Monday, September 23, 2024
Home Blog Page 21

මංගල, සංහිඳියාව සඳහා රන් සම්මානයෙන් පිදුම් ලබයි

0

දිවංගත මංගල සමරවීර මහතා සංහිඳියාව සඳහා කැපවූ රාජ්‍යතාන්ත්‍රිකයෙකු සඳහා Institute of Politics ආයතනය විසින්

ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන ‘සංහිඳියාවේ රන් සම්මානයෙන්’ පිදුම් ලැබිය.

2022 ජනවාරි 15 වන දින කොළඹ 07 ශ්‍රීලංකා පදනම් ආයතනයේදී පවත්වන ලද එම ආයතනයේ වාර්ෂික ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේදී මෙම සුවිශේෂී ඇගයීම සිදු කරන ලදී.

Institute of Politics ආයතනය දේශපාලනය, ආණ්ඩුකරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව හදාරණ පිරිස් සඳහා පාඨමාලා පවත්වන වෘත්තීමය ආයතනයකි.

එම ආයතනය විසින් දේශපාලනය තුළ සිටින පිරිස් හි වෘත්තීය භාවිතාවන් ආචාරධාර්මික කිරීම සඳහාත් ඔවුන්ගේ දැනුම කුසලතා හා ආකල්ප ප්‍රවර්ධනය සඳහාත් විවිධ වැඩසටහන් පවත්වනු ලබයි.

එමෙන්ම දේශපාලන ක්‍රියාධරයන්ගේ කාර්යක්ෂමතාව සහ  ඔවුන්ගේ ක්‍රියාදාමයන් හි ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් ඇගයීම ද මෙම ආයතනය විසින් සිදු කරනු ලබයි.

එම ආයතනයේ ප්‍රමුඛ අරමුණ වෘත්තීමය වශයෙන් ආචාරධාර්මික භාවය රැකගෙන දේශපාලනය කරන නූතන පරම්පරාවක් ගොඩනැගීම බව එම ආයතනයේ විධායක අධ්‍යක්ෂ සංජීව විමලගුණරත්න ප්‍රකාශ කර සිටී.

එම ආයතනයේ 2021/2022 ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේදී හිටපු අමාත්‍ය මංගල සමරවීර අගයමින් ඔහු විසින් ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා ගන්නා ලද අප්‍රතිහත නිර්ව්‍යාජ කැපකිරීම ලංකාවේ අනාගත දේශපාලන පරම්පරාවන්ට ආදර්ශයක් බව සංජීව විමලගුණරත්න මෙම උත්සව සභාව අමතමින් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී. 

 
Institute of Politics ආයතනයේ මෙම වාර්ෂික ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේ දී ආණ්ඩුකරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලාව හැදැරූ ඩිප්ලෝමාධාරීන් 50 දෙනෙකු ඩිප්ලෝමා ලබාගත් හ.

මෙහිදී දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් අතුරින් වඩාත් කාර්‍යෂමව පාර්ලිමේන්තු ක්‍රියාදාමයට සම්බන්ධවන මන්ත්‍රීවරුන් ඇගයීමක් ද සිදු විය.

එහිදී වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය අගයමින් කාන්තා දේශපාලන පීඨය විසින් පිරිනමන විශේෂ සම්මානය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය සහ රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය වෙත පිරිනමන ලදී.

Institute of Politics ආයතනය විසින් පිරිනමන වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ට හිමි සම්මානය අලි ශබ්‍රි අමාත්‍යවරයාට ද වසරේ තරුණ මන්ත්‍රීවරයා ට හිමි සම්මානය ශානකියන් රාසමානික්කම් මන්ත්‍රීවරයාට ද පිරිනමන ලදී.



ප්‍රජාතන්ත්‍රවාදයේ රන් සම්මානය කරු ජයසූරියට

මෙහිදී ජීවිතයේ එක් වතාවක් පමණක් institute of Politics ආයතනය ජ්‍යේෂ්ඨ දේශපාලන නායකයකුට පිරිනමන ප්‍රජාතන්ත්‍රවාදයේ රන් සම්මානය දේශබන්දු කරු ජයසූරිය වෙත පිරිනමන ලදී.


දේශපාලනය පිළිබඳව වෘත්තීයමය වශයෙන් හදාරන්නට උනන්දු සියලු දෙනාට institute of Politics ආයතනය විවෘත බව මෙහිදී එම ආයතනයේ සභාපති මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා අවධාරණය කරන ලදී.

theleader.lk

බොරැල්ල පල්ලියේ සන්ක්‍රිරිස්තියන් සහ දමිළ දේශපාලන සිරකරුවෝ ….

0

බොරැල්ලේ සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ අත්බෝම්බයක් තබා ගිය පුද්ගලයා අත්අඩංගුවට ගත් ආකාරය ගැන මාධ්‍ය හමුවේ විස්තර කළ පොලිස් ඇමති සරත් විරසේකරගේ ප්‍රකාශ හාස්‍යයට ලක්කරමින් කාර්දිනල් හිමියන් කියා තිබුනේ ඒ් කථා කොන්ඩේ බැදපු චීන්නුන්ට කියන ලෙසයි.
බෝම්බය තැබුවේ යැයි කියමින් පොලිසිය විසින් පල්ලිය‌ේ කටයුතුකරන පුද්ගලයෙකු ( සන්ක්‍රිරිස්තියන් ) ව අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගන්නා විදිය ගැනද පොලිසියට අවශ්‍ය දේවල් ඔවුන් ලවා කියවාගෙන අත්අඩංගුවට ගන්නවා යැයි කියන පැහැදිලි මතයක් කාලයක් තිස්සේ සමාජ ගතව තිබියදි කාර්දිනල් මැල්කම් රංජිත් හිමියන් විසින් එය සනාථ කරමින් පසුගිය දිනවල දිගින් දිගටම කරුණු දක්වා සිටියේය .

පාස්කු ප්‍රහාරයට දින 1000 සපිරෙන්නට ඔන්න මෙන්න කියා තිබියදි බොරැල්ල පල්ලියේ අත්බෝම්බ කථාව මතුවිමද විශේෂත්වයකි.

කෙසේ වෙතත් කාර්දිනල් හිමියන්ගේ ප්‍රකාශයෙන් පැහැදිලි වු පොලිස් නිලධාරින්ගේ සැකකරුවන් අත්අඩංගුවට ගැනිමේ හා රදවා ගැනිමේ කමකට නැති වැඩපිළිවෙල තුලින් මේ වන විට ඉතා විශාල අහිංසකයන් පිරිසක් හිරගෙවල් වල ලගිති.

මේ අය අතර නඩු නැතිව වසර ගණනක් තිස්සේ සිරගතව සිටින දමිළ දේශපාලන සිරකරුවන්ද වෙති.ඒහෙත් අවාසනාව වන්නේ ඒ් අය වෙනුවෙන් මේ ඇත්ත කියන්නට ආගමික නායකයන් වත පෙරට නොපැමිණිමය.

සෞඛ්‍ය අංශ වලින් රතු එළියක් ! දැඩි සත්කාර ඇදන් පිරෙයි…

0

මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රෝහල් තුළ කොවිඩ් වෛරස ආසාදිතයින් ප්‍රතිකාර කිරීම සදහා වෙන්කර ඇති දැඩි සත්කාර ඇදන් 70න් 52ක්ම මේ වන විට පිරී ගොස් ඇති බව සෞඛ්‍ය අංශ විසින් දැනටමත් පවසා තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොවිඩ් 19 පිළිබද රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය අන්වර් හම්ඩානි මහතා පැවසුවේ පසුගිය කාල සීමාවට වඩා මෙම කාලයේදී ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේද යම් වර්ධනයක් පෙන්නුම් කරන බවය.

එමෙන්ම මෙරට රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම කොවිඩ් රෝගීන් සදහා 15,000ක ඇදන් ධාරිතාවයක් පවතින අතර, ඉන් 30%ක පමණ රෝගීන් ගිලන්ව ප්‍රතිකාර ලබන බව වෛද්‍යවරයා පෙන්වා දි තිබුණි.

ඔමික්‍රොන් වෛරස ප්‍රභේද ව්‍යාප්තිය හමුවේ කොවිඩ් මර්ධන එන්නත්කරණයට යොමුවීම ඉතා වැදගත් බව ද එන්නත්කරණයට යොමු වන ලෙසට වෛද්‍ය අන්වර් හම්ඩානි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අධික ලෙස බෝවන Omicron ප්‍රභේදය හේතුවෙන් රට තුළ COVID-19 ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද (GMOA) අද අනතුරු ඇඟවා තිබුණි .

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොලඹගේ පැවසුවේ දිගු සති අන්තයේ ජනයා රැස්වෙන අවස්ථා රැසක්ම තිබිම හේතුවෙන් ඉදිරි සති දෙක තුළ දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි. GMOA පවසන පරිදි Omicron ප්‍රභේදය හේතුවෙන් ලොව පුරා ආසාදනය විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර, විශේෂයෙන් එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ කැනඩාව යන රටවල ආසාදනවල වැඩිවීමක් ශ්‍රී ලංකාවේ ද දක්නට ලැබෙන බව GMOA පවසයි. එබැවින් උත්සව නිවාඩුවෙන් පසු ජනතාව තම එදිනෙදා කටයුතුවලට යොමුවන බැවින් මේ දිනවල අවධානයෙන් පසුවන ලෙස රජයට සහ ජනතාවට උපදෙස් දෙන බවද ඔහු පැවසීය. අධික ලෙස බෝවන Omicron ප්‍රභේදය හේතුවෙන් ආසාදන සංඛ්‍යාව ඉහළ යාමේ හැකියාවක් පවතී. එබැවින් දරුවන්ට එන්නත් ලබාදීමට උනන්දු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දෙමාපියන්ට සහ ගුරුවරුන්ට උපදෙස් දී ඇත.
මේ අතර මාධ්‍ය වාර්තා කර තිබුනේ රටපුරා ජනයා කොවිඩ් අවදානම නොතකා සමුහ වශයෙන් රැස්වෙන් අවස්ථාවන් වැඩිවෙමින් පවතින බවය.
.

නීලා වික්‍රමසිංහ මිය යයි ….

0

මිලානෝ කොන්සල් ජෙනරාල් නීල වික්‍රමසිංහ අද දින ඇතිවූ හෘදයාබාධයක් නිසා මිලාන් නගරයේ රෝහලකදී මෙලොවින් සමුගෙන තිබේ.
ඇය මිලානෝ නුවර නව කොන්සල් ජෙනරාල්වරිය ලෙස වැඩ භාරගත්තේ මීට දින කිහිපයකට ඉහතදීය.
‘පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ’, ‘මාස්ටර් සර්’, ‘සිලිං බිලිං’, ‘බලා හිඳිමි දුර ඈතක’, ‘චාමර සැලුණාවේ’, ‘වියෝ ගී ගැයෙනා හදේ’, ‘හිරුට අයිති බව’, ‘ඔබගෙ සෙවණේ රැඳෙන සහනේ’, ‘දවසක් දා රෑ වසන්ත සැණකෙළියේ’, ‘දරුවෝ ඇති අම්මාලා’, ‘බෝධියේ විහාරයේ’, ‘පෙම් සිළිලාරේ’, ‘පාරමී දම් පුරමු අපි දෙදෙනා’ ආදී ගීත විශාල සංඛ්‍යාවක් ඇය විසින් ගායනා කර ඇත.
කොළඹ විශාඛා විද්‍යාලයේ සහ බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලයේ  සංගීත ආචාර්යවරියක ලෙස ද ඇය සේවය කළාය

ආදීවාසීන්ගේ තෛයිපොංගල් සැමරුම….

0

ආදිවාසීන්ගේ තෛයිපොංගල් උත්සවය පසුගිය 16 වනදා වාකරෙයි හිදී ඔවුන්ගේ සංස්කෘතික උත්සව සමඟ පැවැත්විණි.
ආදිවාසීන්ගේ ප්‍රධානී නල්ලතම්බි වේලායුදන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය ප්‍රාදේශීය ජන කොටස් සමග සාමුහිකව සිදුවූ අතර ඔවුන්ගේ සංස්කෘතීයට අනුව ‘මල් පාන’ ‘පොංගල් ඉට්ටු සූර්ය දෙවියන්ට ස්තුතිය’ සිදුකරන ලදී.

සිටිසන්පොස්ට් –

ක්‍රීඩා ඇමැති නිසා උතුරේ ජාත්‍යන්තර සැණකෙළියකට බාධා

0

යුද පීඩිත දෙමළ ජනතාවගේ විරෝධය නොතකා ආණ්ඩුවේ ඇමැතිවරයකුට ඇරයුම් කිරීම නිසා උතුරේ පැවත්වෙන ජාත්‍යන්තර සැණකෙළියක් දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.


දෙමළ ජාතික දේශපාලඥයන්ගේ හා විදෙස්ගත යුද පීඩිතයන්ගේ විරෝධය එල්ලවීමට හේතුවුයේ වැල්වැටිතුරේ විග්නේශ්වරා සමාජ සේවා මධ්‍යස්ථානය හා එක්ව වල්වෙයි `නැගෙන හිරු`  ක්‍රීඩා සමාජය ජනවාරි 15 වැනිදා පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සරුංගල් සැණකෙළියේ ආරාධිත අමුත්තා ලෙස ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්‍ෂට ඇරයුම් කිරීමය.

කෝවිඩ් රෝගය පැතිර යාමත්, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශය සමග සරුංගල් සැණකෙළිය පැවැත්වීම ගැන එල්ල වූ ජනතා විරෝධයත් සැලකිල්ලට ගනිමින් එය තාවකාලිකව නවතා දැමීමට සංවිධායකයන් තීරණය කර තිබේ.

”දෙමළ ජනයාට එරෙහිව සංහාරයක් දියත් කොට, එක්ව කටයුතු කළ නොහැකි අයුරින් දෙමළ හා සිංහල ජනයා අතර විරසකයක් ගොඩ නැගු මේ ආණ්ඩුවේ නියෝජිතයන් ප්‍රධාන ආරාධිතයන් ලෙස සරුංගල් සැණකෙළියට ඇරයුම් කිරීම අපි හෙළා දකිනවා,“යැයි දෙමළ ජාතික ජනතා පෙරමුණ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් හා සෙල්වරාජා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුත් නිවේදනයක් මගින් සිය විරෝධය පළ කර තිබුණි.

දෙමළ ජන සංස්කෘතිය පිළිබිඹු කරන වැල්වැටිතුරේ සරුංගල් සැණකෙළිය කාලයක් පුරා සාර්ථකව පවත්වා ගෙන පැමිණිය ද මෙවර සංවිධායකයන් රජයේ හවුල්කාර පාර්ශවයක ගැටයකට හසුවී ඇති බව දෙමළ ජාතික ජනතා පෙරමුණ පෙන්වා දුන්නේය. ඔවුන් සංවිධායකයන්ගෙන් ඉල්ලා සිටියේ ආණ්ඩුවේ නියෝජිතයන්ට හා හවුල්කරුවන්ට මේ සඳහා ඇරයුම් කිරීමට ගත් තීන්දුව යළි සළකා බලන ලෙසයි.

වැල්වැටිතුරේ පිහිටි දෙමළ ජනතා පක්ෂ කාර්යාලයට උතුරේ මාධ්‍යවේදීන් කැඳවූ එහි ප්‍රධාන ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් ඉල්ලා  සිටියේ කෝවිඩ් 19 හා ඔමික්රෝන් වයිරසය ව්‍යාප්ත වන බැවින් සරුංගල් සැණකෙළිය දින නියමයක් නොමැතිව කල් දමන ලෙසයි.

”පවතින වාතාවරණය යටතේ සරුංගල් සැණකෙළිය පවත්වනවා නම්, වී. වී. ටී. නගර සභාව ඒ ගැන සුදුසු  පියවරක් ගන්න ඕනෑ,” යැයි සිවාජිලිංගම් එහිදී පැවසීය.

වැල්වැටිතුරේ නිජබිම කරගත්, යුද්ධය හේතුවෙන් දිවි ගලවා ගැනීමට විදේශයන්ට පළාගිය දෙමළ ජනයාගේ සංවිධාන වන ජර්මනියේ වල්වෙයි සමාජය, ප්‍රංශයේ වල්වෙයි සුභ සාධක සංගමය, ඕස්ට්‍රේලියාවේ වල්වෙයි සමාජය, කැනඩාවේ මොන්ට්‍රියෙල් වල්වෙයි ජනතා සංගමය,  බ්‍රිතානයේ වල්වෙයි `ශයිනින්` ක්‍රීඩා සමාජය සහ කැනඩාවේ `බ්ලුස්` ක්‍රීඩා සමාජය සරුංගල් සැණකෙළියට ඇමැති නාමල් රාජපක්‍ෂට ඇරයුම් කිරීමට විරෝධය දක්වා තිබිණි.

වැල්වැටිතුරේ හැඳින්වීම සඳහා වල්වෙයි නම භාවිතා කෙරේ.
theleader.lk

නැගිටිමු, එක්ව සටන් වදිමු: පුළුල් බහුජන ව්‍යාපාරයක් ඇති කර ගැනීමේ අභියෝග සහ අවස්ථා- රංජිත් හේනායක ආරච්චි

0

පසුගිය සති ගණනාවකට උඩ දී මා විසින් ලියන්නට යෙදුන ලිපි දෙකක මා ඉදිරිපත් කලේ අද ලංකා සමාජය ගිලී ඇති ගැඹුරු දේශපාලන ආර්ථික අර්බුදය හමුවේ ඊට විසඳුම ලෙස පුළුල් බහුජන ව්‍යාපාරයක අවශ්‍යතාවය ගැනයි. එම ව්‍යාපාරය දේශපාලන බලය පෙරලීම හෝ බලය ඇල්ලීමට එහා ගිය ප්‍රතිපත්තිමය, එසේ නැත්නම් ජනතාවගේ උවමනාවන් මුල් කරගෙන ගොඩ නැගුණු බහුජන ව්‍යාපාරයක වීමේ අවශ්‍යතාවය පිළිබඳවයි.

මෙරට පක්ෂ දේශපාලනයෙහි ඇති ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ නැත. ඒවා උද්දච්චය. බලයට පැමිණි වහාම තමන් දුන් පොරොන්දු කුණූ කූඩයට දමයි. අධිකාරීවාදී ලෙස කටයුතු කරන්නට පටන් ගනී. එම නිසාම බලයට පත්වන ආණ්ඩු වලට බලපෑම් කළ හැකි, ඒවාට අභියෝග කළ හැකි, බලයක් ලෙස බහුජන ව්‍යාපාරයක් ගොඩනැගීම මා දකින අන්දමට අද ලංකාව තුළ ඇති දේශපාලන ප්‍රශ්නයට සහ අර්බුදයට ඇති මූලික විසඳුම බවයි.

ලාංකීය දේශපාලනය පත්ව ඇති අර්බුදය දවසින් දවස උග්‍ර වෙමින් පවතින නිසා ඊට පිළිතුරක් ලෙස ජනතාවගේ උවමනාවන් පෙරදැරි කරගත් ඒවා මුල් කරගෙන ගොඩ නැගුණු බලවේගයක් බවට ජනතා ව්‍යාපාරය පත්වීම මෙම අර්බූදය ජයගත හැකි විසදුම ලෙස මම දකිමි.

“අපේ මූලික ප්‍රශ්ණ වලදි අප සියලු දෙනාට එකඟ විය හැකි පොදු ගුණාකාරයක් ඇත. ඒ වාගේම අපි විවිධ කාරණාවන් වල දී විවිධ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින හෙයින් එහි විවිධත්වයක් ද ඇත. නමුත් සියලුම කාරණා වල මූලික පොදු ගුණාකාරය වන්නේ වත්මන් ලංකා ආණ්ඩුවට ඇති විරෝධය සහ එහි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයයි.”

එමෙන්ම එසේ දේශපාලන බලවේගයක් ලෙස පුළුල් ජනතා සංවිධානයක් ගොඩනඟා ගැනීමේදී අද මතු වී ඇති අභියෝග සහ අවස්ථාවන් මොනවාද යන්න අප ගැඹුරින් සාකච්ඡා කළ යුතු යැයිද මම විශ්වාස කරමි .

අරගලයේ ස්ත්‍රී භූමිකාව පෙරට ගත් යුතුමය

මට වැටහෙන ආකාරයට අද ලංකා ආණ්ඩුවට සහ ආණ්ඩු කරණයේ ඇති නොයෙකුත් දූෂණයන්ට එරෙහිව පැතිරුණු විරෝධයක් සමාජය තුළ මතුව තිබේ. විවිධ කණ්ඩායම්, විවිධ එකතූන්, වෘත්තිය සමිති හෝ අනෙකුත් අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් තමන්ගේ වූ අරගල, විරෝධය පෑම් සිද්ධි වාචක ලෙස තැනින් තැන කලින් කළ කරමින් පවතී.

වරෙක පොහොර ප්‍රශ්නය වෙනුවෙනි. තැනෙක ගුරුවරුන්ගේ අයිතීන් වෙනුවෙනි. වෙනත් තැනක වතු කම්කරුවන්ගේ පඩි ප්‍රශ්න වෙනුවෙනි. නැත්නම් ජනවාර්ගික කණ්ඩායම් වල අයිතීන් වෙනුවෙනි. තවත් විටක යුද සමයේ සිදු කරන ලද අපරාධයන්ට යුක්තිය ඉල්ලමිනි. තවද නීතිය අව භාවිතා කිරීමට එරෙහිව ද, ස්ත්‍රී අයිතීන් ආදී මෙකී නොකී ආකාරයන්ගෙන් රට තුළ විවිධ උද්ඝෝෂන සහ හඬ මතුව සහ මතුවෙමින් පවතී.

තැනක එම හඬ හූ හඬක් පත් වන අතර, තැනක ඒ හඬ පෙළපාළියක් බවට පත්ව ජනාධිපති, අගමැති හෝ මැති ඇමතිවරුන්ගේ පඹයින් පුච්චා දමන තත්ත්වයට උත්සන්න වී ඇත. තැනක මතුවන හඬ සමව තවත් තැනෙක ඒ ආකාරයෙන්ම මතු වූවා වුවත් මේ හඩවල් අතර, මේ නැගිටීම් අතර, වෘත්තිමය වශයෙන් ලොඩ නැගී ඇති සමගිය ඉක්මවා ගොස් වෘත්ීන් අතර සහ විරෝධතා දක්වන ජන පිරිස් අතර සම්බන්ධීකරණයක්  ගොඩනැගී නොතිබීම අප මුහුණ දෙන ප්‍රධානම ගැටළුව බව මගේ වැටහීමයි.

බලය ලබා ගෙන ප්‍රශ්ණ විසඳන පක්ෂ දේශපාලන විසඳුම

මීට අමතරව විවිධ පක්ෂ අද පවතින අර්බුදයට විසඳුම ලෙස තමනට බලය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව පෙනෙන්නට තිබේ. ඔවුන් අපට කියන්නේ තමන් බලයට පත් වූ විට මේ ප්‍රශ්ණ සියල්ල විසඳන බවයි. ඒ කිසිවකු ස්වාධීන සිවිල්, පුරවැසි, ජනතා ව්‍යාපාරයක් ගැන කතා නොකරයි.

අප හොඳින් දන්නා අයුරින් අද පවතින අර්බුදය එක දේශපාලන පක්ෂයක හෝ එක දේශපාලන කණ්ඩායමක වැරැද්දෙන් සිදුවූ දෙයක් නොව දීර්ඝකාලීන දේශපාලන ක්‍රියාවලියේ  දුර නොදැක්ම, අවස්ථාවාදීත්වය, වර්ගවාදය, බහුතරවාදය, නොහැකියාව සහ දූෂණය  යනාදී සාධක ගණනාවක් නිසා මතුව ඇති අර්බුදයකි.

මෙරට දේශපාලන පක්ෂ හෝ දේශපාලඥයන් රටෙහි සහ ජනතාවගේ උවමනාවන් වෙනුවෙන් පෙනී සිටීම වෙනුවට තම බලයේ රැදී සිටීමත් එමගින් පෞද්ගලික ලාභ උපයා ගැනීම සිය අරමුණ බවට පත් කරගෙන සිටීම මෙම අර්බුදයේ මුල බව අපට පැහැදිලිය.

දශක ගණනාවක් සිර භාරයේ සිටින දෙමළ දේශපාලන සිරකරුවන් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන න්‍යාය පත්‍රයක අත්‍යවශය කොටසක් විය යුතුය.

මෙයට හොඳම නිදසුනක් නම් 1959 සිට අද දක්වාම මෙරට පාලක පංතිය  විසින් විකුණාගෙන කන බහුතර වර්ගවාදී දේශපාලනය සහ ගැති-ඥාති සංග්‍රහ දේශපාලනයයි.

රටෙහි ජන පදනමක් ඇති දේශපාලන පක්ෂ සියල්ලම ‍ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවක් නැති  දේශපාලන පක්ෂයන්ය. ඒවා පාරදෘශ්‍ය ද නැත. ඒවා තුල තිබෙන අක්‍රමිකතා සහ නිර්-ප්‍රජාන්ත්‍රවාදී වැඩ ශෛලිය නිසා ඒවා තුළ කූඨ ජාවාරම් මුල්තැන ගෙන තිබේ.

මෙම පක්ෂ වල  නායකත්වය ඇතුළු බොහෝ දෛනෙකුට ප්‍රජාතන්ත්‍රවාදය යනු වචනයක් මිස ක්‍රියාදාමයක් නොවේ. ඔවුන් සියල්ලන්ගේම අරමුණ වී ඇත්තේ දේශපාලන බලය තම අතට ගැනීම තුළින් රටෙහි සම්පත් තමන්ගේ සුඛ විහරණය සඳහා යොදා ගැනීමයි.

මහජන අවබෝධය දේශපාලන බලවේගයක් බවට ‌ෙවර්ධනය කිරීම

මා දන්නා තරමින් ජනයාගෙන් විශාල ප්‍රමාණයක් මෙම කාරණය තේරුම් ගෙන සිටිති. එනමුත් එම අවබෝධය දේශපාලන බලවේගයක් බවට පත්ව නැත.

එම හිඩැස පිරවීමට  නම් සිදුවිය යුත්තේ නැවත සිතා බලමින් ඉදිරියට යන දේශපාලන බලවේගයක් ලෙස සිවිල් ව්‍යාපාරය නැත්නම් පුරවැසි පිරිස් සංවිධානය වීමයි. මෙහිදී නැවතත් මතුවන ප්‍රශ්නය වන්නේ දේශපාලන බලය පෙරළීම හෝ අල්ලා ගැනීම නො වන දේශපාලනයක් සඳහා ජනතාව ඒකරාශි වෙන්නේ කෙසේද එසේ විය හැකිද යනාදියයි.

සිවිල් විරෝධතා සම්බන්ධිකරණයක් නැතිව ගිය හොත්

ඇත්තෙන්ම තැන තැන මතු වන නැගිටීම්, හූ හඬ, කඩින් කඩ ඇතිවන පෙළපාලි මේ සියල්ලකින්ම කියා සිටින්නේ ජනයාගේ විරෝධය ප්‍රකාශ කිරීමයි. මෙසේ නැගිටින ජනතාව එක ජාලයකට සම්බන්ධ වී මූලික උවමනාවන් පෙරදැරි කරගත් සංවිධානයක් බවට පත්නොවී අයාලේ විරෝධතා දැක්වීමක් හෝ නැගිටීමක් හෝ ඇති වුවහොත් විය හැක්කේ විශාල මර්දනයක් මගින් ඒවා අඩපණ කර දැමීමයි. එසේත් නැතිනම් එම විරෝධයෙන් අයථා ප්‍රයෝජන ගන්නා වෙනත් අවස්ථාවාදී දේශපාලන කණ්ඩායමක් තමන් බලය තහවුරු කර ගැනීමයි.

එසේ තහවුරු කර ගන්නා බලය ඊළඟට මේ තිබුණු ආකාරයෙන්ම, එසේ නැත්නම් ඊටත් වඩා නරක ආකාරයකින් බලය අවභාවිත කිරීම, රාජ්‍ය දේපළ අවභාවිත කිරීම, ජනතාව මත මර්දනය පැටවීම යනාදිිය කරා වර්ධනය වනු ඇත. ලෝකයේ එයට ඕනෑ තරම් උදාහරණ ඇත.

ඊ්ඣිප්තුවේ  ඒ් සා බලවත් වසන්ත නැගීටීම අවසාන් වූයේ හමුදා ආණ්ඩුවකට පාර කැපීමෙනි.

ඊජිප්තුවේ වසන්ත ජනතා නැගිටීම ප්‍රයෝජන ගත් කොටස වූයේ  ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයක් සහ දැක්මක් තිබූ කණ්ඩායම් නොව ඊටත් වඩා පසුගාමි “මුස්ලිම් සහෝදරවය” වැනි කණ්ඩායම්ය. ඒ තත්වය ප්‍රයෝජනයට ගනිමින් හමුදා නායක ජෙනරල් සිසී ගේ නායකත්වයෙන් හමුදාව නැවතත් බලයට පත්වීමට සමත් විය.

ඒ නිසා ලොව විවිධ තැන්වලින් ලබන අත්දැකීම් වලින් ප්‍රයෝජන ගනිමින් අප කළ යුතුව ඇත්තේ රට තුළ මතුව ඇති විවිධ ප්‍රශ්න වල පොදු ගුණාකාරය වටහා ගෙන මෙම පොදු ගුණාකාරය මත එක පෙළකට සංවිධානය කර ප්‍රතිපත්තිමය ලෙස  ජනතාවගේ උවමනාවන් සහ අයිතීන් උදෙසා පෙළ ගැසී සංවිධානගත වීමයි.

මෙවැනි විශාල බහුජන සංවිධානයක් ගොඩ නැගිමට අපට හැකි නම් දේශපාලන පක්ෂයන්ට  එනිසාම තමා සිටින තත්ත්වයෙන් වෙනස් වී ඊට එහා ගිය වැඩපිළිවෙළකට සහ සංවිධාන රටාවක ට ඒමට අනිවාර්ය බල කිරීමක් බවට පත්වීමට බෙහෝ දුරටම ඉඩ තිබේ. එසේම ඡන්දයෙන් පසු බලයට එන රජයක් තමන් දුන් පොරොන්දු ඉටු කරමින් ක්‍රියා නොකරන්නේ නම් එයට බල කිරීමේ බලවේගයක් ලෙස  එවැනි සංවිධානයවූ පොදු ජන බලවේගය දිගටම පවතිනවාද ඇත. එය අත්‍යාවශ්‍ය කාරණයකි.

එක් ජාලයකට ගොනු කරගත හැකිද?

නමුත් මෙහිදී නැගෙන ප්‍රශ්නය වන්නේ දැනට තැන තැන උද්ඝෝෂණ කරන, හූ කියන, විරෝධය ප්‍රකාශ කරන,  යුක්තිය ඉල්ලා සිටින  විවිධ ජනතා විරෝධයන් එක ජාලයකට ගොනු කර ගන්නේ, නැත්නම් පොදුජන බලවේගයක් බවට පත් කර ගන්නේ කෙසේද යන්නයි.

මෙහිදී මෙම විවිධ සටන් වලට හේතු වී ඇති නීතිය මත පාලනය, ප්‍රජාතන්ත්‍රීය අයිතීන්, ජනවාර්ගික අයිතීන්, ස්ත්‍රී අයිතීන්, විවිධ වෘත්තිකයන් ගේ වෘත්තීය අයිතීන්, පාරිසරික අයිතීන් ආදී මෙකී නොකී විවිධ ජන උවමනාවන් වෙනුවෙන් එක බලවේගයකට ඒමට අවශ්‍ය මූලික කාරණාවන් එකට ගොනු කර ගැනීමයි.

එසේ නැත්නම් ආණ්ඩුවෙහි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් පිළිබඳව එක්ව කතා කිරීම තුලින් මෙම සෑම අරගලයකට ම හේතු වී ඇති, මේ සියලු ප්‍රශ්න වලට පොදු වන කාරණය එකක් වන පොදු සාධකය තේරුම් කිරීම සහ තේරුම් ගැනීම තුළින් ඇති වන සංවිධානයක් බවට මෙම බලවේග පත්කර ගැනීමයි.

ඇත්ත වශයෙන්ම මෙම පොදු බලවේගයක් ගොඩ නැගීමේ දී අපට වැදගත් වෙන්නේ නායකයින් වෙනස් කිරීම එසේ නැත්නම් දේශපාලන නායකයින් වෙනස් කිරීමක් අරමුණු කරනවා වෙනුවට ජනතාව වෙනස් කරගැනීමේ වැඩපිළිවෙළක් දෙසට ගමන් කිරීමයි. ප්‍රජාතන්ත්‍රවාදය හඳුනා ගත් සහ තේරුම් ගත් ජනතාවක් ඉදිරියේ නිර්-ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ සහ ඒවායෙහි නායකයින්ට සැඟවිය නොහැක. ඔවුන් තම පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයකට ප්‍රති සංවිධානය කර නොගන්නේ නම් ඔවුනට ජනතාවගේ ඡන්දය නොලැබෙන බවට අප සහතික කළ යුතුය. ඒ නිසාම ඔවුනට තම දේශපාලන ප්‍රතිපත්ති සහ පක්ෂ වැඩපිළිවෙලවල් වෙනස් කර ගැනීමට සිදුවනු ඇත

සංවිධාන අතර එකතුවක් ඇතිවී ජාලගත වීම පිළිබඳව ඇති ප්‍රශ්නයේදී අපට ඇති ප්‍රධාන බාධකය මා සිතන පරිදි අපට පෙනෙන අයුරින් ලංකා සමාජය තුළ පුරුදු වී ඇති තනි තනිව වැඩ කිරීමට ඇති ඇබ්බැහි යයි.

අපේ මූලික ප්‍රශ්ණ වලදි අප සියලු දෙනාට එකඟ විය හැකි පොදු ගුණාකාරයක් ඇත. ඒ වාගේම අපි විවිධ කාරණාවන් වල දී විවිධ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින හෙයින් එහි විවිධත්වයක් ද ඇත. නමුත් සියලුම කාරණා වල මූලික පොදු ගුණාකාරය වන්නේ වත්මන් ලංකා ආණ්ඩුවට ඇති විරෝධය සහ එහි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයයි. අප කළ යුතු වන්නේ අප අතර ඇති සුළු සුළු වෙනස්කම් නිසා ඇතිව තිබෙන ගැටලු අමතක කර අපේ මූලික කාරණාවල දී අප ප්‍රශ්න තුළ ඇති ප්‍රධාන සම බව හඳුනා ගෙන ඒ සඳහා එකතු වීමයි.

පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී සමුළුවක් කරා

එහිදී මෙම කාරණයට මුලින්ම යම්කිසි කණ්ඩායමක් නායකත්වය දිය යුතු බව පැහැදිලිය. ඒ සඳහා යම්කිසි කොටසක් මුලින්ම විවිධ කණ්ඩායම් අතරින් කොටසක් තෝරා ගෙන එක තැනකට ආරාධනා කළ හැකිය. ඒ තෝරා එකතු වන කණ්ඩායම අතරින් තෝරා ගන්නා යම්කිසි කමිටුවක් හෝ එවැනි කණ්ඩායමක් එතනින් එහාට වැඩ කිරීමේ වැඩපිළිවෙළ තීරණය කල යුතු බව මගේ වැටහීමයි. මෙම කණ්ඩායමට අනිවාර්යෙන්ම පිරිමින්, ස්ත්‍රීන්, විවිධ ජන කණ්ඩායම් වල නියෝජනය වීමක් සහ තරුණ කොටස් අයත් විය යුතු බව ආරම්භයේ සිට ම තේරුම් ගත ගැනීම වැදගත්ය.

සමහර විට මෙවැනි ආරම්භයක් “ ප්‍රජාතන්ත්‍රවාදී සමුළුව”ක ආකාරය ගත හැකිය. එවැනි මූලිකත්වයක් ආරම්භයේ සිටම ස්වේච්ඡකත්වය  සහ ස්ව-ශක්තිය මත රැදි සිටීමද වැදගත්ය. කෙටියෙන් එය තවත් රාජ්‍ය නොවන ව්‍යාපෘතියක් නොවිය යුතු බව මගේ වැටහීමයි.

අපට දේශපාලනය වෙනස් කළ හැක්කේ අප වෙනස් වීමෙනි. ජනතාව වෙනස් කිරීමෙනි. අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජනතාවක්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ජනතාවක් සහ සංවිදාන රටාවක් ඇතිකර ගන්නා තුරු අප රටේ දේශපාලනයේ වෙනසක් ඇති වේ යැයි මම නොසිතමි. අපට ඇති එකම විසඳුම අපි අපම සංවිධානය වීමයි.

මා මෙසේ කියන විට ඔබට මා සිහින දකිති සිතිය හැක. මා මෙන් තවත් දස දහස් ගණනක් ඒ සිහිනයේ සිටින බව අමතක නොකරන්න. මගේ මේ ලිපිය අවසන් කිරීමට මම ජෝන් ලෙනන් නැමැති ඒ විශිෂ්ට කලා කරුවාගේ ගීතයෙහි කොටසක් මෙහි උපුටා දක්වමි.

සිතන්න, හැම ජනයාම
එකම ලෝකයක් බෙදා ගෙනැතියි කියා,

මා සිහින දකින්නෙකැයි ඔබ කියන්න පුලුවන්,
ඒත් ඒ මං විතරක් නම් නොවෙයි!
ඔබත් දවසක අප සමග එක්වේ යැයි මගේ පැතුමයි
ඉතිං  එවිට ලෝකය එකම එක ලෝකයකි!

Imagine all the people
Sharing all the world, you

You may say I’m a dreamer
But I’m not the only one
I hope someday you’ll join us
And the world will live as one

srilankabrief.org

අද රටටම බලපා ඇත්තේ යුද සමයේ දෙමළ ජනයා විඳි ආර්ථික පීඩාව ද?

0

ආර්ථික අර්බුදයට හේතුව සිංහල බෞද්ධ ආණ්ඩු මගින් දෙමළ ජනයාට එරෙහිව ගෙන ගිය යුද්ධය යැයි උතුරේ දේශපාලන සංවිධානයක් පෙන්වා දී තිබේ.

”කෝවිඩ් 19 වයිරසය පැතිරීම තමයි මේ ආර්ථික පසුබෑමට එකම හේතුව යැයි ආණ්ඩුවේ ප්‍රධානීන් ජප කරන්න පටන් අරන්. ඒක විතරම ද හේතුව. පහුගිය අවුරුදු 30 ක් ම මේ ගොල්ලන් ඩොලර් බිලියන ගානක් වියදම් කරලා යුද්ද කරාපු එක. ඒ මුදල් රටේ ආර්ථික සංවර්ධනයට දැම්මා නම් අද ලංකාව ස්වර්ගයක්,” යැයි ඊළාම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන EPRLF නායකයා පෙන්වා දෙන්නේ, සිංහල බෞද්ධ ආණ්ඩු දෙමළ ජනයාව යුද්දය මගින් යටත් කර ගැනීමට යාම නිසා දශක කිහිපයක්ම ඔවුන් ජිවත් වුයේ ආර්ථික සම්බාධක යටතේ බවය.

මාධ්‍ය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ගෞතම බුදුන්වහන්සේගේ නියමය පරිදි බෞද්ධ භික්ෂුන් ආහාර පාන සොයා ගැනීමට පාත්‍රය ද රැගෙන පින්ඩපාතයේ වඩින්නා සේ, මේ සිංහල බෞද්ධ ආණ්ඩුවද බංගලාදේශය, ඉන්දියාව හා චීනය හරහා ලෝ වටා සිඟමනේ යමින් රටේ ජනතාව ද සිඟමන් යදින තැනට පත්කර ඇති බවය.

”ගෙල බැඳී තැල්ල විකුණා තමයි යුද්ධයේ අවසන් කාලයේ දරුවන්ට කිරිපිටි සොයා ගන්න සිදු වුනේ. කැඳ වලින් අපේ ජනතාව බඩගින්න නිවා ගත්තේ. පොඩි `ඔපරේෂන්` එකකින් සුව කරන්න පුළුවන් තුවාලවලට බෙහෙත් නැති කමින් අත් පා ඉවත් කරන්න පවා සිදු වුණා. ඒ වගේ දුෂ්කර තාවයක අපේ ජනතාව හිටියේ. අද ඒ තත්වය මුළු මහත් රටේ ජනතාවටම මුහුණ දෙන්න වෙලා,” යැයි සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි.

ආණ්ඩුව පවසන පරිදි  යුද්ධය අවසන් වුවාට පසුව ද ආරක්ෂක වියදම් ඉහල දමා ඇත්තේ යුද ණය ගෙවීමටය. දැනට වසර 12 ක් ගතවී ඇතත් යුද ණය ගෙවා දැමීමට නොහැකිවූයේ මන්දැයි EPRLF සංවිධානය සිය මාධ්‍ය නිවේදනය මගින් ප්‍රශ්න කරයි.

”ලංකාව වගේ කුඩා රටකට ලක්ෂ තුනක හමුදාවකුත්, ඊට අමතරව ගුවන් හා නාවික හමුදාත් නඩත්තු කරන්න වැය කරන මේ අධික වියදම ගැන ආණ්ඩු පක්‍ෂය වගේම විපක්ෂයත් කවදාවත් කතා කරන්නේ නැහැ,” යැයි ඊළාම් ජනතා විප්ලවකාරී විමුක්ති පෙරමුණේ නායකයා චෝදනා කරයි
theleader.lk

ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නැගෙනහිර ජන ජීවිතයට ගැටළු රැසක් ..

0

අම්පාර දිස්ත්‍රික්කයට පසුගිය දින කිහිපයේ ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ නාවිතන්වේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කල්මුණේ නගරය සහ කල්ඔය ජනාවාස යා කෙරෙන මාර්ගය හරහා ගංවතුර ජලය පැතිර යාමට පටන් ගෙන ඇති අතර ප්‍රදේශවාසීහු දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.

මෙම මාර්ගය හරහා ප්රවාහනය කිරීමේදී. ගොවීන්, කාර්යාල නිලධාරීන් සහ මහජනතාව දහස් ගණනක් දිනපතා මෙම මාර්ගයේ ගමන් කරති. මෙම මාර්ගය හරහා ස්ථිර පාලමක් ඉදිකරන ලෙස ප්‍රදේශවාසීන්ගේ දීර්ඝ කාලීන ඉල්ලීමට මෙතෙක් කිසිදු රජයකින් විසඳුම් නොලැබීම විශේෂත්වයකි.

මේ අතර අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් වී වගාවන් දිරාපත් වෙමින් පවතින බව එම දිස්ත්‍රික්කයේ ගොවීහු කනස්සල්ලට පත්ව සිටිති.

DCIM\100MEDIA\DJI_0455.JPG


ෆාරුක් ශිහාන්
බැටි නිව්ස්

රට සල්ලි හිඟයට මුහුණ දෙන්න රට විරුවන් වැඩි කිරීමේ කතා

0

විදෙස් සංචිත ප්‍රමාණය පහත වැටීම නිසා රට මුහුණ පා සිටින දැඩි ආර්ථික අර්බුදයෙන් ගැලවීමේ අලුත්ම උපාමාරුව ලෙස

දේශීය ශ්‍රමිකයන් වැඩි පිරිසක් විදේශ ගත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

 විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න පවසන්නේ 2022 වර්ෂයේදී විගමණික ශ්‍රමිකයන් ලක්ෂ 3ක් රැකියා සඳහා විදේශ ගතකිරිමට බලාපොරොත්තු වන බවයි.

 පසුගිය වසරේදී ශ්‍රමිකයන් 120,000 ක් පමණ විදේශ රැකියා සඳහා ලියාපදිංචි කිරීමට හැකි වූ අතර, කොවිඩ් වසංගතය පැවති සමයේදී රටවල් රැසක් අර්බුදවලට මුහුණ දුන් අවස්ථාවක සාර්ථකව විදේශ රැකියා ක්ෂේත්‍රය අඩපණ නොවී රැගෙන යාමට හැකි වූ බව ඔහු සදහන් කර ඇත්තේ නව වසරේ රාජකාරි ආරම්භ කරමින්, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවක මණ්ඩලය අමතමිනි.

 එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, අවම වශයෙන් දිනකට ශ්‍රමිකයන් 850 දෙනෙකුවත් ලියාපදිංචි කිරීමට සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බවයි.

 මෙම ඉලක්කය සපුරා ගැනීමට නම්, සියළුම නිලධාරීන් කැපවී සිටිය යුතු අතර විදේශ රැකියා නියෝජිතායතනවල සහයෝගයද අත්‍යාවශ්‍ය බව ඔහු වැඩි දුරටත් සදහන් කර තිබේ.
theleader.lk