Saturday, September 21, 2024

ඇප ලැබුණු සිරිධම්ම හිමි යළි රිමාන්ඩ් ! දෙසැ 01 වෙනිදා වසන්තට ඇප ?

Must read

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ යන අය සම්බන්ධයෙන් නිතිපති උපදෙස් ලබන 01 වැනිදා ලබා දීමට නිතිපතිවරයා පියවර ගනු ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මියට නොවැ (23) ප්‍රකාශ කළ බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7(1) වගන්තිය ප්‍රකාරව මෙම සැකකරු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බවත්, එම පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව සැකකරු සම්බන්ධයෙන් ඉදිරි කටයුතු අධිකරණයට වාර්තා කිරීමට බලාපොරොත්තු වන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධීකරණයට දැනුම් දුන් බවද වැඩිදුරටත් එම පුවතේ සදහන්ය

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ගල්වැව සිරිධම්ම හිමියන් නිතිපති උපදෙස් ප්‍රකාරව ඇප මත මුදා හැරීමට මෙම නඩුව නෙොවැ (23) කැදවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්රවරයා මෙම කරුණු ඉදිරිපත් කළේය.

මේ අතර කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නොවැ (23දා) ඇප නියම වූ ගල්වැව සිරිධම්ම හිමියන්ව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත වෙනත් නඩුවත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ගල්වැව සිරිධම්ම හිමියන්ව දෙසැම්බර් 06 වනදා දක්වා එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

පොලීසිය ඉදිරිපත් කළ මෝසමක් අනුව වෙනත් නඩුවක් සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් ගල්වැව සිරිධම්ම හිමියන්ව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)