Monday, September 23, 2024
Home Blog Page 17

මෙරට සිටින යුක්රේන සංචාරකයින් රැකබලා ගමු !

0

මෙරට සංචාරය සඳහා පැමිණ සිටින යුක්රේන සංචාරකයින්ගේ මානසිකත්ව තේරුම්ගෙන, පුළුවන් තරම් හොඳින් ඔවුන්ව රැකබලා ගන්නැයි රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති උදයංග වීරතුංග පවසයි.

වසංගත තත්ත්වයක් තුල මුළුමනින්ම කඩා වැටුන මෙරට සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීම සඳහා විශාල කාර්ය භාරයක් ඉටුකරන උදයංග, මෙරටට යුක්රේන් සංචාරකයින් ගෙන ඒමේ නියමු කාර්ය භාරයක් ඉටු කරයි.

මාස දෙක තුනක පමණ කාලයක දිගු කාලීන නිවාඩු සඳහා යුක්රේන සංචාරකයන් තුන් දහසකට ආසන්න පිරිසක් මේ වනවිට ශ්‍රි  ලංකාව තුළට පැමිණ සිටින බවත් ඔවුන් ගෙන් බොහෝ දෙනකුට යුද්ධය හේතුවෙන් තම නිවාස දේපළවලට හානි සිදුව ඇති බවත් උදයංග වීරතුංග පවසයි.

තමන් මේ දිනවල ඔවුන් සමඟ සමීපව සම්බන්ධ වන බවත් ඔවුන් තම නිවාස දේපළ ඥාතීන්, අසල්වැසියන්ට සිදුවූ විපත් පිළිබඳව එරටින් එවන ඡායාරූප තමාටද පෙන්වමින් කම්පනයකින් යුතුව පසුවන බවත් ‘ලංකාසර’ කළ විමසුමකදී ඔහු සඳහන් කර තිබේ.

දැනට හාර දහසකට වැඩි යුක්රේන සංචාරකයන් පිරිසක් ශ්‍රි ලංකාව තුළ ගත කරන අතර ඔවුන්ගෙන් දහසකට ආසන්න පිරිසක් තම නිවාඩුව අවසන් කර ආපසු යුක්රේනය බලා යාමට සැලසුම් කර සිටියදී රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කළ අතර මේවනවිට යුක්රේනයේ  බරපතල යුදමය තත්ත්වයක් පවතී.

මෙම පිරිසෙන්ද කොටසක් තමන්ට ආපසු යාමට හැකියාව ලැබෙන තුරු මෙරට තුළ රැඳි සිටිනු ඇති බවත් ඉක්මනින් යාමට අවශ්‍ය පුද්ගලයන් පෝලන්තය හෝ රුමේනියාව හරහා යුක්රේනය වෙත යැවීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් උදයංග පවසයි.


”පසුගිය කාලය තුළ යුක්රේනයෙන් විශාල සංචාරක පිරිසක් පැමිණියා. කොවිඩ් වසංගයෙන් පසුව මෙරටට  පැමිණි සංචාරකයන්ගෙන් සියයට 30කට ආසන්න ප්‍රමාණයක් යුක්රේන සහ රුසියානු සංචාරකයන්. මේ අතරින් දැඩි අවධානයක් යොමුවෙලා තිබෙන යුකරේනයෙන් පැමිණි සංචාරකයන් හාර දහසක් පමණ මේ රට තුළ දැනට සිටිනවා. ඔවුන් බහුතරය ශීත සෘතුව අවසන් වන තුරු ශ්‍රි ලංකාව තුළ රැඳී සිටීමට පූර්ව සැලසුම් සහිතව පැමිණි අය.

ඔවුන් ඇත්තට තම නිවාඩුව ගත කරන්නේ  ලොකු ලොකු හෝටල්වල විතරක් නෙවෙයි. පොඩි හෝටල්, සංචාරක නිවාස වගේ තැන්වල ඔවුන් ගත කරනවා. ඔවුන් ගමේ අහාර ගන්නවා. තැඹිලි ගෙඩියක් පලතුරු ටිකක් ගන්නවා. එයින් ලොකු සමාගම්වලට වඩා ගමට පොඩි ප්‍රමාණයකින් හෝ ආදායමක් ගේන අය. ඉදිරියේදී අපට ඔවුන්ගේ පැමිණීම් සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. මේවනවිට  පැමිණ සිටින අය සම්බන්ධයෙන් රජයත් පෞද්ගලිකව මමත් සොයා බලනවා.

මම මේ මොහොතේ ඉන්නේ යුක්රේන සංචාරකයන් රැඳි සිටින හෝටලයක. ඔවුන් කිහිප දෙනෙක්ම මට පෙන්නුවා තම ගම්බිම්වල උදවිය එවපු ඡායාරූප . සමහර අයගේ නිවාස විනාශ වෙලා. දේපළ විනාශ වෙලා. ඔවුන් හැදී වැඩුණු දෙමාපියන් හිටිය ගම්වල, ළඟම ඥාතීන් සිටි තැන්වල ප්‍රහාර එල්ලවෙලා. සමහර සමීපතයින් ගැන තොරතුරක් නෑ. එවැනි තත්ත්වයකයි ඔවුන් සිටින්නේ. එය ඔවුන්ට දැරා ගැනීමට අපහසු තරම් වේදනාකාරී අත්දැකීමක්.“

අප ඔවුන්ට හැකි උපරිම සත්කාර කළ යුතුයි. ඔවුන්ගේ මානසික තත්ත්වය වටහා ගත යුතුයි. මේ බොහෝ අයට ආර්ථික ප්‍රශ්න නෑ. ඔවුන් සංචාරය සැලසුම් කරල ඇවිත් ඉන්නේ. නමුත් තමන් ගේ සැලසුම් කළ සංචාරය අවසන් කළ අය සම්බන්ධයෙන් අපට විශේෂයෙන් සොයා බැලිය යුතුව තිබෙනවා. ඔවුන් ශ්‍රි ලංකාවේ රැඳී සිටින කාලය තුළ ආරක්ෂිතව සිටීමට කාමරයක් ලබා දීම, ඔවුන්ට අවශ්‍ය වෙනත් පහසුකම් ඔවුන් යන තෙක් ලබා දීමට සම්බන්ධයෙන් අප කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යංශයත් සංචාරක සංවර්ධන අධිකාරියත් ආදළ කටයුතු කරනවා. ඔවුන් හැකි ඉක්මනින් පෝලන්තය හෝ රුමේනියාව හරහා ආපසු යැවීමට අවශ්‍ය පියවර අප ගනිමින් සිටිනවා.

විශේෂයෙන් ගල්ෆ් කලාපීය ගුවන් සේවා ආයතන දෙකක් සමග අප මේ ගැන සාකච්ඡා කරමින්  අවශ්‍ය පියවර ගැනීමට බලාපොරොත්තු වනවා. රජය මෙම සංචාරකයන් පිළිබඳව ගන්නා පියවර පිළිබඳව හෙට සඳුදා දිනයේදී තීරණයක් ගනිවි ” යයිද ඔහු සඳහන් කළේය.


ශ්‍රී ලංකාවේ සිටින යුක්රේනුවන් යුද්ධයට එරෙහිව උද්ඝෝෂණ :


මේවනවිට මෙරට රැඳී සිටින යුක්රේනුවන් යුද්ධය නවත්වන්නැයි රුසියානු රජයට බලකරමින් මෙරට තැනින් තැන උද්ඝෝෂණ සංවිධානය කර තිබිණ.

එවැනි යුක්රේනුවන් පිරිසක්, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට ද උද්ඝෝෂණය කළේය.

එසේම, දකුණු ප්‍රදේශයේ රැඳී සිටින යුක්රේනුවන් පිරිසක් ගාලු කොටුපවුරේ ද විරෝධතාවයක් සංවිධානය කර තිබිණ.

PHOTO 2022 02 28 09 36 38PHOTO 2022 02 28 09 37 04PHOTO 2022 02 28 09 37 05PHOTO 2022 02 28 09 37 05 1PHOTO 2022 02 28 09 37 06PHOTO 2022 02 28 09 37 06 1

යුද්ධයට එරෙහිව පෙනී සිටිමු !


රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණයට එරෙහිව මෙරට සමාජ ක්‍රියාකාරීන් ද විවිධාකාරයේ විරෝධතා සංවිධානය කර තිබේ.

ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන නදී වාසලමුදලි ආරච්චි සිය ෆේස්බුක් පිටුවේ මෙසේ සඳහන් කර තිබේ.

NDds

Press Release Peaceful protest against Russian aggression page 0001

(උපුටා ගැනීම් –lankasara.com)

කිලිනොච්චියේ නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක්

0

කිලිනොච්චිය පොලිස් වසමට අයත් කාඩිබෝකු ඒ 9 මාර්ගය අසල ඇළක තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබේ.
මෙම මළ සිරුර හදිසි අනතුරකින් සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි. එහි හෝඩුවාවන් වීදිවල දක්නට ලැබීම සැලකිය යුතු කරුණකි.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

පූටින්ගේ යුද්ධය, යුක්රේනයේ ස්වාධිපත්‍යය සහ ලෝක යුද්ධයක අනතුර – රංජිත් හේනායක ආරච්චි

0

පෙබරවාරි 24 වන දින රුසියාවේ යුද ටැංකි යුක්රේනයේ මායිම් හරහා ගමන් කරන අයුරු ලෝකයම බලා සිටියහ.

දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය පුරා විවිධ යුද්ධ ඇතිව තිබුණ ද මෙවර සිදු වෙමින් පවතින්නේ තුන්වන ලෝක යුද්ධයකට අතවැනීමක් ද යන සැකය නිරවුල් මනසක් ඇති සියලු මිනිසුන්ගේ සිත් සතන් තුළ රජ කරති.

ලෝක යුද්ධ දෙකටම වග කිය යුතු එසේ නැත්නම් ලෝක යුද්ධ දෙකකම ආරම්භකයා වූ ජර්මනිය මේ දෙස නිකම්ම බලා නොසිට යුද්ධයකට යාම නතර කර ගැනීම සඳහා උපරිම වෑයමක යෙදුණු බව අපට දකින්ට ලැබුණි.

Russia-NATO Tension: How Putin Wins by Doing Nothing - Bloomberg

ව්ලැඩිමීර් පුටින්



පුටින්ගේ යක්ෂාවේශය එයට නතර කර ගත හැකි මට්ටමක නොපැවතුණු බව පෙනෙන්නට තිබුණි.

මේ පිළිබඳව විග්‍රහයක යෙදෙන රුසියාවේ ප්‍රකට ගත් කතුවරයකු වන වලඩිමීර් සොරොකින් පවසන්නේ බලය තම අතට ලැබීමත් සමග පුටින් විශාලvls වෙනස් ආවේශයකට පත්වූ බවයි. ඔහු පවසන්නේ පීටර් ජැක්සන් ගේ The Lord of The Ring හි මෙන් අවසානයේ මෙම යක්ෂාවේශ වලල්ල විසිකර දැමීම වෙනුවට ඔහු එය තමා සඳහා සඟවා ගැනීමත් සමගම ඔහු ගේ මුහුණේ ස්වරූපය පවා වෙනස් වෙමින් ඔහු යක්ෂාවේශ වූ ආකාරයට පුටින්ගේ වෙනස සිදු වූයේද බලය ලැබීමත් සමග එයාකාරයෙන් බවයි.

කෙසේ වුවත් මගේ මතකයට අනුව 1999 යෙල්සින් ජනාධිපතිවරයා අසනීප වී එතැනට පූටින් පත්කර ගන්නා විට පූටින් පෙනී සිටියේ ඉතා සෞම්‍ය මිනිසකු ලෙසිනි. අනෙකාගේ මත වලට ගරු කරන, ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන පස්චාත් සෝවියට් රාජ්‍යය නූතනත්වයට ගෙන එන නූතන මිනිසෙකුගේ ස්වරූපයෙනි.

අද රුසියාවේ ඔහුගේ විරුද්ධවාදීන් වැඩි දෙනෙකු එදා ඔහුගේ සගයන් ව සිටි අතර ඔහුගේ ජයග්‍රහණය සඳහා සියලු දෙනා එක්ව කටයතු කළෝය. එදා ඔහු පැහැදිලිව කියා සිටියේ කිසි දිනක තමා මෙම පුටුවෙ ඇලි නොසිටින බවත්, පැහැදිලිවම ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් රටේ මූලික නීතියට එනම් ව්‍යවස්ථාවට එකඟව ක්‍රියා කරන බවයි. බලය ලැබීමත් සමග ඔහු ක්‍රමයෙන් වෙනස් වූ ආකාරය දකින්නට ලැබුණි.

දෙවතාවක් රටෙහි ජනාධිපති වූ කෙනෙකුට එක දිගට යළි  ජනාධිපති ධුරය දැරිය නොහැකි බව රුසියානු රටෙහි ව්‍යවස්ථාවේ තිබේ. එබැවින් ඔහු ව්‍යවස්ථාවට පොඩි වෙට්ටුවක් දමමින් ඔහුගේ මිතුරකු රූකඩයක් ලෙස ජනාධිපති කරමින් තමා අගමැතිකම භාර ගත්තේය. ඊළඟ වතාවේදී ඔහු නැවත ජනාධිපති බවට පත්විය. මේ ආකාරයේ ව්‍යවස්ථා වෙට්ටු තුළින් බලයහි ඇලී සිටින යක්ෂාවේශ බල කෑදරකම ඔහුගේ මනසට ඇතුළු වූ බව පෙනෙන්නට තිබුණි.


පූටින්ගේ සිහිනය නූතන සාර් වීමයි….


යුද්ධය යනු  මනුෂ්‍ය සංහාරයකි. චෙචේනියන් යුද්ධය, ජෝර්ජියාවේ යටපත් කිරීම, ආදී විවිධ ආකාරයන් වලින් ඔහු ක්‍රමවත්ව නැවත රුසියන් අධිරාජ්‍යයක් ගොඩනැගීමට ආරම්භ කරන ලදී.

බොහෝ වාමාංශිකයන් පටලවා ගන්නා කාරණයක් වන්නේ මොහු නැවත සෝවියට් දේශය ගොඩ නගනවා යන්නයි. නමුත් මෙහි ගොඩනැගෙන්නේ ඊට පෙර තිබූ වැඩවසම් සාර් අධිරාජ්‍යයක් බව බොහෝ අය වටහා ගන්නා බවක් නොපෙනේ. බටහිර ව්‍යාප්තවාදී දේශපාලනයට එරෙහි වන සියල්ල ප්‍රගතිශීලී යයි වටහා ගැනීම දේශපාලන මුලාවකි. මෙය තුර්කියේදී එර්ඩොගාන්ගේ දේශපාලනයේ සිදුවන්නේද එවැන්නකි.

පූටින්ගේ සිහිනය නූතන සාර් වීමයි. යුක්රේනය ආක්‍රමණයට ප්‍රථම ඔහු පැවසූ  “යුක්රේනය යනු ලෙනින්ගේ නිපැයුමකි. ලෙනින් කළ වැරැද්දකි.” යන කියමනින් එය හොඳින් පැහැදිලි වෙයි. සාර් යටතේ තිබූ යුක්ක්‍රේනය ස්වාධීන රාජ්‍යයක් ලෙස අනුමත කලේ 1917 සෝවියට් රාජ්‍යය යටතේ ලෙනින් බැවිනි. “යුක්රේනය ස්වාධීන රාජ්‍යක් ලෙස තමන් පිළි නොගන්නා බවත් ඔහු කීවේය.

Kiev Protest, 1917

මේ සියල්ල මගින් පූටින් කියා කියා සිටින්නේ තම අභිලාශය යුක්රේනය රුසියාවේ ප්‍රාන්තයක් ලෙස යටපත් කර ගැනීම මිස ස්වාධීන යුක්ක්‍රේනයක් ලෙස පැවතීම නොවේ.

පූටින්ට අවශ්‍ය පරිදි මෙම යුද්ධය අවසන් වුවහොත් එහි විපාකය වන්නේ යුක්රේනය කියා ස්වාධීන රාජ්‍යක් නැති වී යාමයි. ඔහු මෙහිදී සම්පූර්ණ ජයග්‍රහණයක් ලබා ගතහොත් පූටින් එතිනින් නොනවතිනු ඇත. දැනටමත් ස්වීඩනයට සහ පින්ලනතයට පූටින් පහර දෙන බවට තර්ජනය කර තිබේ.

බොහෝ වාමාංශිකයෝ මෙම අර්බුදය හඳුනාගැනීමේදී නේටෝ යුද හවුලේ  ක්‍රියාකාරිත්වය පිළිබඳව පමණක් කථා කරති. නේටෝ කණ්ඩායම පැරණි සෝවියට් රාජ්‍යයන් තම කණ්ඩායමට ඇතුල් කරගැනීම පැහැදිලිවම වරදක් බව මගේ අදහසයි. බටහිර අධිරාජ්‍යවාදී උවමනාවන් සඳහා පෙනී සිටින නේටෝ සංවිධානය ආරක්ෂාවට යයි කියමින් මෙම රටවල් තම කණ්ඩායමට එක්කර ගැනීම අනුමත කළ නොහැකි කාරණයකි.


” යුක්රේන ආක්‍රමණයෙන් පෙන්වන්නේ එස්තෝනියාව වැනි කුඩා රාජ්‍යන්ට ඇති බිය සාධාරණ බවයි.”

Russia's invasion of Ukraine in maps — latest updates | Financial Times


එසේ නමුත් අපට අමතක වන කාරණය වන්නේ මෙම රටවල් නේටෝ සංවිධානයට එකතු වන්නේ ඔවුන්ගේ උවමනාවෙන් ඉල්ලුම් පත්තර දමා මිස බලහත්කාරයෙන් නොවන බවයි. එයට හේතුව නම් යළිත් වරක් රුසියාව විසින් සිය රටවල් යටත් කරගනු ඇතැයි යන බියය. දැන් යුක්රේන ආක්‍රමණයෙන් පෙන්වන්නේ එස්තෝනියාව වැනි කුඩා රාජ්‍යන්ට ඇති බිය සාධාරණ බවයි.

අනෙක් කාරණය වන්නේ රුසියන් ගැති ‍ප්‍රචාරක මාධ්‍යයයන් තුළින් පවසන ජනාධිපති සෙලෙන්ස්කි ගේ රජය ජනතාව යටපත් කරගෙන පවත්වාගෙන යන නාට්සි රජයක්ය යන්නයි. අද යුක්රේනයේ ජනාධිපති සහ අගමැති යන දෙදෙනාම යුදෙව් සම්භවයක් සහිත පුද්ගලයින්ය. යුක්රේනය ලෝකයේ හතරවැනි ස්ථානයට යුදෙව් ජනයා ජීවත්වන රටය.

Ukraine-Russia War News Live Updates: Ukraine agrees to hold talks with  Russia at Belarus border,

සෙලෙන්ස්කි 73% ඡන්ද ලබමින්බලයට පත් ජනාධිපතිවරයෙක් බව මේ බොහෝ දෙනෙක් නොදනිති. ඒ වාගේම නේටෝ වලට ඇතුළුවීමේ උවමනාව යුක්රේනය විසින් ජනමත විචාරණයකින් වැඩි ඡන්දයෙන් තීරණය කළ කාරණයක් බව ද බොහෝ දෙනෙකු නොදනිති.

යුද්ධ ඇති කිරීමට ප්‍රථම සහ යුද්ධයේදී සිදු වන්නේ ප්‍රථමයෙන්ම සත්‍ය වළ දැමීමයි. අද පුටින්ගේ ආක්‍රමණයට එරෙහිව එරට ජනයා බෝතල් වලට මොලටෝෆ් කොක්ටේල් පුරවමින් සටනකට සූදානම් වෙති. මෙතුලින් පෙන්වන්නේ පුටින්ගේ මේ සියලු ප්‍රචාරණ, මේ සියලු කියමන් බොරු බව නොවන්නේ ද? රුසියානු යුද ටැංකි ඉදිරියට නිරායුධව ගමන් ගන්නා ගම් වැසියන්ගේ ජායාරූප ද දැන් දැක ගත හැකිය.  

https://www.youtube.com/embed/A9TT9kquME0

සෙලෙන්ස්කිගේ මර්දනයක් තුල මෙම මිනිසුන් ජීවත් වූවා නම් මේ වන විට මෙහි එහි අනිත් පැත්ත සිදුවී තිබිය යුතු  නොවේද?

අප කරුණු විග්‍රහ කර ගත යුත්තේ පවතින සාධක විමර්ශනාත්මක ව විමසා මිස විවිධ ‍ප්‍රචාරක මාධ්‍යයන් පතුරුවන බොරුවලට නොරැවටෙමිනි.


අප ස්වාධීනව සිතිය හැකි මිනිසුන් ලෙස සිතනවා මිස විවිධ බලවතුන් ගේ ප්‍රචාරණයට නතුව එම ප්‍රචාරයන් වැමෑරිය යුතු නැත.

නැටෝ සංවිධානයේ රටවල් වලින් කරන ප්‍රචාරණයක් දෙස විවේචනාත්මකව බලනවා මෙන්ම ප්‍රකෝපකාරී ආක්‍රමණිකයෙකු ලෙස හැසිරෙන පූටින්ගෙන් ක්‍රියාදාමය සහ ඔහුගේ ප්‍රචාරයන්හි ගොදුරු බවට පත් නොවීමටද අප වග බලාගත යුතුය.

රුසියාව තුළ ප්‍රජාතන්ත්‍රවාදයට කිසිම ඉඩක් නොතබමින් සියලුම මාධ්‍ය ආයතන තමා අතට ගනිමින් මාධ්‍යවේදීන් මරා දමමින් පසුගිය වකවානුවේ පූටින් කරගෙන ගිය දේශපාලනය දෙස අප විමසිළිමත්ව බැලිය යුතුය.

රුසියාව තුළ විරුද්ධ අදහස්වලට විපාක්ෂික සංවිධානයන්ට ඉඩක් නොමැත. නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට නිදහසක් නොමැත.

No one needs this except Putin': Russians take to streets to protest  against Ukraine war | Financial Times

මෙසේ තිබෙද්දීත් මෙම යුද්ධයට එරෙහිව එරට ජනයා පාරට බසිති. මේ වන විටත් 1000කට වැඩි රුසියානුවන්  ප්‍රමාණයක් මෙම යුද්ධයට එරෙහි වීම නිසා අත්අඩංගුවට ගෙන ඇති අතර තවමත් විවිධ ආකාරයෙන් ජනයා කණ්ඩායම් ලෙස තැන් තැන්වල විරෝධතා ප්‍රකාශ කරති.

ඒවාගේම රටින්පිට ජීවත්වන රුසියන්වරුද සෑම තැනකම පූටින්ට එරෙහිව තම විරෝධය පාමින් වීදි බසිති.

සෝවියට් රාජ්‍යය ගැන මතක ඇති අයට එම යුගයේ එනම්  බ්‍රෙෂ්නෙව්වලාගේ, ඇන්ඩ්‍රි ග්‍රොමිකෝලාගේ, ග්‍රෝබ්‍රචෝව්ලාගේ යුගයේ, එනම් සෝවියට් දේශය පැවති අවධියේ දේශපාලන තීරණ ගැනීම හෝ ආරක්ෂක මණ්ඩල රැස්වීම් වලදී ඒවා රැස් වූයේ ඔවුන්ගේ අභ්‍යන්තර කාරණා වශයෙන් රහසිගතවය.  ඒවායෙහි තර්ක විතර්ක සාකච්ඡා ඉදිරිපත්වී ගැනෙන තීරණ පමණක් එළියට දෙනු ලැබීය.

නමුත් පූටින් දැනට සතියකට උඩින් තම ආරක්ෂක මණ්ඩලය රැස් කරමින් හෝඩියේ පන්තියේ ළමයින් ඉදිරිපිට සිටින ගුරුවරයකු ලෙස ඉඳ ගනිමින් එකිනෙකාගෙන් ප්‍රශ්න අසන්නේ හෝඩිය පන්තියට උගන්වන ගුරුවරයකු සහ තරවටු කරන ගුරුවරයකු සිහිගන්වමිනි. එහි ස්වාධීන ව සිතිය හැකි කිසිම ආරක්ෂක මණ්ඩල සභිකයකු සිටින බවක් නොපෙනුණි.

ඔහුගේ රටේ රහස් ඔත්තු සේවාවේ ප්‍රධානියා පමණක් ඔහුගේ මතයට සම්පූර්ණයෙන් එකඟ නොවන වචනයක් පිට කිරීම නිසා ඔහුට කළ තරවටු වෙන් පසු ඔහු සම්පූර්ණයෙන් පුටින්ගේ මතයට එකඟ වන්නේ යටහත් බැගෑපත් අයුරකිනි. (ලංකාවේ ඇමති කන්ඩායම රාජපක්ෂ ජනාධිපති ඉදිරියේ හැසිරෙන අයුරිනි.)  

එයින් අපට වටහා ගැනීමට ඇත්තේ පුටින්ගේ රාජ්‍යය තුළ රුසියානු රාජ්‍ය තුළ අද සිදු වෙමින් පවතින්නේ සෝවියට් දේශයේ තිබූ දේශපාලනය නොව සාර් යුගයේ තිබු දේශපාලනය බවයි. එදා සාර් රජු රුසියාව වටා තිබූ සියලු රාජ්‍යයන් යටපත් කරගෙන ඔහුගේ රාජ්‍යයෙහි කොටස් බවට පත්කර ගත්තාක් මෙන් පුටින්ගේ අද උවමනාව නූතන සාර් කෙනෙකු වීමටයි.

විසිඑක් වෙනි සියවසේ එවැන්නක් සිදුවීම ඛේදජනකයි. නමුත් පරමාණු බෝම්බවලින් ලෝකෙට පිළිතුරු දෙනවා යයි තර්ජනය කරමින් කරන පුටින්ගේ හැසිරීම හමුවෙහි අපට සිතීමට පැතීමට සිදුව ඇත්තේ අනිත් පැත්ත එනම් බටහිර බලවතුන් තෙවැනි ලේක යුද්ධයක් ඇතිවීම වළක්වා ගැනීමට බුද්ධිමත්ව කටයුතු කරනු ඇතැයි යන්න පමණි.

War in Ukraine

එසේ නැත්නම් සිදු විය හැක්කේ මහා විනාශයක් බව මගේ වැටහීමයි. පූටින් ක්‍රියාත්මක වන්නේ ඒකාධිපතියකු ට යක්ෂාවේශය වැහුණු ආකාරයකිනි. එවැනි තැනක අනෙකුත් කොටස් කල යුත්තේ කල්පනාකාරීව ක්‍රියාත්මක වී මහා විනාශයක් වළක්වා ගැනීමය. එළෙස උත්සාහ කිරීම හැරුණු කොට බලයට බලයෙන් පිළිතුරු දීමකින් නොවන බව මගේ වැටහීමයි.

This image has an empty alt attribute; its file name is රංජිත්-හේන්නායක-3.jpeg


(රංජිත් හේනායක ආරච්චි)
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික

තෙල් පෝලිම් මැද්දෙන් ඉන්ධන මිළ යළිත් ඉහලට ..

0

මේ දිනවල රටපුරාම දිනෙන් දින දිගු වෙමින් ඇති තෙල් පෝලිම් තුල ජනයා කුලල් කෑමට පටන් ගෙනය. තතු එසේව තිබියදි ලංකා ඉන්දීය තෙල් සමාගම ඉන්ධන මිල යළිත් ඉහළ දැමීමට කටයුතු කර තිබුණි. ඒ අනුව ඩීසල් ලීටරයක් රුපියල් 15කින් හා පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දැමීමට ඔවුන් කටයුතු කර ඇත.

එම ඉහළ දැමීමත් සමඟ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 184 සිට රුපියල් 204 දක්වා ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 124 සිට රුපියල් 139 දක්වා ද, ඉහළ ගියේය.

ලංකා අයි.ඕ.සී සමාගම විසින් පසුගිය 06 වනදා ද ඉන්ධන මිලගණන් ඉහළ දැමූ අතර මෙම මාසය තුළ දෙවරක් ඔවුන් විසින් ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.
මේ ආකාරයෙන් ඉන්ධන මිළ ඉහල දැමිමට රජයක් විසින් අවසර දි තිබුනේ ඉතිහාසයේ පළමු වරටය.

උතුරු ,නැගෙනහිර සමාජ මාධ්‍ය මර්ධනය අමතක කළ දකුණට වෙච්ච දේ ?

0

දකුණේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් වෙත වත්මන් ආණ්ඩුවේ මර්ධන හස්තය දිගු කිරිමට පෙර උතුරේ මෙන්ම නැගෙනහිරද සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් දඩයම් කිරිම මේ රජය විසින් අරභා තිබුණි.

මේ මර්ධන හස්තයට ගොදුරුවු නැගෙනහිර සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් 100කට අධික පිරිසක් මාස ගණනක් හිරගෙවල්වලට ගාල් කර තිබුන අතර ධනපති ආණ්ඩුවේ මර්ධන යන්ත්‍රය ක්‍රියාවට නැන්වු පොලිසිය හැසිර තිබුනේ නීතිය හිතේ හැටියට නමමිනි.

යුද්ධයෙන් පීඩාවට පත් මව්වරුන් ගේ පින්තුරයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කිරිමට මුල්වු වාලච්චේනේ කෝහිලදාසන් නම්වු සමාජ දේශපාලන ක්‍රියාකාරිකයා දැන් මාස 14කටත් වැඩි කාලයක් තවමත් සිරගත කොට තබා ඇත.

එහෙත් අරුමය වන්නේ අප දන්නා තරමින් මේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් වෙනුවෙන් දකුනේ කිසිවෙකුගේවත් අවධානය යොමුව නොතිබිමය.
මේ අනිතික අත්අඩංගුවට ගැනිම් රාසමානික්කම් මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුව තුලදි අවස්ථා කිපයදිම කරුණු දක්වා තිබුණද හිට් කථා පස්සේ පමණක් එලවන බ‌ොහෝ යුටියුබ් කාරයන්ද හිතමතාම මේ කථා මගහැර තිබුණි.

දකුනේ ප්‍රගතිශිලින් වශයෙන් පෙනි සිටිමට උත්සාහ කරනු ලබන බහුතරයකගේ ඇත්ත දැක ගැනිමට හැකි කදිමම ලිට්මස් පරික්ෂණ දැන් සිදු වෙමින් ති⁣බේ.

එනම් දකුණේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් මර්ධනය කිරිම ගැන පුවත් පත් නිවේදන, සම්මන්ත්‍රණ,වැඩමුළු,ෆේස් බුක් සටහන් සමගින් පෙරට පැමිණි ඇති මේ ප්‍රගතිශිලින් සමාජ මාධ්‍ය උතුරේදි සහ නැගෙනහිරදි මර්ධනයට ලක්කරද්දි නිහඬව සිටියේ ඇයි?

ඉන් කියැවෙන කටුක සත්‍යය නම් මේ ප්‍රගතිශිලින් අති බහුතරයගේ දැක්ම සහ ස්ථාවරයන් සිංහල කේන්ද්‍රීය වි තිබිම නොවේද ?

උතුරේත් නැගෙනහිරදිත් පාගා දැමු ජන අයිතින් වලට එරෙහිව සටහන් කොට දශක තුනකට වඩා එහාට ගිය ඇදි ගිය යුද්ධය විසින් සිදුකළ මහත්වු විනාශයක් ලාංකිය සමාජය තුල අත්විදිමින් තිබියදි පවා අදටත් රාජ්‍ය මර්ධන හස්තයට ගොදුරුව බැට කන ඒ් අය ගැන දකුණේ දේශපාලන පක්ෂ මෙන්ම ප්‍රගිතිශිලින් යැයි ඔවුන්ම සිතා සිටින සැම ඉන්නේ මර නින්දකය.
ඉන් කියැවෙන්නේ කුමක්ද ?
උඔලාගේ සටන උඹලාම කරගනිල්ලා යන අදහස නොවේද ?

දේශපාලන ගැතිකම් වෙනුවෙන් මාධ්‍යකරණය හැසිරයු , හිට් වැඩිකරගැනිමට වාචලකම මාධ්‍ය භාවිතයක් බවට පත් කරගත් චමුදිතලා වැනි අය ගැන දකුණේ ගොඩනැගුන අවධානය උතුරේ ‌හෝ නැගෙනහිර මාධ්‍යකරුවන් වෙනුවෙන් කිසිදා යොමුව තිබුනේ නැත.



ඇතැම් දකුණේ මාධ්‍ය සංවිධානවලට පවා උතුරේ සහ නැගෙනහිර මාධ්‍යවේදින්ගේ මානව හිමිකම් මතක් වන්නේ ව්‍යපෘති වල සටහන් කොට ඇති ක්‍රියාකාරකම් නිමකරලිම වෙනුවෙන් පමණක්ද යන ප්‍රශ්ණය දැන් මතුව තිබේ.
ඒ් අයගේ මානව හිමිකම් කඩවෙද්දි මේ ඇතැම් මාධ්‍ය සංවිධාන මීක් කියා නැත. එහෙව් ඈයෝ දැන් උතුරේ සහ නැගෙනහිර විවිධ නගරවල මානව හිමිකම් ගැන මාධ්‍යවේදින් දැනුවත් කිරිම් දියත් කර ඇති බව ඒ පළාත්වල සිටින මාධ්‍ය ක්‍රියාකාරින් විසින් දැන් කියා සිටීති.
එපමණක් නොව උතුරේ සහ නැගෙනහිර මාධ්‍යවේදින්ගේ ඝාතන සැමරුම් නිරන්තරයෙන්ම මගහැර සිටි දකු⁣ණේ ඇතැම් කණ්ඩායම් දැන් උතුරටම ගොස් සැමරුම් සංවිධානය කරනු ලබන්නට යොමුව ඇති අයුරුද අප පසුගිය කාලය තුලදි දුටුවෙමු.

දකු⁣ණෙන් මාධ්‍යවේන් රැගෙන යමින් හුවමාරු වැඩසටහන්ද සංවිධානය කිරිම් මේ දිනවල කරලියේ ක්‍රියාත්මකය.උතුරේ මාධ්‍ය මර්ධනය ගැන කටක් ඇරපු නැති මාධ්‍යවේදින්ගෙන් මේ චාරිකා ඉදිරියේදි පිරි යනු ඇත.

දැන් මේ සියල්ල සිදුවන්නේ ව්‍යාපෘති වාර්තාවට අදාල ක්‍රියාකාරකම් සපුරාලිම සඳහා පමණක් නම් ඉන් කිසිදිනක උතුරු දකුණු සෑබෑ සහෝදරත්වයක් කිසි දිනක ගොඩ නොනැගෙනු ඇත.

ව්‍යාපෘතියේ වැඩ නිම වු පසු කඩේ වසා දමන දකුණේ කණ්ඩායම් විසින් උතුරේ සහ නැගෙනහිර සමාජ ක්‍රියාකාරින්, මාධ්‍යවේදින්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් හා ථෙන්ද්‍රිය සම්බන්ධයන් ගොඩ නැගිමට සිතන්නේ නම් සැබැවින්ම ව්‍යපෘති මානසිකත්වය එහා ගිය වැඩ සංස්කෘතියකට මුල පිරිය යුතුව තිබේ. 

එය සැබැවින්ම දකුණට අභියෝගයකි.?

හොර පාරෙන් විදුහල්පති පුටුවට පැන්න මිගමුවේ පියතුමාට වෙච්ච දේ ?

0

සමස්ථ කිතුණු සමාජයට මෙන්ම පුජකතුමන්ලාටද අවමානයක් එක් කරමින් විභාග වංචාව යෙදුන මිගමුව ශා.මරියා විදුහලේ විදුහල්පති ලෙස කටයුතු කළ ජයන්ත වික්‍රමසිංහ පියතුමා පසුගිය කාලය තුල පුවත් මැවු චරිතයක් බවට පත්ව තිබුණි.
ලංකා ගුරු සංගමය විසින් කර තිබුණ පැමිණිල්ලක් අනුව අදාල විභාග වංචාවට අදාල පරික්ෂණ ඇරඹි අතර පරික්ෂණ නිම වෙන තෙක් ජයන්ත වික්‍රමසිංහ පියතුමාව මිගමුව අධ්‍යාපන කලාපයට අනුයුක්ත කර තිබුණි.
තතු ඒසේව තිබියදි ජයන්ත පියතුමා සිය සමිපතම දේශපාලන හාම්පුතා වන නිමල් ලංසා මාර්ගයෙන් ආණ්ඩුකාරයාට බලපෑම් කරමින් කෙසේ හෝ විදුහල්පති පුටුවට මහරැ පැන්න පුවතක් පසුගිය දින වල මාධ්‍ය වල පළව විය.
ආණ්ඩුකාරතුමන් විසින් කර තිබුන නියෝග මත කලාප අධ්‍යක්ෂක විසින් විදුහල්පති ජයන්ත පියතුමා විදුහල්පති පුටුවේ යළි වාඩිකරවිමට කටයුතු කර තිබුනේ රාත්‍රි 8 ට පමණ බවද ලංකා ගුරු සංමය විසින් මාධ්‍ය හමුවේ කියා තිබුණි.

කෙසේ වෙතත් දේශාපාලන මැදිහත් විම් මත යළි තනතුරු ලැබු ජයන්ත වික්‍රමසිංහ පියතුමන්ට කාර්දිනල් හිමියන් දැනුම් තිබුනා යැයි වාර්තා වි තිබුනේ වහාම විදුහල්පතිධුරයෙන් ඉවත්ව විශ්‍රාම ගන්නා ලෙසය.
වපුරා ගත් අකාරයටම අස්වැන්න කපා ගන්නට සිදුවු ජයන්ත වික්‍රසිංහ පියතුමා සමස්ත කිතුණු සභාවට මඩ තලි පිටින්ම අතුල්ලා දැන් විශ්‍රාම ඉල්ලා අදාල ලියවිලි භාර තිබේ.

දේශපාලන හයිය ඇගට ගනිමින් කමකට පුජකවරයට නොගැලපෙන ආකාරයෙන් දිගටම කටයුතු කරමින් සිටි ජයන්ත වික්‍රමසිංහ පියතුමාට දැන් කතෝලික සභාව විසින් නියම දඩුවම ලබා දි තිබේ.
කිතුණු සභා නායකයන් ජයන්ත වැනි පියතුමෙකු ගැන මිට කලින්ම මෙවැනි තිරණයක් නොගත්තේ මන්ද යන්නත් සැබැවින්ම ගැටළුවකි.

දකුණට අමතක උතුරේ අත්අඩංගුවට ගැනිම් ???

0

ෂෙහාන් මාලක අත්අඩංගුවට ගැනිමත් සමගින් කතෝලික සභා නායකත්වය විසින් ඉදිරියට පැමිණ පොලිසියට සහ නීතිපති දෙපාර්තමේන්තුවට එරෙහිව දැවැන්ත විවේචනයක් මේ වන විට එල්ල කර තිබේ.
දකුණේ කතෝලික සභා නායකයන් රටේ පොලිසියේ අපාරධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කෙරුවාව ගැන ඒ ආකාරයෙන් විවේචනයන් ඉදිරිපත් කරමින් පෙරට පැමිණිම සැබැවින්ම අගේ කළ යුතුමය.
පසුගිය කාලය තුල සමාජ මාධ්‍යය යුද්ධයේ පිඩාවන් නිසා විලාප දෙන මව්වරුන්ගේ ඡායාරූපයක් බෙදාහැරියේ යැයි කියා වාලච්චේන පොලිසිය විසින් 2020 නොවැම්බර් මාසයේදි අත්අඩංගුවට ගෙන තිබුන ගෝකුලදාසන් නැමැති සමාජ දේශපාලන ක්‍රියාකාරියා තවමත් හිරේය.
සමාජ මාධ්‍ය හරහා සිය අදහස් බෙදා ගත් 100 කට වැඩි පිරිසක් නැගෙනහිර පළාතෙන් අත්අඩංගුවට ගෙන මාස ගණන් සිරගත කොට තිබේ.
අරුමය වන්නේ දකුණේ කතෝලික සභා නායකයන්ට හෝ මානව හිමිකම් සංවිධාන සහ මාධ්‍ය සංවිධානවලට හෝ මේ අත්අඩංගුවට ගැනිම් පොලිස් නරුමයත් ලෙසින් නොදැනි තිබිමය.
මෙයට අමතරව විශාල පිරිසක් ත්‍රස්ත විරෝධි පනත යටතේ අත්අඩංගුවට ගෙන වසර ගණන් සිරගෙවල් වලය.
ත්‍රස්ත පණතට එරෙහිව දමිළ දේශපාලන නායකත්වයෙන් ඊයේ ඇරඹි විරෝධතාවය ඉතාමත් වැදගත් වන්නේ මේ පසුබිම තුලය.
ත්‍රස්ත පණතට එරෙහිව වු පෙත්සමට පළමු අත්සන යොදා තිබුනේ කාර්දිනල් හිමියන් බව මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රාසමානික්කම් ඊයේ මාධ්‍ය හමුවේ කියා තිබුණි.
උතුරේ සහ නැගෙනහිර මර්ධනයට දැන්වත් දකුණට නොපෙනෙන් නම් ඔවුන් කිසිවිටකත් කිසි ලෙසකත් ප්‍රගතිශිලින් නොවේ. දකුණේ ප්‍රගිතිශිලින් ඒ් ග්‍රෝත්‍රික බැමි වලින් මිදි උතුරේ සහ නැගෙනහිර සමස්ථ මර්ධනය ගැන දැන්වත් දකුනේදි හඩ අවදි කළ යුතුව ඇත.

දකුණේ සිංහලයාගේ ගානට දේශපාලනය කපා ගත් සජබෙ අනාගත ඉරණම ?

0

ජනතාව තලා පෙලා දමන රාජපක්ෂ පාලනයට එරෙහි ශක්තිමත් විපක්ෂයක කාර්ය භාරය ඉටුකළ යුතුව ඇති සමගි ජනබලවේගයේ දේශපාලනයේ සිමාවේ ඉතා පැහැදිලි ලෙසින් මේ වන විටත් ලකුණු වෙමින් තිබේ. ඒ් එහි නායකය සජිත් ප්‍රේමදසාගේ දකුණේ සිංහල කේන්ද්‍රිය දේශපාලන භාවිතාව නිසා පමණක් නොවේ.

මාධ්‍යවේදියෙකුවද සිටි දැන් සමගි ජනබලවේගය වෙනුවෙන් මයික් ඉදිරියේ මත සමාජ ගත කරන ඒස් මරික්කාර් අද දිනයේ හිරු මාධ්‍යවේදි චමුදිතගේ නිවසට එල්ල වු ප්‍රහාරය ගැන අදහස් දක්වමින් කළ කථාවේ හරය ගත් කළ ඔහුගේ දේශපාලනය කැපි ඇති ප්‍රමාණයද මනාවට ඔප්පු වි තිබුණි.

පසුගිය රාජපක්ෂ පාලනය යටතේ ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකකයන් 44 දෙනාගෙන් 41 ක් දෙනෙකුම දමිළ මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන්ය.

එහෙත් රාජපක්ෂ පාලන සමයේ මාධ්‍ය මර්ධනය ගැන අදත් කතා කළ මරික්කාර්ට මතක තිබුනේ රාජපක්ෂලාගෙන් පිඩාවටපත් වු ,මර්ධනයට ලක්වු සිංහල මාධ්‍යවේදින් ගැන පමණය.

ඔහු විසින් මාධ්‍ය ඉදිරියේ අද කියාගෙන ගිය නම් ලැයිස්තුවේ ඝාතනයට ලක්වු ඒකදු දෙමළ මාධ්‍යවේදියෙකු නමක් නොවිය.
එය අහම්බයක්ද ? අතපසුවිමක්ද ?

නැත .

සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජනබලවේගය ශ්‍රි ලාංකික යැයි කියන සිය දේශපාලනය කපා‌ගෙන ඇති ප්‍රමාණය අදත් මරික්කාර් විසින් සමාජ ගත කර තිබුණි.

දෙමළාගේ හෝ මුසල්මානුවාගේ අයිතිය ගැන වගේ වගක් සජිත්ගේ දේශපාලනය තුල නැති බව මරික්කාර්ලා විසින්ම යළි යළිත් සනාථ කරමින් සිටි.

දකුණට අමතක වෙන උතුර ? චමුදිත සහ විශ්වලිංගම් ?

0

හිරු මාධ්‍යවේදි චමුදිතගේ නිවසට එල්ල වි ඇතැයි කියන ගල්, සහ අසුචි ප්‍රහාරය පිළිබද දේශපාලන පක්ෂ වල සිට ප්‍රධාන ප්‍රවාහයේ මෙන්ම නව මාධ්‍ය වලද අවධානය ‌මේ වන විට යොමුව තිබේ.
සුදු වෑන් රථයකින් පැමිණ මේ ප්‍රහාර එල්ල කර ඇතැයිද වාර්තා වේ.
කෙසේ වෙතත් චමුදිතගේ මාධ්‍ය භාවිතාව සහ ඒ් සංස්කෘතිය ගැන අපට ගැටළු රැසක් ඇතත් ඔහුට එල්ල කර ඇති මේ තර්ජන සැබැවින්ම පිලිකුල් සහගතය . අනිවාර්යෙන්ම හෙළා දැකිය යුතුය තිබේ.
එහෙත් අප මතු කරන්නට යන්නේ ඊටත් වඩා බැරැරුම් කරුණක් ගැනය.
එනම් පසුගිය නොවැම්බර් 27 වනදා මුලතිව් මාධ්‍ය සමාජය‌ේ භාණ්ඩාගාරික තනතුර දැරු නිදහස් මාධ්‍යවේදියෙකු වු විශ්වලිංගම් හට හමුදාවෙන් ප්‍රහාරයක් එල්ල වි තිබුනේ ඔහු මුලිවෛයිකාල් නාමපුරුවේ ඡායාරුපයක් ගනිමින් සිටි අතරේය.
වාර්තා වු අන්දමට කටු කම්බි ඔතන ලද තල් පිත්තක්ද මේ ප්‍රහාරය සදහා හමුදාව විසින් යොදාගෙන තිබේ.
ලේ පෙරෙන දෑත් සහිතව රෝහල් ගතකරන ලද විශ්වලිංගම් දින කිපයක් නේවාසිකව ප්‍රතිකාර ලබන්නට ද සිදුවිය.
එහෙත් මේ ප්‍රහාරය ගැන දකුණේ ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය කිසිදු වචනයක් සදහන් නොකළ අතර විකල්ප යැයි කියන නව මාධ්‍ය අති බහුතරයක් මුනිවත රැක්කේය.
මේ ප්‍රහාරයට එරෙහිව මිගමුවේදි ගම්පහ දිස්ත්‍රික් මාධ්‍යවේදින් සංවිධානය කරන ලද උද්ඝෝෂණය වාර්තා කරන්නට දැයි මිගමුවේ ප්‍රාදේශිය මාධ්‍යවේදියෙකු එක්තරා ජනප්‍රිය මාධ්‍ය ආයතනයකින් විමසා සිටියදි එහි දමිල අංශයේ ප්‍රවෘත්ති සංස්කාරකවරයෙකු කියා තිබුනේ විශ්වලිංගම් වෙනුවෙන් සංවිධානය කර තිබුන මිගමුවේ උද්ඝෝෂණය ආවරණය නොකරන ලෙසය.ඉන් නොනැවති ඔහු කියා තිබුන‌ේ ඒ් ප්‍රහාරය බොරුවක් බවය.
අප දන්නා තරමින් දකුනේ මාධ්‍ය සංවිධාන පවා මේ ගැන නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර බුකිවාසි ප්‍රගතිශිලින්ද සිටියේ මර නින්දකය.
මෙතන ඇත්තේ චමුදිත ජනප්‍රිය මාධ්‍යවේදියෙකු හෝ විශ්වලිංගම් එසේ නොවිම යැයි කියා සරල සංසන්දනයක් කිරිම නොව මර්ධන හස්තය මාධ්‍ය ක්ෂේත්‍රයේ කවරෙකුට හෝ එල්ල වුවද එය ලොකු පොඩි හෝ උතුරු දකුණු භේදයකින් යුතුව අවධානයට ලක්කළ යුතුව තිබේ.

කළු ජනවාරි සිහිකිරිම වෙනුවෙන් මාධ්‍යවේදින්ගේ ඝාතනය පිළිබදව සැමැරුම් කිපයක් කොළඹදි මෙන්ම යාපනයේදිද සංවිධානය කරන්නට යෙදුණි.
යාපනයේ සිදුකරන ලද බැනර් ප්‍රදර්ශණ සැමරුම කොළඹින් ගොස් සිටි මාධ්‍ය කණ්ඩායමක් විසින් සංවිධානය කර තිබුන බව උතුරේ මාධ්‍ය සගයන් විසින් කියා තිබුනි.
කෙසේ වෙතත් දකුනේ චමුදිතට ලැබෙන අවධානය මුලතිව්වල දමිළ මාධ්‍යවේදි විශ්වලිංගම්ට නොලැබුනේ ඇයි ? වාමාංශික දේශපාලන පක්ෂවලට පවා මුලිතිව් මාධ්‍යවේදියාට සිදුකරන ලද පහරදිම අමතක වි තිබුනේ අහම්බයකින්ද ?
හිට්ස් වෙනුවෙන් දුවන දකුණේ ප්‍රධාන ප්‍රවාහයේ කාබන් කොපි බවට පත්ව ඇති නව මාධ්‍යවලටද චමුදිතට ඒල්ලවු කක්කා ප්‍රහාරය ගැන රසවත් රචනා ලියන්නට සැදි පැහැදි සිටියද විශ්වලිංගම්ගේ ලේ පෙරෙන අත් ගැන ලියන්නට අමතක වෙයි .
සිංහලයා අතරේ දෙමළාගේ මර්ධනය උඩ දමා හිට්ස් ගත නොහැකි නිසා මේ අය චමුදිතව පමණක් උඩ දැමිමට තිරණය කරති.

විශ්වලිංගම්ගේ ම්ලේච්ඡ පහරදිමට නිකුත් නොවු මාධ්‍ය නිවේදන දැන් චමුදිත වෙනුවෙන් නිකුත් විම තුලින් කියා පාන කටුක ඇත්ත යනු අනාගත ශ්‍රි ලාංකික සමාජය ගැන තේරුම් ගැනිමට සැබැවින්ම තවත් කදිමම අවස්ථාවකි.

කුමාරපුරම් ඝාතනයේ 26 වන අනුස්මරණය…

0

කුමාරපුරම්හි දී දෙමළ ගම්වාසින් 26 දෙනෙකු කෲර ලෙස ඝාතනය කිරීමේ 26 වන වසර අනුස්මරණය ඊයේ(පෙබරවාරි මස 11) වන දින, සිදු කෙරුණේය. ඝාතනය වූවන් අතර කාන්තාවන් සය දෙනෙක්, පිරිමින් පස් දෙනෙක් සහ ළමයින් 13 දෙනෙක් (වයස අවුරුදු 18 ට අඩු) වූහ.


එමෙන්ම ඝාතනයට ලක්වූවන් අතර ගැබිණි කාන්තාවක් සහ මරාදැමීමට පෙර සමූහ-දූෂණයට ලක් වී යැයි කියන 15 හැවිරිදි දැරියක් ද වූහ. අනෙකුත් ගම්වාසීහු 26 දෙනෙක් බරපතළ තුවාල ලැබූහ. මරාදැමූවන්ගේ සමීපතමයින් විසින් යුක්තිය ඉල්ලා මේ වසර 26ක් පුරාවටම පහන් දැල් වූහ! නමුත්, යුක්තිය ඉටුවන බවට සේයාවක් වත් මේ දූපතේ නැති වීම ම ‘දූපතේ ඛේදවාචකය’ හි තරම අවබෝධ වන්නට තවත් දේවල් අවශ්‍ය වන්නේ නැත.
(සම්පත් සමරකෝන්ගේ ෆේස් බුක් පිටුවෙනි )