Sunday, September 22, 2024

සෞඛ්‍ය ඇමතිණියට චෝදනා කරමින් PHI ලා වැඩවර්ජනයකට සුදානම් වෙයි ?

Must read

කොවිඩ් 19 වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නිරෝධායන පනතේ නීතිරීති බලාත්මක කිරීම සඳහා වූ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරන බවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අවස්ථා හයකදී දුන් පොරොන්දු මෙතෙක් ඉටුකර නැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවස බව අරුණ පුවත් පත වාර්ථා කොට තිබේ.

එහි සභාපති උපුල් රෝහණ විසින් සෞඛ්‍ය ලේකම්වරයා වෙත ඊයේ (23 වැනිදා) යොමු කළ ලිපිනයක සඳහන් වන්නේ තම සාමාජිකයන් කොවිඩ් 19 රාජකාරිවලින් ලබන 29 වැනිදා දින සිට ඉවත් වන බවයි.

නිරෝධායන පනතේ නීතිමය ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය සමග අවස්ථා හයකදී සාකච්ඡා කර ඇති කරගත් එකඟතා කඩ කර ඇති බව එම ලිපියේ සඳහන් වෙයි. මැතිවරණ රාජකාරිවලින් සහ ඩෙංගු ඇතුළු බෝවන රෝග පාලන කටයුතුවලින් ලබන මස 7 වැනිදා සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඉවත් වීමටද තීරණය කර ඇත.

එම නිසා නිරෝධායන පනතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පත්කිරීමේ ගැටලුව නිරවුල් කිරීම, මැතිවරණ මාර්ගෝපදේශ සහ අනෙකුත් මාර්ගෝපදේශ හතළිස් හය නීතිගත කිරීම, නිරෝධායන පනතේ අනෙකුත් රෙගුලාසි සකස් කොට නීතිගත කිරීම කඩිනමින් සිදුකරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සෞඛ්‍ය ලේකම්ගෙන් ඉල්ලා සිටියි.
සෞඛ්‍ය ඇමතිවරියගේ අදුරදර්ශි ක්‍රියාකලාපය හේතුවෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වෘත්තිය ක්‍රියාමාර්ගයකට යන බව කියැවෙන්නේ ජනපති ගෝඨාභය කොරෝනා වැඩිවිමකට ඇති ඉඩගැනද අවධානය යොමුකර තිබෙන පසුබිමකය.
එමෙන්ම ඩෙංගුද දැන් රටපුරා හිස ඔසවමින් තිබෙන වටපිටාවකය.
කටක් හැකර කමින් පමණක් ඇමතිධුරයකට ප්‍රමාණවත් නැති බව එවන් අයට ප්‍රධාන ක්ෂේත්‍රවල ට අදාල ව ඇමතිකම් ප්‍රධානයේදි සලකා බැලිය යුතු බවට යළිත් සිහිපත්කරගත යුතුව තිබේ.
මුලාශ්‍රය -අරුණ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)