Saturday, September 21, 2024

සාමකාමි උද්ඝෝෂකයන්ට පහරදීම ගැන විපක්ෂයේ විරෝධය ..

Must read

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය රැස්විමට තිබියදීද සාමකාමි උද්ඝෝෂකයන්ට පහර දිමෙන්  අපේ රට ජත්‍යන්තරය ඉදිරියේ අනතුරට ඇද දැමු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී පැවසු බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

මෙහි ප්‍රතිවිපාක ඉදිරියේදී රටටත් ජනතාවටත් භුක්ති විදීමට සිදුවනු ඇතැයි ද කිරිඇල්ල මහතා සඳහන් කළේය.

“මේ රටේ සාමකාමී අරගලවලට ඇති අයිතිය ජාත්‍යන්තර නීතිය අනුව පිළිගැනීමක් තියෙනවා. 

ලිප්ටන් වටරවුමේ සාමකාමී අරගලයක නිරත වෙච්ච අපේ දරුවන්ට පොලීසිය, ආරක්ෂක අංශ විසින් පහරදීමක් සිදු කළා. මේ ළමයින්ගේ ඉල්ලීම් වෙලා තියෙන්නේ විශ්වවිද්‍යාල විවෘත කරව්, බඩගින්න නැති කරව් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහත දමව් මර්දනය නැති කරව් වැනි අපේ රටේ සියලු දෙනාටම බලපාන ප්‍රශ්නයි.

ජාත්‍යන්තර ආධාර ජාත්‍යන්තර උදව් අවශ්‍ය වකවානුවක මේ වගේ අහිංසක සාමකාමී විරෝධතා කරුවන්ට පහර දීම අපේ රට අනතුරේ දැමීමක්. ලබන මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ රැස්වෙනවා. එහි දැනටමත් අපට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ යෝජනාවක් සම්මත වුණා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට නිවැරදි කළ යුතු කරුණු දැමුවාට තවමත් කිසි දෙයක් සිදු වෙලා නැහැ. සැප්තැම්බර් මාසයේ පසුගිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ අඩංගු කරුණු වලට අමතරව මෑතකදී සිදු වෙච්ච පහරදීම් වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීම වැනි කරුණු අඩංගු වෙනවා. අපේ රට මේ බංකොලොත් භාවයෙන් ගොඩ එන්න අපිට ජාත්‍යන්තර ආධාර උපකාර අවශ්‍යයි. මෙවැනි සිදුවීම් හරහා ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමෙන් අපේ රටේ ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමක් සිදුවෙන බවද විපක්ෂ සංවිධායකවරයා අවධාරණය කර තිබුණි.

ඡායා – දොන් මායා

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)