Sunday, September 22, 2024
Home Blog Page 15

ගෑස් සිලින්ඩරයක මිළ රු 2000 කින් ඉහල යයිද ?

0

ගෑස් සිලින්ඩරයක් රු 5000 කටත් ඉහලට යනු ඇතැයි මේ දිනවල විවිධ කථා බහට ලක්ව තිබේ. දිනපතා විවිධ භාණ්ඩ හා සේවාවන්ගේ මිළ ඉහල යෑම් ප්‍රවෘත්ති බවට පත්වෙමින් ඇති සමාජයක ගෑස් මිළ ඉහල ගියා යන්න තවත් පුවතක් පමණක් විය හැකි වුවද එය විසින් ජනජිවිතට මුදාහරින ජිවන බර අතිවිශාලය.

පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ ලිට්‍රෝ සමාගමට ගෑස් කර්මාන්තය සිදුකර ගෙන යාම අසීරු වී ඇතැයි ලිට්‍රෝ සුරැකීමේ සංගමය පවසා ඇතැයි නිව්ස් වයර් වෙබ් අඩවිය වාර්තා කර තිබුණි.දැනට පවතින මිල ගණන් අනුව කිලෝ 12.5  ගෘහස්ථ ගැස් සිලින්ඩරයකින් රුපියල් 2000ක පාඩුවක්ලබන බවයි ඔවුන් පවැසු බව එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

ඊයේ දිනයේ මෙට්‍රික් ටොන් 3500 ක ගෑස් නෞකාවක ගෑස් තොග බෙදාහැරීම ආරම්භ වූ අතර එම ප්‍රමාණය දින තුනකට පමණ සෑහෙනු ඇති බවත් තවත් ගැස් මෙට්‍රික් ටොන් 3500ක් රෑගත් නෞකාවක් සඳුදා පැමිණීමට නියමිත බවත් කියැවේ .

සබ්රිගේ ලක්ෂයට අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගෙන් පා පහරක්

0

බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූ දසදහස් සංඛ්‍යාත ජනකාය පිළිබඳ සත්‍යය හෙළි කරන ලෙස දහතුන් අවුරුද්දක් තිස්සේ කෙරෙන ඉල්ලීම නොතකා හරිමින් පවුලකට ලක්ෂයක් බැගින් ගෙවා දැමීමට රජය කරන යෝජනාව දෙමළ මව්වරුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.
අතුරුදහන් වූ පුද්ගලයන් ‘දක්නට නොමැති බවට’ සහතිකයක් ලබාගන්නා එක් අයකු වෙනුවෙන් එක්වරක් පමණක් රුපියල් 100,000 ක් ගෙවනු පිණිස අධිකරණ අමාත්‍ය අලි සබ්රි ඉදිරිපත් කළ යෝජනාවකට මේ සතියේ කැබිනට් අනුමැතිය ලැබී තිබුණි.

යුද හමුදාවට බාරදීමෙන් පසු අතුරුදහන් කර සිටින එක් සමීපතමයකුගේ ඉරණම හෙළිදරව් කරන්නේ නම් ලක්ෂයට ලක්ෂ විස්සක් දීමට සුදානම් බව බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබුවන්ගේ සංගමය පවසයි.

“අපේ නෑදෑයන් ගේ ජීවිතවල වටිනාකම රුපියල් ලක්ෂයක් කියලා තීන්දු කරපු මේ මිනිස්සු කවුද?” යි බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබුවන්ගේ සංගමයේ මුලතිව් දිස්ත්‍රික් නායිකා මරියසුරේෂ් ඊශ්වරී, එම සංගමයේ ලේකම් ප්‍රභාකරන් රංජනා සමග මුලතිව්හිදී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රශ්න කළාය.

“මරණ සාහතික හරි දක්නට නොමැති බවට වූ හරි සහතිකයක් අරගෙන රුපියල් ලක්ෂයකට අපේ සටන පාවා දෙන්න අපි ලෑස්ති නෑ. අපේ නෑදෑයන්ට හරියාකාර යුක්තිය ඉෂ්ඨ වෙනතුරු අපි අරගලය  අතාරින්නෙ නෑ.”

අතුරුදහන් කරනු ලැබුවන් සොයාගැනීමට අඛණ්ඩ අරගලයක යෙදී සිටින ඥාතීන්ට එකම සමීපතමයකු හෝ සොයා දීමට සමත් වී නැති අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට (OMP) මේ වන විට වසර තුන හමාරකට ආසන්න වෙමින් පවති.

ආණ්ඩුව නිවේදනය කර ඇති පරිදි මාතර, මන්නාරම, යාපනය, මඩකලපුව සහ කිලිනොච්චි යන ප්‍රදේශවල ස්ථාපිත කර තිබෙන OMP ප්‍රදේශිය කාර්යාල වෙත අතුරුදහන් වීම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි ගණන 14988 කි.

එකී පැමිණිලි විමර්ශනය කර අවසන් කිරීම සදහා විමර්ශන මණ්ඩල 25 ක් පත්කර කඩිනම් වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම සදහා අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව මාර්තු 7 වැනි සදුදා රැස්වු අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව රජය පවසයි.

කෙසේ වෙතත්, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් OMP සභාපති ධුරය උසුලන සමයේ ප්‍රකාශ කර ඇති පරිදි යුද සමයේ අතුරුදහන් වූ පිරිස විසිදහසකට ආසන්නය.

ඉන් වැඩි පිරිස යුද්ධයේ අවසාන දින කීපයේ රජය විසින් කරන ලද කැඳවීම අදහා ආරක්ෂක හමුදා වෙත භාර වුවන්ය.

අපරාධ චූදිතයන්ට දණ්ඩ මුක්තිය සලසා දෙන ශ්‍රී ලංකාවේ නීති පද්ධතියෙන් සරණක් නැති බව සාක්ෂාත් කරගෙන සිටින දෙමළ යුද පීඩිතයන් ඉල්ලා සිටින්නේ  ස්වාධීන ජාත්‍යන්තර විමර්ශනයකි.

යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ ඇතුළු සාහසික මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් සිදුකිරීම ශ්‍රී ලංකාවේ ආණ්ඩු විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ පිළිබඳ සාක්ෂි එක් රැස් කිරීම අරඹා තිබේ.

වසරකටත් අඩු කාලයකදී සාක්ෂි 120,000 කට වැඩි ප්‍රමාණයක් රැස් කොටගෙන තිබෙන මානව හිමිකම් පිළිබඳ එජා මහ කොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාවේ වගඋත්තර දායකත්වය පිළිබඳ ව්‍යාපෘතිය, අපරාධ චූදිතයන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණවලදී නඩු පැවරීමට එම තොරතුරු උපයෝගී කරගත හැකි වෙතැයි විශ්වාස කරයි.  
theleader.lk

රාහුල් සමන්ත , චමුදිත සහ මුලතිව් විශ්වලිංගම්

0

ර‌ාහුල් සමන්ත කියන මාධ්‍යවේදියාට දුමින්ද සිල්වා විසින් කර තිබුනේ යැයි කියන බලපෑමක් ගැන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැනටමත් නිවේදනයක් නිකුත් කර තිබේ.
රටේ කොයි තැනකදි හෝ මාධ්‍යවේදියෙකුට කවරෙකු හෝ විසින් කිනම් ආකාරයේ හෝ තර්ජනයක් කරන්නේ නම් එයට එරෙහිවිමට මාධ්‍ය සංවිධාන පමණක් නොව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන කොයිකව්රුත් පෙරට පැමිණිය යුතුමය.

ඒ් අනුව රාහුල් සමන්තට දුමින්ද සිල්වා විසින් කර ඇතැයි කියන තර්ජනයට ආදල හඩ පටයද දැන් මාධ්‍ය වලට මුදා හැර තිබේ. එයට අනුව දුමින්ද සිල්වා කියන්නේ රාහුල් විසින් අදාල ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් සිදුකරන ලද මාධ්‍ය ආවරණය හිරු එකට යවන්නට එපා කියාය.
රාහුල් පෙරලා එයට පිළිතුරු දෙමින් කියන්නේ නැ මම හිරු එකට යවන්නේ නැ මෙතන හිරු ඒකේ අය ඇවිත් ඉන්නවා ඔයාට වැරදිමක් වෙලා තියෙන්නේ කියල.
මේක තමයි අදාල සිදුවිමේ හරය.

විශ්වලිංගම්ට පහරදිමට පැමිණි සොල්දාදුවෙක් ගල්කැටයක්ද අතැතිව


එමෙන්ම පසුගිය දිනක මාධ්‍යවේදි චමුදිතගේ නිවසට කිසියම් පිරිසක් විසින් පහර දිම සම්බන්ධයෙන් ලංකාවේ ඇති මාධ්‍ය සංවිධාන මෙන්ම මාධ්‍ය ආයතනද මහත් උනන්දුවකින් ඒ ගැන කටයුතු කර තිබුන අයුරු අපදැක ගත් හැකිවිය.

චමුදිත‌ගේ මාධ්‍ය භාවිතය ගැන ගැටළු රැසක් බොහෝ දෙනෙකුට තිබුනද මාධ්‍යවේදියෙකුට කිසිදු ආකාරයක බලපෑමක් හිරහැරයක් සිදුකිරිමට කව්රුන් හෝ උත්සාහ කරන්නේ නම් කොන්දේසි විරහිතව එයට එරෙහි විය යුතුය.

තතු මෙසේව තිබියදි පසුගිය නොවැ 27 වෙනිදා මුලතිව් මාධ්‍ය සමාජයේ භාණ්ඩාගාරික විශ්වලිංගම් විසින් මුල්ලිවෛයිකාල් නාමපුවරුවේ ඡායාරුපයක් ගනිමින් සිටියදි හමුදා වේ පිරිසක් විසින් අමානුෂික ඔහුට පහර දි තිබුණි.
මේ පහර දිම සදහා කටුකම්බි ඔතන ලද තල්පිත්තක් භාවිතා කර තිබුණ බවද පසුව හෙළිව තිබුණ අතර එහි ඡායාරුපද පළවිය.
පොලිසිය විසින් මේ තල්පිත්ත පවා රැගෙන යන අයුරුද මුලතිව් මාධ්‍යවේදින් විසින් ඡායාරුපයට නගා තිබුණි.

අත්වලින් ලේ පෙරෙමින් විශ්වලිංගම් මුලතිව් රෝහලට ඇතුලත් කරනු ලැබු අතර දින 2 ක් නේවාසිකව ප්‍රතිකාරද ලබාගෙන තිබුණි.

විශ්වලිංගම්ට සිදුකරන ලද ප්‍රහාරයට එරෙහිව ගම්පහ දිස්ත්‍රික් මාධ්‍ය සංවිධාන විසින් පවත්වනු ලබු විරෝධතාවය.



ලංකාවේ මාධ්‍ය සංවිධානවල උනන්දුව කෙසේ ද යත් අප දන්නා තරමින් කොළඹ කේන්ද්‍රිය දකුණේ මාධ්‍ය සංවිධාන කිසිවක් මේ ම්ලේච්ඡ ප්‍රහාරය ගැන කිසිදු නිවේදනයක් නිකුත් නොකර මුනිවත රැක තිබුණි.

ප්‍රගතිශිලි මාධ්‍ය මෙහෙවරයක් කරනවා යැයි ඔවුන් විසින් සිතා සිටින එක්තරා මාධ්‍ය ආයතනයක දමිළ අංශයේ කර්තෘ වරයෙකු මේ සිදුවිම බ‌ොරුවක් යැයි මිගමුවේ සිය වාර්තා කරු ට කියා තිබුනේ මේ සම්බන්ධයෙන් මිගමුවේ පැවැති විරෝධතාවයක් ආවරණය කරන්නටදැයි ඒ් මාධ්‍යවේදියා විමසා සිටි අවස්ථාවේදිය.
දමිළ ප්‍රවෘත්ති අංශයක සිටින ප්‍රවෘත්ති කර්තෘ එලෙස ගෝත්‍රිකයන් ලෙසින් හැසිරිම සැබැවින්ම පිළිකුල් සහගතය.

මේ ආකාර ගෝත්‍රික බවක් මේ අය අතර උතුරේ සහ නැගෙනහිර මාධ්‍යවේදින් අරභයා ඇතිව තිබනේනේ ඇයි.විශ්වලිංගම් සිංහලයෙකු වි මේ පහර කැමට දකුණේදි මුණ දුන්නේ නම් ගෝඨාභයට රෙදි ඇදගෙන කඩේ ගිය, සිංදු කියපු යුටියුබ් කාරයන්ද දවස් ගණන් මේ ප්‍රහාරය උඩ දමනවාට සැක නැත.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය යනු රටේ ජාතින්ගේ අයිතිය පිළිබදව ප්‍රතිපත්ති මුලික කටයුතු කළ ආරම්භයකයන් විසින් ගොඩනගන ලද සංවිධානයක් වුවද දැන් ඒ ජීව ගුණය එහි නැති බව දිනෙන් දින වඩාත් පැහැදිලි වෙමින් තිබේ.
දෙමළාගේ ප්‍රදේශයට ගොස් මාධ්‍යවේදින් රැස්කර මානව හිමිකම් ගැන කථා කරන්නේ එය ව්‍යපෘති‌යේ ඇති නිසා බව දමිල මාධ්‍යවේදින් පවා දැන් ඉතා හොදින් දනි.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මුලිකයන් විසින් පසුගිය දිනක මුලතිව් වලට ගොස් ඒ් ප්‍රදේශයේ මාධ්‍යවේදින් රැස්කර මානව හිමිකම් ගැන වැඩමුළුවක් කර තිබුන බව මෙහිලා සදහන් කළ යුතුව තිබේ..

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භකයන් වන සුනන්ද දේශප්‍රියලා මේවා ගැන කියන්නේ කුමක්දැයි දැනගැනිමටද අප කැමැත්තෙන් සිටිමු.

රාජපක්ෂලාට එරෙහි පුළුල්ම සන්ධානය හදන්න සජිත්ට පුලුවන්ද ?

0

සජිත් කියන්නේ සන්ධාන දේශපාලනය තියා සමගි ජනබලවේගයේ නායකයෝ එක්ක සාමුහික දේශපාලනයවත් කරන්න දන්නේ නැති තමන්ට පුලුවන් කියල හිතන වන් මෑන් ෂෝ මෑන් කෙනෙක්.
සමගි ජනබලවේගෙ නායකයන්වත් වටකරගෙන මිනිහ කියන්නේම මගේ ආණ්ඩුවක් ආවොත් කියල මිසක් කවදාවත් කියල තියෙනවද අපේ ආණ්ඩුවක් අවොත් කියල .
එහෙම හිතෙන පොරක්ට කවදාවත් සන්ධාන දේශපාලන භාෂාව තේරෙන්නේ නැ. පහුගියදා කොළඹ තිබුන රැස්විමට ආපු සෙනග දැකල චුන් වෙලා එයා හිතුවේ එයා හින්ද ආවා කියල.මිනිස්සු ආවේ ජිවත් වෙන්න බැරි පිඩනය දරාගන්න බැරිව.

ඉතින් මේ පාලකයන්ව එළවන්න පුළුවන් වෙන්නෙම රාජපක්ෂලට එරෙහිව පුළුල්ම සන්ධානය හදල දිගටම වැඩකරගෙන ගියොත් විතරයි . හරියට 2015 මහින්දව පැරැද්දුව වගේ .එදා නිදහසේ වේදිකාව තමයි ඒ පුළුල්ම සන්ධානය හැදුවේ . ඒදා ඒක හදන කොට සජිත් ප්‍රේමදාස හිටියේ ඇත්තටම ඒකතටත් විරුද්ධව . හම්බන්තොට පැත්තේ නිදහසේ වේදිකාවේ රැස්විමක් තියාගන්නවත් කිසිම සහයක එදා සජිත් දුන්නේ නැ.
සජිත්ගේ වටේ ඉන්න හම්බන්තොට අය මේ ගැන හොදටම දන්නවා. එහෙව් එකේ සජිත්ට මේ කපේට සන්ධාන හදනව තියා හිතන්න වත් බැ.
අනික උතුරේ වගේම නැගෙනහිරත් ජනාධිපතිවරණයේදි මිනිස්සු ඡන්දෙ දුන්නේ එයා ගැන විශ්වාසයක් තිබිල නෙමේ එයා එජාපෙ අපෙක්ෂකයා හින්ද ඒවගේම ඒ් අයට රනිල් ගැන තිබුන විශ්වාසය හින්ද .

පහුගිය දවසක චම්පික කියල තිබුන යහපාලනේ තිබුන නම් තෙල් මිළ ගණන් අද තියෙන හැටි ගැන…

යහපාලන ආණ්ඩුව තිබුණා නම් අද තෙල් මිල විය යුත්තේ ඩීසල් ලීටරය රු. 126 ක් සහ පෙට්‍රල් ලීටර රු. 130 ක් පමණක් බවහිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක කියල තිබුන.

“වෙළෙඳපොලේ තෙල් මිල පහලට ඇවිල්ලා තියෙනවා. බොරතෙල් මිල ඩොලර් 98 යි මේ වෙනකොට. ඉතින් ඇත්තටම යහපාලන කාලේ තිබුණු ඩොලරයට රුපියල් 180 ට තිබුනනම් සහ මේ මිල ගත්තා නම්, අද වෙනකොට ඇත්තටම ඩීසල් ලීටරයක මිල වෙන්නේ, රුපියල් 126 යි. පෙට්‍රල් ලීටරයක් වෙන්නේ රුපියල් 130 යි.

එහෙමනම් රටේ ජනතාවට තේරෙනවා අද පෙට්‍රල්, ඩීසල් හිඟයට අමතරව කොයිතරම් මුදලක් මේ ආණ්ඩුව ඉන්ධනවලට පනවල තියෙන සහගහන බදු හරහා ජනතාවගෙන් පික් පොකට් ගහනවද කියලා මහජනතාව පෝලිම් වල ඉන්න අතරේ.

මතක තබා ගන්න ආදායම් ඉතාමත්ම අඩු වෙලා තියෙන මේ අවස්ථාවේ දී පෙට්‍රල්, ඩීසල් වලින් රුපියල් 120 ට අධික ප්‍රමාණයක මුදල් බදු වලටත් අමතරව ලාභ හැටියට උපයා ගන්නවා.
( උපුටා ගැනිම theleader.lk වෙබ් එකෙන් .)

ඉතින් සජිත් වගේ නායකයෙක් ඉස්සරහින් තියාගෙන රාජපක්ෂලව පරදන්න බැරි බව දේශපාලනය දන්නේ සජබෙ නායකයෝ දන්නවා. හැබැයි සජිත් බේබිව උඩ දාන සජපෙ වහල්ලු ටික නම් ඒ ඇත්ත දන්නේ නැ.

ජපානයේ ප්‍රබල භුමිකම්පාවක් !

0

උතුරු ජපානයේ ෆුකුෂිමා වෙරළට ඔබ්බෙන් බදාදා සවස රික්ටර් පරිමාණයේ 7.3 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ අතර එය සුනාමි උපදේශනයක් ද ඇති කළේය. ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පැවසුවේ මෙම භූමිකම්පාව මුහුදට කිලෝමීටර් 60ක් (සැතපුම් 36) පහළින් ඇති වූ බවයි. මෙම කලාපය න්‍යෂ්ටික ව්‍යසනයක් ද ඇති කළ මාරාන්තික 9.0 භූමිකම්පාවකින් සහ සුනාමියකින් විනාශ වූ උතුරු ජපානයේ කොටසකි. ජීවිත හානි හෝ හානි පිළිබඳ ක්ෂණික වාර්තා නොමැත.

ජනතාව ජනපති‌ගේ ජාතකය අමතද්දි , ජනපති ජාතිය අමතයි ..!

0

ජනපති ජාතිය අමතන වෙලාවෙත් රටේ බොහෝ පළාත් වල මිනින්සු හිටියේ තෙල් පෝලිම් වල .හෙට ඉදන් කැම හදන්න ගෑස් නැති කම නිසා වැඩි දෙනෙක් ඉන්නේ පිස්සු වැටිලා. හෙට ඉදන් කඩවල් වලත් කෑම නැතිවෙන සයිස් එකක්.
මේ සේරම හින්ද මේ දවස් ටිකේම ජනතාව ජනපතිගේ අම්ම තාත්තවත් මතක් කරමින් කරමින් බනිනවා. ඒ්ක තමයි තිත්ත ඇත්ත.
ලංකා ඉතිහාසයේ අසාර්ථක ජනපති විදියට දැන් ගෝඨාභය රාජපක්ෂ ඉතිහාස පොතට ගිහින් හමාරයි. ඒක නවත්තන්න සක්කරයා තියා වයිම පුතා ආවත් දැන් බෑ.


පරිචයක් නැති පවුල් දේශපාලනයක් හින්ද රට අද වලපල්ලටම ගිහින්. විසදුමක් පේන තෙක් මානයක නැ.
එහෙම තියෙද්දි ප්‍රධාන විපක්ෂයත් පිස්සන්ට හැතැක්ම නැති විදියේ දේවල් කියන්න පටන් අරන් . සජිත්ට ඔ්න ජනාධිපතිවරණයක්ලු.
සල්ලි දිල බස් දාල ඇදපු සෙනග දැකල වෙච්ච චූන් ඒකේ තරම තමයි ඒ.
කොහොම හරි දැන් රටක් ඉල්ලපු මිනිස්සුන්ටත් හොද වැඩේ . ඔය තියෙන්නේ හෙටක් නැති රටක්…

කාකි කෝට් එක ඇතුලේ ඇති හදවත දුටුවෙමු..

0

අද ( 16 ) දින උදෑසන මුනිදාස කුමාරතුංග විදුහල අසල බස් නැවතුමේ දී දරුවෙකු බසයෙන් බැසීමට ගොස් අනතුරකට පත් විය. ඒ අවස්ථාවේදී ඒ අසල රාජකාරියේ යෙදී සිටි නවගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ලක්ෂ්මන් සිල්වා මහතා එම දරුවා තම නිල රථයෙන්ම නවගමුව රෝහල වෙත ගෙන ගොස් ප්‍රතිකාර කරන ලදී. නිරාහාරව සිටි දරුවාට තම වියදමින් ආහාර පාන ලබා දී නිල ඇඳුමට එහා ගිය මනුෂ්‍යත්වය පෙන් වීම අගය කළ යුතුය. ඒ පිළිබඳව පාසලේ හා පාසල් ප්‍රජාවගේ ගෞරවය පිරිනමමි.

විදුහල්පති. ඉන්දික රාජපක්ෂ 🖊️

“යුද්ධය එපා! පච ප්‍රචාර විශ්වාස නොකරන්න” – ප්‍රධාන ප්‍රවෘත්ති විකාශනය මැද මාධ්‍යවේදිනයක් රුසියාව කළඹයි!

0

ඡායාරූපය: මාධ්‍යවේදිනී මරීනා ඕව්සියානිකෝවා Marina Ovsyannikova  මෙම විරෝධතාව නිසා වසර 15 ක සිරදඬුවම් වලට මුහුණ දිය හැකි බව ITV ප්‍රවෘත්ති වාර්තාකරු රේචල් යංගර් වාර්තා කරයි.

රුසියානු හමුදා විසින්  යුක්රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීම සඳහා රුසියානු රාජ්‍ය මාධ්‍ය  සේවිකාවක    ප්‍රවෘත්ති විකාශනයක් මැදට විරෝධතා පුවරුවක් රැගෙන දිව ආවේය. ඒ මාධ්‍යවේදිනී මරීනා ඕව්සියානිකෝවාය.

රුසියාවේ ප්‍රබලතම රාජ්‍ය මාධ්‍ය වන “චැනල් වන්” හි සංස්කාරිකාව වන  මරීනා ඕව්ස්යානිකෝවා සඳුදා සවස එම රූපවාහිනී ජාලයේ සජීවී රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශිකාව පිටුපසට දිව ආවේ : “යුද්ධය නවත්වන්න. යුද්ධයට එපා.” යන පෝස්ටරයක් රැගෙනය.

Marina Ovsyannikova

යුක්රේනියානු පියෙකු සහ රුසියානු මවක් සිටින මාධ්‍යවේදිනිය, “ රජයේ ප්‍රචාරණ විශ්වාස නොකරන්න. ඔවුන් ඔබට මෙහි බොරු කියනවා. ” යැයි එම පෝසටරයේ සටහන් කර තිබුණි.

පෝස්ටරටහි ඉංග්රීසි භාෂාවෙන් අත්සන  කර ඇත්තේ  “යුද්ධයට එරෙහිව රුසියානුවන්”ෙ යනුවෙනි.

ඇයගේ විරෝධතාවයෙන් කැමරාව ඉවතට ගන්නා තුරුම පෙර ප්‍රවෘත්ති නිවේදිකාව දිගටම සිය කාරිය කරගෙන ගියාය.

ඇයගේ සජීවී විරෝධතාවයට පෙර, පූර්ව පටිගත කරන ලද වීඩියෝවක් Ovsyannikova  ඇයගේ සමාජ මාධ්‍ය පිටුවේ  නිකුත් කර ඇති අතර එහිදී ඇය “චැනල් වන්” හි වැඩ කිරීම සහ “ක්‍රෙම්ලින් ප්‍රචාරණය” පතුරුවා හැරීම ගැන ලැජ්ජා වන ප්‍රකාශ කරයි.

චැනල් වන්” යනු රුසියාවේ විශාලතම ප්‍රවෘත්ති වැඩසටහන් වලින් එකක් වන අතර එය දිනකට මිලියන සංඛ්‍යාත ජනතාවක් විසින් නරඹනු ලැබේ.

සිය සමාජ ජාල අඩවියට නිකුත් කළ වීඩියෝවෙහි ඇය නිල් සහ කහ පැහැති මාලයක් පැළඳ සිටියාය.  එය යුක්රේන ධජයේ වර්ණ පමණක් නොව යුක්රේන සහ රුසියානු වර්ණවල සම්මිශ්‍රණයක් වන අතර ඇයගේ ද්විත්ව උරුමය පිළිබිඹු කරයි.

ඇයගේ වීඩියෝ ප්‍රකාශයේ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම “අපරාධයක්” ලෙස විස්තර කළ ඇය, රටේ ජනාධිපතිවරයා ඉලක්ක කර ගැනීමට පෙර රුසියාව “ආක්‍රමණිකයා” ලෙස හැඳින්වුවාය.

“මෙම ආක්‍රමණයේ වගකීම ඇත්තේ එක් පුද්ගලයෙකුගේ උරහිස් මත පමණි: ව්ලැඩිමීර් පුටින්ය”.

ඇය රුසියානුවන්ගෙන් ඉල්ලා සිටියේ ආක්‍රමණය අවසන් කිරීම සඳහා යුද විරෝධී විරෝධතාවලට එක්වන ලෙසයි.

“මේ පිස්සුව නවත්තන්න බලය තියෙන්නේ අපිට විතරයි. උද්ඝෝෂණ වලට යන්න. කිසිම දේකට බය වෙන්න එපා. එයාලට අපි ඔක්කොම හිර කරන්න බෑ”,  යනුවෙන් ඇය පවසා තිබුණි.

රාජ්‍ය මාධ්‍යයේ සිටිමින් මේතාක් බොරු ප්‍රචාර කිරීම ගැන තමා ලැජ්ජාවට පත්ව සිටින්නේ යැයි ද ඇය එහි පවසයි

මෙම විරෝධතාවයෙන් පසු ඇය අත්අඩංඟුවට ගන්නා ලද අතර රුසියවෙහි පවත්නා දරුණූතම නීතියක් යටතේ ඇයට නඩු පවරනු ඇතැයි විශ්වාස කෙරේ.

යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු පනවන ලද නව නීතියකට අනුව යුක්රේනයේ සිදුවන්නේ යුද්ධයක් යැයි ප්‍රකාශ කළහොත් 15 වසරක සිර දඩුවමක් දිය හැකිය.

දැන් රුසියාවෙහි ඇත්තේ රජයට අයත් සහ රජයට පක්ෂපාතී මාධ්‍ය පමණකි.

මෙම තත්වයට මහුණ දීම පිනිස රුසියානුවන් මිලියන 150ක දුරකතණ අංක ලබා ගත් පෝලන්තය විශේෂ වෙබ් අඩවියක් මගින් එම දුරකතන අංක වලට වර්න වර යුද්ධයේ සැබෑ තතු පණිවිඩ මාර්ගයෙන් යැවීම පටන් ගෙන තිබේ.

එහෙත් බහුතර රුසියානුයන් මෙවැනි විනාශකාරී යුද්ධයක් රුසියානු හමුදාව විසින් කරගෙන යන බව දන්නේවත් නැතැයි කියනු ලැබේ.

හරියටම ලංකාවේ ජවිපෙ, පොසපෙ වැනි රතු පක්ෂ පවා එය නොදන්නා පරිදිය!

.srilankabrief.org

ලංකාවටම විදුලිය කැපිල්ලක් නැති අද සුපිරිම වෙලාව..

0

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජාතිය අමතන කාලය තුළ දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලිය විසන්ධි කිරීමක් සිදු නොවේ. ජනාධිපතිවරයා අද රාත්‍රී 8.30ට ජාතිය ඇමතීමට නියමිතව තිබේ.
අද දිනය සඳහා ප්‍රකාශයට පත් කරන ලද ඉල්ලීම් කළමණාකරණ විදුලිය විසර්ජන කාලසටහනට අනුව රාත්‍රී 8.00 සිට 9.30 දක්වා කාලය තුළ විදුලිය විසන්ධි කිරීමක් සඳහන් කර නොමැත.
අද රාත්‍රී 8.00 ට විදුලිය විසන්ධි වීම අවසන් වන අතර නියමිත කොටස්වල රාත්‍රී 9.30 සිට ක්‍රියාත්මක වේ.

IMF ජනපති හමුවෙද්දි බැසිල් ඉන්දියා යයි !

0

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ චැන්යොං – රී, අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවිමට නියමිතව ඇති බව නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ඊයේ දිනයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල සමඟ ද සාකච්ඡාවක නිරත වූ බව ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණි.

මේ අතර දෙදින නිල සංචාරයක් සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා අද දිවයිනෙන් පිටත්ව ගියේය.

මුදල් අමාත්‍යවරයා ඉන්දියාවේ සංචාරයකට එක් වන්නේ ඉන්දියාව ඩොලර් බිලියන  1.5ක සහන ණය පැකේජයක් අනුමත කර ඇති පසුබිමක වීම විශේෂත්වයකි .

ඉන් ඩොලර් මිලියන 500ක් ඉන්ධන මිලදී ගැනීමටත් ඉතිරි ඩොලර් බිලියනය අත්‍යවශ්‍ය ආනයන සඳහාත් වේ.