Monday, September 23, 2024
Home Blog Page 24

නැගෙනහිර වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ ගැටළු ගැන විශේෂ හමුවක් !

0

වත්මන් පාලනය විසින් උතුරේ සහ නැගෙනහිර මාධ්‍යවේදින්ට එරෙහිව දැඩි මර්ධනයක් දියත් කරමින් ඇති බව පෙනේ.එයිනුත් නැගෙනහිර වෙබ් මාධ්‍යවේදින්ට සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරින්ට එරෙහිව දැඩි බලපෑම් එල්ල වෙමින් තිබේ.

නැගෙනහිර මාධ්‍ය සමාජය විසින් විශේ්ෂයෙන්ම නැ‌ගෙනහිර පළාතේ වෙබ් මාධ්‍යවේදින් මුහුණ දෙන ගැටළු පිළිබදව විශේෂ සාකච්ජාවක් පසුගිය ගිය 12 වනදා මඩකලපුව පුස්තකාල ශ්‍රවණාගාරයේදි පවත්වන ලදි.



රජයේ යෝජිත සයිබර් ආරක්ෂක පණත පිළිබද මෙහිදි අදහස් දැක්වු වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයේ කැදවුම්කරු ප්‍රෙඩි ගමගේ විසින් අවධාරණය කර සිටියේ වත්මන් රාජපක්ෂ පාලනය එදා මෙන්ම මාධ්‍යවේදින් ඝාතනය කිරිමට හෝ අතුරුදන් කිරිම වෙනුවට මෙවර දැඩි සයිබර් නිති මගින් මාධ්‍යවේදින් පාලනය කිරිමට සැලසුම් කරමින් සිටින බව පෙනි යන බවයි
වත්මන් පාලනය විසින් දැනටමත් නැගෙනහිර ප්‍රදේශයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන සිරගත ගත කොට තිබේ.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන කෝහලන් සිය ෆේස් බුක් පිටුවට තුලින් අඩන යුද්ධයෙන් විපතට පත් මව්වරුන්ගේ පින්තුරයක් මුදාහැරිම නිසා අත්අඩංගුවට ගෙන දැන් වසරක්ද ඉක්මවා තිබේ.
2020 නොවැම්බර් 27 වනදා ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙවන් පසුබිමකදි වෘත්තිය වෙබ් ආචාර ධර්ම මත පදනම් වු ප්‍රවෘත්ති වෙබ් භාවිතාවක් ක්‍රියාත්මක කිරිමේ වැදගත්කමද අවධාරණය කෙරිණි.
නැගෙනහිර මාධ්‍යවේදින්ද සමගින් සාකච්ජා කොට මිට වසර 8 කට පමණ පෙර සකස් කරන ලද වෙබ් ආචාර ධර්ම පදනම් කරනිමින් ක්‍රියාත්මක විම තුල සයිබර් අවකාශය තුල මාධ්‍ය  භාවිතාවක නියැලිම රජයේ සයිබර් මර්ධනයට ඇති සුදානම පරාජය කිරිමට වෙබ් මාධ්‍යවේදින්ට ශක්තියක් වනු ඇති බවටද මෙහිදි අදහස් පළවිය.



නැගෙනහිර වෙබ් මාධ්‍යවේදින් මුහුණ දෙන ගැටළු පිළිබදව මාධ්‍ය ඇමතිවරයා ඇතුළු ආදාල බලධාරින් සමගින් විශේෂ සාකච්ජාවක් සංවිධානය කරගැනිමේ අවශ්‍යතාවය ගැනද මෙම හමුවකට එක්ව සිටි වෙබ් මාධ්‍යවේදින් විසින් පවසා සිටියහ.

නැගෙනහිර මෙන්ම උතුරේද වෙබ් මාධ්‍යවේදින් එක් කරගනිමින් රජයේ සයිබර් මාධ්‍ය මර්ධනයට එරෙහිව පුළුල් වැඩ පිළිවෙලක් ගොඩනැගිමට මෙහිදි තිරණය විය.
දැනට ලංකාවේ ඇති වෙබ්මාධ්‍යවේදින් සදහා වන ඒකම අචාර ධර්ම පද්ධතිය මිට වසර 8 කට ඉහතදි උතුරේ නැගෙනහිර සහ දකුණේ වෙබ් මාධ්‍යවේදින් සමගින් කරන ලද පුලුල් සාකච්ජාවක ප්‍රථිපලයක් ලෙසින් සකස් කරන්නට යෙදුනි.
නැගෙනහිර මුලික කොට ගෙන ක්‍රියාත්මක වෙබ් අඩවිය ගණනාවක වෙබ් මාධ්‍යවේදින් රැසක් මෙම හමුවට එක්ව සිටියහ.

නැගෙනහිර මාධ්‍ය සමාජයේ කැදවුම්කරු දේව අදිරන් විසින් මෙම වෙබ් මාධ්‍යවේදින්ගේ සාකච්ජාව මෙහෙය වන ලදි.
ඡායා- දොන් මායා

ගෝඨා එයි ! බැසිල් යයි….

0

පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා ගොස් සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දිවයිනට පැමිණ තිබේ

ජනාධිපතිතුමා ඇතුළු පිරිස 14 වනදා මධ්‍යම රාත්‍රී 11.45 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ජනාධිපතිතුමා ඇතුළු 05 දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙම සංචාරය සඳහා එක්ව සිටිය අතර එම පිරිස පෙරේදා (13) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පුරුව බලා පිටත්ව ග‌ොස් ඇත.

මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විදේශගත වී ඇති අතර ඔහු 15 වනදා අලුයම 02 යි 55 ට කටුනායක ගුවන් තොටුපළින් පිටත්වූ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අමාත්‍යවරයා ඩුබායි බලා පිටත්ව ගිය බවයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග ඔහුගේ බිරිඳ ද ඩුබායි වෙත ගොස් ඇතැයි නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.මුදල් ඇමතිගේ විදේශගතවිම ගැන දැනටමත් සමාජ මාධ්‍ය වල දැඩි විවේචන පළවෙමින් තිබේ.

මාස 19කට පසු අහනෆ්ට ඇප

0

මාස 19කට ආසන්න කාලයක් රැඳවුම් සහ රිමාන්ඩ් බාරයේ පසුවූ නවරසම් පොතේ කර්තෘ අහනෆ් ජසීම් ඇප මත මුදා හැරීමට පුත්තලම මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසිංහ මහත්මිය අද (15) නියෝග කළාය.
රුපියල් ලක්ෂ තුන බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරි අහනෆ් ජසීම් හට ඇප කොන්දේසි ලෙස සෑම මසකම පළමු සහ අවසන් ඉරිදා ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ පුත්තලම කාර්යාලයේ අත්සන් කිරීමටත් විනිසුරුවරිය නියෝග කළාය.
ඔහුගේ විදේශ ගමන් තහනම් කළ අතර තමාට විදේශ ගමන් බලපත්‍රයක් නැති බව අහනෆ් දැනුම් දුන්නේය. ඒ බව දිවුරුම් ප්‍රකාශයක් මගින් දැනුම් දෙන ලෙස නියෝග කළ අධිකරණය, අහනෆ්ගේ ජාතික හැඳුනුම්පත් අංකයට විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කර ඇත්දැයි සොයා බලන ලෙසත්, එලෙස නිකුත් කර නැතිනම් මෙම කාලය ඇතුළත නැවත නිකුත් නොකරන ලෙසත් ආගමන විගමන පාලකට දැනුම් දීමට නියෝග කළේය.
2020 මැයි 16 වැනිදා ත්‍රස්තවාදය වැළැක්වීමේ කොට්ඨාසය විසින් අහ්නෆ් ජසීම් කවියා අත්අඩංගුවට ගනු ලැබීය. එතැන් පටන් වසරක කාලයක් රඳවා තබාගෙන සිටි ඔහු පසුගිය මැයි 12 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබේ.
සේව්ද පර්ල් නම් ආයතනයට අයත් බව කියන පුත්තලමේ ස්ථානයක තිබී ‘නවරසම්’ නම් කවි පොත් දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සොයාගෙන තිබුණු අතර, එම කවි පොතේ රචකයා වූයේ අහනෆ් ජසීම් නම් තරුණයා ය. එය අන්තවාදය පතුරුවන පොතක් බව කියමින් මන්නාරමේ පදිංචි මෙම තරුණයා ද අත්අඩංගුවට ගනු ලැබීය.
එම පොත අන්තවාදී පොතක් නොවන බව ජ්‍යෙෂ්ඨ සාහිත්‍යවේදීන් සහ විචාරකයන් විසින් කරුණු සහිතව අවධාරණය කර තිබිණි. පසුව නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට එරෙහිව සාක්ෂි ලබා දෙන ලෙස මෙම තරුණයාට බල කළ බව කියැවිණි. ඔහු රඳවා තබාගෙන සිටියදී මීයෙකු සපා කෑම නිසා ප්‍රතිකාර ලැබීමට සිදුවී තිබුණු බව ද ඔහුගේ පවුලේ ඥාතීහු පවසති. අහනෆ්ගේ අත්අඩංගුවට ගැනීම ගැන ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර තිබුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස විශේෂ කණ්ඩායමක් ත්‍රස්තමර්දන කොට්ඨාසයට ගොස් ඔහුගෙන් ප්‍රකාශයක් ද සටහන් කර ගත්තේය.
අහනෆ් ජසීම් වෙනුවෙන් නීතිඥ සංජය විල්සන් ජයසේකර ඇතුළු නීතිඥවරු පිරිසක් පසුගිය ජනවාරි මාසයේ සිට ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් ඔහු මුදවා ගැනීමට වෙහෙසවූහ.
පසුගියදා අහනෆ් වෙනුවෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ කැඳවූ අතර අහන‌ෆ්ට ඇප ලබාදීමට විරෝධයක් නැති බව නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ අයීසීසීපීර් පනත යටතේ නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට මෙන්ම අහනෆ්ට එරෙහිව පුත්තලම මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබේ.
අහනෆ් ජසීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මානව හිමිකම් කොමිෂන් සභාවට යොමු කළ ලිපියක් පහත දැක්වේ.
“කවි පොතක් ලිවීම සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත සිටින Ahnaf Jazeem නම් තරුණයාගේ ආරක්ෂාව සහතික කරන ලෙස ඉල්ලා සිටීම
කවි පොතක් ලිවීම සම්බන්ධයෙන් අහනෆ් ජසීම් නම් තරුණයා අත්අඩංගුවට ගැනීම ගැන ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය 2020 දෙසැම්බර් මස 09 වැනිදා ඔබ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ පැමිණිල්ල හා බැඳේ.
එම පැමිණිල්ලට අදාල තරුණයා රැඳවුම් නියෝග මත ත්‍රස්තවාදී ක්‍රියා විමර්ශන කොට්ඨාසයේ සිටින අතර එහිදී ඔහුට මීයකු සපාකා ඇති බව අපවෙත වාර්තා වී තිබේ. පෙර කළ පැමිණිල්ලට අතිරේක වශෙයෙන් මෙම ලිපිය ඉදිරිපත් කරමු.
පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරය ගැන විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වරින් වර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළ පරිදි නීතීඥ හිජාස් ඔමාර් හිස්බුල්ලාගේ සිද්ධියට අදාලව 2020 මැයි 16 වැනි දා අනාෆ් ජසීම් (Ahnaf Jazeem) නම් සාහිත්‍යධරයකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගෙන මේ වන විටත් රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටියි.
මෙම තරුණයා තමා විසින් රචනා කරන ලද කවි ඇතුළත් කර ‘නවරසම්’ නමින් පොතක් මුද්‍රණය කර තිබෙන අතර තරුණයා අත්අඩංගුවට ගැනීමට හේතුවී ඇත්තේ එම පොත ‘සේව් ද පර්ල්’ සංවිධානයට අයත්යැයි කියන ස්ථානයක තිබී සොයා ගැනීමය. මේ පිළිබඳ වැඩිදුර විස්තර අප විසින් මීට පෙර කරන ලද පැමිණිල්ලේ සඳහන් කළෙමු.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර ඇති පරිදි ‘සේව් ද පර්ල්’ නම් සංවිධානයේ සම්බන්ධීකරණ වැඩ කටයුතු සිදු කළ බව කියන ….. පුත්තලම පදිංචි සාවුල් හමීඩ් මොහොමඩ් සුල්තාන් නම් පුද්ගලයා 2020 මැයි 03 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු භාරයේ තිබී නවරසම් නම් මෙම පොත සොයාගෙන තිබේ. අනතුරව රහස් පොලිසිය මදුරන්කුලියේ ඇති බව කියන ‘සේව්ද පර්ල්’ ආයතනයේ තවත් ගොඩනැගිල්ලක් පරීක්ෂා කර බලා එහි තිබූ නවරසම් පොතේ පිටපත් 19ක් සිය බාරයට ගෙන ඇත.
මදුරන්කුලියේ ගොඩනැගිල්ලට යාබදව පිහිටි ‘ස්කූල් ඔෆ් එක්සලන්ස්’ නම් පාසලේ ඉගැන්වීම් කටයුතු කර ඇති බව කියන අනාෆ් ජසීම් (මොහොමඩ් ජසීම් මොහොමඩ් අහ්නබ්) මෙම නවරසම් පොත රචනා කර ඇති අතර රහස් පොලිසිය විසින් මන්නාරම ….. පදිංචි මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ 2020 මැයි 16 වැනිදාය.
රහස් පොලිසිය එලෙස වාර්තා කළ ද දැනගන්නට ඇති පරිදි එම පොත් සොයාගෙන ඇත්තේ අදාල ස්ථානයෙන් නොව තරුණයා ජීවත් වන ගම් ප්‍රදේශයෙන් බවයි. ගමේ පල්ලියට ගොස් නවරසම් පොත ඇති අය බාර දෙන ලෙස කළ නිවේදනයක් අනුව එම පොත අතැතිව සිටි පිරිස පොත ගෙනවැත් බාරදී ඇති බව දැනගන්නට තිබේ.
එම පොතේ තිබූ කවි මෙන්ම ඔහු විසින් රචනා කළ වෙනත් කවි ද අධ්‍යයනය කිරීමේදී අපට පෙනී ගියේ ඔහු අයි.එස් විරෝධී කවි රැසක් රචනා කර ඇති බවයි. යුද්ධයට එරෙහිව සහ සමාය ගැන ද ඔහු කවි ලියා තිබේ. කාව්‍ය සාහිත්‍ය අතින් ඉහළ තැනක තිබෙන මෙම බොහෝ කවි අන්තවාදයට එරෙහි කවි වීම විශේෂත්වයකි.
මෙම පොතෙහි තිබෙන කවිවලින් ළමා මනසට හානියක්වේද යන්න ගැන රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන්ගෙන් වාර්තාවක් කැඳවන ලෙස රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබිණි. මෙහි මරණින් මතු ජීවිතය ගැන සඳහන් කවි ද තිබෙන බවත්, ඒවා ළමා මනසට අහිතකර බවටත් කිහිප දෙනෙකු අදහස් ඉදිරිපත් කර ඇති බවත් දැනගන්නට ඇත. බෞද්ධ සාහිත්‍යයේ ද මරණින් මතු ජීවිතයක් ගැන කතා කරන ඕනෑ තරම් කතා දහම් පාසල් පොත්වල සහ පාසල් පොත්වල ඇත. එසේ තිබිය දී දමිළ භාෂාවෙන් ලියන ලද මෙවැනි සාහිත්‍ය පොතක් සම්බන්ධයෙන් එහි කර්තෘ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් තිස්සේ රඳවා තබාගැනීම කිරීම බරපතල ප්‍රශ්නයකි.
මෙම තරුණයා මුණ ගැනීමට නීතීඥවරුන්ට ද අවස්ථාව ලබා දී නැති බව පසුගිය දා අපට වාර්තා විය. එමෙන්ම මෙම තරුණයා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ත්‍රස්තවාදී ක්‍රියා විමර්ශන කොට්ඨාසයේ රඳවාගෙන සිටිය දී ඔහුට මීයකු සපා කා ඇති බව ද දැනගන්නට ලැබී ඇත. ඔහු මුලින් අත්අඩංගුවට ගත්තේ නවරසම් පොතේ අන්තවාදී සිදුවීම් තිබීම නිසා බව කීව ද දැන් ඔහුට එරෙහිව වෙනත් විමර්ශනයක් පවත්වාගෙන යන බවත්, මහේස්ත්‍රාත් ඉදිරියේ යම් ප්‍රකාශයක් සිදු කිරීමට ඔහුට බලපෑම් කරන බවත් දැනගන්නට ලැබී ඇත.
මේ කරුණුවල සත්‍යාසත්‍යතාවය කඩිනමින් සොයා බලන ලෙසත්, මෙම තරුණයා හිංසනයට ලක්වී ඇත්නම් ඊට එරෙහිව කටයුතු කරන ලෙසත්, ඉදිරියේදී හිංසනයකට ලක් නොවීමට මෙන්ම ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීමට අදාල නිර්දේශ කඩිනමින් පොලිස්පතිට, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂට සහ නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්වරයාට නිකුත් කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමු.
සාහිත්‍යට ලැදි, කලාකාමී, අන්තවාදයට විරුද්ධව මෙවැනි තරුණයන් නිරපරාදේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් සිදුවන්නේ ඔවුන් නිරායාසයෙන්ම අන්තවාදයට තල්ලු කිරීමකි.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සෑම තැනැත්තකුටම භාෂණයේ නිදහසහ සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට හිමිකමක් තිබේ. එය ‘නවරසම්’ පොතේ කර්තෘටද එලෙසින්ම අදාලය. ඔහු සාහිත්‍ය කෘතියක් රචනා කිරීම නිසා අත්අඩංගුවට ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමකි. එම පොතෙහි අන්තවාදී කරුණු ඇතුළත්දැයි දැන ගැනීමට අවශ්‍යව තිබුණේ නම් එය පරිවර්ථනය කර බලා අවසානයේ නීති විරෝධී යමක් ඇත්නම් ඔහුට විරුද්ධව නීතිමය කටයුතු කිරීමේ හැකියාව තිබුනද මුලින්ම කර ඇත්තේ ඔහු අත්අඩංගුවට ගැනීමයි.
මෙම තරුණයා 2020 මැයි මාසයේ සිට රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ සිටින බැවින් මේ ගැන කඩිනමින් සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු.”
medialk.com

නැගෙනහිර මාධ්‍යවේදින්ගේ මානව හිමිකම් සැමරුම

0

මානව හිමිකම් සහ මාධ්‍ය නිදහස “මානව හිමිකම් සහ මාධ්‍ය නිදහස” තේමා කරගනිමින්

වර්තමානයේදී මාධ්‍යවේදීන් විසින් මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් සම්මන්ත්‍රණයක් ඊයේ සවස මඩකලපුව් පුස්තකාල ශ්‍රවනාගාරයේදි පැවැත්විණි.

නැගෙනහිර මාධ්‍ය සංසදය සහ වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කළ මෙම සම්මන්ත්‍රණය අවසානයේදී පහන් දැල්වීමක්ද සිදුකරන ලදී.

මානව හිමිකම් දිනය වෙනුවෙන් මුලතිව් හි විරෝධතා !

0

අතුරුදහන්වුවන්ගේ ඥාතින් වසර ගණනාවක් පුරාවට යුක්තිය ඉල්ලමින් අඛණ්ඩ අරගලයක නිරතව සිටිති.ඒ් පසුගිය යුද සමයේ අතුරුදන් කරනු ලැබ ඇති සිය අදරැතියන් වෙනුවෙනි.
එහෙත් පැවැති රජයන් කිසිවක් මේ දුක්ගැනවිල්ලට ප්‍රතිචාර දක්වමින් යුක්තිය ඉටු කිරිමට කටයුතු කර තිබුනේ නැත.
තතු එසේව තිබියදි ජගත් මානව හිමිකම් දින සමරුමට දිනකට පෙර ජනපති විසින් දරුවන් 11 දෙනෙකු අතුරුදන් කිරිම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු නාවික හමුදාපතිවරයාට වයඹ ආණ්ඩුකාරධුරය පිරි නැමිම තුලින්ද පෙනි යන්නේ අතුරුදන්වුවන් ගැන මේ රජය දක්වන සැලකිල්ලේ තරමය.

මුලතිව් මුහුදු තීරයේ ඩොල්පින් 8 දෙනෙකු මිය යයි ?

0

මුලතිව් මුහුදු තිරයේ අලම්පිල් ප්‍රදේශයේ අද පෙරවරුවේ මිය ගිය ඩොල්පින් මසුන් 8 දෙනෙකු සිරුරු ගොඩගසා ඇතැයි මුලතිව් මාධ්‍ය සාමජයේ මාධ්‍යවේදින් විසින් වාර්තා කර තිබේ.
ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ මෙසේ ඩොල්පින් මසුන් මිය යාම සැබැවින්ම ප්‍රහේලිකාවක් බවය.

https://www.facebook.com/meepuranews/videos/600371528046757

කාලෙන් කාලෙට පාරට එන එක එක මාර්ග නීති ….

0

ලංකාවට අදාල මාර්ග නිති කාලෙන් කාලෙට එක එක දේවල් හැටියට හදුන්වලා දෙමින් තිබේ.මෙවර කියැවෙනනේ පාරවල් අසල වාහන නවතා තැබිම තහනම් යැයි කියමිනි.
කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල මාර්ග  තදබදය ඇති වන අයුරින් සහ පදිකයන්ට අවහිර වන අයුරින් පදිකවේදිකාවේ නවතා ඇති වාහන ඉවත් කිරීමේ මෙහෙයුමක් (8) සිට ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසයි.

එලෙසම වාහන නවතා තබා ගෙන තබා ගෙන සිටින පුද්ගලයන්ට එම මොහොතේදීම දැඩි අවවාද කරන, කරුවන් නොමැතිව නවතා ඇති වාහන  ළඟම ඇති පොලිසිය වෙත රැගෙන යන බවත් පොලිසිය පවසයි.

මෙම මෙහෙයුම අඛණ්ඩව සිදුකරන බව ද පොලිස් සාරවත් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.

තතු එසේ වුවද ලංකාවේ පහුගිය කාලය පුරාවට විවිධකාරයෙන් මාර්ග නීති ගෙන ආවද ඇතැම් විට කාලයත් සමගින්ම ඒ නීති ගැන ඇති අවධානයද සැමගෙන්ම ගිලිහෙමින් යමින් තිබිම දක්නට ඇති පොදු ලක්ෂණයක් බවට පත්ව තිබේ.

හය මසක් නඩු නැති මඩකලපුවේ 10ක් තව දුරටත් රිමාන්ඩ්

0

මළවුන් සැමරීම නිසා හය මසකට ඉහතදී අත් අඩංගුවට ගනු ලැබූ කාන්තාවන් ඇතුළු දෙමළ දසදෙනකු තව දුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කොට තිබේ.
දොළොස්වැනි මුල්ලිවයික්කාල් සමරුව යෙදුනු 2021 මැයි 18 වැනිදා මඩකලපුවේ කිරාන් වෙරළ තීරයේ අනුස්මරණයක් පැවැත්වූ එම පිරිස කල්කුඩා පොලිසිය විසින් පසුදා අත් අඩංගුවට ගන්නා ලදී.
රටේ පවතින වසංගත ව්‍යාප්තියේ අනතුර තවමත් පහව ගොස් නැති බැවින් සැකකරුවන් දෙසැම්බර් 6 වැනි සඳුදා අධිකරණයට ඉදිරිපත් නොකළ බව පළාත් බද මාධ්‍යවේදීහු වැඩි දුරටත් පවසති.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩුව කැදවු වාලච්චේන දිසා මහේස්ත්‍රාත් අධිකරණය විනිසුරු එම්.එච්.එම් ෆසීල් නියෝග කර ඇත්තේ සැකකරුවන් දෙසැම්බර් 20 වැනිදා  තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙසයි.
නිරෝධායන මාර්ගෝපදේශ අනුගමනය කරමින් මේ වසරේ මැයි 18 දා පැවති සමරුව නිමවා පැය කීපයක් ගිය පසු වෙරළබද ඉඩමේ හිමිකරුගේ පියා අත් අඩංගුවට ගන්නා ලද බව ප්‍රදේශයේ බිම් මට්ටමේ ක්‍රියාධාරීහු පවසති.

අනුස්මරණය පිළිබඳව තම පියා කිසිත් නොදන්නා බව පවසන ඉඩමේ හිමිකරු විමලසේනා ලවකුමාර් ඒ පිලිබඳ විමසීමට ගිය අවස්ථාවේ කල්කුඩා පොලිසිය ඔහුත් රඳවාගෙන තිබේ.
අනික් නම දෙනාද ඉන් අනතුරුව කැඳවා අත් අඩංගුවට ගන්නා ලද බව පළාත්බද ක්‍රියාධාරීහු පවසති.
theleader.lk

සූරියවැව ක්‍රීඩාංගණයේ සේවකයින් දෙදෙනෙකු වන අලි පහරදීමකින් ජීවිතක්ෂයට..

0

හම්බන්තොට – සූරියවැව ක්‍රීඩාංගණයේ සේවකයින් දෙදෙනෙකු වන අලි පහරදීමකින් ජීවිතක්ෂයට පත් වී අරුණ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
පොලිසිය සඳහන් කර ඇති අන්දමට , ඔවුන්ගේ සිරුරු ක්‍රීඩාංගණය පිටුපස මාර්ගයක තිබිය දී අද උදෑසන සොයාගෙන තිබිණ.මියගිය දෙදෙනා ඊයේ රාත්‍රියේ ක්‍රීඩාංගණයේ රැදී සිට ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග තවදුරටත් සදහන් කර සිටි.
වන අලින්ගේ ගමන් මං වැටි ඇති ඉසව්වල සහ වන අලි ගැවසෙන තැන් වල ක්‍රිඩාංගණ ඉදිකිරිම ගැන රාජපක්ෂ පාලනය වෙත බරපතල විවේචන එකල එල්ලවි විය.
මේ අහිමි වු ජිවිත හරහා පවා නැවත නැවතත් ඔප්පු වෙමින් ඇත්තේ සූරිය වැව මේ ප්‍රදේශය අලින්ටද ක්‍රිඩා පිට්ටනියකටද යන ප්‍රශ්ණයයි
ඡායා – අරුණ

ප්‍රියන්තගේ මරණය ගැන විධිමත් පරික්ෂණයක් ඉල්ලා කොළඹදි උද්ඝෝෂණයක් !

0

පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ගණේමුල්ල,  කැන්දලියද්ද පාලුවේ පදිංචිව සිටි ප්‍රියන්ත කුමාර මහතාගේ  මරණ ගැන විධිමත් පරික්ෂණයක් කරන ලෙස හා ප්‍රියන්ත කුමාර වෙනුවෙන්  යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා විදේශ ශ්‍රමික ජාලය හා ජන බල පවුර එක්ව ඊයේ (06 ) පාක්ස්තානු මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

එහිදී රැස්ව සිටි පිරිස  ප්‍රියන්ත කුමාර  මහතා වෙනුවෙන්  යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා පාකිස්තානු මහකොමසාරිස් කර්යාලයට සන්දේශයක් භාර දුන් අතර එයට භික්ෂූන් වහන්සේලා ,කතෝලික පියතුමන්ලා හා හින්දු ,මුස්ලිම් පුජකතුමන්ලා ද එක්ව සිටියහ.

ප්‍රියන්තට යුක්තිය ඉටුකරමින් ඇමරිකානු ඩොලර් මිලියනයක් ලබාදෙන ඉල්ලු බැනර්ද අතැතිව මේ පිරිස උද්ඝොෂණයේ නියැලි තිබුණි.  

ඡායා- ලංකාදිප