Saturday, September 21, 2024

ජනාධිපතිවරණය : රනිල්ගේ තීරණය ජනමත විමසුමේ ප්‍රතිඵල මත !

Must read

ජනාධිපතිවරණය කර ළඟටම පැමිණ ඇති හෙයින් ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් සියලු දෙනාම පාහේ ජනතාවගේ අදහස දැනගැනීම සඳහා සිය අවසාන ජන මත

විමසුම් සමීක්ෂණ මේ දිනවල ප්‍රබල වටයකින් ආරම්භ කර ඇතැයි වාර්තාවේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද සිය අවසාන ජනමත සමීක්ෂණය දීප ව්‍යාප්ත මට්ටමින් අරඹා ඇති බව රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කළේය.

එම කටයුතු සඳහා බුද්ධි අංශයේ නිලධාරිහු පිරිසක්ද යොදවනු ලැබ සිටිති.

මේ ජනමත විමසුම් සියල්ල පැවැත්වෙන්නේ දිස්ත්‍රික් මට්ටමිනි.

රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න තීරණය කරන්නේ එම ජනමත විමසුමේ ප්‍රතිඵල ඉතා සියුම් ලෙස විග්‍රහ කිරීමෙන් අනතුරුව බව දැනගන්නට ඇත.

ජනාධිපතිවරණ අපේක්ෂකයන් ජනමත විමසුම් පැවැත්වීමට රුපියල් කෝටි දෙදහසකට වැඩි මුදලක් දැනටමත් වියදම් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ඒ ඒ දේශපාලන පක්ෂ මේ දක්වා පවත්වා ඇතැයි පැවසෙන විධිමත් ජනමත සමීක්ෂණ සංඛ්‍යාව හතරකි. එම සමීක්ෂණ මගින් විවිධ තොරතුරු සහ සංඛ්‍යා දත්ත දැනටමත් හෙළිදරව් කරනු ලැබ ඇත.


(lankadeepa.lk -සුජිත් හේවාජුලිගේ)

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)