Monday, September 23, 2024
Home Blog Page 26

කොරෝනා පාලනයට නිසි වැඩ පිළිවෙලක් නෑ ! පාසැල් පද්ධතියම අනතුරේ ?

0

කොරෝනා පාලනය සම්බන්ධයෙන් නිවරදි ජාතික වැඩපිලිවෙලක් නොතිබුණ මේ රජය නිසා පාසැල් පද්ධතිය පවා දැන් අනතුරකට පත්ව ඇතැයි බරපතල චෝදනාවක් එල්ල වි තිබේ.
මේ චෝදනාව එල්ල කරමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලීන් පවසන්නේ පාසල් පද්ධතිය තුළ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ක්‍රමවක් වැඩපිළිවෙලක් මේ දක්වා සකස් කර නොමැති බවයි.

ඔහු පවසන්නේ, ඒ සඳහා නිසි වැඩපිළවෙලක් ක්‍රියාත්මක නොවුනහොත් පාසල් යළි වසාදැමීමට සිදුවනු ඇති බවය.

“කොවිඩ් ආසාදිත ළමයෙක් ඉන්නවා. ඊට පස්සේ ආශ්‍රිතයින්නට මොකද කරන්නේ ? කොවිඩ් ආසාදිත වෙන ගුරුවරයෙක් ඉන්නවා. ආසාදිතයින්ට මොකද කරන්නේ ? වැඩපිළිවෙළක් නැහැ. පරික්ෂා කිරීමේ වැඩපිළිවෙළක් නැහැ. ආශ්‍රිතයෝ හරහා තමයි කොවිඩ් අවදානම දිගටම යන්නේ. එතකොට දැනට පාසල් පද්ධතියේ සිදුවෙන්නේ පන්තියක් වහනවා. සමහර වෙලාවට පාසලට ළමයි එනවා. සමහර ළමයින්ගේ දෙමාපියෝ කොවිඩ් ආසාදිතයෝ බවට පත්වෙලා තියෙනවා. ඒ වගේ තත්ත්වයකුත් තියෙනවා. ඒ හරහා පැතිරීමක් වෙන්න පුළුවන්. ඒක නිසා කොවිඩ් පැතිරීම පාලනය කිරීම, පාසල් පද්ධතිය තුළ සිදුවන ආකාරයේ වැඩපිළිවෙළත් ශක්තිමත් කරන්න ඕනේ. දැන් තමයි පාසල් ආරම්භ වෙලා තියෙන්නේ. ඒ ආරම්භ වෙලා පාසල් ඉස්සරහට යනකොට ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. නිරන්තරයෙන් කියන්නේ පාසල් වැසීම කියන කාරණයට නොවේ, මේ වෘත්තීය සමිති කථා කරන්නේ. පාසල් පවත්වාගෙන යාම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.”

අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ යාපනේ විරෝධතාවය

0

අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ විසින් ඊයේ යාපනයේදී විරෝධතාවක් පවත්වා තිබුණි ..ඒ් යාපනය නවල් පාරේ පිහිටි එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදිය.
අතුරුදන්වූවන්ගේ ඥාතින් විසින් සෑම මසකම 30 වෙනිදා මේ අරගල සිදුකරමින් තිබිම විශේෂත්වයකි.

එක රටක් ! නීති ගොඩක් ! මෙන්න කොඩිකාමම් දරුවෝ ඉස්කෝලේ යන හැටි…

0

. තෙන්මාරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කොඩිකාමම් ජේ / 327 ග්‍රාමසේවා කොට්ටාශය පිහිටි ගමේ එක දිගටම වැස්සම ඒ් පැත්තේ දරුවන්ට ඉස්කෝලේ යාගන්නත් බැරිවෙනවා.
වතුරේ බැහැගෙන අම්මලට දරුවන්ව වඩාගෙන පාරට ඇවිත් ,ඇදුම් එහෙමත් මාරු කරල තමයි ඉස්කෝලේ යවන්න වෙලා තියෙන්නේ .
ගමේ අය කියන්නේ එයාල ලොකු දේවල් ඉල්ලුවේ නැතිවුනත් මේ කාණු පාරවල් සුද්ද කරල හරි විදියකට වතුර බැහැල යන්න හදල දෙන්නලු.
කිසිම දේශපාලකයෙක් සහ රාජ්‍ය නිලධාරියෙක් බලන්නේ නැහැ කියන චෝදනාව තමයි ගමේ අය කරන්නේ


ඡායා- මති

මත්පැන් නැති මංගල උත්සව සදහා දැන් 250 කට අවසර …..

0

කොවිඩ් -19 වෛරසය සමග රට නව සාමාන්‍යකරණයට ලක් කිරිමට අදාලව හෙට දිනයේ සිට ලබන 15 වෙනිදා දක්වා බලපැවැත්වෙන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.
විවාහ මංගල්‍ය සඳහා උත්සව ශාලාවල ඉඩ ප්‍රමාණයෙන් 1/3ක ප්‍රමාණයක් හෝ උපරිම අමුත්තන් සංඛ්‍යාව 200 දෙනෙක්ට අවසර හිමිවන අතර එළිමහනේ පැවැත්වෙන විවාහ උත්සව සඳහා 250 දෙනෙකුට අවසර හිමිව ඇත. කෙසේ වුවත් විවාහ මංගල උත්සව සඳහා මත්පැන් ලබාදීම තහනම් වේ.

උසාවි නියෝග නොතකා උතුරෙහි දෙමළ අනුස්මරණයන් වැළැක්වීමට ආයුධ සන්නද්ධ යුද හමුදාව යොදවයි.

0

මහාවීර සතිය නමින් හැදින්වෙන යුද්ධයෙහිදී මියගිය දෙමළ ජාතික පිරිස් සිහි කිරීමේ සතිය පසුගිය නොවැම්බර් 27 දා ආරම්භ විය. වාර්ශිකව පැවැත්වෙක විවිධ අනුස්මරණය උත්සව වළක්වන සේ ශ්‍රී ලංකා පොලිසිය කළ අභියාචනා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ ඊට පෙර සතියෙහිය. කොවිඩ් වැළැක්වීමේ මඟ පෙන්වීම් වලට යටත්ව එම අනුස්මරණයන් පැවැත්වීමට අධිකරණය අවසර දුන්නේය.

මිය ගිය ඥාතීන්, හිතවතුන්, හිතවතියන් සහ සටන්කාමී පිරිස් අනුස්මරණය කිරීම වැළැක්වීමට මෙරට නීතියක් නැත.

ජනතා විමුක්ති පෙරමුණ ආයුධ සන්නද්ධ අරගලයක යෙදුණූ සහ සිවිල් ජනයා පවා ඝාතනය කළ, සිය මියගිය සටන්කාමීන් සෑම වසරකම කිසිදු තහංචියක් නැතිව උත්කර්ශවත් ලෙස පවත්වයි.

එසේ නමුත් පසුගිය 27වනදා යුද්දයෙහිදී මිය ගිය සටන්කාමී පිරිස් ද ඇතුලුව සියලු දෙමළ ජනයා සැමරීමට දරන ලද උත්සාහයන් මර්දනය කිරීමට මෙම වසරෙහිදීත් ලංකාණ්ඩුව යුද හමුදාව සහ පොලීසිය යොදවන ලදී.

පීටර් ඉලංචේලියන් අත්අඩංඟුවට විරුද්ධව පෑ ඔහුගේ බිරිද

පොලිසිය මුලතිව්හිදී මෙම අනුස්මරණයන්හි මූලිකත්වය ගත් දෙමළ ජාතික සන්ධානයේ තරුණ නායකයකු යන පීටර් ඉලංචේලියන් අත්අඩංඟුවට ගත්තේය. අනුස්මරණයන්ට සහභාගි වෙමින් සිටි ඔහුගේ බිරිඳ පොලිස් අතවරයන්ට ලක් විය. ඇය මියගිය සටන්කාමියකුගේ වැඩිමහල් සහෝදරියකි.

මුල්ලිවයික්කාල් කරා පැමිණෙමින් සිටි යුද හමුදා පිරිස්

ස්ථාන කිහිපයක, සැලසුම්ගත අනුස්මරණ උත්සවවලින් වැලපෙන්නන් වැලැක්වීම සඳහා භට පිරිස් යොදවා තිබූ රැස්ව සිටි සමූහයා අතර විසල්  කෝපයක් දක්නට ලැබුණි. යුද හමුදා පිරිස් පැමිණ සිටියේ නිසි නිල ඇදුම් පවා නොමැතිවය.

එවැනි අනුස්මරණ උත්සවයක් පැවැත්වීමට නියමිතව තිබූ විනාශ කරන ලද සටන්කාමී පිරිස් මිහිදන් කරන ලද සුසාන භූමියකට ඇතුලුවීමට උත්සාහ කළ පිරිස් සන්නද්ධ යුද හමුදා කණ්ඩායමක්  උලුක්කු කර ගත් තුවක්කු ඇතිව නතර කරන ලද මෙම ජායාරූපය විදුලි වේගයෙන් සමාජ ජාල හරහා පැතිර ගියේය.

එමෙන්ම අනුස්මරණ උත්සවයක් පැවැත්වීමට නියමිතව තිබූ මුල්ලිවයික්කාල් නාම පුවරුව වීඩියෝ ගත කරමින් සිටි මුලිතිව්හි නිදහස් මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් නොවැම්බර් 27 වැනි සෙනසුරාදා   යුද හමුදාවෙහි දරුණු ප්‍රහාරයකට ලක් විය.

එම ප්‍රහාරය එල්ල කළ යුද හමුදා භටයන් අත්අඩංඟුවට ගන්නා ලද නමුත් සැනෙකින් ඇප ලබා දෙන ලද අතර ඔවුන්ට විරුද්ධ නඩුව යුද හමුදා පොලිසියට බාර දෙන ලදී.

සිවිල් පුද්ගලයකුට යුද හමුදා පිරිසක් විසින් පහර දීම විභාග කළ යුත්තේ සාමාන්‍ය අධිකරණයක දී නමුත් යුද්ධ නීතිය රටෙහි නීතියේ ආධිපත්‍ය අභිබවා ගොස් ඇතැයි දෙමළ මාධ්‍ය ආරංචි  මාර්ග දක්වති.

කූලම්රිප්පු දේවස්ථානය ඉදිරිපිට හමුදාව

මේ අතර පුදිකුඩිඉරිප්පුවේ කූලම්රිප්පු දේවස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබූ අනුස්මරණ දේව පූජාව කල් දමන ලෙස එහි පැමිණි යුද හමුදා පිරිස් කියා සිටියහ. යුද හමුදාව දේවස්ථානය වටලෑ බවද කියැවේ. පසුව පොලිසිය  පැමිණ අතර, දෙවමෙහෙයන් පැවැත්විමට නිියෝගයක් නැති බව පැවසූ ප්‍රදේශයේ පිරිස් සිය අනුස්මරණ පූජාව පැවැත් වූහ.

තවත් වාර්තාවකින් කියැවෙන්නේ මහාවීර අනුස්මරණය පිළිබඳ  මුහුණු පොතෙහි සටහනක් තබන ලද තරුණයකු පොලිසිය විසින් අත්අඩංඟුවට ගෙන ඇති බවයි.
sinhala.srilankabrief.org

( ජායාරූප සමාජ මාධ්‍ය වෙතිනි)

රෝගී ජීවිත අනතුරේ ? ඉදිරියේදි ඖෂධ හිඟයක් ?

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ණයවර ලිපි 64 ක් සිරවී ඇති හෙයින් ඉදිරියේදී රටේ ඖෂධ හිඟයක් ඇති විය හැකි බව  සමගි ජන බලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (30) පවසා තිබුණි. සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ කාරක  සභා අවස්ථාවේ විවාදයට එක් වෙමින් මේ බව කියා සිටියේය.

මුලතිව් මාධ්‍යවේදියාට මඩගහන්න හදපු විඩියෝව අතේම පත්තුවෙයි ?

0

හමුදා සොල්දුදුවන් පිරිසකගේ ම්ලේච්ඡ ප්‍රහාරයකට ලක්වු මුලතිව් මාධ්‍යවේදි විශ්වලිංගම් ලේ පෙරුන තුවාල සහිතව රෝහල් ගතව සිට දැන් නිවස බලා ගොස් තිබේ.

මේ ප්‍රහාරයට සම්බන්ධ වු සොල්දුදාදුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඒසැනින්ම ඇප ලබා ගෙන තිබුණි.
විශ්වලිංගම්ව පහර දෙන ආකාරය ඇසින් දුටුවන් මුලතිව් මාධ්‍ය සමාජයේ සාමාජිකයන් පවසා තිබුනේ ඒය එතරම් තිරිසන් බවය.

මේ අතර මාධ්‍යවේදි විශ්වලිංගම්ට එරෙහිව මඩක් නිර්මාණය කිරිමට මඩ වෙබ් අඩවියක් විසින් ඊයේ දිනයේ පළකළ  පුවතක් හමුදා සොල්දුදුවන්ගේ පැටිකිරිය තරම අතේම පත්තු වි තිබුණි.

ඒහි දැක්වෙන විඩියෝවක සිටින විශ්වලිංගම් පසුපස හඹා එන සොල්දුදුවා අතේ ගලක් පවා තිබිමෙන් කියැවෙන්නේ කුමක්ද ?කැමරාවක් ,දුරකථනයක් පමණක් ඇතැතිව සිටි විශ්වලිංගම් පිටුපස හඹා එන සොල්දුදුවා ලග තුවක්කුවට අමතරව ගලක් තිබේ.
ඉන් කියැවෙන්නේ උතුරේ ක්‍රියාත්මක හමුදා මර්ධනයේ තරම නොවේද ?

මෙහිදි මතුවෙන තවත් ගැටළුව මෙම විඩියෝ විශ්වලිංගම් සිය ජංගම දුරකථනයෙන් විඩියෝ කරමින් සිටින බව පෙනේ . ඔහුගේ ජංගම දුරකථනය හමුදාව විසින් උදුරාගෙන තිබුන අතර එහි දත්තද ඒ් අනුව ලබාගැනිමට හමුදාව කටයුතු කර ඇති අන්දම මෙම මඩ වෙබ් අඩවියක් වෙතට මේ විඩියෝව පත්ව තිබිමෙන් තවත් ඔප්පුවේ .

පහර පිට පහර එල්ල කරමින් සිටි සොල්දාදුවන්ව එහි සිටි ඇතැමුන් මැදිහත්ව නවතා දමන්නට කටයුතු නොකළේ නම් විශ්වලිංගම්ගේ තත්වය තවත් දරුණු විය හැකිව තිබුන බව මුලතිව් මාධ්‍යවේදින් ප්‍රකාශ කර සිටිති.

මාධ්‍යවේදියාට පහර දුන් සොල්දාදුවන් හෙට දිනයේ මුලිතිව් පොලිසියට කැදවා ඇති අතර පහර කැමට ලක්වු මාධ්‍යවේදි විශ්වලිංගම්ට පොලිසියට ඒන ලෙස පවසා ඇත්තේ සමාදානයට කැමතිද නැතිනම් උසාවි යන්නේද යන කරුනු ගැන යැයි වාර්තා වේ.
මේසා තිරිසන් ප්‍රහාරයක් කළ පසු උතුරේදි නිතිය ක්‍රියාත්මක වෙන ආකාරයෙන් පවා කියැවෙන්නේ එක රටක් නීති ගොඩක් යන යථාවම නොවේද ?


විශ්වලිංගම්ට පහරදිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සොල්දාදුවන්ට ඇප !

0

කම්බි වලින් ගැට ගැසු තල්පිත්තකින් මුලතිව් මාධ්‍යවේදි විශ්වලිංගම්ට අමානුෂික ලෙස පහරදුන් සොල්දාදුවන්ව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පසුව ඇප ලබා දි ඇතැයි වාර්ථා වේ.
ලේ‌ පෙරෙන තුවාල සහිතව මුලතිව් රෝහල‌ට ඇතුලත්ව නේවාසිකව ප්‍රතිකාර ලැබු විශ්වලිංගම් සිරුරේ තැලුම් තුවාල කිපයක්ම වු බව රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.
සොල්දාදුවන්ගේ මෙම පහර දිම සුළු සිදුවිමක් ලෙස සලකා පොලිසිය විසින් ඒ් අයට ඇප ලබාදි ඇතැයි වාර්ථා වේ.මාධ්‍යවේදියා දරුණු ප්‍රහාරයකට ලක්ව තිබියදි මෙසේ ඇප ලැබුනේ කෙසේ දැයි බොහෝ දෙනා විමසති.


මුලතිව් මාධ්‍යවේදියාට පහරදුන් හමුදා සොල්දාදුවන් අත්අඩංගුවට !

0

ඊයේ පෙරවරුවේ මුල්ලිවයිකාල් ප්‍රදේශයේ මාධ්‍ය ආවරණයක නියැලි සිටි මාධ්‍යවේදි විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් පහරදුන් හමුදා සොල්දාදුවන් තිදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි මුලතිව් මාධ්‍ය සමාජයේ ක්‍රියාකාරි න් පවසා සිටිති.
මුල්ලිවයිකාල් නාමපුවරුවේ ඡායාරූපයක් ගනිමින් සිටියදි මෙම පහරදිම සිදුව ඇත.

ක‌ටුකම්බි ඔතන ලද තල්පිත්තකින් කළ පහරදිම නිසා ලේ වැගිරෙමින් සිටි විශ්වලිංගම්ව මුලතිව් රෝහලට ඇතුලත් කර තිබුණි.
අප කළ විමසුමකදි රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා කියා සිටියේ අධිකරණ වෛද්‍ය නිළධාරියාව වෙත අද විශ්වලිංගම්ව ඉදිරිපත් කරන බවය.

මුලතිව් මාධ්‍යවේදියෙකුට හමුදාව කළ පහරදිමට එරෙහිව මඩකලපුවේත් අද විරෝධතා

0

මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශය ආවරණය කරමින් සිටි මාධ්‍යවේදියෙකුට හමුදාව විසින් එල්ල කළ අමානුෂික ප්‍රහාරය හෙළා දකිමින් සහ පසුගියදා ත්‍රිකුණාමලයේ සහ කින්නියා ප්‍රදේශවල ප්‍රවෘත්ති වාර්තා කළ මාධ්‍යවේදියෙකුට එල්ල වූ ප්‍රහාරයට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා අද පෙරවරුවේ මඩකලපුවේදි විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.


. මඩකලපුව දිස්ත්‍රික් මාධ්‍යවේදීන්, පූජ්‍ය පක්ෂය, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝ නාගරික මන්ත්‍රීවරුන්, ශ්‍රී ලංකා දෙමළ ජාතික පක්ෂයේ තරුණ පෙරමුණේ නායක කේ.සේයොන්, කල්මුණේ නගර සභා මන්ත්‍රී රාජන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන ටී. සුරේෂ්, දෙමළ ජාතික ජනතා පෙරමුණේ ජාතික සංවිධායක සහ සිවිල් සංවිධාන නියෝජිතයන් ද මෙම විරෝධතාවයට එක්ව සිටියහ.

මාධ්‍ය සහ මාධ්‍යවේදීන්ගේ මර්ධනය නැවැත්වීම, ප්‍රහාරයේ අපරාධකරුවන් වහා අත්අඩංගුවට ගැනීම, මාධ්‍යයට පහර නොදෙන ලෙස, ප්‍රජාතන්ත්‍රවාදය වළලන්න එපා, මාධ්‍යයට නිදහසේ ක්‍රියාත්මක වීමට ඉඩ සලසා දීම, හමුදා මර්දනය අවසන් කිරීම, සුරක්ෂිත කිරීම වැනි සිරකරුවන් නිදහස් කිරීම වැනි සටන් පාඨ කියමින් මෙම විරෝධතාවකරුවන් පාගමනක්ද සංවිධානය කර තිබුණි
මිය ගිය මාධ්‍යවේදින් සිහිකිරිමේ ස්මාරකය අබියස පැවති විරෝධතාව පෙළපාලියක් ලෙස ආරම්භ කර ගාන්ධි උද්‍යානයේ ප්‍රවේශ දොරටුව වන ඔරලෝසු කණුවේ මාධ්‍ය කණුව හරහා ගාන්ධි පිළිරුව දක්වා ගමන් කිරීම විශේෂත්වයකි.
මඩකලපුව මාධ්‍ය සමාජය සහ පලාත්බද මාධ්‍යවේදින්ගේ සංගමය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.
මුලාශ්‍රය – බැටිනිව්ස්