Sunday, September 22, 2024
Home Blog Page 100

කරවල නිෂ්පාදනයත් අද අරගලයක් …

0

කරවල නිෂ්පාදනය අද සැබැවින්ම අරගලයක් බවට පත්ව ඇත්තේ එයට බලපා ඇති විවිධ හේතුන් නිසාවෙනි.
ප්‍රමිතියකින් යුත් මසුන් සපයා ගැනිම ගුණාත්මක කරවල නිෂ්පාදනයට ඇති ප්‍රබල බාධාවකි.
සැබැවින්ම කරවල නිෂ්පාදනයට යොදා ගැනෙන්නේ අලෙවි කරගත නොහැකි අඩු ප්‍රමිතියකින් යුත් මසුන්ය.
මේ මසුන් මිනිස් පාරිහෝජනයට ඇත්තටම සුදුසුදැයි යන්නද බරපතල ගැටලුවකි.
මේ පිළිබදව සොයා බැලිමට විධිමත් වැඩපිළිවෙලක් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් යෙදිය යුතුව තිබුණද එවැන්නක් සිදුවන බවක් නොපෙනේ.

ලියාපදිංචි නොකළ මූල්‍ය ආයතන 500ක් රට පුරා

නීති විරෝධීව රට පුරා කල්බදු සමාගම් පන්සියකට ආසන්න ප්‍රමාණයක් සෑම ප්‍රධාන නගරවලම පිහිටුවා ඇති බවට තොරතුරු වාර්තා වේ.

මහ බැංකුවේ ලියාපදිංචි නොකළ එම මුල්‍ය ආයතන සමූපකාර සමිති ලෙසට මුවා වී ක්‍රියාත්මක කරන ඒවාද වේ.තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර ලෙස පවත්වාගෙන යන එම ආයතන මගින් ප්‍රාදේශීය විවිධාංගීකරණය යටතේ ණය පහසුකම්, අධික පොලියකට ලබා දෙයි.

කෘෂිකාර්මික ප්‍රදේශවල මෙවැනි නීති විරෝධී මූල්‍ය ආයතන පවතින අතර ගොවීන්ට අවශ්‍ය ගොවි උපකරණ ලබා ගැනීම සඳහා ද නාගරික ප්‍රදේශවල යාන වාහන හා ගේදොර ඉඩම් මිලදී ගැනීමටද අවශ්‍ය ණය පහසුකම් ලබා​ දෙයි. එසේ ණය ලබාගත් ගනුදෙනුකරුවන් ඒවා පැහැර හැරීමේදී නීති මගින් කටයුතු කරනු වෙනුවට ප්‍රදේශයේ නමගිය සංවිධානාත්මක අපරාධකාරයන් ලවා එම දේපොළ අත්පත් කර ගැනීමට කටයුතු කරන බව ප්‍රසිද්ධියට පත්ව තිබේ. කෙසේ වෙතත් එවැනි පැහැර හැරීම් වෙතොත් ළඟම ඇති පොලිසිය මගින් නීත්‍යානුකූලව කටයුතු කළ යුතු වුවත් එම දේපොළ අත්පත් කර ගැනීමට යෑමේදී සහ අදාළ සමාගම් සමග ඇති වූ ගැටුම්වලින් ගෙවුණු වසර කිහිපයේදී පුද්ගලයන් තිදෙනකු පමණ මියගොස් තිබේ.

මෙම ලීසිං සමාගම්, මහ බැංකුව මගින් නියාමනය කිරීමට අමතරව එම දේපොළ අත්පත් කර ගැනීමට සිටින කණ්ඩායම්ද සමාගම යටතේ ලියාපදිංචි පුද්ගලයන් වශයෙන් සඳහන් කිරීමෙන් ඇති වන ගැටලු නිරාකරණය කර ගත හැකිය. මහරගම ඇඹුල්දෙණිය ප්‍රදේශයේ ඝාතනයට ලක් වූ ස්වයං රැකියා ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධනටද මෙම අවාසනාවන්ත සිදුවීමට ගොදුරු වීමට සිදුවූයේ ලියාපදිංචි නොකළ මූල්‍ය ආයතනයක සේවක පිරිසක් එල්ල කළ ප්‍රහාරයකිනි.

චමින්ද සේනාරත්න

අපට ඔවුන්ව දැනේ. මක්නිසාද අප එකී වෙනස්කමි වලට මුහුණ දී ඇත්තෙමු

0

 

උපාලි ජයසිංහ Article Updated: June 11, 2020 Leave a comment

එක්සත් ජනපදයේ මෙන් වෙනස් කොට සැලකීම අවසන් කරන ලෙස ඉන්දියාවේ ‘දලිතයින්’ හඩ නගත්.

සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් මිනිත්තු නවයකට ආසන්න කාලයක් දණ නමා ගෙල සිරකර මරාදැමූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට ප්‍රතිචාර වශයෙන් බ්ලැක් ලයිව්ස් මැටර් විරෝධතාවන්ට සහය දුන් බව ‘දලිත්’ උද්ඝෝෂකයෝ කියා සිටියි.

‘‘ මක්නිසාද අපට ඔවුන්ව දැනේ. අපද එකී වෙනස්කමි වලට මුහුන දී ඇත්තෙමු ‘‘ ඔවුහු පැවසූහ.
ඉන්දියාව 1955 දී කුලය පදනම් කරගත් වෙනස්කම් කිරීම තහනම් කළේය. එහෙත් දිලිත් හා අඩු වරප්‍රසාද ලත් කුල කණ්ඩායම්වල සාමාජිකයින්ට එරෙහිව පුරාණ පක්ෂග්‍රාහීත්වය දිගටම පවතින අතර ඔවුන්ට අධ්‍යාපනය හා රැකියා ලබා ගැනීම සහ නිවාස මිලදී ගැනීම අතිශය දුෂ්කර වේ.

වැසිකිළි වලවල් ඉවත් කිරීම, කුණු කානු පද්ධති පවිත්‍රකිරීම හෝ මළ සිරුරු බැහැර කිරීම වැනි “අපිරිසිදු” කාර්යයන් ඉටු කිරීමට ඇතැම් විට බල කෙරුණු දලිතයන් සහ උපලේඛනගත ගෝත්‍රිකයන් – බොහෝ විට හුදෙකලා හෝ අවාසි සහගත ආදිවාසීන් ටය. ඉන්දියාවේ ජනගහනයෙන් හතරෙන් එකක් එනමි බිලියන 1.3 වේ. “සෑම ජීවිතයක්ම වැදගත් බව ජනතාව තේරුම් ගත යුතුයි.“අප්‍රිකානු ඇමරිකානුවන්ගේ අරගලයෙන් ඉන්දියානු ‘දලිතයන්’ ඓතිහාසිකව බොහෝ දේ ඉගෙන ගෙන තිබේ” යැයි දිලිත් කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන ‘රූත් මනෝරාමා’ රොයිටර් පුවත් සේවයට පැවසීය.

ඉන්දියාවේ ආඛ්‍යානයට අභියෝග කිරීමටත්, දිලිත්වරුන්ගේ මර්දනය ගැන කතා කිරීමටත් මෙය හොඳ අවස්ථාවක්. COVID-19 වසංගත සමයේදී පවා දලිත් කුලයේ මිනිසුන්ට ආධාර දීම ප්‍රතික්ෂේප කිරීම වෙනස් කොට සැලකීමක් ලෙස දැකිය හැකිය. ඉන්දියාවේ දැඩි අගුලු දැමීමෙන් දරුණු ලෙස පීඩාවට පත්ව ඇත්තේ දලිතයන් වන අතර, බොහෝ විට දේශීය බෙදාහැරීමේ ස්ථානවල ආහාර හෝ මූල්‍ය ආධාර ලබා ගැනීම සඳහා ඔවුන්ගේ වාරය එනතුරු වැඩි කාලයක් බලා සිටීමට සිදු වූ අතර,පසුව ඔවුන්ව හරවා යැවූ බව ඇය කීවාය.

“දිලිත් හා සුළු ජාතීන්ගේ ජීවිතද වැදගත්” බව අවධාරණය කරමින් 300 දෙනෙකු පමණ පෙත්සමකට අත්සන් තබා ඇති අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා සිටින්නේ “කුල භේදයත් වාර්ගික වෙනස්කම්වලින් එකකි” යනුවෙනි.

වසර 15 ක් නොකඩවා පැවැත්වු ලංකා පටුනේ ආදිවාසි ජනයාගේ කතරගම පාද වන්දනාව මෙවර අතර මග නවති ……

0

freddy 3 days ago

වසර 15 පුරාවට ත්‍රිකුණාමලයේ ලංකාපටුනේ වෙසෙන ආදි වාසි ජනයාගේ කතරගම ගම වන්දනාව මෙවර අතර මග නතර කර දැමිමට ඔවුන් සිදුව තිබේ.
ඒ කොවිඩ් වෛරස් තත්වය නිසා බව ආරක්ෂක අංශ විසින් ඔවුන්ට අවසර ලබා දි නොතිබිම හේතුවෙනි.මැයි 21 වනදා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ  ලංකා පටුන නෙන්  ආරම්භ වූ කතරගම වෙත පාද  වන්දනා ගමන  දින 11 කට පසුව  වලයිචෙනෙයි කයිලායි පිල්ලෙයි කෝවිලට පැමිණියහ.

ත්‍රිකුණාමලයේ ලංකා පටුනේ  මුරුගන් කෝවිල් හි බැතිමතුන් 35 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම පාද වන්දනා ගමනට එක්ව සිටිති.
පසුගිය වසර 15 ක කාලය තුළ වන්දනා චාරිකාව සිදු වෙමින් පවතින බවත්, ඔවුන්ගේ ගෙවිය යුතු ණය වෙනුවෙන් කතරගම දෙවියන් වෙත  මෙම ඉල්ලීම කරන බවත් සමූහය භාරව සිටින තා දුරිචමි දිවිට මහතා මාධ්‍ය හමුවේ පවසා තිබුණි.
සුප්‍රකට කතරගම දේවාලයේ මංගල්‍යය ලබන ජුලි 20 වෙනිදා ආරම්භවිමට නියමිත අතර එය අගෝස්තු 4 වෙනිදා දක්වා පැවැත්වේ.
වසර 15 ක් තිස්සේ තම ජනයා විසින් කරගෙන ආ මේ පාද වන්දනා ගමන අතර මග බාධා පැමිණවිම ගැන ඒ සැමට තිබුනේ දැඩි කලකිරිමකි.
කෙසේ වෙතත් කතරගම දෙවියන් හමුවේ වාර්ෂිකව ඔප්පු කෙරෙන තමන්ගේ භාරය මෙවර ඔප්පු කිරිමට පසුබිමක් නොතිබිම හේතුවෙන් දැඩි කලකිරිමකට පත්ව සිටින මේ වන්දනා පිරිස මඩකලපුවේ දන්ත මුරුගන් කෝවිලට යාමට තිරණය කර තිබේ.
ඡායා සහ සටහන – රුද්‍රන්
පාසිකුඩා

දේශපාලන බලවතුන්ගේ වැලි මාෆියාව……

0

freddy 17 hours ago

වැලි යනු දේශපාලන බලවතුන් විසින් මෙහෙයවන දැවැන්ත මාෆියාවක් බවට පත්ව තිබේ.එක් එක් කලාප වල මෙයට අරක් ගත් මාෆියා නායකයෝ සිටිති.ඒ අය  විසින් දැවැන්ත ලෙස මේ ජවාරම කරගෙන යති.
විශේෂයෙන්ම වත්මන් රාජපක්ෂ පාලනය බලයට පැමිණිමෙන් පසුව සිදුව තිබෙන්නේ එය පිමි පනිමින් වර්ධනය වෙමින් තිබිමය.
සිය පාලනය තහවුරු කරගැනිම සදහා අවැසි තුනෙන් දෙක වෙනුවෙන් මේ වැලි මාෆියාකරුවනට අතදිගහැර සහය දෙන්නට මේ පාලකයෝ පසුගිය කාලය පුරා නිති රිති පවා ලිහිල් කළහ.
මහවැලි ගඟේ මනම්පිටියේ වැලි නිධිය මේ වනවිට දේශපාලන බලවතුන්ගේ මාෆියාවක් බවට පත්වී ඇතැයිදඑම නිසා එය නතර කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය වහා පියවර ගතයුතුයැයි මනම්පිටිය වැලි නිධිය සුරැකීමේ සංවිධාන එකමුතුව අද(13) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා ඇති බව ලංකාදිප වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.

දිඹුලාගල,මනම්පිටිය ප්‍රදේශවල වැලි ගොඩ දැමීම ජීවිකාව කරගත් විශාල පිරිසකට අද එම ජීවනෝපාය අහිමිවී ඇතැයිද දිඹුලාගල ප්‍රාද්ශීය සභාවට බදු වශයෙන් වර්ෂයකට ලැබිය යුතු රුපියල් කෝටි දෙකකට වැඩි මුදලක් මේ වනවිට නොලැබී යන බවද වැඩිදුරටත් එහි සඳහන්ය.මනම්පිටිය වැලි නිධිය සුරැකීමේ සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ටී.බී.සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මනම්පිටියේදී මේ මාධ්‍ය හමුව පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ ටී.බී.සරත් මහතා මෙසේද පැවැසීය.

“පහුගිය අවුරුදු15ක විතර කාලය තුල මනම්පිටි වැලි ගොඩ දැමීමේ මධ්‍යස්ථානය දේශපාලන බලවතුන්ගේ ගොදුරක් බවට පත්වෙලා තිබෙනවා.බලයට පත්වෙක සෑම දේශපාලන බලවතෙක්ම මේ මනම්පිටිය වැලි නිධිය ගොදුරක්, උරුමයක් බවට පත්කර ගන්නවා.වර්තමාන ආණ්ඩුව බලයට එනකොට මේ ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා පොලොන්නරුවේ ක්‍රියාකාරීව මැදිහත් වෙච්ච දේශපාලන අධිකාරිය අද මේක ගොදුරක් බවට,ඉල්ලමක් බවට පත්කරගෙන තිබෙනවා.මේකට ප්‍රධාන වශයෙන්ම වගකියන්න ඕන අද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ දේශපාලනයට නායකත්වය දෙන රොෂාන් රණසිංහ මහත්තයා.ඔවුන් මේ වැලි මාෆියාව නතර කරන්න ඕන.

මොකද?ඔවුන් එවකට හිටපු ජනාධිපති තුමාගේ වැලි මාෆියාව නතර කරන්න තමයි බලය ඉල්ලුවේ.හැබැයි එදා තිබුණු මාෆියාව අද දෙගුණයකින් වැඩි වෙච්ච එකක් බවට පරිවර්තනය වෙලා තියෙනවා.විශේෂයෙන්ම ගත්තොත් මහවැලි ගඟ ආශ්‍රිත මේ වැලි නිධිය මහා ලොකු කළමනාකරණයක් නෙවෙයි කරන්න තියෙන්නේ.වැලි ටික තියෙනවා.ගොඩදාන මිනිස්සු ඉන්නවා.බෝට්ටු තියෙනවා.සේවකයේ ඉන්නවා.ගොඩදාන එක කළමනාකරණය කරන්න සමාගමක් තියෙනවා.

ඒ වැලි ටික නියමිත පරිදි ප්‍රවාහනය කරන ලොරි රථ සංගම්වලට ක්‍රමානුකූලව ලබාදීම මෙතැන කරන්න තියෙන්නේ.හැබැයි එහෙම ලබා දෙනවා වෙනුවට මේකට දේශපානඥයො පැනලා වළං කඬේට පැනපු ගොන්නු වගේ මේක විනාශ කරනවා.මේ වැලි නිධිය ආශ්‍රිතව ප්‍රවානහය කරන ලොරි රථ 2000කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා.හැබැයි වැලි නිධියෙන් දවසකට ගොඩදාන්න පුළුවන්කම තියෙන්නේ වැලි ලොරි 200-250ක් අතර ප්‍රමාණයකටසමාගමට තියෙන්නේ මේක ටෝකන් ක්‍රමයකට බෙදල දෙන එක.නමුත් හැමදාම කරන්නේ තමන්ගේ ලොරි 75ක් 100ක් ඇතුලු කරන එක.

මේ දේශපාලන බලවතුන් එක ලොරියකින් රුපියල් 5000ක් අය කරනවා.කොළඹට ගියත් පොලොන්නරුවට ගියත් ඒ රුපියල් . 5000 එකතු වෙනවා.වැලි මිළදී ගන්න කෙනා තමයි මේ රුපියල් 5000 ගෙවන්න ඕන.ඒ ලොරි 75ට 100ට හැමදාම වැලි හම්බවෙනවා.

සමාගමට පිටින් තැරැව්කාරයෝ මේ මුදල් එකතු කරන්නේ.අනෙක් ලොරිවලට සතියකට එකක් නෑ.මේ වැලි නිධියෙන් අහිංසක විදියට ජීවත් වුණු 2000 කට 3000කට එයින් ජීවත් වෙන්න නොදී තමන්ගේ දේශපාලන ගොදුරක් බවට පත් කර ගත්ත මේ ක්‍රියාවලිය හරි අසාධාරණයි. 2015 බලයට පත්වුණු ආණ්ඩුව,ඒ ආණ්ඩුවෙ හිටපු දේශපාලන අධිකාරිය,දේශපාන බලවත්තු මේ වැලි නිධිය මේ ආකාරයට හොරකම් කලා,වංචාකලා,දූෂණය කලා.

දේශපාලන නායකයන්ගේ ගෝලයෝ,තරැව්කාරයෝ තමයි ලාභ ඉපැයුවේ පැත්තකට වෙලා ඉඳගෙන.අපි රොෂාන් රණසිංහ මහත්තයාගෙන් අහනවා ඇයි මේ මාෆියාවට දේශපාලන නායකත්වය දෙන්නේ.ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට අපි අවධාරණය කරනවා මෙය නතර කිරිමට හා පියවර ගතයුතුයි කියලා. එය නතර කරනතුරු මේ වැලි නිධිය සුරැකීමේ ව්‍යාපාරය තුල අපි දිගින් දිගටම ඉන්නවා.”

මනම්පිටිය වැලි නිධිය සුරැකීමේ සංවිධානයේ සභාපති සංජීව බන්දුසේන,දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ගයාන් චතුරංග යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වුහ..
මුලාශ්‍රය – ලංකාදිප

ඉන්දීය සුපිරි නළුවෙක් සියදිවි නසා ගනියි

0

June 14, 2020   04:39 pm AddThis Sharing ButtonsShare to FacebookShare to TwitterShare to EmailShare to LinkedInShare to PinterestShare to WhatsAppShare to Viber

බොලිවුඩ් නළු සුශාන්ත් සින්ග් රාජ්පුත් සියදිවි හානිකරගෙන තිබේ.

මුම්බායිහි පිහිටි සිය නිවසේ දී ඔහු සියදිවි හානිකරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 

මිය යන විට 34 හැවිරිදි වියේ පසුවු සුශාන්ත්සින්ග් සිය පවුලේ සාමාජිකයින්ගෙන් වෙන්ව තනිව නිවසක වාසය කර ඇති අතර ඔහු පසුගිය දිනවල කිසියම් ගැටලුකාරී තත්ත්වයකින් පසුවී ඇති බවට ද නිරීක්ෂණය වී ඇති බව සඳහන්. 

ටෙලි නාට්‍ය මාලාවන් හරහා රංගන දිවියට පිවිසි සුශාන්ත් සින්ග් පසුව චිත්‍රපට රංගනයට යොමු වීය. 

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක එම්.එස්.දෝනිගේ චරිතාපදානය මූලික කරගත් චිත්‍රපටයේ දෝනිගේ චරිතය නිරූපනය කිරීමේ අවස්ථාව ඔහුට හිමි විය. 

සුශාන්ත් සින්ග්ගේ හිටපු කළමනාකාරවරිය ද පසුගිය සතියේ සියදිවි හානිකරගෙන තිබූ අතර එය ඉතා සංවේගජනක පුවතක් බව සුශාන්ත්සිං සිය ටිව්ටර් ගිණුමේ සටහනක් ද තබමින් ප්‍රකාශ කර තිබුණේය.

විශ්වවිද්‍යාල වැසුවත් මහපොළ දිගටම

June, 12, 2020

සමස්ත විශ්වවිද්‍යාල සංඛ්‍යාවෙන් 50% ක් පමණ එනම් සිසුන් 60,000කට ආසන්න සංඛ්‍යාවක් මහපොළ ශිෂ්‍යත්වය ලබා ගනී. එක් ශිෂ්‍යයෙකුට මාසිකව රු. 5,000 ක් බැගින් ලබා දෙන අතර ඒ සඳහා රු. මිලියන 160ක මුදලක් මාසිකව වැය කරනු ලබයි. එම මුදලින් 51%ක් මහපොළ අරමුදලින් ද, ඉතිරි 49% මහා භාණ්ඩාගාරය විසින් ද දරනු ලබයි.

විශ්වවිද්‍යාල වසා තැබුණ ද දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේද මගින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සිදුකරන බැවින්, නේවාසිකාගාර ගාස්තු, දුරකතන ගාස්තු වැනි වියදම් දැරිය යුතුව ඇති බව සැලකිල්ලට ගෙන, යෝග්‍ය පරිදි අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීමෙන් අනතුරුව නියමිත පරිදි මහපොළ ශිෂ්‍යත්වලාභීන් වෙත අදාළ ගෙවීම් සිදුකිරීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

සෙලින්කෝ ලයිෆ් ජුනි මාසය පුරා දිවයින වටා සෞඛ්‍ය රක්ෂණය ප‍්‍රවර්ධනය කරයි

June, 12, 2020

දැඩි අවධානයක් යොමුකළ යුතු දත්ත හමුවේ මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා මහජනයා දැනුවත් කිරීමේ දැවැන්ත ප‍්‍රවර්ධන වැඩසටහනක් අරඹයි

යමෙකු වසර විස්සක් පුරා ඉතිරි කරගත් මුදල් එක් හදිසි ශල්‍යකර්මයකට බරපතල රෝගයකට වැයවිය හැකිවීම මෙරට ජීවන යථාර්තය වන නිසාවෙන් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් මේ ජුනි මාසයේදී දිවයින පුරාම පුද්ගලික සෞඛ්‍ය රක්ෂණය ප‍්‍රවර්ධනය කිරීමට කටයුතු යොදා තිබේ.

රාජ්‍ය සෞඛ්‍ය සේවයට දරාගත නොහැකි තරමේ රෝගීන් ප‍්‍රමාණයක් පැමිණීම හේතුවෙන් මේ වනවිට හෘද ශල්‍ය කර්ම සිදුකිරීම සඳහා මෙරට 5000 ක පමණ පිරිසකට රැඳී සිටීමට සිදුවී ඇත. මේ නිසා, සෙලින්කෝ ලයිෆ් විසින් මෙම ප‍්‍රවර්ධනය තුළින් ගැඹුරින් සිතා බැලීමට වටිනා, ඉතාමත් වැදගත් පැනයක් විමසනු ලබයි: වඩාත් වැදගත් වන්නේ ඔබගේ කාලයෙන් මිනිත්තු 20 ක් ඉතිරි කරගැනීමද? නොමැති නම් ඔබ වසර 20 ක් පුරා ඉතිරි කරගත් මුදල් රැක ගැනීමද? යන්න එම පැනයයි.

මෙම ප‍්‍රවර්ධන වැසටහන මගින් ඉලක්ක කරන්නේ සේවා නියුක්ත හෝ ස්වයං රැකියා කරන වැඩිහිටියන් වෙත පුද්ගලික සෞඛ්‍ය රක්ෂණාවරණය ප‍්‍රවර්ධනය කිරීමයි. මෙහිදී, ඔවුන්ගේ වේලාවෙන් විනාඩි 20 ක් ගෙන සමාගම විසින් ඉදිරිපත් කර තිබෙන පුද්ගලික සෞඛ්‍යාවරණ පිළිබඳව සමාගමේ නියෝජිතයෙකු සමග මේ ජුනි මාසය තුළදී සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ. මෙමගින් බලාපොරොත්තු වන්නේ ඉදිරියේදී ඇතිවිය හැකි සෞඛ්‍ය අවධානම් සඳහා මුහුණදීමට මුදල් ඉතිරි කිරීමටයි. උදාහරණයක් ලෙස වකුගඩු බද්ධ කිරීමේ ශල්‍ය කර්මයක් සිදුකිරීමට පමණක් රුපියල් මිලියන 1.8ක පමණ මුදලක් අවශ්‍ය වේ.

‘කොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මාස කීපයක් තුළදී මුළු ලෝකයම වෙනස් වුණා,’ යනුවෙන් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, තුෂාර රණසිංහ මහතා පැවසීය. ‘කෙනෙකුට ජීවිතයේදී ඉතාමත් දරුණු රෝගාබාධයකට මුහුණ දීමට සිදුවුවහොත් එයින් තමන්ගේ පවුලට විශාල බරක් වෙන්න පුළුවන්. නැත්නම් තමන් මහන්සියෙන් ඉතිරි කරගත් මුදල් ඒ සඳහා වැයවෙන්න පුළුවන්. වර්තමාන තත්ත්වය තුළ මේ අවධානම අපිට පැහැදිලිවම පේන්න තිබෙනවා. මේ නිසා, සෞඛ්‍ය රක්ෂාවරණයක් ගැනීම ජනතාවගේ සුරක්ෂිතතාවයට අත්‍යවශ්‍යයි. තවමත් මේ සුරක්ෂිතතාවය තිබෙන්නේ ශ‍්‍රී ලාංකිකයින් සුළු පිරිසකට පමණයි.’

සමාගම විසින් 2020 ජුනි මාසය සෙලින්කෝ ලයිෆ් ‘සෞඛ්‍ය රක්ෂණය දැනුවත් කිරිමේ මාසය’ ලෙසින් නම්කර තිබෙන්නේ සමාගම විසින් මේ වනවිටත් පවත්වාගෙන යන බොහෝ ප‍්‍රතිඵල ලබාගත් මේ ආකාරයේ වැඩසටහන් ආදර්ශයට ගනිමිනි. සමාගම විසින් පෙබරවාරි 11 වනදා සිට 17 වනදා දක්වා සෙලින්කෝ ලයිෆ් ‘ජීවිත රක්ෂණ සතිය’ ලෙස වසර ගණනාවක් පුරා නම්කර තිබෙන අතර සෑම වසරකම මැයි මාසය ‘විශ‍්‍රාමික සැලසුම් මාසය’ ලෙසින් නම්කර තිබේ.

මේ ජුනි මාසය තුළදී සමාගමේ 4000 ක් පමණ වන අලෙවි කණ්ඩායම මෙරට දිස්ත‍්‍රික්ක 25 ආවරණය කරමින් සෞඛ්‍ය රක්ෂණය පිළිබඳව දැනුවත් කරමින් ප‍්‍රවර්ධන කටයුතු සිදුකරනු ඇත. මේ සඳහා සමාගම විසින් දත්ත භාවිතා කරන අතර 2015 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක‍්‍රමවේදය භාවිතා කරමින් සිදුකළ කළ බෝ නොවන රෝග අවධානම් සාධක සමීක්ෂණය මගින් අනාවරණය කරගෙන තිබෙන්නේ මෙරට වැඩිහිටි ජනගහනයෙන් 7.4% ක පුද්ගලයින් ප‍්‍රමාණයක් අධික දියවැඩියාවෙන් හෝ දියවැඩියාව සඳහා ඖෂධ ලබාගනිමින් සිටින බවයි. එසේම, මෙරට වැඩිහිටි ජනගහනයෙන් හතරෙන් එකක ප‍්‍රමාණයකට කොලෙස්ටරෝල් වැළඳී තිබෙන බවත් 26% ක ප‍්‍රමාණයකට අධික රුධිර පීඩනය වැළඳී තිබෙන බවත් මෙම සමීක්ෂණය මගින් අනාවරණය කරගෙන තිබේ. මේ ආකාරයෙන් බෝ නොවන රෝග වර්ධනය වීමට හේතුවී තිබෙන්නේ ව්‍යායාම කිරීම අඩුවීම මෙන්ම මෙරට පිරිමි පුද්ගලයින්ගෙන් තුනෙන් එකක ප‍්‍රමාණයක් දෛනික පදනමින් දුම්පානය සඳහා ඇබ්බැහිවී සිටීම සහ 35% ක් පමණ දෛනික පදනමින් මත්පැන් පානය සඳහා ඇබ්බැහිවී සිටීම යන හේතුයි.

ශ‍්‍රී ලංකාවේ සිදුවන මරණ වලින් 75% ක් පමණ බෝ නොවන රෝග නිසා සිදුවන අතර මෙරට බෝ නොවන රෝග වලින් මරණයට පත්වන පුද්ගලයින්ගෙන් 17.7% ක පමණ ප‍්‍රමාණයක් මිය යන්නේ අවුරුදු 70 කට පෙරදී බව මෙහිදී අනාවරණය කරගෙන ඇත. මෙහිදී, යහපත් ප‍්‍රවෘත්තිය වන්නේ මෙම බෝ නොවන රෝග සඳහා ප‍්‍රතිකාර කළ හැකි වීමයි. බොහෝදෙනෙකු සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබාගැනීම මගින් බෝ නොවන රෝග වලින් මියයන ප‍්‍රමාණය අඩුකර ගතහැකි අතර මෙම අර්බුදය කළමනාකරණය කරගැනීමට අවස්ථාව උදාවේ. මාසයක් පුරා දිවෙන මෙම සෞඛ්‍ය රක්ෂණය පිළිබඳව දැනුවත් කිරීමේ මාසයේදී සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් මෙම පණිවුඩය සමාජයට ප‍්‍රවර්ධනය කරනු ඇත.

රජයේ රෝහල් මගින් බෝ නොවන රෝගාබාධ සඳහා ප‍්‍රතිකාර ලබාගැනීමේදී බොහෝ අවස්ථාවල කාලයක් බලා සිටීමට සිදුවන අතර ඇතැම් අවස්ථාවල අවශ්‍ය මානව සම්පත, උපකරණ සහ ඖෂධ පවා ප‍්‍රමාණවත් පරිදි ලබාගැනීමට නොහැකි වේ. පුද්ගලික අංශයෙන් මේ සඳහා අවශ්‍ය ප‍්‍රතිකාර ලබාගැනීමට හැකියාව තිබුණද එම ප‍්‍රතිකාරවල පිරිවැය ඉහළ මට්ටමක ඇත. උදාහරණයක් ලෙස හෘද සැත්කමක් කිරීමට රුපියල් 700,000 ක් පමණ වැයවන අතර මොළයේ ශල්‍ය කර්මයක් සිදුකිරීමට රුපියල් මිලියන 1.5 කට වැඩි මුදලක් වැයවේ. ආඝාත රෝගියෙකුට ප‍්‍රතිකාර කිරීමට රුපියල් මිලියනයකට ආසන්න මුදලක් වැයවන බව අනාවරණය වේ.

මේ නිසා, සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබාගනිමින් ජීවිතය සුරක්ෂිත කර ගැනීම ඉතාමත් වැදගත් වේ.

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 32 තුළ වසර 16 ක්ම මෙරට ජීවීත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබේ. 2020 වසරේදී ස්ලිම්-නීල්සන් විසින් පිට පිටම 14 වන වසරටත් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින් සෙලින්කෝ ලයිෆ් සමාගම සම්මානයට පාත‍්‍රකළ අතර 2019 වසරේදී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙසින් බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් සමාගම තෝරා ගන්නා ලදී. එසේම, 2019 වසරේදී ICCSL විසින් මෙරට ගෞරවණීයම සමාගම් 10 ලයිස්තුවටද සමාගම ඇතුළත් කළ අතර 2019 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් පිට පිටම හයවන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසත් බිස්නස් ටුඬේ වර්ගීකරණයේදී සමස්තයක් වශයෙන් මෙරට ප‍්‍රධානතම සමාගම් 30 අතුරන් 06 වන ස්ථානයටත් සමාගම තෝරා ගන්නා ලදී.

සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

පාරිභෝගිකයාට සහන රැසක් ලබා දෙමින් Huawei Service Mid-year Fiesta දියත් කරයි

June, 10, 2020

ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයන් වන Huawei විසින් දේශීය පාරිභෝගිකයින් ඉලක්ක කර ගනිමින් ඔවුන්ට සහන සැපයීමේ අරමුණ ඇතුව පසු ගිය කාලය පුරාවට විවිධ සහන වැඩසටහන් රැසක් ඉදිරිපත් කෙරිණි. එහි තවත් එක අදියරක් ලෙස පාරිභෝගිකයාට උසස් තාක්ෂණික අත්දැකීමක් ළඟා කරලීමේ අරමුණ ඇතුව  ජුනි මස පළමු වනදා සිට ජූලි මස 31 වනදා දක්වා ක්‍රියාත්මක වන ‘’Huawei Service Mid-year Fiesta’’ වැඩසටහන දියත් කිරීමට Huawei සමාගම කටයුතු කර ඇත. මෙම වැඩසටහන හරහා සියලුම Huawei ස්මාර්ට් දුරකථන අලුත් වැඩියා කිරීම් (Repairs) සඳහා ඉහළ වට්ටම් සහ වටිනා ත්‍යාග හිමි කර ගැනීමේ අවස්ථාව Huawei පාරිභෝගිකයින්ට හිමි වේ.

මෙම වැඩසටහන හරහා දුරකථන අලුත් වැඩියා කිරීම උදෙසා Huawei සේවා මධ්‍යස්ථාන වෙත යන සියලුම පාරිභෝගිකයින්ට තෝරාගත් Huawei ස්මාර්ට්ෆෝන් අමතර කොටස් සඳහා 20% ක සුවිශේෂී වට්ටම් සහ නොමිලයේම screen protective film ඇතුළු විවිධ ත්‍යාග හිමි කර ගැනීමේ අවස්ථාව හිමි වේ. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කල යුතු දෙය නම්, සියලුම දුරකථන අළුත්වැඩියා කිරීම Huawei සහතිකලත් මොබයිල් ඉංජිනේරුවන් විසින් සිදු කරනු ලැබීමත්, සියලුම අලුත්වැඩියාවන් සඳහා මාස තුනක වගකීම් කාලයක් හිමි වීමත්ය.  තවද, මෙහිදී සියලුම battery replacements සඳහා විශේෂ වට්ටම් ද හිමි කර ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට හිමි වේ.

“සිය පාරිභෝගිකයින් මහත් උනන්දුවෙන් බලා සිටින සුවිශේෂී වැඩසටහනක් වන Huawei Service Mid-year Fiesta හරහා  පාරිභෝගිකයින්ට සහන රැසක් හිමි කර දීමට හැකි වීම පිළිබඳ අප සතුටට පත් වනවා. මෙම වැඩසටහන හරහා ඉතා අඩු මිලකට Huawei දුරකතනයන්ට  අවශ්‍ය අමතර උපාංග මිලදී ගැනීමේ අවස්ථාව සමගින් වටිනා ත්‍යාග හිමි කර ගැනීමේ අවස්ථාව හිමි කර දී තිබෙනවා. මෙවැනිම ආකාරයේ වැඩසටහන් රැසක් ඉදිරියේදී පාරිභෝගිකයා වෙත ළඟා කිරීමට අප සූදානම්. ළඟම ඇති Huawei සේවා මධ්‍යස්ථානය වෙත ගොස් මෙම අඟනා ප්‍රතිලාභ භුක්ති විඳීමට Huawei පාරිභෝගිකයින්ට හැකි වේ යයි අප බලාපොරොත්තු වනවා”. Huawei මෙරට ප්‍රධානී පීටර් ලියු මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේය.

තවද එලෙස සේවා මධ්‍යස්ථාන වෙත යාමට නොහැකි වන පාරිභෝගිකයින්ට සිය Huawei දුරකථනයන් තුල පෙර ස්ථාපනය කර ඇති Huawei support app හරහා විවිධ තාක්ෂණික සේවාවන් රැසක් ලබා ගත හැකිය.  සිය පාරිභෝගිකයන්ගේ තාක්ෂණික අත්දැකීම් තව දුරටත් පුළුල්  කිරීමේ අරමුණ ඇතුව Huawei Support App වෙත නවතම විශේෂාංග රැසක් එක් කිරීමට Huawei පසු ගියදා සමත් වූ අතර,  මෙම වැඩි දියුණු කල විශේෂාංග අතරට  Device center, online troubleshooting, smart diagnosis, locating service centers ඇතුළු තවත් ආකර්ෂණීය සේවාවන් රැසක් අයත් වේ.

Huawei Support App හි  නවතම Huawei Device center හරහා  Huawei උපාංගයන් කිහිපයක් වුවද එක් උපාංගයක් හරහා කළමනාකරණය කිරීමේ හැකියාව පරිශීලකයින්ට හිමි වන අතර ඒ අතර එක් එක් උපාංගයෙහි  device parameters, benefits, warranty සහ විවිධ සේවාවන්හි තත්ත්වය පරීක්ෂා කිරීමේ හැකියාවද ඒ තුළින් හිමි වේ.

Device center වෙත  Huawei උපාංගයන් එක් කිරීම සඳහා Support App වෙත පිවිස,  Me>MY DEVICES තෝරා  Device center වෙත ප්‍රවේශ විය හැකි අතර එහි දකුණු කෙලවරේ ධන ලකුණ click කිරීම මගින්  ඉතා පහසුවෙන්ම උපාංගයන් එක් කල හැකිය. තවද උපාංගය මත වූ  barcode අංකය හෝ  QR code scan කිරීම හරහා තවත් පහසුවෙන් උපාංගයන් එක් කිරීමේ හැකියාව පරිශීලකයාට හිමි වේ.

support app ඇතුලත් ‘’Help’’ option හරහා screen color distortion ගැටළු සඳහා පිළියම් දැන ගැනීම සහ බල පරිභෝජනය අවම කර ගැනීමේ ක්‍රම වේදයන් පිළිබඳ පාරිභෝගිකයාට දැනුවත් වීමේ අවස්ථාව හිමි වේ.  තවද පරිශීලකයාගේ device details තුල ඇති  barcode අංකය Huawei service center වෙත පෙන්වීම මගින් එහි කාර්ය මණ්ඩලයට ඔබගේ දුරකතනයේ ගැටළු සඳහා කඩිනමින් ප්‍රවේශ වීමේ හැකියාව හිමි වේ.

රැකියාවට කොළඹ එන මධ්‍යම පාන්තිකයන්ට ‘ස්ටුඩියෝ වර්ගයේ‘ කුලී නිවාස

June, 12, 2020

දුර බැහැර ප්‍රදේශවල සිට රැකියා සඳහා කොළඹට පැමිණෙන මධ්‍යම පාන්තිකයින්ට නවාතැන් ගැනීමට හැකි වන පරිදි කුලී පදනම මත වන ‘ස්ටුඩියෝ වර්ගයේ‘ නිවාස ඉදිකිරීම පිණිස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කර ඇත.

ඒ අනුව, ප්‍රධාන මහාමාර්ගයන් හා දුම්රිය මාර්ගයන් මඟින් සේවා සපයනු ලබන ප්‍රධාන නගර මධ්‍යස්ථානයන් හි සිට කිලෝමීට 3-5ක් ඇතුළත එවැනි නිවාස යෝජනා ක්‍රම ක්‍රියාත්මක් කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.