Sunday, September 22, 2024
Home Blog Page 102

දේශපාලන කම්කරුවන් : ‘ජවිපෙ මහින්දානන්දගෙන් ඇසිය යුතු නිවැරදි ප්‍රශ්නය මඟ හරින්නේ ඇයි ?’

0

4 Shares facebook sharing button Share twitter sharing button Tweet

email sharing button
sharethis sharing button
linkedin sharing button
whatsapp sharing button
wechat sharing button
pinterest sharing button
messenger sharing button

කොරෝනා ආසාධිත මැද පෙරදිග ගෘහ සේවයේ නියුතු විගාමික ශ්‍රමිකයන් සම්බන්ධව පසුගිය සතියේදී මහින්දානන්ද අලුත්ගමගේ කළ

”කුවේට් රටින් අපට බෝම්බයක්” යන ප්‍රකාශය කතාබහට ලක්විය. එයට එරෙහිව විරුද්ධ පක්ෂයද ප්‍රකාශ නිකුත් කළේය.

අපගේ අවධානය යොමු කළ යුත්තේ මහින්දානන්දගේ ප්‍රකාශය සම්බන්ධව ජවිපෙ මාධ්‍ය සකච්ඡාව දෙසටයි. එය වට්ටෝරු පන්නයේ ප්‍රාසාංගික මාධ්‍ය සකච්ඡාවක් පමණකි. මෙහිදී ප්‍රශ්න දෙකක් පැන නඟියි.

    1 – රාජපක්ෂලා ” කුවේට් බෝම්බ” ප්‍රකාශය කිරීම සඳහා ලොහාන් රත්වත්තේ පාවිච්චි නොකර මහින්දානන්ද අලුත්ගමගේ පාවිච්චි කරන්නේ ඇයි?

    2 – ඉහත පළමු ප්‍රශ්නය ජවිපෙ මහිදානන්දගෙන් මඟ හරින්නේ ඇයි ?

    3 – පළමු ප්‍රශ්නය මහින්දානන්දගේ මුහුණට එල්ල කරන මුෂ්ඨි පහරකි. එය මහින්දානන්දට මෙන්ම ප්‍රේක්ෂකයන්ටද ආලෝකය ගෙනඑයි. මහින්දානන්ද මෙම ප්‍රශ්නයට පිලිතුරු සොයන මාවතේ ගමන් ඇරඹුව හොත් ඔහුට මංසන්ධි  කිහිපයක් මුණ ගැසෙයි. මුලින්ම ඔහුට, ඔහු දේශපාලන සිතියමේ සිටින තැන පිළිබඳව අවබෝධයක් එයි. නැතිනම් ඔහුට කැඩපත හමුවෙයි.

 ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ තුළ ප්‍රධාන තල දෙකක් ඇත. එකක් පාලක පන්තිය අනෙක දේශපාලන කම්කරුවන් වේ.  මහින්දානන්ද අයත් වන්නේ දේශපාලන කම්කරුවන්ගේ ගොඩටයි. පාලක පන්තියට කළ නොහැකි වැඩ කිරීමට  මහින්දානන්දලා යොදවා ගනියි.

දේශපාලන කම්කරුවන් !

”ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ තුළ ප්‍රධාන තල දෙකක් ඇත. එකක් පාලක පන්තිය අනෙක දේශපාලන කම්කරුවන් වේ.  මහින්දානන්ද අයත් වන්නේ දේශපාලන කම්කරුවන්ගේ ගොඩටයි. පාලක පන්තියට කළ නොහැකි වැඩ කිරීමට මහින්දානන්දලා යොදවා ගනියි.”

 මහින්දානන්දලා පාලනය සම්බන්ධ තීරන ගැනීමට සම්බන්ධ කර නොගනී. ඔවුන්ට තනතුරු සහ වරප්‍රසාද  හිමිවන්නේ ඉහත සඳහන් කළ දේශපාලන කම්කරු වැඩ කිරීම සඳහා පමණකි.

 චන්ද්‍රිකා තමන්ට කළ නොහැකි වැඩ කිරීම සඳහා එස්.බි. දිසානායක පාවිච්චි කළ නමුත් එස්.බි. ඊලඟ  පියවර තියන්න සුදානම් වූ විට චන්ද්‍රිකා එස්.බි. ට හිමි තැන පෙන්වාදිමට පසුබට නොවීය.

චන්ද්‍රිකා මහින්දානන්ද අලුත්ගමගේ ගොඩ නැගුවේ ඇයි ?

අපගේ පළමු ප්‍රශ්නයට පිළිතුරු සොයන මඟ යන මහින්දානන්දට හමුවන පළමු මංසන්ධිය වන්නේ මහනුවර රත්වත්තේලා සිටියදී චන්ද්‍රිකා මහින්දානන්ද අලුත්ගමගේ ගොඩ නැගුවේ ඇයි යන්නයි.

පිළිතුර ලෙස ඔහුට හමුවිමට නියමිත “රත්වත්තේලාගේ ඡන්ද ගොඩට අලුත්ගමගේ නියෝජනය කරන ඡන්ද පදනම  එකතු කර ගැනීමේ පහසුම ක්‍රමයක් චන්ද්‍රිකා තෝරා ඇති බවයි.”  තවත් සරලව මෙය තේරුම් කර ගැනිමට අවශ්‍ය නම් ”නාවලපිටියේදී මහින්දානන්දට විකල්පය ලෙස රනිල් ඉදිරිපත් කරන්නේ ආනන්ද අලුත්ගමගේ”. රනිල්ට ආනන්දත් දේශපාලන කම්කරුවෙක් පමණක් වේ.

රනිල්ට, චන්ද්‍රිකාට වඩා දේශපාලන කම්කරුවන්ට මහින්ද සලකන නිසා ඔවුන් මහින්දට වඩාත් ආකර්ශනය වෙයි.

චන්ද්‍රිකා නොගිය දුරක් යන මහින්ද, මහින්දානන්ද ලොකුමහත් කර ඇත, නමුත් ලොහාන්ගේ තැනට ආදේශ කර නැත. විමල්ට ජාතිවාදී තලයේදීත්, රත්තරන්ට කලුතරදීත්, රොෂාන්ට පොලොන්නරුවේදීත් ලැබී ඇත්තේ මේ දේශපාලන කම්කරු රස්සාවන් ය.

”චන්ද්‍රිකා නොගිය දුරක් යන මහින්ද, මහින්දානන්ද ලොකුමහත් කර ඇත, නමුත් ලොහාන්ගේ තැනට ආදේශ කර නැත. විමල්ට ජාතිවාදී තලයේදීත්, රත්තරන්ට කලුතරදීත්, රොෂාන්ට පොලොන්නරුවේදීත් ලැබී ඇත්තේ මේ දේශපාලන කම්කරු රස්සාවන් ය.”

මහින්දානන්දට හමුවන දෙවන මංසන්ධිය, තමාගේ මූලික ඡන්ද පදනම නියෝජනය කරන පන්තියේ සමාජ ආර්ථික පීඩනයයි.[caste] මෙම ආර්ථික හා සමාජ පීඩනය නිසා මැද පෙරදිග ගෘහ සේවයේ නිරත වන්නේ, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය තුළ තමා නියෝජනය කරන පංතියේ මිනිසුන් බවයි.

මහින්දානන්දට, තුන්වන මංසන්ධියේදී හමුවන ප්‍රශ්නය තමන්ගේ පංතියේ මිනිසුන්ට විහිලු කිරීමට ලොහාන් රත්වත්තේ පාවිච්චි නොකර තමා පාවිච්චි කරන්නේ ඇයි යන්නයි.

 මෙලෙස දේශපාලන කම්කරුවන් යොදවා වැඩ කිරීමේදී පාලකයන්ට යම් සහනයක් ඇත. වැඩේ හරි ගියොතින් හරි, වැරදුනොතින් අළුත් කම්කරුවෙක් ආදේශ කළ හැක.

කොළඹදී භාරත වෙනුවට දුමින්ද ආදේශ වීම :

Bharatha Dumindaකොළඹදී භාරත වෙනුවට දුමින්ද ආදේශ වන්නේ මෙම විධික්‍රමයටයි. භාරතගේ දුව හිරුනිකා, රනිල් ලඟට ගියද ඇයට ලැබුණේ ද දේශපාලන කම්කරු රැකියාවක් පමණයි. චන්ද්‍රිකා අතහැර රනිල් ලඟට යන එස්. බි.ට නැවත ලැබුනේද එම රැකියාවමයි.

දයාසිරිගේ දක්ෂතා දකින රනිල්, ඔහු තවදුරටත් පුහුණු කර දේශපාලන වාදපිටියට යැව්වට පක්ෂයේ තැනක් දෙන්නේ නැත.  රුපවාහිනී සජීවී සංවාදයකදී දයාසිරි සමඟ ගැටෙන හරීන්ටද, මහින්දානන්ද සමඟ ගැටෙන රන්ජන් ද, රනිල්ට දේශපාලන කම්කරුවෙක් පමණකි.

නිවැරදි ප්‍රශ්න නොවිමසා වට්ටෝරු ප්‍රශ්න වර නඟමින් කාලය ගෙවා දමනේ ඇයි ?

අපගේ දෙවන ප්‍රශ්නය, ලංකාවේ වමේ භාවිතාව ගැනය, නිවැරදි ප්‍රශ්න නොවිමසා වට්ටෝරු ප්‍රශ්න වර නඟමින් කාලය ගෙවා දමනේ ඇයිද යන්න එම ප්‍රශ්නයයි. මෙම වට්ටෝරු ප්‍රශ්න දශක ගන්නාවක් තිස්සේ පාලකයන්න්ත්, ජනතාවටත් හුරු පුරුදු ඒවාය, මෙම ප්‍රශ්න කිසිවකු සමඟවත් ඝෘජුව නොගැටෙන සේම, ඒවා සමඟ ගැටීමෙන් කිසිවකුටත් ආලෝකයක් ලැබෙන්නේ නැත.

ජවිපෙ ගොවි ජනතාව නියෝජනය කරන නාමල් කුමාර වර නඟන්නේ ගොවියාගේ ප්‍රශ්න නොව, ගොවියාට ඇතයි ඔහු විස්වාස කරන ඔහුගේම ප්‍රශ්නයි, ගොවියා සිටින්නේ නාමල් සිතන ලෝකය තුළ නොවේ. නාමල් කුමාරට ගොවියාගේ නිවැරදි ප්‍රශ්නය වර නැඟීම  කෙසේ වෙතත් ගොවියා සිතන තැනට ළඟා වීමටත් නොහැකි වි ඇත.

නාමල් මතුකරමින් සිටින්නේ කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ පරිපාලනමය ගැටළුයි. ඔහු උදව් කරමින් සිටින්නේ ගොවියාට නොව කෘෂිකර්ම අමාත්‍යාංශයට හා දෙපාර්තුමේන්තුවටයි. ඒ අර්ථයෙන් නාමල් කෘෂිකර්ම අමාත්‍යාංශයට මාර්ගෝපදේශනය සපයන උපදේශකයෙකි.

නාමල් කුමාරගේ සිට අනුර කුමාර දක්වා උත්සාහ කරමින් සිටින්නේ නිවැරදි ප්‍රශ්නය ඇසිමට නොව, තත්පර 10 වොයිස් කට් ප්‍රශ්න ඇසීමට පමණයි. එම  වොයිස් කට්  ප්‍රශ්න වලින් ගොවියාට හෝ මෙරට කෘෂිකර්මයට ආලෝකයක් නැත.ඒවා සේවය කරමින් සිටින්නේ මාධ්‍ය ආයතනවල නිව්ස් බෙල්ට් (News belt) පිරවීමටයි.

”නාමල් කුමාරගේ සිට අනුර කුමාර දක්වා උත්සාහ කරමින් සිටින්නේ නිවැරදි ප්‍රශ්නය ඇසිමට නොව, තත්පර 10 වොයිස් කට් ප්‍රශ්න ඇසීමට පමණයි. එම  වොයිස් කට්  ප්‍රශ්න වලින් ගොවියාට හෝ මෙරට කෘෂිකර්මයට ආලෝකයක් නැත. ඒවා සේවය කරමින් සිටින්නේ මාධ්‍ය ආයතනවල නිව්ස් බෙල්ට් (News belt) පිරවීමටයි.”

 අප නැවතත් අපගේ දෙවන ප්‍රශ්නය දෙසට යොමුවෙමු. එනම්, ජවිපෙ මහින්දානන්දගෙන් නිවැරදි ප්‍රශ්නය මඟ හරින්නේ ඇයි ? යන්න එයයි.  සමාජය වෙනස් කිරීමට වැඩකරන ව්‍යාපාරයක් නම් ඔවුන් මෙම ප්‍රශ්නය ඇසිය යුතු නොවේද ?

නමුත් ජවිපෙ දේශපාලනය නම්, හැමෝම හිත හොදින් තියාගෙන (මහින්දානන්ද ඇතුළුව) ඡන්ද ගොඩ වැඩි කර ගැනීමට ගන්නා උත්සාහයයි. එනම් සමාජයේ මුල් බැසගෙන ඇති විශ්වාසයන්, සම්මතයන්, සංස්කෘතියේ ආරක්ෂිතයා, නියෝජිතයා වී දේශපාලන බලය ගොඩ නැගීමයි.

ජවිපෙ මෙන්ම මහින්ද, සජිත් හා මහින්දානන්ද නියෝජනය කරන්නේ එම දේශපාලනයයි. එලෙස සමජාතියේ වීම නිසා ජවිපෙ මහින්දානන්දගෙන් නිවැරදි ප්‍රශ්නය ඇසිම මග හරින්නේද යන්න ප්‍රශ්නයකි.

ජන ශ්‍රැතිය මත පදනම්ව බලය ගොඩනැමේ ව්‍යාපෘතියක් :

අනුර කුමාර, චන්ද්‍රිකා රජයේ කෘෂිකර්ම ඇමති වශයෙන් කෘෂිකර්මය නඟා සිටුවීමේ ප්‍රචාරක ව්‍යාපෘතිය ලෙස තෝරා ගත්තේ “වැව් දස දහසක් ප්‍රතිසංස්කරණය කිරීමේ”  ව්‍යාපෘතියයි.  එය අපේකමේ, ඉතිහාසයේ නියෝජිතයා වෙමින් ජාතිකත්වය මත පදනම්ව බලය ගොඩනැගිමේ ව්‍යාපෘතියකි. ඉතිහාසය දෙසට යාමකි.

අනුර කුමාර කෘෂිකර්මය කාර්මිකකරනය කිරීමේ, නවීකරණය කිරීමේ ප්‍රචාරක ව්‍යාපෘතියක් තෝරා නොගන්නේ ඇයි? . නව තාක්ෂණය, නවීකරණය පිළිබඳව දැනුමක් නැති නිසාද ? ජන ශ්‍රැතිය මත පදනම්ව බලය ගොඩනැමේ ව්‍යාපෘතියක් ලෙසද ? එමෙන්ම ජවිපෙ මහින්දානන්දගෙන් නිවැරදි ප්‍රශ්නය ඇසම මඟහරින්නේ එම ප්‍රශ්නය වර නැගීමට නොදන්නා කම නිසාද ? ජන ශ්‍රැතිය මත පදනම්ව දේශපාලනය කිරීමේ ඔවුන්ගේ ස්ථාවරය නිසාද ?

(3mana.com)

”කැලෑ නීතිය රජ කරනවා. ආණ්ඩුව උමතුවෙන්. රටම අවුල් ජාලාවක” -සජිත් (වීඩියෝ)

0

facebook sharing button Share twitter sharing button Tweet email sharing button Email

sharethis sharing button
linkedin sharing button
whatsapp sharing button
wechat sharing button
pinterest sharing button
messenger sharing button

ආණ්ඩුව විසින් ලබාදෙන බවට පොරොන්දුවූ කල්බදු සහන ලීසිං සමාගම් වෙත නිසියාකාරයෙන් දැනුවත් නොකිරීම නිසා

සිදුවු සුනිල් ජයවර්ධනගේ ඝාතනය තුලින් ගම්‍ය වන්නේ රට පුරා ප්‍රචණ්ඩ ක්‍රියාවන් ඉහළ ගොස් ඇති බව යැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

 අද වනවිට මිනීමැරුම්, පහරදීම්, මංකොල්ලකෑම ආදී කටයුතු වැඩි වශයෙන් අසන්නට ලැබෙන බව ද ඔහු කීයා සිටියි.

සාහසික ලෙස ඝාතනය කරන ලද ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, සුනිල් මහතාගේ නිවසට ඊයේ ගොස් තිබිණ.

‘සුනිල්ගේ ඝාතනයට ජනාධිපති වගකිව යුතුයි’- හරීන්

මේ අතර සමගි ජන බලවේග මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු පැවසුයේ, ජාතික ත්‍රී රෝද රථ සංගමය සභාපති සුනිල් ජයවර්ධන ඝාතනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  වගකිව යුතු බවයි.

ලීසිං වාරික ගෙවීම සම්බන්ධයෙන් ජනාධිපති විසින් කරණ ලද කතාවක් නිසා සුනිල් ජයවර්ධන එලියට බැස්ස බව ද ඔහු සඳහන් කළේය.

මෙම ක්‍රියාවට විරෝධය පලකරන ලෙස රට පුරා සිටින සියලු ත්‍රීවිල් හිමිකරුවන්ගෙන් තමන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

ලීසිං වාහන සඳහා දුන් සහන ක්‍රියාත්මකදැයි රජය විමසිල්ලෙන්

මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, කල්බදු ක්‍රමයට වාහන මිලට ගත් පුද්ගලයින්ට ණය වාරික ගෙවීම සඳහා දුන් සහනය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේදැයි රජය දැඩි විමසිල්ලෙන් සිටින බවයි.

ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් පසුගිය මාර්තු 23 වැනිදා නිකුත් කළ PS/CSA/16/2020 චක්‍රලේඛයේ දෙවැනි වගන්තියෙන් ත්‍රිරෝද රථ හිමියන් විසින් ගෙවිය යුතු ලීසිං ණය වාරික අය කර ගැනීම මාස 6කට අත්හිටවනු ලැබීය.

ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් මාර්තු 30 වැනිදා මුදල් අමාත්‍යාංශයේ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරුන් වෙත යොමුකරන ලද PS/CSA/18/2020 චක්‍රලේඛයේ 09 වැනි වගන්තියෙහි ත්‍රිරෝද රථ, ට්‍රක් රථ, පාසල් බස් සහ වෑන් රථ, ස්වයං රැකියා සඳහා යොදාගන්නා මෝටර් රථ ආදී ස්වයං රැකියාවල නිරත පහළොස් ලක්ෂයකට කල්බදු වාරික සහන සලසා ඇති බව සඳහන් කෙරිණි.

එසේ තිබියදීත් ඇතැම් ලීසිං සමාගම් සහ මූල්‍ය ආයතන ණය වාරික ගෙවීමට අසමත්වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කර ගැනීම රජයේ නියමය කඩකිරීමක් සේම නීති විරෝධී ක්‍රියාවක් වන බැවින් එය සපුරා නතර කිරීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  ඊයේ (12) පොලීසියට නියෝග කළේය.

ණය වාරික නොගෙවන බවට ලීසිං සමාගම්වලින් ලැබෙන කිසිදු පැමිණිල්ලක් මාස 6ක සහන කාලය අවසන්වන තුරු භාර නොගන්නා ලෙසද ජනාධිපතිවරයා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට උපදෙස් දුන්නේය.

එසේම වාහන අත්පත් කර ගැනීමෙන් පසු පැමිණිලි කිරීම ද නීති විරෝධි බැවින් එවැනි පැමිණිලි භාර නොගත යුතු බවට ජනාධිපතිවරයා පොලීසියට නියෝග කර ඇත.

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1884 දක්වා ඉහළට

0

Sunday, ජුනි 14, 2020 – 08:58 පුවත්

මෙරට වාර්තා වූ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 1884 දක්වා ඉහළ නැඟ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.   ඒ, ඊයේ (13) දිනයේ වාර්තා වූ නව රෝගීන් 4 දෙනාත් සමඟය.    මේ වනවිට කොරෝනා ආසාදිතයින් 621 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලබා පිටව ගිය ගණන 1252ක් වේ.

ජාතික රෝහලේ මුදල් මංකොල්ලය වැලකූ බුද්ධි නිලධාරියා රිය අනතුරකින් මරුට

0

Sunday, ජුනි 14, 2020 – 10:00 පුවත්

කොළඹ ජාතික රෝහලේ පසුගිය 09 වන දින සිදුවූ රුපියල් ලක්ෂ 79 ක මුදල් මංකොල්ලය දක්ෂ ලෙස වලක්වා සැකකරු හා මුදල් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කල රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙක් රිය අනතුරකින් මිය ගොස් ඇත.    රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව රාජකාරී නිරතව සිටි පොලිස් කොස්තාපල් සිතුම් අලහප්පෙරුම නිලධාරියා පසුගියදා (11) රාත්‍රියේ බම්බලපිටිය හැව්ලොක් මාර්ගයේ සම්බුද්ධ ජයන්ති මන්දිරය අසලදී ඩිපෙන්ඩර් රථයක් ගැටී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් බරපතළ තුවාල ලැබීය.   අනතුරුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී අද (14) අළුයම ඔහු මියගොස් ඇත.   මෙම නිලධාරියා වයස අවුරුදු 22ක් වූ පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි අයෙකි

මුහුදේ ගත කළ රෝහින්ග්‍යා සරණාගතයන් 270ක් සිරගත කිරීමට මලේසියාව පියවර ගනී

0

Thursday, ජුනි 11, 2020 – 01:00 විදෙස්

කොරෝනා වසංගතය හේතුවෙන් වරාය වසා දැමීම් නිසා මාස දෙකකට අධික කාලයක් මුහුදේ ගත කළ රෝහින්ග්‍යා සරණාගතයන් 270කට ආසන්න පිරිසක් සිරගත කිරීමට මැලේයාසියාව පියවර ගත්තේය. මේ පිරිස පසුගිය අප්‍රේල් මාසයේ දකුණු බංග්ලාදේශයෙන් පලා ආ නමුත් ඔවුන්ට ගොඩබිමක් වෙත පැමිණීමට අවස්ථාව නොතිබිණි.

ඔවුන් පැමිණි අබලන් ට්‍රෝලරයට මැලේසියානු දේශසීමා ආරක්ෂකයින් බාධා කිරීම නිසා ඇතැම් සරණාගතයෝ මුහුදට පැන පිහිනා ඒමට උත්සාහ දරා ඇත. මියෙන්මාරයේ දී තමන්ට මුහුණ දීමට සිදුවන පීඩාවන් නිසා මුස්ලිම් සම්භවයක් ඇති රෝහින්ගයා ජාතිකයෝ වසර ගණනාවක් තිස්සේ එරටින් පලා එති. මේ ඇතැම් අය යාබද බංග්ලාදේශයට පලා යන අතර, එහි පිහිටි කොක්ස් බසාර් සරණාගත කඳවුරේ මිලියනයකට අධික පිරිසක් සිටිති. ඇතැම් අය කලාපයේ පිහිටි මුස්ලිම් රාජ්‍යයක් වන මලයාසියාවට යාමට උත්සාහ කරති.

කැනඩාවේ ආදිවාසී නායකයෙක් අත්අඩංගුවට ගැනීමත් සමඟ විරෝධතා

0

ආදිවාසී ප්‍රධානියෙකු ප්‍රචණ්ඩ ලෙස අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් කැනඩා වැසියන් කම්පනයට පත් කර තිබේ.    කැනඩා පොලිස් පද්ධතිමය වර්ගවාදය මත කටයුතු කරන බව සදහන් වේ.    අතබාස්කා චිපෙවන් නැමැති ආදිවාසී නායකයා අත්අඩංගුවට ගෙන පොලිස් නිලධාරියෙකු නැවත නැවතත් පහර දෙන ආකාරයේ වීඩියෝවක් ද දැක්වේ.    අමෙරිකාවේ කළු ජාතිකයෙකු පොලිස් අත්අඩංගුවට ගැනීමට යාමේ දී ජීවිතක්‍ෂයට පත්වීමේ සිද්ධියට සමගාමී අයුරින් පොලිස් ප්‍රතිසංස්කරණයක් ඉල්ලා කැනඩාව පුරා ද උද්ඝෝෂණ පැවැත්වේ.    මේ අතර එරට අගමැති ජස්ටින් ටෲඩෝ මේ සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින් පවසා ඇත්තේ ස්වාධීන පරීක්ෂණයක් ඊට අදාළව පැවැත්වෙන බවය.  

ට්‍රම්ප්ගේ උපන්දිනයට බෝට්ටු සිය ගණනක ගමනක්

0

අමෙරිකා ජනාධිති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 74වන උපන්දිනය අදට(14) යෙදී ඇත.    ඊට සමගාමීව ට්‍රම්ප්ගේ උපන්දින සැමරුමක් සඳහා ඊයේ(13) සවස් කාලයේ බෝට්ටු සිය ගණනක් දකුණු කැරොලිනා හි හාට් වෙල් නැමති ජලාශයේ ගමන් කර තිබේ.    එම බෝට්ටුවල ගමන් කළ පිරිස මීටරයක දුර තබා ගනිමින් පැයට සැතපුම් 05ක වේග සීමාවකින් ගමන් කර ඇති බව විදෙස් මධ්‍ය වාර්තා කරයි.   එසේම එම බෝට්ටුවල ‘ට්‍රම්ප් 2020‘ යනුවෙන් සදහන් ධජයන් ද ප්‍රදර්ශණය කෙරුණි.   

තවත් පෙරහුරු මැතිවරණ කිහිපයක් අද

0

Sunday, ජුනි 14, 2020 – 08:54 පුවත්

එළඹෙන මහ මැතිවරණය සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වීමට සැලසුම් කිරීම සඳහා තවත් පෙරහුරු මැතිවරණ කිහිපයක් අද (14) පැවැත්වේ.   මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේ කොළඹ , යාපනය , මුලතිව් , මඩකලපුව , අම්පාර  දිස්ත්‍රික්කවල ඒවා පැවැත්වෙන බවයි.   ඊයේ (13) මාතලේ , අනුරාධපුර , ගම්පහ , හම්බන්තොට , පොළොන්නරුව , මාතර සහ කලුතර දිස්ත්‍රික්වල පෙරහුරු ඡන්ද විමසීම් පැවැත්විණි.

සත්වෝද්‍යාන සහ ජාතික උද්‍යාන හෙට සිට විවෘත කෙරේ

0

හෙට (15) සියලු සත්වෝද්‍යාන සහ ජාතික උද්‍යාන යළි විවෘත කෙරේ.   සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස්වලට අනුව එම කටයුතු සිදු කෙරෙන බව පරිසර හා වනජීවි අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා සඳහන් කළේය.

Hello world!

Welcome to WordPress. This is your first post. Edit or delete it, then start writing!