Saturday, September 21, 2024
Home Blog

ජනාධිපතිවරණය : රනිල්ගේ තීරණය ජනමත විමසුමේ ප්‍රතිඵල මත !

0

ජනාධිපතිවරණය කර ළඟටම පැමිණ ඇති හෙයින් ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් සියලු දෙනාම පාහේ ජනතාවගේ අදහස දැනගැනීම සඳහා සිය අවසාන ජන මත

විමසුම් සමීක්ෂණ මේ දිනවල ප්‍රබල වටයකින් ආරම්භ කර ඇතැයි වාර්තාවේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද සිය අවසාන ජනමත සමීක්ෂණය දීප ව්‍යාප්ත මට්ටමින් අරඹා ඇති බව රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කළේය.

එම කටයුතු සඳහා බුද්ධි අංශයේ නිලධාරිහු පිරිසක්ද යොදවනු ලැබ සිටිති.

මේ ජනමත විමසුම් සියල්ල පැවැත්වෙන්නේ දිස්ත්‍රික් මට්ටමිනි.

රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න තීරණය කරන්නේ එම ජනමත විමසුමේ ප්‍රතිඵල ඉතා සියුම් ලෙස විග්‍රහ කිරීමෙන් අනතුරුව බව දැනගන්නට ඇත.

ජනාධිපතිවරණ අපේක්ෂකයන් ජනමත විමසුම් පැවැත්වීමට රුපියල් කෝටි දෙදහසකට වැඩි මුදලක් දැනටමත් වියදම් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ඒ ඒ දේශපාලන පක්ෂ මේ දක්වා පවත්වා ඇතැයි පැවසෙන විධිමත් ජනමත සමීක්ෂණ සංඛ්‍යාව හතරකි. එම සමීක්ෂණ මගින් විවිධ තොරතුරු සහ සංඛ්‍යා දත්ත දැනටමත් හෙළිදරව් කරනු ලැබ ඇත.


(lankadeepa.lk -සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුවේ උරුමය බෙදන්න විපක්ෂයේ ගයන්තත් එක්වෙයි!

0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්  2024 අයවැය මගින් ජනතාවට පොරොන්දු වූ පරිදි ‘උරුමය වැඩසටහන’

යටතේ පළමු අදියර ලෙස නිදහස් ඉඩම් ඔප්පු 10,000ක් ගොවි ජනතාව වෙත ප්‍රදානය කිරීමේ උත්සවය අද (05) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්විණි. ඒ් උත්සව අවස්ථාව සඳහා විපක්ෂයේ ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා ද සහභාගි වී සිටිම විශේෂත්වයක් විය. ඔහු යහපාලන ආණ්ඩුවේ හිටපු ඉඩම් අමාත්‍යවරයා ය.

මෙම උත්සව අවස්ථාවේ ජනතාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටියේ, ඉඩම් අයිතිය ඉල්ලා ලෝකයේ විප්ලව රැසක් සිදු වූවද විප්ලවයකින් තොරවම මෙරට ජනතාවගේ ඉඩම් අයිතිය ලබා දීමට හැකිවීම වත්මන් ආණ්ඩුව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවයි.

වත්මන් ආණ්ඩුව ලැබූ පළමු ජයග්‍රහණය රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ලක්ෂ 20ක් ජනතාවට ප්‍රතිලාභ සැලසෙන “අස්වැසුම” වැඩසටහන ක්‍රියාත්මක කිරීම සහ රාජ්‍ය සේවකයන් ලක්ෂ 15කට වැටුප් වැඩි කිරීම අනෙකුත් ජයග්‍රහණ බවද පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුවේ කොටසකගේ පමණක් සහාය ඇතිව වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ රටේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙවන් පුළුල් වැඩකොටසක් ඉටු කිරීමට ආණ්ඩුව සමත් වූවා නම් පාර්ලිමේන්තුවේ සියලුදෙනාගේ සහාය ඇතිව රට ඔසවා තැබිය හැක්කේ කුමන ස්ථානයකට කියා සියලුදෙනා සිතා බැලිය යුතු බව ජනාධිපතිවරයා පැවසීය.

රජයේ ඉඩම් ආඥා පනත යටතේ එදා විදේශිකයන්ට ඉඩම් ලබා දුන්නා නම් ජනතාවට එමඅයිතිය ලබාදීමට කිසිදු බාධාවක් තිබිය නොහැකි බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද 2024 අය වැය යෝජනා අතර 08 වන යෝජනාව වූයේ “උරුමය වැඩසටහන මඟින් 1935 දී ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ගොවින් වෙත බලපත්‍ර හා කොන්දේසි සහිත දීමනාපත්‍ර මත බැහැර කර ඇති රජයේ ඉඩම්වල පූර්ණ අයිතිය ගොවි ජනතාව වෙත ලබාදීමට අපේක්ෂා කර ඇත” යන්නයි.

ඒ අනුව මෙරට ජනතාවගේ දීර්ඝකාලීන අපේක්ෂාවක් ඉටු කරමින් තමා භුක්තිවිදින ඉඩමේ සින්නක්කර අයිතිය ලබාදීමේ උරුමය වැඩසටහන ජනාධිපතිවරයාගේ මගපෙන්වීමෙන් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මෙවැනි ගොවි පවුල් ලක්ෂ 20ක ප්‍රමාණයක් අපේක්ෂිත ප්‍රතිලාභීන් ලෙස හදුනාගෙන ඇත. උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් 2024 අය වැය යෝජනා යටතේ උරුමය රුපියල් බිලියන 02ක් වෙන් කර ඇත.

උරුමය වැඩසටහන යටතේ ඉඩම්වල පූර්ණ අයිතිය ඉල්ලුම් කරන අයදුම්කරුවන් සඳහා ප්‍රධාන අදියර 03ක් යටතේ නිදහස් දීමනාපත්‍ර ලබාදීමට නියමිතය. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රජාව වෙතින් ඉදිරිපත් වන ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට අදාළ ආයතන සම්බන්ධීකරණය කරමින් මෙහෙයවීමේ යාන්ත්‍රණය කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ උරුමය මෙහෙයුම් ලේකම් කාර්යාලයක් ද ස්ථාපිත කර තිබේ.

jovjsdfv

සංකේතාත්මකව ගොවි ජනතාව වෙත ඉඩම් ඔප්පු බෙදාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මෙහිදී සිදු විය.

සහජ දක්ෂතාවන්ගෙන් හෙබි මෙරට ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික කණ්ඩායම නියෝජනය සඳහා සමාන අවස්ථා ලබා දීමේ අරමුණින් දියත් කළ”ජාතික ක්‍රිකට් සංවර්ධන ගමන් මඟ” ජාතික වැඩසටහනට සමගාමීව දඹුල්ල ක්‍රීඩාංගණයේ ස්ථාපිත කළ ‘විශිෂ්ටත්වයේ කේන්ද්‍රය” විවෘත කිරිමද මේ හා සමගාමීව ජනාධිපතිවරයා අතින් සිදු විය.

එමෙන්ම දඹුල්ල ක්‍රීඩාංගණ පරිශ්‍රයේ ඉදිකළ නව පිහිණුම් තටාකය විවෘත කළ ජනාධිපතිවරයා පිහිණුම් තටාකයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට ද එක් විය.

නව්‍යකරණය කරන ලද ක්‍රීඩාංගණ විදුලි ආලෝක පද්ධතිය විවෘත කෙරුණේ ද ජනාධිපතිවරයා අතිනි.

මේ අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහ ‘විශිෂ්ටත්වයේ කේන්ද්‍රය” මාධ්‍ය මධ්‍යස්ථානයට, නව ප්‍රේක්ෂකාගාරයට සහ ගෘහස්ත ක්‍රීඩාගාරය ඉදිකිරීම සඳහා මුල් ගල් තැබීමද ජනාධිපතිවරයා අතින් සිදු විය.
මෙම උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

මේ මගේ රටයි, මා ඉපදුණ රටයි, මගේ උරුමය තහවුරු කළ රටයි. අද අප මෙතනට රැස් වී සිටින්නේ මේ රටේ ජනතාව ඉඩම් අයිතිය ලබා ගැනීමට කළ අරගලය අවසන් කිරීමටයි. ඒ වගේම අද අප මේ සහභාගී වන්නේ විප්ලවීය අවස්ථාවකට. ලක්ෂ 20කට ඉඩම් අයිතිය ලබාදීම අද සිදු වෙනවා. මම මෙය විප්ලවයක් කියා හඳුන්වන්නේ ඒ නිසයි. මෙම විප්ලවය භුක්ති විදින්නේ රටේ ජනතාව. මේ ඉඩම් අයිතිය ලැබුණු විට ඔබ කිසිවෙකුට යටත් විය යුතු නැහැ.මන්ත්‍රීවරු, නිලධාරීන් පසුපස ගිහින් අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය නැහැ. ඉඩම තමන්ට අවශ්‍ය පරිදි සංවර්ධනය කළ හැකි අතර කිසිවෙකුට ඊට බලපෑම් එල්ල කරන්න බැහැ.

තමන්ට ලැබෙන මෙම අයිතිය ආරක්ෂා කර ගන්නා ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලනවා. මෙම අයිතිය තමන්ට පමණක් නොව තමන්ගේ දරුවන්ටත් හිමි විය යුතුයි. මෙයින් නිසි ප්‍රයෝජන ලබා ගන්න ඔබ කටයුතු කළ යුතුයි. ඉඩම් අයිතිය ඉල්ලා ලෝකයේ විප්ලව ගණනාවක් ඇති වී තිබෙනවා. අද මේ රටේ කිසිදු විප්ලවයක් නොමැතිව ජනතාවට ඉඩම් අයිතිය ලබා දී තිබෙනවා.

බොහෝ දෙනෙක් සිතුවේ මෙය කළ නොහැකි දෙයක් ලෙසයි. නමුත් අපේ ආණ්ඩුව ඒ තීරණය ගෙන කටයුතු කළා. විශේෂයෙන්ම ගොවිතැන් කළ අයට මෙන්ම නිවාස ඉදි කරගත් සියලුදෙනාට ඒ ඉඩම් අයිතිය හිමි වෙනවා. ගොවිතැන් කටයුතුවල නිරතවන ඔබ සියලුදෙනාට මගේ ස්තූතිය පිරිනමනවා. මේ රටේ ආර්ථිකය ගොඩගැනීමට පසුගිය මහ කන්නයේත්, යල කන්නයේත් ඔබෙන් ලැබුණු සහයෝගය අමතක කරන්න බැහැ. අස්වැන්න සාර්ථක වුණා. ඒ තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් වුණා. ඒ වගේම මේ ඉඩම්වල නිවාස ඉදිකරගත් පිරිස ඉන්නවා. මම ඔවුන්ටද ස්තූතිවන්ත වෙනවා. මේ සියලුදෙනාට අපේ ස්තූතිය පිරිනමන්නේ මේ සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම මගින්.

මෙය ඓතිහාසික අවස්ථාවක්. සිංහල රජ සමයේත් ඔප්පු ක්‍රමයක් තිබුණේ නැහැ. ප්‍රභූවරුන්ට, නිලමේවරුන්ට සන්නස් මගින් ඉඩම් ලබා දුන්නා. අනෙක් අයට වගා කටයුතු සඳහා ඉඩම් ලබා දුන්නා. ජනතාවට ස්ථීර ඔප්පු තිබුණේ නැහැ. මුඩු බිම් පනත යටතේ මේ සියල්ලම රජයට අයත් වුණා. වතු වෙනුවෙන් ඇතැම් ඉඩම් සුදු ජාතිකයන්ට පවරා දුන්නා . ජනතාවට කිසිවක් හිමි වුණේ නැහැ.

නමුත් ඩී.එස් සේනානායක මැතිතුමා 1935 ඉඩම් සංවර්ධන ආඥා පනත මගින් ගොවිතැන් කටයුතු සඳහා ජනතාවට ඉඩම් ලබාදීමට පියවර ගත්තා. ඉඩම් අත්පත් කරගැනීමේ පනත සමඟ ගම්මාන ව්‍යාප්ත කිරීමට ඉඩම් අත්පත් කර ගත්තා. නමුත් ඉඩමේ අයිතිය කිසිවෙකුට හිමි වූයේ නැහැ.

ඉන් පසුව වියළි කලාපවල ජනතාව පදිංචි කළා. ඒ සමග වී වගාව ආරම්භ කළා. වැඩියෙන්ම කුඹුරු තිබුණේ තෙත් කලාපයේ එම කුඹුරු දියුණු කිරීමට පිලිප් ගුණවර්ධන මැතිතුමා කුඹුරු පනත ගෙනාවා. එම අවස්ථාවේත් විශාල විරුද්ධත්වයක් ඇති වුණා. නමුත් එය ඉදිරියට ගෙන ගියා.

ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මහවැලි ව්‍යාපාරයෙන් තවත් අක්කර ලක්ෂ ගණනක් ජනතාවට ලබා දුන්නා. දැන් අප මෙම වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා.

පසුගිය කාලයේ ගයන්ත කරුණාතිලක මහතා මේ වැඩපිළිවෙළ ආරම්භ කළ අවස්ථාවේ අලුත් නීතියක් ගේනවා කියලා එතුමාට විරුද්ධව නඩු දැම්මා. නමුත් මෙවර අලුත් නීති බලන්න ගියේ නැහැ. රජයේ ඉඩම් ආඥා පනතින් සුදු ජාතිකයන්ට ඉඩම් ලබා දුන්නා නම්, ආයෝජකයන්ට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දුන්නා නම් ජනතාවට එම අයිතිය ලබා දීමට නොහැකි ඇයි.

එදා ආයෝජකයන්ට ඉඩම් ලබා දීමට භාවිතා කළ ආඥා පනතින් අපි අද ඔබ සියලුදෙනාට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දෙනවා. නැවත අධිකරණයට යන්න අවශ්‍ය නැහැ. මෙම වැඩපිළිවෙළ ඓතිහාසිකයි. විප්ලවවාදීයි. ආසියාවේ ඉඩම් අයිතිය ලබා දී තිබෙන්නේ ජපානය සහ දකුණු කොරියාව පමණයි. අද අපේ රටේ ජනතාවට එම අයිතිය ලබා දී තිබෙනවා.

මේ වැඩ කටයුත්ත සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම කඩිනමින් ක්‍රියාත්මක කිරීමට මම උපදෙස් ලබා දී තිබෙනවා. ඒ සඳහා පක්ෂ බේදයකින් තොරව එකතුවන ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

මේ ආණ්ඩුව ලංකාවේ මෙතෙක් බිහි නොවු ආණ්ඩුවක් බව කිවයුතුයි. අසීරු කාලයේ වගකීම් ගත හැකි සියලුදෙනා ඒ සමග එකතු වුණා. විවිධ පක්ෂ ඒ අතර සිටියා. අපි කොටසක් එක්ව ආණ්ඩුව හැදුවා. හැම පක්ෂයකම කොටසක් කැඩී වෙනත් පක්ෂවලට ගියා. එලෙස ගොඩනඟාගත් ආණ්ඩුවක් මඟින් රට ගොඩනැගීමේ අභියෝගයට අප මුහුණ දුන්නා.

අපේ රට දැන් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. මේ රටේ ජනතාව දුක් විඳි බවමම පිළිගන්නවා. තවමත් සමහරු දුක් විදිනවා. මේ සියලු ජනතාවට අපට හැකි අයුරින් සහන ලබා දුන්නා. ඒ සඳහා අපි අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළා. ඒ වගේම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කළා. අප තවම බංකොළොත්භාවයෙන් නිදහස් වුණා විතරයි. තෙවන පියවර ලෙස ජනතාවට මෙම සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට කටයුතු කර තිබෙනවා. මේ ආර්ථික අසීරුතාවයන් හමුවේ අප මෙම කටයුතු සිදු කරනවා නම් ඉදිරියේ දී රටේ ආර්ථිකය ශක්තිමත් වීමෙන් පසු කළ නොහැක්කේ මොනවද කියලා මම අහන්න කැමතියි.

අපි ආරම්භ කළ මේ ගමන ඉදිරියට ගියහොත් 2025 වසරේ දී 5%ක ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. අපි සියලුදෙනා එකතු වුණේ රට බේර ගන්න. එහිදි අප පක්ෂ දේශපාලනයක නිරත වුණේ නැහැ. එහෙම වුණා නම් මෙම සාර්ථකත්වය ලබා ගන්න බැහැ. මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ මේ වැඩකටයුතු කරගෙන යාමට අප සමග එකතු වෙන්න කියලයි.

අපි හිතන්න ඕන අපි ගැන නෙවෙයි. රටේ ජනතාවගේ අනාගතය පිළිබඳවයි. අපි එකතුවෙලා රටේ ජනතාවගෙන් ලක්ෂ 20කට ඉඩම් අයිතිය ලබා දී තිබෙනවා. තවත් ලක්ෂ 20කට අස්වැසුම ප්‍රතිලාභ ලබා දී තිබෙනවා. ලක්ෂ 15කට වැටුප් වැඩිකර තිබෙනවා. සංචාරක ව්‍යාපාරය දියුණු කර ආදායම් මාර්ග ඇති කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ එක් කණ්ඩායමක් ලෙස මෙතරම් විශාල වැඩකොටසක් කළ හැකි නම් පාර්ලිමේන්තුවේ සියලුදෙනා එකතු වුණොත් මොනවද කරන්න බැරි කියලා සියලුදෙනා සිතිය යුතුයි. අප එම මාර්ගයේ යා යුතුයි.

ඉදිරියේදී මේ රට දියුණු කිරීමට අවශ්‍ය තවත් නීති ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා. අපි සියලුදෙනා එකතුව ඉදිරියට යමු. කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම හරහා දැවැන්ත කෘෂි විප්ලවයක් රටේ සිදු වෙනවා.

අපිට නැවත ණය වෙන්න බැහැ. අපට නැවත හිඟන ජාතියක් වෙන්න බැහැ. අපේ අභිමානය ආරක්ෂාකරගත යුතුයි. අපි සියලුදෙනා එක්ව මේ ගමන යා යුතුයි.

අද ඔබ මේ රටේ අයිතිකරුවන්. ඒ බව මතක තබා ගනිමින් අභිමානයෙන් කටයුතු කරන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටිමින් මම ඔබ සියලුදෙනාට සුබ පතනවා.

Urumaya

දි ලිඩර්

මාගල්කන්දේ #හෑයියා – (චින්තන ධර්මදාස)

0

මාගල්කන්දේ සුදන්ත භික්ෂුව විසින් තරුණයෙකුගේ කලිසම ගැලවීමට උත්සාහ කරමින් සිටියදී ඒ තරුණයාගේ ඥාතීන්ට හසුවී තිබෙනවා.


පන්සලක් තුල, බුද්ධ චීවරය දරාගෙන තරුණයෙකුව මෙසේ සමලිංගික හැසිරීමට පොළඹවා ගැනීම නිසා බුදු දහමට සිදුවූ අපහාසයට එරෙහිව සිත් රිදීමට පත් බෞද්ධයෝ අද උදේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

නතාෂා එදිරිසූරිය විසින් සිද්ධාර්ථ කුමාරයාට සුද්දෝදනගේ කොල්ලා කීමෙන් ද, නැත්නම් භික්ෂුවක් විසින් විදෙස් රටකට ගොස් තරුණයෙකුගේ කලිසම ගැලවීමට තැත් කිරීමෙන් ද වැඩි අපහාසයක්, සිත් රිදීමක් බෞද්ධයාට සිදුවිය හැක්කේ කියන එක ඉදිරියට අපිට බලාගන්න පුළුවන්.

මාගල්කන්දේ කියන්නෙ සිහල රාවයේ ලේකම්වරයා. ඒ වහන්සේ වරෙක රංජන් රාමනායක විසින් කුඩා දරුවන් පන්සල්වල අපචාරයට ලක්වෙනවා කිව්වම ඊට විරුද්ධව, මෙය බුදු දහමට එරෙහි කුමන්ත්‍රණයක් යැයි හාමුදුරුවරු පිරිසක් සමග විත් විශාල විරෝධයක් නගන වීඩියෝවක් අන්තර්ජාලයේ තියෙනවා.



https://www.youtube.com/embed/eV1gEyunu60

 

ඒ වගේම සිංහල ජාතිය, ආගම බේරාගැනීමේ නාමයෙන් මිනිස්සු හිරේ දාන්න, දඩුවම් කරන්න, බිය වද්දන්න පැමිණි ප්‍රචන්ඩ භික්ෂු පරපුරේ ඉදිරිපෙල සාමාජිකයෙක්. මාගල්කන්දේගේ ප්‍රචන්ඩ, සාහසික මෙන්ම පහත් හැසිරීම අනෙක් කිසිම බෞද්ධ භික්ෂුවකට ප්‍රශ්නයක් වුනෙත් නෑ. ඒ නිසාම මාගල්කන්දෙ ජාතියේ වීර භික්ෂුවක් වගේ වුනා.

මාගල්කන්දේගේ සමලිංගික හැසිරීම ගැන අදේශපාලනික ලිබරලුන් (අදේශපාලනික කියන්නෙ බලය හැසිරෙන දිශාවන් පිළිබඳ වැටහීමක් නැතිව නිරපේක්ෂ යහපතක් වෙනුවෙන් පෙනී සිටින ඇදහිලිවන්තයන්) කියන්නේ එය ඔහුගේ අයිතියක් කියලයි. නමුත් මේ ‍ළපටි ලිබරල් ප්‍රවේශය විසින් හඳුනා නොගන්නා කාරණය වන්නේ සමලිංගික හෝ කවර හැසිරීමක් වුවත්, එය වෙනුවෙන් විවෘතව පෙනී ‍නොසිට, එය සගවමින්, පිටතදී එයට එරෙහි වෙමින්, සුද්දවන්තයන් සේ හැසිරෙමින් සිදු කරන්නේ නම් එය එම අයිතිය අපචාරයේ යෙදීමක් වන බවයි.

මාගල්කන්දේ වැනි භික්ෂුන් අනෙක් අයගේ සමලිංගික අයිතීන්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආදියට එරෙහිව භාවිතා කරන්නේ මේ දෙබිඩි, කුහක චර්යාවයි.

ඒ නිසා මේක සමලිංගිකත්වය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මාගල්කන්දේ සහ අනෙක් සිංහල බෞද්ධයන් විසින් පිළිගන්නා, පිටතට දේශනා කරන, සදාචාරය මත තබා විනිශ්චය කිරීමෙන් කළ යුතු ප්‍රශ්නයක් වෙනවා. අප විසින් පිළිගන්නා සමලිංගික නිදහස හෝ වෙනත් නිදහස සම්බන්ධ කාරණා ඔවුන් පිළිගන්නා සදාචාරය විනිශ්චය කිරීමට පාවිච්චි කරන්න පුළුවන්කමක් නෑ. එහෙම පාවිච්චි කිරීම පවා බලහත්කාරයක්. මේ කාරණයට එළඹිය යුතු වන්නේ ඔවුන් පිළිගන්නා, ඔවුන් විසින් අපට දේශනා කරන සදාචාරය මත පිහිටායි.

මෙතනදී මාගල්කන්දේ විසින්

1.  තමන්‍ පෙනී සිටින සදාචාරය කෙලෙසා තියෙනවා
2. සිංබෞවන්ගේ සදාචාරය කෙලෙසා තියෙනවා.
3. අප විසින් පිලිගන්නා සමලිංගික අයිතියේ සදාචාරය කෙලෙසා තියෙනවා

https://www.youtube.com/embed/YagKYsh1U-o

මාගල්කන්දේට හෝ වෙනත් ඕනෑම සිංහල බෞද්ධ සදාචාරයේ බැතිමතෙකුට තමන්ගේ ලිංගික නිදහස ලබා ගැනීමට නම් විවෘතව ඒ වෙනුවෙන් පෙනී ඉන්න සිද්ද වෙනවා. අනිත් අයගේ එම අයිතියට ගරු කරන්න සිද්ද වෙනවා. ඔවුන් විසින්ම ප්‍රචලිත කරන ප්‍රචන්ඩ, ලිංගික අධ්‍යාපනයට විරුද්ධ, සමලිංගික භීතික සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ වෙන්න සිද්ද වෙනවා.

මාගල්කන්දේගේ සිද්ධියෙදි ලස්සනට එලිදරව් වෙන තව කාරණයක් තමයි අපේ බෞද්ධයාගේ කුහක නැත්නම් දෙබිඩි චර්යාව. මාගල්කන්දේ විසින් තමන්ගේ ඥාති පුතෙකු ලිංගික හැසිරීමට පොළඹවා ගැනීම ගැන දෙස්දෙවොල් තියන ජපානයේ වසන බෞද්ධයා අසන්නේ අපේ එකෙකුටම මෙහෙම කලේ ඇයි කියලයි. නැතුව පිට එකෙකුට මෙය සිදු වුනා නම් ඒ බෞද්ධයා විසින් එය වසන් කිරීමට කළ හැකි උපරිමයක් කරනු ඇති. තමන්ගේ පවුලේ කෙනෙකුට මෙවැන්නක් සිදුවීම තමයි ඒ අයට ඉවසන්න බැරි තත්වයක් ඇති කරන්නෙ. අපේ බෞද්ධයාගේ සදාචාරය තමන්ට හෝ පවුලට එකකුත්, රටේ උන්ට තව එකකුත් හැටියෙන් වැඩ කරන හැටි මෙතනදි පැහැදිලිව අඳුරගන්න පුළුවන්. ඒක හරි විනෝදජනකයි.

ඉතිං මාගල්කන්දේ සිදුවීම සිංහල බෞද්ධයාගේ සැබෑ චර්යාව, මවා පාන චර්යාව, ඇදහිල්ල සහ සංස්කෘතිය ගැනත් හොඳ පරීක්ෂාවක් වෙනවා. ඒ වගේම ICCPR පණත ලංකාවේ හැසිරෙන ආකාරය ගැනත් හොදම උදාහරණයක් වෙනවා.


(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ – facultyofsex


vyadhadeva@gmail.com

(උපුටා ගැනීම – Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)


සජබ උප සභාපතිට සජිත්ව එපා වෙයි !

0

සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස් වී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ උප සභාපති පී හැරිසන් මහතා ප්‍රකාශ කළා.

ඒ අද (14) අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියා.

ඔහු කියා සිටියේ සමගි ජනබලවේගය ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි බැවින් අද සිට තමන් පක්ෂයේ දරන තනතුරුවලින් ඉල්ලා අස් වීමට තීරණය කළ බවයි.

එමෙන්ම ජනාධිපති මැතිවරණයක දී රනිල් වික්‍රමසිංහ මහතාට කොන්දේසි විරහිතව සහය පළ කරන බව ද ඔහු මෙහිදී අවධාරණය කළා.

නුවරඑළියට ජනපති ගෙනාපු අලුත්ම න‍ීතිය ඊයේ සිට ක්‍රියාත්මකයි

0

නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ මහල් හතරකට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම ඊයේ (1) සිට සීමා කර කර ඇතැයි ada.lk වෙබ් අඩවිය වාර්තා කර ඇත

නාගරික සංවර්ධන අධිකාරි පනතේ විධිවිධාන අනුව රෙගුලාසි පැනවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදෙමින් ගත් මෙම තීරණය ඊයේ දිනයේ සිට නුවරඑළිය දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මකය

ජාතික ගොඩනැගිලි ප‍ර්යේෂණ සංවිධානය සමඟ සාකච්ඡා කර  නව ගොඩනැගිලි ඉදිකිරීම නියාමනය කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ පාර්ශවකාර ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත කාර්යසාධක බලකායක් පත්කිරීමටද අදාළ කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කර තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් අංක 38/16/01-06-1978 දරන ගැසට් නිවේදනය මගින් නුවරඑළිය මහ නගර සභා බල ප්‍රදේශය නාගරික ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර, අංක 154614/01-09-1998 දරණ ගැසට් නිවේදනය මගින් නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයද නාගරික ප්‍රදේශයක් ලෙස  ප්‍රකාශයට පත්කර ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කය යනු දෙස් විදෙස් සංචාරකයන් අතර ජනප්‍රිය සංචාරක ගමනාන්තයකි. එහි සිදුවෙමින් පවතින අවිධිමත් සංවර්ධනය, ප්‍රදේශය තුල පැතිරුණු අඩු පහසුකම් සහිත ජනාවාස,ප්‍රමිතියෙන් තොර පානීය ජල මූලාශ්‍ර, ප්‍රමාණවත් යටිතල පහසුකම් නොමැතිකම  සහ නිසි කාණු පද්ධතියක් නොමැතිකම වැනි කරුණු හේතුවෙන් නගරයේ සුන්දරත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පවතී.

එය ප්‍රදේශයේ සංචාරක කටයුතු විධිමත්ව ක්‍රියාත්මක කිරීමට විශාල බාධාවකි.

එබැවින් නගරය තුළ විශාල ගොඩනැගිලි ඉදි නොකර සංචාරකයන්ට විවේකයෙන් ගත කළ හැකි සෞම්‍ය පරිසරයක් සහිත සැලසුම් සකස් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාළ අංශවලට උපදෙස් ලබාදී ඇත.

 නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට අවශ්‍ය පරිසරයක් සකස් කෙරෙන සංචාරක සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරී මෙමගින් අපේක්ෂා කරනු ලැබේ.

එම සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී ප්‍රදේශයේ ස්වාභාවික සෞන්දර්යාත්මක සුන්දරත්වය සහ පරිසරය ආරක්ෂා කිරීම කෙරෙහි ප්‍රධාන අවධානයක් යොමු කරනු ලැබේ.

පිරිමි හදපු අර්බුදය විසඳන්න මුල් වුන කාන්තාවන් තුන්දෙනා !

0

කඩාවැටුණු ආර්ථිකයෙන් රට ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර සහාය ලබාදීමට මූලික වූයේ කාන්තාවන් තිදෙනෙකු බව ජනාධිපති වික්‍රමසිංහ පවසයි.

අද (08) පෙරවරුවේ පැවති ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

‘ඇය දැයේ අභිමානයයි’ යන්න තේමා කරගත් ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය අද පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂභාවය, සමාජභාවීය සමානාත්මතාවය තහවුරු කිරීම සඳහාත් ඒ තුළින් කාන්තාවන් සවිබල ගැන්වීම සඳහාත් ප්‍රථම වරට සැකසූ ජාතික කාන්තා ප්‍රඥප්තිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

ශ්‍රී ලාංකේය අභිමානවත් හා දීප්තිමත් කාන්තාවන් උදෙසා ප්‍රණාම පුදකිරීමත් දිස්ත්‍රික් මට්ටමේ හොඳම ව්‍යවසායිකාවන් 25 දෙනෙකු ඇගයීමත් සිදු කෙරුණි.



කලාපයේ අනෙකුත් රටවල් හා සසඳන විට ශ්‍රී ලාංකික කාන්තාවන් ඉදිරියෙන් සිටින අතර ආසියානු කලාපයේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ශ්‍රී ලංකාව පෙරමුණ ගන්නා බවත්, සෑම අංශයකම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා කැපවී කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ජාත්‍යන්තර කාන්තා දින උත්සවයට එක්වෙමින් ප්‍රකාශ කළේ ය.



මෙහිදී තවදුරටටැහැ අදහස් දැක්වූ ජනාධිපති වික්‍රමසිංහ මෙසේ සඳහන් කළේය.

“2020 – 2022 ජාත්‍යන්තර කාන්තා දිනයත් 2023 ජාත්‍යන්තර කාන්තා දිනයත් අතර මේ රටේ විශාල විපර්යාසයක් සිදුව තිබෙනවා. මූලික හේතුව අපේ ආර්ථිකය කඩාවැටීම. දැන් මේ කාලය තුළදී අපි බලනවා නම්.. අපි වින්ඳ දුක ඒකෙන් අපිව බේරගන්න ක්‍රියාකරපු අයගේ නම් ගත්තොත් කාන්තාවන් තුන්දෙනෙක්ගේ නම්.”

“මම හිතුවා.. ඒ අයගේ නම් විශේෂයෙන් ම සඳහන් කරන්න. පළමුවෙන්ම ඉන්නේ නිර්මලා සීතාරාම් තමයි. ඉන්දියාවේ මුදල් අමාත්‍යතුමිය. එතුමිය තමා අගමැතිතුමයි කැබිනට් මණ්ඩලයයි එක්ක කතා කරලා, ලංකාවට ඩොලර් බිලියන 3ක් ණය දෙන්න කියලා තීරණයක් ගත්තේ අප්‍රේල් මාසයේ. අපි ඇත්ත වශයෙන්ම බංකොලොත් වුණා කියලා ප්‍රකාශ කරායින් පස්සේ. මම හිතන්නේ බංකොලොත් වුණ රටකට ණය දෙනවා කියන එක හරි නිර්භීත ක්‍රියාවක්. පළමුවෙන්ම අපි එතුමියට ස්තූති කරන්න ඕනේ පසුගිය මාස තුන හතරේ බිලියන 03 නොතිබුණා නම් රටේ මොකද්ද වෙන්නේ කියලා මම අමුතුවෙන් කියන්න ඕනේ නෑ.”

“දෙවනුව අපි ගියා ප්‍රධාන රටවල් එක්ක ආර්ථිකය ගැන කතා කරන්න. එතැනදී ප්‍රධාන රට තමා අමෙරිකාව. එතැනදී නායකත්වය ගත්තේ, ඒ රටේ භාණ්ඩාගාරික ලේකම් ජැනට් යෙලන් මහත්මියටත් මම ස්තූති කරනවා.”

“මේ රටවල් එක්ක, පැරිස් සමාජය එක්ක, ලෝක බැංකුව ඔක්කෝම එක්ක සාකච්ඡා කරලා විශේෂයෙන්ම මේකේ නායකත්වය ගත්තේ, ලංකාව වෙනුවෙන් තමන්ගේ පුද්ගලික කැපවීම කළේ, IMF සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිස්ටලීනා ජෝජිවා මහත්මිය කියලා මම කියන්න කැමතියි. මේ කාන්තාවන් තුන්දෙනා හිටියේ නැත්නම් අපි හුඟාක් අමාරු වෙනවා.”

මුලාශ්‍රය – ද ලීඩර්


https://web.facebook.com/watch/?v=1146108659400447&t=5

පාස්කු ප්‍රහාරයේ නඩුවලින් ජනපති නිදහස් ! මෛත්‍රිගේ අභියාචනය නිෂ්ප්‍රභා වෙයි !

0

පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් විසින් ගොණු කර ඇති 108කින් ජනපතිවරයා නිදහස් කරන ලෙස අද (01) දිනයේදී කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබේ.

කොළඹ අතිරේක දිසා අධිකරණ විනිසුරු මහේෂා ද සිල්වා මහත්මිය පවසා ඇත්තේ දෙවැනි වගඋත්තරකරු ලෙස නම් කර ඇති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 (1) වගන්තිය ප්‍රකාරව ඔහුට  මුක්තිය හිමිවන බවයි.

පාස්කු ප්‍රහාරය එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම හේතුවෙන් වින්දිතයින් බවට පත්වූ තමන්ට වන්දි අය කර දෙන ලෙස ඉල්ලා වින්දිතයින් විසින් එම නඩු ගොනුකර තිබුණි.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම රුපියල් 21,000සක ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභා කිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය නියම කළ බව අද දෙරණ වෙබ් අඩවිය වාර්තා කර තිබුණි

සංජීව මොරායස් සහ ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා තමාට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩු සියල්ල ප්‍රතික්ෂේප කර තමන්ව එම නඩුවලින් නිදහස් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෛත්‍රීපල සිරිසේන මහතා මෙම පෙත්සම ගොනුකර තිබුණි.

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිව වින්දිතයින් විසින් නඩු 108ක් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබුණි

යුද පීඩිත දෙමළ ජනයාගේ ඉඩම් අල්ලන්නට ගොස් ආණ්ඩුව පසුබසී

0

මුලතිව් – කුරුන්තුර්මලේ දෙමළ ජනයා පදිංචිව සිටී ඉඩම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අත්පත් කරගැනීමේ වෑයමක් ප්‍රදේශවාසීන්ගේ විරෝධය හේතුවෙන් ව්‍යවර්ථවී තිබේ.



විරෝධය දැක්වූ කුරුතුර්මලේ – තන්නිමුරුප්පු ජනතාව කියා සිටියේ 1984 පැවති යුද ගැටුම් නිසා ප්‍රදේශය අත්හැර ආරක්ෂක ස්ථාන කරා ගිය ඔවුන්ට යුද්ධය අවසන්ව වසර 14 ක් ගත වී ඇතත් මෙතෙක් නැවත පදිංචිවීමට අවස්ථාව ලබා දී නොමැති බවයි.

1933 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව කුරුන්තුර්මලේ පුරා විද්‍යා භුමිය අක්කර 78 කි. එහෙත් 2022 වසරේදී කිසිදු දැනුම් දීමකින් තොරව ජනතාව එතෙක් පදිංචිව සිටී ඉඩම් අක්කර 306 ක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අත්පත් කරගෙන තිබේ.

මෙසේ පවරාගත් ඉඩම් කුරුන්තුර්මලේ බෞද්ධ විහාරස්ථානයට අයත් බවට පවසමින් මායිම් සලකුණු කිරීමටද පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ක්‍රියාකර ඇතැයි ප්‍රදේශවාසීන්ගේ විරෝධයට එක්ව සිටී පාර්ලිමේන්තු මන්ත්‍රී විනෝ නෝහරාර්දලිංගම් පෙන්වාදෙයි.

”පවරා ගත් ඉඩම් වලට ජනතාව පදිංචි වී සිටි වගා බිම් වලට අමතරව  පාසල්, තැපැල් කන්තෝරු හා වී ගබඩා වලට අයත් ඉඩම් හා ගොඩනැගිලි ද තියෙනවා.”

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය වව්නියා සංචාරයේදී කියා සිටියේ දැනටමත් ගැසට් මගින් නිවේදනය කර ඇති කුරුන්තුර්මලේ පුරාවිද්‍යා භූමියට අයත් ඉඩම් අක්කර 78 ට අමතරව තවත් අක්කර 05 පමණක් පවරා ගන්නා බවයි.

එම අක්කර 05 මැනීමට පසුගිය දා එහි ගිය මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය ලේකම් උමා මහල් මනිවන්නම් ඇතුළු ඉඩම් හා මැනුම් නිලධාරීන්ට විරෝධය දක්වමින් තන්නිමුරිප්පු ජනතාව කියා සිටියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඉඩම් පවරා ගැනීමට පෙර දැනටමත් ඔවුන් අත්පත් කරගෙන ඇති ඉඩම් නිදහස් කර යළි පදිංචිවීමට අවස්ථාව ලබා දෙන ලෙසයි.

එම ඉඩම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලබා ගෙන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ගෙන ඉන්පසු යළි පදිංචි වීමට ඉඩ සලසන බවට මුහුදුබඩපත්තුව ප්‍රාදේශිය ලේකම්වරිය කියා සිටිය ද  එය පිළිනොගත් තන්නිමුරිප්පු ජනයාගේ විරෝධය නිසා ඉඩම් මැනීම තවකාලිවක අත්හැර දැමීමට සිදුවූ බව එහි ගිය වන්නි මාධ්‍යවේදියෝ පවසති.

ප්‍රාදේශීය ලේකම්වරියගේ විසදුම ගැන ඉඩම් අහිමි තන්නිමුරිප්පු ජනයා පවසන්නේ අත්පත් කර ගත් තම ඉඩම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්  නිදහස් කරගෙන වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා දීම  ”එක් යකකුගෙන් තවත් යකකුට බාර දීමක්” ලෙසයි.

aan 1
aan 2

JW

සිවුරු දාල දුවපු හික්ෂුවට ඔවදනක් ..

0

පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයේදි පැවැති විරෝධතාවයේදි එහි තාප්පයට උඩින් පනින්නට ගිය භික්ෂුවකගේ සිවුරු පැටලිම නිසා උන්වහන්සේ සිවුරුත් නැතුවම දිව ගිය විඩියෝ දර්ශන බොහෝ මාධ්‍ය විසින් ප්‍රචාරය කර තිබුණි.

මේ පිළිබදව විවිධ මත පළකිරිම්ද සිදුව තිබේ.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිමිවරුන්ගේ ඊයේ (23) පැවති විරෝධතාවය අතරතුර හැසිරීම සම්බන්ධයෙන් මහාචාර්ය, පුජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් ද අදහස් පළ කර තිබුණි

ඒ, හෝමාගම පනාගොඩ යුද හමුදා බෝධිරාජාරාමයේ පැවති සමස්ත ලංකා පිරිවෙන් කෘත්‍යාධිකාරි සහ පරිවේණාධිපති සම්මේලනයේදීය. 

මහාචාර්ය පුජ්‍ය කොටපිටියේ රාහුල හිමි,

“ඊයේ අපි දැක්කා භික්ෂුවකගේ සිවුර ගැලවෙනවා. සිවුර දාලා දිව්වා. ඒ භික්ෂුවට තිබුණා නම් ශ්‍රද්ධාවක්, මහණ වෙච්ච දවසේ ඉඳන් මම ඉදිරියට ආවේ සිවුරේ පිහිටෙන් කියලා හිතුනා නම් මේ සිවුර දාලා යන්නේ නැහැ.”

“රනිල්” අනෙකා වීම

0
ලංකාවේ දේශපාලනය දිහා පසුගිය දශක තුනක් විතර ආපස්සට හැරිල බලනකොට පේන දෙයක් තමයි ප්‍රතිපත්ති පිළිබඳව තියෙන එකගතාවයන් හරි ඊට විරුද්ධ වීම් හරි සිද්ධවෙන්නේ පුද්ගලයන් කේන්ද්‍රීයව කියන එක. ඒක නිසාම පුද්ගල චරිත විශාල වෙමින් ඒවා අයිකන් බවට පත්වෙනවා විතරක් නෙමෙයි ඒවාත් එක්ක ඒ දේශපාලන ප්‍රොපගැන්ඩා බිමටම සමතලාත් වෙනවා.

2005 දි මහින්ද රාජපක්ෂ බලය ගන්නකොට මහින්ද වටා සියලුම වාමාංශික කොටස් සහ සුලු පක්ෂ එකතු වෙනවා. මූලිකවම ඊට පෙර තිබූ ආණ්ඩුව යටතේ උතුරේ අරගලය වෙනුවෙන් තිබූ දේශපාලනමය විසදුමක් කියන යාන්ත්‍රනය වෙනුවට යුධමය යාන්ත්‍රනයක් පිළිබඳව තිබ්බ සිංහල ජාතියේ “සිහිනය” ජනතා විමුක්ති පෙරමුණ, සිංහල උරුමය වගේ පක්ෂ ඉදිරියට අරගෙන ඇවිල්ලා මහින්දව දිනවනවා.

වන වන හිටපු ජාතිකවාදී කොඩිය 2009 න් පස්සේ මහින්ද තමන්ගේ භුක්තියට ගත්තයින් පස්සේ ඉතුරු වෙන්නේ දූෂණය, භීෂණය කියන සටන් පාඨ විතරයි. ඒකෙ උපරිම ස්ථානය යහපාලන ආණ්ඩුවකින් කෙළවරට ගේනවා. එතනදිත් දූෂණ, භීෂණ කොඩිය වනන ජ.වි.පෙ. අතින් ඒ කොඩිය මෛත්‍රිපාල සිරිසේන උදුරගන්නවා.

මේ හැම අවස්ථාවකදීම කේන්‍ද්‍රීය වෙන්නේ පුද්ගල චරිතයක්, සරත් ෆොන්සේකා වගේ කෙනෙක් එකපාරටම මතුවෙන්නේ එහෙම.

2019 දි ඝෝඨාභය බලයට එන්නෙත් පුද්ගල චරිතයක් විදිහට. ඒකට මූලික වෙන දෘෂ්ටිවාදය වෙන්නෙත් ජාතිකවාදී මූලයන්ම තමයි.

2022 දි සිද්ධවෙන අරගලය හරහා රාජපක්ෂල වේදිකාවෙන් බැහැල යනකොට රනිල් බලේට එනවා. එයා මාධ්‍ය ඉස්සරහට ඇවිල්ල කියන්නේ ප්‍රතිපත්ති පිළිබඳව හා පවතිනා ආර්ථික අර්බුදය පිළිබඳව. ඒවාට එකග වීම හා නොවීම කියන කාරනා තිබ්බත් ඊට පස්සේ හැමෝටම සිද්ධවෙනවා ආර්ථික ප්‍රතිපත්ති සහ ආර්ථික වැඩපිලිවෙලවල් ගැන බැරෑරුම්ව කතාකරන්නත්, ඉදිරිපත් කරන්නත්.

ඒක නිසාම අනිත් හැම විපක්ෂ කණ්ඩායමකම දේශපාලනික අනෙකා වෙන්නේ රනිල්. පවතින තත්ත්වය කළමනාකරණ කොට ඒක වෙනුවෙන් රනිල්ගේ වැඩපිළිවෙළට එකඟ හා විරුද්ධද කියන බෙදීම ඇතුලේ එකිනෙකාගේ ප්‍රොපගැන්ඩා නිර්මාණය වෙනවා.

දේශපාලනික සාධකයක් හැටියට රනිල් වගේ තනි පුද්ගල “මතවාදයක්” හැමෝගෙම අනෙකා වන එක කියවගන්න එක විපක්ෂය පිළිබඳව තියෙන හොද නිර්නායකයක්.

ගොඩනැගිච්ච හැම පුද්ගල චරිතයක් වටාම ඒහා බැදුනු මතවාදී ශක්තිමත් යාන්ත්‍රනයක් තිබුනත් රනිල් වටා තියෙන්නේ අර්බුදයක් සමග මතුවුනු ප්‍රශ්නාවලියක්.

ඉතින් රනිල් දේශපාලනික අනෙකා කරගන්නකොට අනිත් හැමෝගෙම හෙලුව පේන එක තමයි වෙන්නේ. මොකද මෙතෙක් කල් සැබෑ ප්‍රශ්න ලංකාවෙ දේශපාලනය තුල අධිනිශ්චය වෙලා නෑ. හැමවිටම වුනේ දේශපාලනය ජාතිය, ආගම වගේ සංස්කෘතික කාරණා උඩ කැරකැවිච්ච එක.

ආර්ථික අර්බුදය විසින් මෙතැනින් හැමෝගෙම දේශපාලනයන් ආර්ථිකය වෙත විතැන් කරනවා. ඒකට මුහුණ දෙන්නේ රනිල්, ඉතින් රනිල් අනෙකා කරගන්න එක ලංකාවේ දේශපාලනය තුල ටර්නින් පොයින්ට් එකක්.

carbonnews.lk