Sunday, September 22, 2024
Home Blog Page 11

නිමල් ලංසා හමුවිමට ජනපති මැදුරට ගිය මිගමු එජාප මන්ත්‍රිලා කව්ද ?

0

(මිගමුව ) දේශපාලනය උඩු යටිකුරු වෙමින් තිබේ. මේ අතර ලැජ්ජාවක් නැති දේශපාලකයන් සිය සුපුරුදු වාසි පිලට හුරේ දමන දේශපාලන බල්ටි අරභා තිබේ.
තතු එසේව තිබියදි මිගමුවේ එජාප නාගරික මන්ත්‍රින් පිරිසක් පසුගිය දිනක නිමල් ලංසා හමුවිම සදහා ජනපති මැදුරට ගිය බවට රාවයක් පවති.
මෙසේ ගිය පිරිසට දමිළ සහ මුස්ලිම් මන්ත්‍රිවරයෙකුද සිටින බව සැලය.

භුමිතෙල් ඉල්ලා අරගල කරන ධිවරයන්ට ලිටරයක් රු 340 ගානේ භුමිතෙල් ?

0

භූමිතෙල් ලීටරයක මිල අද (21) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 253 කින් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ තිබේ.

රුපියල් 87 ක් ව පැවති භූමිතෙල් ලීටරයක මිල අද මධ්‍යම රාත්‍රී සිට රුපියල් 340 ක් බවට පත්වෙයි.
මේ අතර මිගමුව ඇතුළු ප්‍රධාන ධිවර නගර ගණනාවක ධිවර ක්‍රියාකාරින් දිගින් දිගටම විරෝධතා පවත්වමින් සිටින්නේ පැරණි මිළට ඔවුන්ට හට භුමිතෙල් ලබා දෙන ඉල්ලමිනි.

වැඩිම අගයකින් භුමිතෙල් ඉහල දැමු අවස්ථාව ලෙසින්ද මෙය දැනටමත් ඉතිහාසගතව තිබේ.

බිත්තර අර්බුදය තවත් උග්‍රවෙයි ! ගැසට් එකත් විසිවෙයිද ?

කුකුළු ආහාර සහ ඉන්ධන මිළ පහළ ගියහොත් බිත්තර මිළ අඩු කළ හැකි බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක සඳහන් කළේය.
පශු සම්පත් නිෂ්පාදකයින්, සංවිධාන හා නියෝජිතයින්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක් පසුගිය (19 ) කොළඹ, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ දී පැවැත්වුනු අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කළේය . රටකට සෞඛ්‍ය සම්පන්න මානව සම්පතක් සිටීමේ වැදගත්කම පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා බිත්තර පරිභෝජනයෙන් වැඩි පෝෂණ කොටස් ප්‍රමාණයක් ලබා ගත හැකි බැවින් ජනතාවට බිත්තර මිලදී ගතහැකි වන පරිදි බිත්තර මි⁣ළ අඩු කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය .
එහෙත් මේ වනවිට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ ,බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කර සහනයක් ලබා නොදෙන්නේ නම් එළැඹෙන සඳුඳා සිට වෙළඳපොලට බිත්තර නිකුත් නොකරන බවය .

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට විරෝධය පළ කරමින් බිත්තර බෙදාහැරීමේ කටයුතු අත්හිටවූ බව, සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි.

එහි සභාපති, අජිත් ගුණසේකර මහතා පැවසුවේ පාඩු ලබමින් බිත්තර බෙදාහැරීම සිදුකළ නොහැකි බවය.

පෙරේදා (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුදු බිත්තරයක් සඳහා රුපියල් 43 ක උපරිම සිල්ලර මිලක් පනවනු ලැබිණි.

දුඹුරු හා රතු පැහැති බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 45 කි.

සාමකාමි උද්ඝෝෂකයන්ට පහරදීම ගැන විපක්ෂයේ විරෝධය ..

0

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය රැස්විමට තිබියදීද සාමකාමි උද්ඝෝෂකයන්ට පහර දිමෙන්  අපේ රට ජත්‍යන්තරය ඉදිරියේ අනතුරට ඇද දැමු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී පැවසු බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

මෙහි ප්‍රතිවිපාක ඉදිරියේදී රටටත් ජනතාවටත් භුක්ති විදීමට සිදුවනු ඇතැයි ද කිරිඇල්ල මහතා සඳහන් කළේය.

“මේ රටේ සාමකාමී අරගලවලට ඇති අයිතිය ජාත්‍යන්තර නීතිය අනුව පිළිගැනීමක් තියෙනවා. 

ලිප්ටන් වටරවුමේ සාමකාමී අරගලයක නිරත වෙච්ච අපේ දරුවන්ට පොලීසිය, ආරක්ෂක අංශ විසින් පහරදීමක් සිදු කළා. මේ ළමයින්ගේ ඉල්ලීම් වෙලා තියෙන්නේ විශ්වවිද්‍යාල විවෘත කරව්, බඩගින්න නැති කරව් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහත දමව් මර්දනය නැති කරව් වැනි අපේ රටේ සියලු දෙනාටම බලපාන ප්‍රශ්නයි.

ජාත්‍යන්තර ආධාර ජාත්‍යන්තර උදව් අවශ්‍ය වකවානුවක මේ වගේ අහිංසක සාමකාමී විරෝධතා කරුවන්ට පහර දීම අපේ රට අනතුරේ දැමීමක්. ලබන මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ රැස්වෙනවා. එහි දැනටමත් අපට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ යෝජනාවක් සම්මත වුණා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට නිවැරදි කළ යුතු කරුණු දැමුවාට තවමත් කිසි දෙයක් සිදු වෙලා නැහැ. සැප්තැම්බර් මාසයේ පසුගිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ අඩංගු කරුණු වලට අමතරව මෑතකදී සිදු වෙච්ච පහරදීම් වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීම වැනි කරුණු අඩංගු වෙනවා. අපේ රට මේ බංකොලොත් භාවයෙන් ගොඩ එන්න අපිට ජාත්‍යන්තර ආධාර උපකාර අවශ්‍යයි. මෙවැනි සිදුවීම් හරහා ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමෙන් අපේ රටේ ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමක් සිදුවෙන බවද විපක්ෂ සංවිධායකවරයා අවධාරණය කර තිබුණි.

ඡායා – දොන් මායා

මීගමුව එජාප නාගරික මන්ත්‍රිවරයෙක් අත්අඩංගුවට ගැනිමේ සුදානමක් ..?

0

මීගමුව එජාප නාගරික මන්ත්‍රිවරයෙකුගෙන් මේ වන විට මිගමුව පොලිසිය විසින් කටඋත්තර ලබාගනිමින් සිටින බවත් , බොහෝ දුරට ඔහුව අද අත්අඩංගුවට ගැනිමට ඉඩ ඇති බවත් වාර්තාවේ.
මැයි 09 වෙනිදා සිදුවිම් වලට අදාලව මෙම ප්‍රශ්ණ කිරිම් සිදුවෙමින් ඇති බව කියැවේ .

කෝප් කමිටුවට චරිත වෙනුවට ලංසා ???

0

ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුතු ‘පොහොට්ටු පක්ෂයේ ප්‍රතිසංස්කරණ කණ්ඩායමේ’

මන්ත්‍රීවරුන් අද (20) අනුරාධපුරයට පැමිණ ආගමික වතාවත්වල නිරතවිය.


ඩලස් කණ්ඩායම කණ්ඩායමේ අලුත් ගමන ආරම්භවීමත් සමග රාජපක්ෂ කඳවුරෙන් ඔවුන් වෙත සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ප්‍රහාරයක් එල්ල වෙමින් තිබේ. එම ප්‍රහාරයේ මුලික ඉලක්කය වී ඇත්තේ ඩලස් ගේ දේශපාලන ප්‍රතිරූපය අභියෝගයට ලක්කිරීම බව පැහැදිලිව ප්‍රදර්ශනය වන බව ද ලිඩර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

අභිනව ජනාධිපති තෝරා පත්කරගැනීම සඳහා පසුගිය ජුනි 20 වෙනිදා පාර්ලිමේන්තුවේ පැවති ඡන්දයෙදී එජාප නායක රනිල් වික්‍රමසිංහට එරෙහිව ඩලස් අලහප්පෙරුම ඉදිරිපත්වූ අතර එහිදී ඔහු පරාජයට පත්විය.

ඉන් අනතුරුව ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුතු පොහොට්ටුවේ ප්‍රතිසංස්කරණ කණ්ඩායමේ සාමාජිකයින් ඉලක්ක කරගත් බරපතල පළිගැනීමේ මෙහෙයුමක් මේවනවිට ක්‍රියාත්මක වෙමින් තිබේ.

එහි පළමු පියවර ලෙස ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල්. පීරිස් හා ඩිලාන් පෙරේරා පාර්ලිමේන්තුවේ පක්ෂනායක කමිටුවෙන් (Committee on Parliamentary Business ) ඉවත් කර ඇත.

 මේ අතර කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාවේ (Committee on Public Enterprises) සභාපති ලෙස කටයුතු කල මහාචාර්ය චරිත හේරත් මෙවර කෝප් කමිටුවෙන්ම ඉවත් කිරීමේ සුදානමක් පවතින බව වාර්තාවේ. ඒ වෙනුවට නිමල් ලන්සා පත්කිරීමට නියමිතව ඇතැයි ද ලිඩර් වෙබ් අඩවිය විසින් සදහන් කර තිබේ.
නිමල් ලංසා යනු ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් නොව රටේම අප්‍රසාදයට ලක්ව සිටින බැසිල් හිතවාදියෙකි.


 කෝප් කමිටුවේ සාමාජිකයින් සම්බන්ධ අවසන් වාර්තාව අගෝස්තු 29 දා කතානායකවරයා විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

මෙසේ පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටු පත්කිරීමේ දී බලාත්මක වෛරී දර්ශක පිළිබඳ අවධානය යොමුකරන ලෙස පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබිණ.
මුලාශ්‍රය – theleader.lk

ආණ්ඩුවේ මර්දන සැලසුම් ගැන ස්ටාලින්ගේ අනතුරු ඇඟවීම සැබෑ වේ

0

අරගලකරුවන් මර්දනය කිරීම සදහා ත්‍රස්ත නීති යොදා ගැනීමේ ආණ්ඩුවේ සැලසුමක්

සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගම් නායකයෙක් අනතුරු අඟවා පැය කීපයක් ඇතුලත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ඇතුළු තිදෙනකු රැඳවුම් නියෝග යටතේ සිරගත කොට තිබේ.

ජනතාවට සහන සලසන ලෙස බලකරමින් උද්ඝෝෂණයක නිරතව සිටියදී පෙරේදා (18)  අත්අඩංගුවට ගන්නා ලද වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි සහ හාෂාන්ත ජීවන්ත ගුණතිලක ද පසුගිය අප්‍රේල් 9 වැනි දා සිට අරගලයේ සිදු වූ සිදුවීම්වලට අදාලව රැඳවුම් නියෝග යටතේ, රඳවා තබා විමර්ශනය කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය  ජනමාධ්‍ය වෙත පවසා තිබේ.

ftyr

ඒ සමග අල්ලාගන්නා ලද තවත් 16 දෙනකු කොටුව මහේස්ත්‍රාත් උසාවිය විසින් අගෝස්තු 19 වැනි සිකුරාදා ඇප මත මුදා හැර තිබේ.

අරගලකරුවන් සමග දිගටම විරෝධතා පැවැත්වූ රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමිගේ විදෙස් ගමන් තහනම් කිරීමටද කොටුව අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්.එල් ඉලංගසිංහ එහිදී නියෝග කළේ ය.

dsfrfe



ආණ්ඩු විරෝධීන් අත් අඩංගුවට ගැනීමට විරෝධය පෑම සඳහා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ලංකා ගුරු සංගමයේ ලේකම් වරයා අනතුරු අඟවා සිටියේ  රැඳවුම් නියෝග යටතේ දිගින් දිගට රඳවා තබා ගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බවයි.



” මේ වෙන කොට ඔවුන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රැදවුම් නියෝග මත ඔහුව රදවා ගන්න ගන්න උත්සාහය. අපි දන්නවා මේ නියෝගය මත පැය 72 ක් රඳවා ගෙන ඊට පස්සේ ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදි, ඔහුගේ අවසරය පරිදි ඊලගට දිගටම ඔහුව රදවා ගැනීමටයි මේ සුදානම් වෙන්නේ,” යයි ජෝසප් ස්ටාලින් කියා සිටියේය.

ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව ශිෂ්‍ය නායකයාට එල්ල කිරීමට සුදානම් වන බවටත් මෑත භාගයේ ආණ්ඩු විරෝධී සටන්වල පෙරමුණේ සිටීම නිසා විදේශ ගතවීම තහනම් කොට තිබෙන ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් එහිදී සදහන් කළේය.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීමට හේතු ලෙස පොලිසිය දක්වා ඇත්තේ “රාජ්‍ය විරෝධි වැරදි, කුමන්ත්‍රණ හා වරෙන්තු නිකුත් වීම  “යන්නයි.

“මොකක්ද ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණය? මිලියන් ගණනක් ජනතාව තමන් විඳින පීඩාවට එරෙහිව කරපු උද්ඝෝෂණය ආණ්ඩුව පෙරලීමේ කමන්ත්‍රනයක්දැ,” යි ගුරු නායක ස්ටාලින් ප්‍රශ්න කළේය.



ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් මාධ්‍ය හමුවේදී දැඩිව අවධාරණය කළේ විවිධ චෝදනා එල්ල කරමින් රටේ ශිෂ්‍ය ව්‍යාපාරය, කම්කරු ව්‍යාපාර සහ තරුණ බලවේග දරුණු මර්දනයකට සුදානම් වන බවයි.


ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයා එම මර්දනය දැඩි ලෙස හෙලා දකිමින් තව අවධාරණය කළේ යුරෝපීය වෙළෙඳපොළට ප්‍රවේශ වීමේ වරප්‍රසාදය සලසා දෙන GSP+සහනය ලබා ගැනීමේදී වු පොරොන්දු කඩ කරමින් ආණ්ඩුව මර්දනය ක්‍රියාත්මක කරන බවයි.

“GSP සහනය ලබා දීමේදී තිබ්බ පොරොන්දුව මොකක්ද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත් වැනි ජන විරෝධි, පනත් ගේන්න එපා කියලා. “

යුරෝපා සංගමය විසින් සලසා දී ඇති GSP+ නම් වරණීය බඩු සහනය ශ්‍රී ලංකාවට දිගටම ලබා දෙන්නේද යන්න ලබන අවුරුද්දේදී නැවත සලකා බැලීමට නියමිතය. 

theleader.lk

මිගමුවේ වැල්ලේ මේ විකුණන්නේ තෝර කෑලිද ?

0

(NEGOMBO) මිගමු කොටුව පිට්ටනිය අසල මාළු වෙළද පලේ සිදුකරගෙන යන පාරිභෝගිකයාවත් අන්දවන අලුත්ම ක්‍රමයක් ගැන තොරතුරු මේ වන විට අපට වාර්තා වෙමින් තිබේ.

භුමිතෙල් නැතිකම හේතුවෙන් බෝට්ටු මුහුදු නොයන තත්වය තුල මාළුවල පවතින්නේ දැඩි හිගයකි. එමෙන්ම මිළද අධිකය. මේ පසුබිම යටතේ ඇතැම් වෙළදුන් පොතුබරියන්ගේ ( මුහුදු කුකුළා ) කරවල වල කපා ඉවත් කරන බෙල්ල ආශ්‍රිත කොටසට මාළු ලේම වක්කර රතුපාට ගන්වා කිලෝවක් රු 400 කට විකුණන තත්වයක් මේ දිනවල ක්‍රියාත්මක වෙමින් තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදි මාළු වෙළද සැගේ ප්‍රතිපත්තිගරුක එක් වෙළෙන්දෙකු කියා සිටියේ මේ කූට වැඩේ නවතා දමන ලෙස මෙය සිදුකරන අයට දැනටමත් දැනුම් දි ඇති බවය.

නගර සභා ට්‍රැක්ටරේ නාගරික ඉජිනේරුවගේ පුද්ගලික බූදලයක්ද?

0

(NEGOMBO ) මිගමුව මහනගර සභාවට අයත් ට්‍රැක්ටරයක් මිගමුව නාගරික ඉජිනේරුවරයාගේ පුද්ගලික ඉඩමක පස්පෙරලිමට යොදාගෙන ඇතැයි යන චෝදනාවක් මේ වන විට ඉල්ල වි තිබේ.
මිගමුව මහනගර සභාව තුල කුණු ,කොමිස් කථා රැසකට වස්තු බීජයක්ව ඇති , ආයතනය තුලත් පාටි දමමින් බේබදු කම් කරන ලොක්කෙකුද මෙයට හවුල් බවත් , වත්මන් නාගරික ඉජිනේරුවරයා මෙම බේබදු ආයතන ලොක්කාගේ ඥාතියෙකු බවද සැලය.

බිත්තරයටත් පාලන මිළක් …

0

බිත්තරවලට උපරිම සිල්ලර මිලක් පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 43 ක් සහ දුඹුරු හෝ රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 45 ක් බවත් එම මිල ඊයේ (19) සිට ක්‍රියාත්මක බවත් එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.