Sunday, September 22, 2024
Home Blog Page 10

රංජන්ට වැඩ වැඩිවෙයි !

0

හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සමගි ජන බලවේගයේ (SJB) කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙකු සහ SJB පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස පත් කිරීමට නියමිතයි. ට්විටර් සටහනක් තබමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

සමගි ජන බලවේගයේ දූෂණ විරෝධී වැඩපිළිවෙළට රන්ජන් රාමනායක නායකත්වය දෙන බව සජිත් ප්‍රේමදාස මහතා අද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

මේ අතර රංජන් රාමනායක දැනටමත් විදේශිය ශ්‍රමිකයන් අයිතින් සහ සුබ සාධනය වෙනුවෙන් කටයූතු කිරිම සදහා ඇමති මනුෂ විසින් ලබාදි ඇති තානාපති ධුරයේද වගකිම භාරගෙන ඇත.

නල්ලූර් කන්දස්වාමි කෝවිලේ තීර්ථසවම් උත්සවය

0

නල්ලූර් කන්දස්වාමි විහාරස්ථානයේ තීර්ථසවම් උත්සවය අද පැවැත්වුණා. නල්ලූර් කන්දස්වාමි විහාරස්ථානයේ වාර්ෂික මහෝත්සවය අගෝස්තු මස 2 වන දින කොඩි එසවීමෙන් ආරම්භ විය.
දින විසිපහක් පුරා පැවැත්වෙන මහෝත්සවය සිකුරාදා (26) සවස ධජය ආරම්භ වන අතර සෙනසුරාදා (27) සවස පාකාවන් පැවැත්වේ. එය ඉරිදා (28) පැවැත්වෙන වයිරවර් උත්සවයෙන් ද අවසන් වේ.

ඉන්ධන ලබාගැනිමට නැගෙනහිරත් දිගු පෝලිම් ….

0

ඉන්ධන ලබාගැනිම සදහා නැගෙනහිර පළාතේ නගර රැසකම දිගු පෝලිම් මේ දිනවල දක්නට ලැබේ.
කල්මුණේ, සයින්දමරුදු, මරුදමුන්‍ය, අම්පාර දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශවල බ්‍රහස්පතින්දා (25) රාත්‍රියේ සිට පෙට්‍රල් ලබා ගැනීම සඳහා ජනතාව ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණි අයුරු දක්නට ලැබිණි.



පසුගිය කාලයේ QR ක්‍රමය මඟින් සුමටව සිදු වූ ඉන්ධන සැපයුම හදිසියේ අඩාල වීම ජනතාව තුළ සුළු ආතතියක් ඇති කර තිබේ. . රට තුළ ඉන්ධන හිඟයක් ඇති වී ඇති බවට ද පුවත් පළ වී තිබීම ද මේ ආකාරයෙන් ඉන්ධන පෝලිම් ඇතිවිමට බලපා තිබේ.

දේවා – මඩකලපුව

ගෝඨාව ජාත්‍යන්තර යුද අධිකරණයට ඉදිරිපත්කළ යුතුයැයි උතුරේ මව්වරු කියති.

0

දෙමළ වර්ග සංහාරයට රටින් පලා ගොස් සිටින හිටපු ජනාධිපතිවරයා කටයුතු කළ බවට චෝදනා කරන යුද පීඩිත උතුරු නැගෙනහිර මව්වරුන් පිරිසක් ඔහු   ජාත්‍යන්තර යුද අධිකරණයට ඉදිරිපත්කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ලිපියක් යොමු කිරීමට යෝජනා ස්ථිර කරගෙන තිබෙන බව දි ලිඩර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

උතුරු නැගෙනහිර නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ වල නියෝජිතයන් කිහිප දෙනෙකු, සිවිල් සංවිධාන හා මානව හිමිකම් ක්‍රියාධරයන් ඇතුළු උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ ඥාතීන්ගේ දිස්ත්‍රික් සංවිධාන වල නියෝජිතයන් අගෝස්තු 20 වැනි සෙනසුරාදා වව්නියාව නගර සභා මණ්ඩපයේ පැවැත්වු සාකච්ඡාවකදී එම තීරණය ගත් බව එම පුවතේ තවදුරටත් සදහන්ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය සැප්තැම්බර් 12 වැනිදා සිට මාසයකට ආසන්න කාලයක් ජිනීවා නුවරදී මුළු දීමට නියමිතය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට අවශ්‍ය නිර්දේශ සමග මහ කොමසාරිස් මිෂෙල් බැෂලේගේ විශේෂ වාර්තාවක් එහිදී ඉදිරිපත් කරනු ඇත.

“දෙමළ ජන සංහාරයට සම්බන්ධ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පාර්ශවයන් ජාත්‍යන්තර යුද අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් කළ යුතුය,”යි මාධ්‍ය හමුවකට එක්වෙමින් උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක් වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ ලේකම් ලීලාදේවි ආනන්ද නඩරාජා සදහන් කළාය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 51 වැනි සැසිවාරය සදහා සිය යෝජනා ඇතුලත් ලිපි දෙකක් යොමු කිරීමට එම  සාකච්ඡාව සදහා එක් වු ක්‍රියාධරයන් තිරණය කර තිබේ.

ලීලාදේවි ආනන්ද නඩරාජා මාතාව වැඩි දුරටත් සදහන් කළේ ඉන් එක් ලිපියක් දෙමළ ජනතාව සමුල ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස ජාත්‍යන්තර යුද අධිකරණයට ඉදිරිපත් කර දෙමළ ජනතාවට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් යොමු කරන බවයි.

මේ අතර දකුණේ දේශපාලන භුමිය තුල නිරන්තරයෙන් මතුව ඇති ජන අරගල තුල උතුරේ මව්වරුන්ගේ ප්‍රශ්ණය හෝ දෙමළ ජන සංහාරයක් තුල කළ ගෝඨාබය ගැන අවධාරණයන් කිසිසේත්ම සිදුනොවන තත්වයක් නිර්මාණය වි තිබේ.

දකුණට දැන් බලපාන ත්‍රස්තවාදය වැලැක්විමේ පණත ගැන දිනපතා දකුණේ මතුවන උද්ඝෝෂණ වලදි උතුරුට සහ නැගෙනහිරට ත්‍රස්ත පණත විසින් සිදුකරන ලද විනාශය ගැන අවධාරණය කෙරෙන්නේ නැත.මේ නිසාම අරගලකරුවන් නිදහස් කරනු යැයි කිවද , දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරනු යැයි සටන්පාඨයක් මතුව එන්නේ නැති තරම්ය.

ඒදා මෙන්ම අදත් දකුණේ අරගල කැරකෙන්නේ උතුරේ සහ නැගෙනහිර ජනයා අමතක කර බව යළි යළිත් සනාථ කරමින් තිබේ.
තතු එසේව තිබියදි දකුනේ ඇතැමුන් ප්‍රශ්ණ කර සිටින්නේ දකුණේ අරගලයට උතුරු සහය නොදෙන්නේ ඇයිදැයි කියාය .



009
008
007

මීගමුව නාගරික කොමසාරිස්වරියට ස්ථාන මාරුවක් …

0

මිගමුව මහනගර සභාව තුල සිදුකෙරුන දේශපාලකයන්ගේ බොහොමයක් වංචා දුෂණ වලට අතදිගහැර සහය පළ කළ අයෙකු ලෙසින් මිගමුව තුල ප්‍රසිද්ධියට පත්ව සිටි මිගමුව නගාරික කොමසාරිස්වරියට ස්ථාන මාරුවක් ලැබ මිගමුවෙන් පිටත් ව යාමට නියමිත බව වාර්තා වේ.
ලංසා පවුලේ දේශපාලන උවමනාව වෙනුවෙන් නිසි සුදුසුකම් නොමැතිව වුවද මහනගර සභා කොමසාරිස්වරියක ලෙස කටයුතු කළ ඇයට දැන් යන්නට සිදුව ඇත්තේද ලංසා පවුලේ කිසියම් විරෝධයක් නිසා බවද කියැවේ .
කෙසේ වෙතත් ඇය පහුගිය කාලය තුල මහත් ආන්දෝලනයකට තුඩු දුන් පුවත් රැසකටම පාදකව තිබුන අතර ඉනුත් වඩාත් කථා බහට ලක්ව තිබුනේ මිගමුව ගිනි නිවන ඒකකය තුල සංවිධානය කර තිබුන මත්පැන් සාදයකට ඇයද එක්ව සිටිමය.

අලි රංචුවක් නිසා පාසැලක් වසා දමයි !

0

( ගල්ගමුව ) වල් අලි රංචුවක් කඩා වැදීම නිසා ගල්ගමුව අතරගල්ල කනිටු විදුහල අද වසා දමා සිසුන් නිවෙස්වලට යැවීමට කටයුතු කළ බව විදුහල්පති ඩබ්ලිව්. එම්. අනුර වන්නිනායක මහතා  කටයුතු කළ බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

අලි පස්දෙනකු සහ පැටවු තිදෙනකු පාසලට යාබද කැලෑ භූමිය තුළ සැඟවී සිටින බව මව්පියන් දැක ඒ සම්බන්ධයෙන් විදුහල්පතිවරයා දැනුම්වත් කර ඇත.

ඒ බව  මහව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා බන්දුලානි බස්නායක මහත්මියගේ නියෝගයකට අනුව පාසල වසා දැමීමට තීරණය කළ බව එහි විදුහල්පති ඩබ්ලිව්. එම්. අනුර වන්නිනායක මහතා පවසයි.

මෙම සතියේ ඉදිරි දින දෙක ද පාසල වසා පාසලේ දරුවන් හා ගුරු මහත්ම මහත්මීන් අවට වෙනත් පාසල් වෙත අනුයුක්ත කර තිබේ.

මෙම සිද්ධිය සැලවීමෙන් අනතුරුව අඹන්පොල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් පෙරේරා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ අලි පන්නා දැමීමට උත්සාහ ගත්තද එය අසාර්ථක ව ඇතැයිද ලංකාදිප පුවතේ සදහන්ය..

මඩකලපුවේ ශ‍්‍රී සිද්ධි විනයාගර් කෝවිලේ උත්සවය අදින් ඇරඹේ..

0

මඩකලපුව දිස්ති‍්‍රක්කයේ ප‍්‍රසිද්ධ විහාරස්ථානයක් වන කොණ්ඩයංගේනි වසායිචේනයි අරුල්මිකු ශ‍්‍රී සිද්ධි විනයාගර් විහාරස්ථානයේ 6 වැනි වාර්ෂික මහෝත්සව තේරු මංගල්‍යය අද (24දා) ආරම්භ විය.
අද පෙරවරුවේ කරුවාකේනි අලකන්ඩි ශිව කෝවිලේ විශේෂ පූජාවක් සංවිධානය කර තිබූ අතර එතැන් සිට බැතිමතුන් කිරි කළයන් හිස මත තබාගෙන කෝවිල වෙත පැමිණිමේ චාරිත්‍රය ඉටුකර තිබුණි.
මෙම ආගමික උත්සවය අඛණ්ඩව දින 10ක් පැවැත්වෙන අතර ලබන සිකුරාදා 2022.09.02 වන දින තීර්ථ මංගල්‍යය සහ තිරුවොන්චල් සංදර්ශනය සහ ධජය එසවීම සවස සිදු කිරිමට නියමිතව ඇත.


රුද්‍රා – මඩකලපුව

ත්‍රස්ත පනත ක්‍රියාත්මක නොකළ යුත්තේ ඇයි?  නීතිඥ සංගමයේ මතය මෙන්න

0

මානව ධර්මයන්ට පටහැනි කුරිරු නීතියක් වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කරමින්

එම පනතේ විධිවිධාන යොදාගෙන රජයට එරෙහිව විරෝධතාවල නිරත වූ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජය වෙත සිය දැඩි කණස්සල්ල ප්‍රකාශ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් නීතිඥ සංගමය පවසන්නේ, ත්‍රස්තවාදය පිළිබඳ පැහැදිලි නිර්වචනයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තුළ නොමැති තත්ත්වයක දී  නීත්‍යානුකූල විසම්මුතිය ප්‍රකාශ කිරීම යටපත් කර, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස හකුළුවා සාමකාමී ලෙස ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ක්‍රියාත්මක කරන පුද්ගලයින් ඉලක්ක කර ගැනීම සඳහා අනිසි ලෙස එම පනත භාවිත කිරීමේ බරපතල අනතුරක් පවතින බවය.

නීතිඥ සංගමයේ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.



ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යනු කුරිරු නීති සම්පාදනයකි, එය විධායකයට පුළුල් බලතල ලබා දී පුද්ගලයන් අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රඳවා තබා ගනී. රැඳවුම් නියෝග ශ්‍රේෂ්ඨාධිකරණවල මූලික අයිතිවාසිකම් සහ රිට් අධිකරණ බල සීමාවන්ට අනුකූල වුවද, සාමාන්‍ය නීතිය යටතේ අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීමේ අවස්ථා මෙන් නොව ඒවා විධිමත් අධිකරණ අධීක්ෂණයකට යටත් නොවේ.



පරිපාලනමය වශයෙන් රඳවා තබා ගැනීමේ දී පුද්ගලයෙකුගේ භෞතික නිදහස පිළිබඳ පුළුල් බලතල විධායකයට පැවරෙන අතර අධිකරණ අධීක්ෂණයකින් තොරව දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමේ කාලසීමාවන් මානව හිමිකම් සුරැකීමේ ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට පටහැනි වේ.

එසේ රඳවා තබා ගැනීම නිසා රැඳවියා වධ හිංසාවලට හා අමානුෂික සැලකීමට ලක්වීමේ අවදානමක් ද පවතී.


ජනපතිට පෙර කී දෑත් සිහි කරවයි…

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන නැවත නැවතත් අපයෝජනයට ලක්ව ඇති ආකාරය මූලික අයිතිවාසිකම් සහ රිට් අයදුම්පත් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ බොහෝ තීන්දුවලින්  මෙන්ම  2022 මාර්තු 22 වැනි දින පාර්ලිමේන්තු විවාදයේ හැන්සාඩ් වාර්තාව අනුව වත්මන් ජනාධිපති එවකට පාර්ලිමේන්ත මන්ත්‍රී රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශයෙන්ම තහවුරු වන බව එම සංගමය කියයි.

එමෙන්ම එදිනම එවකට අධිකරණ ඇමති අලි සබ්‍රි ප්‍රකාශ කර ඇත්තේ  “2021 සැප්තැම්බර් මාසයේ සිට, ත්‍රස්තවාදයට සෘජුවම සම්බන්ධවන වැරදි හැර වෙනත් වැරදි සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීම පිළිබඳ තථ්‍ය තහනමක් පනවා ඇති“ බවය.  නිතිඥ සංගමය හැන්සාඩ් වාර්තාව උපුටා දක්වමින්  පෙන්වයි.

ඔවුන් දන්වා සිටින්නේ  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන වෙත යොමු විය යුත්තේ එය භාවිතා කිරීම යුක්ති සහගත කළ හැකි ත්‍රස්තවාදී මානයක් පෙන්නුම් කරන ප්‍රකාශිත සාක්ෂි  සහිත ඉතා සුවිශේෂී අවස්ථාවන්හිදී පමණක් බවය.

ත්‍රස්තවාදයේ තත්ත්වයන් ආමන්ත්‍රණය කිරීමටත්, දණ්ඩ නීති සංග්‍රහය ඇතුළු රටේ සාමාන්‍ය නීතිය පවතින විරෝධතා වැනි රජයට එරෙහි විසම්මුතිය ප්‍රකාශ කිරීමේදී සිදු විය හැකි වැරදි සම්බන්ධයෙන් කිසිවිටෙකත් අවධානය යොමු නොකිරීමටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ මූලික එකඟතාවයක් බවය.

එමෙන්ම  අත්අඩංගුවට ගැනීම් සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතය පිළිබඳ තහනමක් ක්‍රියාත්මක කරන බවට ලෝකයට  සහතික වී  තිබිය දී බව ද නීතිඥ සංගමය අවධාරණය කරයි.



යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට GSP+ සහනය ලබා දීමේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීම සැලකිල්ලක් දක්වන කරුණක් ලෙස සැලකෙන බව ද සංගමය පෙන්වා දෙයි. එමෙන්ම ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනිසි ලෙස භාවිතා කිරීම නැවත නැවතත් මතු කර ඇති ආකාරය ඔවුන් අවාධරණය කරයි.


මේ අනුව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීමෙන් වළකින ලෙසත්,  නිකුත් කර ඇති රැඳවුම් නියෝග වහාම අවලංගු කරන ලෙසත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.


‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රජාතන්ත්‍රවාදී නොවන අයුරින් භාවිත කරලා” -ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම

මේ අතර ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රජාතන්ත්‍රවාදී නොවන අයුරින් භාවිත කිරීමක් බවයි.

විරෝධතාකරුවන් අඩංගුවට ගැනීම් සාධාරණීකරණය කිරීමට එය යොදාගෙන ඇතැයි එම එම කොමිසම දන්වා සිටියි.

ත්‍රස්තවාදී පනතේ නිර්චනයේ සදහන් වන කරුණු වලට අදාල නොවන සැකකරුවන්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කර තිබීම කණසල්ලට කරුණක්   එම නිවේදනයේ සදහන්වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම සැකකරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට හේතු වූ කරුණු සහ තත්ත්වයන් පිළිබඳ මානව හිමිකම් කොමිෂන් සභාව දැනුවත් කරන ලෙස මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇති බවද  එම නිවේදනයේ සඳහන් වේ.

පොලිසිය චෝදනා කරන ආකාරයට ඉකුත් ජනවාරි මස සිට රට පුරා සිදුවුණා යැයි පවසන ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධ වාර්තා තිබේ දැයි තහවුරු කර ගැනීමට මානව හිමිකම් කොමිෂන් සභාවට අවශ්‍ය බවත්,  අඩංගුවට ගත් සැකකරුවන් සිදුකල ත්‍රස්තක්‍රියා සම්බන්ධයෙන්ද දැන ගැනීමට අවශ්‍යතා බවත් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට දැනුම්දී ඇත.

අත්අඩංගුවට ගත් අයගේ අනන්‍යතාව රඳවා සිටින ස්ථාන  පිළිබඳ දැන ගැනීමට මානව හිමිකම් කොමිෂන් සභාව අවශ්‍ය වී ඇති බවත්, ත්‍රස්තවාදය  වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින සැකකරුවන් ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද තම කොමිසමට දැනුවත් කරන ලෙසට එම කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
theleader.lk

මීගමුව පොලිසිය වැඩකරන්නේ ලංසලා කියන විදියටද ? විරෝධතාකරුවෝ ප්‍රශ්ණ කරති.

0

මිගමුව පොලිසියේ අනිතික අත්අඩංගුවට ගැනිම් වලට මේ දිනවල ලක්ව සිටින්නේ මිගමුව මහනගර සභාවේ විපක්ෂයේ කැරලිකාර මන්ත්‍රිවරුන් පිරිසය.
දැන් ලංසා පවුල අවශ්‍ය වි ඇත්තේ රට පුරා ක්‍රියාත්මක මර්ධනය දඩමිමා කරගෙන මිගමුවේ මේ ඇත්ත කථා කරන මන්ත්‍රිවරුන් කිපදෙනා බියවැද්දිමටය.


ඒ සදහා ඔවුන් මිගමුවේ පොලිසියේ ලොක්කන්වද මේ දිනවල පාවිච්චි කරමින් සිටින අයුරු දැන් පැහැදිලි වෙමින් තිබේ.
පසුගියදා මිගමුව එජාප නාගරික මන්ත්‍රි රෝෂාන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනිමට ගේ වට කිරිම සදහා පොලිසියේ 25 කට අධික පිරිසක් පැමිණි බව අද උද්ඝෝෂණයට එක්ව සිටි නාගරික මන්ත්‍රි රෝෂාන් මාධ්‍ය හමුවේ කියා සිටියේය.
අද දවල් මිගමුව පොලිසිය ඉදිරිපිට පැවැති විරෝධතාවයට නිමිත්ත වි තිබුනේ විපක්ෂ නාගරික මන්ත්‍රි සංගිත් පෙරේරාවද අත්අඩංගුවට අවැසිව ඇති බව ඔහුගේ නිතිඥවරයාට දැනුම් දිමෙන් පසු සංගිත් ඇතුළු පිරිස මිගමුව පොලිසියට භාරවිමට පැමිණ සිටි අවස්ථාවේදිය.


කුඩා පිරිසක් සිටි මෙම සාමකාමි විරෝධයට ප්‍රතිචාර දැක්විමට මිගමුව මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා සිය කැරලි මර්ධන ඒකකයේ නිලධාරින්ව බැටන් පොලුද සමගින් උද්ඝෝෂකයන් ඉදිරියට කැදවිමට පියවර ගැනිමට ප්‍රබල විරෝධයක් උද්ඝෝෂකයන්ගෙන් එල්ලවිය.
නිතිඥයෙකු මාර්ගයෙන් පොලිසියට භාරවිමට නාගරික මන්ත්‍රි සංගිත් යමින් සිටි අවස්ථාව ආවාරණය කරමින් සිටි මාධ්‍යවේදින් පවා වලකාලිමටද මිගමුව මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා අද කටයුතු කර තිබුණි.

මිගමු පොලිසියේ අනීතික වැඩ ගැන විරෝධය පළවේ.

0

මිගමුව පොලිසිය ලංස පවුලේ ඕනෑ එපාකම් ඉටුකරමින් ප්‍රගතිශිලි නාගරික මන්ත්‍රින දඩයම් කිරිම අරභා ති⁣බේ.

මෙහි පළමු ගොදුර බවට පත්ව තිබු⁣නේ එජාප නාගරික මන්ත්‍රී ⁣රෝෂාන් ප්‍රනාන්දුය.මේ අත්අඩංගුවට ගැනිම ගැන මිගමුව මුලස්ථාන පොලිස් පරික්ෂකගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු සඳහන් කර තිබුනේ එජාප නාගරික මන්ත්‍රී සංගිත්වද ඉදිරිපත් ක්ල යුතු බවය .

මේ අනුව අද පෙරවරුවේ මිගමුව පොලිසිය වෙත පෙළපාලියකින් පැමිනි නාගරික මන්ත්‍රී සංගිත් ඇතුලු පිරිස විරෝධතාවයකද නියැලුනහ.

මිගමුව පොලිසියේ පක්ෂග්‍රාහීත්වය පිලිබදව දැඩි ව්වේවනද මෙහිදි එල්ලවිය.විරෝධතාවයෙන් පසුව නාගරික මන්ත්‍රි සංගීත් පෙරේරා නිතිඥයෙකු මාර්ගයෙන් පොලිසියට භාරවිමට ගිය අවස්ථාවේදි මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා කියා තිබුනේ අත්අඩංගුවට ගනු ලබන්නේ ඔවුන්ට කැමැති වේලාවකට බවය.
මෙහිදි රැස්ව සිටි පිරිස පොලිසියට අභියෝග කරමින් කියා සිටියේ කථාව එසේ නම් නිවෙස්වටලා සංගිත්ව අත්ඩංගුවට ගැනිමට පොලිසිය නොපැමිණිය යුතු බවද මතක් කර දෙන බවය.