Monday, September 23, 2024
Home Blog Page 25

කටයි ,බඩයි විතරක් තියෙන දේශපාලකයෝ හින්ද ඔමික්‍රොන් ලංකාවට රිංගපු හැටි

0

වංසගත පාලනය තබා රට පාලනය සම්බන්ධයෙන් පවා දේශපාලකයන් පසුගිය කාලය තුල ක්‍රියාත්මක වු අකාරය ගෙන බලන කළ කිසිදු සැලැසුම්ගත බවක් හෝ වෘත්තියභාවයක් එහි නැති බව ඉතා පැහැදිලිය.
ඔමික්‍රොන් වයිරසය මෙරටට ඇතුළුවිම වැලැක්විමට ගතහැකි සියළු පියවරයන් ගතයුතුව තිබියදි එය එසේ වි නොමැති බව වාර්ථා වේ.

ඔමික්‍රොන් වයිරසය වැළඳී ඇතැයි හෙළි වූ, නයිජීරියාවේ සංචාරය කර මෙරටට පැමිණ සිටින කාන්තාව ලුනාව නිරෝධායන මධ්‍යස්ථානයට යැව්වත් ඇය එහි රඳවාගෙන ඇත්තේ එක් දිනක් පමණක් යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය කියා තිබුණි.

ඒ අනුව 24 වනදා මෙරටට පැමිණි ඇය 25 වැනිදා තම නිවසට පැමිණ ඇති බවත් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් ඇය ගැන දැනගත්තේ දින 9 කට පසු 3 වැනිදා වන බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍ය කළ විමසීමකදී පැවසීය.

රෝග ලක්ෂණ නොමැති බැවින් වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවසේ රැඳී ප්‍රතිකාර ලැබීම සඳහා ඇය එවා ඇතත් ඒ බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට හෝ ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දන්වා නොමැති බව ද හෙතෙම කියා සිටියේය.

ඉකුත් 25 වැනිදා නිවසට පැමිණ ඇති ඇය හමුවන්නට නොයෙක් පිරිස් ආ ගිය බව ප්‍රදේශවාසින් පවසන බවත්, පී සී ආර් සාම්පල ලබා ගන්නැයි වසංගත රෝග අංශය විසින් ඉකුත් තුන්වනදා දැනුම් දෙන තුරු එවැනි අයෙකු තම බල ප්‍රදේශයේ සිටින බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා දැන නොසිටි බවත් ඔහු සඳහන් කළේය.

නයිජීරියාවේ ආගමික සමුළුවකට සහභාගි වෙමින් මාසයක් එහි සිට ඇති ඇයත් ඇගේ සැමියාත් කොවිඩ් රෝගය සඳහා වන කිසිදු එන්නතක් ලබා ගෙන නැති බවත් පි සී ආර් ලබා ගැනීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් යනවිට පවා ඔවුන් පැමිණ ඇත්තේ මුව ආවරණයක් වත් නැතිව බවත් උපුල් රෝහණ මහතා කියා සිටියේය.

මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට අන්තර් ආයතන සම්බන්ධතා තබාගැනීමේ වැදගත්කම සියලු දෙනා අවබෝධ කර නොගතහොත් ඔමික්‍රෝන් වයිරසය රට පුරා පැතිර යාම වැළැක්විය නොහැකි වනු ඇතැය ද හෙතෙම සඳහන් කළේය.

මේ අතර රට නැවත වසා දැමීමේ සුදානමක් තවම නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි. ඔහු අවධාරණය කරන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රජය ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ දිනවල මෙරටට පැමිණ සිටින බිබිසි ආයතනයේ දකුණු ආසියානු කළමණාකරු Rahool sood හා දකුණු ආසියාවේ අලෙවි අධ්‍යක්ෂක Vishal Bhatnagar යන මහත්වරු පසුගිය සිකුරාදා (03) අමාත්‍යාංශයේ දි හමු වු අවස්ථාවේ දි ඇමතිවරයා මේ බව සදහන් කළේය.

බිබිසි ආයතනයේ නියෝජිතයන්ගෙන් ඇමති ප්‍රසන්න රණතුංග මෙහි දි විමසා සිටියේ කටුනායක ගුවන්තොටුපළ පිළිබද ඔබේ ආකල්පය කුමක්දැයි කියාය. ඊට ප්‍රතිචාර දක්වමින් රාහුල් සුඩ් මහතා කීවේ ප්‍රමාදයකින් තොරව ගුවන්තොටුපළේ කටයුතු සිදු වු බවයි. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයෙකුට රට පීළිබද පළමු හැගිම ඇතිවන ස්ථානය ගුවන්තොටුපළ බැවින් එහි කටයුතු කාර්යක්ෂම ව සිදුවිම ඉතා වැදගත් බව ද ඔහු කීවේය.

මුලතිව් මාධ්‍යවේදියාට පහරදිමට එරෙහිව මිගමුවේදි විරෝධතා ..

0

මුලතිව් මාධ්‍යවේදි විශ්වලංගම් විශ්වචන්ද්‍රන් ට හමුදා සොල්දාදුවන් පිරිසක් විසින් එල්ල කර තිබුණ ම්ලේච්ඡ ප්‍රහාරය හෙළා දකිමින් මීගමුවේදි විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.
පසුගිය රාජපක්ෂ පාලනය සමයේ ඝාතනය කරනු ලැබු මාධ්‍යවේදින්ට සහ මාධ්‍ය සේවකයන්ට යුක්තිය ඉටුකරන ලෙසද, සයිබර් මාධ්‍ය මර්ධනයට විරෝධය පළකරමින් මිගමුව නගර මධ්‍යයේ අද සවස් වරුවේ විරෝධාතාවයක් සංවිධානය කර තිබුණි.


මිගමු මාධ්‍ය සමාජය , වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය , ගම්පහ දිස්ත්‍රික් ජනමාධ්‍යවේදි පදනම ,ගම්පහ දිස්ත්‍රික් ජනමාධ්‍ය එකතුව විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.
මිගමුව ඔරලෝසු කණුව අසල පැවැති විරෝධතාවයෙන් පසුව මිගමුව රාත්‍රි පොළ භුමිය දක්වා කෙටි පෙළපාලියක්ද විරෝධතාකරුවන් විසින් සංවිධානය කර තිබුණි.

නිවටයා කොයි සරත්ද ? පාර්ලිමේන්තුවේදි පැටිකිරිය දිගහැරේ ….

0

ආරක්ෂක අමාත්‍යාංශයේ  වැය ශීර්ෂය පිළිබඳ  විවාදය පැවැත්වෙද්දී  මහජන ආරක්ෂක අමාත්‍ය  විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර  සහ  ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්වරුන් අතර  ඇතිවූ  බහින්බස්වීමක් නිසා  පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් (3) වනදා පෙරවරුවේ  ඇතිවිය.

සරත් ෆොන්සේකා තමා නිවටයකු යැයි පැවසූ බව සඳහන් කළ විරසේකර මහතා තමුන්නාන්සේගේ  නිවටකම කුහකකම මුළු රටම දන්නා බවද ප්‍රකාශ කළේය.

“පොලීසියට බොරුවට චෝදනා කරන්න එපා” යැයිද  සරත් වීරසේකර මහතා පැවසීය.

ටින්කරින්  ලසන්ත අත්අඩංගුවට ගන්නැයි  නොකියපු  සරත් ෆොන්සේකා ඔහු ඝාතනය කළ  විට අද දුක් වන බවත් ඒ පුද්ගලයා ඝාතනයට ලක්වූයේ  සඟවා ඇති  ආයුධ සොයද්දී   බවත්  හෙතෙම සඳහන් කළේ‍ය.

මේ අවස්ථාවේදී සරත් ෆොන්සේකා සරත් වීරසේකර මහතාට  විවිධ දේ පවසමින් බැන වදිනු දැකගත හැකි විය.

මේ එහිදී ඇතිවූ සංවාදයයි.

වීරසේකර මහතා :

“ඔයා ඉන්න පොඩ්ඩක්. මට කතා කරන්න දෙන්න. මම ඔයාට විරුද්ධ වුණේ නැහැ. පොඩ්ඩක් නිහඬ වෙලා අහගෙන ඉන්න.”

“මෙතුමා ආරක්ෂක ඇමැති වෙන්න සිහින මවනවා. යහපාලන රජයේ  මහජන ආරක්ෂක ඇමැති වෙන්න හැදුවා. නමුත් දුන්නේ නැහැ මිනිහගේ හැටි දන්න නිසා. මෙතුමාට වගේ දූෂණ චෝදනා අපිට නැහැ. වීදුරු ගෙවල්වල ඉඳලා ගල්  ගහන්න එපා.”

සරත්  ෆොන්සේකා  මහතා:

මෙතුමා ලයියා කියන දරුණු  අපරාධකාරයාගේ මල්ලි එක්ක ගිහිල්ලා ගොඩනැගිල්ලක් විවෘත කරනවා.මෙතුමා මට නිවටයි කිව්වා  කිව්වා. නිවටයා කවුද කියලා රටේ ජනතාවගෙන් අහන්න.මේ සරත්ද ඒ සරත්ද කියලා.

මේ අවස්ථාවේදී දෙදෙනා අතර යළි බහින්බස්වීමක් ඇතිවිය.

විදුලි විසන්දියෙන්,සංඥා අක්‍රියවි කොඩිකාමම් හි මාරාන්තික අනතුරක් !

යාපනය, තෙන්මාරච්චි කොඩිකාමම් ප්‍රදේශයේදී දුම්රිය හරස් මාර්ගය හරහා යාමට උත්සාහ කිරීමේදී දුම්රියේ ගැටුන කැබ් රථයේ රියදුරු තුවාල ලබා චාවකච්චේරි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මීට සුළු මොහොතකට පෙර කොඩිකාමම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී මෙම සිදුවීම සිදුව තිබේ.

තුවාල ලැබූ රියදුරු වහාම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබුණි.

මියගොස් ඇත්තේ තවසිකුලම් කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචිව සිටි සූසයිදදන් ප්‍රදීපන් (32) නමැති තිදරු පියෙකි.

විදුලිය විසන්ධි වීම හේතුවෙන් සන්නිවේදන සංඥා ව්‍යුහය අක්‍රිය වී ඇති බවට දෙපාර්තමේන්තුව දිගින් දිගටම වාර්තා කර තිබියදි මෙම අවසනාවන්ත අනතුරු සිදුව තිබේ.

ඡායා -මතී

ඡායා -මතී

ඔමික්‍රෝන් වලින් ලංකාව බේරාගැනිමට පාලකයන්ට නොහැකි වෙයි.

0

අද උදේ වරුවේ පුවතක් පළකරමින් අප කියා සිටියේ ඔමික්‍රෝන් වෛරසය ලංකාවේ මායිමටම පැමිණ ඇති බවය.

දැන් වාර්තා වන්නේ පළමු ඔමික්‍රෝන් රෝගියා මේ වන විට වාර්තා වි තිබේ.

ඔහු දකුණු අප්‍රිකාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු යැයි නිව්ස් වයර් වෙබ්අඩවිය වාර්තා කර ඇත.

පිස්සන්ට හැතැක්ම නැති සේ සංචාරක කර්මාන්තය දියුණු කිරිම ගැන හිතන සංචාරක ඇමති කෙනෙකු සිටින රටක තවත් බොහෝ දේ විමට බැරිනැත.

ගණිතඥයන් ඇවැසි තැනට නැට්ටුවන් පැමිණි විට සිදුවන දේ වත්මන් පාලනය යටතේ අප අත්දකමින් සිටින්නෙමු.

මළවුන් සිහිකිරිමට වැටබැද්ද ඇමතිගේ ගෝලයෝ මුලතිව්වල රත්තරන් හොයයි

0

මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සූතන්ත්‍රපුරම් ප්‍රදේශයේ LTTE සංවිධානය විසින් වළදමා තිබූ රත්‍රන් ගොඩගැනීමට ප්‍රධාන අමාත්‍යාංශ දෙකක ලේකම්වරුන් උත්සාහ කළ බවට මාධ්‍ය විසින් පසුගියදා චෝදනා එල්ල කරන ලදී. ඒ අනුව එම ප්‍රදේශයේ කැණීම් ඊයේ දිනයේ (02) ආරම්භ කර තිබේ.
ඊයේ සවස (02) මුලතිව් අධිකරණ විනිසුරු ආර්.සරවනරාජා මහතා ඉදිරියේ පොලිසිය විසින් මෙම කැණීම් කටයුතු ආරම්භ කරන ලදී.

මුලතිව් – පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වළදමා ඇතැයි කියන මෙම රත්තරන් අධිකරණ නියෝගයක් නිකුත් කිරීමට පෙර අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙකු රහසිගතව ගොඩගැනීමට උත්සාහ කර ඇති බවට හෙළිදරව්වක් මාධ්‍ය විසින් සිදුකළ පසුව
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

මුලතිව් අධිකරණය විසින් නියෝග කර කැණීම් කටයුතු ආරම්භ කරනු ලැබුයේ , මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකරගේ සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දගේ ලේකම්වරුන් දෙදෙනකු මෙම රත්‍රන් තොගය කල්තියා ගොඩ ගැනීමට උත්සාහ කර ඇති බවට සිදුවූ ආන්දෝලානාත්මක හෙළදරව්වෙන් පසුවය.
පොලිසිය, විශේෂ බළකාය, හමුදාව සහ විමර්ශකයින් එම ස්ථානයේ රැඳී සිටිමින් දැඩි ආරක්‍ෂාව මධ්‍යයේ කැණීම ආරම්භ තිබේ.

පසුගිය නොවැම්බර් 21 වනදා සිට 27 වනදා දක්වා කාලය යුද්ධයෙන් මියගිය පුද්ගලයන් සැමරීමට උතුරේ වැසියන් විසින් සූදානම් වූ අතර මුලතිව් දිස්ත්‍රික්කයේ පොලීසි 7 ක් විසින් පුද්ගලයන් 71 දෙනෙකුට එරෙහිව අධිකරණ නියෝග ලබාගත්තේ එය වැලැක්වීම සදහාය

. අවසානයේ එම අධිකරණ නියෝගය අභියෝගයට ලක්කරමින් නැවතත් යුද්ධයෙන් මියගිය සිය ඥාතීන් සිහිකිරීමට නීතිමය බාධාව ඉවත්කර ගැනීමට ඔවුන්ට අවස්ථාව උදාවිය.

එසේ නමුදු නොවැමබර් 27 වනදා මුලතිව් ඇතුළු ස්ථාන කිහිපයකදීම සිය ඥාතීන්ට මල් පහන් පූජාකිරීමට සූදානම් වූ දෙමළ ජනයාට පොලීසිය විසින් ඉතා නින්දිත ලෙස බාධාකළ අන්දම සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම උතුරේ සිට ක්‍රියාත්මක වෙබ් අඩවිය වලද වාර්තා කොට තිබුණි..

වැට ලගටම ඔමික්‍රොන් ඒයි ? ඉන්දියාවෙනුත් රෝගින් හමුවෙයි !

0

ඔමික්‍රෝන් මෙරටට ඇතුලුවිම වලක්වාගැනිම සදහා විධිමත් වැඩපිලිවෙලක් ඇතැයි දේශපාලකයන් විසින් කියා සිටියද සැබැවින්ම වඩාත් වැදගත් වන්නේ සෞඛ්‍ය විශේෂඥයන් තුල ඒ් ගැන ඇති තක්සේරුවයි.
කොරෝනා පැතිර යමින් තිබුන මුල් වකවානුවේ ‌ඇමතිවරයෙකු කියා සි‌ටියේ ලංකාවට කොරෝනා ඇතුළු විය නොහැකි බවත් ගුවන් තොටුප ලේ මැසිමක් සවි කර ඇති බවත්ය.
දැන් සංවාරක ඇමති හෝ නාමල් රාජපක්ෂගේ දේශපාලන පම්පෝරි කථාවලට එහා ගිය සැබෑ සැලැස්මක් රටට ඇතිද ?
මේ ගැන වඩාත් සැලකිලිමත් විය යුතුව ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන්ද රෝගින් හමුවි ඇති පසුබිමකය.

ඉන්දියාවෙන් පළමු ඔමික්‍රොන් වෛරස ආසාදිතයින් දෙදෙනකු අද (02) දිනයේදී වාර්තා වී ඇති බව ඉන්දීය සෞඛ්‍ය අංශ වාර්තා කර තිබේ.

වෛරසය ආසාදනය වූ එක් පුද්ගලයෙකු 66 හැවිරිදි වියෙහි පසුවන අතර, අනෙකා 46 හැවිරිදි වියෙහි පසුවන්නකු වන අතර, මේ වනවිට ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් සොයා එරට සෞඛ්‍ය අංශ විමර්ශන ආරම්භ කර ඇත.

ඉන්දියාවේ වැඩිහිටි ජනගහනයෙන් 49% ක් පමණ මේ වනවිට පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති අතර, මෙලෙස ඔමික්‍රොන් වෛරසය ආසාදිතයින් එරටින් සොයා ගනු ලැබුවේ පළමු වතාවටය

මේ වනවිට රටවල් 29ක ඔමික්‍රොන් වෛරසය සීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති අතර, එය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 373කි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය 30 වැනිදා ප්‍රකාශ කළේ COVID-19ට එරෙහිව සම්පූර්ණයෙන් එන්නත් නොකළ, වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්, මෙම රෝගයට ගොදුරු විය හැකි පුද්ගලයින් ද ප්‍රජා සම්ප්‍රේෂණය සහිත ප්‍රදේශවලට යාම කල් දැමිය යුතු බවයි

පොලිස් ඇමතිගේ ගෝලයෙක් මුලතිව් ගිය හේතුව හෙළිවෙයි ?

0

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ වළදමා ඇති බව කියන රත්තරන් තොගයක් ගොඩගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ධීවර  අමාත්‍යාංශයේ   පෞද්ගලික කාර්ය මණ්ඩල ලේකම්වරුන් දෙදෙනක් උත්සහ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්  සඳහන් වන  මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ  සම්බන්ධීකරණ ලේකම්වරයාගේ සේවය වාහම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇතැයි එම අමාත්‍යාංශය පවසන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර සිටි.

මහජන ආරක්ෂක  අමාත්‍ය   රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහතා ගේ නියමයෙන්   එම ක්‍රියාමාර්ග ගත් බවත් මේ සම්බන්ධයෙන්  විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙසට අමාත්‍යවරයා දැනුම්  දී ඇති බවද  අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද  විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

පසුගිය කාලය තුල උතුරේ සහ නැගෙනහිර ජනයා වැඩියෙන් පිඩාවට පත්කිරිමට කටයුතු කර තිබුනේ පොලිස් ඇමතිගේ නිළධාරින්ගේ ක්‍රියාවන් හේතුවෙනි.,දැන් උතුරේ හොරකම් වලටද මේ අය සම්බන්ධ වෙන්නට පටන් අරගෙනය.

වකුගඩු බද්ධ කළ රෝගීන්ගේ ජීවිත අනතුරේ ? රෝහල්වල බෙහෙත් නෑ…

0

වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයට ලක්වූ රෝගීන්ගේ බද්ධ කරන ලද වකුගඩු ප්‍රතික්ෂේපවීම වැලැක්වීම සදහා ලබාදෙන ඖෂධ වල හිඟයක් රෝහල් වල ඇතැයි වාර්තා වෙයි.

Tacrolimus හා mycofenolate යන ඖෂධ ප්‍රධාන වශයෙන් මෙලෙස හිඟ තත්වයක් රෝහල් වලින් වාර්තා වන අතර ඒ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇත.
විශේෂයෙන් මෙම රෝගීන්ට ලබාදෙන ඖෂධ මිල අධික ඖෂධ වන අතර mycofenolate නම් ඖෂධයේ (500g) එක පෙත්තක මිල160 – 350 වැනි පරාසයක විහිදෙන විවිධ වෙළඳ නාම යටතේ ඇත. අනෙක් ඖෂධය වන tacrolimus හි තත්වයද එසේය.

ඒ හේතුවෙන් දෛනිකව අනිවාරයයෙන් ලබාගත යුතු මෙම ඖෂධ රෝහලෙන් නොලැබෙන විට පිටතින් මිලදී ගැනීමට සිදුවන්නේ නම් රෝගීන්ට අධික මුදලක් ඒ වෙනුවෙනු වියදම් කිරීමට සිදුවේ.
ජයවර්ධනපුර රෝහලේ වකුගඩු සායනයට පැමිණි ⁣රෝගීන්ට ලබාගැනීම සදහා ප්‍රමාණයත් ඖෂධ නොතිබීම හේතුවෙන් දැඩි අපහසුතාවයට පත් රෝගීන් අතර යම් නොසන්සුන්තාවයත් ඇතිව ඇති බවද වාර්තා වෙයි

”ගෑස්” ගිණි ගැන ඇත්ත අදවත් කියයිද ?

0

ගෑස් ගිණිත් රටේ අංක එකේ ප්‍රශ්ණයක් බවට දැන් පත්ව තිබේ. ඒ ගැන විවිධ විග්‍රහයන් පමණක් නොව ගොඩ වෙදකම් ගැනද කතන්දර රැසකි.
ගෑස් ආශ්‍රිත අනතුරු හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ 12කින් ලබාගත් ගෑස් සාම්පල 12ට අදාළ වාර්තාව අද (01)පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත ලබාදීමට නියමිතව තිබේ.

ගෑස් සංයුතිය පිළිබඳ සිය මතය ද ඇතුළත් වන පරිදි එම වාර්තාව අද ඉදිරිපත් කරන බව මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොලගේ සඳහන් කර සිටියි.