Sunday, September 22, 2024

සමාජ මාධ්‍යට වැට බැඳීමට ආණ්ඩුව සැරසෙයි!

Must read

අසත්‍ය පුවත් පළකිරීම සම්බන්ධයෙන් වූ නීති රීති දැඩි කිරීමට රජයේ අවධානය යොමු කර ඇත.

විශේෂයෙන්ම වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් පළ කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බැවින්, නීති රීති දැඩි කිරීමේ අවශ්‍යතාවයක් මතුව ඇති බව රජය හඳුනාගෙන ඇත.

පවතින නීති රීති ප්‍රමාණවත් නොවන බැවින් හා නව තාක්ෂණය යටතේ විවිධ මාධ්‍ය මගින් පළකරන ප්‍රචාරක කටයුතු සඳහා පියවර ගැනීමේ අරමුණින් නීති රීති සංශෝධනය කිරීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත.

කෙසේ නමුත් සමාජ මාධ්‍ය භාවිතයට එරෙහිව මෙසේ නීති රීති දැඩි කිරීමට කටයුතු කරමින් සිටින්නේ, පසුගිය ජනාධිපතිවරණයෙන් පසු පත්වූ භාරකාර ආණ්ඩුව විසින් සමාජ මාධ්‍ය භාවිත කරන්නන් හා මාධ්‍යවේදීන් ගණනාවක් සිරගත කළ පසුබිමකය.

අසත්‍ය පුවත් පළකිරීමට අදාළව මේ වනවිටද නීති රීති ප්‍රකාශයට පත් කර තිබේ. මේ සඳහා වූ සංශෝධිත පනත් කෙටුම්පතක් අධිකරණ ඇමැති අලි සබ්රි ඇමැති මණ්ඩලයට ඊයේ (21 වැනිදා) යොමු කර තිබුණි.

ඒ 20/1328/330/007 දරන ඇමැති මණ්ඩල සංදේශය යටතේය.

කෙසේ නමුත් සමාජ මාධ්‍ය භාවිතයට එරෙහිව මෙසේ නීති රීති දැඩි කිරීමට කටයුතු කරමින් සිටින්නේ, පසුගිය ජනාධිපතිවරණයෙන් පසු පත්වූ භාරකාර ආණ්ඩුව විසින් සමාජ මාධ්‍ය භාවිත කරන්නන් හා මාධ්‍යවේදීන් ගණනාවක් සිරගත කළ පසුබිමකය.

එසේම ICCPR පනත වැනි අණපනත් අනිසි ආකාරයෙන් යොදාගෙන ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් නිදහස් අදහස් ප්‍රකාශනයේ යෙදෙන පුද්ගලයන් සිරගත කිරීමට කටයුතු කරමින් සිටින බවට මහාධිකරණයේ අවධානය පවා යොමුව පවතින වටපිටාවකය.

සමාජ මාධ්‍ය තුළ නිදහස් මත ප්‍රකාශකයකු වූ රම්සි රසීක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ එම් ඒ සුමන්තිරන් පසුගියදා අධිකරණය හමුවේ පෙන්වා දී ඇත්තේ, රම්සී රසීක් තම අදහස් ඉදිරිපත් කර ඇත්තේ රටේ පවතින නීති රාමුව තුළ හිඳිමින් බවයි. කෙසේ නමුත් රම්සි රාසික් මාස 5කට අධික කාලයක් සිරිගත කොට තැබිණි.

කෙටිකතාවක් ලියූ වරදට සිරගත කළ ශක්තික සත්කුමාරගේ නඩු විභාගය අද දිනයේ ද උසාවියේ ඉදිරියේ අසමින් පවතී. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු, මාධ්‍යවේදියකු වන විමල් කැටපෙආරච්චි තම ෆේස්බුක් ගිනුමේ මෙවැනි සටහනක් පළකර තිබිණි.

කෙටිකතාවක් ලියූ වරදට සිරගත කළ ශක්තික සත්කුමාර, ඊට අදාළ නඩුව වෙනුවෙන් අද (අප මේ සටහන ලියන මොහොතේ) පොල්ගහවෙල උසාවියේ පෙනී සිටියි. පසුගිය ආණ්ඩුව සමයේ සිදුවූ මේ සිද්ධිය සම්බන්ධයෙන් අධි චෝදනා ගොනු කිරීම හෝ නොකිරීම ගැන පොලීසිය දන්වනු ඇතැයි නීතිඥයෝ පවසති.
අපි ඉතා උනන්දුවෙන් බලා සිටිමු.
ප්‍රකාශනයේ නිදහස උදෙසා අපගේ පෙනීසිටීම අදටත් වලංගු ය.
නොවැළැක්විය හැකි හේතු මත අද පොල්ගහවෙල නොගිය ද අප ශක්තික සමග ය.
මහපාර තවමත් අරගලයට විවෘත ය.

theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)