Sunday, September 22, 2024

ඉන්දිය ගුවන් අනතුරෙන් මිය ගිය ගණන 26 දක්වා ඉහල යයි …

Must read

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් මියගිය මගීන් ගණන 26 දක්වා ඉහල ගොස් ඇතැයි ඉන්දිය මාධ්‍ය වාර්ථා කර සිටි.
මිට කලින් ඉදිරිපත්ව වු වාර්ථා වලට අනුව මිය අතර ළමයින් 4 දෙනෙකු වන බවද හඳුනාගෙන ඇති බව පවසයි.

එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් විසින් නිකුත් කරන ලද පියාසැරි ලැයිස්තුවේ තොරතුරුවලින් පෙනී ගියේ මෙහි ළාබාලතම තුවාලකරුගේ වයස අවුරුද්දක් පමණක් වන අතර, මියගිය වයස්ගතම මගියා අවුරුදු 61ක් පමණ වන බවය.

මේ අතර තුවාලකරුවන්ගෙන් එක් අයෙකු කොරෝනා වෛරසයට ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව කේරළ මහඇමතිවරයා පැවසීය. කොවිඩ්-19 ගමන් තහනම හේතුවෙන් විදේශයන්හි අතරමංව සිටින ජාතිකයන් ආපසු ගෙන්වා ගැනීම සඳහා ඉන්දියානු රජය විසින් මෙහෙයවන ලද මෙම ගුවන් යානය ආපසු ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් වලින් එකක් බව එයාර් ඉන්දියා වෙබ් අඩවිය පවසයි.

දේශීය වේලාවෙන් සිකුරාදා රාත්‍රියේ කෝලිකෝඩ් කැලිකට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබසින අතරතුර ගුවන් ධාවන පථයෙන් ඉවතට පැන දෙකට කැඩී යාමෙන් IX-1344 ගුවන් යානය අනතුරට ලක්විය. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඩුබායි සිට පැමිණි ගුවන් යානයේ ඒ වනවිට පුද්ගලයන් 190 දෙනෙකු සිට ඇත.

“තුවාල ලැබූ මගීන් රෝහල් වෙත රැගෙන යාම සඳහා ගිලන්රථ සේවා 100ක් පමණ යොදවා තිබුණා. තුවාල ලැබූවන් කෝලිකෝඩ් හා මලප්පුරම් දිස්ත්‍රික්කවල රෝහල්වලට ඇතුළත් කරනු ලැබුවා” යැයි ගෝපාලක්‍රිෂ්ණන්ගේ ට්විටර් පණිවුඩයක දැක්වෙයි.

සෙනසුරාදා කෝලිකොඩ් නුවරට පැමිණි සිවිල් ගුවන් සේවා අමාත්‍ය හර්දීප් සිං පූරි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ පුද්ගලයින් 149 දෙනෙකු විවිධ රෝහල්වලට ඇතුළත් කර ඇති අතර ඉන් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි. තවත් 23 දෙනෙකු නිදහස් කර ඇති බවද ඔහු පැවසීය.

අනතුරෙන් පසු සහන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා තමා පැමිණ සිටින බවත්, සිවිල් ගුවන් සේවා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග සාකච්ඡා කරන බවත් ඔහු පැවසීය. සුන්බුන් අතරින් පියාසැරි දත්ත රෙකෝඩරය සහ නියමු කුටියේ හඬ පටිගත කිරීමේ යන්ත්‍රය සොයාගෙන ඇති බව ඔහු පැවසීය.

ගුවන් අනතුර පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශය (AAIB) විසින් සිදුකරන බව පූරි මහතා පැවසීය.

ගුවන් යානය ගොඩබස්වන අවස්ථාවේදී අධික වැසි සහිත කාලගුණික තත්ත්වයක් පැවතී ඇති අතර, යානය ධාවන පථයෙන් ඔබ්බෙහි බෑවුමකට පතිත වී දෙකඩා කැඩී තිබුණි.

සිවිල් ගුවන් සේවා අමාතය පූරි මියගිය අයගේ පවුල්වල සාමාජිකයන්ට සහ මිතුරන්ට සිය හෘදයාංගම ශෝකය ප්‍රකාශ කළ අතර, තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.

ඉන්දියාව කොවිඩ්-19 වසංගතයේ දරුණු බලපෑමකට ලක්ව සිටින මොහොතක මෙම අනතුරට මුහුණදුන් අතර, මේ වනවිට එරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 2,088,611ක් ලෙස සටහන් වන අතර, සමස්ත මරණ සංඛ්‍යාව 42,518කි.
මුලාශ්‍ර- ලංකාදිප ,The hindu

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)