Sunday, September 22, 2024
Home Blog Page 101

මංගල ‘ස්වයං විවේචනයකට’ සැරසේ : සර් ජෝන් ගැන විශේෂ අධ්‍යනයක!

0

2 Shares facebook sharing button Share twitter sharing button Tweet

email sharing button
sharethis sharing button
linkedin sharing button
whatsapp sharing button
wechat sharing button
pinterest sharing button
messenger sharing button

මන්ත්‍රී දේශපාලනයෙන් සමුගෙන සිටින හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර, ඉදිරියේදී තමන්ගේ දශක තුනට වැඩි දේශපාලන භාවිතාව

සම්බන්ධයෙන් ස්වයං විවේචනාත්මක විග්‍රහයක් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව වාර්තාවේ.

කොරෝනා වසංගතයෙන් ලද මාස කිහිපයක විවේකය හමුවේ, ඔහු තමන් විසින් සිදුකළ ජාතික හා ජාත්‍යන්තර දේශපාලන මැදිහත්වීම් සම්බන්ධයෙන් පුළුල් විමසා බැලීමක් සිදුකර කරමින් සිටි බවත්, වරින් වර දේශපාලන හා ආර්ථික විශ්ලේෂකයින් කැඳවමින් ඔවුන් සමග ද දීර්ඝ සංවාදවල නියැලී සිටි බවත් වාර්තාවේ.

Sir Johnඔහුගේ කාර්ය මණ්ඩලයේ ප්‍රකාශකයකු පැවසුයේ, මංගල සමරවීර හිටපු ඇමතිවරයා මන්ත්‍රී දේශපාලනයෙන් සමුගැනීමට එම කාරනා ද ඉවහල්වීමට බොහෝදුරට හේතුවන්නට ඇති බවයි.

එම ප්‍රකාශකයා සඳහන් කළ පරිදි බෞද්ධ දර්ශනය සම්බන්ධයෙන් හා මෙරට පාලනය දේශපාලන නායකයින්ගේ භාවිතාව සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපයෙහි දීර්ඝ අධ්‍යනයක දී ඇති මංගල, මෙරට හිටපු අගමැති සර් ජෝන් කොතලාවලගේ දේශපාලනය සම්බන්ධයෙන් ගැඹුරු හැදෑරීමක නිරතව සිටිබව ද කියා සිටියේය.

” මේ දවස්වල මංගල ඇමතිතුමාගේ දේශපාලන විරයා වෙලා ඉන්නේ සර් ජෝන්’ එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

ඩබ්ලි සේනානායක 1953 හර්තාල් විරෝධය හමුවේ අගමැති තනතුරින් ඉල්ලා අස්විමෙන් පසු 1953 ඔක්තෝබර් 12 දා ශ්‍රී ලංකාවේ තුන් වන අගමැති ලෙස පත්වූ ජෝන් කොතලාවල, 1956 දක්වා එම ධුරයේ කටයුතු කළේය. ඔහු අභාවප්‍රාන්ත වුයේ 1980 සැප්තැම්බර් 03 වැනිදාය.

John kotelawala 2020.06.14

මීගමු ධිවරයෝ ජනජිවිතය අරඹති…

0
kutti 13
kutti 12

මීගමුව ලංකාවේ ප්‍රධාන පෙලේ ධිවර නගරයකි. ලෝකයක් කථා කරන්නට පුලුවන් නගරයක් බවට එය පත්කළ හැකිව තිබුණද අවාසනාවකට මිගමුවේ දේශපාලකයන් නිසා ඒ අවස්ථාවන් දැන් එකින් එක මගහැරි ගොසින්ය.
කොරෝනා වෛරස් තත්වය හේතුවෙන් මිගමුවේ ධිවරය දැවැන්ත අර්බුදයක ගිලි ගියේය. ඒ සිය රැකියාවන් එහෙම පිටින්ම  නවතා දමන තත්වයේ විසදුම් වලට පාලකයන් විසින් කටයුතු කර තිබිමය.

kutti 10
kutti 11
kutti 8

ඉන් පිඩාවට පත්වු මේ ධිවර ප්‍රජාව වෙනුවෙන් පෙරලා ධිවරයන්ට යැයි ලැබුන ආධාරයක්ද නැත.
කෙසේ වෙතත් දැන් යන්තම් ධිවර කර්මාන්තය ක්‍රියාකාරි වෙමින් තිබේ.
ඒ ක්‍රියාකාරිත්වය අද මිගමුව කුට්ටිදුව ධිවර ගමේ පැය භාගයක් තුල ගත කළ කාලය තුල හදුනා ගතහැකිවිය.
කුඩා ධිවර බෝට්ටු අද අතිබහුතරයක් අද නවතා තිබුනේ කුට්ටිදුවේය.ි
ඒ ඔවුන් හැමදෙනෙකුටම යහමින් අසුවි සිටි සාලයන් බේරමින්ය.

kutti 2
kutti 3

ඒ අතර රුවල් ඔරුද ඔවුන් ගිය ඉස්සන් රස්සාව නිමවා යළිත් පැමිණෙමින් තිබුනේ ද මේ කුට්ටුදුව ගම සමිපයේ ඇති මෝය අසලින්ය.
බහුදින යාත්‍රා නවතා තබා ඇත්තේද කුට්ටිදූවට පෙනෙන මානයේය.
කරවල රැකියාවේ නිරත කුට්ටිදූව ධිවර පවුල්වල අය යුහුසුලුව ලැබෙන අව්වෙන් එය හොදින් වේලාගැනිමට කටයුතු කරමින් සිටිති.
සුලු වැසි තත්වයක් හුළංද සමගින් හමා ආවද කාලගුණය ගැන ඉතා හොදින් දන්නා ධිවරයන් කියා සිටියේ වැස්ස අල්ලා සිටින්නේ නැති බවකි.
එය විනාඩි කිපයකදිම සනාථවිය.
වැස්ස පහව ගියේය.
ජිවන අරගලයට මිගමුවේ ජනයා දැන් පණපොවමින් සිටිති.
රජය සහ නිළධාරින් කළයුතුව ඇත්තේ ඔවුන් පිඩාවට පත්කරන ප්‍රයෝගික නියෝග වලින් වැලකි ඔවුනට සහයවිමය.

kutti 2

බෝරා නායකයාට VIP ආරක්ෂාව

0

බෝරා නායකයාට විශේෂ ආරක්ෂාව

මෙරටට පැමිණෙන බෝරා නායකයා ඇතුළු කණ්ඩායමට රට තුළ රැඳී සිටින කාල සීමාවේදී විශේෂ ප්‍රභූ ආරක්ෂාවක් සපයන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පැවසීය.

මුළු ලෝකේම බෝරාවරුන්ගේ නායකයා එන්නේ. පාප්තුමා ආව වගේම තමයි. බෝරා නායකයාගේ පැමිණීමත්, එම නිසා ඒ සඳහා සුවිශේෂී ආරක්ෂාවක් සපයා දෙනවා යැයිද හෙතෙම කීය.

ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජනරාල් ජගත් අල්විස් යටතේ බෝරා නායකයාගේ ආරක්ෂාව සැපයීමට නියමිතය. මෙම කණ්ඩායම බණ්ඩාරවෙල ඔවුන් රැඳී සිටින ස්ථානයේම දින දාහතරක නිරෝධායනයක් මෙන් සිටින බවත්, රට පුරා ඇවිදීමට නොයන බවත් ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

ලොව විශිෂ්ටම යෝකර් පන්දුව මාලිංගගේ වුවත් ඔහු මට එය ඉගැන්වුවේ නැහැ

0

ලෝකයේ බිහිවූ විශිෂ්ටතම යෝකර් පන්දු යවන්නා ලසිත් මාලිංග යැයි ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා පවසා තිබෙන බවට හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

එහිදී ‘මාලිංග කියන්නේ ලොව සිටින හොඳම යෝකර් පන්දු යවන්නා. ඔහු දීර්ඝ කාලයක් තිස්සේ තම වාසිය සඳහා යෝකර් පන්දුව යොදා ගත්තා’ යනුවෙන් බුම්රා පවසා තිබුණි.

බුම්රා සහ මාලිංග 2013 වසරේ පටන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් වාර 7ක් ක්‍රීඩාකර තිබේ. එම කාලය අතරතුර විවිධ තරගයන් හසුරවන ආකාරය, තරගයක් අතරතුර කෝප නොවන්නේ කෙසේද යන්න, පිතිකරුවෙකු දවා ගැනීම සඳහා සැලසුම් සකස් කරන්නේ කෙසේද වැනි කාරණා පිළිබඳව තමන් මාලිංගගෙන් ඉගෙනගත් බව බුම්රා මින් ඉහතදී හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වෙත වාර්තා කර තිබුණි.

කෙසේ නමුත් තමන්ට යෝකර් පන්දු යැවීමට මාලිංග පුරුදු නොකළ බවද, ඉන්දීය අංක එකේ වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා පවසා තිබේ.

කල්ලන් මරනු වෙනුවට කළු ජවය අමරණීය කළ ක්‍රීඩාව

0

අහඹුවකින් ලබන මිනිස් ජීවිතය විවිධ මාතෘකා මත බෙදා වෙන් කර ගන්නට මිනිසා මාන බලන කාලයක වර්ණ භේද වාදය නම් හැසිරීම ඈත අතීතයේ සිටම මුළුමහත් ලෝකයටම හිසරදයක්ව පවතී. ගල් යුගය සහ වැඩවසම් යුගය ආදී කාල පසු කරමින් 21 වන සියවස දක්වා ශීඝ්‍රයෙන් දියුණු වූ මානවයා තවමත් එවැනි වූ මතවාද පෝෂණය කරන්නට පෙලඹෙනු දැකීමද සංවේගයට කරුණකි. ඇමරිකානු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය නැවතත් මුළු ලෝකයටම වර්ණවාදයේ ඛේදනාත්යක් සටහන් කරමින් සිටිද්දී ක්‍රීඩා පිටිය මේ බැරෑරුම් පැනයට ප්‍රශංසනීය පිළිතුරු සෙවූ අවස්ථා ඉතිහාසයේ අප්‍රමාණය.

මේ වර්ණවාදී ගැටලු මුල් වූ දරුණුම සිදුවීමක් වාර්තා වන්නේ 1970 වසරේදීය. ඒ සුදු ජාතින් පමණක් ක්‍රීඩා කළයුතු යැයි කියූ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම තහනම් කිරීමත් සමගිනි. මේ තහනම ඔවුන් හට 21 වසරකට බල පැවත්විණි. මේ නීතිය කෙතරම්ම දරුණු දැයි කියතොත් තහනම නොතකා අප්‍රිකානු සංචාරයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමටද තහනමකට ලක්වන්නට සිදුවිය. නමුත් අද වනවිට දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම වර්ණභේද වාදය පසෙකලා එකමුතුව ක්‍රිකට් ක්‍රීඩා කරයි.

එවැනිම තවත් සිදුවීමක් දකුණු අප්‍රිකාවෙන් අසන්නට ලැබෙන්නේ 1995 වසරේදීය. වර්ණභේද වාදය මතින් හිස එසවූ කැරැල්ලක අවසන් ප්‍රතිඵලය ලෙස බල පෙරළියෙන් 1994 වසරේදී දකුණු අප්‍රිකානු ඉතිහාසයේ පළමු කළු ජාතිකයා ජනාධිපති වූයේය. ඒ නෙල්සන් මැන්ඩෙලාය. ඉන් වසරකට පසු රග්බි ලෝක කුසලානය පවත්වන්නට දකුණු අප්‍රිකාව සූදානම් වෙමින් තිබිණි. එවක දකුණු අප්‍රිකානු ජාතික රග්බි කණ්ඩායමටද මෙම ‘කළු-සුදු’ වර්ණභේද වාදී විෂබීජය ආසාදනය වී තිබිණි. දිගින් දිගටම ලද දරුණු පරාජ සහ කළු ජාතිකයින් වෙත දැක්වූ අප්‍රසන්න ප්‍රතිචාරය නිසා ක්‍රීඩාලෝලීයා රග්බි කණ්ඩායමෙන් ඈත් වීම ජනාධිපති මැන්ඩෙලාට හිසරදයක් විය. එවක අප්‍රිකානු රග්බි නායක ෆ්‍රෑන්කොයිස් පයනියර් සහ මැන්ඩෙලා මේ ගැටලුව විසඳන්නට පිඹුරුපත් සැකසීය. ලෝක කුසලානයට මසක් තිබියදී ගමෙන් ගමට පුහුණු සැසි රැගෙන යමින් සහෝදරත්වයේ දෑත් දිගු කරන්නට සමත් වූ දකුණු අප්‍රිකානු රග්බි ක්‍රීඩකයින් අවසානයේ තම රටේ ධජය රැගත් දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් ඉදිරියේ ඉතිහාසයේ පළමු රග්බි ලෝක කුසලානය දිනා ගත්තේය. විශේෂම කරුණ නම් එවක අප්‍රිකානු ජනාධිපති වූ මැන්ඩෙලා මෙම තරගය සඳහා රග්බි නායක ෆ්‍රෑන්කොයිස් පයනියර්ගේ ජර්සි අංකය සඳහන් රග්බි ජර්සියකින් සහ අප්‍රිකානු ධජය සටහන් වූ හිස්වැස්මක් පැලඳ තරගය නරඹන්නට පැමිණීමය. තරගය අවසානයේ මුළු මහත් අප්‍රිකානු ප්‍රේක්ෂකයින් ඉදිරියේ මැන්ඩෙලා තම හිස් වැස්ම ගලවා ආචාරය දියත් කරමින් සැවොම ‘එකම ධජයක එක්වෙමු’ යන පණිවිඩය ලබා දුන්නේය.

එය ක්‍රීඩාවේ ගුණය ලොවටම පසක් කළ ඉතිහාසයේ ස්වර්ණමය සංධිස්ථානයක් බව එවක විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ සියලු බැමි බිඳින්නට ක්‍රීඩාව කදිම නිදසුනක් යැයි වැටහී තිබේ. එංගලන්තය යනු සෑම ජාතියකටම එක සේ සලකන්නේ යැයි කියන තවත් රාජ්‍යයකි. ක්‍රිකට් ක්‍රීඩාව සොයා ගත් එංගලන්ත ජාතිකයින් ගෙවුණු ලෝක කුසලානය වෙනතුරුම ලෝක ශූරතාවක් දිනා නොතිබිණි. අවසන් මහා තරගයේ සුපිරි පන්දුවාරය ක්‍රියාත්මක කරන්නට එංගලන්ත නායකත්වය තෝරා ගන්නේ ‘බාර්බඩෝස් දුනුවායා’ ලෙසින් විරුදාවලී ලත් ජෝෆ්රා ආචර්ය. සුදු ජාතිකයින්ගේ තීරණාත්මක ලෝක කුසලාන අඩියට පැමිණ, කළු ජාතිකයා විශ්වාස කිරීමම එංගලන්තය විශේෂතම සිදුවීමක් ලෙස සැලකිණි. අවසානයේ ආචර්, දශක ගණනක එංගලන්තයේ ලෝක කුසලානය පිපාසය සංසිඳුවීය. ඔහුටද විවිධ වර්ණභේදවාදී වචන දමාගැසීම් වලට මුහුණ දෙන්නට සිදුවිය. නමුත් එක්සිත්ව නැගුණු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් ඔහුව තනි නොකළේය. ෆ්ලොයිඩ්ගේ මරණය ඇමරිකාව ගිනියම් කළ නමුත් විශේෂතම කරුණ නම් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ ඇමරිකානු ධජය ඉහළින්ම එසවෙන බොහෝ තැන්හි ඒ ජයග්‍රහණ රැගෙන ආවේ කළු ජවයෙන් වීමය. ලෝක බොක්සිං ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු කැෂියස් ක්ලේ නොහොත් මොහොමඩ් අලී, 1968 මෙක්සිකෝ සිටි ඔලිම්පික් උළෙලේ ලෝක වාර්තාවක් සමග දුර පැනීමේ රන් පදක්කම දිනාගත් සිමොන් බිලේස්, මීටර 200 ඉසව්ව තත්පර 20කට අඩු කාලයකින් නිම කළ ලොව පළමුවැනියා වන ටොමී ස්මිත්, ඔලිම්පික් රන් පදක්කමක් දිනූ ලොව පළමු කළු ජාතික කාන්තාව බවට පත්වෙමින් 1948 ලන්ඩන් උළෙලේදී වාර්තාවක් තැබූ උස පැනීමේ ක්‍රීඩිකා ඇලීස් කෝච්මන්, ඔලිම්පික් ජිම්නාස්ටික් ඉසව්වක රන් පදක්කමක් දිනාගත් පළමු කළු ක්‍රීඩිකාව වූද, එම කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කමට දායකත්වය ලබාදුන්නාවූද ගැබී ඩග්ලස්, අදටත් නොබිඳී පවතින කාන්තා මීටර 100 සහ 200 වාර්තා පිහිටුවමින් ලෝක ඉතිහාසයේ වේගවත්ම කාන්තාව වන ෆ්ලෝරන්ස් ග්‍රිෆිත්-ජොයිනර් ද, ලෝ සුපතල පැසිපන්දු ක්‍රීඩක මයිකල් ජෝර්ඩන් ද, ඔලිම්පික් පිහිනුම් ඒකල ඉසව්වක රන් පදක්කමක් දිනූ පළමු කළු ජාතික ක්‍රීඩිකාව බවට පත්වෙමින් 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කම් 2ක් දිනාගත් සිමොනි මැනුවෙල් ද, මිඩ්ල්වේට් බර පංතියේ පිට පිටම දෙවරක් ලෝක ශූරතාව දිනාගත් සහ ඔලිම්පික් රන් පදක්කම්ලාභී බොක්සිං ක්‍රීඩිකා කැලැරීසා ශීල්ඩ්ස් ද ග්රෑන්ඩ් ස්ලෑම් ශූරතා 23ක් දිනාගත් ලෝක ඉතිහාසයේ දක්ෂතම ටෙනිස් ක්‍රීඩිකාව වන සෙරීනා විලියම්ස්ද එයට සැබෑ උදාහරණ වේ.

ඒ ජයග්‍රහණයේ අභිමානය රැගෙන ආවේ ඇමරිකාවේ නාමයෙන් මිස කළු ඇමරිකානුවෙන්ගේ නාමයෙන් නොවේ. ඒ ක්‍රීඩා කෞෂල්‍යය දැක අත්පුඩි තැලුවේ කළු ජාතිකයන් පමණක් නොවේ. ජාති, ආගම්, වර්ණ භේදයකින් තොරව අපි සැවොම විඳින ක්‍රීඩාවේ විශේෂත්වය එයයි. එය වර්ණභේදවාදයට අපූර්ව වූ පිළිතුරකි.

ආක්ෂේ කුමාර් ලොව වැඩිම ආදායම් උපයන කලාකරුවන් 100 දෙනා අතරට

0

Posted on: June 8, 2020 11:24 am
0 Comments Post Views: 351

  • 0Shares

රජයෙන් විශේෂ ඉල්ලීමක් කලා, ක්‍රීඩා වැනි ක්‍ෂේත්‍රවල ප්‍රසිද්ධ පුද්ගලයන් (Celebrities) අතරින් ගෙවී ගිය වසරක කාලය තුළ වැඩිම ආදායම් ඉපැයූ 100 දෙනා අතරට පැමිණීමට බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර් සමත්ව සිටියි.

ඔහු මෙම ලැයිස්තුවේ 52 වැනි තැන දිනාගෙන සිටියි.

ඉන්දියාවෙන් මෙම 100 දෙනා අතරට පැමිණ සිටින එකම පුද්ගලයා ඔහු පමණි. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඔහු ටොම් කෲස්, බ්‍රැඩ් පිට්, ජෙනිෆර් ලෝපස්, විල් ස්මිත්, ජැකි චෑන්, ලේඩි ගාගා වැනි සුපිරි කලා ශිල්පීන් පවා අභිභවා යාමට සමත්ව සිටීමයි.

පසුගිය මාස 12 ක කාලය තුළ ආක්ෂේගේ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 48 ක් ලෙස සටහන්ව තිබේ. එය ලංකාවේ මුදලින් රුපියල් කෝටි 890 කට ආසන්නය.

පසුගිය වසරේ තිරගත වූ ආක්ෂේ රඟපෑ චිත්‍රපට කිහිපයක්ම බෙහෙවින් ජනප්‍රිය වෙමින් ආදායම් වාර්තා පිහිටුවිය. මිෂන් මංගල්, කෙසරි, Good Newwz, හවුස් ෆුල් 4 ඒ අතරින් වඩාත් කැපී පෙනිණි.

‘‘මට මුලින්ම ඕන වුණේ රුපියල් කෝටියක් විතර හම්බ කරගන්නයි. නමුත් මමත් මනුස්සයෙක්නේ. පළමුවැනි කෝටිය හම්බ කළාම ඊට පස්සෙ හිතුණා කෝටි 100ක් විතර හම්බ කරගන්න බැරි ඇයි කියලා.

ඇත්තම කිව්වොත් ඊට පස්සෙ ඉතිං නවතින්න හිතුණෙම නෑ’’ ආක්ෂේ වරක් සඳහන් කර තිබිණි. ඔහු චිත්‍රපටයක් සඳහා උපරිම වශයෙන් ඉන්දියානු රුපියල් කෝටි 45 (ලංකා රුපියල් කෝටි 110) කට ආසන්න මුදලක් අය කරන බැව් බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරයි.

සහන් වික්‍රමගේ

‘පුංචි තියටර්’ වසා දමයිද?

0

Posted on: June 9, 2020 4:31 pm
0 Comments Post Views: 372

‘නැට්ටුක්කාරි, වංසක්කාරි, ගොලු බිරිඳ, මාධ්‍යවේදියකුගේ අසිපත’ වැනි වේදිකා නාට්‍යයත්, ‘රටගිය ඇත්තෝ’ වැනි ටෙලි නාට්‍යයත්, ‘වල්මත්වූවෝ, වෙස්ගත්තෝ’ වැනි සිනමා නිර්මාණත් නාමෙල් වීරමුණිගේ දක්ෂතා පිළිබඳ නිදසුන් සපයයි.

සිනමාව, ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය යන ක්ෂේත්‍ර තුනෙහිම නිෂ්පාදනය, අධ්‍යක්ෂණය, රංගනය හා තිර රචනය ආදී බහුවිධ හැකියාවන් ඔස්සේ තම නිර්මාණ කෞෂල්‍යය විදහා පෑවකු ලෙස නා​ෙමල් වීරමුණි හැඳින්විය හැකිය. හෙතෙම එයිනුදු නොනැවතී සිය ජීවන සහකාරිය හා එක්ව පෞද්ගලික ධනය වැයකර ශ්‍රී ලංකාවේ වේදිකා නාට්‍ය කලාව වෙනුවෙන් රඟහලක් දයාද කළේය. නීතිඥවරයෙක් වන ඔහු විසින් පවත්වාගෙන යන නා​ෙමල්-මාලනී පුංචි තියටර් රඟහලේ වර්තමාන තත්ත්වය පිළිබඳ ඔහු දැක්වූ අදහසයි.

කොරෝනා වසංගතය නිසා වේදිකාවට එල්ල වුණ බලපෑම

වේදිකා නාට්‍ය ගැන නම් වචනයක් වත් කතා නොකෙරෙන කාලයක් කිව්වොත් මම නිවැරැදියි. කොරෝනා නිසා ජන ජීවත සම්පූර්ණයෙන්ම ගැටලු සහගත වෙලා තියෙනවා. සියලුම දෙනාගේ ආදායම් මාර්ග නැවතිලා මේ වෙද්දි. ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිත නීති නිසා රඟපෑම් කටයුතු සිදුවන්නේත් නැහැ. පිරිස් ඒකරාශී වීම සිදු නොවී නාට්‍ය නිර්මාණය වන්නේ නැහැ. මේ තත්ත්වය පහව යනතුරු අලුත් නිර්මාණ බිහි නොවේවි.

වෙනස් වූ ජන ජීවිතය පුංචි තියටරේ ක්‍රියාකාරකම් කෙරෙහි බලපා ඇත්තේ කෙසේද?

ඇත්තටම පුංචි තියටර් රඟහල නාට්‍යය සඳහා පමණක්ම වෙන් වූවක් නොවේ. නාට්‍ය හැරුණු විට සාකච්ඡා (කලාවේ පටන් දේශපාලන සාකච්ඡා දක්වා), සම්මන්ත්‍රණ, දේශන, පුහුණු සැසි, සුහද හමු, රූගත කිරීම් ආදිය සඳහාත් මෙහි ඉඩ වෙන්වෙනවා. මේ ව්‍යසනය නිසා දැන් ඒ සියල්ල නතර වී තිබෙනවා.

රඟහල වසා තැබුණද නඩත්තු කටයුතු සිදුකළ යුතුයි. ඒ කටයුතු සිදුකරන්නේ කොහොමද? කාර්ය මණ්ඩල වැටුප් ගෙවීම් කළාද?

ඔව්. නඩත්තු කටයුතු පෙර පරිද්දෙන්ම සිදුවෙනවා. ස්වභාවික ගහකොළවලින් අලංකරණය වී තිබෙන නිසා ඒවාට සාත්තු කිරීම අතපසු නොකර සිදු කළ යුතුයි. මිනිස්සු නාවත් නඩත්තු කටයුතුවලින් බැහැර වන්නට බැහැ.
ඒ වගේම තමයි අපේ කාර්ය මණ්ඩලය. ඔවුන් අතහැර දැමීමටත් මේ වෙලාව නොවේ. වසර පුරා අපේ ආයතනයේ උන්නතිය වෙනුවෙන් කැප වූ ඔවුන් වෙනුවෙන් අපි කෘතගුණ සලකන්න ඕන. අපි සේවකයින්ගේ වැටුප් ගෙවීම් පෙර පරිද්දෙන්ම සිදු කළා. කිසිදු ආදායම් මාර්ගයක් නැතිව මේ වියදම් දැරිය නොහැකි තරම්. නමුත් ඒ කළයුතුම රාජකාරි නිසා බැංකු ණය පවා ලබාගන්න සිදුවුණා.

අත්තිකාරම් මුදල් ගෙවා දින වෙන් කරගත් නාට්‍ය සඳහා නැවතත් අවස්ථාවක් ලබා දෙනවාද? එසේත් නැතිනම් මුදල් ආපසු භාර දෙනවද?

අපි කිසිම දවසක අත්තිකාරම් මුදලක් ලබා ගත්තේ නැහැ. නාට්‍ය දර්ශන අවසන් වූ විට එහි අධ්‍යක්ෂකවරයා විසින් තමයි අදාළ මුදල් ගෙවන්නේ. ඉදිරියේදී දින වෙන් කරගෙන තිබූ නාට්‍යය පිළිබඳ තවමත් පැහැදිලි අදහසක් නැහැ. මේ තත්ත්වය පහව යනතුරු අපිට ආදායම් මාර්ගයක් නැහැ කියන දේ විතරක් පැහැදිලියි.

සමාජ දුරස්ථභාවය රැකගනිමින් රඟහලක් පවත්වාගෙන යාමට හැකිද?

රඟහල සහ ප්‍රේක්ෂකයා කියන්නේ එකකට එකක් සම්බන්ධ දෙයක්. නාට්‍යයක් නිර්මාණය කරන්නේ සෙනග පිරුණු රඟහලක් හිතේ තියාගෙන. නාට්‍යයක තියන ජීව ගුණය, හඬේ තිබෙන පෞරුෂය සෙනඟ නැති රඟහලක තිබේවි දැයි සැක සහිතයි. ප්‍රේක්ෂකයන් අඩු සංඛ්‍යාවකට වේදිකා නාට්‍ය රඟදැක්වීම එතරම් ප්‍රායෝගික නැහැ. මොකද වසංගත තත්ත්වය ඇති වෙන්නට පෙරත් ඇතැම් නාට්‍ය දර්ශන සඳහා ප්‍රේක්ෂකයන් සහභාගි වීමේ දුර්වලතා තිබෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයක් යටතේ නාට්‍යය නිෂ්පාදනයට වැය වූ මුදලවත් සොයා ගත හැකි වේදැයි සැකයි.

පෙරදී තරම් ප්‍රේක්ෂකයන්ගේ සහභාගිත්වයක් බලාපොරොත්තු වෙනවද?

එවැනි බලාපොරොත්තුවක් තබා ගැනීමම විහිළුවක්. මොකද මේ කාලය ලෝකවාසී සියල්ලන්ටම අසීරු, දුෂ්කර කාලයක්. මිනිස්සුන්ට මේ දිනවල ජීවිතය විඳින්න අවසරයක් නැහැ. බොහෝ දෙනෙක් ආහාර ප්‍රශ්නෙට මූණ දීලා ඉන්නේ. නාට්‍ය බලන්න තරම් මිනිස්සුන්ගේ හිතේ එකලාසයක් නෑ. දැන් නාට්‍ය බලන්න පවුල් පිටින් යන්න බෑ. බලන බලන මාධ්‍යයෙන් නිවේදනය කරන්නේ තනියම ඉන්න කියලා. මීටරේ දුරින් ඉන්න කියලා. ගෙදර එක්කෙනෙක් විතරක් එළියට යන්න කියලා. අනිත් කාරණය මාස දෙකක් කිසිම ආදායමක් නැතිව හිටිය මිනිස්සු නාට්‍ය බලන්න ඒවිද? සල්ලි තියෙනවා නම් තමයි නාට්‍ය බලන්න මිනිස්සු එන්නේ. කිසිම මිනිහෙක් හැමදේම කරලා ඉවරවෙලා නෙවෙයි කෑම කන්නේ. කෑම කාලා තව ඉතුරු නම් තමයි අනිත් දේවල් කරන්නේ. ඉතින් මම හිතන්නේ නෑ මේ තත්ත්වය පහව ගිය සැනින් පෙර පරිද්දෙන් රඟහල් වෙත මිනිස්සු පැමිණේවි කියා. කෙතරම් අපහසු වුවත් අපි යථාර්ථයට මුහුණදිය යුතුයි.

වේදිකාවෙන් ජීවිකාව ගෙනගිය පුද්ගලයන්ගේ අනාගත ඉරණම කෙබඳු වේද?

ඒ ගැන ඇත්තටම කතා කරන්නත් අපහසුයි. මොකද මේ වන විට සියලු නාට්‍ය නිෂ්පාදන, නාට්‍ය දර්ශන නතර වී තිබෙනවා. ඔවුන්ගේ ආදායම් මාර්ග සියල්ල ඇනහිටලා තියෙන්නේ. ඔවුන් වෙනුවෙන් කිසිවෙකු හඬක් නගන්නේ නැහැ. කලා ශිල්පීන් සියලුම දෙනා ඉමහත් අසීරුවෙන් මේ කාල පරිච්ඡේදය ගෙවන්නේ. රජයේ හෝ සංස්කෘතික අමාත්‍යාංශයේ මැදිහත්වීමක් සිදුවනවා නම් එය ඔවුන්ගේ ජීවිතවලට විශාල ශක්තියක් වේවි.

ප්‍රේක්ෂකයන් නැවතත් රඟහල වෙත කැඳවා ගැනීමට කිසියම් වැඩපිළිවෙළක් තිබෙනවාද?

තවම නම් එවැන්නක් සිතුවේ නැහැ. ප්‍රශ්නයක් තියෙනවා මේ වසංගතය නිසා සැක බිය නොමැතිව නාට්‍ය නරඹන්න ඒවිද කියලා. මේ තත්ත්වය පහව ගියත් තව වසර දෙකක් පමණ යාවි කියලා හිතෙනවා නැවතත් යථා තත්ත්වයට පත් වෙන්න.

නැවත පුංචි තියටර් වැඩ අරඹන්නේ කවදාද?

රජයේ සෞඛ්‍ය නිර්ණායකයන්ට අනුව ආයතනය විවෘත කිරීම අපහසුයි. මොකද සමාජ දුරස්ථභාවය රැක ගනිමින් මෙහේ වැඩ කටයුතු සිදු කරන්න බැහැ. ආයතනයේ අනිවාර්ය ගෙවීම් ආදායමක් ලැබුණත් නොලැබුණත් ගෙවිය යුතුයි. විදුලි බිල්, ජල බිල් ගෙවා ගැනීමට තරම් ආදායමක් ලැබෙන්නෙ නැහැ සෞඛ්‍ය නිර්ණායකයන්ට අනුව විවෘත කළොත්. ආයතනය වසා දැමීම තමයි දැනට තිබෙන එකම විසඳුම. මේ වෙද්දි කිහිප දෙනෙක් එක්කම සාකච්ඡා කළා. ඉදිරියේදී කවුරුන් හෝ අනුග්‍රහයක් දක්වන්න ඉදිරිපත් වුණොත් ආයතනය පවතීවි.

සෝබා ඩී. කෝලියවංශ

නිලංක ඇතුලේ කූරා ජීවත් වෙනවා

0

තණමල් විල කොල්ලෙක් මේ දිනවල අතිෂය කතා බහට ලක්වන සාර්ථක ටෙලි නිර්මාණයක්. තණමල්විල කොල්ලෙක් හි කාගෙත් ආදරය දිනූ කොළු රෑනක්ම වේ. ඒ කොළු රෑනේ “කූරා” ගේ චරිතයට පණ පොවන රංගනවේදී නිලංක දහනායක යෞවන සම්මාන උළෙල දෙකකදී හොඳම නළුවාට හිමි සම්මානය දිනු වේදිකාවේ පෙරළිකාරයෙක්. අද කූරා හෙවත් නිලංක පිණිපලසට ගොඩ වුණා. කූරාව ටෙලි නාට්‍යයෙන් දැන ගත්තත් නිලංක දහනායක ගැන බොහෝ දෙනෙක් නොදන්නවා විය හැකි නිසා අපි කූරාට කලින් නිලංක ගැන කතා කළා.

“මගේ ගම වේරහැර. කොළඹම තමයි ගම. අම්මා කොළඹ. තාත්තා මාතර අකුරැස්සේ. මට ඉන්නවා අක්කයි, අයියයි. පිළියන්දල කනිෂ්ඨ විද්‍යාලයෙන් ශිෂ්‍යත්වය පාස් වෙලා මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට ගියා. පාසලේදිත් නාට්‍ය වැඩවල හිටියා. උසස් පෙළින් පස්සේ අපි වීදී නාට්‍ය කළා. පස්සෙ රන්වල පදනමටත් සම්බන්ධ වෙලා හිටියා. යාළුවෝ එක්ක කෙටි නාට්‍ය කළා. ආ සරුංගලේ කියලා ළමා නාට්‍යයකුත් කළා. ඔහොම අද්දැකීම් ගොඩක් ලබමින් ඉද්දි 2007 සුරංග බැමිණියවත්තගෙ ‘මම ගැහැනියක් නෙවෙයි’ කෙටි නාට්‍ය කළ ජ’පුර වේදිකාවෙන් ‘මහ පොළොවට වෙනුවෙන්’. ඒකෙන් කුසලතා සහතිකයක් මට ලැබුණා.”

2009 වසරේ නිලංක මුල්ම සම්මානය දිනනවා?

“ඔව්. අපේ හර්ෂ තෙන්නකෝන්ගෙ අත්තානං කෙටි නාට්‍යයේදී මට යෞවන සම්මාන උළෙලෙ හොඳම නළුවා ලෙස සම්මානය ලැබෙනවා. ඒ නාට්‍ය පිටපතත් මගේ.

නිලංක සෝමලතා සුබසිංහ නාට්‍ය ඇකඩමියේත් කටයුතු කළා?

“සොමලතා මිස්ගෙ ප්ලේ හවුස් එකට මම සම්බන්ධ වුණා. කෞශල්‍යා ප්‍රනාන්දුගෙ ‘දුටු තැන අල්ලනු’ නාට්‍යයෙත් මම රඟපෑවා. නාමල් ජයසිංහ හා සුසන්ත මහගමගෙ අධ්‍යක්ෂණය කළ ‘ග්ලැඩියේටර් ප්‍රේමය’ නාට්‍ය ඇතුළු නාට්‍ය ගණනාවක හිටියා. 2015 චාමර ගුරුගෙ ගේ ‘වට්ස් අ නයිස් කපල්‘ නාට්‍ය රඟපෑම වෙනුවෙන් යෞවන සම්මානය, හොඳම නළුවා සම්මානය ලැබුණා. ඒ නාට්‍යයෙම චරිත දෙකයි. මමයි, ශ්‍යමිලා කල්හාරියි ඇට් කළේ”
ෆිල්ම් එකකත් නිලංකව දකින්න ලැබුණා.

“ඔව්නේ සංජීව පුෂ්පකුමාරගෙ ඉගිළෙන මාළුවෝ ෆිල්ම් එකෙ රඟපාන්න අවස්ථාව ලැබුණා.

ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණේ?

“ඒක මෙහෙමයි. 2009 ආනන්ද අබේනායක මහත්තයගෙ ‘අහසින් වැටුනා’ ටෙලිනාට්‍යයෙ බීච් බෝයි කෙනෙක්ගෙ චරිතයෙන් පටන් ගත්තේ. ඊට පස්සෙ පෝය ටෙලි නාට්‍යවල, දේව දරුවෝ ටෙලිනාට්‍යයේ, අප්පච්චි ටෙලි නාට්‍ය ඇතුළු නාට්‍යවල රඟපෑවා.”

තණමල්විල කූරා වෙන්නෙ කොහොමද?

“තණමල්විල කොල්ලෙක් නාට්‍ය අධ්‍යක්ෂ රෝෂාන් රවින්ද්‍ර අවුරුදු ගාණකට කලින් මේ වැඩේ ගැන මට කියලා තිබ්බා. පස්සෙ අවුරුදු දෙකකට විතර කලින් 2018 මේ ටෙලි නාට්‍ය තුළ කූරාගෙ චරිතයට මට එන්න කිව්වා. රෝෂාන් කලින්ම පිටපත එව්වා. ඒක කියෙව්වම මේක මාර වැඩක් වෙයි කියලා ආරම්භයේම දැනුනා. ඉතාම කැමැත්තෙන් මේ චරිතය බාරගෙන කළා.”

කොහොමද ප්‍රතිචාර ?

“ඉතා හොඳ ප්‍රතිචාර තියෙනවා. ඒ වගේම ඒක මෙහෙම වුණා නම් තව හොඳයි වගේ යෝජනාත් තියෙනවා. මම හිතනවා අපි ජීවත් වෙන සමාජය ඇතුළේ තණමල්විල කොල්ලෝ වගේ කොල්ලෝ කූරා, පතෝලයා, කිතුලා, ජගා, දීප්ත ලොක්කයියලා අක්කලා, සුලෝලා තවම ඉන්නවා. මේ කොළඹත් ඉස්කෝලවලත් ගම්වලත් වෙනත් නම්වලින් වෙනත් භාවිතාවන් එක්ක ඉන්නවා. කූරා හීන් අයියා වගේ චරිත ඕන තරම්. ඒ නිසා තමන් අභ්‍යන්තරේ හැංගිලා ඉන්න ඒ වේදනා දරන සුන්දර හිත් බලන අයගෙ යම් අවධිවීමක් වෙනවා ඇති. ඒ නිසා මේක වඩා සාර්ථක වුණා කියායි මගෙ විශ්වාසය. නිලංක දහනායක වන මා ළඟත් කූරා යම් පමණින් ඉන්නවා. මම රඟපාන අතරේම ඒ චරිතය විඳිනවා. පිටපත විසින් චරිත කදිමට උලුප්ප්පා තිබෙනවා. රෝෂාන් රවින්ද්‍රගේ අධ්‍යක්ෂණය එක්ක එක් වුණාම පිරිච්ච වැඩක් වී ඒක එළියට ආවා’’

කලක් රංගණයේ නිරත වුණාට ඔබ උසින් අඩු නිසා පෙම්වතාගෙ චරිතය නම් ලැබෙන එකක් නෑ නේද..?

“අපොයි මට එහෙම එකක් හිතිලා නෑ. හැබැයි මම අඩි පහට වඩා උසයි. කොට කෙනෙක්ගෙ උස් ප්‍රේමයක් තියෙන්න පුළුවන් නේද..? කවද හරි මට එහෙම ප්‍රේමයක් රඟපාන්න ලැබෙන්න පුළුවන්. මගේ ප්‍රාර්ථනය පෙම්වතාගෙ චරිත ලැබෙන්න නෙවෙයි. හොඳ රංගණයක් ඉදිරිපත් කළ හැකි අභියෝගාත්මක චරිත කරන්න ලැබෙන්න කියන එක. අනිත් එක නළුවෙක් නම් සුදු වෙන්න ඕන. උස වෙන්න ඕන. සික්ස් පැක් ඕන වගේ සිතිවිල්ලක මම නෑ. එහෙම සිතිවිල්ලක් මට ආවනම් මම ලත් තැන ලොප්’’

රූගත කිරීම් ගැන මතක් කළොත්?

“තණමල්විල පැත්තේම තමයි තණමල්විල කොල්ලෙක් රූගත කළේ මුල් දිනවල හෙවණට ගහක්වත් නැති තැන්වල අපේ මුළු කණ්ඩායමම වැඩ කළා. හැබැයි කවුරුවත් මැසිවිලි කිව්වෙ නෑ. හැමෝම නිර්මාණයේ හිටියේ. ටික දවසකින් අපට ඒ සියල්ල හුරු වුණා. දවසක් අපේ වාහන තණමල්විල යද්දි ඉස්සරහින් ගිය වාහනේ ආපසු හරවන් එනවා.. අලි එනවා කියලා.. අපිත් හරවගෙන වේගෙන් නගරයට ආවා. පස්සෙ හොයලා බලනකොට අලියෙක් දැකපු කෙනෙක් නෑ. ඔය වගෙ රස සිද්ධි වුණා. අනෙක අපේ නිෂ්පාදන කණ්ඩායම, නළු නිළි කණ්ඩායම මේ ඔක්කොම එක්ක ඉතින් රස දවස් ඒ රූගත කරපු කාලයම.”

ජයන්ත සුබසිංහ

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය: බොලිවුඩ් නළු නිළියන්ගේ දැන්වීම් ගැන සංවාදයක්!

0

9 Shares facebook sharing button Share twitter sharing button Tweet

email sharing button
sharethis sharing button
linkedin sharing button
whatsapp sharing button
wechat sharing button
pinterest sharing button
messenger sharing button

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයෙන් පසු ජාතිවාදයට එරෙහිව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අදහස් දක්වන බොලිවුඩ් නළු නිළියන්

“ෆෙයාර් ඇන්ඩ් ලව්ලි” වැනි ඉන්දියානු සම සම පැහැපත් කරන ක්‍රීම් වර්ග වල ප්‍රචාරක දැන්වීම් වල ප්‍රනී සිටීම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ දිනවල කථා බහට ලක්වෙමින් තිබේ.

Garnier Advert

නිළියක වන දිෂා පටානි පසුගිය සතියේ “සියලු වර්ණ ලස්සනයි” යනුවෙන් ග්‍රැෆික් එකක් ට්විට් කළ විට, ට්විටර් භාවිතා කරන්නන් ඇය සම පැහැපත් කර ගැනීම සඳහා මුහුණු නිෂ්පාදනයක් ලෙස ප්‍රචාරය කරන ලද ෆොංඩ්  “ෆෙයර්නස්” ක්‍රීම් ප්‍රවර්ධනය කරනවා ” පෙරලා ප්‍රථිචාරය දැක්වීය.

“සයාඩා ගෝරපන්…” යැයි පවසන ෆෙයාර්නස් ක්‍රීම් වෙළඳාම සඳහා ඔබ වචනානුසාරයෙන් වැඩ කරයි” පුද්ගලයකු ට්විට් කර තිබුනේ වචන “වඩාත් සුදු පැහැය” බවට පරිවර්තනය කරයි යනුවෙනි.

සමාජ ක්‍රියාධාරිනියක් වන අන්ජලී ෂර්මා ට්විටර් මගින් ප්‍රතිචාර දක්වමින් “එක අතකින් හම පැහැපත් කරන ක්‍රීම් විකුණා මුදල් එකතු නරන අතර අනෙක් පසින් ජාතිවාදයට විරෝධය දක්වනවා. යයි කුහකකම, මෙහි මිලියන ගානක් මිය යනව. මතකද නිහඬතාවය දිල්ලියේ විරෝධතා වලදි.” යයි සටහන් කර තිබේ.

twitter feed

ගාර්නියර් සමේ විරංජක ක්‍රීම් වර්ගයක් සඳහා වෙළඳ දැන්වීම් කර ඇති ප්‍රියංකා චොප්රා, ෆ්ලොයිඩ්ට සහය පළ කරමින් ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවියේ පලකල ප්‍රකාශයකටද  ද එවැනිම ප්‍රතිචාරයක් එල්ල විය.

“කණගාටුයි, නමුත් ඔබ කිසි විටෙකත් මැර කල්ලි ගැසීම, කාශ්මීරයේ අගුලු දැමීම, ඔබ සමඟ වැඩ කළ හෝ වැඩ කළ ට්‍රාන්ස්ෆොබික් සහ සමලිංගික නළු නිළියන් / චිත්‍රපට සහ විෂමාචාරයට එරෙහිව කතා කළේ නැත” යනුවෙන් එක් පුද්ගලයෙක් ඇගේ සටහනට ප්‍රතිචාර දක්වා තිබිණ.

instagram

“ඔබේ තෝරාගත් කෝපය කිසිවෙකුට අවශ්‍ය නැත” යනුවෙන් තවත් පරිශීලකයෙක් අදහස් දක්වා තිබේ.

ඉන්දියාව සහ පාකිස්තානය යන රටවල් දෙකම කියා සිටින මතභේදාත්මක රාජ්‍යයක් වන කාශ්මීරයේ ස්වයං පාලක තත්වය අහෝසි කිරීමේදී පසුගිය වසරේදී චොප්රා ඉන්දීය රජයට සහ ත්‍රිවිධ හමුදාවට ප්‍රසිද්ධියේ සහයෝගය දැක්වීම ගැන දොස් පැවරීය.

ගායිකාවක් සහ ගීත රචකයෙකු වන නික් ජොනාස් සමඟ ඇයගේ විවාහ මංගල්‍යයට ජාතිකවාදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ආරාධනා කර තිබුණි.

all colours

ෆෙයාර්නස් ක්‍රීම්  ‘විශේෂයෙන් සමට හානි කරයි’  සහ වර්ණවාදය බොලිවුඩයේ නව සංසිද්ධි නොවේ. මිලියන 92 කට ආසන්න සමාජ මාධ්‍ය අනුගාමිකයන් සිටින කර්මාන්තයේ වඩාත් ජනප්‍රිය නළුවා වන ෂාරුක් ඛාන් පවා “බොලිවුඩයේ රජ” – “සාධාරණ හා කඩවසම්” සහ “දෝෂ රහිත” සටන් පා ෆෙයාර්නස් කීම් ප්‍රවර්ධනය කරන වෙළඳ දැන්වීම් කර ඇත. එහි වෙළඳ පාඨයන් “පිරිසිදු”,  “පරිපූර්ණ මුතු”  සහ ෆෙයාර්නස් පැල්ලම් රහිතයි ”.

ප්‍රියංකා චොප්රා පෙනී සිටි ගානියර් වෙළඳ දැන්වීම, සමේ ආලෝකකරණ දැන්වීම් කිහිපයක සිටියද, ‘මම එය අනුමත නොකරමි’ යැයි අද ඇය පවසයි.

(උපුටා ගැනීම : winddirectionlanka.com)

බොලිවුඩ් සිනමාව යළි ඇරඹේ : කොරෝනවට ගැලපෙන පරිදි වෙනස් වේ.

0

facebook sharing button Share twitter sharing button Tweet email sharing button Email

sharethis sharing button
linkedin sharing button
whatsapp sharing button
wechat sharing button
pinterest sharing button
messenger sharing button

කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් දැනට වසා දමා ඇති ඉන්දීය සිනමාශාලා නැවත ජූනි 30 වන දින විවෘත කිරීමට

ඉන්දියාවේ මල්ටිප්ලෙක්ස් සංවිධානය සැළසුම් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව නව බොලිවුඩ් සිනමාවේ රසිකයන්ට ඉලෙක්ට්‍රොනික් ටිකට් පාවිච්චි කරන්නට සිදුවන අතර සිනමා ශාලාව ඇතුලත පවුල් අතර ආසන හිස්ව තබා ගැනීට සිදු වනු ඇත.

අගුල් දැමීම නිසා බොලිවුඩ් සිනමාවට ඩොලර් මිලියන 100 ක බොක්ස් ඔෆිස් ආදායම අහිමි විය.

”සමීප නැටුම් නැත, අත් අල්ලා ගැනීම් නැත, සිප ගැනීම් අනිවාර්යෙන්ම නැහැ.”

Regal

වසරකට චිත්‍රපට 1800 කට වඩා නිපදවමින් ඩොලර් බිලියන 2.1 පමණ ආදායමක් ඉන්දියානු ආර්ථිකයට එකතු කරන ඉන්දියානු සිනමාව වෛරසයත් සමග සමාජ දුරස්ථ බාවයට මුහන දෙනුයේ ඉහත වෙනස්කම් සමගය.

කෙසේ වෙතත් නිශ්පාදන කාර්ය මණ්ඩලය අඩු කිරීම, නළු නිළියන් දුරස්ථව හැසිරවන අතර දර්ශණ තලයෙදීම ශරීර උෂ්ණත්වයන් පරික්ෂා කිරීම සිදු කරන අතර සැමවිටම රූපගත කිරීම් අසල ගිලන් රථයක් සූදානම්ව තිබෙනු ඇත.

පෙර පරිදි විශාල නැටුම් කණ්ඩායම් සහ පෙම්වතා සහ සමීපව පෙම් කරන දර්ශණ හෝ සිප ගන්නා දර්ශණ අනාගත බොලිවුඩ් සිනමාවේදී ඔබ නොදකිනු ඇති මුත් නැවත කුමන ආකාරයකින් පැමිණියත් උමතු ඉංදියානු ප්‍රේක්ශකයින් එය ආදරයෙන් වැළඳ ගන්නා බව නිසැකය.

”දිනකට මිලියන පහලොවක් එනම් සමස්ත ඉන්දීය ජනගහනයෙන් සියයට එකක් ජනතාව වෛරසයට පෙර දිනපතා සිනමා ශාලාවලට පැමිණි අතර චිත්‍රපට නැරඹීම සහ නළු නිළියන් පිළිබඳ කතා කිරීම ඉංදියාවේ ජාතික විනෝදාංශයයි.” බොලිවුඩ්හි අබුන්ඩන්ටියා එනටර්ටේනට්මන්හි විධායක නිළධාරී වික්‍රම් මල්හෝත්‍ර පවසයි.

”ඉංදියාවේ සිනමා තරු වෙනුවෙන් කෝවිල් ඉඳිකර ඇති අතර සිනමා තරු ඔවුන්ගේ දේවතාවන්ට වන්දනා කරනවා මෙන් ඔවුන්ගේ රසිකයන් ඔවුන්ට වන්දනා මාන කරනව.” ඔහු වැඩි දුරටත් පැවසීය.

(winddirectionlanka.com)