Sunday, September 22, 2024
Home Blog Page 13

මිගමු අඛණ්ඩ විරෝධතාවය පටන් ගත්තු හැටි…..

0

මිගමුවේ අඛණ්ඩ විරෝධතාවය පටන් ගත්තු විදිය ඒකට දහස් ගණනින් පසුව එක්වු අය නොදන්නාව වන්නට පුලුවන්.ආරම්භක මොහොතම අභියෝගයක් වුනා.

පොලිසිය එක්පැත්තකින් ,අනික් පැත්තෙන් මිගමුව නගර සභාවෙි තුන්වෙනි පංතියේ කොමසාරිස්වරිය සහ එයාව මෙහෙයවන කලු සල්ලි ඔස්තාර්ලා.මේ අභියෝ්ග වලට නොබියව මුහූණ දෙන්න එදා මේ අඛණ්ඩ විරෝධතාවයට නායකත්වය දුන්න අයට පුලුවන් වුනා.

එදා ඉදන් මාස තුනක් පුරාවට මෙය නඩත්තු කරගෙන යාමත්,සටන්කාමි තැනක් ලෙස ගොඩනගන්නත් මේ නායකත්වයට පුලුවන් වුනා.විසි හතර පැයම මෙතන සාමුහිකව රැක්කා.

දින 94 පමණ ගිය විට රට පුරා මතුව ආ තත්වයන්ද සැලකිල්ලට ගනිමින් මිගමු අරගල බිමේ් තිබුන බඩුමුට්ටු ඉවත් කරගත්තා.ඉල්ලා ගෙන තිබුන හට් එකකුත් ගලවල බාර දුන්නා.

ඊට පස්සේ අරගල බිම නිතිපතා රැදෙන තැනක් බවට පත්වුනේ නැ. අඛණ්ඩ විරෝධතාවය දින 100 සැමරුම සිදුවුනෙත් මේ වගේ පසුබිමක.අරගලය කුඩාරම් වලින් එලියට ගිහින් ගම්වල ජනයා හා එක්ව දියත් කළයුතුයි කියන අදහස මතුව තිබුනා.

අරගල බිමට හැමදාම ආපු රුවන් මහත්තයා එයාගේ ගමේ අයත් එක්ක සාකච්ඡාවක් සංවිධානය කළා විතරක් නෙමේ ඒ අයවත් සම්බන්ධ කරගෙන ගමේ විරෝධතාවයකුත් සංවිධානය කලා.

ඒ ඇරෙන්න ගමට අරගලය ගැන සංවාදය අරගෙන අපට යන්න පුලුවන් වුනේ නැ.අරගලවලදි අරගල ක්‍රම තවත් අදියරකට ගෙනියන්න තින්දු ගන්න ඕනා අරගලය ජයග්‍රාහි තැනක තියෙන කොටමයි.එහෙම වුනාම ඒ අරගලයේ දෙවන අදියර පටන් ගන්නෙම ජයග්‍රාහි ආකාරයකට..

කොහොම වුනත් දැන් අරගලය ගමට අරන් යන්න ඕන කියල ගාලු මුවදොරින් විතරක් නෙමෙයි ,රටපුරාම ක්‍රියාකාරින්ගේ යෝජනාව බවට පත්වෙලා.

පොදු ජන අරගල කියන්නෙම විවිධ අයව පොදු සටන් පාඨයකට කරපු ගොනු කරපු එකක් .මේ වගේ ගොනුවලට විවිධ අය එකතු වෙනව.විවිධ විදියට දායක වෙනවා.අරගල මැද, අග තමයි මේ සමහරක් අය කව්ද කියල ඇත්තටම දැනගන්න පුලුවන් වෙන්නේ.අරගල ගැන දේශපාලනය ගැන විතරක් සාමුහිකත්වයට ගරු කිරිම යන කාරණා වලට අදාලව ඒ අයගේ දැනුමේ සහ අත්දැකිම්වල දිග පළල ගැනත් එහෙමමයි.

පොදු කමට පිටින් ගිහින් සාමුහිකත්වයට ගරු නොකරන ඇතැම් ක්‍රියා තමයි කොයි අරගලයටත් කෙලවන්නේ.

එහෙම තමයි අරගල.ඒක තමයි ඇත්ත..කොයිතරම් අමාරු වුනත් සාමුහිකත්වය රකින සංස්කෘතියක් තුල පමණමයි අරගලයක ජිව ගුණය රදවගන්න පුලුවන් වෙන්නෙ.ඊට පිටින් ගිහින් සාමුහිකත්වය බිඳගෙන තම තමන්ගේ කොඩි උස්සන්න ගියාම කොයි අරගලත් අල වෙනව…

හැබැයි අගොස්තු 9 වෙනිදා ගත්තු මේ තීන්දුව ජුලි 13 වෙනිදා ගත්තා නම් හරි තැනදි ගියර් මාරු කරල ,ඇද්දා නම් ඒ ඇදිල්ල පටන් ගන්නෙම ගැම්මෙන්…

අරගල කරන්න ඉගෙන ගන්නඉගෙන ගන්න අරගල කරන්න…කියන ප්‍රකාශය කොයිතරම් අදට ගැලපෙනවද ??

වලන්කාරයන්ගේ අවුරුද්දක වැඩ සමහර පොලු කාරයන්ට එක දවසයිඒකත් කොයිතරම් ගැලපෙනවද කියල පහුගිය දවස් වල හිතුන වාර අනන්තයි.

අරගලය ගමට ගෙනියන එක ඇත්තටම අභියෝගයක්.ඒක ලේසි නෑ.ඒ අභියෝගයට මුණ දිල අත්දැකිම් තියෙන අය මේ අදියරේදිත් ඒකට පෙරමුණ ගනියි

චීන නැවේ කපිතාන්ට අතට අත දෙන්නට ගිය සරත්ට වෙච්චි දේ !

0

ගෝලීය කොවිඩ් වසංගතය සුව නොවී ඇති ඇති පසුබිමක යුවාන් වැන්ග් 05 නෞකාව පිළිගන්නට

චීන තානාපති කාර්යාලය සංවිධානය කළ උත්සවය සඳහා මුව ආවරණයක් හෝ නොපැළඳ ගිය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර නෞකාවේ කපිතාන්වරයාට අත අත දෙන්නට ගිය අවස්ථාවේ දී කපිතාන්වරයා එය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධ සිද්ධිය මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක් වී තිබේ.

ඉන්දියාවේ දැඩි විරෝධය නිසා ලෝක අවධානයට ලක් වෙමින් විශාල ආන්දෝලනයකට තුඩු දුන් චීන පරීක්ෂණ නෞකාව අද (16) උදෑසන 8.30ට පමණ හම්බන්තොට වරායට ඇතුළු විය.

වරාය ප්‍රවේශය නිමිතිකරගෙන චීන තානාපති කාර්යාලය එහි උත්සවයක් සංවිධානය කර තිබිණි.

එම උත්සවයට චීන තානාපතිවරයා ඇතුළු චීන දූත මණ්ඩල සාමාජිකයන් ද විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, අතුරලියේ රතන හිමි සහ විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර ඇතුළු පිරිසක් ද පැමිණ සිටියහ.

මාධ්‍ය වාර්තා කළේ දැඩි සෞඛ්‍ය ආරක්ෂක නීති අනුගමනය කරමින් පැවති එම උත්සව අවස්ථාවේ දී මුව ආවරණයක් නොපැළඳ සිටි එකම පුද්ගලයා විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර බවය.



මුව ආවරණයක් හෝ නොමැතිව නැවේ කපිතාන්වරයාට අතට අත දීමට ගිය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ ආචාරය පිළි නොගත් කපිතාන්වරයා සරත් වීරසේකර ඇතුළු සියලු දෙනාට පොදුවේ අත ඔසවා සමාචාර කළේය. කපිතාන්වරයා මුව ආවරණයක් පැළඳ සිටි චීන තානාපතිවරයාට හෝ අතට අත දී ආචාර කළේ නැත.


vlsdjfls

“බටහිර ජාතීන්ට ශ්‍රී ලංකාව, චීනය හා ඉන්දියාව අතර ඇති බැඳීම වටහා ගන්න බෑ”-සරත් වීරසේකර

භූ දේශපාලනික අර්බුදයක් දක්වා වර්ධනය වූ ආන්දෝලනාත්මක චීන පර්යේෂණ නෞකාවක් වන යුවාන් වැන්ග් 5 නෞකාව අද උදෑසන 8 ට පමණ හම්බන්තොට වරායට පැමිණ එහි නැංගුරම් ලා තිබෙන අතර නෞකාව මෙරටට පිළිගනිමින් රාජ්‍ය තාන්ත්‍රික උත්සවයක් වරාය පරිශ්‍රයේ දී අද (අගෝස්තු 16) පැවැත්වීය.

එහිදී හිටපු අමාත්‍ය සරත් වීරසේකර රජය වෙනුවෙන් එම උත්සවයට සහභාගී වෙමින් චීන ජනරජයෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවට මෙම මොහොතේදී ණය ප්‍රතිව්‍යුහගත කිරීමටත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡා සාර්ථක කරගැනීම ශ්‍රී ලංකාවේ දිගුකාලින මිතුරෙකු ලෙස උපකාර කරන ලෙසයි.

“චීනය ඇතුලු අපගේ ජාත්‍යන්තර මිතුරන්ගේ සහය අපට ලැබුනහොත් රටේ පැනනැගී ඇති ආර්ථික අර්බුදයට පිළියම් යෙදිය හැකි” බවට ඔහු පැවසීය.

වීරසේකර පැවසුවේ මෙම අවස්ථාව දෙරටේ සහයෝගිතාවය වර්ධනය වීමට හේතුවක් වන බවයි.

“බටහිර ජාතීන්ට ශ්‍රී ලංකාව, චීනය හා ඉන්දියාව අතර ඇති බැඳීම වටහා ගත නොහැකියි. අප‍ ජාතීන් ත්‍රිත්වය බුද්ධ ධර්මය, වෙළදාම හා ආධාර, උපායශීලි සම්බන්ධතා හා ජාත්‍යන්තර සබඳතා මත වර්ධය වී ඇත. ආසියාව ශක්තිමත් කිරීමට ආසියානුවන් එකමුතුවී වැඩ කල යුතුයි. චීනය ශ්‍රී ලංකාවට අත්හළ නොහැකි සහ විශ්වාස කළහැකි මිතුරෙකි.” ඔහු වැඩිදුරටත් සඳහන් කළේ
theleader.lk

රට සන්සුන්, හදිසි නීතිය දීර්ඝ කරන්නේ නැහැ – ජනපති කියයි

0

මෙම සතියේ අග අවසන්වීමට නියමිත හදිසි නීතිය යළි දීර්ඝ කිරීමක් සිදු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.
එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ රටේ තත්ත්වය නැවත යහපත් අතට හැරී ඇති බැවින් හදිසි නීතිය දීර්ඝ නොකරන බවය.

මේ මස 18 වන දායින් හදිසි නීතිය අවසන් වීමට නියමිතව තිබිණි.

ඊට හේතුව ජූලි 18 වන දා පැනවූ හදිසි නීතිය පාර්ලිමේන්තුවේ සම්මත කරනු ලැබුවේ, ජූලි 27 වන දා වන අතර නැවත පාර්ලිමේන්තුව කල් තබා ඇත්තේ අගෝස්තු 29 වන දා දක්වා ය.

ඒ අනුව, අගෝස්තු 18 වන දා වන විට හදිසි නීතිය සම්මත කොට මසක් ගත වන අතර එම නීතිය නැවත පාර්ලිමේන්තුවේ සම්මත කරනු ලබන්නේ, මසක් ඉක්මවීමට පෙර ය.

එම නීතිය නැවත දීර්ඝ කරන්නේ නම්, එය නැවත මසක් ඉක්මවීමට පෙර පාර්ලිමේන්තුව අනුමත කළ යුතු ය.

හදිසි නීතිය තවදුරටත් දීර්ඝ නොකිරීමේ තත්ත්වයක් උදා වී ඇතයි ‘ද ලීඩර්’ ඊයේ (15) වාර්තා කළේය.

ජාත්‍යන්තර සංවිධානවලින් විවේචන !

හදිසි නීතිය ඉවත්කරන ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වලින් රජය වෙත දැඩි බලපෑමක් එල්ල වෙමින් තිබේ.

විරෝධතා මර්දනය කිරීම සඳහා ලංකාණ්ඩුව හදිසි නීතිය නැවත නැවත භාවිතා කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් විසින් ජීනිවා හි දී හෙළා දුටුවේය.

ආර්ථික කඩාවැටීමක් මධ්‍යයේ සාමකාමී විරෝධතාකරුවන් මර්දනය කිරීමට සහ ඔවුන්ගේ දුක්ගැනවිලි ප්‍රකාශ කිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් විසින් 2022 අප්‍රේල් 2දා සිට රට තුල හදිසි නීතිය පුළුල්, දීර්ඝ හා නැවත නැවතත භාවිතා කිරීම එම මානව හිමිකම් විශේෂඥ‍යින්ගේ දැඩි විවේචනයට ලක්විය.
theleader.lk

ලාෆ්ස් ගෑස් නැවක් අද හම්බන්තොටට …

0

ගෑස් මෙට්ට්‍රික් ටොන් 3100 කට වැඩි ප්‍රමාණයක් රැගත් නෞකාවක් හම්බන්තොට වරායට පැමිණීමත් සමග ඉදිරි දිනවල දී පාරිභෝගිකයන්ට ගෑස් නිකුත් කරන බව ලාෆ්ස් සමාගම පවසයි…

මිගමු ධිවරයාගේ පමාවු භුමිතෙල් සටන යළිත් මහපාරට..

0

භුමිතෙල් නැතිකම හේතුවෙන් කුඩා බෝට්ටු ධිවරයන්ට දැනට මාස 4 කටත් වැඩි කාලයක් සිය රැකියාවේ සුපුරුදු පරිදි යෙදිමට හැකියාව නොලැබිම නිසා බරපතල ප්‍රශ්ණ ගණනාවකට මුහුණ පාන්නට සිදුව ඇති බව මිගමුව තෙල්වත්ත හංදියේ උද්ඝෝෂණයට එක්ව ධිවරයෝ ප්‍රකාශ කර සිටිති.
බත් කන්නේ තොපි පමණදැයි ඔවුන් අසා සිටින්නේ මේ රටේ පාලකයන්ගෙනි.
ධිවරයන්ට මාළු ඇල්ලිමට යාමට නොහැකිව ඇතිවා මෙන්ම සාමාන්‍ය ජනයාටද මාළු කෑමට දැන් නොහැකිව තිබේ.
පමා වි හෝ ධිවරයන් මහපාරට පැමිණ සිය ප්‍රශ්ණ වෙනුවෙන් හඩ නැගිම මේ පසුබිම තුල ඉතා වැදගත්ය.
වැල්ලවිදිය කුඩාපාඩුව පොරුතොට සහ පිටිපන යන ප්‍රදේශවලින් ධිවර ප්‍රජාව පෙළපාලියෙන් පැමිණ මිගමුව තෙල්වත්ත හංදියේදි මෙම උද්ඝෝෂණය පවත්වන ලදි.

https://www.facebook.com/anton.fernando.18041092/videos/5277509982331850

https://www.facebook.com/100009757846486/videos/461359359185754

ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කර ඩොලර් ගේන්නම් – මනෝ ගනේෂන්

0

විදෙස්ගත ශ්‍රී ලාංකික ඩයස්පෝරාව හමුවී සාකච්ඡා කර ශ්‍රී ලංකාවට ඩොලර් රැගෙන ඒමට තමන් සුදානම් බව සමගිජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී

මනෝ ගනේෂන් පවසයි.

ඊයේ (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ රට තුළ තහනම් කර තිබු ජාත්‍යාන්තර දෙමළ සංවිධාන 06ක් සහ පුද්ගලයින් පිරිසකගේ තහනම ඉවත් කිරීමට රජය ගත් පියවර සුබදායක බවයි.

ඩයස්පෝරා සංවිධානවල් හමුවී ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට තමා සූදානම් බවත්, ඒ සඳහා වන පදනම රජය නිර්මාණය කළ යුතු බවත් ඔහු එහිදී කියා සිටියේය.

මෙරට තුළ තහනම් සංවිධාන ලෙස ආසාදු ලේඛනගතකර තිබූ ජාත්‍යන්තර ද්‍රවිඩ සංවිධාන 6කට සහ පුද්ගලයින් 316 දෙනකුට පනවා තිබූ තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පසුගියදා කටයුතු කර තිබුණි. ගෝලීය දමිළ සංසදය, බ්‍රිතාන්‍ය දමිළ සංසදය, කැනේඩියානු දමිළ කොංග්‍රසය, ඕස්ට්‍රේලියානු දමිළ කොංග්‍රසය, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව හා ද්‍රවිඩ ඊළාම් ජනතා සම්මේලනය යන සංවිධානවල තහනම් එසේ ඉවත්කර තිබේ.

මෙම පියවර ඉතාම සාදරයෙන් පිළිගන්නා බව පැවසු මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා, එහෙත්, තහනම ඉවත් කිරීමෙන් පමණක් ඔවුන් තෘප්තිමත් නොවන බව සඳහන් කළේය.

“මේවා ඉවත්වීම හරහා ලෝකෙට ලංකාව ගැන හොඳ පණිවුඩයක් ලබාදීලා තිබෙනවා. ඒ පණිවුඩය සුබවාදී පණිවිඩයක් කියලා මම කියනවා. මේ පණිවුඩය අරන් ගිහින් උතුරු අමෙරිකාවට, යුරෝපයට, ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා ලංකාව වෙනුවෙන් කතා කරන්න මම ලෑස්තියි. මට ඒක පුළුවන්. ” ඔහු අවධාරණය කළේය.

ඩොලර් බිලියන 52 ක ශ්‍රී ලංකාවේ ණය බර, රට පාලනය කිරීමට මසකට ඩොලර් මිලියන 500 ක අවශ්‍යතාවය යන පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වූ සියලුම දමිළ සහ සිංහල ජනතාවගේ සහයෝගය ලබා ගත යුතු බවද මන්ත්‍රීවරයා පැවසිය.

වැඩිදුරටත් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මෙසේ සඳහන් කළේය.


”අවම පොදු ප්‍රතිපත්ති වැඩපිළිවෙලක් ප්‍රමාදයකින් තොරව ප්‍රකාශයට පත්කළ යුතුයි..”


”මේ රටේ ජාතික සමගිය සහ ජනවාර්ගික ගැටලුව විසඳීම සම්බන්ධයෙනුත්, දූෂණයෙන් තොර මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙනුත්, අවම පොදු ප්‍රතිපත්ති ප්‍රකාශය, ශ්‍රී ලංකා රජය ශ්‍රී ලාංකාවෙන් සංක්‍රමණය වූවන් වෙත රජයේ සහතිකයක් ලෙස ප්‍රමාදයකින් තොරව ප්‍රකාශ කළ යුතුයි.

 මෙම පදනම මත දමිළ සංවිධාන පමණක් නොව, සිංහල ඇතුළු ලංකාවෙන් සංක්‍රමණය වූ සියලුම ජනතා සංවිධාන සමඟ සාකච්ඡා කිරීමට මම සූදානමින් සිටිනවා. 

එක පැත්තකින් දමිළ ජාතිකයකු ලෙසත්, අනිත් පැත්තෙන් දකුණේ සිංහල ජනතාව ජීවත් වන කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත් මේ කාර්යභාරය ඉටු කිරීමට මම සුදුසු කෙනෙක්යැයි විශ්වාස කරනවා.

රජයේ ඇමතිකම් ගන්නවාට වඩා මේක ප්‍රයෝජනවත් යැයි තමා විශ්වාස කරන බව දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක නෝ ගනේසන් කියා සිටියේය.

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී මනෝ ගනේසන් මන්ත්‍රීවරයා තවදුරටත් මෙසේ පැවසිය.

”අද අපි ලෝකයෙන් හිඟමන් ඉල්ලන තත්ත්වයට පත්වෙලා. ඒත් ඉන්දියාව ඇරෙන්න කවුරුත් අපිට උදව් කළේ නැහැ. ඉන්දීය ජනතාවගේ බදු මුදලින් මේ ආධාරය කොපමණ කාලයක් ලැබෙයිද දන්නේ නැහැ. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව තවමත් ඉන්නේ පැත්තකට වෙලා.

ඔවුන් වෙත ඉදිරිපත් කිරීමට ඇති සමාජ ආර්ථික සැලැස්ම කුමක්ද? ජනාධිපති ධූරයට පත්වී සති කිහිපයක් ගතවී ඇතත් මේ කිසිවක් සිදුවී නැහැ. 

මෙවැනි තත්වය තුළ පැරණි ප්‍රතිපත්තිවලින් වෙනස් වී, අලුත් ආකාරයකින් දකින්නට, සිතන්නට හැකි නම්, අපි ලොව පුරා වෙසෙන අපේ රටවැසියන්ගෙන්, මාතෘභූමියට උදව් කරන ලෙස ඉල්ලන්න පුළුවන්.

ලොව පුරා සංක්‍රමණය වූ දමිළ සහ සිංහල ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 25 ක් පමණ සිටිතවා. ඔවුන් සියලු දෙනාම කැමැත්තෙන් රටට උදව් කළ හැකි ආකාරයට ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීම රටේත්, රජයේත් යුතුකමයි.

මේ රටේ ජීවත් වෙන්න බැරුව, විදේශ රටවලට ගිය අයට රට හොඳ දිසාවකට ගමන් කරනවා කියන විශ්වාසය ඇති වෙන්න ඕනෙ. නමුත්, ඒවාට පෙර කොන්දේසි තිබෙනවා. 

# සංක්‍රමණික දමිළ ජනතාව විශේෂයෙන්ම රටේ ජාතික ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් සහතිකයන් අපේක්ෂා කරනවා.

# සංක්‍රමණික සිංහල ජනතාව විශේෂයෙන් ඔවුන්ගේ ආධාර දූෂිත හා නාස්තිකාර දේශපාලකයන් අතට නොවැටෙන බවට සහතිකයක් බලාපොරොත්තු වෙනවා.


මෙම රට සිංහල බෞද්ධ රටක් කියන පදනම වෙනස් විය යුතුයි. මෙම රට සිංහල, දමිල, මුස්ලිම් රටක් කියන පදනම පිළිගැනීමට ලක්විය යුතුයි. ශ්‍රී ලාංකික අනන්‍යතාවය ඉහළ යා යුතුයි. 

ඒවගේම විදේශයෙන් ලැබෙන සෑම ඩොලරයක්, පවුමක් සහ යුරෝවක්ම රටේ අවශ්‍යතා සඳහා විනිවිදභාවයෙන් හා වගවීමෙන් යුතුව භාවිතා කළ යුතුයි. 

මේවා සම්බන්ධයෙන් අවම පොදු ප්‍රතිපත්තීන් සහතිකයන් ලෙස ශ්‍රී ලංකා රජය හා විපක්ෂය විසින් ප්‍රකාශ කලේ නම්, ඒක හැකිවෙයි.

මෙම පදනම මත දමිළ පමණක් නොව, සිංහල ඇතුළු ලංකාවෙන් සංක්‍රමණය වූ සියලුම ජනතා සංවිධාන සමඟ සාකච්ඡා කිරීමට තමා සූදානමින් සිටින බව මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

එක පැත්තකින් දමිළ ලාංකීය ජාතිකයකු ලෙසත්, අනිත් පැත්තෙන් දකුණේ සිංහල ජනතාව සමග ජීවත් වන කොළඹ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත් මේ කාර්යභාරය ඉටු කිරීමට මම සුදුසු කෙනෙක්යැයි මම විශ්වාස කරනවා.

මේ ආණ්ඩුවේ මට ඇමතිකම් එපා මම ඒකට සුදානම් නෑ. නමුත් රට වෙනුවෙන් වැඩ කරන්න ලෑස්තියි මම. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන්, සලකා බලන්න මේ ඩයස්පෝරා ආයතන කවුරුත් දැන් වෙනම රටක් ඉල්ලන්නේ නැහැ. මට වගකීම භාරගන්න පුළුවන්. මට පුළුවන් මේ ආයතනයට කතා කරලා වෙනසක් ගේන්න. හැබැයි යනකොට මට හිස් අතින් යන්න බෑ. ආණ්ඩුවෙන් මට ඕනේ සැලැස්මක්.”

https://www.youtube.com/embed/SDdp4oS6q-s

මෙරට තුළ තහනම් සංවිධාන ලෙස ආසාදු ලේඛනගතකර තිබූ ජාත්‍යන්තර ද්‍රවිඩ සංවිධාන 6කට සහ පුද්ගලයින් 316 දෙනකුට පනවා තිබූ තහනම ඉවත්කිරීම සම්බන්ධයෙන් වාර්තා කරමින් පී.ටී.අයි. ඉන්දීය ප්‍රවෘත්ති සේවය පවසන්නේ අදාළ තහනම් ඉවත් කිරීමට ලක්රජය පියවර ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණදෙන අසාමාන්‍ය ආර්ථික අර්බුදයට දිර්ඝ කාලීන විසඳුම් සෙවීමේ අරමුණින් බවය.

එවැනි වටපිටාවක් තුළ දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් සමඟ යළි එක්ව කටයුතු කිරීමෙන් මෙරටට විදේශ විනිමය ආකර්ශනය කරගැනීමට හැකියාවක් ලැබෙනු ඇති බවත්, එමගින් විදේශ සංචිත ඉහළ නැංවීමට හැකිවනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ අදහස වී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.

මේ අතර තහනම ඉවත් කරනු ලැබු සංවිධානයක් වන ‘ග්ලෝබල් ටැමිල් ෆෝරම්’ හෙවත් ගෝලීය දෙමළ සංසදයේ සභාපති මහාචාර්ය එස්.ජේ. එම්මානුවෙල් පියතුමන් ලක් රජය ගනු ගැබූ පියවර කෙරෙහි ප්‍රසාදය පල කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත.

එහි දැක්වෙන්නේ පනවා තිබු තහනම ව්‍යාජ බිය සහ සැකය යන චෝදනා මත පදනම්ව ක්‍රියාත්මක වුවක් බැවින් එය ඉවත් කිරීම සතුටින් පිළිගන්නා බවය.
එම්මානුවෙල් පියතුමන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ එක්ව රට ගොඩනැගීමට සියලු ශ්‍රී ලාංකිකයන් එක්වන ලෙසය.

එමෙන්ම එස්.ජේ. එම්මානුවෙල් පියතුමන් සිංහල භාෂාවෙන්ද ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇති අතර එහි දැක්වෙන්නේ වාර්ගික සහ ආගමික වෙනස්කම් පිළිබඳ ශ්‍රී ලාංකිකයන්ගේ ආකල්පීය වෙනස්වීමක් සිදුවිය යුතු බවය.

PHOTO 2022 08 16 11 07 17

මේ අතර ජාත්‍යන්තර ද්‍රවිඩ සංවිධාන 6කට සහ පුද්ගලයින් 316 දෙනකුගේ තහනම ඉවත් කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පැවසුවේ තහනම ඉවත් කිරීමට හේතුව කුමක්දැයි රජය ජනතාවට ඉදිරිපත් කළ යුතු බවය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි මෙසේ පැවසුහ.

“නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී සංවිධාන වශයෙන් අධිකරණ තීන්දු අරගෙන තිබුණ නිසයි ඒ සංවිධාන තහනමට යොමු වුණේ. එහෙනම් ඒ තහනම ඉවත් කරන්න අධිකරණ තීන්දුවක් ආවද? ඒ එක්කම පෙර පැවති නීති විරෝධී තත්ත්වය වෙනස් වුණාද ? ජාත්‍යන්තර ද්‍රවිඩ සංවිධානවල තහනම ඉවත් කරන්න හේතුව කුමක්ද? ඒ පිළිබඳව පූර්ණ විස්තරයක් රජය සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවට ඉදිරිපත් කළ යුතුයි. ශ්‍රී ලංකාවට ආයෝජන ගෙන ඒමට ගන්නා උත්සාහයේ එක පියවරක් වෙන්න ඕනේ මේක.”

ජාත්‍යන්තර දෙමළ සංවිධාන 06 කට ශ්‍රී ලංකාව තුළ පනවා තිබූ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් බරපතල සැකසංකා මතුවන බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

 එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර පැවසුවේ හදිසියේ මෙවැනි තීරණයක් ගැනීමට බලපෑ හේතු මොනවාදැයි රජය මෙතෙක් පිළිගත හැකි පැහැදිලි කිරීමක් සිදු කර නොමැති බවයි.

theleader.lk

ගෞරවාන්විත අයිතිවාසිකම් සහිත දේශපාලන විසඳුමක් සඳහා වූ අරගලයක් …

0

මඩකලපුව පුල්ලුමලේ දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් ක්‍රියාත්මක වන දින 100 ක‍්‍රියාමාර්ගයේ 13 වන පසුගිය සෙනසුරාදා සමරන ලදි .

උතුරු නැඟෙනහිර ජනතාවට ගෞරවාන්විත අයිතිවාසිකම් සහිත දේශපාලන විසඳුමක් සඳහා වූ දින 100 ක‍්‍රියාකාරීත්වයේ දින 13 ක දිනය සෙනසුරාදා (13) මඩකලපුව පුල්ලුමලෙයි ප‍්‍රදේශයේදී පැවැත්වුණි.



මෙදින පෙරවරුවේ 200 කට අධික පිරිසක් පුල්ලුමලෙයි පල්ලිය හන්දියට රැස් වූ බව අතර අපිට ජනතාවක් විදියට නිදහසේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා, අපි වෙනම ආණ්ඩුවක් ඉල්ලන්නේ රට බෙදන්න නෙවෙයි, අපි ඉල්ලන්නේ ශ්‍රී ලංකාව තුළ අභිමානයෙන් සහ අයිතිවාසිකම්වලින් යුක්ත දේශපාලන විසඳුමක්. යුද්ධයෙන් පීඩාවට පත් උතුරු නැඟෙනහිර ජනතාවට ගෞරවනීය අයිතිවාසිකම් සහිත දේශපාලන විසඳුමක් සහ අතුරුදන් වූවන්ට විසඳුමක් අවශ්‍යයි. අපට කතා කිරීමේ නිදහස අවශ්‍යයි, සටන් පාඨ කියමින් සාමකාමි අරගලයක නිරතවිය.
තම ඉල්ලීම ඇතුළත් ලියවිල්ලක්ද මාධ්‍ය වෙත භාරදීමෙන් අනතුරුව විරෝධතාකරුවන් එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණි.

-දේවා

ඒ.ඒස්.පී. ටත් ආණ්ඩුකාර තනතුරක්…?

0

ලංකාවේ පළාත් කිපයකට නව ආණ්ඩුකාරවරුන් පත්කිරිම ගැන වත්මන් ජනපති සහ ප‌ොහොට්ටු ප්‍රධානින් අතර සාකච්ජාවක් සිදුවෙමින් ඇතැයි ශ්‍රිලංකා මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
මෙසේ නව ආණ්ඩුකාරවරුන් පත්කිරිමට යෝජනා වි ඇති පළාත් ලෙසින් එම පුවතේ වැඩිදුරටත් වාර්තා වන්නේ බස්නාහිර,වයඹ,සබරගමුව,නැගෙනහිර සහ උතුරය..
‌මේ සදහා දැනට යෝජනා වි ඇති නම් අතර ,ජෝන් අමරතුංග,නවින් දිසානයක,දයා ගමගේ සහ ඒ.ඒස්.පි ලියනගේ ද වෙයි .

කළු කොඩි පමණක් එසවුණු ලංකාවේ දිර්ඝතම අඛණ්ඩ විරෝධතාවය …

0

ලංකාවේ දිර්ඝතම අඛණ්ඩ විරෝධතාවය ලෙස මේ වන විට ලංකා සමාජ දේශපාලනය එක්ව ඇති උතුරේ අතුරුදන් පවුල් වල දෙමව්පියන් විසින් සනිටුහන් කර තිබුණි.

සිංහ කොඩි නැති කළු කොඩි වලින් පමණක් හැම විටම ලෙළදුන මෙම අරගලයේ 2000 වන දින සැමරුමට ගොල්ෆේස් අරගලයට සම්බන්ධව සිටි විවිධ අංශ වල ක්‍රියාකාරින්ද එක්ව සිටිම විශේෂත්වයක් විය.




මේ පිළිබදව සංජුලා ඔ්ෂිනි සිය ෆේස් බුක් පිටුවේ මෙවැනි සටනක් තබා තිබේ.

ශ්‍රී ලංකාවේ දීර්ඝතම අරගලයේ 2000 වෙනි දිනය. නළු නිළියෝ සෙලිබ්‍රිටිලා නැති, අරගලය පසුබිමේ තමන්ගේ මූණ සෙල්ෆි අරන් ෆේස්බුක් දාන්න වුවමනාවක් නැති, යුක්තිය හොයන මිනිස්සු. අරගල කියන්නේ තමන්ගේ මූණ නොවන බව දකුණේ අරගලකරුවන්ට උගන්වන සාමූහිකව යුක්තිය වෙනුවෙන් අඛණ්ඩව අරගල කරන මිනිස්සු.

කෙසේ වෙතත් උතුරේ අරගල ගැන දකුණේ මාධ්‍ය කිසිවිටකවත් ප්‍රමුඛත්වයක් ලබා දි කටයුතු කර තිබුනේ නැත. ජනතාවට පාර කියනවා යැයි කියන ඇතැම් මාධ්‍ය පවා දකුණ සිය මාධ්‍යකරණයේ හතර මායිම ලෙස සටහන් කරගෙන මාධ්‍යකරණයේ නියැලුණි.
මේ නිසාම ගෝල්ෆේස් අරගලය හෝ ඊට සමාන්තරව විවිධ නගරවල ක්‍රියාත්මක වු ගෝඨාගම් ගැන මෙන් කිලිනොච්චියේ දෙමව්පියන් ගැන දකුණට පුවත් වාර්තා නොකෙරුනා පමණක් නොව දකුණේ සමාජ ක්‍රියාකාරින්ට පවා මේ ගැන නිනව් තිබුන බවක් පෙනෙුනේ නැත.
උතුරේ මව්වරන් ගැන පමණක් නොව උතුරේ මෙන්ම නැගෙනහිර මාධ්‍යකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වු මර්ධනයන් ගැන මෙන්ම ඔවුන් ගේ විරෝධතා ගැනද දකුණේ මාධ්‍යයට මෙන්ම බහුතරයක් සමාජ දේශපාලන ක්‍රියාකාරින්ට නිනව් තිබුනේ නැති තරම්ය.මේ යථාර්ථය තුල මාධ්‍ය සංදර්ශණකරණයෙන් එහා ගිය ඇත්ත සැබැදියාවක් උතුරේ සහ දකුණේ අරගල තුල ගොඩනැගිය යුතුව තිබේ.

ඔ්ෂණි සිය ෆේස් බුක් පිටුවේ පසුගිය 12 වනදා තවත් සටහන් තබා තිබේ.

ශ්‍රී ලංකාවේ දීර්ඝතම අරගලයට අදට දින 2000 කි. යුද්ධය අවසානයේ හමුදාව විසින් රැගෙන ගිය කුඩා දරුවන් ඇතුළු දහස් ගණනක් වූ තම ආදරණීයයන්ට රජය විසින් සිදු කළේ කුමක්දැයි සත්‍ය හෙළි කරන මෙන් 2017 වසරේ පෙබරවාරි මස 20 වන දින කිලිනොච්චියේදී මෙම අරගලය ආරම්භ විය. සත්‍ය සහ යුක්තිය ඉල්ලන මේ නිරායුධ නිප්‍රචණ්ඩ අරගලය ආණ්ඩුවල සහ හමුදාවේ තර්ජන, බාධා කිරීම්, බිය ගැන්වීම්, සෝදිසි කිරීම් මධ්‍යයේ අඛණ්ඩව දින 2000 ක් පුරා සිදුවේ. ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිම බලහත්කාරි අතුරුදහන් කිරීම් වූ රටවල් අතර දෙවන තැන ගත්ත ද, කිසිදු රජයක් එම ගැටලුවට පිළිතුරු සෙවීම සඳහා කටයුතු කර නැත. යුක්තිය උදෙසා වන උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ ශක්තිමත් අරගලය තුළ මේ මිනිසුන්ගේ අධිෂ්ඨානය කෙරෙහි හිස නමමින් යුක්තිය අගයන මිනිසුන් වශයෙන් අපට අසන්නට ඇත්තේ එකම එක පැණයකි.ශ්‍රී ලංකා රජය විසින් බලහත්කාරයෙන් අතුරුදහන් කළ දෙමළ ජනයා කෝ ? ඔවුන්ට සිදු කළේ කුමක්ද ?

ඡායා – විකල්ප වෙබ් අඩවිය



කතරගම පෙරහැර සැරසු සසදි ගේ දුක්මුසු කතාව

0

ඓතිහාසික රුහුණු කතරගම පෙරහර ට මොනර නැටුම ඉදිරිපත් කළ කණ්ඩායමේ

කැපී පෙනෙන නර්තන ශිල්පිනියක් වන පුංචි සසදි උදයංගනී මෙරට පමණක් නොව ජාත්‍යන්තරයේ පවා අවධානයට ලක්ව ඇත.

ශ්‍රවණ ආබාධයකින් පෙළෙන සසදි උදයංගනී ගේ කතාව සැබවින්ම සංවේදී වන්නේ ඇයට කතා කිරීමට නොහැකි වීම නිසාවෙනි.

“ශිල්පීන් 16දෙනාගෙන් හොඳටම නර්තන හැකියාව පෙන්නුම් කළේ සසදි දුවයි. ඇයගේ නර්තනය අභියෝගාත්මක වුණා ඒ හේතුවෙන් පෙරහැර නැරඹීමට පැමිණි කාගේත් අවධානය දිනාගැනීමට ඇයට හැකි වුණා. අනෙක් දරුවන්ට වඩා හොඳ ආත්ම විශ්වාසයකින් ඇය නර්තන හැකියාව පෙන්නුවා.”

මෙලෙස අප සමග අදහස් පළ කළේ, සසදිගේ නර්තන ගුරුවරිය වන බණ්ඩාරගම, මස්විල රන්තරු කලායතනයේ නර්තන ආචාරිනී නදීකා දිල්රුක්ෂි මහත්මියයි.

තම දියණිය අද වනවිට ජීවිතයේ ළඟාකර ගෙන ඇති සාර්ථකත්වය දෙස සතුටු කඳුළු සළමින් අප හා අදහස් දැක්වු සසදිගේ මව පවසා සිටියේ, මෙවැනි කතාවකි.

“දුවට කර්ණ ශක්ති බද්ධ කරලා තියෙන්නේ. ඒකෙනුත් මගේ දරුවට දැන් ටික ටික සුවයි. ලොකු පිරිවැයක් කරල තමයි දුවට ඒ දේ කළේ. කතරගම මහා පෙරහැරට සහභාගි වුණේ දෙවැනි පාරට. මම හිතුවේ නෑ දරුවාට මේ තරම් ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. ඇත්තටම සසදි දුව කරන්න පුළුවන් හැමදේම හොඳටම කරනවා. ගෙදර වැඩවලටත් මට උදව් කරනවා.එයා කැමති ගොඩක් නර්තන අංශයට. මගේ එකම බලාපොරොත්තුව ප්‍රවීණයන්ගෙන් ඉදිරියට ගිහිල්ලා සමාජයට රටට ලෝකෙට වැඩදායි පුද්ගලයෙක් කිරීම තමයි මගෙත් බලාපොරොත්තුව. මගේ දරුවාට අතහිත දෙන්න ප්‍රවීණයෙක් ඉන්නවා නම් මම ආයාචනා කර ඉල්ලනවා මගේ දරුවාට ඒ දේට උදව් කරන්න කියලා.”

සසදි වගේම තවත් මෙවැනිම ආබාධ සහිත දරුවන් අප අතර සිටී. ඔවුන්ව කොන් නොකර සමාජයේ සම තැනක් ලබාදීමට හැකිනම් අප සියලුදෙනා ඔවුන් වෙනුවෙන් සිදුකරන සැබෑම යුතුකම එය නොවන්නේ ද ?

(adaderana.lk)