Sunday, September 22, 2024
Home Blog Page 14

බඩු මිළ අඩුවුනත් , සුපිරි වෙළද සැල්වල තවමත් සුපිරිම මිළක් …

0

අර්තාපල්, ලොකු ලූණු, පරිප්පු ඇතුලූ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කීපයක මිල ගණන්  පහත වැටී ඇතැයි වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ඒ් අනුව පිටකොටුවේ දේශිය ආනයනික අර්තාපල් කිලෝවක සිල්ලර මිල රුපියල් 180 දක්වා ද, ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 150 දක්වා ද පහළ බැස ඇති බව දැකගත හැකි විය.

දේශීය අර්තාපල් මිලද රුපියල් 380 දක්වා පහත බැස ඇත. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේද ආනයනික අර්තාපල් කිලෝවක මිල මේ වන විට රුපියල් 220 දක්වා අඩුවි ඇත. ආනයනික අර්තාපල් මිල මීට සති දෙකකට පමණ පෙර පැවතියේ රුපියල් 230- 240 අතර සීමාවේය.

ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 150 දක්වා පහත වැටි ඇති අතර නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ එය රුපියල් 170ක් ලෙස පැවතිණ.

ලංකා සතොස වෙළඳසැල්වලද ලූණු කිලෝව 165ක් ලෙස ලෙස අලෙවි වනු දැකිය හැකි විය. ලොකු ලූණු මිල මිට පෙර පැවතියේ කිලෝව රුපියල් 220- 240ත් අතරය. බොහොමයක් සුපිරි වෙළඳසැල්වල ආනයනික අල දැකිය නොහැකි අතර ඒවායේ පවතින්නේ දේශීය අර්තාපල් පමණ. එහි කිලෝවක මිල රුපියල් 560ක් ලෙස ප‍්‍රදර්ශනය කර තිබිණ.

පරිප්පු මිල ගණන්ද සැළකිය යුතු මට්ටමකින් පහත වැටි ඇත. මේ වන විට පරිප්පු කිලෝව රුපියල් 460ත් 480ත් අතර පවතී. ලංකා සතොසේ එය රුපියල් 485ක් ලෙස දැකගත හැකි විය.

වියළි මිරිස් කිලෝවව රුපියල් 1600ක් ලෙස පිටකොටුවේ අලෙවි වු අතර නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්තානයේදී එය රුපියල් 1640ක් විය.

පිටකොටුව හා නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානවල සුදු සීනි කිලොම්ක මිල රුපියල් 300ත් 305ත් අතර පැවතිණ. ලංකා සතොසේ සුදු සීනි කිලෝව රුපියල් 298කට මිලදී ගත හැකිය. එහෙත් සුපිරි වෙළඳසැල්වල තවමත් සීනි මිල ගණන් පවතින්නේ කිලෝව රුපියල් 356ත් 359ත් අතරය.
මුලාශ්‍රය – ලංකාදිප

කාක්කන්ට ගිය මිගමු වැල්ල …..

0

භුමිතෙල් නැති හින්ද දැන් බෝට්ටු වලට මුහුද යන්න බෑ. දැන් මාස 2 කකටත් වැඩි කාලයක් තිස්සේ භුමිතෙල් නැ. මිගමුවටත් මාළු නෑ කිව්වම කව්රුත් විශ්වාස නොකරත් ඒක තමයි දැන් ඇත්ත.
කරවල වලටත් මිගමුවට මාළු එන්නේ දැන් පිට පළාවලින්. ඒවායේ ගුණත්වය ගැනත් ප්‍රශ්ණ ගොඩයි. එදා බෝට්ටුවලින් පිරුණු මිගමු වැල්ල දැන් කාක්කන්ටම ගිය ගානයි.

යුක්තිය ඉටු නොවනු 16 වසරක් …

0

ගුවන් හමුදාව විසින් 2006 වසරේ දී හෙළන ලද බෝම්බ 16කින් මුලිතීව්, මුලතිවු දිස්ත්‍රික්කයේ වල්ලිපුනම් හි ළමා නිවාසයේ සිටි පාසල් දරුවන් 54 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 07 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. ‬‪එම සිදුවීමට වසර 16ක් ගත ව තිබුණ ද ඊට යුක්‍තිය ඉටු වී නැත.
රාජපක්ෂ පාලන කාලය තුල ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කර තිබුනේ රටින් පැන යාමට සිදුව හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂය …
මේ වන විට ඔහු තායිලන්තයේ හෝටලයක් තුලටම වි සිටිම එරට බලධාරින් විසින් උපදෙස් දි තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණ අතර ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂාව ගැන සලකා එසේ උපදෙස් ඇති ඇත බවද වාර්තාවේ.



‬Photos – Kumanan Kana

සජබෙ රාජපක්ෂලාගේ කුණු අදින ලොරි බවට පත්වෙයිද ?

0

රට මෙතරම් ප්‍රපාතයකට ඇද දැමුවේ  රාජපක්ෂ පාලනය බවත්, ඒ රාජපක්ෂලාගේ කුණු අදින කුණු ලොරි බවට සමගි ජනබලවේගයේ කිසිවකු පත් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළ බව ලංකාදිප වෙබ් අඩවිය අද වාර්තා කර තිබුණි.

අද මුළු රටම ආර්ථික සමාජ දේශපාලනික ඛේදවාචකයකට ලක්ව ඇති බවත්,ඊට හේතුව 2019 සහ 2020 මැතිවරණ දෙකකදී ජනතාව විසින් හරි පාර වෙනුවට වැරදි පාර උරා ගැනීමේ හේතුව බවත් විපක්ෂ නායකවරයා පවසන්නට යෙදුණි..

රක්වාන සමගි ජනබලවේගයේ සංවිධායක බී.කේ ආරියවංශ මහතා සංවිධානය කරනු ලැබූ ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින්  ඔහු මේ බව කීයා ඇති අතර බංකොලොත් වී ඇති රට තුළ දැන් සිදුවෙමින් පවතින අලුත්ම විජ්ජාව වන්නේ සර්වපාක්ෂික ආණ්ඩු ගුණ්ඩුව බවත්  රටට අවශ්‍ය වන්නේ ඇමති වරදාන පළඳවා ගනිමින් තනතුරු පිටුපස යන රටක් නොවන බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසු බව එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

මේ අතර දේශපාලන විචාරකයන් පවසා සිටින්නේ රට මුහුණ දි ඇති අර්බුදය හමුවේ විපක්ෂයේ නිවරදි කාර්ය භාරය කුමක්දැයි කට්ටිවාදි මනසකින් තොරව බලා කටයුතු කිරිම අද පවතින අර්බුදයෙන්න ගොඩ ඒමට හැකි සාමුහික එකම විසදුම විය හැකි බවය.

මෙය තේරුම් නොගෙන සිය දේශපාන න්‍යාප පත්‍ර පෙරටු කොට ගෙන කටයුතු කරමින් සිටින පක්ෂ කණ්ඩායම් බොහොමයකට ඇති රට පිළිබදව ඉතා සුභදායි සිහිනයකි.

එහෙත් එය කවදා නම් යථාර්ථයක් වේවිද ? සජපෙ දේශපාලකයන් කි දෙනෙකු සජිත් ප්‍රේමදාසදාසට සිය දේශපාලන අණසක යටතේ තබා ගත හැකිද යන්න මත විපක්ෂ නායකවරයාගේ දේශපාලන භුමිකාවද තිරණය වනු ඇත.

විදුලි ත්‍රිරෝද රථ වෙළද පොළට එන්නේ කවදාද ?

0

පසුගිය කාලය තුල ජනතාව මුහුණ දුන් දරුණු ඉන්ධන ප්‍රශ්ණය හමුවේ විදුලි වාහන පිළිබදව රටේ ජනයා අතර පැවති උනන්දුව නිතිපතා ඉහල යමින් තිබුණි.

විදුලියෙන් ක්‍රියාත්මක යතුරු පැදි මිට පෙර ලබාගෙන තිබුන අය පැවැති ඉන්ධන අර්බුදය ප්‍රශ්ණයක් කොට නොගෙන සිය කටයුතු සමාන්‍ය පරිදි කරගෙන ගිය ආකාරය පැහැදිලි විය.



මේ අතර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද බොරලැස්ගමුව ප්‍රදේශයේ පවත්වාගෙන යන විදුලි ත්‍රිරෝද රථ එකලස් කිරීමේ කම්හලක් නිරීක්ෂණය කළේය.ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස ඔහු පසුගිය දා විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමට ඉඩ සැලසෙන පරිදි මෝටර් රථවාහන පනත සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය ද ලබාගෙන ඇත.

මිගමුවේ ප්‍රකට විදුලි යතුරු පැදි ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය ඇපලෝ සමුහ ව්‍යාපාරය විදුලි ත්‍රිරෝද රථ ගෙන්විමටද කටයුතු සැලසුම් කරගෙන තිබුණද කොරෝනා වසංගත තත්වය හමුවේ එය ක්‍රියාත්මක කරගැනිමට නොහැකි විය.
කෙසේ වෙතත් රජය විසින් වැඩි ප්‍රමුඛතාවයක් දි මේ විදුලි ත්‍රිරෝද රථ ක්ෂේත්‍රය වැඩිදියුණු කළ යුතුව තිබේ. මේ ආකාරය නව්‍යතා මාධ්‍ය විසින් ප්‍රචාරය කරන හැම අවස්ථාවක ජනතාව ප්‍රශ්ණ කර සිටින්නේ මේවා වෙළද පළට එන්නේ කවදා දැයි කියාය.

මිගමුව ධිවරයන්ගේ ජිවන අරගලය බිහිසුණු වෙයි …

0

මිගමුවේ ධිවරයන්ගේ ජිවන අරගලය එන්න එන්නම දරුණු වෙමින් තිබේ. කුඩා බෝට්ටු ධීවරයන් පවසා සිටින්නේ පසුගිය මාස 2 කකටත් වැඩි කාලයකට භුමිතෙල් ලැබි නොලැබුන නිසා මුහුදු යාමට නොහැකිවු බවය.
මේ නිසාම අධික ණය බරකට මිගමුවේ ධිවරයන් අති බහුතරයක් මේ වන විට හසුව තිබේ.
පසුගිය දිනක මිගමුව වෙරළේදි හමුවු තෙප්පම් ධිවරයන්ගේ පැය 3 කට මහන්සිය වෙනුවෙන් ලැබුනේ ඉතාමත් සිමිත මාළු ප්‍රමාණයකි.මුහුදු රළුව තිබිමත් නිසා කුසගින්න නිවා ගැනිම සදහා ජිවන අරගලයද මේ වන විට බිහිසුණු වෙමින් තිබේ.

This image has an empty alt attribute; its file name is Small-scale-traditional-teppam-fishermen-from-sea-street-.jpg



ඉන්දියාවේ 75 වැනි නිදහස් දින සැමරුම යාපනයේදි ..

0

යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් කාර්යාලයේදී ධජය ඔසවමින් ඉන්දියාවේ 75 වැනි නිදහස් දිනය සමරනු ලැබිය . යාපනය, මරුතඩි පාරේ පිහිටි ඉන්දීය කොන්සල් කාර්යාලයේදී අද (15) පෙරවරු 9 ට නියෝජ්‍ය කොන්සල් රාකේෂ් නට්‍රාජ් ජයබාස්කරන් විසින් ඉන්දීය ජාතික ධජය ඔසවන ලදී.

ඉන්දීය නිදහස් දිනය නිමිත්තෙන් ඉන්දීය ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද සුබපැතුම් පණිවිඩය උප කොන්සල් රාකේෂ් නට්‍රාජ් ජයබාස්කරන් ද්‍රෞපදී මුර්මු කියවන ලද අතර මෙම අවස්ථාවට ඉන්දීය කොන්සියුලර් නිලධාරීන් සහ පවුලේ සාමාජිකයින් ද එක්ව සිටියහ. ඉන්දියාව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබුවේ 1947 අගෝස්තු 15 වැනිදාය.

ඡායා සහ සටහන – නිදර්ශන්

ධම්මික ඉල්ලා අස්වෙයි !

0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග ඩේලි මිරර් වෙත තහවුරු කළේය. පෙරේරා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයාට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා වෙත යවා තිබේ.
ධම්ම්ක පෙරේරා මිට පෙර මුදල් ඇමති ධුරය දැරු රනිල් වික්‍රමසිංහට එම තනතුරෙන් ඉවත් වෙන ලෙසටද චෝදනාවක් එල්ල කර තිබුණි.

පරණ කැබිනට් මණ්ඩලයම හෙට දිවුරුම් දෙයි …

0

හිටපු අමාත්‍ය මණ්ඩලය හෙට පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත අතර නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා දිවුරුම් දීමට නියමිත බව ඩේලි මිරර් සදහන් කර තිබේ.

පාර්ලිමේන්තුව රැස් වූ පසු ජාතික ආණ්ඩුවකට එකඟ වන තුරු කැබිනට් මණ්ඩලය ක්‍රියාත්මක වන අතර පසුව කැබිනට් සංශෝධනයක් සිදු කෙරෙනු ඇතැයි එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

නව අගමැති දිනේශ් ?

0

රනිල් වික්‍රමසිංහ මහතාගේ නව රජයේ අගමැතිවරයා ලෙස සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා පත්වීම ද නියමිතය. හෙට පැවැත්වෙන නව කැබිනට් ඇමතිවරු දිවුරුම් දීමේදී නව අගමැතිවරයා ලෙස දිනේෂ් මහතා දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර ද ලිඩර් වෙබ් අඩවියේ ඊයේ දිනයේ වාර්තා කර තිබුණේ ආණ්ඩුවේ ආරංචිමාර්ග වලට අනුව අගමැති ධුරය සඳහා නම් කිහිපයක් යෝජනාවී ඇත බවය.
සභානායක දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, අමාත්‍ය විජේදාස රාජපක්ෂ හා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ගේ නම් එසේ කතාබහට ලක්ව ඇතැයි සදහන් කර තිබුණි.

තමා අගමැති ධුරය අපේක්ෂා කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවේ දැනුම් දී ඇතැයි ද පැවසේ.

ස්වාධින මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන සුසිල් ප්‍රේමජයන්ත හා විජේදාස රාජපක්ෂ යන අමාත්‍යවරුන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්කිරීමේ පාර්ලිමේන්තු මෙහෙයුමේදී විශාල කාර්ය භාරය සිදුකර ඇතැයි වාර්තාවේ.