද මේක පටන් ගත්තේ?

බ්ලැක් ෆ්‍රයිඩේ දිනය මුලින්ම පටන් ගන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ යි. ඒ 1952 දී යි. සෑම වසරක ම නොවැම්බර් මාසයේ හතරවන බ්‍රහස්පතින්දා ඇමෙරිකානුවන් විසින් හඳුන්වන්නේ තෑන්ක්ස්ගිවින් ඩේ (Thanksgiving) කියලයි. ආදී කාලයේ සිට ඔවුන් ඒ දිනය සමරනු ලබන්නේ වසරේ අස්වනු නෙලා ගැනීමේ ප්‍රීතිය සැමරීම සඳහා යි.

එම බ්‍රහස්පතින්දා දිනය ඇමෙරිකානුවන්ට නිවාඩු දිනයක් වන අතර, ඊට පසු දා යෙදෙන සිකුරාදා දිනය ඔවුන් විසින් කළු සිකුරාදා ව ලෙස හඳුන්වනවා. ඇමෙරිකානුවන්ගේ නිවාඩු දිනයක් ලෙස මෙය නොසලකන නමුත්, එරට ප්‍රාන්ත කිහිපයක රජයන් එම ප්‍රාන්තවල නිවාඩු දිනයක් ලෙස මෙදින නම් කර තිබෙනවා.  නමුත් එය ඇමෙරිකාව තුළත්, ඉන් පිටත රටවලත් වඩා ජනප්‍රියත්වයට පත්වන්නේ මීට වර්ෂ කිහිපයකට පෙර සිට යි.

නම වැටුණේ මෙහෙම යි

කළු සිකුරාදා හෙවත් බ්ලැක් ෆ්‍රයිඩේ කියලා මේ දවසට නම වැටුණේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆිලඩෙල්ෆියා ප්‍රාන්තයේ මේ දිනයට මාර්ග තදබදය, ඝෝෂාකාරී බව, මෝටර් රථ නැවත්වීමට ඉඩකඩ නොමැති වීම, මාර්ග අනතුරු, බැණ වැදීම්, හා එකිනෙකා රණ්ඩු කරගැනීම ඉතා ඉහළ ප්‍රමාණයක් වාර්තා වෙන නිසයි.

ඉතින් මේ කරදරකාරී සිකුරාදා දිනය අඳුරු සිකුරාදාවක් ලෙස ආරක්ෂක අංශ විසින් නම් කරනවා.

යම්කිසි වෙළඳ ආයතනයක වාර්ෂික අවසාන ගිණුම් වාර්තාව බ්ලැක් හෙවත් කළු ලෙස හඳුන්වනු ලබන්නේ එම වෙළඳ ආයතනය ලාභ ලබන බව යි. මෙම දිනයේ දී  වෙළඳ ආයතනවල භාණ්ඩවල විකිණීම හා එදින ලාභය, ඉතා ඉහළ අගයක් වාර්තා කරන බැවින් වාණිජමය අතින් කළු සිකුරාදා දිනය තමන්ට ගැළපෙන ලෙස වෙනස් කර ගැනීමට වෙළඳ ආයතන සමත් වෙනවා.

තෑන්ක්ස්ගිවින් දිනයෙන් පසු ව එළඹෙන සිකුරාදා දිනය තුළත් ඉන්පසු ව, තවත් සති අන්ත නිවාඩු දින දෙකක් ලැබෙන නිසාත් බොහෝ ඇමෙරිකානුවන් කළු සිකුරාදා දිනය දා වෙළඳසැල්වල පොරකමින්, භාණ්ඩ අවසාන වීමට පෙර එකිනෙකා පරයා මිල දී ගැනීම්, බැන වැදීම් ඉතා සුලබ යි.

මේ වන විට කළු සිකුරාදා සංකල්පය අමෙරිකාවෙන් එපිටට වර්ධනය වී ගොස් තිබෙනු දකින්නට ලැබෙන අතර බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, දකුණු අප්‍රිකාව, හා ස්වීඩනය මෙන්ම තවත් බොහෝ රටවල් ප්‍රමාණයක ඉතා ජනප්‍රිය යි. එම රටවල පිහිටි ලෝක ප්‍රසිද්ධ වෙළඳ සමාගම් මේ සඳහා අධික මුදලක් දරා ප්‍රචාරණ කටයුතු මෙහෙය වන අතර බොහෝ වෙළඳ සැල් සිකුරාදා දින එළඹෙන මධ්‍යම රාත්‍රියේ දී ම පර්භෝගිකයන් සඳහා විවෘත වෙනවා.

කළු සිකුරාදා භීෂණය

2008 වසරේ කළු සිකුරාදා දිනයේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ වෝල්මාර්ට්  ශාඛාවට පැමිණෙන අතිවිශාල ගණනක් වූ පාරිභෝගිකයන්ගේ තෙරපීම හේතුවෙන් එහි වෙළඳ සේවකයෙකු මිය යනවා. තවත් පුද්ගලයන් මේ හේතුවෙන් තුවාල ලබන අතර, එහි පැවති තත්ත්වය පාලනය කිරීමට පොලීසිය කැඳවීමට පවා සිදුවෙනවා.

2010 වසරේ කළු සිකුරාදා දිනයේ විස්කොන්සින් ප්‍රාන්තයේ වෙළඳ සැලකට ගොඩවැදුණු කාන්තාවක් එහි සේවකයන් සමග භාණ්ඩයකට හෙට්ටු කරන අනතුරුව ඔවුන්ට වෙඩි තබන බවට තර්ජනය කරනවා.

තව ද, එම වසරේ ම ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වෙළඳසැලකට කඩා වදින පිහි හා ගිනි අවිවලින් සන්නද්ධ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වෙනවා

2011 වසරේ තමන්ට කැමති භාණ්ඩයක් මිල දී ගැනීමට අවකාශය නොලැබූ එක්තරා කාන්තාවක් එහි සිටි සියලු දෙනාට ගම්මිරිස් දියර ප්‍රහාරයක් එල්ල කරනවා. මේ හේතුවෙන් 20කට අධික පිරිසක් රෝහල් ගත කිරීමට සිදුවෙනවා.

2012 වසරේ ෆ්ලොරීඩාවේ වාහන නවතා තැබීමේ ඉඩක් වෙනුවෙන් රණ්ඩු වෙන පුද්ගලයන් දෙදෙනක් වෙඩි තබා ගන්නවා. 2016 වසරේ ද කළු සිකුරාදා දිනයේ ඇති වූ කෝලාහල නිසා එක් පුද්ගලයෙක් වෙඩි වැදී මරණයට පත්වෙන අතර, තවත් පිරිසක් තුවාල ලබනවා.

ඉතින් ලෝකය පුරා කළු සිකුරාදා දිනයේ දී ඇදහිය නොහැකි වට්ටම් පාරිභෝගිකයන්ට හිමිවෙන අතර, මේ වන විට ශ්‍රී ලංකාවේ ද ජනප්‍රිය වෙළඳ සමාගම් විසින් කළු සිකුරාදා දිනයේ දී විස්මිත වට්ටම් ලබා දීම ආරම්භ කරලා තියෙනවා.

ඉතින් අද හවස් වෙලා ෂොපින් යන්න පොඩ්ඩක් එළියට බැස්සොත්, ඒ බව ඔබටත් අවබෝධ කරගන්න පුළුවන් වේවි.

උපුටා ගැනීම : රෝ මීඩියා

හමුදාව, මුලතිව් මාධ්‍යවේදියාට කටුකම්බි ඒතූ පොල්ලකින් පහරදීලා..

0
කටුකම්බි ඒතු කිතුල් පිත්ත
පහරදුන් අයගේ ඇදුම්වලත් ලේ පැල්ලම්
ප්‍රහාරයට ලක්වු විශ්වලිංගම්ගේ ඇග පුරාම මඩ

අද (27) පෙරවරුවේ මුලතිව් හිදි අමානුෂික ප්‍රහාරයක ලක්ව දැනට රෝහල්ගත කර ඇති මාධ්‍යවේදියාට හමුදාව පහරදි ඇත්තේ කටු කම්බි ඒතු තල්පිත්තකින් බව හෙළිවේ .
මුලතිව් මාධ්‍යවේදින් විසින් ඡායාරුප සාක්ෂිද සහිතව මේ බව පොලිසියට දැනුම් දි ඇතැයි වාර්තාවේ .
මුලතිව් මාධ්‍ය සමාජය‌ේ භාණ්ඩාගාරිකද වන මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් මේ වන විට බරපතල තුවාල ලබා මුලතිව් දිසා රෝහලට ඇතුළත් කර තිබේ.මුල්ලිවෛක්කාල නාමපුවරුව ඡායාරූප ගනිමින් තිබියදි මෙම තිරිසන් ප්‍රහාරය සිදුව ඇත.
මෙම පහර දිම අද පෙරවරු 10 ට පමණ සිදුව තිබේ.
මේ ප්‍රහාරයට එක්ව සිටි හමුදාවේ පිරිසගේ ඇදුම්වලට මඩතැවරි ඇති අතර මුලතිව් මාධ්‍ය සගයන් විසින් ඒ සියලු ඡායාරුප දැනටමත් සමාජය වෙත මුදා හැර තිබේ.ප්‍රහාරය එල්ල කළ සෙබළුන්ගේ ඇඳුම්වල ලේ පැල්ලම් දක්නට ලැබිණි
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි මුලතිව් පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂක අමරසිංහ කියා සිටියේ මේ සිදුවිම සම්බන්ධයෙන් පරික්ෂණ අරභා ඇති බවය.
මේ ප්‍රහාරය අදාල විස්තර පොලිස් මාධ්‍ය ප්‍රකාශක වෙත යැවිමට කටයුතු කරන බවත් මාධ්‍ය ප්‍රකාශකගෙන් විස්තර දැනගත හැකි බවත් වැඩිදුරටත් කියා සිටියේය .

පොලිසිය විසින් මාධ්‍යවේදියාව රෝහල්ගත කිරිමට ගෙන යයි
මඩ තැවරි ඇති හමුදා ඇදුම්

ඡායා – තවසිලන් ෂන්මුගම් -මුලතිව් මාධ්‍ය සමාජය

මුල්ලවයිකාල් නාමපුවරුව පින්තුර ගත් මාධ්‍යවේදියාට හමුදා ප්‍රහාරයක් ..

0

මුලතිව් ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුට මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී යුධ හමුදා සාමාජිකයින් 4 දෙනෙකු විසින් දරුණු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා එහි සිටින මාධ්‍යවේදින් විසින් වාර්තා කර සිටි.
ලංකාශ්‍රී මාධ්‍ය ආයතනයේ මුලතිව් හි මාධ්‍යවේදියෙකු වන විශ්වසලිංගම් විශ්වචන්ද්‍රන්ට යුද හමුදාව පහරදිම හේතුවෙන් මේ වන විට රෝහල්ගත කර තිබේ.
බරපතළ ලෙස තුවාල ලැබු මාධ්‍යවේදියාව මුලතිව් රෝහලට ඇතුළත් කර ඇත.
මුල්ලිවයික්කාල් නාම පුවරුවේ ඡායාරූපයක් ගැනිමට ගිය අවස්ථාවේදි මේ පහර දිම සිදුව තිබේ.

කින්නියා ඛේදවාචකය නිසා අත්අඩංගුවට ගත් සභාපති දෙසැ 09 දක්වා රිමාන්ඩ්!

0

බේදවාචකයකින් පසු බැන ගැනිම් , අත්අඩංගුවට ගැනිම් , පාලමේ කටයුතු කඩිනම් කිරිම් , ආරක්ෂිත බෝට්ටු සේවා , ලංගම බස් මෙකෙි නොකි බොහෝ සිදුවෙමින් තිබේ.
එහෙත් ඒ කිසිවකින් වත් සිදුවු මරාන්තික අතපසුවිමට මේ කිසිවකින් හෝ වන්දි ගෙවිමට නොහැකි .
ඒ බව හොදට දන්නේ ඒ් අදරැතියන් අහිමිවුවන්මය.

කෙසේ වෙතත් කින්නියා   කුරිඤ්ඤන්කේනි කළපුවේ  පාළම් පාරුවක් පෙළී    පාසල් සිසුන් ඇතුලු හය දෙනෙකු මියගොස් තවත්  පුද්ගලයන් 20 දෙනෙකුට තුවාල සිදුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කින්නියා  නගර සභාවේ සභාපතිවරයා ලබන 09 වැනි දින තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් අබ්දුල් පයාත් රසාක් මහතා අද සවස නියෝග කර තිබුණ බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

මෙසේ රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ අබ්දුල් හමීඩ් හලීම් නමැති නගර සභාපතිවරයාය

මෙම අනාරක්ෂිත  පාළම් පාරුව  කලපුවා හරහා යාත්‍රාකිරීමට අවසර ලබා දීම ඇතුලු කරුණු කිහිපයක් මත සභාපතිවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය.

සභාපතිවරයාම මෙසේ අත්අඩංගුවට ගෙන තිබියදි මතුකළ යුතුව ඇති ප්‍රධාන ප්‍රශ්ණය වන්නේ එවන් ආනාරක්ෂිත තත්වයක් තිබිමට අදාල අනෙකුත් රාජ්‍ය නිලධාරින් බළධාරින් සිය වගකිම ඉටුකර තිබුනේද යන්නයි.
ග්‍රාම නිළධාරිගේ සිට ඉහලම අය දක්වා ‌මේ ප්‍රශ්ණය එක සේ අදාලය.

මේ අවසනාවන්ත සිදුවිමට සති දෙකකට පෙර ප්‍රාදේශිය යුටියුබ් නාලිකාවක් විසින්ද මේ අනතුරුදායක තත්වය ගැන කරුණු හෙළිකර තිබුණි.
එහෙත් කිසිවෙකුත් ඒ ගැන අවධානය යොමුකර තිබුනේ නැත.


බේදවාචකයකින් පසු ඇස් ඇරේ ! නාවික හමුදාවෙන් බෝට්ටු සේවයක් !

0

වෙනත් රටවල පාලකයන් ඇතිවිය හැකි ඛේදවාචකයන් තත්වයන් නිසි ලෙසින් කළමණාකරණය කිරිම අරමුණු කොට විධිමත් සැලසුම් ක්‍රියාත්මක කරද්දි මේ රටේ පාලකයන් ඒදා සිටම කලේ අනතුරු බේදවාචකයන්ගෙන් පසු විසදුම් ක්‍රියාත්මක කිරිමය.
කින්නියා කුරිඤ්ඤන්කේනි කලපුවේ පාසල් සිසුන් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම සදහා අද (25) සිට නාවික හමුදා මගී ප්‍රවාහන යාත්‍රාවක් යොදවා ඇති බව නාවික හමුදාව පවසා තිබුණි.

නැගෙනහිර නාවික විධානය යටතේ ක්‍රියාත්මක මෙම මගී ප්‍රවාහන යාත්‍රාවේ ළමුන් 25 දෙනෙකුට එකවර ගමන් කළ හැකි ආසන 25 කින් සමන්විත බවත්, එහි පස් දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් හා ජීවිත අරක්ෂක කණ්ඩායමක් අනුයුක්ත කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා මාධ්‍ය වෙත කියා තිබේ.

පෙරවරු 7.00, 11.00 , 1.45 යන කාල යන් තුළ මෙම යාත්‍රාව ධාවනය වන බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත පවසා තිබුණි.

කින්නියා කුරිඤ්ඤන්කේනි කලපුවේ පාළම් පාරුවක් ඉකුත් (23) පෙරළීමෙන් පාසල් සිසුන් සිව්දෙනකු ඇතුලු 6 දෙනෙක් මියගොස් තවත් 20 දෙනෙකු තුවාල ලැබුහ.