Monday, September 23, 2024
Home Blog Page 18

සල්ලි පිල්ලි යැවීමේ චෝදනා ඇති මුල්ගුරු පත්කිරීමට සමිති විරෝධය

0

විභාග වංචාවක් හා මුදල් වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවතින විදුහල්පතිවරයකු පරීක්ෂණ අවසන් වීමට පෙර නැවත සේවයේ පිහිටුවීම

සම්බන්ධයෙන් විරෝධය පළ කරන දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටි.

ලංකා ගුරු සංගමය පවසන්නේ මීගමුව ශාන්ත මරියා විදුහලේ හිටපු විදුහල්පති ජයන්ත වික්‍රමසිංහ 2020 වසරේ පැවති උසස් පෙළ විභාගයේ දී තර්ක ශාස්ත්‍රය ප්‍රශ්න පත්‍රය අවභාවිත කරමින් සිදු කරන ලද විභාග වංචාවක් හේතුවෙන් ඔහු පාසලෙන් ඉවත් කර පාසල් භූමියට ඇතුළු වීමද තහනම් කර තිබුණු අතර, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් පරීක්ෂණයක් සිදුකරමින් පවතින බවයි.

එසේම මෙම විදුහල්පතිවරයා විසින් පාසලේ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ශනයක් සිදු වෙමින් පවතින බව ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්ගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙන එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්ව ඇත්තේ, පාසලක ගිණුම් 3 ක් පමණක් පවත්වා ගත යුතුව තිබියදී ජයන්ත වික්‍රමසිංහ විදුහල්පතිවරයා අනීතික ලෙස තොරතුරු තාක්ෂණ ඒකක ගිණුම යනුවෙන් පාසලේ ගිණුම් 5 ක් පවත්වාගෙන ගොස් ඇති අතර දූෂිත ආකාරයෙන් ගණුදෙනු සිදුකර ඇති බවයි.

”මෙම ගිණුම්වල අත්සන් කිරීමේ බලය යොදා ඇත්තේ විදුහල්පතිවරයා හා වෙනත් බාහිර පුද්ගලයන්ය. St. Mary’s Charity Association  නමින් පවත්වාගෙන යන ස්ථාවර තැන්පතු ගිණුමේ රුපියල් කෝටියක මුදලක් ඇති අතර, එම ගිණුමේ පොලිය මාසිකව මෙම විදුහල්පතිවරයාගේ පෞද්ගලික ගිණුමට බැරවන ආකාරයෙන් කටයුතු කර ඇත.”

චෝදනාවට ලක්ව සිටින විදුහල්පතිවරයාට ඇති මුල්‍ය චෝදනා කිහිපයක්ම ලංකා ගුරු සංගමය නිකුත් කළ නිවේදනයේ සදහන්ය.

”පාසලේ ගොඩනැගිල්ලක් ඉවත් කිරීමට පාසලේ එක් ළමයෙකුගෙන් රුපියල් 5000 බැගින් මුදල් එකතු කර ඇති අතර, එම මුදල් භාවිත කළ ආකාරයක් නැත. පෞද්ගලික දානපතියකු විසින් ඉඩමක් විකුණා පාසලේ ක්‍රීඩා කටයුතු සංවර්ධනය වෙනුවෙන් කෝටියක මුදලක් ලබා දී ඇති අතර, එම මුදල් සම්බන්ධයෙන් ද සිදු වූ දෙයක් නැත. ඒ පිළිබඳව දැනගැනීමට හැකි වී ඇත්තේ පරිත්‍යාගය කළ පුද්ගලයා විසින් පසුගිය කාලයේ වැඩබැලූ විදුහල්පතිවරියගෙන් ඒ පිළිබඳව කළ විමසීමේ දී ය. එසේම දිනපතා පාසලට ප්‍රමාද වී පැමිණෙන සිසුන්ගෙන් රු.150-250 දක්වා මුදලක් මෙම විදුහල්පතිවරයා විසින් දඩමුදල් ලෙස එකතු කර ඇති අතර, එම මුදල්වලට සිදු වූ දෙයක් නැත.”

මෙම විදුහල්පතිවරයා පාසලෙන් ඉවත් කර සිටි කාලයේ ළමුන් ඇතුළත් කිරීමේදී පරිත්‍යාග ලෙස සිය කැමැත්තෙන් දෙමාපියන් විසින් රුපියල් කෝටියකට ආසන්න මුදලක් පාසලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ලබා දී ඇති අතර, වැඩබනල විදුහල්පතිවරිය විසින් එම මුදල් නිසි ලෙස ගිණුම්ගත කර ඇති බව පෙන්වා දෙන ලංකා ගුරු සංගමය සිය නිවේදනය මගින් අවධාරණය කර ඇත්තේ, ඊට පෙර චෝදනාලාභී විදුහල්පතිවරයා විදුහල්පති ධූරයේ කටයුතු කරද්දී එලෙස පරිත්‍යාග ලෙස ලැබුණු මුදල් ගිණුම් ගත කර නොමැති අතර, එම මුදල් වංචා කර ඇති බව පෙනී යන බවයි.

ජෝසප් ස්ටාලින් ගුරු සංගම් නායකයා පවසන්නේ එසේ තිබියදීත් පෙබරවාරි 9 වැනි දින රාත්‍රී 8.30 ට පමණ මීගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමින්ද ප්‍රනාන්දු  විසින් පාසලේ වැඩබලන විදුහල්පතිවරිය වන මනිලා පෙරේරාගේ නිවසට ගොස් බලහත්කාරයෙන් යතුරු ලබාගෙන පාසලේ ලොග් සටහන් පොතේ සටහනක් ද තබා මෙම විදුහල්පතිවරයා නැවත පාසලේ විදුහල්පති ලෙස පත් කර ඇති බවයි.

මෙය බරපතල අනීතික ක්‍රියාවක් බව අවධාරණය කරන ජෝසප් ස්ටාලින් ගුරු සංගම් නායකයා වැඩි දුරටත් අවධාරණ්‍ය කරන්නේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමින්ද ප්‍රනාන්දු මෙවර අපොස උසස් පෙළ විභාගයේ මීගමුව අධ්‍යාපන කලාපයේ ප්‍රධාන සම්බන්ධීකාරකවරයා ලෙස කටයුතු කරන අතර, විභාග වංචනිකයෙකු සමග විභාග නීතිරීති උල්ලංඝණය කරමින් මෙම විදුහල්පතිවරයා සේවයේ පිහිටුවීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කටයුතු කර ඇති බවයි.

මේ තත්වය තුළ මෙම සේවයේ පිහිටුවීම වහා අවලංගු කර මෙම විදුහල්පතිවරයා සම්බන්ධයෙන් විධිමත්ව හා අපක්ෂපාතීව පරීක්ෂණ කටයුතු සිදු කිරීමට කටයුතු යොදන ලෙස ලංකා ගුරු සංගමය බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටී.
theleader.lk

පින් කැට කඩන තැනට වැටුන පොලිස් සේවය….??

0

මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ සුපිරි වෙළද සැලක තිබු පිං කැටයක් කඩා රුපියල් 1408ක මුදලක් සොරාගත් පොලිස් කොස්තාපල්වරයකු, මොරටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරු තානාපති ආරක්ෂක කොට්ඨාශයට අනුයුක්තව සේවයකරන පොලිස් කොස්තාපල්වරයකු බව අනාවරණය වි ඇත.

රාවතාවත්ත සුපිරි වෙළද සැලක තිබු පිං කැටයක් කැඩු පුද්ගලයකු එම වෙළදසැලේ සේවකයන් විසින් අල්ලාගෙන සිටින බවට ගල්කිස්ස ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලැබුනු තොරතුරකට අනුව,සිදුකල දැනුම්දිමක් මත මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා මොරටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලිසිය පවසන්නේ සැකකරු විසින් සොරාගෙන ඇත්තේ පුණ්‍යායතනයක් විසින් අසරණ වැඩිහිටියන්ගේ ඇසේ සුද ඉවත්කිරි්මේ අරමුණින් අරමුදල් එකතුකිරිමට එම වෙළද සැලේ තබා තිබු පිංකැටයක් බවයි.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා සොරාගත් එම පිං කැටයේ තිබි ඇත්තේ රුපියල් 1408ක මුදලක් බව පොලිසිය පැවසා ඇත.

අත්අඩංගුවට පත් පොලිස් කොස්තාපල්වරයා මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරිමට නියමිතව තිබුණි.මොරටුව පොලිසිය මෙි පිලිබදව වැඩිදුර විමර්ශණ සිදුකරයි.

අන්ත දූෂිත තත්වයකට පත්ව ශ්‍රි ලංකා පොලිසියට පසුගිය දිනකදිද අධිකරණය විසින් පවසා තිබුනේ දේශපාලනය නොව රාජකාරිය කරන ලෙසය.

වත්මන් පාලනය යටතේ පොලිසිය මහත්සේ ජනඅප්‍රසාදයට ලක්වෙමින් ඇත්තේ එය වඩාත් දේශපාලනීකරණය වි තිබිම නිසාය.

ඒ ආකාරයෙන් සිය නාමය කෙසලාගෙන ඇති පොලිසියේ ඇතමුන් අද වන විට පින් කැට කඩන තත්වයට පවා පත්ව තිබේ.

වත්මන් පොලිස් ඇමතිවරයා යටතේ පොලිස් සේවය යලි ගොඩගත නොහැකි අයුරින් වලපල්ලට යමින් ඇතැයි නම සඳහන් කිරිමට අකමැති වු මානව හිමිකම් ක්‍රියාධරයෙක් අප කළ විමසුමකදි කියා සිටියේය.

මිත්‍යාව මාකට් කරන මාධ්‍ය සහ මිත්‍යාව අදහන ආගම්…?

0

කටාන පැත්තේ දරුවෙක් මැරිල තිබුන මිත්‍යාව අදහන ආගම්කාරයෝ පිරිසක් දිල තිබුන උපදෙස් හින්ද . සෙම අමාරුව තිබුන ඒ් දරුව නිතර ප්‍රතිකාර ලබමින් ඉන්න කොට තමයි අර මිත්‍යා මත කරේ තියාගත්තු අමනයෝ රැලක් ඒ් දෙමව්පියන්ට කියල තිබුනෙ ප්‍රතිකාර නවත්තල යාක්ඥා කරන්න කියල.
කැමති ආගමක් අදහන්න ඔ්න කෙනෙක්ට අයිතියක් තිබුනත් ආගමේ නාමෙන් මිත්‍යාව වපුරල ජිවිත විනාශ කරනව නම් එතන ගැටළුවක් තියෙනවා.
දැන් දෙමව්පියයෝ මිත්‍යාවට ඇස් අන්ද කරගෙන අර දරුපැටියව මරා ගත්තා. වැඩේ කියන්නේ පහුගිය කාලේ මිත්‍යාව වපුරමින් කටයුතු කරපු මාධ්‍ය කාරයොත් දැන් මිත්‍යාව ගැන කථා කරන්න පටන් අරන්.
කැලණියෙන් නයි මතුවුනා කියල මිත්‍යා මත ප්‍රචාරය කරපු අයට පුලුවන්ද මිත්‍යාව ගැන කථා කරන්න .
දේශපාලන න්‍යාය පත්‍ර වෙනුවෙන් නයි පෙන්නපු මාධ්‍යකාරයෝ දැන් රේටින්ස් වෙනුවෙන් මිත්‍යාව හින්ද මරාගත්තු දරුවෙකු වෙනුවෙන් කිඹුල් කදුළු හෙලනවා.
‌විද්‍යාත්මක දේ සමාජ ගතකරනවා වෙනුවට හිට්ස් වැඩිකරගන්න මිත්‍යාව පතුරන මාධ්‍යකාරයෝ අද වැහි වහලා. දැන් මේ ලෙඩේ නව මාධ්‍ය වලටත් දරුණුවටම බෝවෙලා.
මිත්‍යාවෙන් වපුරන මාධ්‍ය කොන්දේසි විරහිතව හෙළි කිරිම වගේම පිළිකුල් කිරිමම තමයි විද්‍යාව සමාජගත කරන්න තියෙන හොදම විදිය..

ත්‍රස්තවාදය වැලැක්වීමේ සංශෝධිත පනතක් මැතිසබයට – සුමන්දිරන් ගෙන් බාල්දියක්

0

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පතට අලුත් සංශෝධන ඇතුළත් කෙරුණු සංශෝධිත පනත් කෙටුම්පතක් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්

පීරිස් විසින් පාර්ලිමේන්තුවට අද (10) ඉදිරිපත් කරනු ලැබීය.

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත සංශෝධනය කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරි දිනෙක විවාදයට ගැනීමට නියමිතය. මෙම පනත කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

අමාත්‍යවරයා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් පසු අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන්, අධිකරණ අමාත්‍යවරයා වෙනම පනතක් ගෙන එන බව ප්‍රකාශ කර ඇති අවස්ථාවක සංශෝධිත පනතක් ඉදිරිපත් කළේ කුමකටදැයි ප්‍රශ්න කළේය.

මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය ජී එල් පීරිස් පැවසුවේ ස්ථාවර නියෝග අනුව මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බවයි.

කිසිවකු හෝ මෙම පනත් කෙටුම්පතට විරුද්ධ නම් ඔවුනට ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි බවද ඔහු පැවසුවේය.

මේ අවස්ථාවේදී සුමන්දිරන් මන්ත්‍රීවරයා හා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර උණුසුම් කතාබහක් ඇතිවිය.
theleader.lk

පල්ලෙවෙල පොලිස් ලොක්කා පොලි මුදලාලිට යටවෙලාද ?

0

නීති විරෝධී කටයුතු කිහිපයක් සම්බන්ධයෙන් හෙළිදරව් කරණ ලද මාධ්‍යවේදියකුට දිනපතා පොලී මුදලාලි කෙනෙකු (ඩේලි පොලී) හා හමුදාවේ සේවය කරනු ලබන ඔහුගේ බෑනා කෙනෙකු විසින් සිදු කළ පහරදීමක් සම්බන්ධයෙන් පල්ලෙවෙල පොලිසිය මෙතෙක් ක්‍රියාත්මක වී නැතැයි ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

පසුගිය 26 වැනිදා පෙරවරුවේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවය කරන අදාළ සෙබලා විසින් පොලී මුදලාලි සහ තවත් අයෙකුද සමඟ එකතුව මාධ්‍යවේදියාට පහරදී ඝාතනය කිරීමට උත්සාහ කර තිබෙන බවත් ,අදාළ පහරදීම රුමේෂ් චන්ද්‍ර තිලක (යුද හමුදා සෙබලා) හා පොන්නයියා ආදිශ්ට්‍රා වේලු (මාමා) යන අය විසින් සිදු කළ බවට මාධ්‍යවේදියා විසින් පල්ලෙවෙල පොලිසියට පැමිණිල්ලක් කර තිබෙන බව වැඩිදුරටත් එම පුවතේ සදහන්ය.

සැකකාර යුද හමුදා සෙබලා හා අනෙක් අය විසින් කැත්තකින් සහ පිහියකින් මාධ්‍යවේදියාට පහර එල්ලකර ඇති අතර පහර කෑ මාධ්‍යවේදියාගේ කෑ ගැසීම ඇසී අසල් වැසි කාන්තාවක් මැදිහත්ව මාධ්‍යවේදියා බේරාගෙන ඇති බව පැවසේ.

ඒ වන විටත් පිහි පාරවල් සහ කෑති මිට පහරවලින් තුවාල ලබා සිටි මාධ්‍යවේදියා ප්‍රදේශවාසීන් එක්ව රෝහල් ගතකර ඇත.

කෙසේවුවද, අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පල්ලෙවෙල පොලිසිය මෙතෙක් අසමත්ව තිබේ.

මොවුන් විසින් නිවසක් කඩා බිද දමා බඩු රැගෙන යන cctv දර්ශන මාධ්‍යට ලබාදුන් බවට වන සැකයක් මත මාධ්‍යවේදියා සමඟ කලක සිට මොවුන් වෛරයකින් පසුව ඇතැයි පැවසේ.

මේ අතර අදාළ මාධ්‍යවේදියා මොවුන් විසින් මිලදී ගැනීමට උත්සාහ කරමින් සිටි දේපලක් මිලදී ගැනීම නිසා වෛරය තවත් වර්ධනය වී මේ පහරදීම සිදු කර ඇති බව පැවසේ.

පල්ලෙවෙල පොලිසියේ හිටපු ස්ථානාධිපති වරයාගේ කාල වකවානුවේදී මොවුන් විසින් නිවසක් කඩා බිඳදමා දේපල පැහැරගෙන යාම සහ මුදල් සොරකම් කිරීම සම්බන්ධයෙන් ද එසේම මෙම ප්‍රදේශයේම පදිංචි තවත් පුද්ගලයෙකුට මග රැක සිට පහර දීම යන චෝදනාවන්ට අදාලවද පල්ලේවෙල පොලිසිය වෙත සාක්ෂි සහිතව පැමිණිලි කර ඇතත් එම පැමිණිලි සම්බන්දයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් පොලිසිය ගෙන නොමැති බවද මේ අතර වාර්තා වේ.

හමුදා සෙබලා යුද හමුදාවේ අවවාද මත සිටින අයෙකි.

ඔහුගේ පෙර වැරදි රාශියක්ම ඇතැයි පැවසේ.

සැකකරු, මෙවැනි අපරාධ සිදුකර පොලිස් විමර්ශන පැවැත්වෙන අවස්ථාවලදී ඒවා මඟහැර හමුදා සේවයේ යෙදෙන බවට ද චෝදනා එල්ලවී ඇත.
මෙම සිදුවිම සම්බන්ධයෙන් අප මිට වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය පල්ලෙවෙල පොලිසියේ ස්ථානාධිපති සංජිවගෙන් විමසා සිටි අවස්ථාවේදි ඔහු කියා සිටියේ හමුදා සෙබලාව අත්අඩංගුවට ගැනිමට අදාල හමුදා කදවුරු වලට දැනුම් දි ඇතැයි කියාය.
ඒසේ කියා සතියකටත් වඩා කාලයක් ඉක්ම ගොස් තිබුණද විනය විරෝධි ක්‍රියා රැසකට සම්බන්ධ යැයි කියන එම හමුදා සෙබලා ව අත්අඩංගුවට ගැනිමට පල්ලෙවෙල පොලිසියට නොහැකි විම සැබැවින්ම ගැටළු සහගතය.
ඒපමණක් නොව මාධ්‍යවේදියාට පහර දිම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින වේලු නැමැත්තාව පවා තවමත් අත්අඩංගුවට ගැනිමට පොලිසිය කටයුතු නැති බව පෙනේ .
වෙබ් මාධ්‍යවේදින් සංගමය මේ ගැන විමසා සිටි අවස්ථාව ස්ථානාධිපති සංජිව පවසා තිබුනේ එදිනම වේලුව අත්අඩංගුවට ගන්නා බවකි.

සැකකරුගේ මීට පෙර කසිප්පු ජාවාරමක් සඳහා සම්බන්ධව සිටියදී පොලිසියට කොටුවූ සිද්ධියක් සම්බන්ධයෙන් පුවත්පතක් වාර්තා කර තිබූ අයුරු පහත දැක්වේ.
srilankamirror.com

නිදහස් දිනදා යාපනයේ විරෝධතා !

0

අද නිදහස් දිනය නිමිති කොට ගෙන අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සංවිධානය විසින් සිකුරාදා ( 04) පෙරවරුවේ යාපනය මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.
දෙමළ ජන සංහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණ පරීක්ෂණයක්, අතුරුදහන් වූවන්ට යුක්තිය ඉටු කිරීම, දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කිරීම, ත්‍රස්තවාදී පණත ඉවත් කිරීම වැනි ඉල්ලීම් මෙම විරෝධතාවයෙන් සිදු විය. විරෝධතාකරුවන් සටන් පාඨ කියමින් යාපනය මුනියපර් කෝවිල ප්‍රදේශයට පා ගමනින් පැමිණි තිබුණි.
මුලතිව් ප්‍රදේශයේදිද අතුරුදන් වුවන්ගේ ඥාතින් විසින් උද්ඝෝෂණ සංවිධානය කර තිබුණ අතර ඔවුන් කියා සිටින්නේ පෙබරවාරි 04 වෙනිදා නිදහස් දිනය යනු ඔවුන්ට කළු දිනයක් බවය.
මුලාශ්‍රය සහ ඡායා -www.tamilnews1.com

ත්‍රස්ත පනත අහෝසි කිරීමේ මහජන ව්‍යාපාරයකට උතුර පෙරමුණ ගනී

0

සංශෝධනය කරන බවට ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කර ඇති ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සම්පුර්ණයෙන්ම අහෝසි කරන ලෙස ඉල්ලා

පාර්ලිමේන්තුවේ වැඩිම නියෝජනයක් සහිත දෙමළ දේශපාලන පක්‍ෂය මහජන පෙත්සමක් අත්සන් කිරීමට ආරම්භ කර තිබේ.

 ඉලංගෙයි තමිල් අරසු කච්චි තරුණ පෙරමුණ සංවිධානය කරන මෙම මහජන පෙත්සමට අත්සන් තැබීම ඊයේ [03] දා මුලතිව් මාධ්‍ය සමාජයේදී ආරම්භ කරන ලදී.

”ත්‍රස්ත පනත භයංකර පනතක් ලෙස හඳුන්වන්න පුළුවන්. හය මාසයකට පමණක් තාවකාලිකව ගේනවා කිව්වත් දැන් අවුරුදු හතළිස් දෙකක් තිස්සේ මේක බලාත්මකයි. ජාත්‍යන්තර නීති, සම්මුති ඉවත දාලා විශේෂයෙන් දෙමළ තරුණයන්ව මට්ටු කරලා පාලනය කරන්න තමයි මේ තාක් යොද ගත්තේ,” යැයි දෙමළ ජාතික සන්ධනයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මුලතිව් මාධ්‍ය සමාජයේදී මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.

 ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සම්පුර්ණයෙන්ම අහෝසි කරන ලෙස ඉල්ලා ආණ්ඩුවට බලපෑම් කිරීමේ මහජන පෙත්සම අත්සන් කිරීමේ ආරම්භක අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් සානක්කියන්, උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ටී.රවීකරන්, තමිල් අරසු කච්චි තරුණ පෙරමුණේ සභාපති කේ.සේයෝර් ඇතුළු එම පක්ෂයේ ක්‍රියාධරයන් රැසක් එක්වූ බව වන්නියේ මාධ්‍යවේදියෝ සඳහන් කරති.

 ”`මේ ත්‍රස්ත පනත අහෝසි කරනවා කියා ආණ්ඩුව ජාත්‍යන්තරයට පොරොන්දු වෙලා තියෙනවා. එහෙත් අහෝසි කරන්න කිසිම පියවරක් නොගෙන සංශෝධනය කළා කියා වැඩකට නැති සංශෝධන කිහිපයක් ගැසට් කර තියෙනවා. ඒකෙන් පවතින ත්‍රස්ත පනතේ කිසිම වෙනසක් නැහැ,” යැයි ද TNA මාධ්‍ය ප්‍රකාශක පෙන්වා දෙයි.

 යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා මානව හිමිකම් සැසිය මුලා කිරීමට ආණ්ඩුව මෙවැනි ඇස්බැන්දුම් කර ඇතැයි පවසන සුමන්තිරන් කියා සිටියේ, රාජපක්‍ෂ ආණ්ඩුව ජාත්‍යන්තරයට පොරොන්දු වූ පරිදි ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සම්පුර්ණයෙන්ම අහෝසි කළ යුතු බවය.

theleader.lk

ඔ්ස්ට්‍රේලියාවට යන්න හිටපු තවත් ක්‍රිඩකයෙකුට කොරෝනා…

0

ඔස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා සංචිතයේ නම් කර ඇති තවත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු රටින් පිටත්ව යාමට පැය කිහිපයකට පෙර COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර තිබේ.

තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න සංචාරය සඳහා රට හැර යාමට පෙර COVID-19 ආසාදනය වී තිබේ. ඔහු පිටත්ව යාමට පෙර කරන ලද PCR පරීක්ෂණයකදී ඔහුට වෛරසය වැළඳී ඇති බව හඳුනාගෙන ඇත.

ක්‍රිකට් ක්‍රීඩකයා හුදකලා කර නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ .

මීට පෙර අන්තර්වාර පුහුණුකරු රුමේෂ් රත්නායක, වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර සහ පුහුණුකරු ඩිල්ෂාන් ෆොන්සේකා ද ධනාත්මක බව පරීක්‍ෂා කර තිබුණි.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය අතර කොරෝනා ධනාත්මක බව පරීක්‍ෂා කළ සංචිත සාමාජිකයින් නිරෝධායන කාලය අවසන් වූ පසු පසුව සංචිතයට එක්වනු ඇත.

විදෙස් යුවලකට මින්නේරියේදි සිදුවු අලි ඇබැද්දිය …

හබරණ රක්ෂිතය මැද පිහිටි දේවාලය අසල සිටි අලියෙකුගේ ඡායාරූප ගැනීමට ගිය යුක්ක්‍රේනියන් ජාතික යුවලක් ආ බව කියන මෝටර් රථයට ඒම අලියා විශාල වශයෙන් පහරදී අලාභ හානි සිදු කර ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.

මෙම යුවල පොලොන්නරුව ප්‍රදේශයේ සිට හබරණ දෙසට යමින් සිටියදී මෙම දේවාලය ආසන්නයේ මාර්ගය අසල සිටි වන අලියෙකුගේ ඡායාරූප ගැනීමට ඔවුන් ආ බව කියන මෝටර් රථය නවතා ඇත. පසුම මෙම යුවල ඡායාරූප ගන්නා අතරතුර වන අලියා කුලප්පු වී මොවුන් පැමිණි මෝටර් රථයට පහරදී ඇත.

පසුව ඒ් මොහොතේ මාර්ගයේ ගමන් ගත් ටිපර් රථ රියදුරෙකු ටිපර් රථය භාවිතයෙන් අලියා රක්ෂිතයට පලවාහැරීමට කටයුතු කර ඇත. මෙම මෝටර් රථයේ ආ බව කියන යුවල කිසිදු හානියකින් තොර ඔවුන් ලැගුම් ගෙන සිටි හබරණ ප්‍රදේශයේ ලැගුම්හලකට ආරක්ෂිතව ගොස් ඇත.

මෙම යුවල ආ බව කියන මෙම මෝටර් රථය කුලී පදනම මත ලබා ගත් වාහනයක් බවට පොලිසිය කළ මූලික පරික්ෂනවලදී අණාවරණය වී ඇත.

පසුව මින්නේරිය පොලිසිය විසින් අදාල මෝටර් රථය පොලිසියට රැගෙන ඒ්මට කටයුතු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මින්නේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.ඒම්.සී රත්නායක මහතා ඇතුළු නිළධාරීහු වැඩිදුර පරික්ෂණ සිදු කරනු ලබයි.
ලංකාදිප

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ගැටලුවලට වහා විසඳුම් ලබා දිය යුතුයි

0

– නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය හමුවක් කැදවමින් කරුණු පැහැදිලි කිරිමට ශිෂ්‍ය සංගමය කටයුතු කර තිබුණි.

එහිදි අදහස් දක්වමින් ශිෂ්‍ය සංගම් සභාපති සමන් රන්තිමගේ අවධාරණය කර සිටියේ නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පිටිය සහ උපදේශකවරුන් ප්‍රතිසංස්කරණය කිරීමට මෙන්ම මහපොළ ශිෂ්‍යත්වය සඳහා නියමිත කාලයට මුදල් ලබාදීමට පියවර ගත යුතු බවයි.

ශිෂ්‍ය සංගම් ශ්‍රවණාගාරයේදී (31) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය නායකයා මෙසේ පැවසීය.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ; විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් 2023 වසරේ සියලුම විශ්වවිද්‍යාල අතර ක්‍රීඩා උළෙල පවත්වන බව නිවේදනය කර ඇතත් එම තරඟාවලිය පැවැත්වීම සඳහා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ විධිමත් ක්‍රීඩාංගණ කිසිවක් තවමත් සකස් කර නොමැත. මේ අනුව සිසුන් පසුබෑමකට මුහුණ දෙනවාද?

අපේ විශ්වවිද්‍යාල ක්‍රීඩකයන් ඉතා හොඳින් ක්‍රීඩා කර පසුගිය 2019 සමස්ත විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේදී විශ්වවිද්‍යාලයට රන් රිදී පදක්කම් ගෙනාවා. නිසි පුහුණු උපකරණ පුහුණුකරුවන්ට එසේ වීමට හොඳම පදනම අපගේ සිසුන්ට ලබා දීම විශ්ව විද්‍යාලය ප්‍රතික්ෂේප කරයි. මල්ලවපොර, කරාටේ, රේන්ජ්, ගෝල්, පිහිනුම් වැනි ක්‍රීඩා කළ හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිටීද; ඔවුන් රන් රිදී පදක්කම් දිනාගෙන ඇති අතර නිසි පුහුණුවත් සමඟ ඔවුන්ට ජාත්‍යන්තරයට යාමට අවස්ථාව ලැබී තිබෙනවා. නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් 1800කට වැඩි පිරිසක් අධ්‍යාපනය ලබන අතර සිසුන් වැඩි ප්‍රමාණයක් තම ක්‍රීඩාව දියුණු කළ යුතුය. ඒ නිසාම මේ විශ්වවිද්‍යාලය සොයා යන සිසුන් සංඛ්‍යාව වැඩි වෙනවා. නමුත් නිසි ක්‍රීඩා පිටියක් සහ පුහුණුකරුවෙක් නොමැති වීමෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශාල බලපෑමක් එල්ල වෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් පියවර ගන්න. ඒත් එක්කම ආණ්ඩුව මාපොල සල්ලි නියමිත වෙලාවට නොගෙවන තරමට බඩු මිල වැඩිවෙලා. මෙම මාසයේ ආධාර ලබන මාසයේ සිදු කෙරේ.

එබැවින් 2023 වසරේ විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට නියමිත ඇතැම් ක්‍රීඩා තරග සඳහා විශ්වවිද්‍යාලය පහසුකම් සැලසිය යුතු අතර මහපොළ ශිෂ්‍යත්ව මුදල සිසුන්ට නියමිත වේලාවට ලබාදිය යුතුය. මෙම ගැටලුවලට විසඳුම් ලබා නොදුනහොත් සිසුන් එක්ව පාරට බැස සටන් කරන බවද ඔහු පැවසීය.

මෙම මාධ්‍ය හමුවට සමස්ත විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය සභාපති වසන්ත මුදලිගේ ඇතුළු සංගමයේ සාමාජිකයින්ද එක්ව සිටීම විශේෂත්වයකි. –