Saturday, September 21, 2024

විදේශ විනියමය සපයන්නන්ට උපරිම අගයක්

Must read

නීත්‍යානුකූලව මෙරටට මුදල් එවන විදෙස් ශ්‍රමිකයන් සඳහා යෝජනා කළ විශේෂ විද්‍යුත් වාහන ආනයන පළමු බලපත්‍රය ඊයේ (20 දින) ප්‍රදානය කර තිබේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා එය ප්‍රදානය කළේ, අදාළ විද්‍යුත් වාහනය ගෙන්වා ගත් විදේශ ශ්‍රමිකයාගේ බලය ලත් මෙරට නියෝජිත දහම් පෙරේරා මහතාට ය.

විද්‍යුත් වාහන ආනයන බලපත්‍රය සඳහා විදෙස් රටක ජීවත්වන, රැකියාව කරන හෝ ද්විත්ව පුරවැසිභාවය දරන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකු මේ සඳහා මූලික සුදුසුකම සපුරනන් වෙයි.

ඊට අමතරව, මැයි මාසයේ 01 වැනිදා සිට දෙසැම්බර් 31 දා දක්වා මෙරටට එවන ඩොලර් විසි දහසක් හෝ ඊට වැඩි වටිනාකම සහිත මුදල විද්‍යුත් මෝටර් රථ සදහාත්, මැයි මස 01 වැනිදා සිට 2023 වසරේ මැයි මාසය දක්වා එවන ඩොලර් තුන්දහසක් හෝ ඊට වැඩි මුදල විද්‍යුත් යතුරුපැදි ආනයනයට වලංගුය.

එමෙන්ම, මෙරටට එවන මුදලින් 50% ක් රුපියල් බවට පරිවර්තනය අනිවාර්ය වන අතර, එම මුදලේ වටිනාකමට යතුරු පැදිය හෝ මෝටර් රථය ආනයනය කළ හැකිය.

පළමු ලියාපදිංචියෙන් වසරක් තුළ මෙම බලපත්‍රය යටතේ ආනයනය කළ හැක්කේ, භාවිත නොකළ, ධාවන දුර කිලෝමීටර ‘0‘ හෝ නව වාහන පමණයි.

වාහනයේ බැටරි ඇසුරුම සහ විදුලි මෝටරය සඳහා අවම වශයෙන් වසර තුනක වගකීම, ජාත්‍යන්තර විදුලි වාහන ආරක්ෂණ ප්‍රමිතීන් සහ සම්මතයන්ට අනුකූලව බැටරිය බැහැර කිරීමේ සහතිකය සහ මෝටර් රථයක් වරක් ආරෝපණය කර අවම වශයෙන් කිලෝමීටර් දෙසීයක් ධාවනය කළ හැකි විය යුතු බව ද මනුෂ නානායක්කාර මහතා පවසයි.

මෙලෙස ආනයනික වාහනයක වටිනාකමට අමතරව 10% ක ඩොලර් ප්‍රමාණයක් ගෙවීමෙන් පමණක් ලියාපදිංචියෙන් වසර දෙකකට පෙර වාහනය තුන්වන පාර්ශවයකට පැවරිය හැකිය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)