Sunday, September 22, 2024
Home Blog Page 12

ITN සැටඩේ නයිට් මූවී වෙතින් මිෂන් ඉම්පොසිබල්-ෆෝල්අවුට්

0

යිටීඑන් නාලිකාව විසින් ඉදිරිපත් කරන සැටඩේ නයිට් මූවී වැඩසටහන යටතේ මේ සතියේ එනම් අගෝස්තු 20 වන සෙනසුරාදා රාත්‍රී 10.30 ට ප්‍රදර්ශනය

වන්නේ ‘මිෂන් ඉම්පොසිබල්-ෆෝල්අවුට් (Mission Impossible Fallout) නම් චිත්‍රපටයයි.

ශ්‍රී ලංකාවේ ටෙලිවිෂන් නාලිකාවක මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර එය පියෝ ටීවී නාලිකා අංක 303 ඔස්සේ විකාශය වන අයිටීඑන් එච් ඩී නාලිකාව තුළින් ද නැරඹිය හැකිය.

Mission Impossible Fallout 2

ක්‍රිස්ටෝෆර් මැක්වේරි විසින් අධ්‍යක්ෂණය කළ මෙම සිනමා පටය ගෙතෙන්නේ IMF කියන සංවිධානයක් වටායි. 2018 දී නිපදවුණු මෙම මිෂන් ඉම්පොසිබල්-ෆෝල්අවුට් යනු මිෂන් ඉම්පොසිබල් චිත්‍රපට මාලාවේ 06 වෙනි චිත්‍රපටයයි.

මිෂන් ඉම්පොසිබල් මුලින්ම නිර්මාණය වන්නේ 1996 දී ය. පසුව 2000, 2006, 2011සහ 2015 වර්ෂවලදී සෙසු චිත්‍රපට නිපදවුණු අතර දැනට අවසාන වශයෙන් නිපද වී ඇති චිත්‍රපටය මිෂන් ඉම්පොසිබල්-ෆෝල්අවුට්ය. නමුත් මෙය අවසානය නොවේ.

Mission Impossible Ranked

මේ චිත්‍රපට මාලාවේ ඉදිරි චිත්‍රපට 02ක් 2023 සහ 2024 වර්ෂවල ඉදිරිපත් කිරිමට දැනටමත් සැලසුම් කර ඇත.

මෙම මිෂන් ඉම්පොසිබල් චිත්‍රපට මාලාවේ දිගටම සිටි ප්‍රධාන නලුවා වන ටොම් කෘස් මෙම චිත්‍රපටයේ නිෂ්පාදනය කාර්යටත් සම්බන්ධයි.

මිෂන් ඉම්පොසිබල්-ෆෝල්අවුට් සිනමාපටය පුරාම ඇත්තේ යම් කිසි ආකාරයක ආතතියකට පත් කරන විදිහේ සිදුවීම් මාලාවක්. නමුත් ඒ සිදුවීම් මාලාව තුළ ඇමරිකානු ගෝලීය දෘෂ්ටිවාදය ක්‍රියාත්මක වන ආකාරය අපට කියවන්න පුලුවනි.

2015 දී නිෂ්පාදනය වුනු mission impossible rogue nation චිත්‍රපටයේ දී “සින්ඩිකේට්” කියන ත්‍රස්තවාදී සංවිධානයක් සම්පූර්ණයෙන්ම මෙම IMF සංවිධානය විසින් විනාශ කරන අතර එහි නායකයා සිරගත වීමෙන් එම චිත්‍රපටය අවසාන වේ.

මේ සිනමාපටයේ දී සිදු වෙන්නේ ඒ “සින්ඩිකේට්” නම් ත්‍රස්තවාදී සංවිධානය නැවත “ඇපස්ට්‍රෝස්” නමින් හදුන්වන වෙන සංවිධානයක් හැටියට නැවත ගොඩ නැගී විශාල ගෝලීය විනාශයකට අර ඇදීමයි. IMF සංවිධානය මෙහිදී කටයුතු කරන්නේ එය වැළැක්වීමටයි.


Impossible යනු කළ නොහැකි දේ හෙවත් විය නොහැකි දේ ය. අපේ ජිවිතයේ අපට මග හැරෙන යන දේ හෙවත් ඒ විය නොහැකි දේ අපිට මුණ ගැසීම වළක්වා ගනිමින් ෆැන්ටසිමය ආකාරයට අපේ ජීවිතය නිර්මාණය කර ගන්නට අපි හැකිතාක් උත්සාහ කරමු. යතාර්ථය යනු ප්‍රබන්ධයක් බව කියන්නේ ඒ නිසයි.

නමුත් මේ ඇමරිකානු සිනමාව මේ විය නොහැකි දේ විය හැකි දෙයක් බවට පත් කිරීමට පුලුවන් යන තැනට එන්නට උත්සාහ කරයි. IMF සංවිධානය අපට අධිනිශ්චය වී තිබෙන කාලයක Mission Impossible යන චිත්‍රපටිය පිළිබඳ සාකච්ඡා කරන්නට අපට අවස්ථාව ලැබීමම වැදගත්ය.

ප්‍රවීණ සාහිත්‍යවේදී සහ විචාරක
සමන් වික්‍රමාරච්චි


මිගමු ධීවරයන් මහපාරේ කඳවුරු බඳිති…

0

භුමිතෙල් නොලැබිම නිසා මාස තුනකටත් වැඩි කාලයක් මුහුදු යෑමට නො⁣හැකි වු බවත් ,එබැවින් රජයට බලපෑම් කොට කෙසේ හෝ ඉන්ධන ලබාගැනිමට මහපාරේ කඳවුරුගත අරගලයක් ආරම්භ කළ බවත් ධීවරයෝ කියා සිටිති.

මිගමුව පෙරියමුල්ලට ආසන්නයේ දොන් බොස්කෝ පිළිරුව මේ වන කුඩාරම් දෙකක් මිගමු ධිවරයෝ අද උදේ වරුවේ සිට මේ විරෝධතාවය ආරම්භ කර තිබේ.

මේ අතර මිගමුව තෙල්වත්ත හංදියේ දින 100කටත් වඩා පැවැති විරෝධතාවයේ කුඩාරම් ඇතුළු උද්ඝෝෂණය භාණ්ඩ සියල්ල මිගමුව පොලිසිය විසින් පසුගිය 17වෙනිදා පැමිණ ඉවත්කරගෙන ගොස් තිබේ.

මර්වින් සිල්වා අත්අඩංගුවට..

0

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ. 2007 වසරේ කොළඹ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට කඩා වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

නාමල්ට ඇමතිකමක් දෙනවට Black Cap විරෝධයක්

0

එළඹෙන සර්ව පාක්ෂික රජයක නාමල් රාජපක්ෂට අමාත්‍ය තනතුරක් ලබාදෙනවාට තම සංවිධානය දැඩි ලෙස විරෝධය පලකරන බව අරගලයේ

ක්‍රියාකාරී සංවිධානයක් ලෙස කටයුතු කල Black Cap Movement පවසයි.

එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම කාරණය අවධාරණය කර තිබේ.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.


ඉදිරියේදි නිර්මාණය වීමට නියමිත සර්වපාක්ෂික හෝ ජාතික ආණ්ඩුවේ ප්‍රබල ඇමතිකමක් තමාට ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ
ඉල්ලා ඇති බවට දේශපාලන සමාජය තුළ මේ වනවිට රාවයක් පැතිරයමින් තිබේ. මේ පිළිබඳව අප සංවිධානයේ දැඩි අවධානය යොමුව ඇත.

රාජපක්ෂ පවුල්වාදයේ අත්තනෝමතික භාවයට එරෙහිව රටේ පැනනැගෙනු ජන අරගලයේ ප්‍රධාන ඉලක්කය වූයේ රාජපක්ෂවාදයෙන් තොර නව පාලනතන්ත්‍රයක් නිර්මාණය කරගැනීමයි.

අරගලයෙන් ජනතාව බලාපොරොත්තු වූයේ පැරණි පොහොට්ටු ආණ්ඩුවම නැවත සළුපිලි අන්දවා කරලියට ගැනීමට නොවේ. රාජපක්ෂවාදයේ පසුගාමීත්වයෙන් තොර රටකි. නමුත් නාමල් රාජපක්ෂ පසුගියදා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ඉහළ පෙළේ නිලධාරීයෙකු පත් කිරීම සදහාද පරිසර අමාත්‍යවරයා වෙත ලිපි දෙකක් මාර්ගයෙන් බලපෑම් කර තිබෙනු අපට නිරීක්ෂණය විය. 

එමෙන්ම දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදුජන  පෙරමුණේ ජාතික සංවිධායකවරයා ලෙස පත්කිරීමට ද සූදානමක් ඇති බවකි.

ජනතා මතය පිළිබඳව කිසිඳු සංවේදීත්වයක් නොමැතිව මෙලෙස ජනතාවට කොකා පෙන්වමින් කටයුතු කිරීමට රාජපක්ෂ කාටේලය කටයුතු කරයි නම් ඔවුන්ගේ දේශපාලන ඉරණම පිළිබඳව ඊළඟ මැතිවරණයේදී ජනතාව තීන්දු කරනු ඇත.

එහෙත් ඊට ප්‍රථම ශ්‍රී ලංකාවේ අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ගොඩනගන සර්ව පාක්ෂික ආණ්ඩුව ද නාමල්ලාගේ දේශපාලන සූදුවක් බවට පත්කිරීමට ඉඩ නොදෙන ලෙස සියලු දේශපාලන කණ්ඩායම් වෙතින් අප ඉතා බැරෑරුම්ව ඉල්ලා සිටිමු.

නාමල් රාජපක්ෂලාගේ දේශපාලන ගේම් වලින් අවසානයේ පීඩාවට පත්වන්නේ රටේ අහිංසක ජනතාව වන අතර ඒ සඳහා ඉඩ නොතැබමින් අවිහිංසාවාදී අරගලයක නිරත වූ සියලුම සාමකාමී අරගලකරුවන් බලාපොරොත්තු වූ දේශය ගොඩනැගීම සියලු දේශපාලන ක්‍රියාකාරීන්ගේ උරමත පැටවී ඇති වගකීමක් බව අප විස්වාස කරමු. ”

BCM Press 18.08.2022 page 0001

theleader.lk

ජන අප්‍රසන්න මුහුණ රැසක් සමගින් නව කැබිනට්ටුව ලබන සතියේ ???

0

දැනට පත් කර ඇති තාවකාලික කැබිනට් මණ්ඩලය වෙනුවට නව අමාත්‍ය මණ්ඩලයක් ලබන සතියේ දී පත් කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර ඇති නමුත්,සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ නැති බැවින්,සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් යටතේ නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දැනගන්නට ඇතැයිද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

මෙම කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කැබිනට් අමාත්‍යධුර හිමිවිය යුතු දිස්ත්‍රික් නායකයන්ගේ ලැයිස්තුවක්ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇතැයි දැනගන්නට ඇත.

ජන අප්‍රසන්නලාටත් ඇමතිකම් ?

වෛද්‍ය රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග , ජනක බණ්ඩාර තෙන්නකෝන් ,,ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සී බී රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි, එස් එම් චන්ද්‍රසේන,නාමල් රාජපක්ෂ, ආචාර්ය බන්දුල ගුණවර්ධන,සනත් නිශාන්ත,කංචන විජේසේකර යන මහත්වරුන්ගේ නම් ඊට ඇතුළත් වී ඇතැයිද දැනගන්නට තිබේ.

සමගි බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ද, නව කැබිනට් මණ්ඩල ට ඇතුළත්වීමට නියමිතව ඇති අතර,ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොන්ඩමන්,ජාතික කොංග්‍රසයේ නායක ඒ එල් එම් අතාවුල්ලා යන මහත්වරුන්ටද අමාත්‍යධුර හිමිවීමට නියමිතව ඇතැයි දැනගන්නට ඇත.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වුවහොත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ද ආණ්ඩුව තුළ සාකච්ඡා වෙමින් පවතින බව දැනගන්නට ඇත.

කැබිනට් මණ්ඩලය තිස්දෙනකුගෙන් පමණ සමන්විත වනු ඇතැයි පැවසේ
මුලාශ්‍රය – ලංකාදිප

මීගමු අරගල බිමේ කුඩාරම පැහැරගෙන යාමට එරෙහිව විරෝධතා …

0

මිගමුව අඛණ්ඩ විරෝධතා භුමියේ ඉතිරිව තිබු හට් එකද , වේදිකාව ලෙසින් භාවිතා කරන ලද බෝට්ටුවද ඇතුළු විරෝධතා භාණ්ඩ ඊයේ අලුයම (17) ද අලුයම පොලිසිය විසින් රැගෙන ගොස් තිබුණ බව වාර්තා විය.
මෙයට විරෝධය පළකරමින් මිගමුව අඛණ්ඩ විරෝධතා භුමියේ ක්‍රියාධරයින් විසින් ඊයේ (17) සවස් වරුවේ මිගමුව තෙල්වත්ත හංදියේදි විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.


වාර්තා වු අන්දමට මෙසේ පැහැර ගෙන ගිය බෝට්ටුව මිගමුව මහනගර සභාවේ එක් අන්තයක පිවිසුම් මාර්ගය අසල දමා ගොස් තිබුන අතර අනෙක් දැ මිගමුව පොලිසිය වෙතට ගෙන ගොස් තිබුන බවට කරුණු හෙළිවි තිබේ.
මේ භාණ්ඩ උසාවියට ඉදිරිපත් කිරිමට නියමිතව ඇතැයිද සැලය.
කෙසේ වෙතත් සිරස ප්‍රවෘත්ති ප්‍රකාශය තුලදි මෙම ක්‍රියාව කිසියම් මැර පිරිසක් විසින් සිදුකර තිබුන බවට වාර්තා කර තිබුණි.
මේ අතර අරගලකරුවන් විසින් මේ ගැන අදාල නීතිමය ක්‍රියාමාර්ග ගැනිම සදහා මිගමු අරගලබිම හා සමිපයෙන් කටයුතු කළ නිතිඥවරුන්ගේ සහය ලබාගැනිමට සැලැසුම් කර ඇතැයිද වාර්ථා වේ.

මිගමු අඛණ්ඩ විරෝධතා භුමියේ හට්, ඇතුළු දෑ රැගෙන යාමට එරෙහිව විරෝධතා !

0

මිගමුව අඛණ්ඩ විරෝධතා භුමියේ ඉතිරිව තිබු හට් එකද , වේදිකාව ලෙසින් භාවිතා කරන ලද බෝට්ටුවද ඇතුළු විරෝධතා භාණ්ඩ ඊයේ අලුයම (17) ද අලුයම පොලිසිය විසින් රැගෙන ගොස් තිබුණි.
මෙයට විරෝධය පළකරමින් මිගමුව අඛණ්ඩ විරෝධතා භුමියේ ක්‍රියාධරයින් විසින් අද සවස් වරුවේ මිගමුව තෙල්වත්ත හංදියේදි විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.


වාර්තා වු අන්දමට මෙසේ පැහැර ගෙන ගිය බෝට්ටුව මිගමුව මහනගර සභාවේ එක් අන්තයක පිවිසුම් මාර්ගය අසල දමා ගොස් තිබුන අතර අනෙක් දැ මිගමුව පොලිසිය වෙතට ගෙන ගොස් තිබුන බවට කරුණු හෙළිවි තිබේ.
මේ භාණ්ඩ උසාවියට ඉදිරිපත් කිරිමට නියමිතව ඇතැයිද සැලය.
කෙසේ වෙතත් සිරස ප්‍රවෘත්ති ප්‍රකාශය තුලදි මෙම ක්‍රියාව කිසියම් මැර පිරිසක් විසින් සිදුකර තිබුන බවට වාර්තා කර තිබුණි.
මේ අතර අරගලකරුවන් විසින් මේ ගැන පොලිස් පැමිණිල්ලක් මේ වන තුරුත් ගොනු කර නැති අතර (18) අද ඒ සම්බන්ධයෙන් ක්‍රියාකිරිමට නියමිතව ඇතැයිද පැවසේ.
මේ සදහා මිගමුවේ අරගලබිම හා සමිපයෙන් කටයුතු කළ නිතිඥවරුන්ගේ සහය ලබාගැනිමටද සැලැසුම් කර තිබේ.

ලාෆ් ගෑස් මිළ පහලට, බිත්තරයටත් මිළ සිමාවක් …

0

ලාෆ්  ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 1050කින් පහළ දමන බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා පවසයි .

ඒ අනුව කිලෝ 12.50 සිලින්ඩර් 1050කින් අඩුවන අතර ඊට සමගාමීව කිලෝ 5 සිලින්ඩරයක මිලය මීට සමගාමීව පහළ යැමට නියමිතය.

ඒ අනුව කිලෝ 12.50ක නව මිල රුපියල් 5800කටද කිලෝ ග්‍රෑම් පහේ සිලින්ඩරයක් 2320ක් ද කිලෝ ග්‍රෑම් එකක මිල 928 දක්වා ද මිල පහත දමා ඇතැයි ලාෆ් ගෑස් සමාගම කියයි

මේ අතර බිත්තර මිල සම්බන්ධයෙන් හදිසියේ තීරණයක් ගැනීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ , බිත්තරයක මිල රුපියල් 60 සීමාවෙන් ඔබ්බට යෑමට ඉඩ ලබානොදීමටයි.

එම සංගමය මේ බව ප්‍රකාශ කළේ අද පාරිභෝගික අධිකාරියට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමන්.

මේ වන විට දිවයිනේ ඇතැම් ප්‍රදේශව බිත්තරයක් අලෙවි වනුයේ රු. 65ත් 75ත් අතර මිලකටය.

බෝට්ටුවකින් විදේශ රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ 10 දෙනෙකු අත්අඩංගුවට…

0

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදේශ රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 10 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදාව පැවසුවේ, ඊයේ (16) රාත්‍රියේ තලෙයිමන්නාරම, කුරුසපාඩු මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

නීතිවිරෝධී සංක්‍රමණ සහ අනෙකුත් නීතිවිරෝධී ක්‍රියාකාරකම් මැඩලීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව දිවයින වටා මුහුදු සහ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි නිරන්තර මෙහෙයුම් සහ මුර සංචාර සිදු කරන අතර මෙවැනිම මෙහෙයුමකදී උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක නෞකාවේ P 175 දරණ වෙරළ මුර යාත්‍රාව ඊයේ කුරුසපාඩු මුහුදු ප්‍රදේශයේදී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇති බැව් එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

ඒ අනුව සිදුකළ විමර්ශනයකදී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදේශ රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන පුද්ගලයින් 10 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර බෝට්ටු ක්‍රියාකරුවන් 02 ක්, වයස අවුරුදු 18 ට වැඩි කාන්තාවන් 02 ක් සහ වයස අවුරුදු 18 ට අඩු තවත් පුද්ගලයින් 04 දෙනෙකු ඇතුළුව පිරිමි පුද්ගලයින් 04 දෙනෙකු සිටින බව සඳහන්ය.

සැකකරුවන් පේසාලේ, ඌරුමලෙයි, කිලිනොච්චිය සහ කන්තලේ ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

මීගමුව අඛණ්ඩ විරෝධතා භුමියේ හට් එක සහ බෝට්ටුව පොලිසිය අරන් ගිහින් …

0

( දෙවන සංස්කරණය ) මිගමුව අඛණ්ඩ විරෝධතා භුමිය පසුගිය අප්‍රේල් 21 රාත්‍රියේ ආරම්භ විය. ඒ‌ වෙනුවෙන් හට් 3 තුනක්ද සහ වේදිකාව ලෙසින් භාවිතා කිරිමට බෝට්ටුවක් එම භුමිය තුල විය.
වාර්තා වු අන්දමට අද ( 17 ) වනදා අලුයම පොලිසිය විසින් පැමිණ මෙහි ඉතිරිව තිබු හට් එක සහ බෝට්ටුවද , චිත්‍රපට පෙන්විම සදහා සකසා තිබුන සුදු පාට ස්ක්‍රින් එකද පොලිසිය විසින් ඉවත් කර තිබුණ බවයි.
මාස 3 කටත් වැඩි කාලයක් පැය 24 පුරා මෙම ස්ථානයේ අරගලකරුවන් රැදි සිටි අතර දින 94 ක් පමණ ගිය පසු රට තුල මතුවු තත්වයන් හේතුවෙන් අරගල භුමියේ තිබු බඩු බාහිරාදිය ඉන් ඉවත් කරගනිමින් හට් දෙකක් පමණක් ඉතිරි කර තිබුණි.පැය 24 ම අරගල භුමිය තුල රැදි සිටිමද ඉන් පසු අවසන් විය.
දින 100 සැමරුමෙන් පසු එහි ඉතිරිව තිබුනේ එක් හට් ඒකක පමණි.