Sunday, September 22, 2024

මංගලගේ මාතර එජාප සංවිධායක ධුරය උපුල් නිශාන්තට!

Must read

එක්සත් ජාතික පක්ෂයේ මාතර ආසනයේ සංවිධායක ලෙස උපුල් නිශාන්ත සුභාවික්‍රම පත්කර ඇත.එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් ඊට අදාල පත්වීමේ ලිපිය ‘සිරිකොත’ එජාප මුලස්ථානයේදී අද (ජුලි 21) පෙරවරුවේදී ලබාදී තිබේ.

ඔහුව එම තනතුරට පත්කර ඇත්තේ, එම තනතුරේ කටයුතු කළ හිටපු අමාත්‍ය මංගල සමරවීර මැතිවරණ දේශපාලනයෙන් ඉවත්වීම නිසා ඇතිවූ පුරප්පාඩුව සඳහාය.

මාතර රාහුල විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන උපුල් නිශාන්ත සුභාවික්‍රම, ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයෙන් දේශපාලනයට එක්වූවෙකි.

මාතර මහා නගර සභාවේ හිටපු සාර්ථකම නගරාධිපතිවරයකු වන ඔහුගේ පාලන කාලයේ තුල දී එම නගර සභාව දෙවරක් ශ්‍රී ලංකාවේ හොඳම නගර සභාව ලෙස සම්මානයට පාත්‍රවිය.

පලාත් පාලන ක්ෂේත්‍රයේ වසර 25 ක පලපුරැද්දක් සහිත ඔහු පොදුරාජ්‍ය මණ්ඩලීය නගරාධිපති සමුලුවේ ආසියා පැසිපික් කලාපයේ අධ්‍යක්ෂක වරයාව ද සිටියේය. එසේම, UCLG ලෝක පලාත් පාලන සංසදයේ  අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කලේය.

තමන්දැරෑ ශ්‍රීලංනිප මාතර සංවිධායක ධූරයෙන් හා නගරාධිපති ධුරය අත්හරිමින් එජාපයට 2011දී මොහු එජාපයට එක්වුයේ, රාජපක්ෂ පාලනයේ දූෂණ වලට එරෙහිවෙමිනි.උපුල් නිශාන්ත මාතර මහා නගර සභාවේ වත්මන් විපක්ෂ නායක වරයාය.

හිටපු අමාත්‍ය මංගල සමරවීර සමග ඉතාමත් සමීපව දේශපාලනය කල ඔහු ඇමතිවරයාගේ මාතර කාර්ය මණ්ඩල ප්‍රධානී හා සංවර්ධන කටයුතු බාරව කටයුතු කලේය.

එක්සත් ජාතික පක්ෂ මාතර ආසන සංවිධායක ධුර පත්වීම් ලිපිය:

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)