Monday, September 23, 2024
Home Blog Page 20

ගම ගද ගස්සන දියර පොහොරවලට එරෙහිව ගමක්ම පාරට…

0

රාජපක්ෂ පාලනය විසින් මිගමුව පිටිපන ප්‍රදේශයේ ආරභා ඇති දියර පොහොර ව්‍යාපෘතියට එරෙහිව දැවැන්ත විරෝධයක් පාරවල් වසා දමමින් පල්ලිවල සිනු නාද කරමින් මේ වන විට අරභා ඇත.

මිගමුව පිටිපන පාර සහ අතුරු පාරවල් සියල්ල මේ වන විට අවහිර වි ඇත.

වගකිවයුතු බලධාරියෙකු පැමිණෙන තෙක් අරගලය දිගටම ගෙන යන බව ගම්වැසියෝ පවසති.

එක රටක් ! නීති ගොඩක් ,,,??????

0

ඉහල යන බඩු මිළට එරෙහිව එජාප විසින් පසුගිය වසරේ අග භාගයේදි මිගමු නගර මධ්‍යයේ සංවිධානය කර තිබුණ විරෝධතාවයක් හේතුවෙන් පොලිසිය විසින් එහි සංවිධායකයන්ට එරෙහිව නඩු පවරා තිබුණි.
ඊයෙ පැවැති නඩු විභායෙන් අනතුරුව ඇප ලබා මාධ්‍ය හමුවට පැමිණ එජාප නායකයෝ කියා සිටියේ වත්මන් රජය දැවැන්ත මර්ධනයක් ක්‍රියාත්මක කර ඇති බවය.
උද්ඝෝෂණයේ ප්‍රධාන සංවිධායකයන් ලෙසින් මිගමු මහනගර සභාවේ විපක්ෂ නායක රොයිස් විජිත, දිවුලපිටිය එජාප සංවිධායක කිත්සිරි මංචනායක, ජාඇල එජාප සංවිධායක ඇන්ටනි පෙරේරා යන අයවලුන් අධිකරණ හමුවේ පෙනි සිට තිබුණි.
ලක්ෂ 2 ක ශරිර ඇප මත නිදහස් වු අතර මිලග නඩු දිනය ජුනි 26 වෙනි දිනට යෙදි තිබේ.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනි සිටි ජාඇල ඒජාප නීති ලේකම් චාමර ජයසිංහ කියා සිටියේ පොලිසිය විසින් බොරු චෝදනා පවා ගොනුකර තිබුණ බවය.

වන්නියේ වී පිටට නොදෙන ලෙස ඉල්ලා කාන්තා විරෝධතා

0

අතවශ්‍ය භාණ්ඩ මිල ඉහල දැමීමට එරෙහිව වන්නියේ කාන්තාවෝ ආණ්ඩුවට එරෙහිව විරෝධය දක්වා තිබේ.

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කාන්තා සිවිල් සංවිධාන එකතුව විසින් ඊයේ [18] උද්ඝෝෂණයක් හා විරෝධතා පෙළපාලියක් පවත්වමින් කියා සිටියේ දිනෙන් දින ඉහල යන අතවශ්‍ය භාණ්ඩ මිල පහත දැමීමට ආණ්ඩුව මැදිහත් විය යුතු බවයි.

 කිලිනොච්චිය ඩිපෝ හන්දියේ සිට පෙළපාලියේ පැමිණි කාන්තා සංවිධාන ක්‍රියාකාරිනියන් දිසාපති කාර්යාලය ඉදිරිපිට සටන් පාඨ හඬ නගමින්, විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය කළ බව ප්‍රදේශයේ මාධ්‍යකරුවෝ පවසති.

 ඉදිරි කාලය තුල ඇතිවිය හැකි ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා දිස්ත්‍රිකයේ වී අස්වැන්න පිට පළාත් වලට අලෙවි නොකොට ගබඩා කරන ලෙස ද කිලිනොච්චි දිසා කාන්තා සිවිල් සංවිධාන දිස්ත්‍රික් ලේකම් ගෙන් ඉල්ලා තිබිණි.

 ආණ්ඩුවේ වගකිව යුත්තන් වෙත එය යොමු කරන ලෙස ඉල්ලා සිය ඉල්ලීම් සඳහන් සංදේශයක් ද දිසා ලේකම් වෙත මෙහිදී බාර දී තිබේ.
theleader.lk

Vanni2 image 1

බොරැල්ල බෝම්බ සිද්ධියට ඕෂලගේ පියා අත්අඩංගුවට ! විශේෂ ප්‍රකාශයක්

0

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට අත් බෝම්බයක් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයාගේ නිවස තුළ තිබී ආයුධ තොගයක් සොයාගෙන ඇතැයි

ඇතැම් මාධ්‍යවල පලවී ඇති වාර්තා මුළුමනින්ම අසත්‍ය බව වෛද්‍යවරයාගේ පුත් ඕෂල හේරත් පවසයි.

ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් පවසන්නේ, එසේ සොයාගත් බව පවසන පිස්තෝල, රිවෝල්වර සිය 11 හැවිරිදි පුත්‍රයාගේ ප්ලාස්ටික් සෙල්ලන් බඩු බවයි.  

 ඕෂල හේරත් පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රීක්කයට තරඟ අයෙකි.

සිය පියා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මෙසේ කරුණු පැහැදිලි කළේය.


” මගේ තාත්තා විශ්‍රමීක වෛද්‍යවරයෙක්. මම ජීවත්වෙන්නේ පිළියන්දල මගේ නිවසේ.  2022.01.17 වන දින මගෙ නිවසට පොලිස් නිලධාරින් පිරිසක් පැමිනියා. ඔවුන්ට මගේ නිවස පරික්ෂා කිරීමට අවශ්‍ය බව කියලා මගේ ගෙදර හිටපු අයගෙයි මගෙයි සියලුම ජංගම දුරකතන ලබා ගත්තා . ඒ අතර සියලුම දෙනාට කිව්වා කාමර වලට යන්න කියලා.

මගේ පෙන්රයිවර් 2ක් තිබුනා ඒකත් ගත්තා. ඒ අතර මගේ පරිඝණක සියලු බංකු විස්තර cctv රහස් අංකද තිබුනා. පොලිසියෙන් ඒ දුරකතන ලබාගත්තා කියලා කිසිම ලියවිල්ලක් මට ලබා දුන්නෙ නැහැ.



”මාධ්‍ය වාර්තා අසත්‍යයයි , පොලිසිය ගෙනිච්චේ ප්ලාස්ටික් අවිආයුධ ”



 මාධ්‍යයෙන් මම දැක්කා ආයුධ ගබඩාවක් හොයාගත්තා කියලා ..නමුත් එතන තිබුනෙ මගෙ දරුවගෙ සෙල්ලම් බොල විදින තුවක්කුවක් හා මගෙ වායු රයිපල් තුවක්කු 4ක් තිබුනා. ඒ අතර පිහියක් තිබුනා ඒක රම්බො පිහියක්ද කියන්න මම දන්නෙ නැහැ.

 අනින් කාරනාව තමයි මට තිබ්බේ මේ සෙරම cctv එකේ එකත් කිරුලපන පොලිසියේ SI කෙනෙක් ඇවිල්ල බලෙන් කඩාගෙන ගිහින් කට උත්තරයක් අරන් තියනවා.  මගේ සහොදරියගෙන් අපේ කැමැත්තට ඒ ඔක්කොම ගලවා ගත්තා කියලා අස්සන් කරවාගෙන .

මගේ තාත්තා මේ වෙනකන් මටවත් මගේ ලොයර් කෙනෙක්ටවත් බලන්න දුන්නෙ නැහැ.. මට වෙච්ච අසාධාරණයට මම 2022.01.17 මානව හිමිකම් එකට පැමිණි ලක් කලා ..ඉදිරියේ දී නීති මගින් කටයුතු කිරිම බලාපොරොත්තු වෙනවා.








එක රටක් ! නිරෝධායන නීති ගොඩක් ?

0

ලෝකය පුරා කොරෝනා යලිත් පිමි පනිමින් වර්ධනය වෙමින් තිබේ. ඩොලර් ඇතුළු අර්බුද ගණනාවක් මැද පසුවෙන ලංකාව තුලද කොරෝනා වැඩිවිමේ අවධානමක් ගැන රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පවා පසුගිය දා අනතුරු අගවා තිබුණි.
තතු එසේ තිබියදි පසුගිය දින කිපය තුල ලංකාවේ බොහෝ තැන්වලදි නිරෝධායන නිති කිසිදු සැලකිල්ලකට නොගනිමින් විශාල ලෙස ජනයා එක් රැස්විම් දකින්නට ලැබුණි.
සිරිපා වන්දනාව මේ එක් තැනකි.
අනික වන්නේ වරාය නගරය සංවාරයයි .

පසුගිය දින කිහිපය තුල කොළඹ වරාය නගරයේ මරීනා මහජන මංතීරුවට පැමිණි අති විශාල ජනකාය බරපතල සෞඛ්‍ය ගැටලූවක් ඇති කිරීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත.
පසුගිය දින කිහිපයේ යෙදී තිබුණු දීර්ඝ සතිඅන්ත නිවාඩුව හේතුවෙන් මෙම මහජන මං තීරුවට පැමිණ සිටි දේශීය සංචාරකයින් කිසිදු සෞඛ්‍යය පිළිවෙතක් අනුගමනය නොකිරීම මෙම අනතුරු දායක තත්ත්වය ඇතිවීමට හේතුව බවයි ඔවුන් සඳහන් කර තිබුණි.

මේ වන විට මෙලෙස වරාය නගරයේ මහජන මං තීරුවට පැමිණි පිරිස පිළිබඳ නිල සංඛ්‍යා දත්ත වාර්තා එළි දැක් වී ඇති අතර එම වාර්තාවන්ට අනුව පසුගිය දින කිහිපය මුළුල්ලේ මෙම මං තීරුවට පුද්ගලයින් 89540 පැමිණ තිබෙන බව මාධ්‍ය විසින්දැනටමත් වාර්තා කර ඇත.

මෙලෙස අඛණ්ඩව වරාය නගර මහජන මංතීරුවට දේශීය සංචාරකයින් පැමිණීම හේතුවෙන් අවස්ථා ගණනාවකදී එම මං තීරුවට ඇතුළු වන ගේට්ටු පවා වසා දැමීමට පොලිසියට සිදුව ඇති බවයි වාර්තා විය.

කෙසේ වෙතත් මෙලෙස පැමිණි බොහෝ දෙනෙකු කෝවිඩ් 19 සෞඛ්‍යය මාර්ගෝපදේශ නොසලකා හරිමින් මුහුණු ආවරණ පවා නොමැතිව එම මහා ජනකාය සමග ගැවසෙන අයුරු දැක්වෙන ඡායාරූප බොහොමයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

ගෑස් සහ භූමිතෙල් අර්බුදයෙන් බැට කන කලාපේ සේවිකාවන්ට සහන දෙන්න

0

ගෑස් සහ භූමිතෙල් අර්බුදයෙන් බැට කන නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන්ට සහන සලසන ලෙස කාන්තා සංවිධානයක් ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ.

“මුළු රට පුරාම පවතින ගෑස් හා භූමිතෙල් අර්බුදයෙන් වැඩියෙන්ම බැට කන්නේ කාන්තාවන්ය. ඒ අතරින් නිදහස් වෙළඳ කලාප හා ඇඟළුම් ක්ෂේත්‍රයේ වැඩ කරන කාන්තාවන් බරපතල පිඩාවට පත් වෙනවා,“යැයි නිදහස් වෙළඳ කලාප කම්කරු ස්ත්‍රීන් අතර වැඩ කරන මානව සංවර්ධනය සඳහා වූ විප්ලවීය පැවැත්ම [Revolutionary Existence for Human Development] RED සංවිධානය පෙන්වා දෙයි

එම සංවිධානයේ ප්‍රධානි චන්ද්‍රා දේවනාරායන විසින් මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ නිදහස් වෙළඳ කලාප කම්කරුවන් මුහුණ දෙන මෙම ගැටලුවට සහනදායි වැඩපිළිවෙලක් සකසන ලෙසයි.

වැඩ කරන දිනයන්හි වෙළඳ කලාප කම්කරුවන්ට ඔවුන්ගේ සේවා තත්වයන් අනුව උදේ සිට රාත්‍රිය වන තුරු සේවයේ නිරත බැවින් ගෑස් ලබා ගැනීමට පෝලිම් වල රැඳී සිටීමට හෝ තුන්ඩු ලබා ගැනීමට කාල වේලාවක් නොමැති බව RED සංවිධානය පවසයි

“ගෑස් සමාගම් සමග සාකච්ජා කොට ඉරිදා දිනවල ගෑස් බෙදා හැරීමේ ක්‍රමයක් නිදහස් වෙළඳ කලාප වැඩකරන කාන්තාවන් වෙනුවෙන් සකස් කරන්න. ඒ වගේම දැනට අළෙවි නියෝජිතයන්ට ලබා දෙන ගෑස් සිලින්ඩර් 20 වෙනුවට ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන්ට නිකුත් කරන්න,“යැයි චන්ද්‍රා දේවනාරායන මුදල් ඇමැතිවරයාගෙන් ඉල්ලයි

RED සංවිධානය පෙන්වා දෙන පරිදි ඉතාමත් අඩු වැටුපක් ලබා ගනිමින්, කුඩා නේවාසික කාමර වල දිවි ගෙවන මේ වෙළඳ කලාප කම්කරුවන් අද වන ගත කරන්නේ වැඩි වේලක් නිරාහාරවයි.

ආහාර පාන අළෙවි කරන වෙළඳ සැල් ගෑස් හා භූමිතෙල් අර්බුදය හේතුවෙන් වසා දමා තිබේ.කෑම පැකට්ටුවක් සොයා ගැනීම පවා දුෂ්කරය. ඉඳ හිට අසීරුවෙන් හෝ සොයා ගත් එවැනි කෑම පැකට්ටුවක මිල රුපියල් 250 කට වැඩිය. එවැනි මුදලක් දිනපතා දැරීම ද වෙළඳ කලාප කම්කරුවන් ට අසීරු බව මුදල් ඇමතිවරයාට යොමු කළ එම ලිපියේ සඳහන්වේ.

‘ඉන්ධන ඇත්තේ තව දින 10 කට පමණයි’ -PCR

0

තෙල් සංස්ථා ගබඩාවල ඉන්ධන ඇත්තේ තව දින 10 කට පමණක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක (PCR ) පැවසීය.
ඉන්ධන නොමැති ව ඉදිරියේදී දැඩි අර්බුදයකට රට පත් වීමේ අවදානමක් පවතින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඔහු එබව සඳහන් කර කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසිය.

” ඉන්ධන, තෙල් සංස්ථා ගබඩාවල ඇත්තේ තව දින 10 කට ය. (පෙට්‍රල් මෙ.ටො. 30,000 ඩීසල් මෙ.ටො. 50,000) දැනට තෙල් නැව් 3 ක් ජෙට් ෆුඅල් ද ඇතුළුව ණයවර ලිපි නැතිව වරාය අවට සැරිසරමින් ඇත.

ලංවිම කියන්නේ ඛණිජ තෙල් සංස්ථාව තෙල් ලබා නොදෙන බවයි. තෙල් සංස්ථාව කියන්නේ ලංවිම රු. බි. 90 ක තෙල් බිල් පියවා නැති බවයි.
ළඟදී ලාභ ලැබුවා යැයි ව්‍යාජයක් නැගූ ශ්‍රී ලංකන් ගුවන් සේවය ද ඩොලර් මිලියන 330 ක බිලක් තෙල් සංස්ථාවට ණය බව තෙල් සංස්ථාව කියයි.
තෙල් ඇමැති කියන්නේ ඩොලර් දුන්නොත් තෙල් දෙන බවය. විදුලි ඇමැති කියන්නේ තෙල් දුන්නොත් විදුලිය දෙන බවය. මොවුන් මේවා ඉල්ලන්නේ කාගෙන්දැයි අප ඇසිය යුතුයි.

තෙල් සංස්ථාවට ඩොලර් සහ ලංවීමට තෙල් ලබා දියයුත්තේ ජනතාව නොව ආණ්ඩුවයි. කැබිනට් මණ්ඩලය සාමූහිකව පාර්ලිමේන්තුවට සහ ජනතාවට මේ බව පැවසිය යුතුය.
මාධ්‍ය සංදර්ශන දමා තමන්ගේ ආණ්ඩුවේ බැරිකම තමන්ගේ නොවේ යැයි කියමින් ක්‍රියා කිරීමට තෙල් ඇමැති සහ විදුලි ඇමැතිවරුන්ට අයිතියක් නැත.

 මේ පිළිබඳ මාස කිහිපයකට පෙර අප අනතුරු ඇඟවූ විට තෙල් හෝ විදුලි අර්බුදයක් නැතැයි පම්පෝරි ගැසූවෝ මොවුහුය.

රටේ වටිනා ජාතික සම්පත් කිසිදු විවෘත ප්‍රසම්පාදනයකින් තොරව විකුණා දැමීමට තෙල් හා විදුලි ඇමැතිවරුන්ට හෝ ආණ්ඩුවට ජනවරමක් ලැබී නැත.
වංචාවට ලක් වී ඇත්තේ, රටේ ජනතාවයි. මේ ප්‍රශ්නය විසඳීමට ආණ්ඩුවට හා ඇමැතිවරුන්ට නොහැකි නිසා ජනතාව සාමූහිකව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග ගැනීමට කාලය එළඹ තිබේ.”

සපුගස්කන්ද සහ කැලණිතිස්ස බලාගාර යළි නැවතී !

මේ අතර සපුගස්කන්ද සහ කැලණිතිස්ස බලාගාර දෙකේ විදුලි ජනන කටයුතු අප පස්වරුවේ නැවත වරක් නතර කෙරිණි.
ඉන්ධන නොමැතිකම හේතුවෙන් එම බලාගාරවල ජනන කටයුතු නතර කෙරුණු බව ලංවීම ප්‍රකාශකයෙක් පැවැසීය
සපුගස්කන්ද බලාගාරය දැවිතෙල් භාවිතයෙන් ද කැලණිතිස්ස බලාගරය ඩීසල්වලින්  ද විදුලි ජනනය සිදුකරයි.

මෙම බලාගාර දෙක ක්‍රියාවිරහිතවීම නිසා ජාතික විදුලිය පද්ධතියට මෙගා වොට් 100ක පමණ ධාරිතාවක් අහිමිවේ.
theleader.lk

උද්ඝෝෂණ වලටත් බය පාලනයක්… ??

0

පසුගිය නොවැම්බර් මාසයේදි මිගමුව එජාප නායකයන් විසින් සංවිධානය කර තිබුන විරෝධතාවය සම්බන්ධයෙන් එය සංවිධානය කළ නායකයන්ට එරෙහිව පොලිසිය නඩු පවරා තිබුණි.
නිරෝධායන නිති කඩ කිරිම සහ මහමාර්ගයට අලාබ හානි සිදුකිරිම යන චෝදනා යටතේ අද ( 18) පෙරවරු‌වේ මිගමුවේ මහේස්ත්‍රාත් අධිකරණයේදි පැවැති නඩු විභාගයේදි චෝදනා ලැබ සිටි පිරිසට ඇප ලබා දි තිබුණි.
දිවුලපිටිය ඒජාප සංවිධායක කිත්සිරි මංචනායක , මිගමුව විපක්ෂ නායක රොයිස් විජිත , ජාඇල එජාප සංවිධායක ඇන්ටන් පෙරේරා අද දින උසාවියේ පෙනි සිට තිබුණි.
ජාඇල එජාප නීති ලේකම් නිතිඥ චාමර ජයසිංහ මෙම නඩුවට පෙනි සිට තිබුණි.

බෝලවත්තෙන් හමු වූ සොහොන් කොත ගොන්සාල්වේස් පියතුමාගේ ද?

0

  වෙන්නප්පුව, බෝලවත්ත දේවස්ථානයකින් මතුවුණේ කිතු සිරිත කවියට නැගූ ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමාගේ සොහොන් ගැබ ද යන ප්‍රශ්ණය අද දිනය පුරා පරලෝක රාජේශ්වරීගේ දේවස්ථානයට පැමිණි කිතුණු බැතිමතුන් සේම වියතුන්ට මෙවන් අනුමානයක් තිබේ.

පරලෝක රාජේශ්වරී ගේ දෙව්මැදුර වසර 300කට එපිට ඉතිහාසයක් ඇති බොහෝ දෙනාගේ වන්දනාමානයට පාත්‍ර වූ දේවස්ථානයකි.මෙම සොහොන් ගැබ හමුවුණේ දේවස්ථානයේ ඉදිකිරීමක් අතරතුරයි.අද පස්වරුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මේ ස්ථානය පරීක්ෂා කළහ.

මූලික වශයෙන් අනාවරණය වූයේ සොහොන් ගර්භය පිහිටි භූමියේ පස් ස්ථරවල යුග දෙකක කරුණු හෙළි වන බවයි.දැනට අනුමානය මෙය ගොන්සාල්වේස් පියතුමන්ගේ සොහොන් ගැබ විය හැකි බවටයි.
උන්වහන්සේ මෙරට කිතුනු සාහිත්‍යයේ පියාණන් ලෙස සැලකෙයි.

මෙරට ජනප්‍රියම කැරොල් ගීය ලෙස සැලකෙන “දෙවිඳු උපන්නේ ය සතුනි” ගීතයේ රචකයා ගොන්සාල්වේස් පියතුමායි.
මුලාශ්‍රය – නිව්ස්ෆස්ට්

දියර පොහොර කම්හලක් පිටිපන වැසියන්ගේ හුස්ම ගැනීමේ අයිතිය නැති කරයි

0

මීගමුව , පිටිපන ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානය යොදා ගනිමින් දියර පොහොර නිෂ්පාදනය කිරීමට රජය මේ වනවිට කටයුතු යොදා ඇත .
මෙම පොහොර නිපදවීම සඳහා යොදාගන්නා මූලික මූලද්‍රව්‍ය වනුයේ මාළුය. විශේෂයෙන් පරණවූ කුනුමාළුය. මේවා පල්කිරීමක් සිදුකරන බැවින්, හමායන දුර්ගන්ධය ඉවසිය නොහැකි බව ප්‍රදේශවාසීන් පවසති .එසේම අවට ප්‍රදේශ ගනනාවක ජනයා මෙහි බලපෑමට ගොදුරු වන බවද ඔවුන් පෙන්වා දෙති.



බරපතළ පාරිසරික ගැටළු රැසක් මේ නිසා මතුවී ඇත . ජනතාව ප්‍රකාශ කරන්නේ තමන්ට කෑම බීම ගැනීමේදී පවා මෙම දුර්ගන්ධයේ බලපෑමක් සිදුවන බවත් ,මැස්සන් විශාල වශයෙන් ගැවසෙන මෙම ප්‍රදේශයේ පුද්ගලයින් විවිධ රෝගාබාධයන්ට පවා ගොදුරු වන බවත්ය.
එසේම කඩොලාන ශාඛ කපා දමමින් මෙම ව්‍යාපෘතියට ඉඩ කඩ හදා ගැනීම පාරිසරිකව සිදුකරන බරපතල හානියක් බව පවසන ප්‍රදේශවාසීන් එය සාමාන්‍ය පුද්ගලයෙකු නම් නීතියට අනුව බරපතළ වරදක් වන අතර නීතියෙන් දැඩි දඬුවම් ලැබිය හැක්කකි.

මේ අවට විශාල ජනතාවක් දිවිගෙවන බැවින් ඔවුන්ද මෙම දියර පොහොර කම්හල මෙම ස්ථානයේ ඉදිවීම ගැන කැමැත්තක් නැති අතර ඒ සඳහා දැඩි විරෝධයක්ද දක්වති .

සාමාන්‍ය වැසියෙකු කඩොලාන අත්තක් හෝ කැපුවහොත් නීතිය අකුරටම ක්‍රියාත්මක වන නමුත් මෙම ව්‍යාපෘතියට ඒ කිසිවක් අදාල නොවන්නේ එය ගඉහළ තැනක යෝජනාවක් අනුව සිදුවන හෙයින් බව ඔවුන් තවදුරටත් පවසති .
මෙම ස්ථානයේ උපවාසයක් සඳහා එක්රැස්වු ජනතාව ඉල්ලා සිටින්නේ දියර පොහොර හැදීමට සුදුසු වන්නේ ජනශුන්‍ය ස්ථානයක් වනහෙයින් එවැනි තැනකට ගොස් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙසය.
සැම්සන් ඥානසිරි