Saturday, September 21, 2024

‘Amen’ (2013)LJP – මලයාලම් චිත්‍රපට….

Must read

‘Amen’ (2013)LJP කිව්වම මලයාලම් චිත්‍රපට රසිකයින් දන්නවා අඩංගු නිර්මාණාත්මක කොලිටිය කොහොමද කියලා. එච්චරකටම ඒ අකුරු තුනෙන් හඳුන්වන නිර්මාණකරුවා විසින් තමන්ගෙ සිනමා අනන්‍යතාවය මලයාලම් සිනමා කර්මාන්තයේ තබා අවසන්.

විශේෂයෙන්ම කතන්දරය ඉදිරිපත් කරන රටාව සහ කතන්දරය පැවසීමේ කලාව තුළ පවත්නා සුවිශේෂීතාවය නිසාම සම්මාන උළෙලවල් කීපයකදීම හොඳම අධ්‍යක්ෂකවරයා ලෙසින් සම්මානයෙන් පිදුම් ලබපු කෙනෙක් විදිහට ඔහුගේ වෙනස්ම චිත්‍රපට අතරේ මේ තවත් වෙනස්ම එකක් කියල හඳුන්වන්නට පුළුවන්. ගම්මානයක්.

කේරළයේ ජලජ පරිසරයේ අසිරිය මැද්දේ ඉවුරු දෙකක වෙසෙන ප්‍රජාවකගේ තරඟයක්. තරඟයක් කිව්වට යුද්ධයක් හා සමානයි. එකම පල්ලියට එන, එකම දෙවියන් යදින, එකම ශාන්තුවරයෙකුගේ ආශිර්වාදය මැද ඉඳන් එකට ගැටෙන දෙපිරිසක්. ලොකුම ගැටුම තමයි බෑන්ඩ් සංග්‍රාමය.


එහා ඉවුරේ අය තමයි හැමදාමත් ශූරතාවය දිනන්නේ. හැබැයි කාලාන්තරයකට කලින් ලෙජන්ඩ්ස්ලා හිටියේ මෙහා ඉවුරේ බෑන්ඩ් එකේ. වර්තමානයේදී නම් නිකම්ම නිකම් පල්ලියේ බෑන්ඩ් එකක් විතරයි. හැබැයි ආපහු සැරයක් ඉපැරණි ගෞරවය දිනාගන්නට නම් දෙවියන් විසින්ම ගැලවුකරුවෙක් එවිය යුතුම වෙනවා. වැඩේ කියන්නෙ එහෙම කෙනෙක් එනවා. අමුතුම විදිහේ ගැලවුම්කරුවෙක් තමයි එයා. මෙහා ඉවුරේ සොලමන් සහ එහා ඉවුරේ සෝශානා අතර පෙම් අරගලයයි, බෑන්ඩ් සටනයි, ගැලවුම්කාරයයි එක්ක මේක හරිම අපූරු කතන්දරයක්. සොලමන් කියන්නෙ පල්ලියේ බෑන්ඩ් එකේ ලෙජන්ඩරි ක්ලැරිනට් වාදකයාගෙ පුතා.

නමුත් පල්ලියේ බෑන්ඩ් එකෙන් ප්‍රතික්ෂේප වූ අයෙක්. නොහැකියාව හින්ද නෙමේ දෙගිඩියාව හින්දා. හරි නම් එයා තමයි මූලික වෙලා, එහා ඉවුරෙන් ගේම ඉල්ලලා ගමේ නම්බුව ආරක්ෂා කරගෙන ප්‍රේම සටනත් දිනන්න ඕන කෙනා. සොලමන්ගේ චරිතය දුබල සහ පරාජිත එකක් විදිහටයි නිරූපණය වෙන්නේ.

සොලමන්ගේ සමහර හැසිරීම් නරඹන්නාව කෝප ගන්වන්නට පවා සමත්. ෆහද් ෆාසිල් ඒ වැඩේ අපූරුවට කරනවා. රවුඩි බේබි කෙනෙක් කියල කියන්න පුළුවන් පෙම්වතියක් විදිහට ස්වාති රෙඩ්ඩි ගේ දායකත්වයත් කදිමට ගැලපෙනවා. හැමදෙයක්ම බැලන්ස් කරවන්න ඕන ගැලවුම්කරුවා විදිහට ඉන්ද්‍රජිත් සුකුමාරන් ඇතුළු සියලුම චරිත සහය වලින් හොඳම සහයක් ලැබෙනවා. නමුත් සියල්ල පරයා වඩාත්ම අවධානයට යොමුවෙන්නේ කැමරා කෝණ, කැමරාවේ හැසිරීම සහ විශුවලි ස්ටනින් රූපරාමුම තමා.

පරිසර වර්ණනාවල් ඇතුළු සියලුම දර්ශන වල තියෙනවා මාරම කලාත්මක බවක්. වර්ණවත් බවක්. කතන්දරයේ සොබහවය අනුව ගීත වල රූපරචනාත් කදිමයි. හාස්‍යයට ලැබෙන ඉඩත් බොහෝමයි. සංගීතය ප්‍රධාන වන කතන්දරයක් නිසා සංගීතයෙන් ලැබෙන සහයත් ජවසම්පන්නයි.

සියල්ලම ඉතින් LJP ගේ නිර්මාණකරණයට යටත් වෙනකොට මේක මාරම මාර ආකර්ෂණීය චිත්‍රපට අත්දැකීමක්ම තමයි. –

ලක්ෂ්මන් අරංවල

*****************************************************
Directed byLijo Jose PellisseryStory & Written byP.S.RafeequeProduced byFareed Khan StarringFahadh FaasilIndrajith SukumaranSwathi ReddyKalabhavan ManiCinematographyAbinandhan RamanujamMusic byPrashant PillaiCountryIndiaLanguageMalayalam

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)