Saturday, September 21, 2024

ජොනී, මහින්ද, සහ ලංසාත් මුදල් කාරක සභාවට

Must read

නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම නම් කරන ලද සාමාජික මන්ත්‍රී නාමලේඛනය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 121 හි විධිවිධාන සහ අද දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා, පහත සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කොට තිබේ.

ඒ අනුව විදුර වික්‍රමනායක, නලින් ප්‍රනාන්දු,  ශෙහාන් සේමසිංහ,  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, (වෛද්‍ය) සීතා අරඹේපොල,  (ආචාර්ය) සුරේන් රාඝවන්, අනුප පස්කුවල්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, වජිර අබේවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ,  දුමින්ද දිසානායක, ගරු නිමල් ලාන්සා,  යූ. කේ. සුමිත් උඩුකුඹුර,  ඉසුරු දොඩන්ගොඩ,  නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත,  එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන,  නීතිඥ මධුර විතානගේ,(මහාචාර්ය) රංජිත් බණ්ඩාර යන මහත්ම මහත්මීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සමාජිකයන් ලෙස නම් කොට තිබේ.

මේ අතර පසුගිය මුදල් කාරක සභාවේ සභාපතිත්වය දරු ආචාර්ය හර්ෂ ද සිල්වාට මෙවර මුදල් කාරක සභාවේ සාමාජිකත්වයක් හිමිව නැතිවිමද විශේෂත්වයකි

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)