Monday, September 23, 2024
Home Blog Page 16

විදුලි ඒකකයක මිළත් ඉහලට …?

0

විදුලි බිල කඩිනමින් වැඩි කළ යුතු බව ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වේ

අධ්‍යක්ෂ මණ්ඩල තීරණය විදුලිබල අමාත්‍යාංශයට දැනුම් දී ඇති අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා යොමු කරන ලෙස අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇත. කෙසේ වෙතත් විදුලිබිල වැඩි කළ යුතු මිල ගණන් වාර්තාව මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලය සකස් කරන බවද අනාවරණය වි ඇත.

මේ අතර කෙසේ වෙතත් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ප්‍රකාශ කළේ රුපියල් දෙකයි ශත පනහක් වන ඒකකයක් රුපියල් පහළොවක් දක්වා වැඩි කිරීමට යෝජනා වී ඇති බවයි. විදුලි බල මණ්ඩලය ඩීසල් ලබා ගැනීම සඳහා ගෙවිය යුතු මුදල් මෙන්ම වෙනත් ගෙවීම් රුපියල් කෝටි 4000 ඉක්මවා ඇති බවද සංගමයේ කැඳවුම්කරු සංජීව ධම්මික කියා තිබුණි.

බේකරි නිෂ්පාදන සියල්ලකම මිළ ඉහල යයි !බත් පැකට් එකක් රු 20 කින් නගී !

0

තිරිඟු පිටි මිල ඉහළ දැමීමත් සමග බේකරි නිෂ්පාදන වල මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 20 -30 අතර මිලකින් ද, බනිස් ගෙඩියක් රුපියල් 10කින් ද අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන පවසා තිබුණි..

මෙම මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වන අතර බත් පැකට්ටුවක මිල රුපියල් 20, කොත්තුවක් රුපියල් 10කින් සහ කෙටි ආහාර (ෂෝට් ඊට්ස්) රුපියල් 5 කින් මිල ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන් ගේ සංගමයද තීරණයක් ගෙන තිබේ.

ප්‍රිමා පාන් පිටි කිලෝවක මිළ රු 40 කින් වැඩිකෙරේ ?

0

ශ්‍රී ලංකාවේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල අද සිට ඉහළ දමා තිබේ. සෙරන්ඩිබ් සමාගම නිවේදනය කළේ තිරිඟු පිටි කිලෝග්‍රෑම් 1ක පැකට්ටුවක මිල රුපියල් 35කින් ඉහළ දමා ඇති බවය
මෙම මිල වැඩි කිරීම අද සිට ක්‍රියාත්මක වන බවද එම සමාගම පවසයි.

මේ අතර ප්‍රීමා සමාගම ද තිරිඟු පිටි කිලෝවක මිල ඉහළ නංවා ඇතැයි අලෙවි නියෝජිතයෝ පවසන බව නිව්ස් වයර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ,
අලෙවි නියෝජිතයන් පවසා ඇත්තේ ප්‍රීමා සමාගම තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 40 කින් ඉහළ දමා ඇති බවය
ප්‍රීමා සමාගමේ මිල වැඩිවීමද අද සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. තිරිඟු පිටි මිල ඉහළ නැංවීමට සමගාමීව බේකරි භාණ්ඩවල මිල ද ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පෙට්ට්‍රල් ලීටරයක් රු. 254 යි ! ඩීසල් රු 214 යි !

0

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ළෝ සමාගම විසින් සියලුම වර්ගයේ පෙට්ට්‍රල් සහ ඩිසල් මිල ඉහළ දැමීමට තීරණය කර ඇත.

 ඒ අනුව ඩිසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් ඉහළ දමා තිබේ.

මේ ඉතිහාසයේ පළමු වතාවට පෙට්ට්‍රල් ( 92) ලිටරයක් මිළ රු 254 ක් ලෙසත් , ඩිසල් ලිටරයක් රු 214 ක් ලෙසත් ඉහල ගොස් තිබේ.

මාතර ගෑස් පෝලිමකින් ”යෝගට් දන්සැලක්” මතුවෙයි

0

මේ දවස්වල රටේ ජනතාවගේ කාලය වැඩිපුරම ගතවෙන්නේ විවිධ පෝලිම්වලටය.පහුගිය කාලය පුරාවටම ජනප්‍රියම පෝලිම බවට පත්ව තිබු ඉන්ධන පෝලිම්වලටත් තරගයක් දෙමින් දැන් රටපුරා ගෑස් වලටත් පෝලිම්ය.
මේ අතර මේ පෝලිම් මුලික කොට ගෙන රසවත් සිදුවිම්ද වාර්තා වන්නට පටන් ගෙනය.
මාතර හොට් නිව්ස් ෆේස් බුක් පිටුව මේ පිළිබදව අපුරු සටහනක් තබා තිබුණි.
ඒය සැකවින් මෙසේය.



මාතර ගෑස් පෝලිමේ ජනතාවට යෝගට්..මාතර උතුම් මනුස්සකම…මාතර නූපේ හංදිය ආසන්නයේ ඉන්ධන පිරවුම්හල අසල පැය ගණන් රස්තියාදු වෙමින් අව්වේ දුක් විදිමින් ගෑස් මිලදී ගැනීමට පැමිණ දිගු පෝලිම් වල අසරණ වී සිටි අපේම ආදරණීය ජනතාවට යෝගට් ලබා දීමට පරිත්‍යාගශීලීයෙකු ඉදිරිපත් වී තිබුණි.ඔහු හෝ ඇය කවුරුන්දැයි නොදන්නා වුවත් එය මාතර උතුම් මනුස්සකම පෙන්නුම් කල තවත් කදිම අවස්ථාවකි.

සැබැවින්ම එය අගනේය..
(ඡායාරූප- සමෝද් ලක්ෂිත විසිනි)

රනිල් වික්‍රමසිංහ, මානව නිදහස සහ යුක්‍රේන යුද්ධය – සුනන්ද දේශප්‍රිය

0

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ යුක්‍රේනයේ රුසියානු ආක්‍රමණය කරන සාධාරණ කරන තවත් ක්ෂමාලාපයකයකු බවට පත්ව තිබේ.

සිරස රුපවාහිනිය සමඟ කරන සාකච්ජාවකදී ඔහු සම්පුර්ණයෙන්ම වරද පටවන්නේ ය්‍රක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි වෙතය.

යුක්‍රේනයේ රුසියානු ආක්‍රමණය පිළිබඳ කේන්ද්‍රීය ප්‍රශ්නය නම් බලවත් රටකට කුඩා රටක් ආක්‍රමණය කර අල්ලා ගැනීමට අයිතියක් ඇත්තේද යන්නය. අන් සියලු කරුණු ද්විතීයකය. වික්‍රමසිංහට එම කාරණය අදාළ නැති බව සාකච්ඡාව පුරාම පෙනේ.

රුසියාව “සමාජවාදී” රටක් යැයි මොහොතකට සිතුවද එයට අන් රටක් ආක්‍රමණය කිරීමට අයිතියක් නැත.

වික්‍රමසිංහ මෙම සාකච්ජාවෙහිදී කොතරම් බාල තත්වයකට ඇද වැටෙන්නේ ද යත් ඔහු ජේ.ආර්. ජයවර්ධන සහ සෙලෙන්ස්කි සංසන්දනය කරමින් කියන්නේ එය රාජ්‍ය තන්ත්‍රය සහ රඟපෑම අතර වෙනසක්  බවයි. මේ වනාහී වික්‍රමසිංහගේ තර්කයක් නොවේ. සෙලෙන්සකිට විරුද්ධව රුසියානු යුද ප්‍රචාරකයන් විසින් දමා ගසන මළකඩ කෑ ආයුධයකි.

එසේ නමුත් ඇත්ත යථාර්තය නම් ජේ.ආර්. ජයවර්ධන මෙරට විනාශ මුඛයට ගෙන ගිය දේශපාලනඥයකු ලෙස ඉතිහාස ගතවී ඇති අතර සෙලෙන්සි වීරයකු බවට පත්ව ඇති බවය.  ඇමෙරිකානු ජනාධිපතිවරයකු වූ රොනල්ඩ් රීගන්, තමිල් නාඩුව හෙබ වූ එම්.ජී. රාමචන්ද්‍රන් වැනි දේශපාලනඥයින් බවට පත් රංගන ශිල්පීන් ලොවෙහි අඩුවක් නැත.


ඉන්දු ලංකා ගිවිසුම ගැන මුසාවාද


වික්‍රමසිංහ කියන්නේ ජේ.ආර්. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළේ බලය බෙදා හැරීම මගින් දෙමළ ජනයාට දේශපාලන විසදුමක් දීමට නොව ඉන්දියාව එල්ටීටීඊය සමඟ යුද්ධයට යැවීමට බවයි. එය අමූලික බොරුවකි. ඒල්ටීටීඊ සංවිධානය ගිවිසුම පිළිගත්තේ නම් ප්‍රභාකරන්ට ඒකාබද්ධ කරන ලද උතුරු නැගෙනහිර පලාතේ මහ ඇමැතිවීමට ඉඩ තිබුණි.

1987 වර්ශයේ ශ්‍රී ලංකාවේ තිබූ තත්වය සහ අද යුක්‍රේනයේ ඇති තත්වය අහසට පොළොව මෙන් වෙනස්ය. ඒ කෙසේ වෙතත් ඉන්දු ලංකා ගිවිසුම දකුණු ශ්‍රී ලංකාවෙහිද සිවිල් යුද්ධයකට මඟ පැදු බව වික්‍රමසිංහ දැන සිටිය යුතුය.


බල දේශපාලනයට යටත් වෙමුද?


මෙම සාකච්ඡාව තුළ දැකිය හැකි වික්‍රමසිංහගේ පිළිවෙත නම් බල දේශපාලනයට කුඩා රටවල් යටත් විය යූතුය යන්නයි. රුසියානු හමුදාව අපරාජිත හමුදාවක් ලෙස වර්ණනා මුඛයෙන් කතා කරන ඔහු කියන්නේ යුක්‍රේනයට එවැනි හමුදාවක් සමඟ සටන් කළ නොහැකි බවය. ඇප්ගනිස්ථානයේ දී රුසියානු හමුදාව පරාජය වූ බව ඔහුට අමතක වෙයි.

වික්‍රමසිංහ 2002 වර්ශයේදී ඒල්ටීටීඊය සමඟ අත්සන් කරන ලද ගිවිසුමෙහිද වූයේ  හුදෙක් බලය සමඟ ගනුදෙනු කිරීමේ පිළිවෙතය. එය අත්සන් කිරීමේදී ඔහු අඩුම වශයෙන් ජනාධිපතිනිය හෝ දැනුවත් කළේ නැත. එකළම පවා මෙම ලේඛකයාද ඇතුළත් වූ සාම සහයෝගිතා කණ්ඩායම (PSG) සටන් විරාම ගිවිසුමෙහි වු මෙම දෝශ පෙන්වා දෙන ලදී. වික්‍රමසිංහගේ දේශපාලනය තුළ මහා ජනයා යැයි සාධකයක් නැත.

එනයින්ම සාකච්ඡාව පුරා රනිල් වික්‍රමසිංහ කතා නොකරන තහනම් මාතෘකාවක් තිබේ. එනම්  මානව නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදයයි. මෙම වචන දෙක එකම තැන හෝ වික්‍රමසිංහ සඳහන් කරන්නේ නැත. ඔහුගේ සමීකරණයේ ඇත්තේ රුසියානු හමුදාව සහ යුක්‍රේනයේ හමුදාව පමණි.

මාස දෙක තුනකින් රුසියාව කිව් අගනුවර අල්ලා ගත් පසු ඒහි ජනයා ජනාධිපති සෙලෙන්ස්කිට දොස් පවරනු ඇතැයි එම සාකච්ජාවෙහිදී වික්‍රමසිංහ කියන්නේ මහා ජනයා ගැන ඔහුට කිසිම හැගීමක් හෝ අවබෝධයක් හෝ නැති නිසාය.

 එකම තැනකදී වික්‍රමසිංහ යුක්‍රේනය මර්දනකාරී ආණ්ඩුවක් බව පෙන්වීමට කියන්නේ මෑතදි එරට මාධ්‍යවේදියකු අඩංගුවට ගත් බවයි. රුසියාව තුළ මේ වන විට යුද විරෝධී පිරිස් දස දහසකට වඩා අත් අඩංගුවට ගෙන ඇති බවත් එරට ජනප්‍රියම විපක්ෂ නායකයා වන ඇලෙක්සි නොවානි බොරු චෝදනා මත සිරගත කර සිටින බවත් වික්‍රමසිංහට අමතකය. වත්මන් රුසියාවෙහි නිදහස් ජන මාධ්‍යයක් නැත.

යුද්ධයට විරුද්ධවවූ රෙන් ටීවී මාධ්‍යවේදිනියක්

එපමණක් නොව පුටින් රුසියාවෙහි සියලු සමාජ ජාල තහනම් කර තිබේ. පසුගියදා එරට පැවැති අවසාන ස්වාධීන මාධ්‍ය ආයතනය වූ TV Rain හි මාධ්‍යවේදී කණ්ඩායම සිය ආයතනය වසා දමමින් එහි අවසන් ප්‍රචාරය අවසන් කලේ “ යුද්ධය එපා” යන සටන් පාඨය සමඟය.

වික්‍රමසිංහට අනුව යුක්‍රේනය වනාහී සොවියට් සංගමයට අයත්ව තිබී කැඩී ගිය රටකි. ඔහුට අමතක වන්නේ යුක්‍රේනය සාර් අධිරාජ්‍ය විසින් යටත් කරගෙන තිබූ බවත් පුටින්ම කියා ඇති පරිදි ඔහුගේ අරමුණ එම අධිරාජ්‍ය යටතේ තිබූ යුක්‍රේනය යළි ඇදා ගැනීම බවත්ය.

යුක්‍රේනය නමින් සෛවරී රාජ්‍යයක් තමන් පිළි නොගන්නා බව පුටින් කියයි. එනමුත් යුක්‍රේනය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගෙන ඇති ලොව පුරා තමන්ගේම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති නුතන රාජ්‍යකි.

වික්‍රමසිංහ එය පිළිනොගන්නවා පමණක් නොව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ රටවල් 141ක් විසින් සම්මත කරන ලද රුසියානු ආක්‍රමණයට විරුද්ධ යුක්‍රේනයට පක්ෂ යෝජනාව වැඩකට නැති එකක් බව කියයි. ඔහු කියන්නේ මෙම යුද්ධයේ දී තනි වී ඇත්තේ බටහිර බවයි.

වික්‍රමසිංහගේ නමින් ඇසෙන්නේ ඒකධිපති පුටින්ගේ හඬය. ඔහුට අනුව රුසියාව ලද ඡන්ද 2ට විරුද්ධව ජන්ද 141ක් ලද ඒක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ යෝජනාව වැඩකට නැත. එසේ නම් ඒම මණ්ඩලය කුමකටද?



එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී 32ට 02ක් ලෙස සම්මත වූ යෝජනාව මගින් රුසියානු ආක්‍රමණය හෙළා දැක යුද අපරාධ විමර්ශනය කිරීමට හදිසි යාන්ත්‍රණයක් පිහිටුවීමට තීරණය කිරීමද වික්‍රමසිංහ නොසළකා හරියි. එම යෝජනාවට  චීනය පවා විරුද්ධ වූයේ නැත.

යුද්ධය ආරම්භ කිරීමට පුටින් ඉක්මන් වූවා වැඩිද යන ප්‍රශ්නයට වික්‍රමසිංහ එක එල්ලේම පිළිතුරු දෙන්නේ “ නැහැ” කියාය. තවද ඔහු කියන්නේ පුටින් උපක්‍රමිකව නිවැරදි බවයි.

අද රුසියානු රූබලය සියයට 50කින් අවප්‍රමාණ වී තිබේ. එනමුත් වික්‍රමසිංහ කියන්නේ බටහිර රටවල් විසින් පණවන ලද සම්බාධක ගණන් නොගෙන කටයුතු කිරීමට පුටින්ට හැකි බවයි.

යුද්ධය ආරම්භ කිරීමට පුටින් ඉක්මන් වූවා වැඩිද යන ප්‍රශ්නයට වික්‍රමසිංහ එක එල්ලේම පිළිතුරු දෙන්නේ “ නැහැ” කියාය. තවද ඔහු කියන්නේ පුටින් උපක්‍රමිකව නිවැරදි බවයි. වසර 25ක් පුරා නායකයාව සිට එක්සත් ජාතික පක්ෂය වළපල්ලටම යැවූ වික්‍රමසිංහ කෙටියෙන් කියන්නේ මෙම ආක්‍රමණය දියත් කිරීම නිවැරදි බවයි.

සාකච්ඡාවෙහි දී වික්‍රමසිංහ කියන්නේ සෙලෙන්ස්කි කළ යුතුව තිබුණේ පුටින් හමු වී මෙම ප්‍රශ්නය විසඳා ගත යුතුව තිබූ බවයි.

යුද්ධයකින් තොරව යුක්‍රේන ප්‍රශ්නය විසදා ගැනීම පිනිස පසුගිය ජනවාරියේදී ජිනීවාහි ඇමෙරිකානු සහ රුසියානු නියෝජිතයින් අතර සාකච්ඡා කරන ලදී. ප්‍රංශ සහ ජර්මානු රාජ්‍ය නායකයින් මොස්කව් බලා ගොස් පුටින් සමඟ සාකච්ඡා කරන ලදි. මෙම සෑම සාකච්ඡාවකදීම පුටින් කියා සිටියේ තමන් යුක්‍රේනය ආක්‍රමණය නොකරන බවයි.

“සෙලෙන්ස්කි නියෝජනය කරන්නේ 2004-2005 හි එරට ඇවිල ගොස් ජයග්‍රාහී වූ ප්‍රජාතන්ත්‍රවාදී තැඹිලි වර්ණ විප්ලවයේ උරුමයයි. යුක්‍රේන ජනයා සටන් කරන්නේ එම ප්‍රජාතන්ත්‍රවාදී සහ මානව නිදහසේ උරුමය රැක ගැනිමටය.”

මෙම යුද්ධය වික්‍රමසිංහට අනුව රටවල් දෙකක් අතර යුද්ධයක් නොවේ. එය බටහිර සහ රුසියාව අතර යුද්ධයකි. තවද ඔහු කියන්නේ බටහිර මෙම යුද්ධයෙන් පරාජය වී ඇත බවයි. රුසියානු ආක්‍රමණය දැනටමත් ජය ගෙන ඇතැයි වික්‍රමසිංහ උපකල්පනය කරයි. එය යථාර්තය නොවේ.

ලක්ෂය ඉක්මවු රුසියානු හමුදාවක් ආක්‍රමණයේ යෙදී සිටිති.

දින දෙක තුනකින් අවසන් කිරීමට සිතා පුටින් දියත් කළ යුද්ධයට දැන් දින 13ක් ගතවී තිබේ. රුසියානු සොල්දාදුවන් දහස් ගණනින් මිය ගොස් ඇත. යුක්‍රේන ජනයා පෙන්වන රණකාමීත්වය පුටින් අපේක්ෂා කළේ නැත.

සෙලෙන්ස්කි නියෝජනය කරන්නේ 2004-2005 හි එරට ඇවිල ගොස් ජයග්‍රාහී වූ ප්‍රජාතන්ත්‍රවාදී තැඹිලි වර්ණ විප්ලවයේ උරුමයයි. යුක්‍රේන ජනයා සටන් කරන්නේ එම ප්‍රජාතන්ත්‍රවාදී සහ මානව නිදහසේ උරුමය රැක ගැනිමටය.

ලොව පිළිගත් ඉතිහාසඥයකු වන “සේපියන්ස්” හි කතෘවන යුවල් නොහා හරිරී පෙන්වා දී ඇති පරිදි රුසියාව දැනටමත් යුද්ධයෙන් පරාද වී තිබේ.

ඔහු මෙසේ කියයි:



“රුසියානුවන්ට තවමත් මුළු යුක්‍රේනය යටත් කර ගැනීමට හැකියාව තිබේ. නමුත් යුද්ධය ජය ගැනීමට නම් රුසියානුවන්ට යුක්‍රේනය අල්ලා ගෙන සිටීමට සිදුවනු ඇත. ඔවුන්ට එය කළ හැක්කේ යුක්‍රේනය ජනතාව ඊට ඉඩ දුන්නොත් පමණි. වැඩි වැඩියෙන් පෙනෙන්නේ මෙය සිදු විය නොහැකි දෙයක් බවයි.

විනාශ කරන ලද සෑම රුසියානු යුද ටැංකියක්ම සහ මිය යන සෑම රුසියානු සොල්දාදුවෙක්ම යුක්‍රේනයනියානුවන්ගේ ධෛර්යය වැඩි කරයි. තවද මරා දමනු ලබන සෑම යුක්රේන ජාතිකයෙකු විසින්ම යුක්රේනියානුවන්ගේ වෛරය ගැඹුරු කරයි.

ද්වේෂය යනු චිත්තවේගයන්ගෙන් දුෂ්ඨතම එකය. එහෙත් පීඩිත ජාතීන්ට වෛරය සැඟවුණු නිධානයකි. හදවතේ ගැඹුරට තැන්පත් වී, එමගින් පරම්පරා ගණනාවක් තිස්සේ ප්‍රතිරෝධය පවත්වා ගත හැකිය.

අවාසනාවකට මෙන්, මෙම යුද්ධය දිගු කාලයක් පවතිනු ඇත. නමුත් වඩාත්ම වැදගත් කාරණය දැනටමත් තීරණය වී අවසන්ය.  යුක්‍රේනය සැබෑ ජාතියක් බවත්, යුක්‍රේනයානුවන් සැබෑ ජනතාවක් බවත්, ඔවුන් අනිවාර්යයෙන්ම නව රුසියානු අධිරාජ්‍යයක් යටතේ ජීවත් වීමට කැමති නැති බවත් පසුගිය දින කිහිපය විසින් මුළු ලෝකයටම ඔප්පු කර ඇත.”



මහා ජනයා යැයි සාධකයක් නැති වික්‍රමසිංහට නොතේරෙන ඉතිහාසීය සත්‍යය එයයි.

වික්‍රමසිංහ යුක්‍රේනය, රුසියාවට යටත් විය යුතුව තිබුණේ යැයි කියන තර්කය සාධාරණ නම් බංගලි දේශය, පකිස්ථානුවන් සමඟද වියට්නාමට ප්‍රංශුවන් සහ ඇමෙරිකානුවන් සමඟද යුද්ධයට නොයා යුතුව තිබුණි.

ලේක ඉතිහාසය එය නොවන බව වික්‍රමසංහ නොද්දනවා නොව ඔහුගේ සාකච්ඡාවේ අරමුණ ශ්‍රී ලංකාවේ පැතිර ඇති බටහිර විරෝධය දඬමීමා කරගෙන හෝ තව ආසනයක් දෙකක් වැඩි කර ගැනීම විය හැකිය.

එනමුත් මෙරට හිටපු අගමැතිවරයකුද වන වික්‍රමසිංහගේ රුසියානු ගැති යුදවාදී මතවාදය නිකමටම අමතක වී නොයනු ඇත.


ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය
sunandadeshapriya@gmail.com

@ ජිනීවා නුවර සිට…

(උපුටා ගැනීම – srilankabrief.org)

උතුර නැගෙනහිර මතින් මුදා ගැනීමට ‘හමුදාව පිටව යා යුතුයි’

0

මත්ද්‍රව්‍ය උවදුරෙන් උතුරු නැගෙනහිර පළාත් මුදවා ගත හැක්කේ ආරක්ෂක හමුදා ඉන් පිටත්ව යාමෙන් පසු බවට උතුරේ පළමු මහ ඇමැතිවරයා අවධාරණය කර තිබේ.
‘ආරක්ෂක හමුදා කවදා ද උතුරු නැගෙනහිර පළාත් වලින් පිටත්වෙලා යන්නේ? ඒ දවසට තමයි අපේ ප්‍රදේශ වල මත්ද්‍රව්‍ය පාලනය කරන්න පුළුවන් වෙන්නේ,’ යැයි දෙමළ ජාතික මහජන සන්ධානයේ නායක, උතුරු පළාත් හිටපු මහ ඇමැති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී, සී.වී.විග්නේශ්වරන් පවසයි.

යාපනයේ රාජ්‍ය නොවන සංවිධානයක උත්සවයකට සහභාගීවෙමින් හිටපු මහ  ඇමතිවරයා කියා සිටියේ 2009 වසරේ මැයි 18 වැනිදාට පෙර උතුරු නැගෙනහිර පළාත් වල මත්ද්‍රව්‍ය උවදුරක් නොතිබුණු බවයි.

”2009 මැයි 18 වැනිදායින් පස්සේ මෙහෙ ඉන්නේ රජයේ ආරක්ෂක හමුදාව. ඉතිං එදා නොතිබුණු දෙයක් අද කොහොමද තියෙන්නේ. ඒ කාලේ නැති දෙයක් අද තියෙනවා නම් ආරක්‍ෂක අංශ වල ඊට සම්බන්ධයක් ඇතිබවයි මගේ අදහස.”

”අද ඉස්කෝල වලට මත් ද්‍රව්‍ය වීසිකරන තත්වයක් තියෙන්නේ. ඒවාට ගැහැණු ළමයින් පවා හුරුවෙලා. මේවා කරන්නේ කවුද කියලා පොලිසිය හොඳට දන්නවා .නමුත් ක්‍රියාත්මක නැහැ.”

උතුරු නැගෙනහිර පළාත් වලින් රජයේ හමුදා පිටව යාමෙන් අනතුරුව දෙමළ බස වහරන පොලිසියක් මගින් මත්ද්‍රව්‍ය උවදුර ඉවත් කළ හැකි බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විග්නේශ්වරන් විශ්වාසය පළ කරයි.
theleader.lk

ෆේස් බුක් පින්තුරයක් නිසා මාස 16 ක් හිරේ හිටපු මාධ්‍යවේදියෙක්ට ඇප …

0

යුද්ධයෙන් පිඩාවට පත් මව්වරුන්‌ගේ ඡායාරූපයක් ෆේස් මගින් බෙදාහැරිමට කටයුතු කර තිබු මාධ්‍යවේදියෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන පසුගිය මාස 16ක කාලයක් රඳවාගෙන සිටිමෙන් අනතුරුව ඊයේ දිනයේ ඇප මත නිදහස් කර තිබුණි.
මේ අනුව මඩකලපුව – කින්නයාඩි වාලච්චේන ප්‍රදේශයේ මාධ්‍යවේදී එම්.ගෝකිලදාසන් (38) ඊයේ (7) වාලච්චේන දිසා මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.

2020.11.28 වැනි දින වාලච්චේන පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන වාලච්චේන දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. මාස 16 කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඔහු නීතිපතිවරයාගේ උපදෙස් මත රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හැර ඇත.

මාසයේ අවසන් ඉරිදා දිනයේ වාලච්චේන පොලිස් ස්ථානයට ගොස් පෙරවරු 9 ත් 12 ත් අතර අත්සන් කළ යුතු බවට ද අධිකරණය නියම කළේය.

කොළඹ මානව හිමිකම් සහ සංවර්ධන මධ්‍යස්ථානය විසින් ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා මෑතකදී පිහිටුවන ලද අගවිනිසුරු අශෝක ද සිල්වා යටතේ පිහිටුවන ලද උපදේශක මණ්ඩලය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබුනි.
එම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව නිදහස් කිරීමට හෝ ඇප මත මුදා හැරීමට තීරණය කර තිබුන අතර . සැකකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ.එස්.රත්නවෙල් සහ නිතිඥ රනිතා ඥානරාසා නීතිපති දෙපාර්තමේන්තුවේ උපදේශක මණ්ඩලය හමුවේ පෙනී සිටි ඇත.

මාධ්‍යවේදී එම් ගෝකිලදාසන් නිදහස් කිරීම සඳහා මාධ්‍ය සංවිධාන, ප්‍රජා මට්ටමේ සංවිධාන, පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා ජනතා නැගිටීමේ ව්‍යාපාරය ආදී විවිධ සංවිධාන ඉදිරිපත් වී කතා කිරීම විශේෂත්වයකි.

කොවිඩ් වැළදි මිය අයගේ මළ සිරුරු වැළලිමේ නීතියත් රිවර්ස් ?

0

කොවිඩ්  වැළඳී මිය ගිය පුද්ගලයන්ගේ මළසිරුරු මින් ඉදිරියට  මෙරට ඕනෑම සුසාන භූමියක වැළලීමට  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය  අසේල ගුණවර්ධන මහතා අවසර ලබා දී ඇත.

මෙයට අදාල විශේෂ චක්‍රලේඛය  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ නිකුත් කරනු ලැබු බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

අධිකරණ වෛද්‍ය විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් මගින් දෙනු ලැබූ  නිර්දේශ සහ කාලීන අවශ්‍යතා සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බව කොවිඩ් 19 සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය.

නිති පතා ගැසට් රිවර්ස් කරන පසුබිමක දැන් කොවිඩ් මළ සිරුරු වැළලිම කළ යුතු ආකාරය පිළිබද නියෝගයද දැන් රිවර්ස් කර තිබේ.ඒ අනුව දැන් ඒ් මළ සිරුරු ඔ්නැම සුසාන භුමියක වළදැමිමට හැක.

පහර කෑ මාධ්‍යවේදියා තවමත් රෝහලේ ! මැරයන්ට ඇප?

0

ඉන්දන ප්‍රශ්ණය පිළිබදව මාධ්‍ය ආවරණයක් සදහා මිගමුව දළුපත ඉන්ධන පිරවුම් හලට ගිය සිරස මාධ්‍යවේදි M.Z  සහජාන්ට පහර දි ඔහුගේ ජංගම දුරකථනයත්, රජයේ මාධ්‍ය හැදුනුම් පතත් උදුර‌ාගත් තෙල් ෂෙඩ් මැරයන් අද මිගමුව උසාවියේදි ශරිර ඇප මත නිදහස්ව  ඇතැයි වාර්තා වේ.

මෙම ම්ලේඡ්ච මැර ප්‍රහාරයට අදාල CCTV  දර්ශණ ඊයේ රාත්‍රියේම ලබාගන්නා බවට මිගමුව පොලිස් ස්ථානාධිපති විසින් මාධ්‍යවේදි සහජාන් හට දැනුම් දි තිබුණද එය ඒසේ සිදුව තිබුනේ යන්න තවමත් තොරතුරු වාර්තා වි නොමැත.

පහරකෑමට ලක්වු සිරස මාධ්‍යවේදියා තවදුරටත් මිගමුව රෝහලේ 6 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි.
මෙම මැරයන් විසින් හොරෙකුට මෙන් මාධ්‍යවේදියෙකුට පහරදිමටත් වඩා මතුව ඇති ප්‍රධාන ගැටළුවක් වන්නේ ඔහුගේ දුරකථනය මෙන්ම රජය විසින් නිකුත් කර ඇති මාධ්‍ය හැදුනුම්පත උදුර‌ාගෙන ගෙන තිබිමය.ඒසේ කරන්නට  තෙල් ෂෙඩ් මැරයන් හෙට දිනයේදිද විවිධ නගර වලදි මාධ්‍යවේදින්ට හිරහැර කරනු ඇත.

අපට ජනමාධ්‍ය ඇමතිගෙන් අසන්නට ඇත්තේ මාධ්‍ය ආවරණයකට යන මාධ්‍යවේදියෙකුගේ ආරක්ෂාවට ලබා දෙන රජයේ හැදුනුම්පත මොකටදැයි කියාය.ඒසේ කටයුතු කරන මැරයන්ට පහසුවෙන් ගැලවෙන්නට  හැකි වාතාවරණයක්  පොලිසි විසින් සකස් කරනු ලබන්නේ මේ මාධ්‍ය හැදුනුම්පත් කුමකටදැයි කියාය.

මේවැනි  බියක් සැකයක් නැතිව මැර වැඩ කරන්නට හැකි පරිසරයක්  රට තුල දැන් නිර්මාණය වෙමින් ඇති බව දිනෙන් දින පැහැදිලි වෙමින් තිබේ.

සිරස මාධ්‍යවේදියාට පහර දුන් තවත් පුද්ගලයන් පිරිසක් සිටින බවත් ඒ් අයව අත්අඩංගුවට ගන්නේ නැද්දැයි අප කළ විමසුමට මිගමු පොලිස් ස්ථානාධිපති කියා සිටියේ ඒ් අයවත් අත්අඩංගුවට ගන්නා බවය.