Monday, September 23, 2024
Home Blog Page 23

අවිෂ්ක ප්‍රනාන්දු ශතකයක් ලද පළමු ශ්‍රී ලාංකිකයා වෙයි

0

LPL තරග ඉතිහාසයේ ශතකයක් වාර්තා කරන ලද පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත්වීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු අද (21 දා) සමත් වුණා.

අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් දඹුල්ල ජයන්ට්ස් පිලට එරෙහිව පැවැත්වෙන දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයේදී පන්දු 65 කදී ලකුණු 100 ක් වාර්තා කරමින් ඔහු මේ සුවිශේෂී ඉනිම වාර්තා කිරීමට සමත් වුණා. එල්.පී.එල්. තරග ඉතිහාසයේ ශතකයක් ලද දෙවැනි පිතිකරුවා බවට ද පත් වූ අවිෂ්කගේ මේ ඉනිම නිසා පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 4 ක් දැවී ලකුණු 210 ක් රැස් කිරීමට සමත් වුණා.

අවිෂ්කට පෙර ශතකයක් වාර්තා කිරීමට සමත් එකම පිතිකරුවා වන්නේ කලම්බු කිංග්ස් කණ්ඩායමේ ලොරී එවන්ස් (108) වන අතර ඔහු ගියවර තරගාවලියේදී ජැෆ්නා ස්ටැලියන්ස්ට එරෙහිව එම දක්ෂතාවය දැක්වීමට සමත්විය.

මේ අතරම අවිෂ්ක සහ රාමනුල්ලා ගුර්බාස් අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 122 ක සම්බන්ධතාවක්ද පැවැත්වූ අතර එය මෙතෙක් එල්.පී.එල්. තරග වලදී පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු හොඳම සම්බන්ධතාව ලෙසින්ද සටහන් වුවා.

vlogsports.com

දැන් නම් හොදටම සැපයි !එළවළු හොරුත් බෝවෙති !

0

වැලිමඩ දික්කාපිටිය හා කහටපිටිය ගොවි බිම්වලින්  එළවළු සොරා ගත් බව කියන  හත් දෙනකු  අල්ලා පොලිසියට බාර දුන් බව වැලිමඩ පොලිසිය කියා ඇතැයි ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.
වෙළෙඳපොලේ පවතින අධික මිල හේතුවෙන් මෙම පිරිස සංවිධානාත්මක රාත්‍රී කාලයේ  ගොවි බිම්වලට ඇතුළු වී එසේ අස්වැන්න සොරාගෙන ගොස් ඇතැයි වැඩිදුරටත් එහි සදහන්ය.

සැකකරුවන් අතර මව,පියා සහ  පුතා ද සිටින බව පොලිසිය කියයි.

කරවිල,වම්බටු,තක්කාලි හා වට්ටක්කා ඇතුළු එළවළු වර්ග රැසක් මොවුන් විසින් මෙම පිරිස විසින් සොරාගෙන ඇත. 

රට දැන් පත්ව ඇති අර්බුදයේ තරම එළවළු පවා සොරකම් කරන්නට ජනයා පෙළඹි තිබිමෙන් වඩාත් පැහැදිලි වෙමින් තිබේ.වෙනසකට ඇත්තේ දැන් සැපයිද නිරන්තරයෙන් ම අහන්නට කෙනෙකු නැතිවිමයි.

යතුරු පැදියකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ අයෙකු කාන්තන්කුඩියේදි අත්අඩංගුවට..

0

යතුරුපැදියකින් මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි අයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන කාත්තන්කුඩි පොලිසියට භාරදී තිබුණි. මෙම අත්අඩංගුවට ගැනිම ඊයේ සඳුදා (20) රාත්‍රියේ කාත්තන්කුඩි මධ්‍ය මහා විද්‍යාලය පිටුපස කර්බලා පාරේදී සිදුව තිබුණි.

සහකාර දිස්ත්‍රික් පොලිස් අධිකාරි නලින් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, සහකාර පොලිස් අධිකාරි, සහකාර පොලිස් අධිකාරී ජේ.ආර්.සේනාධීර, ප්‍රමුඛ විශේෂ කාර්ය බළකාය (එස්.ටී.එෆ්.) එම්.යූ.කේ.වී තෙන්නකෝන් මහතා සිදුකරන ලද සෝදිසියක් මෙහෙයුමකදි මෙම අත්අඩංගුවට ගැනිම සිදුව කර තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු සාක්ෂි සහිතව මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කාත්තන්කුඩි පොලිසිය කටයුතු කරමින් සිටී.
ෆාරුක් ශිහාන්

ජනතාවගේ ඉවසිමේ තරම නොදන්නා ජොනි ?

0

ඉන්ධන මිළ හොර රහසේම ඊයේ මැදියේම රැයේ වැඩිකිරිමත් සමගින් ජනතාව දැඩි අපහසුවකට පත්ව සිටිති. ප්‍රකාශ නොවන වෛරයක්ද අද ඉන්දන පිරවුම් මල අසල වු කථාබහ විසින් පෙනෙන්නට තිබුණි.
ඉහල දැමු ඉන්දන මිළත් සමගින් තවත් තවත් බොහෝ දේවල් වල මිළ ඉහල යනු ඇතැයි අපෙක්ෂිතය.

මේ අතර ඇමති ජොන්ස්ටන් අද කියා තිබුනේ සමස්ත ලෝකයම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බැවින් සහන නොඉල්ලා ඉවසාගෙන සිටීමට ජනතාව කටයුතු කළයුතු බවය රට වෙනුවෙන් සියලු දුෂ්කරතා විඳීමට ජනතාව ඉදිරිපත් වියයුතු බවයි ඇමතිවරයා අවධාරණය කර තිබේ.

පසුගිය කාලයේදී ඉන්ධන මිල ස්ථාවර පවත්වාගෙන ගියේ විශාල පාඩුවක් විඳිමින් බවත්, එම පාඩුව තවදුරටත් විඳීමට ඛනිජ තෙල් සංස්ථාවට නොහැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

තවදුරටත් පාඩු පිට තෙල් ලබාදීමට සිදු වුවහොත් එහි පාඩුව විඳීමට සිදුවන්නේද ජනතාවට බව පෙන්වා දෙන ජොන්ස්ටන් ඇමතිවරයා, ‘ගහලා බැන්දත් එකයි – බැඳලා ගැහුවත් එකයි’ යනුවෙන් පවසා තිබේ.

අයවැයන් පසුව මැති ඇමැත්තන් 60 ක‌ට වැඩි පිරිසක් විදේශ් සංවාරවලට නිරත බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණ අතර ඒ් සම්බන්ධයෙන් මාධ්‍යවේදින් නැගු ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් ඇමති ජොන්ස්ටන් කියා තිබුනේ විදෙස් රටවල සිටින දරුවන් බැලිමට ඔවුන් යා යුතු බවය.

ගෑස් පිපිරිම් වලට හේතුව සංයුතිය වෙනස් කිරිම බව හෙළිවේ !

0

ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් හේතුව මෑත කාලයේ සිදුවූ ගෑස් සංයුතියේ වෙනස්කම් හේතුවෙන් බවයි ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ ජනාධිපති කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොළ ප්‍රකාශ කර තිබේ..

ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශනය සිදුකිරීමට පත්කළ ජනාධිපති කමිටු වාර්තාවේ අඩංගු කරුණු සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරමින් එම කමිටුවේ සභාපතිවරයා මේ බව සඳහන් කර ඇත.

ගතවූ නොවැම්බර් මාසයේ සිට දෙසැම්බර් මාසයේ මැද කාලය දක්වා සිදුකළ පරීක්ෂණ වලදී ඒ සම්බන්ධයෙන් කරුණු තහවුරු වී ඇති බවයි මාහාචාර්ය ශාන්ත වල්පොළ එහිදී සඳහන් කරන්නට යෙදුණි.

පසුගිය දින 50 ක කාලය තුල 800 කට වඩා ගැස් ආශ්‍රිත පිපිරිම් සිදුව ඇති බව වාර්තාවේ.

මේසා බරපතල වරදක් සිදුකර ඇති වගකිවයුත්තන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න ගැන දැන් රටම බලා සිටි.

පසුගිය දින 50 ක කාලය තුළ ගෑස් පිපිරීමේ සිද්ධීන් 860 ක් !

0

දිවයිනපුරා ගෑස් පිපිරීමේ සිද්ධීන් 13 ක් අද (21) දිනය තුළ වාර්තා වී ඇති බව පොලිස් මුලස්ථානය ප්‍රකාශ කර තිබේ.අද අලුයම 4.00 සිට පස්වරු 3.00 දක්වා කාලය තුළ මෙම අනතුරු වාර්තා වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම අනතුරු හෝමාගම, දඹගල්ල, හතරලියැද්ද, වලස්මුල්ල, ගණේමුල්ල, මීගලෑව , දුම්මලසුරිය, වීරවිල, කඹුරුපිටිය, කඩවත , කිරිබත්ගොඩ, පල්ලේකැලේ, නවගමුව යන ප්‍රදේශ වලින් වාර්තා වී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග දක්වා සිටි.

මෙම සිද්ධීන් අතරින් 05 ක්ම බස්නාහිර පළාතින් සහ 8 ක් පිට ප්‍රදේශ වලින් වාර්තා වී ඇත. මෙම අනතුරුවලින් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.

පසුගිය නොවැම්බර් මස 01 වැනි දින සිට අද (21) දක්වා දින 50 ක කාලය තුළ ගෑස් පිපිරීමේ සිද්ධීන් 860 ක් වාර්තා වී ඇති බවද පොලිසිය කියයි

සියලුම රජයේ රෝහල්වල අද (21) සිට අඛණ්ඩ වැඩ වර්ජනයක්

0

දිවයිනේ සියලුම රජයේ රෝහල්වල අද (21) සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය තීරණය කර තිබේ. නොවිසඳුනු ගැටලු 07ක් මුල් කරගනිමින් අද පෙරවරු 8 සිට මෙම අඛණ්ඩ වැඩ වර්ජනය ආරම්භ කරන බවයි රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා මාධ්‍යය වෙත කියා තිබුණි.

වෛද්‍යවරුන් වැඩ වරජනයේ නිරතවුවද සේවාවන්හි සුවිශේෂි බව සලකා මාතෘ රෝහල්, ළමා රෝහල්, පිලිකා රෝහල් හා වකුගඩු රෝගී ප්‍රතිකාර ඒකක වල මෙම වැඩ වර්ජන ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවන අතර කොවිඩ් ප්‍රතිකාර සේවා හා කොවිඩ් එන්නත්කරණය කිසිදු බාධාවකින් තොරව පවත්වා ගෙන යන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර ඇත.

ආණ්ඩුව රටපුරා ගහපු සයිනොපාම්, අඩුම ප්‍රතිශක්තිය ඇති එන්නත බව හෙළිවේ

.

මෙරට භාවිත කරන කොවිඩ්  මර්දන එන්නත් පහක  ශක්තිය (කාර්යක්ෂම ප්‍රතිදේහ සෑදීමේ හැකියාව) පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද  සහ සෛල  ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා  ඇතුළු පර්යේෂකයන් කණ්ඩායමක්  සමත්වී ඇතැයි ලංකදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

මේ පරීක්ෂණය අනුව මාස තුනකින් පසු වැඩිම ප්‍රතිශක්තියක් ( කාර්යක්ෂම ප්‍රතිදේහ) ගොඩනැගී තිබුණේ මොඩර්නා  එන්නත  ලබා ගත් පුද්ගලයන්ගේ බවද එම පුවතේ සදහන්ය.

ඊට පසු ඇස්ට්‍රාසෙනිකා සහ  ස්පුට්නික් එන්නත  ගත් අයගේ ශරීරයන්හි  එක සමාන ඉහළ ප්‍රතිශක්තියක් ගොඩනැංවී තිබූ බව පෙනී ගියේ යැයි  ආචාර්ය චන්දිම ජීවන්දර  මහතා පවසා තිබුණි.

මාස තුනකින් පසු අඩුම  ප්‍රතිශක්තිය ( කාර්යක්ෂම ප්‍රතිදේහ) ගොඩනැංවී තිබුණේ සයිනොපාම් එන්නත  ලබාගත් පුද්ගලයන්ගේ  බවද හෙතෙම සඳහන් කළේය.

මාස තුනකින් පසු කාර්යක්ෂම  ප්‍රතිදේහ ගොඩනැංවි ඇති  ආකාරය පිළිබඳ  සොයා බැලීම සඳහා එම පර්යේෂකයන් මෙලෙස යොදාගෙන තිබූ එන්නත් වර්ග පහ වන්නේ  මොඩර්නා, ස්පුට්නික් 1, ස්පුට්නික් 2, ඇස්ට්‍රාසෙනිකා සහ සයිනොපාම්ය.

වැඩි මිළක් ගෙවා මිළට ගෙන ඇතැයි කි සයිනෝපාම් නිසා මෙරට ජනයාට අවශ්‍ය රැකවරණය මේ අනුව ලැබු නැතැයි දැන් පැහැදිලිය.

සිය රටේ ජනතාවට සැබැවට ආදරයක් ඇති පාලකයන් විසින් කිසිදිනක මෙවැනි තත්වයක් නිර්මාණය නොකරනු ඇත.

ආණ්ඩු ෆේල් නිසා මැතිවරණත් කල් දමයි ?

0

පළාත් පාලන මැතිවරණය වසරකින් කල්දැමීමට රජය ගත් පියවර ප්‍රජාතන්ත්‍රවාදයට කළ මරු පහරක් වන අතර ඡන්ද දායකයට කළ නිගරුවකැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරිත්වය හෙවත් පැෆරල් සංවිධානය සඳහන් කර තිබේ.

රජය පළාත් පාලන මැතිවණය වසරකින් කල්දැමීමට රජය තීරණය කර ඇත්තේ දේශපාලන කරුණු මත බව බැලූ බැල්මට පෙනී යන බව ද පැෆරල් සංවිධානයේ  විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසා තිබුණි.

මැතිවරණය කල්දැමීමට හේතුව කොවිඩ් වසංගතය නොවන බව ඕනෑම පුරවැසියකුට තේරුම් යන සරල කරුණක් බව ද ඔහු සඳහන් කළේය.

මේ අතර රටපුරාම අන්ත ලෙසින් පිරිහිමට ලක්ව ඇති මේ රජයේ ජනප්‍රිය භාවය නිසා මැතිවරණ කල්දැමිම සිදුකරන ලද ඉතා පැහැදිලි බව ආණ්ඩුවට ඡන්දය දුන් බහුතරයක් ජනයාගේද මතය වි තිබේ.ඉහල යන බඩු මිළ පෝර හිගය ඇතුළු කරුණු ගණනාවක් මත රජයට එරෙහිව විරෝධතා රැල්ලක් ඉදිරියේද පාරට එන බව ඉතා පැහැදිලිය.

නාගරික සංවර්ධන අධිකාරියට ඉඩම් පවරාගැනිමට එරෙහිව යාපනේ විරෝධතා

0

යාපනයේ, අධික වර්ෂාව මධ්‍යයේ වුවද ඊයේ පෙරවරුවේ උතුරු ප්‍රදේශයේ ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතුවලට එරෙහිව ජනතාව විරෝධතාවයක නිරතව තිබුණි.
ඒ් කීරිමලෙයි J / 226, කන්කසන්තුරේ බටහිර, J / 223 යන ප්‍රදේශවල පුද්ගලයන් 21 දෙනෙකුට අයත් ඉඩම් අක්කර 30 ක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට මිනින්දෝරු දෙපාර්තමේන්තුව පියවර ගැනිමට එරෙහිවය.

ඉඩම් හිමියන්, දේශපාලනඥයන්, මහජනතාව මෙම විරෝධතාවයට එක්ව සිටි අතර මේ තත්ත්වය මත ඉඩම් මැනුම් දෙපාර්තමේන්තුව ඉඩම් මැනීම අතහැර ආපසු ගොස් ඇතැයි ජැෆ්නාසෝන් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.