Sunday, September 22, 2024

වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් දින 14කට රිමාන්ඩ් : ”බුද්ධි සේවය හා රහස් පොලිසිය අතර ගැටුමක්”

Must read

(නීතිඥවරියක වන ඩෙස්මන් ගේ බිරිඳ උසාවි භුමියේ හඬා වැලපෙමින්…- ජායා : ලංකාදීප)

පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකය විසින් ඊයේ (අගෝස්තු 31) පස්වරුවේ දී අත්අඩංගුවට ගෙන් අද දහවල් අධිකරණය වෙත ඉදිරිපත් කළ වෙබ් මාධ්‍ය කතුවරයකු වන ඩෙස්මන් චතුරංග ද  අල්විස් ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට  කොළඹ අලුත්කඩේ අංක 06 අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ නියෝග කළාය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111c යටතේ අධිකරයට බලපැමක් වන ප්‍රවෟත්තියක් සිය වෙබ් හි ‘ලංකා වෙබ් නිවුස් ඔර්ග්’ හි පල කිරීම, එසේ පල කිරිම ට අදාල වෙබ් අඩවියේ ඇඩ්මින්වරයා තමා බව පිලිගැනීම, එ අනුව පරිඝනක අපරාධ පනතේ 6 වගන්තිය යටතේ ගැනෙන රටේ පොදු යහපත (public order) අස්ථාවර කිරිමට කටයුතු කිරිම යන කරුණු යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාධ්‍යවේදියාට එරෙහිව චෝදනා ගොනුකර තිබිණ.

‘සමගි ජන බලවේගයේ’ ප්‍රචාරක හා මාධ්‍ය කමිටුවේ ප්‍රධානියකු වන මාධ්‍යවේදී ඩෙස්මන් වෙනුවෙන් පෙනී සිටින බවට එම පක්ෂයට හිතවත් නීතිඥයින් ගණනාවක් එකඟතාවය පළකර තිබුනද අද ඔහු වෙනුවෙන් ඉදිරිපත්ව සිටියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රිරාල් ලක්තිලක පමණි.

SIS Vs CID !!! -Uvindu Kurukulasuriya කියන කතාවක් …

මේ අතර මාධ්‍යවේදී ඩෙස්මන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‘කලම්බෝ ටෙලිග්‍රාෆ්’ කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය FB පිටුවේ සටහනක් පළකර කරමින් මෙම සිද්ධිය 
රාජ්‍ය බුද්ධි සේවාවත් (SIS), අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවත් (CID)  අධිකරණයත් අතර ගැටුමක් බව අනාවරණය කර තිබේ.

WhatsApp Image 2020 09 01 at 3.15.38 PMඋවිඳුගේ FB සටහනේ මෙසේ සඳහන් වේ.

”ඩෙස්මන්ව දවස් 14කට ඇතුලට, ඇයි මම එයා වෙනුවෙන් පෙනී ඉන්නෙ නැත්තෙ

ගොඩක් අය මගෙන් අහනව ඇයි අර ප්‍රශ්ණ කරන මාධ්‍යවේදියා – ඩෙස්මන් – වෙනුවෙන් පෙනී ඉන්නෙ නැත්තෙ කියල. 

මට කියන්න තියෙන්නෙ මෙච්චරයි:

01: අත්අඩංගුවට ගැනීම හා ප්‍රශ්ණ කිරිම මත අපට ක්‍ෂ්ණිකව තීරණවලට එන්න අමරුයි.

02: තාම කවුරුත් දන්නෙ නැහැ අධිකරණයට අපහාස උනා කියල පැමිණිල්ල දාල තියෙන්නෙ කවුද කියල

03: නීතියට පිටින් යමක් වෙනව නම් විතරයි අපිට පෙනී ඉන්න පුලුවන්. 


ප්‍රශ්ණයට තුඩු දී වාර්තාව අනුව මට පේන්නෙ මාධ්‍යවේදියා වරදක් කර ඇති බවයි. 

ඒ මොකද මම හිජාස්ගේ කේස් එක ගැන විමසිල්ලෙන් සිටින නිසා. 

ඩෙස්මන් ලියා ඇත්තේ “”පාස්කු ප්‍රහාරයේ සැකකාර නිතීඥ හිජාස්ට ඇප ගන්න හොර පාරක් කපයි… ලක්‍ෂ 50කට අභියාචනාධිකරණයේ දොර ඇරෙද්දී විනිසුරුවරුන්ටත් සල්ලි…. ඇප දිම පසුපස බලවත් බළල් අතක්” කියල කතාවක්. 

ඔහු නිවැරදිකරු නම් එය ඔප්පු කිරිමේ සාධාරණ අවස්ථාවක් ඔහුට තිබිය යුතුය. 

ඒ අවස්ථාව සරත් ෆොන්සේකාට මෙන් අහිමි කලහොත් මම ඔහු වෙනුවෙන් පෙනී සිටිමි. 

මේ මගේ තීරණය මා දැනට දන්නා කරුණු උඩ පමණි. 

මේක රාජ්‍ය බුද්ධි සේවාවත්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවත්, අධිකරණයත් අතර ගැටුමක්. 

මේ වෙන කොට මාධ්‍යවේදියා, කොටින්ම තමන්ට තොරතුරු දුන්නේ කවුද යන්න පවා එලිදරව් කරමින් ඉන්නා අතර, අද පෝය දවසක් බැවින් තව යමක් කීමට නොහැක. 

ජනමාධ්‍යයේ පැවැත්ම රඳා පවතින්නේ මූලාශ්‍ර මතය. 

අපි හැමෝටම වගේ මූලාශ්‍රවලටත් වැරදීමට හැක. 

ඒවා විශ්වාස කර පලකරන පුවතත් නිවැරදි නොවන්නට පුලුවන. 


Uvindu text01මගෙන් උසාවියකදී හෝ වෙන කිසියම් බලාධිකාරයක් මගේ මූලාශ්‍රය ඇසුවොත් මා තෝරාගන්නේ හිර ගෙදර මිස මූලාශ්‍රය හෙලිදරව් කිරීම නොවේ. 

ඒ ජනමාධ්‍යයේ පැවැත්මට එය අත්‍යාවශ්‍ය නිසාය. 

අපි මූලාශ්‍ර හෙලිකරන්නට ගියහොත්, මාධ්‍යයට පැවැත්මක් නොමැති වනු ඇත. 

මේ ගැන හැම පැත්තක්ම බලා මා මීට කලින් ලිපි කීපයක්ම ලියා ඇත.

 හිතාමතා වැරදි තොරතුරු දී ඇත්නම් තත්ත්වය වෙනස්‍ ය.

ඔහු වෙනුවෙන් පෙනී සිටීම හෝ නොපෙනී සිටීම කරුණු සියල්ල දැන ගත් පසු කරමි. 

එතකන්, මම ඊයේ ලියූ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දුන් අධිකරණයට අපහාස කිරීම ගැන තීන්ඩුවට අදාල පහත සටහන කියවන මෙන් උනන්දුමත් පාර්ශව වලින් ඉල්ලා සිටිමි.”
theleader.lk

කියවන්න: 
 Why The Indian Supreme Court’s Prashant Bhushan Contempt Ruling Is Important For Sri Lanka; A ‘Freezing’ Of Freedom Of Speech 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)