Monday, September 23, 2024
Home Blog Page 19

ඉන්දීය ට්‍රෝලර් වලට එරෙහි උතුරේ ධිවර අරගලය දිගටම..

0

යාපනය – වඩමාරච්චි, පේදුරුතුඩුව සහ සුපර්මඩම් යන මුහුදු ප්‍රදේශවල ඉන්දීය ධීවරයින් ආක්‍රමණය කිරීම හෙළා දකිමින් අඛණ්ඩව දෙවන දිනටත් මෙම විරෝධතාව ක්‍රියාත්මකයි.
ධිවරයෝ පාරේ කූඩාරම් අටවා ඔරු දැල් ද දමා අරගලයේ යෙදී සිටිති.
මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙන අතර විරෝධතාව පැවැත්වෙන ස්ථානයට තවත් පොලිස් බල ඇණි යොදවා තිබීම විශේෂත්වයකි.

උතුරු මුහුදු ආක්‍රමණය කරන ඉන්දීය ධිවරයන්ට එරෙහිව අඛණ්ඩ විරෝධතා …

0

උතුරු මුහුදේ රැකියාවේ යෙදෙන ධිවරයන්ට සිය මත්‍යස්‍ය අස්වැන්න අහිමිකරමින් දැනට වසර ගණනාවක් සිට උතුරු මුහුදු ආක්‍රමණය කරමින් මසුන් අල්ලන ඉන්දිය ධිවරයන්ට එරෙහිව රජයේ බලධාරින් නිසි පරිදි ක්‍රියාත්මක නොවිම නිසා මේ වන විට පේදුරුතුඩුවේ සිට උතුරේ ධිවරයෝ අඛණ්ඩ විරෝධතාවයකට මුල පුරා ඇත.

බෝට්ටු හරස් කරමින් , දැල් දමා පාරවල් වසා ඇරඹි මෙම විරෝධතාවයට උතුරේ අනික් ප්‍රදේශ වල ධිවරයන්ද එක්විමට නියමිත බව උතුරේ ආරංචි මාර්ග දක්වා සිටි.

දකුණට අමතක වුන උතුරු, නැගෙනහිර මාධ්‍යවේදින්ගේ ඛේදවාචකය…

0

අමතක නොකරමු යන තේමාව මුල්කොට ගත් සංදර්ශනාත්මක සැමරුමක් ඊයේ ( 31) සවස් වරුවේ විහාර මහාදේවි උද්‍යානය අසලදි පැවැත්විණි. ඒ් ඝාතනයට ලක්වු සහ අතුරුදන් කළ මාධ්‍යවේදින් සමරනු වස්ය.
අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සහ තරුණ ජනමාධ්‍යවේදින්ගේ සංගමය විසින් එය සංවිධානය කර තිබුන බව සදහන් විය.

ප්‍රජාතන්ත්‍රවාදය සදහා මාධ්‍යවේදියෝ සංවිධානය විසින් මිට වසර කිපයට පෙර පළකරන ලද සවිස්තරාත්මක වාර්තාවක සදහන්ව තිබුණේ පසුගිය රාජපක්ෂ පාලනය තුල ඝාතනයට ලක්වු සහ අතුරුදන් කළ මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් ගණන 44 ක් බවය. ඉන් 41 දෙනෙකුම දමිළ මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් විය.

පසුගිය කාලය පුරාම ජනවාරි මාසයේ පැවති සුගිර්තරාජන් ඇතුළු මාධ්‍යවේදින් සැමරිම 2022 වසරේදිත් මඩකලපුවේදි පැවැත්වුන අයුරු ..



මේ අය සැමරිම උතුරේ සහ නැගෙනහිරදි නිරන්තරයෙන්ම සිදුවෙමින් තිබුනද දකුණට එය බොහෝ විට මගහැරි යමින් තිබුණි.

ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් වෙනුවෙන් යාපනයේ ඉදිවු ස්මාරකය..
– උතුරු නැගෙනහිර සහ දකුණේ මාධ්‍යවේදින් එක්ව යාපනයේ පැවැති විරෝධතාවයක්



එදා සිටම උතුරේ සහ නැගෙනහිර මාධ්‍යවේදින් මුහුණ දෙන දැවැන්ත මර්ධනය දකුණේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනි සිටිනවා යැයි කියන කණ්ඩායම් අති බහුතකරයකට එතරම් වගක් තිබුනේ නැත.

පසුගිය නොවැම්බර් මාසයේදි මුලතිව් මාධ්‍ය සමාජයේ භාණ්ඩාගාරික ලෙසින් කටයුතු කළ විශ්වලිංගම් යන මාධ්‍යවේදියා හට හමුදා සමාජිකයන් පිරිසක් විසින් තල්පිත්තකට ඒතු කටු කම්බි සහිත පොල්ලකින් පහර දි ලේ පෙරෙන තෙක් පහර දි තිබුණද එය දකුණේ ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය වලට ප්‍රවෘත්තියක් වුයේ නැත.

ඒපමණක් නොව මේ ම්ලේච්ඡ පහරදිම හෙළා දකමින් ගම්පහ දිස්ත්‍රික්කයේ මාධ්‍ය ක්‍රියාකාරින් විසින් මිගමුවේදි සංවිධානය කළ උද්ඝෝෂණය වාර්තා කරන්නටදැයි ඒකතරා ජනප්‍රිය දමිළ නාලිකාවක ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියෙකුගෙන් විමසා සිටි අවස්ථාවේදි ඔහු කියා තිබුනේ එම උද්ඝෝෂණය වාර්තා නොකරන ලෙසය.එයට හේතුව ලෙස ඔහු අදාල ප්‍රාදේශිය මාධ්‍යවේදියාට කියා තිබුනේ මුලතිව් වල මාධ්‍යවේදියෙකු පහර දුන්නා යැයි කියන පුවත බොරුවක් බවය.

ලේ පෙරෙන පින්තුර ඒ් වන විටත් දමිළ මාධ්‍ය සගයන් විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබියදි ඒ ප්‍රහාරය බොරුවක් යැයි කියන්නට දමිළ මාධ්‍යවේදියෙකුටම කියන්නට සිදුවුවා යැයි කිම තුල , අපට පසක් කර සිටින කටුක ඇත්ත වන්නේ අධිපති මාධ්‍යයන් විසින් රටේ උතුරේ සහ නැගෙනහිර මාධ්‍යට දියත්වෙමින් තිබෙන මර්ධනය මෙන්ම හමුදාවේ අතපෙවීම් සම්බන්දයෙන් කතාකිරීමට මගහැරිමට ඇති කැමැත්තයි. ඒ් තරමටම ඔවුන් රාජ්‍යයේ ඇති ස්වරූපය හෙවත් සිංහල ජාතියේ අධිපතිභාවය වැළදගෙනය.
ඒපමණක් නොව විකල්ප ප්‍රවාහය නියෝජනය කරනවා යැයි කියන වෙබ් අඩවි අති බහුතරයකට එය පුවතක්ව තිබුනේ නැත.ඉන් කියැවෙන්නේ කුමක්ද ?



අමතක නොකරමු යැයි කිවද උතුරේ සහ නැගෙනහිර මාධ්‍යවේදිනේගේ ඝාතන සහ මර්ධනයන් සැබැවින්ම දකුණට අමතකය.
මේ නිසාම දකුණ කේන්ද්‍ර කොට ගත් මාධ්‍ය සංවිධාන විසින් පවා මුලතිව් මාධ්‍ය සමාජයේ භාණ්ඩාගාරිකට පහරදිම හෙළා දකිමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේ නැත.

දකුණ කේන්ද්‍ර කොට ගත් විකල්ප යැයි කියා ගත් සයිබර් මාධ්‍ය තුලද උතුරේ සහ නැගෙනහිර මාධ්‍ය මර්දනය ගැන මුනිවත රකින අයුරු ඉතා පැහැදිලිය.( මෙම පුවත වාර්තා කර තිබුනේ දකුණේ වෙබ් අඩවිය දෙක තුනක් පමණි )
එවන් පහර දිමක් සිංහල මාධ්‍යවේදියෙකුට සිදුකර තිබුනේ නම් දකුණේ සයිබර් මාධ්‍යවේදියෝ පමණක් නොව යුටියුබ් හසුරුවන්නන්ද එය ඉහල ලංසුවක තබා විකුණාගත හැකි පුවතක් බවට පත්කරගන්නවා නොඅනුමානය.


අප පිළිගන්නට කැමැති වුවත් අකමැති වුවත් ඇත්ත එයයි . ඒ් නිසාම පසුගිය රාජපක්ෂ පාලන සමය තුල ඝාතනය කෙරුණ 44 දෙනාගෙන් 41 දෙනෙකුම දමිලයන් වුවද ඒ් ගැන සවිඥාන බවක් දකුනේ මාධ්‍ය ප්‍රධානින්ට පවා නැති බව ඊයේ දිනයේ පවා පසක් කර තිබුණ කටුක සත්‍යයයයි .
මාධ්‍යකරුවකුගේ සෑබෑ භුමිකාව තුල මරණය පෙනි පෙනි ජිවත්වු සුගිර්තරාජන් වැනි මාධ්‍යවේදියෙකුගේ අභියෝගාත්මක ජිවන චරිතය දකුණේ මාධ්‍යකරුවන්ට බොහෝ විට අමතකව යන්නේ ඒ නිසාමය.

යාපනය මාධ්‍ය සමාජය විසින් වරක් ඔවුන්ගේ දකුණේ මාධ්‍ය සංවිධාන වලට ඊමේල් පණිවිඩයක් මගින් ඇරයුම් කර තිබුනේ යාපනය නගර මධ්‍යයේ පැවැති විරෝධතාවයකට ඔවුන් හා එක්වන ලෙසය.
එහෙත් කණාගාටුවට කරුණ වි තිබුනේ එන නොඑන බව හෝ යාපනේ මාධ්‍යවේදින්ට දන්වා එවිමට පවා දකුණේ අයට අමතකව තිබිමය.
ඒ් ආකාරයේ ඇත්ත ධ්‍රැවිකරණයක් උතුරු සහ දකුණ අතර ඇතිව තිබිම අද පවතින යථාර්ථයයි.
තවත් ඒක් දෙයක් සටහන් කළ යුතුමය.
දකුණේ බොහෝ සිවිල් සංවිධාන වලට උතුර,නැගෙනහිර සහ දමිළ ජනයා මතක් වන්නේ සිය ව්‍යාපෘති උවමානාවන් සපුරාගැනිම සදහා බව දිනපතාම ඔප්පු වෙමින් ඇති සත්‍යයයි.

GLගෙන් සබ්රිගෙන් හමුදාවට බාර දුන් දෙමළ දරුවන් ඉල්ලයි

0


ජිනීවා සමුළුව ලං ලං වෙද්දී ‘යුක්තියට ප්‍රවේශයක්’ නමින් අධිකරණ අමාත්‍යංශය යාපනයේ පැවැත්වූ ජංගම සේවයට පොලිස් තර්ජන හා බාධා කිරීම මැද අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් විරෝධය දක්වා තිබේ.
ජනවාරි අවසන් සති අන්තයේ පැවැත්වූ අධිකරණ අමාත්‍යංශ ජංගම සේවය යාපනය මාධ්‍ය විද්‍යාලයේ පැවතියේ අධිකරණ ඇමැති අලි සබ්රි ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඊට විදේශ ඇමැති ජි.එල්.පීරිස් ද සහභාගී වී තිබේ.

”අපිට වන්දිත් එපා, මරණ සහතිකත් එපා, අපි හිඟා කාලා හරි ජිවත් වෙන්නම් අපිට අපිම හමුදාවට බාර දීපු  අපේ  දරුවෝ දෙන්න” යැයි කියමින් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් යාපනය මධ්‍ය විද්‍යාලය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණයට පොලිසිය පැමිණ එය නැවතීමට ගත් වෑයම නිසා පොලිසිය හා මව්වරුන් අතර නොසන්සුන් තත්වයක් හට ගත් බව එහි ගිය මාධ්‍යවේදියෝ පවසති.

”නීතියක් නොමැති රටේ අධිකරණ අමාත්‍යංශ, අධිකරණ ඇමැතිලා, කොමිෂන් වලින් වැඩක් තියෙනවා ද” , ”අපිට OMP එපා ”` සටන් පාඨ කියමින් විරෝධය දැක්වූ මවුවරුන් හමුවට පැමිණි උතුරු පළාතේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා වන ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා කියා සිටියේ තමන් සමඟ ගැටළු සාකච්ජා කිරීමට සිය කාර්යාලයට ඇරයුම් කළේය.

  එසැනින්ම ඇරයුම ප්‍රතික්ෂේප කළ බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතින් ප්‍රකාශ කළේ පෙර සිටී ආණ්ඩුකාරවරු ද මේ අයුරින්ම කතා කොට තමන්ව රැවටු බවයි.

මේ අතර ”යුක්තියට ප්‍රවේශයක්” ජංගම සේවය ගැන මාධ්‍ය දැන්වත් කිරීම සඳහා යාපනේ පැවති හමුවේදී අධිකරණ ඇමැති අලි සබ්රි සඳහන් කළේ දීර්ඝ කාලයක් නොවිසදුනු ප්‍රශ්න රැසක් උතුරේ ඇති බැවින් මෙවැනි සේවාවක් ආරම්භ කළ බවයි.

”අපි යන යන තැන උද්ඝෝෂණය කරනවා. එහෙම කරලා විසදුමක් ලැබෙන්නේ නැහැ.මේ කරන්නේ දේශපාලනයක්. පාර්ලිමේන්තු යන්න පුළුවන් වෙයි. ඒත් මේ ප්‍රශ්නයට විසදුම් සෙවීමට කවුද හිතන්නේ, දැන් මේ ප්‍රශ්නය අවුරුදු 13 ක් තිස්සේ ඇදෙමින් තියෙනවා.” යයි අධිකරණ ඇමැති සඳහන් කරයි.

 ඔහු වැඩි දුරටත් කියා ඇත්තේ ‘ලබා දෙන්න බැරි දේවල් ලබා ගැනීමට’ සටන් කරන්නේ දේශපාලන අවශ්‍යතා මත බවයි.
theleader.lk


13 ට එරෙහිව යාපනේ විරෝධතා

0

දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් කෙරෙහි විසදුමක් නොවන, ඉන්දියාවේ උවමනාව මත යළි ක්‍රියාත්මක කිරීමට සැරසෙන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව උතුරේ ක්‍රියාත්මක විරෝධතා රථ පෙළපාලිය අද යාපනයට ලගාවි තිබුණි.

ඉන්දු-ලංකා ගිවිසුම ප්‍රකාර ගෙනෙන ලද 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් පෙනී සිටින දේශපාලන පක්ෂවල අදහස වී ඇත්තේ දෙමළ ජනතාව පෙලන හමුදාකරණය ඇතුළු මානව විරෝධී කටයුතු පසු බැස්වීමට ඉන්දියාව හවුල් කරගැනීම අත්‍යාවශ්‍ය බව දි ලිඩර් වෙබ් අඩවිය වාර්තා කර තිබුණි..

තිලිපන් සමරු ස්මාරකය අසල පැමිණි විරෝධතා ගමන …



ඒකීය රාජ්‍යය යටතේ ක්‍රියාත්මක කෙරෙන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රතික්ෂේප කරමින් පෙඩරල් විසඳුමක් සදහා බලපෑම් කිරීම අරමුණු කොට වව්නියාවෙන් ආරම්භ කරන ලද තුන්දින රථ යාත්‍රාවක් අද [30] යාපනය නල්ලුර්අඩි ප්‍රදේශයෙන් අවසන් කිරීමට නියමිතය.

රථ පෙළපාලිය සංවිධානය කළ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) එහිදී මහජන විරෝධතාවයක්ද පැවැත්විමට නියමිතය.


ත්‍රිරෝද වලට මිටර් සවි කිරිම අද නොවේ හෙට ….????

0

කුලී ත්‍රීරෝද රථ සඳහා මනු සවිකිරීමේ වැඩපිලිවෙල ලබන මස 01 වැනිදා සිට ආරම්භ කරන බවි මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව පවසයි.

මිනුම් ඒකක ප්‍රමිති හා සේවා පනතේ විධිවිධානවලට අනුව කුලී රථ මනු ආනයනය නිෂ්පාදනය හෝ විකිණීමට පෙර භාවිතයට සුදුසු බවට දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලබාගත යුතුය.

එවැනි මාදිලි අනුමැතිය ලබාගත් වෙළඳ ආයතනවලට පමණක් මනු විකිණීමට සහ සවිකිරීමට අවසර ලැබෙන බව එම දෙපාර්තමේන්තවේ අධ්‍යක්‍ෂ එස්.එන්. අකුරන්තිලක මහතා කියා සිටියි.

එසේ නොවන වෙළඳ ආයතනවලින් කුලී රථවලට මනු මිලදී නොගන්නා ලෙසද ඉල්ලීමක් කෙරේ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් කුලී රථ මනු පරීක්‍ෂා කිරීමට ජංගම සේවා මධ්‍යස්ථාන පිහිටු වේ. අනුමත කුලී රථ මනු සඳහා විශේෂ ස්ටිකරයක් අලවන අතර එම වැඩපිළිවෙලේ මූලික අදියර බස්නාහිර පළාතෙන් ආරම්භ කරන බවද ඔහු පැවසීය.

මේ අතර ත්‍රිරෝද නිසි ලෙස නියාමනය කිරිම සහ මිටර් සවි කිරිම මිට වසර ගණනාවක සිට යෝජනා වි කාල වකවානු පවා තින්දු කර තිබුන කිසි ලෙසකින් එය ක්‍රියාත්මක වුයේ නැත.

පැවති යහපාලන රජයට පවා ඒය කරගැනිමට නොහැකි තිබුණි.

ආණ්ඩුව තුනට කැඩෙන කම් දින ගණින සජබ මන්ත්‍රිලා …??

0

ජනතාව පීඩනයෙන් පිඩනයට පත්කරමින් ක්‍රියාත්මක වත්මන් රාජපක්ෂ පාලනයට එරෙහිව ප්‍රබල සංවිධානත්මක විරෝධයක් ගොඩනැගිමට මේ වන විට සමගි ජනබලවේගයට නොහැකි වි ඇති බව සමාන්‍ය ජනයා පවා ඉතා හොදින් තේරුම් ගනිමින් සිටිති.
සියළු කණ්ඩායම් ඒකකරගෙන දැවැන්ත ජන විරෝධයක් ගොඩනගනවා වෙනුවට ඒවැනි විරෝධතා දැනටමත් සංවිධධානාත්මක ලෙසින් කරගෙන යනු ලබන දේශපාලන කණ්ඩායම් පක්ෂ විවේචන කිරිමට සජබ මන්ත්‍රිවරුන් කුහකවි සිටිති.
මේ අතර විරෝධමේ වසරේ අගෝස්තු මස වන විට වත්මන් ආණ්ඩුව 3ට කැඩීමට නියමිත බව සමඟි බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසා තිබේ.

ඒ, ඊයේ (27) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදිය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ වාමාංශික කණ්ඩායම එක් පසෙකට යන බවයි ඔහු පවසන්නේ

බැසිල් රාජපක්ෂ මහතාගේ ගෝලයන් යැයි සිතා සිටි 50කට වැඩි කණ්ඩායමක් හැර අනෙක් පිරිසද රජයෙන් ඉවත් වීමට නියමිත බවට්රත්ක්කාර් මන්ත්‍රීවරයා පෙන්වා දි ඇත..

එය ගලේ කෙටුවා සේ විශ්වාස බවත් ඒ අනුව බහුතරය විපක්ෂය විසින් අත්සන් කර දී පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකින් රාජපක්ෂ පවුල පලවාහරින බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

මන්ත්‍රිවරුන්ගේ මේ සිහින දැකිම් යථාර්ථයක් බවට පත්කළ හැක්කේ 2015 වේදි මෙන්ම ප්‍රබල ඒකාබද්ධ සටනක් මාවතක් සදහා පෙළගැසුන හොත් පමණි.
එවැන්නට දේශපාලන නායකත්වය දිමට ඒදා පවා බැරිවුන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ වැඩ මේ වන විට වන් මෑන් ෂෝ බවට පත්ව තිබේ.

කොක්කඩිච්චෝලේ සංහාරයේ 35 වැනි සැමරුමට පොලිසියෙන් බාධා …

0

මඩකලපුව කොක්කඩිච්චෝලේ සමූල ඝාතනයේ 35 වැනි සංවත්සරය අද ( 28) පෙරවරුවේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දෙමළ ඊළාම් විමුක්ති ව්‍යාපාරයේ මහලේකම් ගෝවින්දන් කරුණාකරම් (ජනා) විසින් පොලිස් හිරිහැර නොතකා මහිලාඩිතිව් ස්මාරකය අසලදී සමරනු ලැබු බව නැගෙනහිර මාධ්‍යවේදින් වාර්තා නර තිබුණි.



නැගෙනහිර පළාතේ හිටපු නියෝජ්‍ය සභාපති සහ දෙමළ ඊළාම් විමුක්ති ව්‍යාපාරයේ හිටපු නියෝජ්‍ය නායක ඉන්ද්‍රකුමාර් ප්‍රසන්න, පක්ෂයේ භාණ්ඩාගාරික වින්දන් කනගරත්නම් යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

පොලිසියේ බාධක නොතකා වුව පැවති මෙම සැමරුම සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් සිදු කරන ලස සාමකාමී අනුස්මරණ උත්සවයක් විය.
ස්මාරකය වෙත මල් මාලා පළඳවා නිහඩ උපහාරයක් ද පවත්වා තිබුණි..

1987 ජනවාරි 28 වැනි දින කොක්කඩිච්චෝලේ ඉස්සන් ගොවිපළක ප්‍රාදේශීය කම්කරුවන් ඇතුළු 87 දෙනෙකු දක්වා වෙඩි තබා ඝාතනය කරන ලදි .

නැගෙනහිර පොලිසියේ “ෆේස්බුක් භීතිකාව” සහ නීතිපති දෙපාර්තුමේන්තුව

0

සමාජ මාධ්‍ය ඔස්සේ සිය අදහස් බෙදාගැනිමට කටයුතු කළ නැගෙනහිර පළාතේ විශාල පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිරගත කොට තිබේ.
දේශපාලන සමාජ ක්‍රියාකාරිකයෙකු වන කෝහිලදාසන් යුද්ධයෙන් විපතට පත් මව්වරුන්ගේ ඡායාරූපයක් ෆේස් බුක් මගින් බෙදාගැනිම නිසා වාලච්චේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිරගත කොට දැන් මාස 15 ක් ද ඉක්මවා තිබේ.
මේ ආකාරයෙන් ෆේස් බුක් ක්‍රියාකාරින් විශාල පිරිසක් නැගෙනහිර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි දෙමළ ජාතික සන්ධාන මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රාසමානික්කම් පවා පාර්ලිමේන්තුවේදි හෙළිදරව් කර තිබුණි.

ෆේස් බුක් මාධ්‍ය ක්‍රියාකාරින් දඩයම් කිරිමට ඒරෙහිව මඩකපුවේ විරෝධතා



මේ අතර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි  වාකරේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු  වන කේ.විජයදාස මහතා අද (27) ඇප මත මුදා හැර තිබේ.  

වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයේදී විනිසුරු එච්.එම්.එම් බැසිල් මහතා ඉදිරියේ අද පෙරවරුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය කොන්දේසි සහිතව ඇප නියම කරන ලදී.

රජය විසින් තහනම් කරන ලද දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්.ටී.ටී.ඊ.) සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූපයක් මුහුණු පොතේ පළ කර තිබීම හේතුවෙන් 2020.11.27 වන දින වව්නතිව් පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන වාලච්චේන දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.  

එක් දරු පියෙකු වන 30 හැවිරිදි විජයදාස මහතා වසරකුත් මාසයක කාලයක් තුළ අත්අඩංගුවේ පසුවූ  අතර නීතිපති උපදෙස් මත රුපියල් ලක්ෂයක ශරීර ඇප මත ඔහු මුදා හැර තිබේ.
එම්.එච්.එම්.රම්සීන් සහ හැලිබ් රිබන් යන නීතීඥවරුන්  විජයදාස මහතා වෙනුවෙන් නිතිමය මැදිහත්වීම් සිදුකරන ලදී
පොලිසිය විසින් මේ ආකාරයෙන් සිදුකර ඇති ෆේස් බුක් ක්‍රියාකාරින් අත්අඩංගුවට ගැනිම සැබැවින්ම ගැටළු සහගත බව මේ වන විට නීති පති දෙපාර්තුමේන්තුව විසින් උසස් පොලිස් නිලධාරින් හටද දැනුම් ඇතැයිද වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට තිබේ.
ඒ් අනුව මේ දක්වා නැගෙනහිර පොලිසියේ ෆේස් බුක් භිතිකාව නිසා සිරගත කොට ඇති විශාල පිරිසකට ඉදිරියේදි ඇප ලැබිමට ඇති ඉඩකඩද මේ අනුව විවෘත වෙමින් ඇති බව පෙනේ .


රුද්‍රා

තවත් කටුකම්බි එතූ තල්පිති ප්‍රහාරයක් ගැන 682 වැනි බල සේනාවට චෝදනා

0

කටුකම්බි එතූ තල් පිත්තකින් පහරදී තුවාල සිදු කළ බවට දෙමළ රියදුරකු විසින් මුලතිව් දිස්ත්‍රික්කයේ කඳවුරු බැඳ සිටින යුද හමුදා නිලධාරීන් පිරිසකට එරෙහිව පැමිණිලි කර තිබේ.
ප්‍රහාරයෙන් සිදුවූ තුවාල වලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ටිපර් රථ රියදුරා පුදුකුඩියිරුප්පු මූලික රෝහලට ඇතුල් කරන ලදැයි පළාත්බද මාධ්‍යවේදීහු වාර්තාකරති.

වන්නිවාසීන්ට පහර දීම සඳහා යුද හමුදාව කටුකම්බි එතූ තල් පිති පාවිච්චි කරන බවට දෙමාසයක් ඇතුලත වාර්තාවූ දෙවැනි අවස්ථාව මෙයයි.

පහර කෑමට ගොදුරුවූ 41 හැවිරිදි විවාහකයකු වන නවරත්නම් උදයසීලන් රෝහලේදී මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කර ඇති පරිදි ජනවාරි 24 සඳුදා පාන්දර තුනට පමණ කයිවේලි ප්‍රදේශයේ ඔහු විසින් පදවාගෙන යමින් සිටි ටිපර් රථය නැවතූ සිවිල් ඇඳුමින් යුත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් වාහනයේ පටවා ඇත්තේ කුමක් දැයි ප්‍රශ්න කර  තිබේ.

මුලතිව් දිස්ත්‍රික්කයේ පිහිටි 68 වැනි සේනාංකයට අයත් 682 වැනි බල සේනා මූලස්ථානයේ බවට විශ්වාස කෙරෙන එම නිලධාරීන්ට රියැදුරා පවසා ඇත්තේ රථය හිස් එකක් බවයි.

ඒ අවස්ථාවේ තමන් වාහනයෙන් බස්සා ගෙන පහර දුන් බව පවසන උදයසීලන් පොලිස් පැමිණිල්ලේ සඳහන් කර ඇති පරිදි අඩුම තරමින් දෙදෙනකුවත් කෙරෙන් මත්පැන් ගඳ වහනය වී ඇත.

පහර දුන් දිනයේ සවස් යාමය වනවිට යුද හමුදා නිලධාරීන් බව පවසන පුද්ගලයන් උදයසීලන්ගේ ඥාති මිත්‍රාදීන්ට දුරකතනයෙන් අමතමින් පැමිණිල්ල ඉල්ලා අස් කරගෙන සමාදාන වන ලෙස බල කරන බව රියැදුරා මාධ්‍යවේදීන්ට පවසා තිබේ.

IMG 4783

මීට දෙමාසයකට ඉහතදී ද යුද හමුදා නිලධාරීන් පිරිසක් විසින් මුල්ලිවයික්කාලේ දී දෙමළ මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් ට කටුකම්බි එතූ තල් පිත්තකින් පහර දී තිබුණි.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් හෙළිවූ තොරතුරු “විදේශගත මාධ්‍යවේදීන් විසින් හමුදාවේ ප්‍රතිරූපය කෙලෙසීම සඳහා” පල කරන ලද ඒවා ලෙසින් සැනින් හෙලා දුටු ශ්‍රී ලංකා යුද හමුදාව ඉන් පසුව මාධ්‍යවේදියාගෙන් සමාව ඉල්ලා තිබුණි.

එම ප්‍රහාරයට සම්බන්ධයෙන් සමාව ඉල්ලා තිබුනේද 682 වැනි බල සේනා මූලස්ථානයේ තරුණ සෙබළුන් තිදෙනෙකි.
theleader.lk