Monday, September 23, 2024
Home Blog Page 22

ගෙදර ආරක්ෂාව අනතුරේ !- හිටපු අගමැති කියයි

0

රටේ ආරක්ෂාව අනතුරක බව කියමින් රට රැකුමට බලය ලබාගත් වත්මන් රාජපක්ෂ ආණ්ඩුව, මේ වනවිට නිවසේ ආරක්ෂාව බරපතල ලෙස අනතුරේ

හෙළා ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

” ගෙදර තියන ගෑස් ටැංකි පුපුරනවා, කොයිවෙලාවේ ගේ ඇතුලේ ගින්නක් ඇවිලෙයි ද කියල ගෙවල්වල කාන්තාවෝ බයෙන් ඉන්නේ..  ගෙදර ආර්ථිකය කඩා වැටිලා, එකෙනුත් අසහනෙට පත්වෙලා ඉන්නේ ගෙවල්වල ඉන්න කාන්තාවෝ, අම්මලා. රට පුරාම බෙහෙත් හිඟයක්, ඒ නිසා ගෙදර සෞඛයත් කඩා වැටිලා.. පාරේ තිබුන අනාරක්ෂාව ගෙදරට ඇවිත්. …

ඒ විතරක් නෙමෙයි තරුණයින් ඉන්නේ බරපතල කළකිරීමක. තරුණයින්ගේ අධ්‍යාපනේ කඩා වැටිලා. ආර්ථිකේ කඩා වැටිලා. අනාගතේ කඩාවැටිලා .. ඉක්මනින් විසඳුමක් නොදුන්නොත් ලොකු විනාශයක් වෙන්න පුළුවන්.. ”

රනිල් වික්‍රමසිංහ එබව කියා සිටියේ, ජනවාරි 03 දා ‘සිරිකොත’ එජාප මුලස්ථානයට පැමිණි අවස්ථාවේදී එජාප තරුණ ක්‍රියාකාරීන් පිරිස් සමග සුහඳ කතාබහක යෙදී සිටියදීය.

මෙවැනි තත්ත්වයක් තුල තරුණ පරම්පරාව අපේක්ෂා භංගත්වයට පත්ව ඇති බවත්, ආර්ථික අර්බුදය හමුවේ මධ්‍යම පාන්තික ප්‍රජාව තුළ අසහනකාරී තත්වයක් දවසින් දවස වර්ධනය වෙමින් තිබෙන බවත්, ආණ්ඩුවේ අදුරදර්ශී ක්‍රියාමාර්ග තුළ බරපතල පීඩාවකට පත්ව සිටින ග්‍රාමීය ගොවි ජනතාව ඉතිහාසයේ පළමු වතාවට දේශපාලනීකරණය වෙමින් සිටින බවත් කියා සිටි රනිල් වික්‍රමසිංහ, එම කරුණු කාරනා රටේ ඉදිරි දේශපාලන ඉරණම තීන්දු කිරීම කෙරෙහි තීරණාත්මක ලෙස බලපානු ඇති බව අවධාරණය කර සිටියේය.

යලි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) සහය ලබා ගැනීමකින් තොරව, රට මුහුණදී සිටින ආර්ථික අර්බුදයෙන් මේ මොහොතේ ගොඩඒමට නොහැකි බව ද හිටපු අගමැතිවරයා සඳහන් කළේය.

රට මුහුණ දී සිටින අර්බුදයෙන් ගොඩ ඒමට තවදුරටත් පැලැස්තර විසඳුම් වලින් නොහැකි බව පැවසු රනිල් වික්‍රමසිංහ, ආණ්ඩුවේ අඩුපාඩු විවේචනය කරන අතරේ රට හමුවේ විසඳුමක් යෝජනා කිරීමද ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින්ගේ යුතුකම හා වගකීම බවද වැඩි දුරටත් පැවසිය.
theleader.lk

අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් මඩකලපුවේ ධිවර කටයුතු නවති !

0

මඩකලපුව දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන්  ධිවරයන් මුහුදු යෑමෙන් වැළකි ඇතැයි වාර්තා වෙයි.

මේ නිසා මසුන් ඇල්ලීමේ කටයුතු මුළුමනින්ම අඩාලවි ඇති බව ධිවරයෝ පවසති.

නව කාත්තන්කුඩි එත්තුකාල් පුනොච්චේමුනේ නාවලඩි පුන්නකුඩා ඇතුළු බොහෝ මුහුදු බඩ ප්‍රදේශවල මුහුද රළුවීමෙන් ධිවරයන්ගේ ජීවනෝපාය අහිමිවී ඇත.

ධිවරයින් තම බෝට්ටු ඇතුළු ධිවර උපකරණ වෙරළේ සිට දුර ප්‍රදේශවලට රැගෙන නවතා ඇත. මසුන් අලෙවි කරන ස්ථාන  වසා තිබුණි.
(ලංකාදිප )

අලුත් අවුරුද්දේ ‘ඉන්දීය ධීවර ආක්‍රමණයක්’ ගැන උතුරේ විරෝධයක්

0

නව වසර ආරම්භයේ සිටම ඉන්දීය ධිවරයන් යළිත් මෙරට මුහුදු සීමාව පැන මසුන් මැරීම ආරම්භ කරනු ඇති බවට

අනතුරු අඟවන උතුරේ ධීවරයන් පිරිසක් ඔවුන් අත්අඩංගුවට ගැනීමට මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඉල්ලමින් විරෝධතාවයක් දියත් කර තිබේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ ‘මයිලඩි’ ධීවර වරාය ඉදිරිපිටදී වර්ෂාව මධ්‍යයේ දෙසැම්බර් 31 වැනිදා උදෑසන ධීවරයන් විසින් පවත්වන ලද උද්ඝෝෂණය සංවිධානය කර තිබුනේ වලිකාමම් උතුර ධීවර සංගමය විසින් බවයි.

rtertrt


විරෝධතාව දියත් කර තිබුනේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉන්දියාව සමග පනස් අවුරුදු ගිවිසුමකට එළැඹීම ප්‍රකාශයට පත්වුණු දවසේමය. ඊට දෙසතිඅකට පෙර ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා උතුරේ සංචාරයක යෙදෙමින් ධීවර ජනතාවට මිලියන ගණනක සහනාධාර ලබාදී ඉදිරියේදී උපකාර කරන බවටද පොරොන්දු වී තිබුණි.  



ශ්‍රී ලංකා නාවික හමුදා අත්අඩංගුවේ සිටින තම වෘත්තීය සගයන් නිදහස් කරන ලෙස ඉල්ලා රාමේශ්වරම් ධීවරයන් දෙසැම්බර් 19 දින සිට ආරම්භ කළ  අඛණ්ඩ වර්ජනය අද දිනයේ නවතා ඇති බව පවසන උතුරේ ධීවරයන් පෙන්වා දෙන්නේ 2022 ජනවාරි 3 වැනිදා සිට ඔවුන් යළිත් මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරනු ඇති බවයි.

විරෝධතාවය අවසානයේදී මාධ්‍යවෙත අදහස් දක්වමින් යාපනය දිස්ත්‍රික් ධීවර සමුපකාර සමිති සංගමයේ උප නායක නාගරාසා වර්ණකුලසිංහම් සදහන් කළේ මෙරට අත්අඩංගුවේ පවතින ඉන්දීය ධිවර යාත්‍රා ආපසු ඉන්දියාවට ලබා නොදෙන බවට ධීවර අමාත්‍යවරයා පසුගියදා ලබා දුන් පොරොන්දුව ඉටු කරනු ඇතැයි ධීවරයන් බලාපොරොත්තු වන බවයි.

අමාත්‍ය ඩග්ලස් දේවානන්ද දෙසැම්බර් 24 වැනිදා යාපනයේ ධීවරයන්ට පොරොන්දු වී තිබුනේ ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ පවතින ඉන්දීය ධීවරයන්ගේ ට්‍රෝලර් යාත්‍රා සහ ධීවර උපකරණ උතුරේ ධීවරයන්ට ලබා දීමට කටයුතු කරන බවයි.


දකුනු ඉන්දීය විරෝධතා

උතුරේ ධීවර විරෝධතා හමුවේ නැවත ආරම්භ කරන ලද මෙහෙයුම් මගින් ලංකාවේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටින ධීවරයන් නිදහස් කරන ලෙස ඉල්ලා දකුණු ඉන්දීය ධීවරයන්ද පසුගියදා උද්ඝෝෂණයක් දියත් කර තිබුනි.

නාවික හමුදා අත්අඩංගුවේ සිටින තම වෘත්තීය සගයන් නිදහස් කරන ලෙස ඉල්ලා රාමේශ්වරම් ධීවරයන් දෙසැම්බර් 19 සිට අඛණ්ඩ වර්ජයක් අරඹා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුනි.

තමිල් නාඩු මහ ඇමැති එම්.කේ. ස්ටාලින් ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ අභ්‍යන්තර කටයුතු ඇමැති එස්.ජෙයශන්කර් වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ  ලංකා නාවික හමුදා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් 55 දෙනා නිදහස් කර ගැනීමට පියවර ගන්නා ලෙසය.

ශ්‍රී ලංකා නාවික හමුදාව දෙසැම්බර් 21 වැනිදා නිවේදනය කර ඇත්තේ විදෙස් ධීවරයන් විසින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා 2021 දෙසැම්බර් 18,19 සහ 20 දිනයන්හී උතුරු සහ උතුරු මැද නාවික විධානයන් මඟින් සිදු කළ අඛණ්ඩ මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 10ක් සහ ඉන්දීය ජාතික ධීවරයන් 68 දෙනෙකු නාවික හමුදා භාරයට ගත් බවයි.

ඉන්දීය ධිවර සංවර්ධන දෙපාර්තමේන්තුව හා එරට නාවික පොලිසිය විසින් ධීවරයන්ට දැඩි ලෙස අවධාරණය කර ඇත්තේ ඉන්දීය මුහුදු සිමා මායිම් පැන මසුන් ඇල්ලීමට ගිය හොත් දැඩි දඩුවම් ලබා දෙන බවය.

මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ඉකුත් මාසයේ ඉන්දියාවේ සංචාරය කරමින් ලංකා මුහුදු සීමාව ආක්‍රමණය කොට මසුන් මැරීමට ගිය හොත් ගැටළු මතුවිය හැකි බවට අනතුරු අඟවා තිබිණි.

මුහුදු සිමා පැන එන  ඉන්දියානු ධීවරයන්  මෙරට  මත්ස්‍ය සම්පත කොල්ලකෑම දිගු කලක පටන් උතුරේ ධීවරයන් මුහුණ දෙන බරපතල ගැටළුවකි.

ශ්‍රී ලංකා නාවික හමුදාව එම කොල්ලය වලකා ලන්නට නිසි පියවර නොගන්නා බවට උතුරේ ධීවර සංවිධාන දිගින් දිගටම චෝදනා කර තිබේ.

මේ නිසා පසු ගිය කාලය තුල උතුරේ ධීවරයන්ට සිදුවූ හානියට වන්දි ලෙස රුපියල් මිලියන 400 ක මුදලක් ලබා දෙන ලෙස උතුරේ ධීවරයන් විසින් මෙරට  ඉන්දීය මහකොමසාරිස්වරයා වෙත ඉල්ලීමක් ද කළේය.

මේ අතර උතුරේ තුන් දින සංචාරයක් නිම කරමින් මෙරට චීන තානාපති කී සෙන්හොං පවසා තිබුනේ උතුරේ ධීවර පවුල් 2500ක් සඳහා රුපියල් කෝටි දෙකක් වටිනා ධීවර ආම්පන්න, වියලි ආහාර සහ මුව වැසුම් ලබා දුන් බවයි.
theleader.lk

කිලිනොච්චි පොලිසියට එරෙහිව විරෝධතා ..

0

කිලිනොච්චිය , පරන්තන් මංසන්ධිය අසලදී වෙළඳසැල් සේවකයකු කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවටගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඝාතනයවූ පුද්ගලයාගේ දේහයද රැගෙන කිලිනොච්චිය , ප්‍රදේශවාසීන් යාපනය නුවර ඒ නවය මාර්ගය අවහිරකරමින් අද(04) විරෝධතාවක නිරත වූහ.
පැයකට අධික කාලයක් විරෝධතාකරුවන් යාපනය නුවර එ නවය මාර්ගය පරන්තන් මංසන්ධිය අසලින් අවහිරකොට දේහය සමඟ මාර්ගයේ හිඳගනිමින් විරෝධතාව දැක්වීම හේතුවෙන් රථවාහන ගමනා ගමනයට දැඩි බාධා එල්ලවිය.
මෙම සිද්ධීන් හේතුවෙන් පරන්තන් මංසන්ධිය අසල අනාරක්ෂිත තත්වයක් උද්ගතව ඇති බවට දීර්ඝ කාලයක සිට පොලිසිය දැණුවත් කළද මේ වනතෙක් පියවරක් නොගැනීම හේතුවෙන් මෙම ඝාතනය සිදුවූ බවට විරෝධතාකරුවන් චෝදනා කළේය.


ඝාතනය සිදුවී දින හතරක් ගතවී ඇති බවත් ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවටගැනීමට නොහැකිවීමෙන් තවමත් ඔවුන් නිදැල්ලේ සිටින බවද විරෝධතාකරුවන් පැවසීය.
විරෝධතාවය පැවැත්වෙන ස්ථානයට පැමිණි කිලිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී.බී. මැදවල මහතා විරෝධතාකරුවන් අමතා පවසා සිටියේ සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවකු මේ වන විට අත්අඩංගුවටගෙන ඇති අතර පරන්තන් මංසන්ධිය අසල ප්‍රදේශයට කඩිනමින් පොලිස් මුරපොළක් ස්ථාපිත කිරීමට පියවරගන්නා බවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පොරොන්දුවීමෙන් අනතුරුව විරෝධතාව අවසන් කෙරිණි.

කිලි සිවා

ඇමරිකා ගොස් පැමිණි බැසිල් ලබන සතියේ ඉන්දියාවට …

0

ඉන්දියාවේ පැවැත්වන සමුළුවකට එක්වීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවත වරක් ලබන සතියේදී ඉන්දියාවට යෑමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම සංචාරය තුළදී මුදල් අමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට නියමිත බවද ඉන්දීය මාධ්‍ය සඳහන් කර ඇති බව නිව්ස්වයර් වෙබ් අඩවිය සදහන් කරයි .

Vibrant Gujarat සමුළුවට එක්වීම සඳහා මුදල් අමාත්‍යවරයා එළැඹෙන සතියේ 10 -12 දා කාලය තුළ ඉන්දිය සංචාරයකට බැසිල් රාජපක්ෂ මහතා එක්වීමට නියමිත බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන්ය.

ඇමෙරිකාවේ පෞද්ගලික සංචාරයකට ගොස් සිටි බැසිල් රාජපක්ෂ ඉකුත් දා දිවයිනට පැමිණි අතර මුදල් අමාත්‍යවරයා මාසයකට ආසන්න කාලසීමාවක් තුළ ඉන්දියාවේ සිදුකරන දෙවැනි සංචාරය මෙය බව මාධ්‍ය වාර්තා කර සිටි.

ජනාධිපතිවරයාට අපහාස කළත් අත්අඩංගුවට ගන්න පොලීසියට බලයක් නෑ!

0

යම් පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකුගෙන් අපහාසයක් සිදුවුවහොත් දීලික්ත්මය වගකීම සම්බන්ධව දිසා අධිකරණයේ සිවිල් නඩුවක් පවරා වන්දි ලබා ගැනීමේ හැකියාව පවතී.

ජනාධිපතිවරයාට රටේ යම් පුරවැසියෙකුගේ ප්‍රකාශයකින් හෝ ෆේස්බුක් වැනි සමාජමාධ්‍යකින් බෙදා හරිනු ලබන පෝස්ට් එකක් මගින් යම් ආකරයකින් අපහාසයක් වූයේ යැයි සිතනවා නම් මෙම නීති තත්වය මගින් සහනයක් ලබා ගත හැකිය.

නමුත් එලෙස අපහාසයක් සිදු වූ බව ඔප්පු කිරීමේදී අදාල ප්‍රකාශය සැබෑ ලෙසටම අපහාසාත්මක බව පැමිණිලිකරු විසින් ඔප්පු කළ යුතුය. අපහාසයක් ලෙස සැලකිය හැක්කේ කුමක්? Independent Newspapers Ltd V. Devdas 1983 (2) SLR 505 නඩුවේදී තීරණය කරන ලද්දේ “අපහාසය තුළ යම් පුද්ගලයෙකු පිළිබඳ සිදු කරන සාධාරණ පදනමකින් තොර හෝ සමාවකින් තොර හෝ අපහාසාත්මක ප්‍රකාශයක් අන්තර්ගත වන බවයි”.

මීට අමතරව අපහාසය අදාල පුද්ගලයාට හානි කිරීමේ චේතනාවෙන් යුතුව කළ බවද පැමිණිල්ල ඔප්පු කළ යුතුය. මේ අනූව සිවිල් නීතිය යටතේ අපහාස නඩුවක් ගොනු කොට අපහාසයක් සිදු වූ බව ඔප්පු කිරීම හා වන්දි ලබා ගැනීම සිතනා තරම් පහසු එකක් නොවන බව පෙනේ.

අපහාස කිරීම සම්බන්ධව ශ්‍රී ලංකාවේ අපරාධ නීති තත්වය මීළගට විමසා බලමු.

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 19 වන පරිච්ඡේදයේ 479 සිට 482 අ. දක්වා වගන්තිවල “කීර්ති හානි කිරීම” යටතේ යම් පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකට අපහාස කිරීම අපරාධමය වරදක් ලෙස දක්වා තිබුණි.

නමුත් මෙම සාපරාධී අපහාස නීතිය ඇතුලත් පරිච්ඡේදයම සම්පූර්ණයෙන්ම 2002 අංක 12 දරණ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතින් ඉවත් කරන ලදි. එම නිසා මේ වන විට පුද්ගලයෙකුට අපහාස කිරීම සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහය යටතේ අත්අඩංගුවට ගැනීමට හෝ අපරාධ නඩු පැවරීමට කිසිදු බලයක් නොමැත.

ඉහත සදහන් කරන ලද ඉවත් කරන ලද දණ්ඩ නීති සංග්‍රහයේ පරිච්ඡේදය හැර ශ්‍රී ලංකාවේ කිසිදු අපරාධ නීතියට අදාල වන පනතක යම් පුද්ගලයෙකුට අපහාසාත්මක ප්‍රකාශ කිරීම නිසා අත්අඩංගුවට ගැනීමට හෝ අපරාධ නඩු පැවරීමට වගකීමක් සංස්ථාපනය වන ප්‍රතිපාදනයක් නොමැත.

එහෙයින් “ජනාධිපතිවරයාට අපහාස වන අයුරින් සමාජමාධ්‍යක හෝ වෙනත් ඕනෑම මාධ්‍යයක ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධව පොලීසියට නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවට” පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීම අපරාධ නීතිය පිළිබඳ ඉතාම අසත්‍ය හා මිනිසුන් නොමගයවන සුළු ප්‍රකාශයකි.

~ නීතීඥ සාරංග වාදසිංහ ~
(සමාජමාධ්‍ය තුළ වූ සටහනකි)

(උපුටා ගැනිම – theleader.lk)

ජනතා ප්‍රශ්ණවලට උත්තර ලැබෙන්නෙත් නෑ ! ලංසා යන්නෙත් නෑ !

0

ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙන්නේ නම් තනතුරු අත්හැරීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පසුගිය දා පවසා තිබුණි

ඒ් මීගමුවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවලට අදහස් දක්වමිනි.

“දැන් රටේ ගෑස් නැහැ.මිනිස්සු පෝලිම්වල.ගෑස් ගෙදර අරන් ගියාම පුපුරනවා. මේවා වෙද්දි ලිට්ට්‍රෝ සභාපති බයිලා ගහනවා .මාධ්‍ය වලට ගිහිල්ලා හිනා වෙනවා. හරි නම් ඔය සභාපති ඉල්ලා අස් වෙන්න ඕන. නැත්නම් ගහලා පන්නන්න ඕන .

“සමහර ආයතනවලට පත් කරලා තියෙන්නෙ වගකීමක් නැති මිනිස්සු.කවුරුහරි වගකීමක් බාර ගත්ත නම් ඒක ඉෂ්ට කරන්න ඕන.”

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදි මිගමුවේ විපක්ෂ දේශපාලකයෙකු කියා සිටියේ මේ රජය යටතේ ජනතා ප්‍රශ්ණ විසදෙන්නෙත් නැ ලංසා තනතුරුවලින් යන්නෙත් නෑ යි කියාය.

FB පෝස්ට් ඒකක් ෂෙයාර් කළ කාන්තාවක් පොලිසි ගෙන යයි?

0

ජනාධිපති හු කිව්වේ යැයි කියන ෆේස්බුක් වල පළවු පුවත් සමාජ මාධ්‍ය තුල බෙදාහැරිමට කටයුතු කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කාන්තාවක් පොලිසියට රැගෙන ගොස් ප්‍රශ්ණ කර තිබේ.
මේ ප්‍රශ්ණ කිරිමෙන් පසු ඇය පැමිණ මාධ්‍ය හමුවේ රට තුල පවතින් බරපතල තත්වය ගැන කරුණු පැහැදිලි කර තිබුණි.
මේ අකාරයෙන් ෆේසු බුක් පිටු ඔස්සේ ජනතා අදෝනා බෙදා හරින ලද නැගෙනහිර ප්‍රදේශයේ පුද්ගලයන් රැසක් වසරක් යන තුරුත් සිරගත කොට තිබේ.

දකුණේ කාන්තාවක් පොලිසියට ගෙන ගොස් ප්‍රශ්ණ කර මුදා හැරුණද උතුරේ මෙන්ම නැගෙනහිර පුද්ගලයන්ට ඒ නිතිය ක්‍රියාත්මක නැත.යුද්ධයෙන් පිඩාවට පත්ව සිටින කදුළු සලසන මව්වරුන්ගේ ඡායාරුපයක් සිය ෆේස්බුක් පිටුව ඔස්සේ බෙදා හැරිමට කටයුතු කළ කෝවලන් නම් වාලච්චේන ප්‍රදේශයේ තරුණයෙකු දැනට වසරකට වඩා කාලයක් සිරගත කොට තිබේ.

එක රටක් නීති දෙකක් ඇති බව දිනපතා ඔප්පු වෙමින් තිබේ.

විඩියෝ ප්‍රකාශය

ඉතාලියේ පිමි පනිමින් ඉහල යන සිව්වන කොවිඩ් රැල්ල …

0

පසුගිය (28 වනදා ) පැය 24 තුළ ඉතාලියේ කොවිඩ් ආසාදිතයින් 78,313ක් හඳුනාගෙන ඇතැයි විවර නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
එම පුවතේ වැඩිදුරටත් සදහන් වන්නේ (නත්තල් දිනයේ 54,762ක ඉහල අගයක නව ආසාදිතයන් වාර්තා වූ පසුබිමක් තුල ඊයේ 30,810 ක් වාර්තා විය). සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත වලට අනුව, විපතට අද මරණ 202 ක් වන අතර, ඊයේ 142 ක් විය. Covid-19 වසංගතයේ සිව්වන රැල්ලේ අද වර්තවුයේ ඉහළම සංඛ්‍යා වයි . ගතවූ පැය 24 තුල PCR පරීක්ෂණ 1,034,677 සිදු කර ඇති අතර (ඊයේ 343,968 හා සසඳන විට)ඒ තුල ධනාත්මක වීමේ ප්‍රතිශතය 7.6% ක් ගෙන ඇති බවය..

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මුළු සංඛ්‍යාව 1,145 දක්වාඉහල ගොස් තිබේ .

හදිසි තත්ත්වය ආරම්භයේ සිට, Covid-19 5,756,412 දෙනෙකුට ආසාදනය වී ඇති අතර මරණ 136,955 දක්වා ඉහළ ගොස් තිබේ. අද වන විට ඉතාලියේ ධනාත්මක සංඛ්‍යාව 598,856 කි , ඊයේට වඩා 61,352 ක් වැඩිය.

නන්තල් නිවාඩුව සදහා ඉතාලියේ සිට මෙරටට පැමිණ ඇති ශ්‍රිලාංකිකයන් ආපසු ඉතාලිය බලා යන්නේ සිව්වන කොවිඩ් රැල්ල අවදානම් සහගත ලෙසින් ඉහල යමින් ඇති පසුබිමකය.

කොරෝනා සංඛ්‍යා ලේඛන අවුල් වෙද්දි එළිමහන් සංගීතවලටත් අවසර ..

0

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දෛනිකව නිකුත් කරන කොවිඩ් සංඛ්‍යා ලේඛන කිසිසේත්ම පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසා ඇතැයි නිව්ස් 19 වෙබ් අඩවිය වාර්තා කර තිබේ.එයට අනුව සංඛ්‍යා ලේඛන මගින් ප්‍රකාශයට පත් කරන ප්‍රමාණයට වඩා සමාජය තුළ දෛනිකව ආසාදිතයන් හමුවන බව‍යි ඔහු පෙන්වා දි තිබුණි.

එම තොරතුරු ජාතික සංඛ්‍යා ලේඛනවලට පැමිණීමේදී විකෘති වන තත්වයක් දක්නට ලැබෙන බවත් මේ ආකාරයෙන් වසංගත තත්වය පාලනය කිරීම අතිශය භයානක වියහැකි බව සභාපති උපුල් රෝහණ පෙන්වා දි ඇත.

මෙම තත්වය මත වසංගතය පාලනය වී ඇති බවට සාවද්‍ය මතයක් ජනතාව තුළ ඇතිව තිබෙන බවත් එහි අහිතකර ප්‍රතිඵලයක් ලෙස ජනතාව නොසැලකිලිමත් ලෙස හා අනාරක්ෂිත ලෙස කටයුතු කිරීමට පෙළඹෙන බවත් උපුල් රෝහණ මහතා සඳහන් කර ඇත.

පසුගිය දිනවලදී එම තත්වය රටපුරා දක්නට ලැබුණු බව පෙන්වා දෙන උපුල් රෝහණ මහතා පවසන්නේ ඒ හේතුවෙන් ඉදිරියේදී යළිත් අවාසනාවන්ත තත්වයක් උද්ගත විය හැකි බවයි.

මේ අතර කොවිඩ් වසංගතය හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් අත්හිටුවා තිබූ එළිමහන් සංගීත ප්‍රසංග පැවැත්වීමට අවසර ලබා දෙන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.

සෞඛ්‍ය මාර්ගඋපදේශවලට අනුව මෙම සංගීත ප්‍රසංග සංවිධානය කළ යුතු වන අතර ඒ සඳහා කාල රාමුද නිකුත් කර තිබේ.

ඒ අනුව,

සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා දිනවල රාත්‍රී 10.00 දක්වාත්,

සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1.00 දක්වාත්,

ඉරිදා දිනයේ රාත්‍රී 12. 30 දක්වාත් එසේ එළිමහන් සංගීත ප්‍රසංග පැවැත්වීමට අවස්ථාව ලැබී තිබේ.