Saturday, September 21, 2024

මාගල්කන්දේ #හෑයියා – (චින්තන ධර්මදාස)

Must read

මාගල්කන්දේ සුදන්ත භික්ෂුව විසින් තරුණයෙකුගේ කලිසම ගැලවීමට උත්සාහ කරමින් සිටියදී ඒ තරුණයාගේ ඥාතීන්ට හසුවී තිබෙනවා.


පන්සලක් තුල, බුද්ධ චීවරය දරාගෙන තරුණයෙකුව මෙසේ සමලිංගික හැසිරීමට පොළඹවා ගැනීම නිසා බුදු දහමට සිදුවූ අපහාසයට එරෙහිව සිත් රිදීමට පත් බෞද්ධයෝ අද උදේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

නතාෂා එදිරිසූරිය විසින් සිද්ධාර්ථ කුමාරයාට සුද්දෝදනගේ කොල්ලා කීමෙන් ද, නැත්නම් භික්ෂුවක් විසින් විදෙස් රටකට ගොස් තරුණයෙකුගේ කලිසම ගැලවීමට තැත් කිරීමෙන් ද වැඩි අපහාසයක්, සිත් රිදීමක් බෞද්ධයාට සිදුවිය හැක්කේ කියන එක ඉදිරියට අපිට බලාගන්න පුළුවන්.

මාගල්කන්දේ කියන්නෙ සිහල රාවයේ ලේකම්වරයා. ඒ වහන්සේ වරෙක රංජන් රාමනායක විසින් කුඩා දරුවන් පන්සල්වල අපචාරයට ලක්වෙනවා කිව්වම ඊට විරුද්ධව, මෙය බුදු දහමට එරෙහි කුමන්ත්‍රණයක් යැයි හාමුදුරුවරු පිරිසක් සමග විත් විශාල විරෝධයක් නගන වීඩියෝවක් අන්තර්ජාලයේ තියෙනවා.



https://www.youtube.com/embed/eV1gEyunu60

 

ඒ වගේම සිංහල ජාතිය, ආගම බේරාගැනීමේ නාමයෙන් මිනිස්සු හිරේ දාන්න, දඩුවම් කරන්න, බිය වද්දන්න පැමිණි ප්‍රචන්ඩ භික්ෂු පරපුරේ ඉදිරිපෙල සාමාජිකයෙක්. මාගල්කන්දේගේ ප්‍රචන්ඩ, සාහසික මෙන්ම පහත් හැසිරීම අනෙක් කිසිම බෞද්ධ භික්ෂුවකට ප්‍රශ්නයක් වුනෙත් නෑ. ඒ නිසාම මාගල්කන්දෙ ජාතියේ වීර භික්ෂුවක් වගේ වුනා.

මාගල්කන්දේගේ සමලිංගික හැසිරීම ගැන අදේශපාලනික ලිබරලුන් (අදේශපාලනික කියන්නෙ බලය හැසිරෙන දිශාවන් පිළිබඳ වැටහීමක් නැතිව නිරපේක්ෂ යහපතක් වෙනුවෙන් පෙනී සිටින ඇදහිලිවන්තයන්) කියන්නේ එය ඔහුගේ අයිතියක් කියලයි. නමුත් මේ ‍ළපටි ලිබරල් ප්‍රවේශය විසින් හඳුනා නොගන්නා කාරණය වන්නේ සමලිංගික හෝ කවර හැසිරීමක් වුවත්, එය වෙනුවෙන් විවෘතව පෙනී ‍නොසිට, එය සගවමින්, පිටතදී එයට එරෙහි වෙමින්, සුද්දවන්තයන් සේ හැසිරෙමින් සිදු කරන්නේ නම් එය එම අයිතිය අපචාරයේ යෙදීමක් වන බවයි.

මාගල්කන්දේ වැනි භික්ෂුන් අනෙක් අයගේ සමලිංගික අයිතීන්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආදියට එරෙහිව භාවිතා කරන්නේ මේ දෙබිඩි, කුහක චර්යාවයි.

ඒ නිසා මේක සමලිංගිකත්වය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මාගල්කන්දේ සහ අනෙක් සිංහල බෞද්ධයන් විසින් පිළිගන්නා, පිටතට දේශනා කරන, සදාචාරය මත තබා විනිශ්චය කිරීමෙන් කළ යුතු ප්‍රශ්නයක් වෙනවා. අප විසින් පිළිගන්නා සමලිංගික නිදහස හෝ වෙනත් නිදහස සම්බන්ධ කාරණා ඔවුන් පිළිගන්නා සදාචාරය විනිශ්චය කිරීමට පාවිච්චි කරන්න පුළුවන්කමක් නෑ. එහෙම පාවිච්චි කිරීම පවා බලහත්කාරයක්. මේ කාරණයට එළඹිය යුතු වන්නේ ඔවුන් පිළිගන්නා, ඔවුන් විසින් අපට දේශනා කරන සදාචාරය මත පිහිටායි.

මෙතනදී මාගල්කන්දේ විසින්

1.  තමන්‍ පෙනී සිටින සදාචාරය කෙලෙසා තියෙනවා
2. සිංබෞවන්ගේ සදාචාරය කෙලෙසා තියෙනවා.
3. අප විසින් පිලිගන්නා සමලිංගික අයිතියේ සදාචාරය කෙලෙසා තියෙනවා

https://www.youtube.com/embed/YagKYsh1U-o

මාගල්කන්දේට හෝ වෙනත් ඕනෑම සිංහල බෞද්ධ සදාචාරයේ බැතිමතෙකුට තමන්ගේ ලිංගික නිදහස ලබා ගැනීමට නම් විවෘතව ඒ වෙනුවෙන් පෙනී ඉන්න සිද්ද වෙනවා. අනිත් අයගේ එම අයිතියට ගරු කරන්න සිද්ද වෙනවා. ඔවුන් විසින්ම ප්‍රචලිත කරන ප්‍රචන්ඩ, ලිංගික අධ්‍යාපනයට විරුද්ධ, සමලිංගික භීතික සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ වෙන්න සිද්ද වෙනවා.

මාගල්කන්දේගේ සිද්ධියෙදි ලස්සනට එලිදරව් වෙන තව කාරණයක් තමයි අපේ බෞද්ධයාගේ කුහක නැත්නම් දෙබිඩි චර්යාව. මාගල්කන්දේ විසින් තමන්ගේ ඥාති පුතෙකු ලිංගික හැසිරීමට පොළඹවා ගැනීම ගැන දෙස්දෙවොල් තියන ජපානයේ වසන බෞද්ධයා අසන්නේ අපේ එකෙකුටම මෙහෙම කලේ ඇයි කියලයි. නැතුව පිට එකෙකුට මෙය සිදු වුනා නම් ඒ බෞද්ධයා විසින් එය වසන් කිරීමට කළ හැකි උපරිමයක් කරනු ඇති. තමන්ගේ පවුලේ කෙනෙකුට මෙවැන්නක් සිදුවීම තමයි ඒ අයට ඉවසන්න බැරි තත්වයක් ඇති කරන්නෙ. අපේ බෞද්ධයාගේ සදාචාරය තමන්ට හෝ පවුලට එකකුත්, රටේ උන්ට තව එකකුත් හැටියෙන් වැඩ කරන හැටි මෙතනදි පැහැදිලිව අඳුරගන්න පුළුවන්. ඒක හරි විනෝදජනකයි.

ඉතිං මාගල්කන්දේ සිදුවීම සිංහල බෞද්ධයාගේ සැබෑ චර්යාව, මවා පාන චර්යාව, ඇදහිල්ල සහ සංස්කෘතිය ගැනත් හොඳ පරීක්ෂාවක් වෙනවා. ඒ වගේම ICCPR පණත ලංකාවේ හැසිරෙන ආකාරය ගැනත් හොදම උදාහරණයක් වෙනවා.


(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ – facultyofsex


vyadhadeva@gmail.com

(උපුටා ගැනීම – Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)


- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)