Saturday, September 21, 2024
Home Blog Page 2

ඉන්දිය වීසා මධ්‍යස්ථානය නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

0

ආරක්ෂක හේතූන් මත ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ වීසා මධ්‍යස්ථානය නැවත දැනුම්දෙනතුරු වසා දමා ඇතැයි ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ

මේ වන විටත් වීසා සම්මුඛ සාකච්ඡා සඳහා දින ලබාගෙන සිටින පුද්ගලයන්ට එම දින හා වේලාවන් වෙනස් කර ගන්නැයි ඉල්ලා සිටින බව ද ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියා සිටි

හදිසි කොන්සියුලර් සහ වීසා ගැටළු ඇත්නම් දුරකතනයෙන් මහ කොමසාරිස් කාර්යාලය අමතන ලෙස ඉල්ලා සිටින බව ද ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානයේ  සිදුවූ සිද්ධියක් හේතුවෙන් ආරක්ෂක පියවරක් ලෙස මෙම මධ්‍යස්ථානය වසා දැමූ බව ද මහ කොමසාරිස්කාර්යාලය කියයි. 

මුලාශ්‍රය – ලංකාදිප

ජොනී, මහින්ද, සහ ලංසාත් මුදල් කාරක සභාවට

0

නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම නම් කරන ලද සාමාජික මන්ත්‍රී නාමලේඛනය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121 හි විධිවිධාන සහ අද දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා, පහත සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කොට තිබේ.

ඒ අනුව විදුර වික්‍රමනායක, නලින් ප්‍රනාන්දු,  ශෙහාන් සේමසිංහ,  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, (වෛද්‍ය) සීතා අරඹේපොල,  (ආචාර්ය) සුරේන් රාඝවන්, අනුප පස්කුවල්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, වජිර අබේවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ,  දුමින්ද දිසානායක, ගරු නිමල් ලාන්සා,  යූ. කේ. සුමිත් උඩුකුඹුර,  ඉසුරු දොඩන්ගොඩ,  නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත,  එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන,  නීතිඥ මධුර විතානගේ,(මහාචාර්ය) රංජිත් බණ්ඩාර යන මහත්ම මහත්මීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සමාජිකයන් ලෙස නම් කොට තිබේ.

මේ අතර පසුගිය මුදල් කාරක සභාවේ සභාපතිත්වය දරු ආචාර්ය හර්ෂ ද සිල්වාට මෙවර මුදල් කාරක සභාවේ සාමාජිකත්වයක් හිමිව නැතිවිමද විශේෂත්වයකි

සංචාරකයන් පැමිණිම ඉහලට !

0

මෙම වසරේ පෙබරවාරි පළමු සතිය තුළ දී විදෙස් සංචාරකයින් 26,506 ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට

මේ අනුව 2023 වසරේ පෙබරවාරි 07 දින දක්වා පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 129,051 ක් ලෙසින් වාර්තා වි තිබේ

පෙබරවාරි මුල් සතිය තුළ පැමිණි සංචාරකයින්ගෙන් 25% ක්ම රුසියානුවන් වන අතර එම ගණන 6,619 කි.

මේ අතර පසුගිය දිනවල සංචාරකයන් අධෛර්යට පත්කරන සිදුවිම් කිපයක්ද වාර්තා වි තිබුණි. විශේෂයෙන්ම ත්‍රිවිල් මාෆිව සෑම නගරයකදිම එක ලෙසින් ක්‍රියාත්මක වෙමින් ඇති මේ හේතුවෙන් ඇප් භාවිතයෙන් ගමන් පහසුව සලසා ගැනිමට පුරුදුව සිටින විදේශිකයන්ට පවා විවිධ අමිහිරි සිදුවිම් වලට මුහුණ දිමට සිදුව තිබේ.


මෙයට අදාලව ගාල්ල ප්‍රදේශයේ ත්‍රිවිල් මාෆියාව කටයුතු කළ ආකාරය කදිමම නිදසුනකි.

අයිස් සමඟ පුද්ගලයෙකු වවුනියාවේදී අත්අඩංගුවට

0


වවුනියාවේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අද (10) සවස මඩවච්චි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

චෙට්ටිකුලම පොලිසිය විශේෂ කාර්ය බළකාය සමඟ එක්ව සිදුකළ විශේෂ පරීක්ෂණයකදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 200 ග්‍රෑම් 6ක් සොයාගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මැදවච්චි ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.

චෙට්ටිකුලම පොලිසිය විශේෂ කාර්ය බළකාය සමඟ එක්ව සිදුකළ විශේෂ පරීක්ෂණයකදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 200 ග්‍රෑම් 6ක් සොයාගෙන තිබේ.

වව්නියාව – වසන්ත රූබන්

රූපවානියට බලෙන් ඇතුළුවිමේ චෝදනාවට රන්දිමාල් ගුවන්තොටේදි අත්අඩංගුවට ..

0

ගාලුමුවදොර අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකු වූ රන්දිමාල් ගමගේ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඔහු ඩුබායි සිට යළි බණ්ඩාරනායක ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේ දී මෙලෙස අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහ්ත්කාරයෙන් ඇතුළු වීමේ චෝදනාව යටතේ මොහු ව අත් අඩංගුවට ගෙන ඇති බව යි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනය කරයි.

පළාත් පාලන ඡන්ද විමසීම ප්‍රමාද කිරීමේ ඉඩක් !ශ්‍රේෂ්ඨාධිකරණයටත් පෙත්සමක්

0

අධිකරණ ක්‍රියාමාර්ගයක් මඟින් පළාත් පාලන ඡන්ද විමසීම ප්‍රමාද කිරීමේ ඉඩකඩක් පවතින බව මාර්තු 12 ව්‍යාපාරය පවසයි.
එහි කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි.

https://w.soundcloud.com/player/?url=https%3A//api.soundcloud.com/tracks/1415115862&color=%23ff5500&auto_play=false&hide_related=false&show_comments=true&show_user=true&show_reposts=false&show_teaser=true&visual=true

new2023 voice · ELE ROHANA 01

නියමිත කාලයට මැතිවරණ ලබාදීම මැතිවරණ කොමිසමේ සහ ආණ්ඩුවේ වගකීමක් වන බවද මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් සඳහන් කළේය.

https://w.soundcloud.com/player/?url=https%3A//api.soundcloud.com/tracks/1415116684&color=%23ff5500&auto_play=false&hide_related=false&show_comments=true&show_user=true&show_reposts=false&show_teaser=true&visual=true

new2023 voice · ELE ROHANA 02

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් සිදුකරනු ලබන සියලු සංවිධාන කටයුතු බලරහිත කරමින්,

මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන් සිව්දෙනා ප්‍රමුඛ වගඋත්තරකරුවන් වෙත රිට් ආඥාවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සම්කරුවකු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනුකර ඇත.

එම පෙත්සම ගොනුකර ඇත්තේ, විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර් විජේසුන්දර විසිනි.

ඡන්ද පැවැත්වීමට මුදල් ලබාගත හැක්කේ ආදායම් ලැබීම මත පදනම්ව හෝ ණයට මුදල් ලබාගැනීමේ පදනම මත බව මැතිවරණ කොමිසම තමන් වෙත දන්වා ඇතැයි විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර් විජේසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (02) ගොනුකළ රිට් පෙත්සමක් සමඟ තොරතුරු ඉදිරිපත් කර තිබේ.

ඒ මඟින් මැතිවරණ කොමිසමේ සභාපති සහ සාමාජිකයන් සිව්දෙනා, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, කැබිනට් ලේකම්වරයා සහ නීතිපතිවරයා  වගඋත්තරකරුවන් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වගන්තියට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ රිට් පෙත්සමක් ගොණු කිරීමට කටයුතු කර තිබේ.

ඒ පෙත්සමින් කරුණු දක්වා ඇති විශ්‍රාමික කර්නල්වරයා සඳහන් කර ඇත්තේ, මේ මොහොතේ පළාත් පාලන ඡන්දයක් පැවැත්වීමෙන් රටට හෝ මහජනතාවට ඇතිවන සුගතිය කුමක්ද යන්නයි. එක් දේශපාලන පක්ෂයක් ඡන්දය ඉල්ලද්දී, තවත් පිරිසක් ඡන්දයට සල්ලි නොමැති බව මාධ්‍ය විසින් අනාවරණය කරයි.


ඡන්දය පැවැත්වීම සඳහා අවම රුපියල් බිලියන 10 ක් වැය වේ


මැතිවරණ කොමිසම පවසන අන්දමට ඡන්දය පැවැත්වීම සඳහා අවම රුපියල් බිලියන 10 ක් වැය වේ.

මේ පිළිබඳව මීට සති දෙකකට ඉහතදී තොරතුරු දැනගැනීමේ පනත මඟින් මැතිවරණයක් පැවැත්වීම සඳහා සල්ලි වෙන්කර ඇද්ද, එය මුදල් වශයෙන් තිබෙනවා ද යන්න පිළිබඳව මැතිවරණ කොමිසමෙන් විමසා සිටියදී, ඔවුන් විසින් තමන් වෙත ලිඛිතව දන්වා ඇත්තේ සාමාන්‍යයෙන් ඡන්දයක් පැවැත්වීමට රුපියල් බිලියන 10 ක් වැය වන බවත්, එය රාජ්‍යයට ආදායම් ලැබීම මත හෝ ණයට ලබාගැනීමේ පදනම මත තීරණය වන බවත්, තමන් වෙත දන්වා ඇති බවද පෙත්සම්කරු තහවුරු කරයි. ඊට අදාළ සියළු ලේඛන ද පෙත්සම්කරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

රටේ පවතින වත්මන් ආදායම් තත්ත්වයත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවා ඇති කොන්දේසි සහ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතන ලංකාවට මේ මොහොතේදී ලබාදී ඇති ශ්‍රේණිගතකිරීම් පිළිබඳවත්, පසුගිය වසර තුනක රජයේ ආදායම් සහ වියදම් පිළිබඳවත් කරුණු දක්වා ඇති පෙත්සම්කරු, දීපව්‍යාප්ත ඡන්ද ප්‍රතිසංස්කරණය වෙනුවෙන් කටයුතු කරමින් ඇති මොහොතක, ඡන්ද ව්‍යාපාරයන්හි නිරත පුද්ගලයින්ගේ සහ දේශපාලන පක්ෂවල මූල්‍ය පාලනය සඳහා නීති සම්පාදනය කෙරෙන මොහොතක, තරුණ සහ කාන්තා දේශපාලන නියෝජනය පිළිබඳව ප්‍රතිශත වශයෙන් තීන්දු කෙරෙන මොහොතක, අපේක්ෂක විනිවිදභාවය පිළිබඳව නීති සකස් කෙරෙමින් මේ කාරණා පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ක්‍රියාත්මක මොහොතක, පළාත් පාලන දේශපාලන සභිකයන් 8,711 ක් රටට ආර්ථිකවත්, සමාජයීයවත් බර වැඩි මොහොතක, එය 1/3 කට සීමා කළ යුතු යැයි සාකච්ඡා කෙරෙන මොහොතක, හදිසි මැතිවරණයකින් රටකට, රටේ මහජනතාවට අත්වන සුගතිය කවරේද යන්න ප්‍රශ්න කර සිටී.

එමෙන්ම ද්වීපාර්ශවීය සහ බහුපාර්ශවීය ණය ගැනීමට ඇති නොහැකියාව, යම් හෙයකින් මුදල් අච්චු ගැසීමට සිදුවුවහොත් ඊට සාපේක්ෂව සිදුවන උද්ධමනය, එසේත් නොමැතිනම් මේ මැතිවරණ වියදම් දැරීම හේතුවෙන් අනිවාර්යෙන් සිදුවිය හැකි ආර්ථිකයේ කඩාවැටීම මත නැවතත් ඉන්දන නොමැති, ගෑස් නොමැති, විදුලිය වැඩි වේලාවක් කප්පාදු කෙරෙන ආදී වශයෙන් වන බරපතල ජීවන තත්ත්වය පවත්වාගැනීමේ අර්බුද ගණනාවකට සහ සමාජ පීඩනයකට ලක්වීමට නියමිත බවය.

එසේ පවසන පෙත්සම්කරු, රිට් පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන් සිව්දෙනා ප්‍රමුඛ වගඋත්තරකරුවන් වෙත පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් සිදුකරනු ලබන සංවිධාන කටයුතු බලරහිත කරමින් රිට් ආඥාවක් ලබාදෙන ලෙසත්, අධිකරණයට ඉදිරිපත් කර ඇති සහ වැඩිදුරටත් අවශ්‍ය ලේඛන ලබාදෙන ලෙසත්, එකී ලේඛන පරීක්ෂා කරන ලෙසත්, මෙම නඩුව අසා නිමවනතුරු හෝ අධිකරණයට මැනැවැයි හැඟෙන කාලයක් සඳහා අතුරු නියෝග නිකුත් කරමින් නඩුවේ දැන් පවත්නා තත්ත්වයන් වෙනස් නොකිරීමටත්, මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ගන්නා තීරණයේ බලපෑම වැළැක්වීමටත්, කටයුතු කරන ලෙස රිට් ආඥාවක් නිකුත් කරන ලෙසයි.


ඡන්ද විමසීම ප්‍රමාද කිරීමේ ඉඩක් !


අධිකරණ ක්‍රියාමාර්ගයක් මඟින් පළාත් පාලන ඡන්ද විමසීම ප්‍රමාද කිරීමේ ඉඩකඩක් පවතින බවත්, එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවත් මාර්තු 12 ව්‍යාපාරය හි කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි පැවසිය.

මුලාශ්‍රය – ද ලිඩර්

අදින් පස්සේ මිනිස්සුන්ට කරන්ට් වදින හැටි …

0

මේ දිනවල කාගේත් කථා බහට ලක්ව ඇති එක් උණුසුම් මාතෘකාවක් වන්නේ විදුලි බිල ගැනය.මත්පැන් සාදවලදි විවිධ විවිධ කථා අතරද විදුලි බිල මුලටම පැමිණ තිබුණි.

විදුලි ගාස්තු වැඩිකිරීමේ යෝජනාව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා විසින් අද (02 දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මේ අනුව මුල් ඒකක 30 සඳහා දැනට අයකරන රුපියල් 8 ක ගාස්තුව රුපියල් 30 දක්වාත්, ඒකක 31 සිට 60 දක්වා එක් ඒකකයකට අය කරන රුපියල් 10 ගාස්තුව රුපියල් 37 දක්වාත්, 61 සිට 90 දක්වා ඒකකයකට අයකරන රුපියල් 16 ගාස්තුව රුපියල් 42 දක්වාත් 91 සිට 120 දක්වා ඒකකයකට අයකරන රුපියල් 50 ගාස්තුව සහ ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයට දැනට අයකරන රුපියල් 50 ක ගාස්තුව එලෙසම පවත්වාගෙන යෑමටත් යෝජනා කර තිබේ.

ඒකක 181 ට වැඩි සෑම ඒකකයක් සඳහාම රුපියල් 75 ක් දැනට අයකරන අතර එම ගාස්තුව ද වෙනසක් කර නොමැත.

එසේම මුල් ඒකක 30 සඳහා දැනට අයකරන රුපියල් 120 ක ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වාත්, ඒකක 31 සිට 60 දක්වා කාණ්ඩයට අයකරන රුපියල් 240 ක ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වාත්, ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩයට අයකරන රුපියල් 360 ක ගාස්තුව රුපියල් 650 දක්වාත් වැඩිකිරීමට යෝජනා වී ඇත.

එමෙන්ම ඒකක 90 සිට 120 දක්වා කාණ්ඩයට අයකරන රුපියල් 960 ක් වූ ස්ථාවර ගාස්තුව රු. 1500 දක්වාත්, ඒකක 121 සිට 180 දක්වා දැනට අයකරන ස්ථාවර ගාස්තුව රුපියල් 960 සිට 1500 දක්වාත්, විදුලි ඒකක 181 ට වැඩි විදුලි පරිභෝජනය කරන සෑම පුද්ගලයකුගේම ස්ථාවර ගාස්තුව රුපියල් 1500 සිට 2000 දක්වා වැඩි කිරීමටත් යෝජනා වී තිබේ.

මේ අතර විදුලි බිල වැඩිකිරිමට එරෙහි ජනතා පෙත්සම ඊයේ ( 01) දිනයේ මාතරින් ඇරඹුණි.

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ‘හැටනව ලක්ෂයේ ජනතා පෙත්සම‘ ආරම්භ කළ ඊයේ (1දා) දිනයේ ම දස දහසකට අධික ජනතාවක් ඊට අත්සන් තැබූ බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය.

මුලාශ්‍රය – දිවයින

ඇමතිගේ ලොරි බිත්තර 55 යි ! ගමේ කඩේ 60 ත් පනියි ?

0

තම සංගමයේ සමාජිකයන් කුලියාපිටිය ප්‍රදේශයේ සුළු සහ මධ්‍යම පරිමාණ කුකුල් ගොවිපොලවල් වලින් නිෂ්පාදිත බිත්තර එකතු කල බවත්, හෙට (31) දිනයේ මහනුවර සහ කොළඹ ප්‍රදේශයේ පාරිභෝගිකයන්ට බිත්තර රු 55 සහනදායි සිල්ලර මිලකට අලෙවි කිරිමට කටයුතු යොදා ඇති බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පැවසු බව ada.lk වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

බිත්තර තොග වෙලෙන්දන් කුලියාපිටිය ප්‍රදේශයේ ගොවිපොලවල් වෙත ගොස් වැඩි මිලකට බිත්තර මිල දි ගෙන එම බිත්තර තොග රැගෙනවිත් සිල්ලර වෙලෙන්දුන්ට අධික මිලකට අලෙවි කරන බවද ඔහු පවසා තිබුණි

මේ අතර බිත්තර තොග වෙලෙන්දන් කිහිපදෙනෙකු බිත්තර ආනයනය කර බෙදා හැරිමට උත්සහ කරන බවත්, ඒ තුලින් දේශිය බිත්තර කර්මාන්තය කඩා වැටිමේ අවධානමකට ලක් විය හැකි බවත්, සිදු කල යුත්තේ බිත්තර ආනයනය කිරිම නොවන දේශිය බිත්තර කර්මාන්තය වැඩිදියුණු කර එම කර්මාන්තය ශක්තිමත් කිරිම බවද ඔහු සදහන් කර ඇත

රජය සමග එක් වි තම සංගමය උත්සව සමයේ සහනදායි මිලකට තාවකාලිකව බිත්තර අලෙවි කිරිමට පියවර ගත් බවත්, ලබන වසරේ මුල් මාසය වන විට බිත්තර ඉල්ලුම අඩුවිම හමුවේ බිත්තර සිල්ලර මිල අඩුවන බවද අජිත් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසිය.

පසුගිය දිනවල විවිධ නගර වල ලොරි මගින් බිත්තරක් රු 55 කට අලෙවි කළද ගමේ කඩවල බිත්තරක මිළ රු 60 ටත් වඩා වැඩි මිළකට අලෙවි විය

හමුදා බාරයේ අතුරුදහන් වීම් ගැන උතුරේ උසාවියකින් ඓතිහාසික නියෝගයක්

0

ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ සන්ධිස්ථානයක් සලකුණු කරන නඩු තීන්දුවක් ලබා ගැනීමට යුද සමයේ අතුරුදහන් කරනු ලැබුවන්

සොයා ගැනීම වෙනුවෙන් දිගටම සටන් වදින ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින මානව හිමිකම් නීතිඥ මණ්ඩලයක් සමත් වී තිබේ.

දහතුන්  වසරකට ඉහත දී මුලතිව් යුද හමුදා කඳවුර වෙත බාර වූ සහ අත්අඩංගුවට ගත් හිටපු එල්ටීටීඊ කැරලිකරුවන් අතුරින් අඩුම වශයෙන් එක් අයකු හෝ යුද හමුදාව විසින් අතුරුදහන් කර ඇති බව වවුනියා මහාධිකරණය විසින් පළමු වරට පිළිගැනීම ජයග්‍රහණයක් ලෙස නීතිඥවරුන් විසින් ප්‍රකාශයට පත් කෙරිණි.

එයින් තුන් දිනකට පසු මුලතිව් බලා ගිය අතුරුදහන් තැනැත්තන් පිළිබඳ OMP කාර්යාලයේ කොමසාරිස් වරුන්ට ඥාතීන්ගේ දැඩි විරෝධතාවට මුහුණ පාන්නට සිදුවිය.


උතුරේ දියත් කළ යුද්ධයේ අවසන් දින කීපය තුළ යුද හමුදාවට බාර වු පිරිස් පිළිබදව කිසිදු තොරතුරක් නොමැති හෙයින් ඔවුන් සොයා දෙන ලෙසට ඥාතීන් විසින් ගොනු කොට ඇති හබයාස් කෝපස් පෙත්සම් දෙකක්  2022 දෙසැම්බර් 16 වැනි සිකුරාදා වවුනියා මහාධිකරණය විසින් විභාගයට ගන්නා ලද අවස්ථාවේදී හිටපු LTTE සාමාජික සෙල්ලයියා විශ්වනාදන් සොයා දීමේ වගකීම හමුදාවට පවරමින් අධිකරණය රීට් ආඥාවක් නිකුත් කළ බවයි ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ.එස් රත්නවේල් පවසන්නේ. එම පෙත්සම ගොනු කොට ඇත්තේ හමුදාවට බාර වූ කොටි සංවිධාන සාමාජිකයාගේ බිරිඳයි.



” මේ පෙත්සම්කාරියගේ ස්වාමි පුරුෂයා හමුදාවට භාර උනා. ඊට පස්සේ එයා කොහේද කියලා, එයාට මොනවද උනේ කියලා ඒ වගකීම හමුදාවට තමයි කියලා රිට් ආඥාවක් අපේ  වාසියට, පෙත්සම්කාරියගේ වාසියට දුන්නා.”

ජ්‍යෙෂ්ඨ නීතිඥයා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ හමුදා බාරයේදී ආගිය අතක් නැති සෙල්ලයියා විශ්වනාදන් ලබන වසරේ මාර්තු මාසයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස යුද හමුදාපතිටත්, 58 සේනාංකාධිපතිටත් අධිකරණය විසින් නියෝග කළ බවයි.

” ශ්‍රී ලංකා හමුදාපති, 58 වැනි සේනාංකයේ අණ දෙන නිලධාරී අනිත් කට්ටිය මාර්තු මස 22 දා මේ උසාවියට ඒ සෙල්ලයියා විශ්වනාදන් කියන පුද්ගලයා, එයාව ඉදිරිපත් කරන්න ඕනේ. ඒක කරන්නේ නැත්තං ඇයි කරන්නේ නැත්තේ කියලා කාරණය කියන්න ඔන කියලා තීන්දුවක් දුන්නා.”


හමුදාවට ලොකු ප්‍රශ්නයක්

සෙල්ලයියා විශ්වනාදන්ගේ අතුරුදහන් වූයේ හමුදා බාරයේදී බව අධිකරණය පිළිගත්තේ යැයි සඳහන් කරන නීතිඥ කේ.එස් රත්නවේල් අවධාරණය කරන්නේ අධිකරණයේ තීන්දුව යුක්තිය පතා අරගලයේ නිරතව සිටින වින්දිත පවුල් වල සාමාජිකයන්ට විශාල ජයග්‍රහනයක් බවයි.

” මේක මේ පවුල්වලට ලොකු ජයග්‍රහනයක්. මේක තීරණය වෙලා තියෙන්නේ හමුදාව තමයි මේකට වග කියන්න ඕනේ කියලා. එතකොට එක පුද්ගලයෙක් භාර අරන් ඊට පස්සේ එයා ගැන මුකුත් දන්නේ නැහැ කියලා කියන එක රජයේ ආයතනයක් වන හමුදාවට ලොකු ප්‍රශ්නයක්.”


යුද්ධයේ අවසන් සමයේ මුලතිව් යුද හමුදා කඳවුර වෙත බාර වූ සහ අත්අඩංගුවට ගත් හිටපු එල්ටීටීඊ කැරලිකරුවන්ගේ නාමලේඛනයක් යුද හමුදාව සතුව ඇති බවට 2018 වසරේදී 58 වැනි සේනාංකයේත් මුලතිවු යුද හමුදා කඳවුරේත් ආඥාපති වු මේජර් ජෙනරාල් චානක්‍ය ගුණවර්ධන අධිකරණය හමුවේ පැවසුවත් එම ලේඛනය ඔහු අධිකරණයට ඉදිරිපත් කළේ නැත. පසුව ඔහු පවසා තිබුනේ තමන් සතුව ඇත්තේ පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයා විසින් නිකුත් කර ඇති ලේඛණයක් පමණක් බවයි.



කිසිවකු ලියාපදිංචි නෑ

උතුරේ දියත් කළ යුද්ධයේ අවසන් සමයේදී යුද හමුදාවට භාරවූ කිසිවකු ලියාපදිංචි නොකළ බව 2022 නොවැම්බර් මාසයේදීත් ශ්‍රී ලංකා යුද හමුදාව යළිත් වරක් අවධාරණය කර තිබුනි.

ශ්‍රී ලංකා යුද හමුදාව ඒ බව පවසා තිබුනේ තමිල්මිරර් පුවත්පතේ මාධ්‍යවේදී බී. නිරෝෂ් කුමාර් තුන් අවුරුද්දකට ඉහතදී ඉල්ලා තිබුණු තොරතුරු ප්‍රතික්ෂේප කිරීමට එරෙහි අභියාචනයක් නොවැම්බර් 3 වැනි බ්‍රහස්පතින්දා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් සලකා බලන ලද අවස්ථාවේදීය.

යුද්ධයේ අවසන් දිනවලදී යුද කලාපයෙන් පිටතට ආ ලක්ෂ සංඛ්‍යාත ජනකාය අතරින් දස දහස් ගණනක් භාරවුයේ රජයේ ආරක්ෂක අංශ විසින් කරන ලද නිවේදනයට අවනත වෙමිනි.

උතුරු නැගෙනහිර අතුරුදහන් කරනු ලැබූවන්ගේ ඥාතීන් දක්වන සංඛ්‍යාලේඛන අනුව ඒ අතර අත දරුවන් හා කාන්තාවන්ද වූහ.

2019 වසරේදී ද යුද හමුදාව විසින් දෙමළ මාධ්‍යවේදියාගේ ඉල්ලීමට අදාළ තොරතුරු ප්‍රතික්‍ෂේප කර තිබුණේ හමුදාවට භාර වූවන් අතර එල්ටීටීඊ සාමාජිකයන් සිටියේදැයි නොදන්නා බව පවසමිනි.

” යුද කලාපයෙන් ජනතාව අවතැන් උනා. එයාලා එල්.ටී.ටී.ඊ ද, මහජනතාවද, අපි දන්නේ නැහැ. අපි භාර ගන්නා විට කිසිදු ලියාපදිංචි කිරීමක් සිදු කළේ නැහැ. අපි ළඟට එන අයව අපි බස්වල අරන් ගිහින් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය යටතේ කඳවුරුවල දැම්මා. ඉන් පසුව පුනරුත්ථාපන කාර්යාංශය විසින්ම ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කළා,” යි යුද හමුදාව සාක්ෂි දෙමින් පවසා තිබුණි.

යුද හමුදාව විසින් පවසා ඇති තොරතුරු ආණ්ඩුව විසින් වරින් වර කර ඇති ප්‍රකාශවලට පරස්පරය.


සුදු කොඩි


යූද්ධාවසනයේ දී සුදු කොඩි ඔසවාගෙන පැමිණ ශ්‍රී ලංකා රජයේ හමුදාවට භාරවූ පිරිසක් 58 වැනි සේනාංකයට එවක අණදුන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් භාරගන්නා අයුරු ඇසින් දුටු සාක්ෂි ඇති බව 2013 දී ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් එළිදැක්වූ වාර්තාවකින් හෙළිදරව් කෙරිනි. ඒ භාරවුවන් අතර විමුක්ති කොටි සංවිධානයේ දේශපාලන අංශයේ නායක බාලසිංහම් නඩේසන් සහ සාම කාර්යාංශයේ ප්‍රධානී සීවරත්නම් පුලිදේවන් සිටි බව දේශීය හා ජාත්‍යන්තර කොමිසම් විසින් වාර්තා කොට  ඇත.



කෙසේ වෙතත්,  ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ ප්‍රකාශ කොට ඇත්තේ 2009 මැයි 18 වැනිදා නඩේසන් හා පුලිදේවන් 58 සේනාංකය විසින් මරාදමන ලද බවය.

ආරක්ෂාව පිලිබඳ රජයෙන් සහතිකයක් ලබා සුදු කොඩි ගෙන ශ්‍රී ලංකා යුද හමුදාවට භාරවීමට පැමිණි නඩේසන් සහ පුලිදේවන් ඇතුළු පිරිසක් ඝාතනය කිරීම යුද අපරාධයක් ලෙස හඳුන්වා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයත්, පරණගම ජනාධිපති කොමිසමත් ඒ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව අවධාරණය කොට තිබේ.

වන්නි හමුදා ප්‍රහාර නිසා පීඩාවට පත් දෙමළ ජාතිකයන් විසින් නිව්යෝක්හි දී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට විරුද්ධව පැවරුණු නඩුවක් අධිකරණය විසින් ඉවත දමන ලද්දේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ලෙසින් පත් කර යවන ලද ඔහු රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය විසින් සහතික කෙරුණු රැකවරණය නිසාය.

පසුව ඔහුට සහ සමීප පවුලේ සාමාජිකයන්ට විරුද්ධව එක්සත් ජනපදය විසින් සංචාර තහනමක් පනවා තිබේ.
theleader.lk


බුද්ධිකගේ යහනගත වෙන කථාවට දොලවත්ත දුන්න උත්තරේ…

0

ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුවේ කාර්යාලයට සුපිරි මෙට්ටයක් සහ ඇඳක් ඇතුළු භාණ්ඩ කිහිපයක් පසුගිය ජූලි මාසයේදී ගෙනැවිත් ඇති හෙයින් මේ සුපිරි ඇඳ සහ මෙට්ටය ගෙනාවේ කාට යහන්ගතවීමට දැයි සමගි ජන බලවේගයේ පක්ෂයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ පාර්ලිමේන්තුවේදී පසුගිය දා ප්‍රශ්න කර තිබුණි


මේ අතර සමගි ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත පාර්ලිමේන්තුවේදී පැවසුයේ, පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේ තිබූ ගෘහ භාණ්ඩ දිරාපත් වී තිබූ හෙයින් වත්මන් ජනාධිපතිවරයා පෞද්ගලික මුදලින් එම ගෘහ භාණ්ඩ ලබාගෙන පාර්ලිමේන්තුවට එය පරිත්‍යාග කළ බවය

ජනාධිපතිට අගමැතිට මෙන්ම විපක්ෂ නායකවරයාට පාර්ලිමේන්තුවේ විවේක ගැනීමට ඔවුන්ගේ කාර්යාලය කාමර වල ඇඳක් හාන්සි පුටුවක් ආදිය තිබෙන බව කී ප්‍රේමනාත් දොලවත්ත මන්ත්‍රීවරයා, ජනාධිපති කාර්යාලයේ තිබූ ගෘහ භාණ්ඩ කාලයක් තිස්සේ පාවිච්චි කිරීම නිසා දිරාපත් වී ඇතැයි දැනගන්නට ලැබී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෞද්ගලික මුදලින් ඒවා ලබා ගන්නට කටයුතු කර තිබෙන බවද සඳහන් කළේය.

මුලාශ්‍රය -ද ලිඩර්